News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන තොත්තකරණයේ ප්‍රතිඵල ගැන පින්ලන්ත උපඅගමැතිනිය කියන කතාව - ශ්‍රී ලංකාවේ අන්ධ අනුකාරකයන්ට පාඩමක්

Jan 6, 2026 at 10:55 AM
|

👉 ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන ඉතාම ආඩම්බරයෙන් කතා කරති. පින්ලන්තයේ මෙන් විභාග බර නැති, සියලු දෙනා සමතුන් වන, මහන්සි වී ඉගෙනීමට වඩා සතුටින් සිටීමට මුල් තැන දෙන අධ්‍යාපන ක්‍රමයක් ගැන අද අපේ රට තුළ නැවත කතාබහක් ඇති වී තිබේ.  

👉 එසේ වුවද පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ගැන අප බොහෝ දෙනා තුළ ඇති පැතලි ආකල්ප ඒ ආකාරයෙන්ම නිවැරදිද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු කාරණයකි. 

👉 මෙහි අදහස එරට අධ්‍යාපනය සපුරා අසාර්ථක එකක් බව පෙන්වා දීම නොවේ. එහෙත් රටක සමාජ ආර්ථික පරිසරය නොතකා හුදු අධ්‍යාපන ක්‍රමය පමණක් වෙන් කොට ගෙන එය තවත් රටකට ඒ ආකාරයෙන්ම ආදේශ කළ හැකිද? 

👉 එය ඇත්තෙන්ම පින්ලන්තයේ අධික ශීතලට අඳින ඇඳුම්වලින් සැරසී ගිනි දවාලේ ලංකාවේ කුඹුරු කෙටීම වැනි කටයුත්තකි. එසේ නැති නම් උපතින්ම කෝටිපතියෙකු වූ පුද්ගලයෙක් ජීවිතය විඳින ආකාරය දෙස බලා කුලී වැඩ කොට ජීවත් වන අයෙකුට ඒ ආකාරයෙන් හැසිරීමට යෝජනා කිරීම වැනි විහිළු සහගත කටයුත්තකි.

👉 පින්ලන්තය ශ්‍රී ලංකාව මෙන් පස් ගුණයක් පමණ විශාලය. එහෙත් එහි ජනගහනය ලංකාවේ මෙන් හතරෙන් එකකට වඩා අඩුය. එරට දළ ජාතික ආදායම ලංකාව මෙන් තුන් ගුණයකට වැඩිය. ලංකාව අධ්‍යාපනයට දළ ජාතික ආදායමෙන් 1.8%ක් වෙන් කරන විට පින්ලන්තය 6.5%ක් වෙන් කරයි. යුරෝපා සංගමයේ රටක් වන පින්ලන්තයට යුරෝපයේ ඕනෑම රටක අධ්‍යාපන හා රැකියා අවස්ථා පහසුවෙන් ලබාගත හැකි බැවින්, ඒ සඳහා ඔවුන්ට ඇති තරඟය ඉතාම අඩුය. පින්ලන්තයේ ගුරු වැටුප ලංකාවේ  මෙන් විසි තිස් ගුණයකි. එරට පන්ති කාමරයක සිටින සිසුන් සංඛ්‍යාව 15ක් හෝ 20කි. පාසල්වල භෞතික පහසුකම් අපට සිතා ගැනීමට බැරි තරම් ඉහළය. 

👉 මේ බරපතළ වෙනස්කම් අනුව පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය ඒ රටට යහපත් එකක් විය හැකි වුවද එය ලංකාවට ව්‍යසනයක් විය හැක්කකි. එහෙත් අපේ රටේ බොහෝ දෙනා මේවා පිළිබඳ සන්සන්දනය කරනුයේ මේ සමස්ත පින්තූරය දෙස බලමින් නොව එහි කුඩා කොටසක් පමණක් අල්ලා ගනිමිනි. 

👉 පින්ලන්තය හා ලංකාව අතර ඇති මේ බරපතළ සමාජ ආර්ථික වෙනස්කම්වලට අමතරව, පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ සීමා මායිම් ගැන ලෝකයේ බොහෝ විද්වත් විවේචන පවතින බවද අප අමතක  නොකළ යුත්තකි. 

👉 ඒවායේ පෙන්වා දෙන ආකාරයට පින්ලන්තයේ ඇති මේ ලිහිල් සැහැල්ලු අධ්‍යාපන ක්‍රමයේ ගැටලු බොහොමයක් පවතින අතර, පසුගිය කාලය තුළ එරට දරුවන්ගේ කියැවීමේ හැකියාව, ලිවීමේ හැකියාව, ගණිත හැකියාව ආදිය පහත වැටීම ඒ පිළිබඳ එක් උදාහරණයකි. 

👉 ඒ සියල්ලට වඩා අපූරු කාරණයක් වූයේ පසුගිය නොවැම්බර් 4 සහ 10 යන දිනවල පින්ලන්ත උපඅගමැතිවරිය වූ රික්කා පූරා මැතිනිය තම නිල ෆේස්බුක් පිටුවේ සටහන් දෙකක් තබමින් පින්ලන්ත අධ්‍යාපන ක්‍රමය විවෘතව විවේචනයට ලක් කළ ආකාරයයි. එය පින්ලන්ත අධ්‍යාපන ක්‍රමයේ ප්‍රබලතා දුබලතා තේරුම් ගැනීම සඳහා අතිශය වැදගත් වන්නකි. 

👉 මේ තත්ත්වය තුළ පින්ලන්තයට පවා ප්‍රශ්නකාරී වූ ක්‍රමවේදයක් ශ්‍රී ලංකාවට ගෙඩි පිටින් ආනයනය කිරීමේ ගැටලු සහිත බව අමුතුවෙන් කිව යුතු නොවේ. එසේ වුවද පින්ලන්තය ගැන සිහින දකින ලංකාවේ බොහෝ දෙනාට මේ කාරණා පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ යාවත්කාලීන වීමක් නැත. 

👉 ඒ නිසාම මේ මොහොතේ පින්ලන්ත උපඅගමැතිවරිය එරට අධ්‍යාපනය ගැන කියන කතාව ලංකාවේ අනුකාරකයන්ට ඉතා වැදගත් පාඩමකි. 

(පින්ලන්ත භාෂාවෙන් පළ කොට තිබූ ඇයගේ ෆේස්බුක් සටහන්වල ඉංග්‍රීසි පරිවර්තන පහත දක්වා ඇති අතර, මෙය කෘත්‍රිම බුද්ධියේ ආධාරයෙන් කළ පරිවර්තනයක් බැවින් භාෂාවේ ගැටලු තිබිය හැකි බව සලකන්න.)   

1. Save the Finnish school!

The reasons for the drop in learning results and the downfall of knowledge starting from primary school are for example:

👉 Most important: demand level drop 

👉 General free thought and lack of boundaries for school work 

👉 Correspondent changes in society, such as deprivation, over-individualization,  

       lack of responsibilities, childishness of adulthood 

👉 Many bad pedagogical reforms 

👉 Weakening of teacher's authority (weakening of other authorities)

👉 The many challenges of parenting 

👉 Many effects of immigration - language problems, cultural, social, and integration problems 

👉 Strong heterogenization of student material 

👉 Hanging phones and other things on devices.

And what else is this?

Because there are so many reasons and because mistakes made by active decisions are not even admitted by relevant means, fixing them is slow and difficult.

The level of demands cannot be raised at once, but it should be towed steadily back to where the drop started. Otherwise the countdown just goes on. And at the same time polarization, when the peaks are increasingly peaks, but the number of really weak people is growing and the large masses are getting weaker.

So they need to cancel in the school system. Revert back to the old school which offered good learning, good results and a good foundation for various further studies. Society has changed around, so correction is difficult, but it's mandatory.

Money can't fix this in the first place. Increasing money is useless if fundamental corrections are not taken.

2. School crisis - Cancel and rescue

School is one of the most important matters concerning the future of the country and the vitality and well-being of our nation. School doesn't only affect children and it shouldn't only concern children's parents. How do Finnish children and young people learn, what they know, can they continue their studies and do a job, how do they manage citizenship skills - the answers to these questions essentially determine society and its direction. It depends on them whether Finland has expertise and international competitiveness or not. On the other hand, does everyone have their own place in life or is school excluding some children and young people?

There are several reasons for learning outcomes and knowledge downfall. The most important thing is the general lowering of demands. Looking through the fingers, pity numbers. As a result, the children who can't read and count when they get out of elementary school are the most ruthless. Equally high school courses, where you have to count many years of lower mathematics, when everything else can't be done.

The general free will of school work and the lack of boundaries strengthen the effect of the lower requirement level. There are more changes in society. Boasting, over-individualization, lack of responsibilities - these are all phenomena of today that many people are angry about photographing. True as they are.

The reason is also due to poor pedagogical reforms. A curriculum, that leaves some children as waste. Which can ideally be great, but doesn't work in practice. Their problems are in excessive "digital books", unbooked and pen-free lessons, in classrooms without walls.

A lot of teachers get tired. Too often they act, with diminished authority, as therapists, social workers, janitors, writers - and they also do parents' work.

With school problems, no one can ignore the effects of immigration anymore. 

Segregation is big in many urban areas, with there are way too many languages in classrooms and schools, people from different countries, with different skills and cultures. The strong heterogenization of the student base affects in many ways. The impact of immigration on the deteriorated PISA results is also clear. Hopefully, that's why they won't be hidden in Finland, like they decided to do in Sweden.

Because there are many reasons for the school crisis and because mistakes made by active decisions are not even admitted by relevant means, fixing them is slow and difficult. The standard of standards can't be raised at once. But it should be towed steadily back to the old one. Otherwise the countdown just goes on. And at the same time polarization, when the peaks are increasingly peaks, but the number of really weak people is growing and the large masses are getting weaker.

I need to cancel school with this. Throwing it back to the old school that offered good learning, good results and a good foundation for various further studies and life.

(Column in the Future of Countryside 10.11.)

(Next page වෙබ් පිටුවෙන්)

සම්බන්ධිත පුවත් | Related News

මහ බස් මාදිලියක (මබමාවක, Large Language Model, LLM) හැකියාව මෙන්න මේකයි කියලා නිශ්චිත කරලා කියන්න බෑ. මබමාවන්ගේ හැකියාව සන්දර්භය අනුව වෙනස්වෙනවා.
ප්‍රවෘත්ති බලද්දි දවසගානේ මේ වචන ඇහෙද්දි, මේ කියන්නේ ඇත්තටම මොකක් ගැනද කියලා ඔයා කවදාහරි හිතලා තියෙනවද? නම දන්නවා වුණාට, මේ ආයතන හැදුණේ කොහොමද, මේවායේ ඇතුළාන්තය මොකක්ද කියලා දන්නේ අපි අතරින් ඉතාම සුළු පිරිසක් විතරයි.
නවීන විද්‍යාත්මක දැනුම වනාහි හුදු එක් ශිෂ්ටාචාරයක නිර්මාණයක් නොවන බව නූතන ලෝකය සාමාන්‍යයෙන් පිළිගන්නා කාරණයකි. එසේ වුවද නවීන විද්‍යාව යනු හුදු බටහිර ලෝකයේ පමණක් උපත ලැබූ දැනුම් සමුදායක් බව ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා තවමත් විශ්වාස කරති. ඒ මතය අදටත් වඩා ලෝකය පුරා ජනප්‍රියව පැවති කාලයක ඒ මතයට ප්‍රබල අභියෝගයක් එල්ල කළ එක්තරා සුවිශේෂී විද්වතෙක් බටහිර ලෝකයෙන්ම බිහිවිය. ඒ අදින් අවුරුදු 126කට පෙර බි්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර උපත ලැබූ ජෝශප් නීඩ්හැම් (Joseph Needham) නමැති ජීව රසායන විද්‍යාඥයාය.
ශ්‍රී ලංකාවේ බිත්තර පරිභෝජනය අඩුවීම මන්දපෝෂණයට හේතු වී ඇත.
සංචාරක නියෝජ්‍ය ඇමති 'මහාචාර්ය' රුවන් රණසිංහ දෙවෙනි වතාවටත් ආතල් එකක් දුන්නා.
“හරක් කටා” නැමැත්තාගේ රැඳවුම් නියෝග ඉවත්කර සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂ 1200 ක (කෝටි 12 ක) අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටින නීතීඥ රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ සහ අරුණ ශ්‍රී චතුරංග යන තිදෙනා ඊයේ (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
වත්මන් ආණ්ඩුව විසින් පසුගිය කාලයේ දී විවෘත කළ අලවල සංචාරක මධ්‍යස්ථානය මේ වන විට වල් බිහිවී ඇති ආකාරය දැක්වෙන ඡායාරූප රැසක් පසුගිය කාලයේ සමාජ මාධ්‍ය හරහා සංසරණය විය.
පසුගිය 14 වෙනිදා සුරේෂ් සලේ තමන් PTA යටතේ රදවා ගෙන සිටීමට එරෙහිව අධිකරණයට ඉදිරිපති කරන ලද රීට් පෙත්සමට අදාලව කරුණු දැක්වීම කරනු ලැබුවා.
කටාර් රාජ්‍යයේ හිටපු එමීර්වරයා ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (14) පස්වරුවේ කටාර් රාජ්‍ය බලා පිටත්ව ගොස් තිබිණි.

ප්‍රධාන පුවත්

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

මීගමුව නගරාධිපති පල්ලියට එරෙහි වුනා.. ඒකයි එයාට ඉල්ලා අස්වෙන්න සිදුවුණේ.. - මීගමුව හිටපු නාගරික මන්ත්‍රීවරයකු හෙළිකරයි

පාස්කු ප්‍රහාරය පිළිබඳව කතෝලික පල්ලියේ පූජකවරු විසින් එක් එක් කාලවලදී විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, කතෝලික සභාව දේශපාලනය කරමින් සිටීම නිසා කතෝලික බැතිමතුන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවත් පවසමින් මීගමුව නගර සභාවේ හිටපු මන්ත්‍රීවරයකු විසින් අන්තර්ජාල නාලිකාවකට ප්‍රකාශයක් ලබාදෙමින් විශේෂ හෙළිදරව් කිරීමක් රැසක් සිදුකර තිබේ.

ඉරානයට එරෙහි මහා පරිමාණ යුද්ධයකට ඇමරිකාව සූදානම් වෙනවා -Washington Post/Wall Street Journal පුවත්පත් වාර්තා පවසයි

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මහා පරිමාණ හමුදා ක්‍රියාමාර්ගයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර, මැද පෙරදිග කලාපයේ තම හමුදා පැවැත්ම තවදුරටත් ශක්තිමත් කරමින් සිටින බව Washington Post පුවත්පත ඇමරිකානු නිලධාරියෙකු උපුටා දක්වමින් වාර්තා කර ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.