News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලාංකීය දේශපාලන ක්ෂේත්‍රයේ සුවිශේෂී සලකුණක් තැබූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක මහතා අද (18) අලුයම අභාවප්‍රාප්ත විය. කලක් තිස්සේ පැවති රෝගී තත්ත්වයක් හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා, මියයන විට 63 වන වියේ පසුවිය.

අපි දන්නා ඉරානය යනු කළු පැහැති 'චැඩෝර්' ඇඳුමෙන් සැරසුණු කාන්තාවන්, දැඩි ආගමික නීති සහ වීදි පුරා ඇසෙන යාඥා හඬ පිරුණු රටකි. නමුත්, මතුපිටින් පෙනෙන මේ දැඩි ආගමික පෙනුමට යටින් අතිශය විප්ලවීය, බරපතළ සහ ලෝකයම මවිත කරවන සමාජ විද්‍යාත්මක වෙනසක් සිදුවෙමින් පවතී.

කාලයක් තිබුණා වේලුපිල්ලෙයි ප්‍රභාකරන් කියා සිටියේ අනුරාධපුරෙන් එහා තියෙන්නේ “දෙමළ නිජ භූමිය”තැනින් එහාට සිංහල ජනතාවට තහනම් කියලා.

යාපනය කියන්නේ අද බහුතරයෙන් හින්දු සංස්කෘතියට අයත් ප්‍රදේශයක් ලෙස දකින්න පුළුවන්.

අද මම අපුරු සමාජ මාධ්‍ය සටහනක් දුටිමි. ඒ යුරෝ බිලියන 6.4ක් හෙවත් රුපියල් බිලියන 2304ක දැවැන්ත කොරියානු ආයෝජනයක් හරහා කොළඹ සිට අභිලිපිටිය දක්වා විදුලි දුම්රිය මගක් ඉදිකිරීමට යෝජනාවක් බිමල් රත්නායකගේ අමාත්යංශය හරහා අනුර කුමාර මහතාට යොමු කර ඇති බව. ප්‍රවාහනය විදුලියට හැරවීම සදහා වසර ගණනක සිය හඩ නගන මට මේ පුවත ඉතාම සතුටට කාරණයක් බව නොකිව මනාය. නමුදු කරුණු සොයා බැලීමේදී පෙනෙන්නට තිබෙන්නේ මෙය තවත් වංචාකාරී කළු සල්ලි සුදු කිරීමේ උත්සහයක් විය හැකි බවයි. පහත දැක්වෙන්නේ එම සමාජ මාධ්‍ය සටහනේ පළමු වැකි කිහිපය.

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම " නමින් පළවුන ලිපියේ නන්දන ගුණතිලක සහෝදරයාගේ අසනීප තත්වය සහ ප්‍රතිකාර කිරීමට සජිත්ගේ මැදිහත්වීම ගැන කතා කරලා තිබ්බා. ඇත්තටම ඒ ප්‍රශ්නය ගැන කතා කිරීම රටේ රාළ ටිකක් කල්දාලා තිබුණේ.ඒත් දැන් ප්‍රශ්නය ගැන කතා කරන නිසා රටේ රාළටත් කට අරින්න සිද්ධවෙනවා.

රටේ රාළ කියන මේ කතාවත් එක්ක ඔයලා එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ඒත් මේ කතාව නොකියා බෑ.මේක ජවිපෙ ගැන කරන විග්‍රහයක් නෙවෙයි.මේක ජවිපෙ උදාහරණයට අරගෙන නන්දන ගුණතිලක ගැන කියන කතාවක්.88/89 සමූලඝාතනයෙන් පස්සේ 94 වෙනකොට ජවිපෙ නැවත නැගිටීම පිටි පස්සේ හිටිය යෝධ සෙවනැල්ල නන්දන ගුණතිලකයි.89දී විජේවීර ඝාතනය කළාට පස්සේ ජවිපෙ විසිරුණු කුඩා කණ්ඩායමක් බවට පත්වෙලා තිබුණා.

පෝයට සිල් ගැනීම සඳහා ශ්‍රී මහා බෝධිය පසු කර යාපනයට යන බවත් එසේ සිදුකරන්නේ සීලය වෙනුවෙන් නොව වෛරය වෙනුවෙන් බවත් ජනාධිතිපතිවරයා පවසයි.

මේ තියෙන්නේ සබරගමු පළාතේ ආණ්ඩුකාරවරියගේ fb පිටුවේ පළ කරලා තියෙන වීඩියෝවක්. එයට අනුව ආණ්ඩුකාරවරියගේ අනුග්‍රහයෙන් මේ දේශනය කරන්නේ සබරගමු විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසර සිසුන්ට.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.