News Category
From Date
To Date
Maximum Number of Result

එංගලන්තයේ ජීවත් වන ලාංකිකයෙකු තමන්ගේ දරුවාගේ ලිංගික අධ්‍යාපනයේ තරම ගැන ආඩම්බරයෙන් උදම් අනන වීඩියෝවක් පහුගිය දිනවල හැම තැනම ෂෙයා වෙමින් තිබුණා.

ඉතාලිය ලොව පුරා දැඩි කතාබහක් ඇති කරන තීරණාත්මක පියවරක් ගනිමින් සිටින බව අලුත්ම වාර්තා පවසනවා. ඒ, එරට පාසල් පද්ධතිය තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය (Gender Identity) සහ ලිංගිකත්වය සම්බන්ධව උගන්වන ආකාරය දැඩි නීති රීතිවලට යටත් කිරීමටයි.

අභාවප්‍රාප්ත නන්දන ගුණතිලක මහතා වෙනුවෙන් තැනූ මතක තොරණේ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැදිපෙළක් සටහනක් තබා තිබේ.

මෙවර 30වන කේරල ජාත්‍යන්තර සිනමා උළෙලේ නෙට්පැක් ජූරියේ සභාපතිත්වය දැරීමට ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක වරයකු හා චිත්‍රපට තිර රචක උපාලි ගම්ලත් මහතාට අවස්ථාව උදාවී තිබේ.

ඇයි මේ ආණ්ඩුවට මොකද උනේ? නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් හදන්න සංවාදය ගන්න නැතුව පාක්ෂිකයෝ දම්මලා බොරු මතයක් හදන්නේ ඇයි? ලැජ්ජයි හරිනි.

මේ ආන්ඩුවේ අක්‍රමවත් වැඩ හංදා රටේ පරිපාලන අංශ වල ඉන්න නිළධාරීන් සහ ජනතාව අතර ගැටුම් නිර්මාණය කරනවා.

උතුරට ජනාධිපති ගොස් ලබාදුන් දේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පවසන්නේ බොරු පොරොන්දු රාශියක් ජනාධිපතිවරයා විසින් ලබාදී ඇති බවයි.

බෙහෙවින් මතභේදයට තුඩු දුන් හය වැනි වසර නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල රජය තාවකාලිකව අත්හැර දැමුවා ...

පිටරටවල පාසල් සිසුන් ඔය කියන විදියට AI ඉගෙන ගන්නේ නැහැ. AI පාවිච්චි කිරීම කියන්නේ පාසලෙන් ඉගෙන ගන්න තරම් සංකීර්ණ දෙයක් නෙවෙයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.