News Category
From Date
To Date
Maximum Number of Result

අනුරලා අනුරලාගෙ බාල, ලාබ, පුංචි සිතුවිලි අතරෙ රාජ්‍ය හකුලවමින් ඇත...

1960 නොවැම්බර් 19 වැනි දා චීනයේ පෙයි-චිං නගරයේ දී චේ ගුවේරා ප්‍රමුඛ කියුබාවේ දූත පිරිසක් මාඕ ත්ස-තුං මුණගැහුණා. දෙපාර්ශ්වය කරපු සාකච්ඡාවේ පිටපත හොඳින් ආරක්ෂා කරලා තියෙනවා. මේ, ඒ සාකච්ඡා පිටපතින් උපුටාගත්ත කොටසක්.

උත්තර දෙන්නෙ නැද්ද දෙන්න උත්තරයක් නැද්ද අපි දන්නෙ නෑ අයියේ.. ඒත් අරගලකරුවන් නිදහස් කරන්න සත්භාවයෙන් පියවරක් හරි ගත්තනම් තරුණ කටයුතු අමාත්‍යාංශය යටතේ කමිටුවක් හැදෙන්න තිබුණ. අරගලය සම්බන්ධ නඩු පිළිබඳව සියලු තොරතුරු එකතු කරගන්න තිබුණ. නිශ්චිත විසදුමක් ලැබෙනකන් නඩු ටික ෆලෝ කරන එක, පක්ෂයේ උන්ට විතරක් නැතුව අනිත් උන්ටත් එක්ක ලෝයර්ස්ල ලබා දෙන එක වගේ දේවල් ඒ කමිටුවක් හරහාම කරන්න තිබුණ. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ල ඒක තුනෙන් දෙකෙන් සම්මත කරල අරගලකරුවන්ව නිදොස් කොට නිදහස් කරන්න තිබුණ.

දරුවන් තරුණ පිරිමි සහ කාන්තාවන් දුපතකට ගෙන යන අයුරු සිතන්න. ඔවුන්ව සමුහ දුෂණය කිරීමට පැමිණෙන ජනාධිපතිවරුන් සහ බිලියනපතියන් ගැන සිතන්න. අත දරුවන්ට දස වද දී වධයෙන් වේදනාවට පත්වන විට ඔවුන්ගේ ශරීරයේ ඇතිවන Adrenochrome නමැති හොමොනයෙන් තරුණ බව ඇතිවෙයි සිතා එම දරුවන්ගේ රුධිරය පානය කරන ආගමික කල්ලියක් ගැන සිතන්න. පසුව එම දරුවන්ගේ සිරුරු ඉරා කැබලිවලට කපමින් මිනී මස් කන ජනාධිපතිවරුන් සහ බිලියන පතියන් ගැන සිතන්න. මේ බිහිසුණු චිත්‍රපටයක් නොවේ.

මේ දවස්වල සමාජ මාධ්‍ය පුරාම විල්පත්තුවේ ඉන්න "කැලෑ පූසා" (Jungle Cat) ගැන ලොකු කතාවක් යනවා නේද? සාමාන්‍යයෙන් හරිම ලැජ්ජාශීලී සහ මිනිස් ඇසට හසුනොවී රහසිගතව ජීවත් වෙන්න කැමති සතෙක් වුණත්, මේ දවස්වල විල්පත්තුවේ ඉන්න මේ කැලෑ පූසා නම් සෆාරි යන වාහන ලඟටම ඇවිත් හරිම අපූරු විදිහට "Pose" කරන්න පවා පුරුදු වෙලා ඉන්නවා. වනජීවී ලෝලීන් හැමෝම මේ දුර්ලභ දසුන කැමරා කාචයේ සටහන් කරගන්න දැන් විල්පත්තුවට පොරකන්නේ ඒ නිසයි.

රුවන්ඩා "සමූලඝාතනය" කරපු දවස් 104 ක කාලයේ (1994 අප්‍රේල් 7 - ජුලී 19 කාලයේ) ටුට්සි (Tutsi) හමුදා මෙහෙයෙව්වේ පෝල් කගාමේ. ඒ සංහාරය කෙරෙන කාලයේ දී, මේ හමුදා නායකයා "අති දක්ෂ අණදෙන්නෙක්" (a brilliant commander) කියලා ඇමෙරිකාවේ හමුදා ලොක්කන්ගේ ඇගැයීමට ලක්වුණා.

ජපානයේ පාසල් දරුවන් ලෝකයේ නිරෝගීම දරුවන් වුණේ ඉබේ නෙවෙයි. 1954 සිට ක්‍රියාත්මක වන "පාසල් දිවා ආහාර පනත" (School Lunch Act) නිසා. මේ ක්‍රමවේදය නිකම්ම බත් කටක් කවනවාට වඩා එහා ගිය ලොකු විද්‍යාවක්.

ලෝක ඉතිහාසයේ විවිධ ඔත්තු සේවා ගැන අපි අහලා තියෙනවා CIA, MI6, මොසාඩ් වගේම සෝවියට් දේශයේ KGB ගැනත් අපි දන්නවා. හැබැයි මේ හැමෝම හොල්මන් කරපු, ලෝකයේ දරුණුතම සහ කපටිම බුද්ධි මෙහෙයුමක් ගැන ඔබ අහලා තියෙනවද? ඒ තමයි සෝවියට් රුසියාවේ මුල් යුගයේ ක්‍රියාත්මක වුණු Cheka බුද්දි අංශය විසින් දියත් කල Operation Trust මෙහෙයුම, (Cheka 1917–1922 - විප්ලවයෙන් පස්සේ මුලින්ම හැදුණු බුද්දි අංශය)

හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීමට පැමිණි කණ්ඩායම ඊට අදාළ වැඩකටයුතු අත්හිටුවා නැවත චීනය බලා පිටව ගොස් ඇති බව 'මව්රට' පුවත්පත විසින් වාර්තා කර ඇත.


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.