News Category
From Date
To Date
Maximum Number of Result

නන්දන අපට වීරයෙක්.... රටේ රාළ කියන කතාව..

Jan 17, 2026 at 02:54 PM
|

රටේ රාළ කියන මේ කතාවත් එක්ක ඔයලා එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.ඒත් මේ කතාව නොකියා බෑ.මේක ජවිපෙ ගැන කරන විග්‍රහයක් නෙවෙයි.මේක ජවිපෙ උදාහරණයට අරගෙන නන්දන ගුණතිලක ගැන කියන කතාවක්.88/89  සමූලඝාතනයෙන් පස්සේ 94 වෙනකොට ජවිපෙ නැවත නැගිටීම පිටි පස්සේ හිටිය යෝධ සෙවනැල්ල නන්දන ගුණතිලකයි.89දී විජේවීර ඝාතනය කළාට පස්සේ ජවිපෙ විසිරුණු කුඩා කණ්ඩායමක් බවට පත්වෙලා තිබුණා.

ගොඩක් දෙනෙක් යටත්ව්ම හෝ බාරවීම තෝරගෙන තිබුණා. සමහර තැන්වල ඉතිරිවුන අය ආරක්ෂිතව කැලෑවලට පසු බස්සගත්තා.තවත් සමහරු ආණ්ඩුවේ ඔත්තුකරුවන් වෙලා අනෙකා පාවාදෙන තැනට පත්වෙලා හිටියා.ඇත්තටම 88/89 මර්ධනයෙන් පස්සේ jvp කාරයෝ වැඩියෙන්ම බය උනේ jvp කාරයන්ට.jvp කාරයෙක් දැක්කොත් jvp කාරයෙක් හැංගෙනවා. 88/89 පස්සේ 90වේ අඟ භාග්‍ය වනතුරු ජවිපෙ පස්සෙන් ආරක්ෂක අංශ පැන්නුවා.90වෙදිත් ඝාතන සිද්ධවුනා.මේ වගේ පසු බිමක ජවිපෙ පළවෙනි පෙළ දෙවෙනි පෙළ සම්පුර්ණයෙන්ම විනාශ වෙලයි තිබුණේ.

සෝමවංශ අමරසිංහ රටින් පිටකරලා තිබුණා.මර්ධනය ඒ මොහොතෙත් ක්‍රියාත්මක වෙමින් තිබුණා.මේ වගේ පසුබිමක තමයි නන්දන පක්ෂයට ගොඩනැගීමේ ක්‍රියාවලිය අතට ගන්නේ. ඒ වෙනකොට නන්දන එක්ක කමල් දේශප්‍රිය (සෙනවි) සහ තව කීපදෙනෙක් හිටියා.නන්දන සහ සෙනවි පක්ෂය ගොඩනැගීම පටන් ගත්තේ මරණ වරෙන්තූව අතේ තියාගෙන.නන්දන කීයටවත් හතුරාට යටත් උනේ නෑ.

තනිව සටන් කරන්න පුළුවන් ආත්ම විශ්වාසයක් නන්දනට තිබුණා.නන්දනලා හතර ඝාතෙන් වැටිලා තිබුණ ජවිපෙ නැවත දෙපයින් හිටෙව්වා.ජවිපෙට නැවත නැගිට්ටවීමේ නියමුවා විදිහට අදත් සළකන්නේ සෝමවංශ අමරසිංහ.හැබැයි ඒ වෙනුවෙන් වැඩිම දාඩිය මහන්සිය හෙළුවේ නන්දන ගුණතිලක.නන්දන හදපු ජවිපෙ අද අපේ රටේ රාජ්‍ය බලය අරගෙන.අද රටේ නායකයා ජවිපෙ නායකයායි.

ඇත්තටම මේක හරිම අමුතු කතාවක්.88/89 සටන පාවලා දීලා පැනලා ගිය හාදයා අද රටේ ජනාධිපති.ඉතිහාසය පුරාම වැරදි තීරණ ගනිමින් පක්ෂ සහෝදරවරු ගණනාවකගේ ජීවිත විනාශ කරපු හාදයා අද ජනාධිපතිගේ උපදේශක.හතුරාට යටත්වෙලා බිල්ලාට ගිහින් තමන්ගේ සගයන් පාවාදුන් එකා අද ඇමති.එදා හතුරාට යටත් නොවි සටන් කරපු,තමන්ට පැවරුණ වගකීම හරියට ඉෂ්ඨ කරපු නන්දනලා විසිවෙලා විතරක් නෙවෙයි අද පැලවත්තේ යමපල්ලන්ගේ ප්‍රධාන ඉළක්කයක් බවටත් පත්වෙලා.

නන්දනගේ රටේ රාළ දකින සුවිශේෂීම ගුණය යටත් නොවීමේ සහ පාවා නොදීමේ ගුණයයි.88/89 සන්නද්ධ අරගලය පැරදුනා තමයි හැබැයි නන්දන යටත් උනෙත් නෑ සටන පාවලා දුන්නෙත් නෑ.ඒ වගේම දෙවෙනිවර නන්දනලා ගොඩනගපු ජවිපෙ දේශපාලන මණ්‌ඩල ඇතුලේ බටහිර න්‍යාය පත්‍රය ක්‍රියාත්මක වෙද්දී ඊට විරුද්ධ නන්දන පක්ෂය ඇතුලේ ඉඳන් සටන් කළා මිසක ඒක බලහත්කාරයට යටත් වුනේ නෑ තමන්ගේ සටන පාවලා දුන්නේ නෑ.

ඒ සටනේ ප්‍රතිපලයක් විදිහට නන්දනට තමන්ගේ දහඩිය මහන්සියෙන් ගොඩනගමු පක්ෂයෙන් එලියට බහින්න වුනා.එදා පටන් මේ දක්වාම නන්දන පස්සෙන් ජවිපෙ හබාගෙන එනවා. තමන් ගොඩනගපු පක්ෂ තමන් ඝාතනය කරන්න එද්දී නන්දන උන්ට යටත් වුනේ නෑ.තමන්ගේ සටන පාවා දුන්නෙත් නෑ.ඔයාලට මතක ඇති පහුගිය ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා ජවිපෙ හිටිය පරණ නායකයෝ ජවිපෙට දිගටම හරහට ගැහුවා.

හැබැයි අනුර ජනාධිපති උනාට පස්සේ ඔක්කොම කඩේ වැහුවා. ඇත්තටම ගොඩක් අය රටට හොරෙන් පැලවත්තට විතරක් පේන්න සුදු කොඩිය දාලා යටත් වුනා.අද ජවිපෙ අවබෝධයෙන් එයාලා නිහඩව ඉන්නවා.හැබැයි නන්දන ඒ නිවට යටත්වීම තෝරගත්තේ නෑ.තමන් පස්සෙන් පැලවත්තේ යමපල්ලෝ එලවගෙන එන බව දැන දැනත් උන්ට අභියෝග කරන්න පුළුවන් කොන්දක් නන්දනට තිබුණා.නන්දන ගැන රටේ රාළගේ මතකය යන්නේ 1997 ට.

රටේ රාළ රත්නපුර දිස්ත්‍රික් කමිටුවට තේරුනේ 1997දී.ඒ සාකච්ඡාව කරන්න දේශපාලන මණ්ඩලයෙන් ආවේ නන්දන. නන්දන එදා කියපු කතාවෙන් අදත් රටේ රාළගේ කණ් පිරිලා.ඒ හඩ ස්ථාවරයි,හරිම නිශ්චිතයි.ඉලක්ක සහගතයි,එඩිතරයි.අපේ දේශපාලන ඔයාලා යම් හොඳක් දකිනවා නම් ඒවා පිටිපස්සේ හිටියේ නන්දන ගුණතිලක සහ තවත් සහෝදරයෙක්.එයා මෙතනනට මේ මොහොතේ අදාල නෑ.රටේ රාළ දිගටම කියපු කතාවක් අදත් කියන්නම්." මගේ දේශපාලන අඩියක් දිගයි නම් ඒකේ අඟල් 06වත් නන්දන ගුණතිලක."

යටත් නොවී දුෂ්කරතාවයන් විඳගෙන අරමුණ වෙනුවෙන් සටන් කරන්න අපට දැනුම සහ ධෛර්යය දුන්න නායකයෙක් නන්දන. නන්දනගේ රෝගී තත්වය ගැන සතුටින් ඉන්න,පැයෙන් පැයට තොරතුරු අරගෙන පැලවත්තේ ගුරුන්නාසේට වාර්තා කරන නීතිය නොදත් නීතිඥයාට රටේ රාළ කියන්න තියෙන්නේ මෙච්චරයි.කමක් නෑ සතුටු වෙයල්ලා.නන්දන තවමත් ජීවිතය වෙනුවෙන් ලොකු සටනක් දෙනවා,නන්දන පරදින එකක් නෑ.

මේ රටේ සුවහසක් ජනතාව දේශපාලන භේදයකින් තොරව නන්දනගේ ජීවිතය වෙනුවෙන් එකතුවෙමින් ඉන්නවා.ඇත්තටම ජපුර රෝහලේ සෞඛ්‍ය කාර්යමණ්ඩල විශාල සහයෝගයක් දුන්නා.දැන් රාගම රෝහලේ වෛද්‍යවරු උපරිමය කරනවා.මේ අතර මැද තව කතාවක් තියනවා.ඒත් ඒක කියන වෙලාව මේක නෙවෙයි.ඔව්..අපට තවත් සටනක් තියනවා.ඒ සටනට නන්දන එන්නම ඕනි.නන්දන අපට නම් තවමත් වීරයෙක්.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.