ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට ගිය මහාචාර්ය චන්න ජයසුමනගේ සහ වෛද්‍ය නලින්ද ජයතිස්සගේ වෛද්‍ය දැනුම ගැන බිඳක්..
මහාචාර්ය චන්න ජයසුමන 2001 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර 2007 දී MBBS වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. ඔහු නාවලපිටිය මූලික රෝහලේ දී ශල්‍ය වෛද්‍ය ඩබ්ලිව්.ජී. ජයවික්‍රම සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මොහොමඩ් නිලම් ජිෆ්රි යටතේ වසරක වෛද්‍ය සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළේ ය.
හෙතෙම ඇමරිකා එක්සත් ජනපදයේ ලෝන්ග් බීච් හි කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විදේශ පුහුණුව ද සහිත ව ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයෙන් "ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගයේ විෂ විද්‍යාත්මක පැතිකඩ" යන නිබන්ධනය සඳහා ආචාර්ය උපාධිය) ලබා ගත්තේය. රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන, කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක සහ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියානි පරණගම ඔහුගේ ආචාර්ය උපාධි අධීක්ෂකවරු වූහ.
ජයසුමන 2017 දෙසැම්බර් සිට එක්සත් රාජධානියේ එඩින්බරෝ හි රාජකීය වෛද්‍යවරැන්ගේ කොලීජියේ අධිසාමාජිකයෙකි (FRCP).
ජයසුමන ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පුරෝගාමී ආචාර්යවරයෙකි. ඔහු 2008 දී රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට කනිෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ වූ අතර 2015 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට උසස් කරන ලදී. ඔහු 2016 දී එනම් වයස අවුරුදු 36 දී භිෂග්වේදය පිළිබඳ මහාචාර්යවරයෙකු බවට පත්විය. ඒ සමගම මහාචාර්ය සේනක බිබිලේ විසින් මීට පෙර තබා තිබූ ශ්‍රී ලංකාවේ ලාබාලතම වෛද්‍ය මහාචාර්යවරයාගේ වාර්තාව ඔහු බිඳ දැමීය. සේනක බිබිලේ මැතිතුමා 1958 දී වයස අවුරුදු 38 දී වෛද්‍ය මහාචාර්යවරයෙකු බවට පත්විය.
ජයසුමන 2015 සිට පාර්ලිමේන්තුවට පිවිසෙන තෙක් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ භිෂග්වේද අංශයේ අංශ ප්‍රධානියා විය.
ඔහුගේ පර්යේෂණ සඳහා සිව්වරක් ජනාධිපති සම්මාන හිමි විය. 2019 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය පිරිනමන අන්තර්ජාතික සම්මානය මහාචාර්ය ජයසුමනට හිමි විය. එම සම්මානය හිමි වූ පළමු දකුණු ආසියාතිකයා ඔහුය. ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන විද්‍යාඥයන් වර්ගීකරණයේදී ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට අඛණ්ඩව තෙවරක් තේරී පත්වීමට ඔහුට හැකි විය.
ඒ චන්න ජයසුමන.
නලින්ද ජයතිස්ස යනු සාමාන්‍ය වෛද්‍යවරයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ නලින්ද 2009 වසරේ ජනතා විමුක්ති පෙරමුණෙන් පළාත්සභාවට තේරීපත් වන තෙක් කිසිදු දිනක මෙරට හෝ විදේශීය රෝහලක වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ බව හෝ වෙනත් රැකියාවක් කළ බවට කිසිදු වාර්තාවක් නැත.
පැලෝපීය නාල පිළිබද වෛද්‍ය නලින්ද ජයතිස්සගේ මතය නිවැරදි බව ඔබ සිතනවානම්. මහාචාර්‍ය චන්න ජයසුමනව විශ්වාස කරන්න එපා! යන්න chatgpt ගිහින් සිංහලෙන් ටයිප් කරන්න මෙන්න මෙහෙම. "සිසේරියන් සැත්කම් අතරතුර පැලෝපීය නාල මිරිකීමෙන් කාන්තාවන් වදභාවයට පත්කළ හැකිද?" ඊට පස්සෙවත් තේරුම් ගන්න නලින්දගේ වෛද්‍ය දැනුමේ තරම. මිනිහා වෙදකම නොකර දේශපාලනය කළේ රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට කියලා ඔබටම හිතෙයි.
පළාත්සභාවේ පටන් මෑතක් වනතුරුම වැටුප් නොලබා ස්වේච්ජා සේවයක් ලෙස දේශපාලනය කළ බව කියන අතිශය සාමාන්‍ය පවුලක ඉපදුනු නලින්ද ජයතිස්ස පසුගිය මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශ අනුව ඔහුගේ රන් සංචිතවල වටිනාකම රුපියල් මිලියන 3.1 කි. ඔහුගේ මූල්‍ය ඉතුරුම් වටිනාකම රුපියල් මිලියන 8 කට අධිකයි.
ඉහත විස්තර අනුව පැලෝපීය නාල පිළිබද විවාදයකට තබා මහාචාර්‍ය චන්න ජයසුමන සමග සම අසුනකවත් වාඩි වීමට නලින්ද ජයතිස්ස සුදුසු නැත.
නමුත් චන්නව ගෙදර යවා මාන්නයෙන් අහංකාරකමින් උද්දච්චකමින් පිරුනු වැඩ බැරි නලින්දව ජනතාව විසින් පාර්ලිමේන්‍තු යවා තමන්ගේත් සමස්ත රටේත් සෞඛයේ වගකීම ඔහුට පවරා ඇත.
ප්‍රතිඵලය ලෙස දැනට බෙහෙත් විෂ වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 6 කි.
- තාරුක ෆොන්සේකා.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්