ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට ගිය මහාචාර්ය චන්න ජයසුමනගේ සහ වෛද්‍ය නලින්ද ජයතිස්සගේ වෛද්‍ය දැනුම ගැන බිඳක්..
මහාචාර්ය චන්න ජයසුමන 2001 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර 2007 දී MBBS වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. ඔහු නාවලපිටිය මූලික රෝහලේ දී ශල්‍ය වෛද්‍ය ඩබ්ලිව්.ජී. ජයවික්‍රම සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මොහොමඩ් නිලම් ජිෆ්රි යටතේ වසරක වෛද්‍ය සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළේ ය.
හෙතෙම ඇමරිකා එක්සත් ජනපදයේ ලෝන්ග් බීච් හි කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයෙන් විදේශ පුහුණුව ද සහිත ව ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයෙන් "ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික වකුගඩු රෝගයේ විෂ විද්‍යාත්මක පැතිකඩ" යන නිබන්ධනය සඳහා ආචාර්ය උපාධිය) ලබා ගත්තේය. රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිසිර සිරිබද්දන, කැලිෆෝනියා රාජ්‍ය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය සරත් ගුණතිලක සහ කැලණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රියානි පරණගම ඔහුගේ ආචාර්ය උපාධි අධීක්ෂකවරු වූහ.
ජයසුමන 2017 දෙසැම්බර් සිට එක්සත් රාජධානියේ එඩින්බරෝ හි රාජකීය වෛද්‍යවරැන්ගේ කොලීජියේ අධිසාමාජිකයෙකි (FRCP).
ජයසුමන ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයේ පුරෝගාමී ආචාර්යවරයෙකි. ඔහු 2008 දී රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට කනිෂ්ඨ කථිකාචාර්යවරයෙකු ලෙස සම්බන්ධ වූ අතර 2015 දී ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තනතුරට උසස් කරන ලදී. ඔහු 2016 දී එනම් වයස අවුරුදු 36 දී භිෂග්වේදය පිළිබඳ මහාචාර්යවරයෙකු බවට පත්විය. ඒ සමගම මහාචාර්ය සේනක බිබිලේ විසින් මීට පෙර තබා තිබූ ශ්‍රී ලංකාවේ ලාබාලතම වෛද්‍ය මහාචාර්යවරයාගේ වාර්තාව ඔහු බිඳ දැමීය. සේනක බිබිලේ මැතිතුමා 1958 දී වයස අවුරුදු 38 දී වෛද්‍ය මහාචාර්යවරයෙකු බවට පත්විය.
ජයසුමන 2015 සිට පාර්ලිමේන්තුවට පිවිසෙන තෙක් ශ්‍රී ලංකා රජරට විශ්ව විද්‍යාලයේ භිෂග්වේද අංශයේ අංශ ප්‍රධානියා විය.
ඔහුගේ පර්යේෂණ සඳහා සිව්වරක් ජනාධිපති සම්මාන හිමි විය. 2019 වසරේදී ඇමරිකා එක්සත් ජනපදයේ විද්‍යාභිවර්ධන සංගමය පිරිනමන අන්තර්ජාතික සම්මානය මහාචාර්ය ජයසුමනට හිමි විය. එම සම්මානය හිමි වූ පළමු දකුණු ආසියාතිකයා ඔහුය. ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් සිදු කරන විද්‍යාඥයන් වර්ගීකරණයේදී ලොව හොඳම විද්‍යාඥයන් 2% අතරට අඛණ්ඩව තෙවරක් තේරී පත්වීමට ඔහුට හැකි විය.
ඒ චන්න ජයසුමන.
නලින්ද ජයතිස්ස යනු සාමාන්‍ය වෛද්‍යවරයෙකි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හැදෑරූ නලින්ද 2009 වසරේ ජනතා විමුක්ති පෙරමුණෙන් පළාත්සභාවට තේරීපත් වන තෙක් කිසිදු දිනක මෙරට හෝ විදේශීය රෝහලක වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ බව හෝ වෙනත් රැකියාවක් කළ බවට කිසිදු වාර්තාවක් නැත.
පැලෝපීය නාල පිළිබද වෛද්‍ය නලින්ද ජයතිස්සගේ මතය නිවැරදි බව ඔබ සිතනවානම්. මහාචාර්‍ය චන්න ජයසුමනව විශ්වාස කරන්න එපා! යන්න chatgpt ගිහින් සිංහලෙන් ටයිප් කරන්න මෙන්න මෙහෙම. "සිසේරියන් සැත්කම් අතරතුර පැලෝපීය නාල මිරිකීමෙන් කාන්තාවන් වදභාවයට පත්කළ හැකිද?" ඊට පස්සෙවත් තේරුම් ගන්න නලින්දගේ වෛද්‍ය දැනුමේ තරම. මිනිහා වෙදකම නොකර දේශපාලනය කළේ රටේ මිනිස්සුන්ගේ පෙර පිනකට කියලා ඔබටම හිතෙයි.
පළාත්සභාවේ පටන් මෑතක් වනතුරුම වැටුප් නොලබා ස්වේච්ජා සේවයක් ලෙස දේශපාලනය කළ බව කියන අතිශය සාමාන්‍ය පවුලක ඉපදුනු නලින්ද ජයතිස්ස පසුගිය මහ මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ වත්කම් බැරකම් ප්‍රකාශ අනුව ඔහුගේ රන් සංචිතවල වටිනාකම රුපියල් මිලියන 3.1 කි. ඔහුගේ මූල්‍ය ඉතුරුම් වටිනාකම රුපියල් මිලියන 8 කට අධිකයි.
ඉහත විස්තර අනුව පැලෝපීය නාල පිළිබද විවාදයකට තබා මහාචාර්‍ය චන්න ජයසුමන සමග සම අසුනකවත් වාඩි වීමට නලින්ද ජයතිස්ස සුදුසු නැත.
නමුත් චන්නව ගෙදර යවා මාන්නයෙන් අහංකාරකමින් උද්දච්චකමින් පිරුනු වැඩ බැරි නලින්දව ජනතාව විසින් පාර්ලිමේන්‍තු යවා තමන්ගේත් සමස්ත රටේත් සෞඛයේ වගකීම ඔහුට පවරා ඇත.
ප්‍රතිඵලය ලෙස දැනට බෙහෙත් විෂ වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 6 කි.
- තාරුක ෆොන්සේකා.
(මුහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..