News Category
From Date
To Date
Maximum Number of Result

පුංචි මුතු ඇටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරන යුද්දෙයි... අපේ ළමයි තවම පරිප්පු අලවන්ඩ ඕනෙද අහන අම්මලට යි..

Jan 16, 2026 at 09:34 AM
|

රටේ අධ්‍යාපනය යුද්දයක්. 

මමත් ඒ පුංචි රටේ ඉගෙන ගෙන ලෝකේ දියුණු යැයි සම්මත රටක දැනට ජීවත් වෙන  කෙනෙක් විදියට මට හිතෙන දකින දේ කියන්ඩ, ලියන්ඩ හිතුනු ලොකුම හේතුව, බොහොමයක් අම්මලා සහ දේශපාලන වේදිකා වල දකින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියන් ගේ කටින් පනින  අතින් ලියවෙන ලොකුම අවලාදයක් නිසයි. " අපේ එවුන් තවමත් පරිප්පු ඇටේ අලව අලවා ඉන්නවා උන්ගේ එවුන් ලෝකේ හොඳ හොඳ තැන් වලට ගිහින් ලෝකේ දකිනවා. අපේ එවුන් ඇයි අළුත් දේවල් ඉගෙන ගන්න එපාද  " 

මට ඇත්තටම පුදුමයි පරිප්පු ඇට ඇලවිල්ලයි මේ අලුතින් පෙළ පොතට දාපු පාඩම් ටිකයි ගලපා ගෙන තියන අපුරුව ගැන....  🙄

😢 ඉතිං මේකේ අගක් මුලක්  ගැන හොයන්නේ නැතුව අසාමාන්‍ය පක්ෂ අමාරුවෙන් පෙලෙන විපක්ෂ, පක්ෂ ටොය්යෝ ද බය්යෝ ද ජෙප්පොද පොදුවේ මරන්නේ දවසක මේ රටේ අනාගතය කියලා මේ දුර බිමේ ඉඳලා බලද්දී මට හිතෙනවා. 

අපි මැදහත් හිතින් බැලුවොත්, ඔව් අපේ රටට නව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණයක් ඕනේ.. ප්‍රාථමික අංශ යට වගේම ඉහල ශ්‍රේණි වලට. එදා ඒ අඩුව දියුණු රටක ඉද්දි දැනෙනවා.. මෙහෙම උනා නම් එදා අපිට අපි අද කොතනද කියලා....

හැබයි එහෙම කියලා, පිස්සු වැහිලා අනවබෝධයෙන් කරන වෙනස් කම වල ආදීනව දකින්ඩ අපි පක්ෂ පාට වලට බෙදුනොත්... රටේ අවසාන බලාපොරොත්තු ව වෙන, ඉදිරි පරම්පරාවේ දැක්ම ත්... ඉවර වෙනවා නිසකවම.

පරිප්පු ඇටේ අලවන්නේ ගුරයවරුන්ට වැඩ නැති හින්දා වත්, අළුත් ඉගැනුම් ක්‍රම නැති නිසා වත්, ඇට අලවා අලවා හිටියා කියලා කවදා හරි ලෝකේ දකින්ඩ බැරි වෙයි කියලා හිතුවා නම්, ප්‍රාත්මික අධ්‍යාපනය ක්‍රමයේ දි..... 

පළමු ප්‍රතිසංස්කරණය කල යුත්තේ ඒ දෙමව්පියන්ට one day skills / personal development program එකක් ලැස්ති කරන එක ඒ පන්තියේ. 

ඔය කියන දියුණු රටවල් වල පුංචි උන්ට තවමත් පරිප්පු විතරක් නෙවෙයි බඩ ඉරිගු, කව්පි, මුං, මෑ, ඇට පැකට් පිටින් ගෙන්නලා store rooms වල, Art rooms වල ගොඩ ගහලා තියනවා... ඇයි... තම්බ තම්බි දවල් ට කන්ඩ නෙවෙයි. 

ප්‍රාථමික අධ්‍යාපානයේ බොහෝම ලොකු පරාසායන් උගන්නන්ඩ. ළමයි න්ගේ fine and motor skills, hand and aye coordination, sensory, counting, colors, shapes, sizes.... එකී නොකී බොහෝ දේවල් පරිප්පු ඇටේ හරහා ඉගෙන ගන්නවා. ලංකාවේ ඒක දකින්නේ නිකං පරණ ක්‍රමේට පරිප්පු ඇටේ විතරක් අලවනවා කියන එක නම්, පරණ යුගයට අයත් මගේ දෙමව්පියන් උගත් ගුරුවරුන් සහ දෙමව්පියන් විදියට අදට වඩා ගොඩක් දියුණු යි කියලා මට හිතෙනවා. 

ළමයි social habits, sharing, caring වගේම  ළමයි ගේ මොලයේ සියුම් ක්‍රියාකාරිත්වය ට මේ වගේ activities හරි වැදගත්. ලංකාවේ දෙමව්පියන් කැ ගහ ගහ ඉල්ලන්ඩ ඕනේ නිර්මාණශීලී, ගුණ යහපත්, ශක්තිමත් වගේම නැණවත් දරුවෙකු හදා ගැනීමේ ප්‍රතිසංස්කරන මිස කුතුහලය දනවන වෙබ් අඩවි සොයා යන, ඒ පුංචි වයසට බලෙන් ඇතුළු කරන සමාජ ක්‍රමයට අලුතින් එකතු උනු trends වලට තල්ලුවක් දෙන ප්‍රතිසංස්කරන ද කියන එක ආයෙත් හිතන්ඩ කාලේ ඇවිත් කියලා මට හිතෙනවා. 

මිනිසා කියන්නෙම කුතුහලයෙන් හේතු, සිද්ධාන්ත, සාධක, සොයා යන ජීවියෙක්... ඉතිං උන්ගේ පොඩි උන් කියන්නේ ඒ කුතුහලය ට හීන් තල්ලුවක් දුන්නත් ඇති... වගේ  වයසක්.

ඒවා වහ වහ ඉන්න ලෝකයක නෙවෙයි අපි ඉන්නේ ඒක හරි. හැබයි සම්මතයෙන් පිට, ස්වභාවයෙන් පිට නොවැලක්විය හැකි දේවල් මේ මිහි පිට වෙනවා.... ඒවට ප්‍රාත්මික අධ්‍යාපනය ක්‍රමවත් ව දිය යුතු වෙනවා. සමහර අසම්මතයන් බලෙන් ඔලු වලට දාන සංස්කෘතිය ට වඩා වටින්නේ, උපතින් ලැබුණු එවැනි ජීවිත වලට වටිනාකමක්, පිළිගැනීමක් සම්මත විදියට දෙන සමාජයක්, ප්‍රසන්න මානව ගනු දෙනුවක් පවත්වා ගෙන යාමට සිත කය වචනය යන තුන් දොර හික්මවා ගත් ඉදිරි පරපුර ක්‌ ගොඩ නගන එක නෙවෙයි ද ? 

ඔය අහන විදියට "අළුත් ඒවා අපේ ළමයි ඉගෙන ගන්න  එපාද " කියන දේට උත්තරේ... ඔය කියන පාඩම් ටික පෙළ පොතට දාන එක නම්... තව දහ පාරක් නෙවයි සිය පාරක් හිතන්ඩ වෙයි. 

පොදු ප්‍රවාහන සේවයක යන්ඩ දන්නේ නැති පොඩි උන් පුරවැසියෙක් උනු දාට , seet එකේ ඉඳලා කපනවා කොටනවා, හූරනවා, ඇලක් දොළක් පේන්ඩ බෑ නාස්ති කරනවා,  තැනක් නොතැනක් නෑ මනුස්සයෙක් ගේ නොහැකියාවන්, බැරිකම් ඉස්සරහා ගරහනවා, පොල් ගෙඩියට, වැටකට මරා ගන්නවා... ඔන්න ප්‍රාථමික අධ්‍යාපන යේ ගිලිහුනු තැන්.... කෝ අවබෝධය, ගරු කිරීම, අනෙකා දරා ගැනීම, සමාව දීම, පිළිගැනීම, නීතිය ගැන දැනුම..... 

ඕවා යි විෂයන් විදියට පුංචි පුංචි පාඩම් වෙලා පෙළ පොත් වල වෙනස් වෙන්ඩ ඕනේ...  කොච්චර නව නිර්මාණ ලෝකයා අපෙන් උදුරා ගන්නවද.... 

සුපරි මොළ මේ පුංචි රටෙන් අරන් ගිහින් දියුණු රටවල් ඒ රටවල් වලට ඕනේ ප්‍රයෝජනය ගන්නවද... දක්ෂයෙක් කරලියට ආවොත් ඊළඟ දවසේ ඉඳන් රටේ මහ එකාගේ ඉඳන් අන්තිම පුරවැසියගේ ඉඳලා බොහෝම යක් බලා ගෙන ඉන්නේ අර මනුස්සයා ගේ අවසානය දිහා.. ඇද වැටිල්ල දිහා...  

ඕවා තමයි ප්‍රාථමික අධ්‍යාපන ප්‍රතිසංස්කරන යෙදී උපක්‍රමශීලී විදියට, positive විදියට ළමයි අතරට එන්න ඕනේ. 

දැන් ඔය උගන්නන්ඩ යන සම ලිංගික වේවා, ලිංගික වේවා කොයි යම් හෝ පාඩමක අවසාන  ඉලක්කය ගැන කාට හරි පැහැදිලි උත්තරයක් තියනවා නම්  

"  නියමයි  " 

දැන් ලංකාවේ ළමයි ට තිබුණු එකම අඩුව මේකද ? කියලා හිතෙනවා. මොකද  මේ දියුණු යි කියන රටවල් වල ඕවා සමහර ප්‍රාන්ත රජයන් සම්පුර්ණ යෙන් තහනම් කරලා දැක්කම. ඒවා ලෝකෙට දුන්නු රටවල් වලටම ඒවා දරා ගැනීමේ සීමාව පන්නලා... අපේ 🇱🇰 අය පාරට බැහැලා ඉල්ලනවා. 

තමන්ගේ පොඩි එකා වෙනුවෙන් ඉල්ලන්ඩ... පොදු වැසිකිලියකට යන පිලිවල, පොදු ප්‍රවාහන සේවයක යන පිලිවල, ගැහනු පිරිමි ලස්සන සමාජ ගනු දෙනු ගැන, යහපත් ජීවන පුරුදු ගැන, තමන්ගේ හැකියාව න් අදුරා ගන්නා ක්‍රම ගැන, පාරක තොටක යන හැටි, පොදු දේපල රට වෙනුවෙන්, හෙට වෙනුවෙන් රැක ගන්න හැටි, රටේ සතා සිව්පාවා පවා පරෙස්සම් කරන කරන හැටි ගැන, ලස්සන ආකල්ප ගැන... දරා ගැනීම ගැන ප්‍රතිසංස්කරන ඉල්ලන්ඩ පාරට බහින්ඩ.. 

 O/L, A/L වගේ කඩ ඉම් තියන ක්‍රම වලට වඩා උසස් ක්‍රම වලින් එන එක හොඳයි.. ඒවට ලෝකේ වටේ ඇවිදලා හරි 🇱🇰 ට ගැලපෙන ක්‍රමේ හදා ගන්න එක හොඳයි. බුද්ධිමත් ව හිතලා මිස... තමන්ගේ පක්ශේ කය්ය ගැන නම් හිතලා නොකර. මේක මොන පක්ෂෙන් පාටෙන් කලත් රට ගැන හිතලා ගන්න හොඳ තීරණය ක්‌ වෙන්ඩ ඕනේ. 

ඉතිං.... පරිප්පු ඇටේ කතාව ගැන කියනවා නම් කියන්ඩ දේවල් ගොඩයි. මේ මට හිතෙන, දැනෙන, දකින සහ අත් විඳින දේවල්.... 

ඇත්ත ඇති සැටියෙන් දකින, යහපත් සමාජයක් හදන වග විය හැකි, වග කියන 🇱🇰 වැඩිහිටියෙක් වෙන්ඩ  හැමෝටම ඇස් කන් ඇරේවා කියලා ප්‍රර්ථනා කරනවා.

(මුහුණු පොතින්)


සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.