News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවට පාඩමක් කියා දෙන අමෙරිකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ..

Jan 16, 2026 at 11:29 AM
|

👉 රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාව බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍යය මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්‍රකාශනය: අධ්‍යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision for Education) සම්මත කරගන්නා ලදී. මෙය හුදෙක් ප්‍රතිසංස්කරණයක් පමණක් නොව පසුගිය දශක 2-3 පුරා බටහිර ලෝකය අඩපණ කළ, විනාශකාරී Woke මතවාදවලින් (L/G/B/T/Q/+ ද ඇතුළත්ව) නිදහස ප්‍රකාශ කිරීමකි.

👉 පුරාණ බටහිර කථාවලට අනුව, ෆීනික්ස් පක්ෂියා සිය ජීවන ගමනක අවසානයේ ගිණිගෙන අළු බවට පත්වී, නැවතත් වඩාත් ශක්තිමත්ව ඉහළට නැගී සිටියි. ෆ්ලොරිඩාවට අනුව, මෙම පක්ෂියා මගින් සංකේතවත් කරන්නේ අසාර්ථක ලිබරල් අධ්‍යාපන ක්‍රමයේ අළු මතින් සංරක්ෂණවාදී  සම්භාව්‍ය අධ්‍යාපනයේ  (Classical Education) නැවත උපතයි. Woke මතවාදයේ කුණුවීම කොතරම් ගැඹුරට විහිදී තිබුණද, ඕනෑම ජාතියකට එම විනාශකාරී මතවාද ගිනිබත් කර, තම “ජාතික අභිමානය” හා “සත්‍යය” මත පදනම්ව වඩාත් ශක්තිමත්ව නැගී සිටිය හැකි බව මෙයින් ගම්‍ය කරයි. වෝක් සංකල්ප නවීන ලෝකයේ නැතිවම බැරි මැජික් ලෙස විශ්වාස කරන ශ්‍රී ලංකාවට, ෆ්ලොරිඩාව දීප්තිමත් ප්‍රදීපාගාරයකි. 

👉 “ෆීනික්ස් ප්‍රකාශනය” විසින් දරුවන් “සමාජ ඉංජිනේරු විද්‍යාව” සඳහා යොදාගන්නා පර්යේෂණාගාර මීයන් ලෙස සලකන L/G/B/T/Q/+, DEI වැනි “අධ්‍යාපනික විලාසිතා” (Educational Fads) සියල්ල ප්‍රතික්ෂේප කරයි. සෞඛ්‍ය සම්පන්න සමාජයක පදනම ලෙස රාජ්‍ය අධ්‍යාපනය මූලික “කුළුණු” හතක් මත පිහිටුවා ඇත.

1) දෙමාපිය අභිමතය සහ වගකීම (Parental Choice & Responsibility):

සමාජයේ මූලික ඒකකය පවුලයි. රජයේ නිලධාරීන්ට හෝ “විශේෂඥයන්ට” නොව, තම දරුවන් ඇති දැඩි කරන ආකාරය සහ ඔවුන්ට ලැබෙන අධ්‍යාපනය තීරණය කිරීමේ මූලික අයිතිය දෙමාපියන්ට හිමිවිය යුතුය.

2) සත්‍යය සහ යහපත් බව (Truth & Goodness):

අධ්‍යාපනය පදනම් විය යුත්තේ භෞතික යථාර්ථය (Objective Reality) මතයි. වෝක්වාදීන් පවසන “මගේ සත්‍යය” හෝ “ඔබේ සත්‍යය” වැනි බොරු විකාර ප්‍රතික්ෂේප කරමින්, සිසුන් තේරුම් ගත යුතු “විශ්වීය සදාචාරාත්මක” හා “භෞතික නීති” පවතින බව මෙයින් අවධාරණය කෙරේ.

3) සංස්කෘතික සම්ප්‍රේෂණය (Cultural Transmission):

තම උරුමය (Judeo-Christian culture and norms) මීළඟ පරම්පරාවට දායාද නොකරන ඇමරිකානු ජාතිය මිය යනු ඇත. තම සංස්කෘතික අගයන්, ඉතිහාසය, ආගම ආදිය නැවත ඉගැන්වීමෙන්  ජාතියක බුද්ධිමය, කලාත්මක සහ සමාජීය යහගුණයන් දරුවන් තුල ඇතිකළ යුතු බව තහවුරු කරයි.

4) චරිත සංවර්ධනය (Character Formation):

පාසල් විසින් හුදෙක් වැඩට දක්ෂයන් පමණක් නොව, ගුණවත් පුරවැසියන් බිහි කළ යුතුය. පුද්ගල වගකීම, අඛණ්ඩතාව සහ යහපත් සමාජයක් සඳහා අවශ්‍ය “සිවිල් ගුණාංග” වර්ධනය කිරීම මෙහි අරමුණයි.

5) අධ්‍යාපනික විශිෂ්ටත්වය (Academic Excellence):

අධ්‍යාපනය දැඩි ප්‍රමිතියකින් යුක්ත විය යුතුය. “සමාජ-චිත්තවේගීය” (Social-emotional) පරීක්ෂණ හෝ නිකම්ම පිරිනමන සහභාගීත්ව සහතික වෙනුවට කුසලතාවයට (merit based) ප්‍රමුඛත්වය දිය යුතුය. ගණිතය, විද්‍යාව, ආගම, ඉතිහාසය සහ  සාහිත්‍යය වැනි මූලික විෂයන් කෙරෙහි ප්‍රමුඛතාවය දීම අනිවාර්ය වේ.

6) විනිවිදභාවය සහ වගකීම (Transparency & Accountability):

පාසල් සහ පාඨමාලා විවෘත විය යුතුය. තම දරුවන්ට උගන්වන්නේ කුමක්දැයි දැන ගැනීමටත්, සෑම විෂය මාලාවක් සහ පොතක්ම පරීක්ෂා කිරීමටත් ඒවා ගැන සංවාද කර සුදුසු වෙනස්කම් කිරීමටත් දෙමාපියන්ට අයිතියක් ඇති බව තහවුරු කර ඇත.

7) පුරවැසිභාවය සහ දේශප්‍රේමය (Citizenship & Patriotism):

අධ්‍යාපනය මගින් රට කෙරෙහි නොසැලෙන ආදරයක් ඇති, සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් පිරිමි සහ ගැහැණු දරුවන් සෑදිය යුතුය. සිසුන්ට තම ජාතික ඉතිහාසය අගය කිරීමටත්, පුරවැසියන් ලෙස තම යුතුකම් අවබෝධ කර ගැනීමටත් මග පෙන්විය යුතුය.

👉 මේ ප්‍රතිසංස්කරණ මගින් නව ලිබරල් වෝක්  මතිමතාන්තරවල මුලටම පහර දී අවසන් කිරීම අරමුණු කර ඇත. ෆ්ලොරිඩාව හුදු වචනවලින් ඔබ්බට ගොස් ඒ සඳහා සෘජු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග (Policy Action) ගෙන ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල (NGOs) බලපෑම මත Gender spectrum, Gender Fluidity  ආදී සංකල්ප තම විෂය මාලාවට ඇතුළත් කිරීමට උත්සාහ කරද්දී, ෆ්ලොරිඩාව නීති මගින්ම එවැනි විකාර වත්ත හතර මායිමෙන් දොට්ට දමා ඇත.

1) HB 1069 පනත මගින් ලිංගික දිශානතිය (Sexual Orientation) සහ “ස්ත්‍රී පුරුෂ සමාජභාවය” (Gender Identity) පිළිබඳ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. පාසල් තුළ ජීව විද්‍යාත්මක ලිංගයට (Biological Sex)  වලට අමතරව කිසිවක් ඉගැන්වීම මෙයින් වළකා ඇත. 

2) SB 266 (DEI තහනම): විශ්වවිද්‍යාල තුළ මතවාදී ගැටුම් ඇති කරන “විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම” (Diversity, Equity, and Inclusion - DEI) යන ලේබලයෙන් ක්‍රියාත්මක වන නිලධාරිවාදී යාන්ත්‍රණ සඳහා රජයේ ප්‍රතිපාදන ලබාදීම ෆ්ලොරිඩාව නතර කර ඇත. කිසිදු ජාතියක් හෝ ස්ත්‍රී පුරුෂ භාවයක් සහජයෙන්ම මර්දනකාරී යැයි පවසන “අනන්‍යතා දේශපාලනය” (Identity Politics) සඳහා රජයේ මුදල් තවදුරටත් වැය නොකෙරේ. මෙම DEI සංකල්පයද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට හදන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුරාවට දක්නට ඇත.

👉 මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට කියාදෙන පාඩම පැහැදිලිය. එනම් මෙම සංකල්ප යනු පිරිහෙමින් පවතින ජාතීන්ගේ ඇඟිලි  සලකුණයි. නැගී එන ජාතියක් අවධානය යොමු කළ යුත්තේ මෙම උගුලේ වැටීමට නොව ඉන් ගැලවීමටය.

👉 මේ අපට පණිවිඩය දෙන්නේ හුදෙක් ඇමරිකාවේ ප්‍රාන්තයක් නොවේ. ෆ්ලොරිඩාව ස්වෛරී රාජ්‍යයක් වූයේ නම්, එහි ආර්ථිකය ලෝකයේ 14 වන ස්ථානයට පත්වනු ඇත. එහි දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් ට්‍රිලියන 1.8 ඉක්මවයි. අනෙක් කරුණ නම් මේ ෆ්ලොරිඩා ප්‍රතිසංස්කරණ අනුගමණය කිරීමට ටෙක්සාස්, ඔහායෝ, අයෝවා ද ඇතුළුව ප්‍රබල ප්‍රාන්ත ගණනාවක් සුදානම් වෙමින් සිටීමය. මෙය අනාගත ඇමරිකාව කෙසේ වනු ඇත්දැයි අපට පෙන්වන ලිට්මස් පරීක්ෂණයයි. 

👉 තවද, ‘වෝක්’ මතවාදයෙන් පීඩිත නිව්යෝර්ක් සහ ඉලිනොයි වැනි ප්‍රාන්තවල සිට පවුල් සහ ව්‍යාපාර බොහෝ සේ ෆ්ලොරිඩාවට/ ටෙක්සාස් වලට පැමිණෙමින් තිබේ. ජනයා තම දරුවන්ට වැරදි මතවාද උගන්වන්නේ නැති, වෙහෙස මහන්සි වී වැඩ කරන්නන්ට නිසි තැන ලැබෙන ප්‍රාන්තයක් කරා ඇදී යමින් සිටිති. බොහෝ විට මෙම නව ඇමරිකානු අධ්‍යාපන/ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරි වසර 5-10 කාලයේ යුරෝපයද වැළදගනු ඇත. අනාගත සංරක්ෂනවාදී ඇමරිකාවෙන් ස්වායත්තව යුරෝපය පවතින්නේ නැත.

👉 මෙය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කරයි. බටහිර ධනවත් රටවල් වෝක්’ (Woke) මතවාදය අතහරින විට ලංකාව ඒවා බදා වැළද ගැනීමට සැරසෙයි. බටහිර අපට කියන්නේ  මේවා ජාතියක් නගා සිටුවීම වෙනුවට කරන්නේ සාම්ප්‍රදායික පවුල් ඒකකය බිඳ දැමීමත්, ජාතික අභිමානය හෑල්ලු කිරීමත්, දක්ෂතාවය වෙනුවට “වින්දිතභාවය” (Victimhood) මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමත් බවයි. 

ඒ නිසා දෙමාපියන් වන අප, අපේ දරුවන්ට සාම්ප්‍රදායික වටිනාකම් කියාදී  ඔවුනට ෆීනික්ස්  වැනි, අපට ගැලපෙන ජාතික පුනරුදයක් (Nationalist Renaissance) සඳහා උදව් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබා ගැනීමට උත්සාහ ගත යුතුය. 

✍ Sarathi Ratnayake ගේ සටහනක් ඇසුරිනි.

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.