News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවට පාඩමක් කියා දෙන අමෙරිකාවේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ..

Jan 16, 2026 at 11:29 AM
|

👉 රටවල් සහ ජනතාව නන්නත්තාර කරන ‘වෝක්’ (Woke) මතවාදවලින් ඇමරිකාවේ මීළඟ පරම්පරාව බේරා ගැනීමේ අරගලයේදී, ෆ්ලොරිඩා ප්‍රාන්ත රාජ්‍යය මෑතකදී තීරණාත්මක හැරවුමක් සිදු කළේය. 2025 නොවැම්බර් 13 වන දින, ෆ්ලොරිඩා ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලය (Florida State Board of Education) ඒකමතිකව “ෆීනික්ස් ප්‍රකාශනය: අධ්‍යාපනය සඳහා ඇමරිකානු දැක්මක්” (The Phoenix Declaration: An American Vision for Education) සම්මත කරගන්නා ලදී. මෙය හුදෙක් ප්‍රතිසංස්කරණයක් පමණක් නොව පසුගිය දශක 2-3 පුරා බටහිර ලෝකය අඩපණ කළ, විනාශකාරී Woke මතවාදවලින් (L/G/B/T/Q/+ ද ඇතුළත්ව) නිදහස ප්‍රකාශ කිරීමකි.

👉 පුරාණ බටහිර කථාවලට අනුව, ෆීනික්ස් පක්ෂියා සිය ජීවන ගමනක අවසානයේ ගිණිගෙන අළු බවට පත්වී, නැවතත් වඩාත් ශක්තිමත්ව ඉහළට නැගී සිටියි. ෆ්ලොරිඩාවට අනුව, මෙම පක්ෂියා මගින් සංකේතවත් කරන්නේ අසාර්ථක ලිබරල් අධ්‍යාපන ක්‍රමයේ අළු මතින් සංරක්ෂණවාදී  සම්භාව්‍ය අධ්‍යාපනයේ  (Classical Education) නැවත උපතයි. Woke මතවාදයේ කුණුවීම කොතරම් ගැඹුරට විහිදී තිබුණද, ඕනෑම ජාතියකට එම විනාශකාරී මතවාද ගිනිබත් කර, තම “ජාතික අභිමානය” හා “සත්‍යය” මත පදනම්ව වඩාත් ශක්තිමත්ව නැගී සිටිය හැකි බව මෙයින් ගම්‍ය කරයි. වෝක් සංකල්ප නවීන ලෝකයේ නැතිවම බැරි මැජික් ලෙස විශ්වාස කරන ශ්‍රී ලංකාවට, ෆ්ලොරිඩාව දීප්තිමත් ප්‍රදීපාගාරයකි. 

👉 “ෆීනික්ස් ප්‍රකාශනය” විසින් දරුවන් “සමාජ ඉංජිනේරු විද්‍යාව” සඳහා යොදාගන්නා පර්යේෂණාගාර මීයන් ලෙස සලකන L/G/B/T/Q/+, DEI වැනි “අධ්‍යාපනික විලාසිතා” (Educational Fads) සියල්ල ප්‍රතික්ෂේප කරයි. සෞඛ්‍ය සම්පන්න සමාජයක පදනම ලෙස රාජ්‍ය අධ්‍යාපනය මූලික “කුළුණු” හතක් මත පිහිටුවා ඇත.

1) දෙමාපිය අභිමතය සහ වගකීම (Parental Choice & Responsibility):

සමාජයේ මූලික ඒකකය පවුලයි. රජයේ නිලධාරීන්ට හෝ “විශේෂඥයන්ට” නොව, තම දරුවන් ඇති දැඩි කරන ආකාරය සහ ඔවුන්ට ලැබෙන අධ්‍යාපනය තීරණය කිරීමේ මූලික අයිතිය දෙමාපියන්ට හිමිවිය යුතුය.

2) සත්‍යය සහ යහපත් බව (Truth & Goodness):

අධ්‍යාපනය පදනම් විය යුත්තේ භෞතික යථාර්ථය (Objective Reality) මතයි. වෝක්වාදීන් පවසන “මගේ සත්‍යය” හෝ “ඔබේ සත්‍යය” වැනි බොරු විකාර ප්‍රතික්ෂේප කරමින්, සිසුන් තේරුම් ගත යුතු “විශ්වීය සදාචාරාත්මක” හා “භෞතික නීති” පවතින බව මෙයින් අවධාරණය කෙරේ.

3) සංස්කෘතික සම්ප්‍රේෂණය (Cultural Transmission):

තම උරුමය (Judeo-Christian culture and norms) මීළඟ පරම්පරාවට දායාද නොකරන ඇමරිකානු ජාතිය මිය යනු ඇත. තම සංස්කෘතික අගයන්, ඉතිහාසය, ආගම ආදිය නැවත ඉගැන්වීමෙන්  ජාතියක බුද්ධිමය, කලාත්මක සහ සමාජීය යහගුණයන් දරුවන් තුල ඇතිකළ යුතු බව තහවුරු කරයි.

4) චරිත සංවර්ධනය (Character Formation):

පාසල් විසින් හුදෙක් වැඩට දක්ෂයන් පමණක් නොව, ගුණවත් පුරවැසියන් බිහි කළ යුතුය. පුද්ගල වගකීම, අඛණ්ඩතාව සහ යහපත් සමාජයක් සඳහා අවශ්‍ය “සිවිල් ගුණාංග” වර්ධනය කිරීම මෙහි අරමුණයි.

5) අධ්‍යාපනික විශිෂ්ටත්වය (Academic Excellence):

අධ්‍යාපනය දැඩි ප්‍රමිතියකින් යුක්ත විය යුතුය. “සමාජ-චිත්තවේගීය” (Social-emotional) පරීක්ෂණ හෝ නිකම්ම පිරිනමන සහභාගීත්ව සහතික වෙනුවට කුසලතාවයට (merit based) ප්‍රමුඛත්වය දිය යුතුය. ගණිතය, විද්‍යාව, ආගම, ඉතිහාසය සහ  සාහිත්‍යය වැනි මූලික විෂයන් කෙරෙහි ප්‍රමුඛතාවය දීම අනිවාර්ය වේ.

6) විනිවිදභාවය සහ වගකීම (Transparency & Accountability):

පාසල් සහ පාඨමාලා විවෘත විය යුතුය. තම දරුවන්ට උගන්වන්නේ කුමක්දැයි දැන ගැනීමටත්, සෑම විෂය මාලාවක් සහ පොතක්ම පරීක්ෂා කිරීමටත් ඒවා ගැන සංවාද කර සුදුසු වෙනස්කම් කිරීමටත් දෙමාපියන්ට අයිතියක් ඇති බව තහවුරු කර ඇත.

7) පුරවැසිභාවය සහ දේශප්‍රේමය (Citizenship & Patriotism):

අධ්‍යාපනය මගින් රට කෙරෙහි නොසැලෙන ආදරයක් ඇති, සෞඛ්‍ය සම්පන්න, ශක්තිමත් පිරිමි සහ ගැහැණු දරුවන් සෑදිය යුතුය. සිසුන්ට තම ජාතික ඉතිහාසය අගය කිරීමටත්, පුරවැසියන් ලෙස තම යුතුකම් අවබෝධ කර ගැනීමටත් මග පෙන්විය යුතුය.

👉 මේ ප්‍රතිසංස්කරණ මගින් නව ලිබරල් වෝක්  මතිමතාන්තරවල මුලටම පහර දී අවසන් කිරීම අරමුණු කර ඇත. ෆ්ලොරිඩාව හුදු වචනවලින් ඔබ්බට ගොස් ඒ සඳහා සෘජු ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග (Policy Action) ගෙන ඇත. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල (NGOs) බලපෑම මත Gender spectrum, Gender Fluidity  ආදී සංකල්ප තම විෂය මාලාවට ඇතුළත් කිරීමට උත්සාහ කරද්දී, ෆ්ලොරිඩාව නීති මගින්ම එවැනි විකාර වත්ත හතර මායිමෙන් දොට්ට දමා ඇත.

1) HB 1069 පනත මගින් ලිංගික දිශානතිය (Sexual Orientation) සහ “ස්ත්‍රී පුරුෂ සමාජභාවය” (Gender Identity) පිළිබඳ ඉගැන්වීම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. පාසල් තුළ ජීව විද්‍යාත්මක ලිංගයට (Biological Sex)  වලට අමතරව කිසිවක් ඉගැන්වීම මෙයින් වළකා ඇත. 

2) SB 266 (DEI තහනම): විශ්වවිද්‍යාල තුළ මතවාදී ගැටුම් ඇති කරන “විවිධත්වය, සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම” (Diversity, Equity, and Inclusion - DEI) යන ලේබලයෙන් ක්‍රියාත්මක වන නිලධාරිවාදී යාන්ත්‍රණ සඳහා රජයේ ප්‍රතිපාදන ලබාදීම ෆ්ලොරිඩාව නතර කර ඇත. කිසිදු ජාතියක් හෝ ස්ත්‍රී පුරුෂ භාවයක් සහජයෙන්ම මර්දනකාරී යැයි පවසන “අනන්‍යතා දේශපාලනය” (Identity Politics) සඳහා රජයේ මුදල් තවදුරටත් වැය නොකෙරේ. මෙම DEI සංකල්පයද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන්නට හදන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පුරාවට දක්නට ඇත.

👉 මෙමගින් ශ්‍රී ලාංකිකයන්ට කියාදෙන පාඩම පැහැදිලිය. එනම් මෙම සංකල්ප යනු පිරිහෙමින් පවතින ජාතීන්ගේ ඇඟිලි  සලකුණයි. නැගී එන ජාතියක් අවධානය යොමු කළ යුත්තේ මෙම උගුලේ වැටීමට නොව ඉන් ගැලවීමටය.

👉 මේ අපට පණිවිඩය දෙන්නේ හුදෙක් ඇමරිකාවේ ප්‍රාන්තයක් නොවේ. ෆ්ලොරිඩාව ස්වෛරී රාජ්‍යයක් වූයේ නම්, එහි ආර්ථිකය ලෝකයේ 14 වන ස්ථානයට පත්වනු ඇත. එහි දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඩොලර් ට්‍රිලියන 1.8 ඉක්මවයි. අනෙක් කරුණ නම් මේ ෆ්ලොරිඩා ප්‍රතිසංස්කරණ අනුගමණය කිරීමට ටෙක්සාස්, ඔහායෝ, අයෝවා ද ඇතුළුව ප්‍රබල ප්‍රාන්ත ගණනාවක් සුදානම් වෙමින් සිටීමය. මෙය අනාගත ඇමරිකාව කෙසේ වනු ඇත්දැයි අපට පෙන්වන ලිට්මස් පරීක්ෂණයයි. 

👉 තවද, ‘වෝක්’ මතවාදයෙන් පීඩිත නිව්යෝර්ක් සහ ඉලිනොයි වැනි ප්‍රාන්තවල සිට පවුල් සහ ව්‍යාපාර බොහෝ සේ ෆ්ලොරිඩාවට/ ටෙක්සාස් වලට පැමිණෙමින් තිබේ. ජනයා තම දරුවන්ට වැරදි මතවාද උගන්වන්නේ නැති, වෙහෙස මහන්සි වී වැඩ කරන්නන්ට නිසි තැන ලැබෙන ප්‍රාන්තයක් කරා ඇදී යමින් සිටිති. බොහෝ විට මෙම නව ඇමරිකානු අධ්‍යාපන/ දේශපාලන ප්‍රතිපත්ති ඉදිරි වසර 5-10 කාලයේ යුරෝපයද වැළදගනු ඇත. අනාගත සංරක්ෂනවාදී ඇමරිකාවෙන් ස්වායත්තව යුරෝපය පවතින්නේ නැත.

👉 මෙය ශ්‍රී ලංකාවට අනතුරු ඇඟවීමක් කරයි. බටහිර ධනවත් රටවල් වෝක්’ (Woke) මතවාදය අතහරින විට ලංකාව ඒවා බදා වැළද ගැනීමට සැරසෙයි. බටහිර අපට කියන්නේ  මේවා ජාතියක් නගා සිටුවීම වෙනුවට කරන්නේ සාම්ප්‍රදායික පවුල් ඒකකය බිඳ දැමීමත්, ජාතික අභිමානය හෑල්ලු කිරීමත්, දක්ෂතාවය වෙනුවට “වින්දිතභාවය” (Victimhood) මත පදනම් වූ සමාජයක් ගොඩනැගීමත් බවයි. 

ඒ නිසා දෙමාපියන් වන අප, අපේ දරුවන්ට සාම්ප්‍රදායික වටිනාකම් කියාදී  ඔවුනට ෆීනික්ස්  වැනි, අපට ගැලපෙන ජාතික පුනරුදයක් (Nationalist Renaissance) සඳහා උදව් වන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබා ගැනීමට උත්සාහ ගත යුතුය. 

✍ Sarathi Ratnayake ගේ සටහනක් ඇසුරිනි.

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.