ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ වර්ධනය සහ සාම්ප්‍රදායික මුස්ලිම් සමාජයේ බිඳවැටීම..
ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක සිට විවිධ ජාතීන් සහ ආගමිකයන් එකට සහයෝගයෙන් ජීවත් වූ බහුසංස්කෘතික නිවසක් වැන්නකි. විශේෂයෙන්ම ලාංකික මුස්ලිම් ජනතාව, මෙරට සිංහල සහ දෙමළ ජන සමාජය සමඟ අතීතයේ සිටම පැවැත්වූයේ දැඩි සංස්කෘතික සහ ආර්ථික සබඳතාවයකි.
ශ්‍රී ලාංකික අනන්‍යතාවය තුළ ගොඩනැඟී තිබූ මෙම සාම්ප්‍රදායික මුස්ලිම් සමාජ ක්‍රමය, පසුගිය දශක කිහිපය තුළ දැඩි පරිවර්තනයකට ලක්ව ඇති බව පෙනෙයි. ඒ මැදපෙරදිගින් මෙරටට ආනයනය කරන ලද ඇතැම් රැඩිකල් සහ මූලධර්මවාදී මතවාදයන් නිසා ය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ සාමකාමී "සුෆි" ඉස්ලාම් සංස්කෘතිය ( සහජීවනය අගය කරන සෙට් එක) බිඳවැටීමට ලක්ව ඇති අතර, එය සමස්ත දේශපාලන හා සමාජයීය ස්ථාවරත්වයටද බලපා තිබේ.
ලංකාවේ ඉස්ලාමීය මූලධර්මවාදයේ සහ අන්තවාදයේ වර්ධනය එක රැයකින් සිදු වූවක් නොවේ. එහි මූලයන් 1970 දශකයේ අගභාගය දක්වා දිවයයි. 1979 වසරේදී සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසින් මෙරට සාම්ප්‍රදායික සුෆි මුස්ලිම්වරුන් "මුර්තද්" (ආගමෙන් බැහැර වූවන්) සහ "කාෆිර්" (නොඅදහන්නන්) ලෙස ප්‍රකාශ කරමින් "ෆත්වා" නමැති ආගමික තීන්දුවක් නිකුත් කිරීම, මෙරට මුස්ලිම් සමාජය අභ්‍යන්තරයෙන් බෙදා වෙන් කළ පළමු බරපතළ පියවර ලෙස හදුනාගත හැක.
මෙම ආගමික ප්‍රකාශනය සාමාන්‍ය වැසියන් උසිගැන්වීමක් බවට පත් වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර පළාතේ කාත්තන්කුඩි වැනි ප්‍රදේශවල ජීවත් වූ සාමකාමී සුෆි වැසියන්ට දරුණු සමාජ ව්‍යසනයන්ට මුහුණ දීමට සිදු විය. ඔවුන්ගේ මානුෂීය අයිතිවාසිකම් අහිමි කරමින් පොදු පල්ලි තහනම් කිරීම, විවාහයන් අවලංගු කිරීම සහ මියගිය පසු ඉස්ලාමීය අවමංගල්‍ය චාරිත්‍ර පවා ප්‍රතික්ෂේප කිරීම දක්වා මෙම ආගමික අන්තවාදය දරුණු වී ඇත.
ලිඛිත ඉතිහාසය තුළ නිසි අවධානයට ලක් නොවූ මෙම අභ්‍යන්තර ආගමික පීඩනය 2004 සහ 2006 වසරවලදී කාත්තන්කුඩිය තුළ දරුණු ප්‍රචණ්ඩත්වයක් බවට පරිවර්තනය විය. ඇතැම් දැඩි මතධාරී කණ්ඩායම්වල මෙහෙයවීමෙන් සුෆි වැසියන්ගේ නිවාස, කඩසාප්පු කොල්ලකා විනාශ කෙරුණු අතර, ඔවුන් වධහිංසාවලට පවා ලක්වූහ.
ඒ අනුව තමන් උපන් ගම්බිම් තුළම අනාථයන් වූ සුෆි මුස්ලිම් පවුල්වලට දින ගණනාවක් තිස්සේ බද්‍රියා ජුම්මා පල්ලියේ සහ පසුව අසල සිටි දෙමළ සහෝදරයන්ගේ ආධාරයෙන් ආරයම්පති දෙමළ විද්‍යාලයේ සරණාගතයන් ලෙස රැඳී සිටීමට සිදු විය.
මෙම අමිහිරි අත්දැකීම්වලින් පෙනී යන්නේ වර්තමානයේ අප දකින ආගමික නොඉවසීම සහ අන්තවාදය මුලින්ම මුදාහැරුණේ බාහිර සමාජයට නොව, මුස්ලිම් සමාජය තුළම සිටි වෙනස් මතධාරී සාමකාමී සහෝදර ජනතාවට එරෙහිව බවයි.
කෙසේ හෝ වේවා මෙම අභ්‍යන්තර ආගමික පරිවර්තනයත් සමඟ ලාංකික මුස්ලිම් සමාජය ක්‍රමයෙන් සිංහල සහ දෙමළ ජනතාවගෙන් සංස්කෘතිකව වෙන්වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කළේය.
අතීතයේ ලාංකික මුස්ලිම් කාන්තාවන් භාවිත කළ සාමාන්‍ය ඇඳුම් වෙනුවට මැදපෙරදිග අරාබි සංස්කෘතියේ සංකේතයක් බඳු වූ කළු පැහැති අබායා සහ නිකාබ් වැනි ඇඳුම් පැළඳුම් බහුල වීමත්, ඇතැම් ප්‍රදේශවල අරාබි භාෂාවට පමණක් මුල්තැන දීමත් සිදු විය. මෙය හුදෙක් ම බාහිර සමාජය තුළ සැකය සහ අවිශ්වාසය වර්ධනය වීමට සෘජුවම බලපෑවේය.
මෙම සංස්කෘතික හුදෙකලාවීමේ සහ රැඩිකල්කරණයේ උපරිම සහ දරුණුතම ප්‍රතිඵලය වූයේ 2019 පාස්කු ඉරිදා එල්ල වූ මාරාන්තික බෝම්බ ප්‍රහාරයයි. සහරාන් හෂීම් වැනි අන්තවාදීන් ද තමන්ගේ ප්‍රචණ්ඩකාරී ගමන ආරම්භ කළේ කාත්තන්කුඩියේ සාම්ප්‍රදායික සුෆි වැසියන්ට තර්ජනය කරමින් සහ පහර දෙමින් බව ඔබ දන්නවාද?
1979 සිට මේ දක්වා බලයට පත් වූ විධායක ජනාධිපතිවරුන් අටදෙනාම මෙම අභ්‍යන්තර ආගමික අසාධාරණකම් සහ මානව හිමිකම් කඩවීම් දේශපාලන වාසි තකා මඟහැර යෑම හෝ නොසලකා හැරීම සිදු කර ඇති බව පෙනෙයි.
කෙසේවෙතත් ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය අන්තවාදයේ වර්ධනය මුස්ලිම් සමාජය අභ්‍යන්තරයෙන්ම නවතා නැවත සියල්ල ප්‍රතිසංස්කරණය කළ යුතුය! විශේෂයෙන්ම, සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව වැනි ආයතන විසින් අතීතයේ පටු අරමුණු වෙනුවෙන් ගන්නා ලද, පවුල් සංස්ථා බිඳදමන "ෆත්වා" වැනි අන්තවාදී තීරණ සමාජයෙන් ඉවත් කර ගත යුතුය! රටේ ඉදිරි ගමන උදෙසා, මුස්ලිම් ප්‍රජාව ආනයනික අරාබි අන්තවාදයෙන් මිදී මෙරටට ආවේණික වූ අන්‍යෝන්‍ය ගෞරවය සුරකින සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මුස්ලිම් අනන්‍යතාවය සහ පොදු නීති පද්ධතිය වැළඳ ගැනීම කඩිනමින් සිදුකළ යුතුය! නොඑසේනම්?
(සමාජ මාධ්‍යයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..