News Category
From Date
To Date
Maximum Number of Result

සිරිල් ගාමිණී බිමල්ගේ කලිසම ඔළුවෙන් ගලවයි.. බිමල් සැඟවෙයි..

Jun 19, 2026 at 08:33 AM
|

සිරිල් ගාමිණී පියතුමා පහුගිය 17 වෙනිදා කියලා තිබුණා “ ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ධූරයටත් රවී සෙනෙවිරත්න මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරයටත් පත් කරන්න කියලා අගරදගුරුවත් කතෝලික සභාවෙන්වත් ඉල්ලීමක් කළේ නෑ කියලා.බිමල් පාර්ලිමෙන්තුවේදී ඒ අය පත් කළේ අගරදගුරුගේ ඉල්ලීමට අනුව කියලා කියපු කතාව සිරිල් ගාමිණි ප්‍රතික්ෂේප කළා.එයා කිව්වේ බිමල් කියන කතා අපි දන්නේ නෑ කියලයි.බිමල් ඔය කතාව කියලා දැන් සෑහෙන කාලයක් වෙනවා.

පලවෙනි ප්‍රශ්නය තමයි ඇයි ඒක නිවැරදි කරන්න මෙච්චර කාලයක් ගියේ කියන එක.බිමල් කියන්නේ පාර්ලිමේන්තුවේ සභානායක.බිමල් ඉන්නේ සභානායකට ඇඳලා.පාර්ලිමේන්තුවේ කට්ටිය බිමල්ට කියන්නෙත් මොනිටර් කියලා.බිමල් හිටපු ගමන් කතානායකටත් ඕඩර්ස් දෙනවා.බිමල් කතානායකත් එක්ක කරන සියලු ගනුදෙනු කරන්නේ පාර්ලිමේන්තු ලොබියේ ඉඳන්ලු. කතානායකගේ නිල කාමරයට නං කීයටවත් යන්නේ නෑලු. සමහරවිට චාමර සම්පත් මුහුණ දුන්න අද්දැකීම වගේ එකකට මුහුණ දෙන්න වෙයි කියලා බයේද දන්නේ නෑ. අනික ඉතින් කතානායක බිමල් කියන විදිහට වැඩ කරන හින්දා කාමර ගානේ රස්තියාදු වෙන්නේ මොකටද කියලා බිමල් හිතනවා ඇති.

එච්චර බල සම්පන්න බිමල්ගේ කලිසම සිරිල් ගාමිණි පියතුමා රට ඉස්සරහා ගැලෙව්වා.බිමල් බොරු කියනවද සිරිල් ගාමිණි බොරු කියනවද කියන්න අපි දන්නේ නෑ.හැබැයි සිරිල් ගාමිණි බිමල්ගේ කළිසම ගැලෙව්වට පස්සේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක නලින්ද ජයතිස්ස බිමල්ගේ යට කලිසමත් ගැලෙව්වා. නලින්ද සිරිල් ගාමිණි පියතුමා කියපු කතාව අනුමත කරමින් කතා කළා.නලින්ද කිව්වේ එහෙම කිසිකෙනෙක් කියපු පලියට අමාත්‍යාංශ ලේකම්ධූර,අධ්‍යක්ෂක ධූරවලට පත්කරන්නේ නෑ ඒවා ඔක්කොම පත් කරන්නේ රාජ්‍යයේ තියන පටිපාටියට අනුකුලව කියලා.ඒවා වෙන විදිහ නලින්ද අමුතුවෙන් නොකිව්වට මේ රටේ ජනතාව දන්නවා.

හැබැයි මෙතනදී උනේ අනුර පාර්ශවයේ නලින්ද ටිල්වින් පාර්ශවයේ බිමල්ට ප්‍රහාරයක් එල්ල කිරීමයි.ඒක නිසා මේක එක්තරා සිදුවීමක් විතරක් නෙවෙයි.මේක ඇතුලේ කතා කරන්න ඕනි දේශපාලනයක් තියනවා.අපි ඒක කතා කරන්න ඕනි.මාලිමා ආණ්ඩුව ඇතුලේ ඒ ඒ ආයතනයන් වෙනුවෙන් කතොලික සභාවේ තියන බලපෑම ගැන කියන කතාවක් මේක.තමන්ට අවශ්‍ය ආයතනවලට ජනාධිපතිට බලපෑම් කරලා අවශ්‍ය අය දාගත්තා කියන චෝදනාව තමයි බිමල්ගේ කතාව ඇතුලේ හැංගිලා තිබුණේ.අපේ ආගමික සංස්ථාවන් රාජ්‍යට කරන බලපෑමේදී කතෝලික සභාව කොච්චර ප්‍රබලද කියලා බිමල්ගේ කතාවෙන් තේරෙනවා.දැන් වැඩේ කරගෙන ඉවරයි.වැඩේ කර ගත්තට පස්සේ එයාලට ඒක පිලිගන්නත් පුළුවන්,ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්,

ඕනි නං උත්තර නොදී ඉන්නත් පුළුවන්,උත්තර දෙන්න ඕනි තරම් කල් ගන්නත් පුළුවන්.ඒක නිසා සිරිල් ගාමිණි සහ බිමල් හරහා නිරූපනය වෙන්නේ අපේ රටේ ආගමික සංස්ථාවේ සහ දේශපාලනය  අතර තියන කිට්ටු නෑකමයි.ආණ්ඩුව තමන්ගේ දේශපාලන තීන්දු සාධාරණීකරණය කරන්න කතෝලික සභාව පලිහක් කර ගන්න හැදුවා.කතෝලික සභාව අවස්ථාව අනුව ඒක ප්‍රතික්ෂේප කළා.දැන් ආණ්ඩුව සහ කතෝලික සභාව සිවිල් සමාජය ඉදිරියේ අර්බුදයකට ලක්වෙලා.සිරිල් ගාමිණී පියතුමාගේ ප්‍රකාශයත් එක්ක ආණ්ඩුව ප්‍රධාන ක්ෂේත්‍ර කිහිපයක බරපතළ අර්බුදයකට යනවා.එකක් රාජ්‍ය පාලන තන්ත්‍රයේ විශ්වසනීයත්වය බිඳවැටෙනවා.

ආණ්ඩුව ගන්න දේශපාලන තීන්දු ආගමික ඉල්ලීම් මත සිද්ධවුන බව පෙන්නන්න යෑම සහ ඒ ආගමික සංස්ථාවෙන්ම ඒක ප්‍රතික්ෂේප වීම හින්දා ආණ්ඩුවේ ප්‍රකාශවල අවංකභාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.ඊළඟට අනුරලා යුක්තිය දේශපාලනීකරණය කරලා කියන එක පැහැදිලිව පේනවා.පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් යුක්තිය ඉෂ්ඨ කිරීම තවත් දේශපාලනඟයින්ට ලකුණු දාගැනීමේ ක්‍රීඩාක් කරගෙන. මාලිමාවේ බලය ආරක්ෂා කරගන්න මෙයාලා පාස්කු ප්‍රහාරය පාව්චිචි කරන්න පටන් අරන්.ඊට අමතරව රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ පත්වීම් වෘත්තීය නිපුණතාවය මත නෙවෙයි ආගමික නිර්දේශ මත සිද්ධවෙන බව පෙන්වීමෙන් රාජ්‍ය සේවයේ වෘත්තීයභාවය කෙලෙසී යනවා.  

අවංකව සේවය කරනවාට වඩා කතෝලික සභාවෙන් සපෝට් එකක් අරන් උඩට එන්න පුළුවන් කියලා වංචනික නිලධාරීන්ට හිතෙනවා.කතෝලික සහාවෙන් අහන්නේ නැතිව තමන්ගේ නම භාවිත කිරීම ගැන දැන් කතෝලික සභාවෙන් ව්‍යාජ හෝ අප්‍රසාදයක් එල්ලකරනවා.මේක ආණ්ඩුව දේශපාලනිකව හුදකලා වීමට මග පාදන තත්වයක්.වතිකානුව ඇතුළු ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පාස්කු විමර්ශන දිහා බලා ඉන්න මොහොතක, මේ රටේ විමර්ශන යාන්ත්‍රණයේ තියන දේශපාලන අස්ථාවරත්වය ලෝකය ඉදිරියේ නිරාවරණය වීමෙන් රටේ ප්‍රතිරූපයටත් දැඩි හානියක් වෙනවා.දැන් සිරිල් ගාමිණී පියතුමා බිමල්ගේ කළිසම ඔළුවෙන් ගලවලා ඉවරයි.දැන් බිමල් හැංගිලා හරියන්නේ නෑ. කොන්දක් තියනවා නං තමන්ගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් පෙනී ඉන්න ඕනි.

නිතරම වැලිව්ස් ගැන කතා කරන බිමල් දැන් රටට කියන්න ඕනි. එයා කිව්වේ බොරුද නැත්තං සිරිල් ගාමිණී කියන්නේ බොරුද කියලා.මොකද මේකේ දෙපැත්තක් තියනවා.කතෝලික සභාව නොනිල වශයෙන් අනුරගෙන් කරපු ඉල්ල්මක් බිමල් ප්‍රසිද්ධියේ කියපු එකට සිරිල් ගාමිණී පියතුමාට තදවෙලා බිමල්ට ෂොට් එක දෙන්න අවස්ථාවක් එනකං හිටියා වෙන්නත් පුළුවන්.අවස්ථාව ආපු ගමන් බිමල් බොරුකාරයෙක් කළා වෙන්නත් පුළුවන්.එහෙම එකක් නං වෙලා තියෙන්නේ එදා බිමල් කරලා තියෙන්නේ පට්ට මෝඩ කතාවක්.නැත්තං අනුරව පාවා දීමක්.

බිමල්ගේ වැඩ හින්දා අනුරත් අමාරුවේ වැටිලා කතෝලික සභාවත් අමාරුවේ වැටෙන හින්දා සිරිල් ගාමිණි පියතුමා කතෝලික සභාවේ බේරීම වෙනුවෙන් බිමල්ට ෂොට් එකක් දුන්නා වෙන්නත් පුළුවන්.නැත්තං වැඩේ චාටර් වේගෙන එනකොට කතෝලික සභාව ඇඟ බේරගන්නවා වෙන්නත් බැරි නෑ.එක්කෝ බිමල් උත්තරීතර පාර්ලිමේන්තුවට බොරු කියලා.ඒ කියන්නේ බිමලුත් දැන් අනුර වගේම වෙලා.අනුර පාර්ලිමේන්තුවේදීම කිව්වා එයා පාර්ලිමේන්තුවේදී කියන්නේ බොරු කියලා.බිමල් කියන්නේ ජවිපෙ ප්‍රධාන ලේකම් වෙන්න බලාගෙන ඉන්න කෙනා කියලයි කියන්නේ.පහුගිය කාලේ අගමැති වෙන්නත් ෂූට් මහගෙන හිටියා.

ඒ වගේම හැම එකටම හොට දාන කෙනෙක්.මතකනේ චීනයේ නිෂ්පාදිත ගුවන් යානයක් කඩාවැටුන වෙලාවේ බිමල් කිව්ව කතාව.තවමත් යානය කඩා වැටුනේ මොකද කියලා වාර්තාව ඇවිත් නෑ.හැබැයි යානය කඩාගෙන වැටිලා පැය කීපයක් යන්න ඉස්සෙල්ලා බිමල් කිව්වා යානයේ නං කිසිම දෝෂයක් නෑ නියමුවන්ගේ අතපසුවීමකින් යානය කඩා වැටිලා කියලා.ඒ කතාවලින් බිමල්ගේ රාජ්‍ය තාන්ත්‍රික දුබලකම වගේම ලෝකෙට පේන්න ඕනි නැති බිමල්ගේ චීන පක්ෂපාතිත්වයකුත් පෙනුනා. ඒක නිසා බිමල් කියන කතා ශත පහකට විශ්වාස කරන්න බෑ.ඒ වගේම තමයි සිරිල් ගාමිණී පියතුමා කියන්නෙත් ඒ ජාතියේම බඩුවක්.

කතෝලික සභාවේ තියන බෙදුම්වාදී කොටි පුල්ලි පේන්නේ සිරිල් ගාමිණීලා වගේ අයගෙන්.මේ කතාවේ ඇත්ත නැත්ත රට දැනගන්න ඕනි.මොකද ඒක මේ රටේ ජනතාවටද වැදගත්.අනුරට කතෝලික සභාවේ සහ කොටි ඩයස්‌පෝරාවේ දැඩි බලපෑමක් තියනවා කියන එක ප්‍රසිද්ධ චෝදනාවක්.ඒ වගේ කතෝලික පල්ලියටත් දේශපාලනයක් තියනවා.මේ දෙකම වෙන වෙනම සහ එකවරත් එකට එකතුවෙලාත් ක්‍රියාත්මක වෙන්න පුළුවන්.අපිට බිමල්ගේවත් සිරිල් ගාමිණී පියතුමාගේවත් අවංකභාවය පරීක්ෂා කරන්න ඕනි නෑ.එහෙම එකක් ඒ දෙන්නා ළඟම නෑ.රටේ රාළට ඕනි මේ ආණ්ඩුවත් එක්ක බෙදුම්වාදයට තියන සම්බන්ධය රටට හෙලිකරන්න විතරයි.

ඇත්තටම මේ ප්‍රශ්නය ගැන විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරන්න ඕනි.හැබැයි එහෙම ප්‍රශ්න කිරීමක් විපක්ෂය පැත්තෙන් එන්නේ නෑ.මේ ආණ්ඩුව විතරක් නෙවෙයි විපක්ෂයත් මේ පූජක සභාවට යටවෙලා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.