News Category
From Date
To Date
Maximum Number of Result

චීන විරෝධී ආඛ්‍යානය සහ සයිබර් වංචා: ශ්‍රී ලංකාවේ ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

Jun 19, 2026 at 11:14 AM
|

මේ වන විට මියන්මාර සහ තායිලන්ත සීමාවේ පැවැති චීන ජාතිකයන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන "ඔන් ලයින්" වංචා හෙවත් මාර්ගගත සූදු හා විදුලි සංදේශ පද්ධතිය ආශ්‍රිත වංචා මුලිනුපුටා දැමීමට චීන රජය සමත්ව තිබෙන බව දක්නට ලැබේ. එලෙසම ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මියන්මාරය සහ කාම්බෝජය ඇතුළු රටවල් සමඟ නීති ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව චීනය ක්‍රියාත්මක කර තිබෙන හෙයින් එම රටවල සිටි චීන වංචා සැකකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ආපසු චීනයට ගෙන්වා ගැනීමටද සමත්ව තිබේ. මේ තත්වය තුළ චීන ජාතික "ඔන් ලයින්" වංචාකරුවන් ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමනය වීමට පටන් ගෙන ඇති බවද මාධ්‍ය වාර්තා වලින් තහවුරු වේ. ඔවුනට අමතරව ඉන්දීය ඔන් ලයින් වංචාකරුවන්ද ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන තත්වය වර්ධනය වී තිබේ. මේ තත්වය දැඩි අර්බූදකාරි තත්වයක් නිර්මාණය වීමේ ඉඩ කඩක් විවර වෙමින් පවතින හෙයින් ලංකා ලීඩ් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ සංවාදයක නියැලුනි. පහත පලවන්නේ ඒ මහතා සමඟ කළ සංවාදයේ සටහනයි. සංවාද සටහන : ජීවන්ත ජයතිස්ස

මේ වන විටට මියන්මාර සහ තායිලන්ත සීමාවේ පැවැති චීන ජාතිකයන්ගේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක වන "ඔන් ලයින්" වංචා හෙවත් මාර්ගගත සූදු හා විදුලි සංදේශ පද්ධතිය ආශ්‍රිත වංචා මුලිනුපුටා දැමීමට චීන රජය සමත්ව තිබෙන බව දක්න ලැබේ. එලෙසම ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මියන්මාරය සහ කාම්බෝජය ඇතුළු රටවල් සමඟ නීති ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව චීනය ක්‍රියාත්මක කර තිබෙන හෙයින් එම රටවල සිටි චීන වංචා සැකකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ආපසු චීනයට ගෙන්වා ගැනීමටද සමත්ව තිබේ. මේ තත්වය තුළ චීන ජාතික "ඔන් ලයින්" වංචාකරුවන් ශ්‍රී ලංකාව දෙසට සංක්‍රමනය වීමට පටන් ගෙන ඇති බවද මාධ්‍ය වාර්තා වලින් තහවුරු වේ. ඔවුනට අමතරව ඉන්දීය ඔන් ලයින් වංචාකරුවන්ද ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වන තත්වය වර්ධනය වී තිබේ. මේ  තත්වය දැඩි අර්බූදකාරි තත්වයක් නිර්මාණය වීමේ ඉඩ කඩක් විවර වෙමින් පවතින හෙයින් ලංකා ලීඩ් වෙබ් අඩවිය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සමඟ සංවාදයක නියැලුනි. පහත පලවන්නේ ඒ මහතා සමඟ කළ සංවාදයේ සටහනයි. සංවාද සටහන : ජීවන්ත ජයතිස්ස


ප්‍රශ්නය : මේ වන විට ශ්‍රී ලංකාව තුල ඔන් ලයින් වංචා ලෙස පොදුවේ හඳුන්වන මාර්ගගත සූදු හා විදුලි සංදේශ පද්ධතිය ආශ්‍රිත  වංචා විශාල වශයෙන් ව්‍යාප්ත වී තිබෙනවා. මෙම වංචා වලට ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් හසු කර ගැනීමට ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා. මොවුන් අතර චීන ජාතිකයන් විශාල වශයෙන් සිටින බව පුවත් පත් වාර්තා පවසනවා. ඒ අනුව චීන ජාතිකයන් අපේ රටේ ජනතාව රවටා අපේ මුදල් චීනයට රැගෙන යනවාය යන නිගමනයට අපේ රටේ ජනයා පෙළඹීම වරදක් නොවෙයි නේද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : මෙවැනි නිගමනයකට පැමිණීම එතරම් සාධරණ නැහැ. පළමු කාරණය ශ්‍රී ලංකාවේ සිදුව ඇති මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කරන ආයතන නිකුත් කළ විධිමත් සංඛ්‍යා ලේඛන දකින්නට නැහැ. එහෙත් පුවත් පත් වාර්තා අධ්‍යනය කිරීමෙන් පෙනී යන්නේ 2026 මාර්තු මාසයේදී විදෙස් ජාතිකයන් 134 දෙනෙකු අනුරාධපුර මිහින්තලේ ප්‍රදේශයේදී නීතිය බලාත්මක කරන ආයතන විසින්  අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් ගෙන් 126 දෙනෙකු චීන ජාතිකයන්. හතර දෙනෙකු මියන්මාර වැසියන්. අනෙක් හතර දෙනා තායිවාන වැසියන්. නමුත් ශ්‍රී ලාංකිකයන්ට ඔවුන්  සියළු දෙනා පෙනුමෙන් චීන ජාතිකයන්.

ඒ වගේම මාධ්‍ය වාර්තා පරිශීලනයේදී පෙනී යන්නේ 2024 ජූනි මාසයේදී නීතිය බලාත්මක කරන ආයතන ශ්‍රී ලංකාවේදී මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වලට සම්බන්ධ වූ ඉන්දියානු ජාතිකයන් 137 දෙනෙකු සහ චීන ජාතිකයන් 30 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවයි. ඒ අනුව ශ්‍රී ලංකාවේදී මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා කිරීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් අතර චීන ජාතිකයන් මෙන්ම ඉන්දියානුවන්ද සමාන ප්‍රමානයකින්  සිටිනවා. ඒ අනුව මෙවැනි වංචා වලට චීන ජාතිකයන් වෙත පමණක් ඇඟිල්ල දිගු කිරීමට අපේ ජනතාව විවිධ ක්‍රම මගින් පොළඹවන මාධ්‍ය ක්‍රියාන්විතයක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.

ප්‍රශ්නය : ඔබ කෙසේ කීවත් චීනය සහ ඉන්දියාව යන දෙරටෙහිම විශාල පුරවැසියන් පිරිසක් ශ්‍රී ලංකාවේ නීතිය බලාත්මක කිරීමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වීම තුළ පෙනී යන්නේ දෙරටෙහිම බලධාරින් කුමන හෝ දැනුවත් භාවයක් සහිතව මෙවැනි පුද්ගලයින් ශ්‍රී ලංකාවට ඇතුළුවන බවයි.

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔබගේ නිගමනය වැරදියි. පළමු කොටම මේ මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා දැවැන්ත මුල්‍යමය වාසි මත පවත්වාගෙන යන කූට ව්‍යාපරයක්. මෙම කූට ව්‍යාපාරයේ දිග පළල සම්බන්ධයෙන් මම පසුවට කරුණු දක්වන්නම්. ඔබගේ ප්‍රශ්නය දෙසට නැවත යොමු වුවහොත්, චීනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) පෙන්වා දී ඇත්තේ මෙම වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින අතරම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවත් චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බව තහවුරු වී තිබෙන බවයි.

ඒ වගේම, ඒ වගේම ජාත්‍යන්තර වාර්තා අධ්‍යයනය කිරීමේදී පෙනී යනවා දේශසීමා හරහා සිදුවන සූදු පිළිබඳ චීන රජයේ ස්ථාවරය පැහැදිලි හා ස්ථිර එකක් බව. චීන රජය විසින් චීන ප්‍රාග්ධනය විදේශීය කැසිනෝ සඳහා ආයෝජනය කිරීම තහනම් කර තිබෙනවා. ඒ වගේම චීන පුරවැසියන්ට විදේශීය මධ්‍යස්ථානවල කැසිනෝවල මෙහෙයුම්වලට සහභාගී වීමද තහනම් කර තිබෙනවා. විදේශීය කැසිනෝ ක්‍රීඩාව පවත්වාගෙන ආයතන වලට චීන පුරවැසියන් සූදුවට ආකර්ෂණය කිරීමද තහනම්. වඩාත්ම වැදගත් කාරණය නම් මේ වන විට චීන අපරාධ නීතියේ නව සංශෝධන මගින් දේශසීමා හරහා සිදුවන සූදු ක්‍රියාකාරකම් අපරාධ වරදක් ලෙස ප්‍රකාශයට පත් කර තිබීමයි.

පසුගිය වසරවලදී චීනය ස්පාඤ්ඤය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, මියන්මාරය සහ කාම්බෝජය ඇතුළු රටවල් සමඟ නීති ක්‍රියාත්මක කිරීමේ සහයෝගිතාව ක්‍රියාත්මක කර තිබෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස විවිධ රටවල සිටි වංචා සැකකරුවන් විශාල සංඛ්‍යාවක් අත්අඩංගුවට ගෙන ආපසු චීනයට ගෙන්වාගෙන තිබෙනවා.

 ඒ වගේම, විදුලි සංදේශ හා මාර්ගගත වංචා මර්දනය සඳහා ජාත්‍යන්තර සන්ධානයක් පිහිටුවීමේ යෝජනාවද චීනය විසින් ඉදිරිපත් කර තිබෙන අතර, එමගින් සියලු පාර්ශ්ව සහ ජාත්‍යන්තර ප්‍රජාව එක්ව මෙම අපරාධ නිසා ඇතිවන පරිපාලන අභියෝගවලට මුහුණ දීම හා සම්බන්ධීකරණය, පුළුල් සහභාගීත්වය සහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග මත පදනම් වූ නව ගෝලීය රාමුවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනවා. ඒ අනුව පෙනෙනවා චීන රජය මෙම අපරාධ මැඩලීම සඳහා විශාල ප්‍රයත්නයක් ගන්නා බව.

ප්‍රශ්නය :දැන් ඔබ පවසන්නේ චීනය මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්ධනය කිරීමට පුළුල් දායකත්වයක් ලෝක පරිමානයෙන් ලබා දී තිබෙන මුත් ඊට සමාන්තරව ඉන්දියාව එසේ කර නොමැති බවද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : කෙටියෙන් පවසන්නේ නම් ඔව්! ඒ විතරක් නොවෙයි චීනය අපේ රටේ නීතිය බලාත්මක කරන ආයතන සමඟද චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරමින්, නීති ක්‍රියාත්මක කිරීමේ හා ආරක්ෂක සහයෝගිතාව ශක්තිමත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. ඉන්දියාවේ රජය පාර්ශවයෙන් එවැනි ප්‍රවේශයක් ගෙන නැහැ.

ප්‍රශ්නය : ඉන්දියාව එවැනි ප්‍රවේශයක් ගෙන නැති බවට ඔබ පවසන දේ තව දුරටත් විග්‍රහ කළ හැකිද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : පැහැදිලිවම! ඊට පෙර මා ඔබට මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා දැවැන්ත මුල්‍යමය වාසි මත පවත්වාගෙන යන කූට ව්‍යාපාරයේ දිග පළල අනාවරණය කරන්නම්.

2024 වර්ෂයේදී එක්සත් ජනපද ෆෙඩරල් වෙළඳ කොමිසම සහ ස්ටැන්ෆර්ඩ් අන්තර්ජාල නිරීක්ෂණාගාරය විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ වාර්තාවකට අනුව, අන්තර්ජාතික දුරකථන වංචා සහ මාර්ගගත "ආදර (හෙවත් රොමෑන්තික ) වංචා" හේතුවෙන් ඇමරිකානු පුරවැසියන්ට සිදු වූ පාඩුව ඇමරිකානු ඩොලර් බිලියන 12 ඉක්මවා ගොස් තිබෙන බව පැවසෙනවා. එම අගය මෙවැනි වංචා වලට ප්‍රසිද්ධ මධ්‍යස්ථානයක් වන මියන්මාරයේ  2024 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 16% ට ආසන්න වශයෙන් සමාන වෙනවා.

2025 වසර තුළ පමණක්, මියන්මාරයේ උතුරු ප්‍රදේශයේ සිට ක්‍රියාත්මක වූ ඉන්දියානු වංචා ජාල ඇමරිකානුවන්ට ඩොලර් බිලියන 4.7කට වැඩි පාඩුවක් සිදුකර තිබුණු බව විවිධ වාර්තා වලින් පැවසෙනවා. ඒ වගේම, ඇමරිකාව ලෝකයේ දෙවැනි විශාලතම "Telecom Fraud" ගොදුර බවට පත්ව තිබෙනවා. ඇමරිකානුවන්ට මෙවැනි වංචා පිළිබඳ අත්දැකීම් අඩුය. “ඔබේ Social Security account එක suspend කර ඇත” යැයි දුරකථන ඇමතුමක් ලැබුණු විට, ඔවුන් තවමත් අවංකව “මම දැන් මොකද කරන්න ඕනේ?” යැයි අසනවා.

ඉන්දියානු ආකාරයේ “pig-butchering scam"(මුල්‍ය ආයෝජන වංචා) ප්‍රධාන වශයෙන් රොමෑන්තික වංචාවන් කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. ඔබ දන්නවා ඉන්දියාව ලෝකයේ විශාලතම රොමෑන්තික චිත්‍රපට කර්මාන්තයක් තිබෙන රටක්. Bolywood නළු නිළියන් වැස්සේ නටමින්, මල් වතු හරහා දුවමින්, වැරදි අවබෝධ සහ සමාදානය අතර කාන්තාවන්ගේ හැඟීම් උද්දීපනය කරනවා. රිදී තිරය මත ආදර හැඟීම් නිර්මාණය කිරීමේදී, ඉන්දියාව ලෝකයේ ඉහළම මට්ටමේ සිටින රටක්. ඔවුන් මෙම සිද්ධාන්තය මාර්ගගතව යොදවා විශාල වශයෙන් මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වල නිරත වෙනවා

මියන්මාරයේ මෙවැනි වංචා සඳහා ප්‍රසිද්ධියක් උසුලන KK සංකීර්ණය  (KK සංකීර්ණය (බොහෝ විට KK පාර්ක් ලෙස හැඳින්වේ) යනු මියන්මාරයේ තායිලන්ත මායිම් නගරයක් වන මයාවාඩි අසල පිහිටි දැවැන්ත, කුප්‍රකට සයිබර් අපරාධ සහ මිනිස් ජාවාරම් කෙරෙන මධ්‍යස්ථානයකි. එය මහා පරිමාණයේ සයිබර් වංචා සහ නූතන වහල්භාවය සඳහා ගෝලීය සංකේතයක් බවට මේ වන විට පත්ව ඇත.) තුළ එකවර ඉන්දියානුවන් 3,000 ක් පමණ සේවයේ යෙදෙන බව අනාවරණය වී තිබෙනවා. එවිට සාර්ථකත්ව අනුපාතය 3% ක් පමණක් වුවද, ඇමරිකානුවන් 90 දෙනෙකු සෑම දිනකම මේ ආදර වංචාවට හසු වෙනවා. එම 90 දෙනාගෙන් 10 දෙනෙකු පමණක් ඩොලර් 50,000 බැගින් අහිමි කරගත්තද, එය ඩොලර් 500,000ක් වැනි ඉහල අගයක්.

INTERPOL විසින් හඳුනා ගැනීමට පෙර, මුම්බායි හි හිටපු IT ඉංජිනේරුවෙකු, “සුඛෝපභෝගී යාත්‍රාවක බ්‍රිතාන්‍ය ප්‍රකෝටිපතියෙකු” ලෙස පෙනී සිටිමින් ඇමරිකානු කාන්තාවන් තිස් දෙනෙකුට වැඩි පිරිසක් සමඟ එකවර මාර්ගගත ආදර සබඳතා පවත්වා ගෙන ගොස් තිබෙන බව අනාවරණය වී තිබෙනවා. ඔවුන්ගෙන් වැඩිමලා වයස අවුරුදු හැත්තෑ දෙකක කාන්තාවක් වන අතර, ලාබාලතම කාන්තාව වයස තිස් එකක තැනැත්තියකි.

එම ඉංජිනේරුවා තම සගයන්ට දෙන අවවාද අතර “සබඳතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීම අවශ්‍යයි,”  “ඔබ මුදල් පමණක් ඉල්ලනවා බවක් අනෙක් පුද්ගලයාට දැනෙන්න දෙන්න බැහැ.” වැනි අවවාද ප්‍රමුඛව තිබෙන බව INTERPOL පවසනවා.

ප්‍රශ්නය : ඔබ තනිකරම ඉන්දියාව පමණක් කේන්ද්‍ර කරගනිමින් ඔබගේ විග්‍රහය හෙවත් චෝදනා ඉදිරිපත් කරන බව පෙනී යනවා. නමුත් මියන්මාරයේ KK ආශ්‍රිතව මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වලට විශාල වශයෙන් සම්බන්ධ වූවේ චීන ජාතිකයන් බව ඕනෑවටත් වඩා සාක්ෂි තිබෙනවා. ඔබ ඒ බව සඳහන් කරන්නේ නැහැ.

වෛද්‍ය වසන්ත බණ්ඩාර : පළමුව කිවයුතුයි මම ඉන්දියාව සම්බන්ධයෙන් විශේෂයෙන් කරුණු කීමට උත්සහා කළා නොවෙයි, පවතින යථාර්ථය තුළ ඔවුන්  මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා ක්ෂේත්‍රය තුළ ඔවුන්ගේ භූමිකාව මෙතෙක් කළ සමීක්ෂණ වාර්තා මත පදනම්ව කරුණු ඉදිරිපත් කළා පමණයි. අනෙක් කාරණය චීනය මියන්මාරයේ KK ආශ්‍රිතව චීන ජාතිකයන් මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වල නිරතවූවාය යන්න බැහැර කළ නොහැකි සත්‍යයක්. නමුත් මම අවධාරණය කරන කාරණය චීනය රටක් විදියට තමන්ගේ රටේ පුරවැසියන් මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වල යෙදීම වැලැක්වීමට උපරිම වශයෙන් කටයුතු කර තිබෙනවා. ඒ වගේම එය අතිශය සාර්ථක වී තිබෙනවා. මා ඉහතදී එම කරුණු විස්තර සහිතව පෙන්වා දුන්නා.

ප්‍රශ්නය: ඔබ වෙනත් විදියකින් පවසන්නේ ඉන්දියාව රටක් ලෙස මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා කිරීමට තම පුරවැසියන් යොමු කරනවා කියාද ?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : මම ආධානග්‍රාහී වන්නට සූදානම් නැහැ. නමුත් දැනට තිබෙන කරුණු ඔබ හමුවේ තබන්නම්. මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ වාර්තාවක දැක්වූ ආකාරයට , උතුරු මියන්මාරයේ කොකාං හි "පවුල් හතර (Bai family, Wei family, Liu family සහ Ming family  නමින් මියන්මාරයේ උතුරු කොකාං ප්‍රදේශයේ වංචා කඳවුරු සහ අනීතික ව්‍යාපාර පාලනය කළ බලවත් අපරාධ පවුල් හතරයි.)නැමැති අපරාධ කණ්ඩායම් වල ආධිපත්‍ය බිඳ වැටීමෙන් පසුවද මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා සිදුවීම් දිගින් දිගටම සිදු වෙමින් පැවතුනා.කොකාං ප්‍රදේශයේ අන්තර්ජාල උපයෝගී කරගෙන පවත්වා ගෙන ගිය වංචා මධ්‍යස්ථාන හිස්ව තිබුණා. නමුත් මධ්‍යස්ථාන වටා ඇද තිබූ කටු කම්බි එලෙසම තිබුණා. ක්‍රියාකරුවන්ට වධ දීමට භාවිත කළ විදුලි බැටන් පොලු ගොඩනැගිලි තුලම දක්නට තිබුණා. සුදු දැන්වීම් පුවරු මත ලියා ඇති වංචා කිරීමට අදාළ තිර පිටපත් පවා මකා දමා තිබුණේ නැහැ. අවිධිමත්ව සැකසුනු විනෝද ආකේඩයක මෙන්, පරිගණක පුටු මේස ආදිය ඒවායේ වාඩි වී ක්‍රීඩාව දිගටම කරගෙන යන තෙක් බලා සිටින ආකාරයක් පෙන්වූවා. අවසානයේදී මධ්‍යස්ථානයට ඉන්දියානුවන් පැමිණි  බව වාර්තාව පවසනවා. එහෙත් ඔවුන් කඳු සහ ගංගා හරහා තම ගමන් මලු රැගෙන එහි යාමට සමත් වූයේ කෙසේදැයි කිසිවෙකු  අදටත් දන්නේ දන්නේ නැහැ. ප්‍රදේශවාසින් පවසන ආකාරයට කෙනෙකු ඔවුන්ව දකින විට, ඔවුන් දැනටමත් එහි පදිංචි වී  සිටින අයවළුන් ලෙස හැසිරී තිබුණා. ඒ අනුව මියන්මාරයේ බිඳීගිය මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා අධිරාජ්‍ය ඉන්දියානුවන් වෙනත් වටයකින් අත්පත් කරගත් බව සක් සුදක් සේ පැහැදිලි වන්නේ නැතිද?

අනෙක් කාරණය ටෙලිකොම් වංචාවන් සම්බන්ධයෙන් සලකන විට ඉන්දියාව මියන්මාරයේ “මුල් ගුරුතුමා” ලෙස හැඳින්විය හැකි බව විද්වතුන් පවසනවා. මියන්මාරයේ මියාවඩ්ඩි වංචා කලාපයක් ලෙස නැගී ඒමටත් පෙර, ඉන්දියාවට පරිණත දුරකථන වංචා කාර්මික දාමයක් තිබුණු බව ඒ සම්බන්ධයෙන් හැදැරූ ජාත්‍යන්තර සංවිධාන පවසනවා.ඉන්දියානුවන් විශේෂයෙන් ඉලක්ක කළේ, ස්වදේශික ඉංග්‍රීසි බස භාවිත කරන්නන්. ඔවුන් මයික්‍රොසොෆ්ට් පාරිභෝගික සේවය, IRS (Internal Revenue Service) හෝ සමාජ ආරක්ෂණ පරිපාලනය ලෙස පෙනී සිටිමින්,'ඔබේ පරිගණකය වෛරසයකින් ආසාදනය වී ඇති බවත්, නැතහොත් ඔබ ෆෙඩරල් බදු කාර්යාංශයට ඇමරිකානු ඩොලර් 200,000 ක් ණය වී ඇති බවත්' පවසමින් "ගූගල් ප්ලේ" තෑගි කාඩ්පත් භාවිතයෙන් ගෙවීමට අවශ්‍ය බවත් අවධාරණය කරන බව එම සංවිධාන පවසනවා.

ඒ වගේම ද ඉකොනොමිස්ට් සඟරාවේ පලවූ වාර්තාවකට අනුව, උතුරු මියන්මාරයේ වංචා සංයෝගවල පුනරාවර්තන වේගය දැනටමත් බොහෝ නීත්‍යානුකූල තාක්‍ෂණ සමාගම් ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව "පවුල් හතරේ" බිඳවැටීම මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වල අවසානය නොව, සංස්කරණය යාවත්කාලීන කිරීමක් පමණක් වී ඇති බව විශ්ලේෂකයන් පවසනවා. මේ යාවත්කාලීන කිරීම කර ඇත්තේ ඉන්දියානුවන් මිස චීන ජාතිකයන් නොවෙයි.  මා උත්සාහ කරන්නේ චීන ජාතිකයන් නිර්දෝෂී කිරීමට නොවේ. පෙනෙන ඊනියා යථාර්තය පෙන්වා දීමටයි.

ප්‍රශ්නය : අපට ඔබ පවසන දේ පැහැදිළියි. නමුත් ඔබ චීන ජාතිකයන් කළ මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා නැවැත්වීමට චීන රජය ක්‍රියාත්මක වූ බව පවසනවා. එය එසේමයි කියා අපි පිළිගත්තත්, චීනය එවැනි සාර්ථකත්වයක් අත්පත් කර ගත්තේ දිගු කලක් තිස්සේ කළ ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියටයි. ඔබගේ කරුණු දැක්වීම තුළ ඉන්දීය රජය එවැනි ප්‍රයත්නයක් ගන්නා බවක් පවසන්නේ නැහැ. ඇයි මේ විසංවාදය?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔබට මා නැවත අවධාරණය කරනවා එවැනි විසංවාදයක් අපගේ පැහැදිලි කිරීම තුළ නැහැ. චීන රජය මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්ධනය කිරීමට දැක්වූ දායකත්වය සම්බන්ධයෙන්  මා ඉහතදී පැහැදිලි කළා. නමුත් ඉන්දියානු රජය චීනයමෙන් එවැනි සාධනීය මැදිහත් වීමක් කර ඇති බවක් මෙතෙක් වාර්තා වී නැහැ. අනෙක් අතට චීනය තීරයක් සහ මාවතක් වැඩ පිළිවෙල යටතේ වෙනත් රටවල් සමඟ ගනු දෙනු කරන්නේ දෙපාර්ශවයටම වාසි සැලසෙන සිද්ධාන්තය මත පිහිටායි. ඉන්දියාව වෙනත් රටවල අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගසනු ලබනවා. එම මැදිහත්වීම් තුල අනෙකුත් ජාතීන් සතු සම්පත් අත්පත් කර ගැනීම මූලික කරගෙනයි මැදිහත් වන්නේ. අනෙක් අතට චීනය " චීන ලක්ෂණ සතිත සමාජවාදය" නම් සිද්ධාන්තය මත පිහිටලයි තම කටයුතු මෙහෙය වන්නේ. නමුත් ඉන්දියාව ධනපති ක්‍රමය මත පිහිටා කටයුතු කරන රාජ්‍යක්. ඔවුනට පහසුවෙන්ම අධිරාජ්‍යවාදියෙකු ලෙස කටයුතු කළ හැකියි. ඒ වගේම චීනය තම රට දරිද්‍රතා රේඛාවෙන් ඉහළට රැගෙන ගිය රටක්. එහෙත් ඉන්දියාව තුල තමන් අනුගමනය කරන සමාජ ආර්ථික ක්‍රමවේදය නිසාම ඇති නැති පරතරය ඉතා විශාල ලෙස වැඩි කරගන්නා රටක්. ඒ නිසාම දූෂණය සහ වංචාව ස්ථාපිත වීමට හොඳ තෝතැන්නක් තිබෙන රටක්.

ප්‍රශ්නය : ඔබ පවසන ආකාරයට ශ්‍රී ලංකාවත් මේ මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වලට හසු විය හැකි රටක්. මේ සම්බන්ධයෙන් ඔබට යමක් පැවතිය හැකිද?

වෛද්‍ය වසන්ත බණ්ඩාර : ඔබගේ ප්‍රශ්නය ඉතා වැදගත්! ශ්‍රී ලංකාව මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා වලට මේ වන විටත් තෝතැන්නක් වී තිබිය හැකියි. මා එසේ පවසන්නේ ඉහතින් විස්තර කළ ආකාරයට ඉන්දියානු ජාතිකයන් මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචාවලට විශාල වශයෙන් සම්බන්ධයි. ඒ වගේම ඔවුන් සංවිධානාත්මකයි. ඔවුනට ශ්‍රී ලංකාවට පහසුවෙන් පැමිණ බාධාවකින් තොරව හැසිරිය හැකියි. ඒ වගේම භාෂා ගැටලුවත් අවමයි. අපේ රටේ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ යටිතල පහසුකම් වල ගුණාත්මකභාවය මෙන්ම ස්ටාර්ලින්ක් වැනි පහසුකම් බාධාවකින් තොරව ලබා ගැනීමට ඇති හැකියාව ඔවුන්ට මෙවැනි පාතාල මෙහෙයුම් පහසුවෙන් කරගෙන යා හැකියි. අනෙක් බරපතලම කාරණය ඉන්දියාවට අපගේ ද්ත්ත පද්ධති වලට ඇතුල් වීමට අවශ්‍ය තත්වයන් නිර්මාණය වී තිබීම. මෙය ඉතාම භයානකයි අපගේ සියළු ක්ෂේත්‍ර මෙවැනි වංචාකරුවන්ගේ ග්‍රහනයට හසුවිය හැකියි. රටක් ලෙස අප මේ තත්වය මීට වඩා බරපතල ලෙස අවධානය යොමු කළ යුතුයි. අපගේ සියලු දත්ත පද්ධතීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතුයි.

අවසාන වශයෙන් යමක් කිව යුතුයි. සමහර ජනාමධ්‍ය පවතින යථාර්ථය මත පදනම්ව ව්‍යාජ මත ප්‍රචලිත කිරීමට උත්සාහ කරනවා. උදාහරණයක් ලෙස චීන ජාතිකයන් ශ්‍රී ලංකාව තුල ඔන් ලයින් වංචා ලෙස පොදුවේ හඳුන්වන මාර්ගගත සූදු හා විදුලි සංදේශ පද්ධතිය ආශ්‍රිත  වංචා වල නියැලෙනවාය යන සත්‍යය මත පදනම්ව, චීන රජයත් ඔවුන්ට සහයෝගය පලකරනවාය යන මුසාව සමාජගත කිරීමට කටයුතු කරනවා. ඔවුන් සිතා මතා චීන රජය මෙවැනි වංචා මැඩලීමට ගන්නා උත්සාහය පිළිබඳ සැබෑ කරුණු සඟවනවා. චීන ජාතිකයන් සම්බන්ධ එවැනි ප්‍රවෘත්ති පලකිරීමේදී "චීන්නු" ලෙස අවමන් සහගතව හුවා දැක්වීමට කටයුතු කරනවා. ඒ අනුව චීනයට එරෙහිව මහජන මතයක් ගොඩ නැගීමේ යම් අරමුණක් සමහර ජනමාධ්‍යවලට තිබෙනවාදැයි යන සැකය මතු වෙනවා. එය එක් පැත්තකින් ඉන්දියානු සයිබර් අපරාධකරුවන්ගේ අවශ්‍යතාවයක්. අනෙක් පැත්තෙන් ඉන්දියානු භූ දේශපාලනයේ උවමනාවක්. තවත් පැත්තකින් ශ්‍රී ලංකාවේ රාජ්‍යය සහ ජනතාව අතර චීන විරෝධයක් ඇතිකර ඉන්දියාව මත පරාධීනත්වය ඇතිකිරීම සහ මිතුරෙකු අහිමි කිරීම මගින් ආර්ථික වශයෙන් රට බිඳ වැට්ටවීම මෙන්ම අවසානයේදී ආණ්ඩුව සහ රාජ්‍ය බිඳවැට්ටවීමේ උවමනාවද ඉටු කෙරෙන බව කිව යුතුයි.

සම්බන්ධිත පුවත් | Related News

ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.
කෘත්‍රිම බුද්ධිය (AI) ආර්ථික සංවර්ධනය, ජාත්‍යන්තර තරගකාරීත්වය සහ ජාතික ආරක්ෂාව හැඩගස්වන තීරණාත්මක බලවේගයක් බවට පත්වෙමින් තිබේ.

ප්‍රධාන පුවත්

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිවුර දැරීමට ඇති අයිතිය සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලීමක් සිදුකර තිබේ.

සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි

සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින සරම්ප වසංගතය හේතුවෙන් නිව්යෝර්ක් ආණ්ඩුකාර කැති හොචුල් විසින් සමස්ත නිව්යෝර්ක් ප්‍රාන්තය සඳහාම හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.

දේශප්‍රේමී සළුවලින් සැඟවුණු “ඩෙල්සි මාදිලියේ පාවාදීමකට” අනුරගේ ආණුඩුව සූදානමින්.. - විමල්ගෙන් විශේෂ හෙළිදරව්වක්..

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ධූර කාලයට සහ වත්මන් මාලිමා පුනරුද ආණ්ඩුවට වසර දෙකක් සම්පූර්ණ වන මේ මොහොත වන විට, මෙතෙක් කලක් අභිමානවත් සිංහල බෞද්ධ සංස්කෘතියක් සහිත ශ්‍රී ලාංකික සමාජයකට උරුමකම් කී මේ රට අතිශයින් භයානක අභාග්‍ය සම්පන්න අනතුරක් හමුවේ ආර්ථික, සමාජ, සංස්කෘතික හා දේශපාලන ඛේදවාචකයකට මුහුණ පා සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි... ඔහු මේ අදහස් ප්‍රකාශ කළේ ඊයේ (04) ඇඹිලිපිටිය දේදුනු රිසෝට් හෝටලයේ පැවති ජන හමුවක ජාතික නිදහස් පොරමුණ නියෝජනය කරමින් විශේෂ දේශනයක් පවත්වමිනි...

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සිහි බුද්ධිය ඇති සිංහල, දෙමළ, මුස්ලිම් සෑම ශ්‍රී ලාංකිකයෙකුම කඳුළක් සැලිය යුතුයි.. - ජාතික සංවිධාන කියයි

ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට නියම වූ සිර දඬුවම 2024 දී ගෙවා අවසන් වීමට නියමිතව තිබූ නමුත් සමාව ලබාදීමේ ක්‍රමවේදයේ වරදක් බව කියමින් උන්වහන්සේ නැවතත් සිරගත කිරීමේ ඛේදවාචකය පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

බ්‍රැම්ප්ටන් නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ප්‍රකාශයක් නිසා කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ නැවතත් ජාතිවාදී නොසන්සුන්තාවයක් මතු වීමේ අවදානමක්..

ශ්‍රී ලංකාවේ යාපනය මහ නගර සභාවේ හෝ අදාළ මණ්ඩලවල කිසිදු පූර්ව අනුමැතියකින් තොරව රාජ්‍ය ඉඩමක නීති විරෝධී ලෙස ඉදිකර තිබූ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ස්මාරකයක් ප්‍රදේශයේ බලධාරීන් විසින් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. මෙම සිදුවීමත් සමඟ කැනඩාවේ දෙමළ ජාතික කවුන්සිලය (NCCT) ඇතුළු එල්.ටී.ටී.ඊ. හිතවාදී කණ්ඩායම් එකී ඉවත් කිරීම "දෙමළ ජන සංහාරයක" කොටසක් ලෙස හමුදාවට සහ රජයට චෝදනා කරමින් මතයක් ගොඩනැගීමට උත්සාහ කර ඇත.

රුසියාවෙන් නේටෝවට ප්‍රබල අනතුරු ඇඟවීමක්.. ස්වෛරීභාවයට තර්ජනයක් වුවහොත් න්‍යෂ්ටික අවි භාවිතයට සූදානම්.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ වත්මන් ජාත්‍යන්තර දේශපාලන හා යුධමය තත්ත්වය හමුවේ රුසියාව සහ බටහිර බලවතුන් අතර අර්බුදය දැඩි උච්චතම අවස්ථාවකට පත්ව ඇති බවයි.

යේමන හමුදා ආරම්භ කළ දැවැන්ත මෙහෙයුම හමුවේ වුවද නව ප්‍රදේශ අත්පත් කරගත්තා- හූති කැරලිකරුවෝ අවධාරණය කරති

ජාත්‍යන්තරව පිළිගත් යේමන රජය පසුගිය මාසයේ ඉරානයේ සහාය ලබන හූති කැරලිකරුවන් විසින් අත්පත් කරගත් ප්‍රදේශ නැවත අත්පත් කර ගැනීම අරමුණු කරගනිමින් හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව නිවේදනය කිරීමත් සමඟ යේමනයේ සිවිල් යුද්ධය යළිත් උත්සන්න වී තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.