News Category
From Date
To Date
Maximum Number of Result

කාදිනල්තුමා සහ පාස්කු ප්‍රහාරයේ නොකියවුණු කතාව..

Jun 21, 2026 at 09:45 AM
|

අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සමඟ මේ ඉන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායකය. ඔහු ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂක දිසාව භාර (Special Protection Range) හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ය.

ප්‍රියලාල් දසනායක පාස්කු ඉරිදා ප්‍රහාරය වන සමයේ, රාජ්‍ය බුද්ධි සේවයෙන් තමන්ට ලැබුණු බුද්ධි තොරතුර අනුව 2019 අප්‍රේල් 11 වැනි දින විශේෂ ආරක්ෂක නිවේදනයක් නිකුත් කරනු ලැබුවේය.

එම නිල ලිපිය මගින් ඔහු අමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය, අධිකරණ ආරක්ෂක කොට්ඨාසය සහ රාජ්‍ය ත්‍රාන්තික ආරක්ෂක කොට්ඨාසය ඇතුළු අංශ රැසක අධ්‍යක්ෂකවරුන් වෙත ප්‍රහාරයක් එල්ලවීමේ අවධානම පෙන්වා දෙමින් ආරක්ෂාව දැඩි කරන ලෙස උපදෙස් දී තිබිණි. මේ වාක්‍යයේ සඳහන් අංශ රැසක යන්නට “ආගමික නායකයන්ගේ” ආරක්ෂාව ද ඇතුළත් ය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පසුව සිදු කෙරුණු විමර්ශන කොමිෂන් සභාවන්වල දී ප්‍රහාරයට පෙර බුද්ධි තොරතුරු ලැබීමෙන් පසු ඒ පිළිබඳව ලිඛිතව යම් හෝ පියවරක් ගත් එකම ඉහල පොලිස් නිලධාරියකු ලෙස සඳහන් වූයේ මොහුගේ නමය.

“ආගමික නායකයන්” යන හැඳින්වීමට කතෝලික සභාවේ ආගමික නායකයන් අතර අතිඋතුම් කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් පියතුමාද වූ බව අවිවාදිතය.

හරීන් ප්‍රනාන්දු වනාහි කතෝලික ආගමිකයකු වේ. ඔහු එකල පැවති ආණ්ඩුවේ ඇමතිවරයකු ද විය. ඔහු කීවේ තමන්ගේ තාත්තා පාස්කු ඉරිදා දිනයේ දී පල්ලියට නොයන ලෙස තමන්ට දැනුම් දුන් බවය. හරීන්ගේ තාත්තා නිහාල් ප්‍රනාන්දු ය. පාස්කු ඉරිදා ප්‍රහාරයට පසුව ඒ පිළිබඳව විමර්ශණය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ දී හරින් ප්‍රනාන්දු කියා සිටියේ, ප්‍රහාරය එල්ල වූ 2019 අප්‍රේල් 21 උදෑසන තම සහෝදරිය ඔහුට දුරකථනයෙන් අමතා එදින දේවමෙහෙයන්ට හෝ ප්‍රසිද්ධ ස්ථානවලට (විශේෂයෙන්ම කිංස්බරි හෝටලයට) නොයන ලෙස පියා තමන්ට පැවසූ බවය.

පසුකාලීනව පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිසමේදී හෙළිවූයේ, ප්‍රහාරයට පෙර දින (අප්‍රේල් 20) රාත්‍රී 8.12 පමණ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (C.I.D.) විශේෂ විමර්ශන නිලධාරියකු වූ සාර්ජන්ට් නන්දලාල් විසින් එවකට නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගේ පියා වෙත විනාඩි 6 ක පමණ දුරකථන ඇමතුමක් ලබා දී මෙම අනතුරු හැඟවීම සහ තොරතුරු ඔහුට ලබා දී තිබෙන බවයි.

එම C.I.D. නිලධාරියා මාවනැල්ල බුදුපිළිම කඩා බිඳ දැමීම, වනාතවිල්ලුව අවි ගබඩාව සහ සහරාන්ගේ ජාලයට සම්බන්ධ “ආමි මොහිදීන්” නැමැත්තාගේ ප්‍රශ්න කිරීම් ආදී ඉස්ලාමීය අන්තවාදී විමර්ශන රැසකට සම්බන්ධ වී සිටි අයෙක් වේ. ඔහු හරීන් ප්‍රනාන්දුගේ පියා වෙත මෙම බුද්ධි තොරතුර ලබා දී තිබුණේ, ඊට පෙර කිසියම් මූල්‍ය වංචාවන් පිළිබඳ පැමිණිල්ලක් සම්බන්ධ පරීක්ෂණවල දී හරීන්ගේ පියා සමග කිසියම් හිතවත්කමක් ඇතිව තිබූ අයකු වූ බැවිණි. මෙය අදාළ කොමිෂම් සභා විමර්ශනයේ දී අණාවරණය වුණි.

පෞද්ගලික හිතවත්කමක් මත හරීන්ගේ තාත්තාට C.I.D. යේ විශේෂ විමර්ශන නිලධාරියකු වූ සාර්ජන්ට් නන්දලාල් මේ බව දැන්වූයේනම්, කාදිනල්තුමන් ඇතුළුව ආගමික නායකයන්ගේ ආරක්ෂාව බාර විශේෂ ආරක්ෂක දිසාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මේ සුවිශේෂි බුද්ධි තොරතුර කාදිනල්තුමන්ට නොදැන්වූයේයැයි කිවහැක්කේ කවරකුටද?

කවරකු හෝ එසේ සිතනවානම්, දැන් ආණ්ඩුවට බල කළ යුත්තේ හිටපු නියෝජ්‍ය ජ්‍යෙෂ්ඨ පොලිස්පති ප්‍රියලාල් දසනායකගෙන් ඒ ගැන විමසා ප්‍රකාශයක් ලබා ගන්නා මෙන්ය. එහෙත්, කිසිවකු එසේ කරන්නේ නැත.

මැල්කම් රංජිත් කාදිනල්තුමා කොළඹ අගරදගුරු පදවියට පත්වූයේ 2009 වසරේදීය. එම වසරේ සිට 2019 වසරේ “පාස්කු ඉරිදා” පෙරවරුවේ පැවැත්වෙන පාස්කු ඉරිදා පූජාවට සහභාගි නොවීම හැර, අන් සෑම වසරකම එතුමන් ඒ සඳහා සහභාගී වී ඇත. සිරිල් ගාමිණී පියතුමා මාධ්‍යයට කීවේ, එතුමා (කාදිනල්තුමා) 2019 පෙරවරුවේ එම පූජාව තමන් රැඳී සිටි ස්ථානයේම සිදුකළ බවය. එයින් කියැවෙන්නේ, එම පූජාව කිරීම සඳහා නියම වී තිබූ කොටහේනේ සෙන්ට් ලුසියා කැතීඩ්‍රලයේ පූජාවට සහභාගි වීමට එතුමාට කිසිදු කායික හෝ වෙනත් බාධාවක් නොතිබුණු බවය. එසේනම්, එතුමා එම පූජාව 2018 වසර වනතුරු එදින පෙරවරුවේ සිදුකළ කොටහේනේ දෙව් මැදුරට නොගියේ මන්ද?

හරීන් ප්‍රනාන්දු කියන අන්දමට ඔහු මේ ප්‍රහාරය ගැන දැනගත්තේ තම සොයුරියගෙන් ය. C.I.D. යේ සාර්ජන්ට් කෙනෙකු තම තාත්තාට දුන් තොරතුරකට අනුවය. එයින් කියැවෙන්නේ ඔහු ඒ ගැන දැනගත්තේ අවිධිමත් ආකාරයකින් බවය.

කාදිනල් මැල්කම් රංජිත් ප්‍රභූ ආරක්ෂාවට අයිතිය. බුද්ධි තොරතුරු ලැබී තිබුණේ කතෝලිකයන් ඉලක්ක කරගත් ප්‍රහාරයක් ගැනය. එකල කාදිනල් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව බාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක එතුමන්ව ඒ ගැන දැනුවත් නොකළේයැයි සිතන්නට හේතු නැත. එසේ ඔහු දැනුවත් නොකළේනම් කතෝලික සභාව ඔහුට ඒ චෝදනාව මෙතෙක් එල්ල නොකර සිටින්නේ ද නැත. මේ අනුව මුලින්ම විමර්ශනය කළ යුත්තේ කුමක් ද?

කතෝලික බැතිමතුන් ඉලක්කකොටගෙන 2019 අප්‍රේල් 19 දේවස්ථාන කිහිපයකට (බුද්ධි තොරතුරු අතර අදාල දේවස්ථාන නම් පවා තිබිණි) ඉස්ලාමීය අන්තවාදින් ප්‍රහාර එල්ල කරන බව දැන දැනම එම දේව මෙහෙයන් (පූජාවන්) නතර කිරීමට කාදිනල් මැල්කම් රංජිත් කටයුතු නොකළේ කුමන හේතුවක් මත ද යන්න විමර්ශනය කළ යුතු වැදගත්ම කාරණය නොවන්නේද? එතුමා අගරදගුරු පදවියට පත්වීමෙන් පසු නොගිය එකම පාස්කු ඉරිදා දේවමෙහෙය මෙයයි. එතුමා නොගියේ හේතුවක් ඇතිවය. ඒ හේතුව සෙසු දේව මෙහෙයන් වලකාලනු පිණිස යොදා නොගත්තේ කුමන හේතුවක් මතද?

මේ වූ කලී ඔලුවේ නහර ගැට ගැහෙන ප්‍රශ්නය. මේවාට උත්තර නොදී සුරේෂ් සලේට වද පමුණුවා “පාපය” අන් අය මත පැටවිය හැකියැයි සිතිය හැකිද? ශානිව හා රවීව (සිරිල් ගාමිණී පියතුමාට අනුව පෙර විමර්ශනය කළ අයම) අනුර කුමාරගේ ආණ්ඩුවෙන් පාස්කු විමර්ශනයට දාගන්න කාදිනල්තුමන්ට ඕනෑ වූයේ මේ හින්දාය. උන් ද “ගිල්ටි” ය. කාදිනල් ද “ගිල්ටි” ය. “ගිල්ටි” සැවොම එක්වී දැන් හදන්නේ සලේව ගිලටීනයට ගෙන යාමට ය. සලේ හරහා ගෝඨා ගිලටීනයට ගෙන යාමට ය. ගෝඨා ගිලටීනයට ගෙන යාම හරහා සිංහල බෞද්ධයා පාස්කු ප්‍රහාරයේ පාපතරයා ලෙස නම්කර කුරුසයේ ඇණ ගහන්නට ය. මේවාට අත්පොලසන් නගන්නවුන් සිටිය යුත්තේ නිරයේ ය.

(lankaundergroundnews වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.