News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු උපාය මාර්ගික සැලසුම ඉදිරියට!

Jun 20, 2026 at 02:27 PM
|

ඉන්දු-ලංකා ගිවිසුමට සමාන්තරව දෙරටේ භූමිය එකිනෙකට එරෙහිව යොදා නොගැනීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි සහ ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතර 1987 ජුලි මාසයේ 29 දින එකඟතාවයක් ඇතිවිය. මූලික වශයෙන් ආරක්ෂාව පිළිබඳව ඇතිකර ගත් එම එකඟතාවයට අනුව ත්‍රිකුණාමලයේ වරාය ඇතුළු අනෙකුත් වරායන් ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන පරිදි කිසිදු විදේශීය රටකට යොදා ගැනීමට ඉඩ නොදීමට ශ්‍රී ලංකාව පොරොන්දු විය. එම ලිඛිත ගිවිසුමේ සඳහන් ප්‍රධානතම කරුණක් වූයේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමයි. 

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය ගාන්ධි අතර ඇති කර ගත් 1987 ගිවිසුම අද වනවිට විශාල වපසරියක් ඇති ක්‍රියාදාමයක් බවට පත්වී ඇත. ඒ 2003 LIOC ගිවිසුම, 2017 අවබෝධතා ගිවිසුම, 2022 ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය සහ 2024 ජාජබ ආණ්ඩුව සහ ඉන්දියාව අතර 2024/2025 ඇතිවූ එකඟතා හරහාය. කොළඹ නැව් තටාකාංගනය ඉන්දීය ආරක්ෂක അමාත්‍යාංශයට අනුබද්ධිත සමාගමක් විසින් 2025 දී තම පාලනයට ගැනීම ඒ සමස්ත ක්‍රියාවලිය තුළ (උපාය මාර්ගික සැලසුම) විමසා බැලිය යුතුය. දැනට කොටස් 51% හිමි ඉන්දියාව වැඩි කලක් නොගොස් තම ගොඩ වැඩි කර ගනු ඇත. 

ඉන්දීය-ශ්‍රී ලංකා සම්බන්ධතා සහ ඉන්දීය උපාය මාර්ගික සැලසුම සාකච්ඡා කිරීමේදී මෙම කලාපයේ ඇමරිකානු භූමිකාව, චීනයට එරෙහි ඇමරිකානු-ඉන්දීය ව්‍යාපෘතිය සහ ද්වීපාර්ශ්වික ශ්‍රී ලංකා - චීන සම්බන්ධතා නොසලකා සාකච්ඡා කළ නොහැක. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා 2024 ජනවාරි 1 දින වසරකට විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කිරීම තවමත් ක්‍රියාත්මකයි. ඒ තීරණය ඇමරිකාවේ සහ ඉන්දියාවේ බලපෑම අනුව ප්‍රකාශයට පත් කළේය. වසරකට පැනවූ තහනම ඊට මාස 16 කට පසුවත් ක්‍රියාත්මක වීම අවධාරණය කරන අවාසනාවන්ත තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත.

ශ්‍රී ලංකා යුද හමුදාවට අවශ්‍ය හමුදා සහ වෛද්‍ය උපකරණ තොගයක් නිල වශයෙන් භාරදීම ජූනි 16 ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ යුද්ධ හමුදා මූලස්ථානයේදී සිදුවිය. ඊට ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා සහ ඉන්දීය මහා කොමසාරිස් සන්තෝෂ් ජ්හා සහභාගි විය. එම අවස්ථාව සුවිශේෂී විය. ඒ ඉන්දියාවෙන් ශ්‍රී ලංකාව මෑතකදී කළ හදිසි ඉල්ලීමකට අනුව එම උපකරණ තොගය නොමිලේ යුද හමුදාවට ලබා දුන් බැවිනි. එම උපකරණ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට එක්වීමට නියමිත යුද හමුදා කණ්ඩායමක අවශ්‍යතාවයන් සපුරාලීමටය. ඒ සම්බන්ධයෙන් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කළ නිවේදන යුද උපකරණ තොගය සම්බන්ධයෙන් කිසිදු විස්තරයක් සැපයුවේ නැත. 

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය විසින් කැරිබියන් හි පිහිටි හයිටි හි සන්නද්ධ කල්ලි මර්ධනය කිරීමට පසුගිය වසරේ සැප්තැම්බර්යේ තීරණය කළේය. නුදුරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත එම මෙහෙයුමට ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වීමට අවස්ථාවක් ලැබී ඇත. එම මෙහෙයුම අනතුරුදායකය. නමුත් ත්‍රස්තවාදය පරාජය කළ ආරක්ෂක හමුදාවට සහ ශ්‍රී ලංකාවට ආඩම්බර විය හැකි අවස්ථාවකි. හයිටි මෙහෙයුමට දායකත්වය දැක්වීමට ශ්‍රී ලංකාව එකඟවූ නමුත් ඊට අවශ්‍ය දේවල් සපයා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකිය. ප්‍රශ්නය ඇමරිකා එක්සත් ජනපද ඩොලර් බව අමුතුවෙන් කිවයුතු නැත. 

අර්බුදකාරී ආර්ථික තත්ත්වය තුළ ආරක්ෂක හමුදාවල අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වයට නොදීම පිළිබඳව පුදුම විය යුතු නැත. හයිටි යෑමට නියමිත හමුදා කණ්ඩායමේ අවශ්‍යතා වහාම සපුරාලීමට ඉන්දියාවේ පිහිට පැතීම හැර වෙන විකල්පයක් ශ්‍රී ලංකාවට තිබුණේ නැත. නරේන්ද්‍ර මෝදිගේ ඉන්දියාව දෙවරක් සිතුවේ නැත. ඉන්දීය හමුදා අවශ්‍යතා සඳහා තිබූ එම උපකරණ ශ්‍රී ලංකාවට ලබාදීමට වහාම කටයුතු කළේය. පොරොන්දු වූ පරිදි අදාළ උපකරණ ඉන්දීය නාවික හමුදාව විසින් පසුගිය 10 වන දින කොළඹ වරායට ගෙන ඒම සිදුවිය. ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව සැලකිය යුතු කාලයක සිට එක්සත් ජාතීන්ගේ මෙහෙයුම්වලට සහභාගි වන අතර මීට පෙර මේ ආකාරයේ ඉල්ලීමක් ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් කර නැත. ඉන්දියාව කළ ක්ෂණික මැදිහත්වීම නොවන්නට ශ්‍රී ලංකා යුද හමුදා කණ්ඩායමට නියමිත පරිදි පිටත්වීමට ලැබෙන්නේ නැත.

සිව්වන ඊළාම් යුද්ධය (අගෝස්තු 2006 සිට මැයි 2009) කාලයේදී පවා පාබල හමුදා බලඇණියක් හයිටි හි ස්ථානගත කිරීමට ශ්‍රී ලංකාවට හැකිවිය. ඒ 2004 සිට 2010 කාලයේදීය. පළමු වරට 1957 දී සුවස් යුද්ධයේදී ස්ථාපිත කළ එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට දායකත්වය දැක්වූ ශ්‍රී ලංකාව 1960 දී කොංගෝවට කුඩා හමුදා කණ්ඩායමක් යැවීය. ඊට පසුව එක්සත් ජාතීන්ගේ මෙහෙයුමකට දායකත්වය දැක්වීමට 2004 වනතුරු අවස්ථාව ශ්‍රී ලංකාවට උදා වූයේ නැත. 

කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයකට අනුව ඔවුන් කළ මැදිහත් වීම සුළුපටු නැත. නොමිලේ ලබා දුන් සමස්ත උපකරණ තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන (ඇ.ඩො.මි) 5.5 කි. ඉන්දීය ආධාරය මහා භාණ්ඩාගාරයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය තුළ මෑතකදී ශ්‍රී ලංකාවට අහිමි කළ ඇ.ඩො.මි. 2.5 මෙන් දෙගුණයකටත් වඩා වැඩිය. මහා භාණ්ඩාගාරය රටට අහිමි කළ මුදල රුපියල්වලින් කෝටි 100ක පමණකි. නැතහොත් ආසන්න වශයෙන් රුපියල් බිලියනයකි. අප විසින් නැතිකරගත් මුදල සහ ඉන්දීය ආධාරය සංසන්දනය කළ විට ශ්‍රී ලංකාව පත්වී ඇති අතිශය අර්බුදකාරී ආර්ථික තත්ත්වය තේරුම්ගත හැකිය. 

මහා භාණ්ඩාගාරය විසින් විදේශීය ණය සැපයුම්කරුවෙකුට ගෙවීමට නියමිත ඇ.ඩොමි 2.5 මුදලක් වංචනිකයන් පිරිසකට පූජා කිරීම හේතුවෙන් දැඩි ඩොලර් හිඟයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාවට අදාළ මුදල නැවත ගෙවීමට සිදුවේ. ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ දැඩි අවදානම් කලාපයකය. ආර්ථික අර්බුදයකින් පසු ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අතිශය තීරණාත්මක සමයකය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ණය වැඩසටහනෙහි කොන්දේසියක් මත, මෙතෙක් කල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කළ රජයේ ණය කළමනාකරණය කිරීමේ කටයුතු මහා භාණ්ඩාගාරය යටතේ පිහිටුවන ලද නව ආයතනයක් වන "රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලය" (PDMO) වෙත පැවරීම මෑතකදී සිදු විය. 

මෙම අපරාධය රටට හෙළිදරව් කළ ෆ්‍රී ලෝයර්ස් (Free Lawyers) ප්‍රකාශක රජිත් කීර්ති තෙන්නකෝන් "ණය කළමනාකරණය" යනු සරලවම රජය විසින් ලබා ගෙන ඇති විදේශ සහ දේශීය ණය නිසි කලට, නිවැරදි පාර්ශවයන් වෙත ආපසු ගෙවීමේ සහ ඒවායේ වාර්තා පවත්වා ගෙන යෑමේ ක්‍රියාවලියයි. "මෙම රාජකාරිය මහ බැංකුවෙන් භාණ්ඩාගාරයට මාරු වන සංක්‍රාන්ති සමයේදී නිසි පාලන ක්‍රමවේද අනුගමනය නොකිරීම සහ ආයතන දෙක අතර ඇති වූ ගැටුම් හේතුවෙන්, ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක (රුපියල් කෝටි 100 කට ආසන්න) අතිවිශාල මහජන මුදලක් වංචනිකයන් විසින් වෙනත් විදෙස් ගිණුම් වෙත හරවා ගෙන ඇත. මෙය හුදෙක් තාක්ෂණික දෝෂයක් නොව, පාලන තන්ත්‍රයේ ඇති බරපතළ අඩුපාඩුවල සෘජු ප්‍රතිඵලයකි. එක් නිලධාරියෙකුගේ ජීවිතය පවා අහිමි කළ මෙම ඛේදවාචකය මූල්‍ය පාඩුවකට පමණක් සීමා වූවක් නොවේ." 

ශ්‍රී ලංකාවේ හදිසි අවශ්‍යතාවය සපුරාලීම පිළිබඳව ඉන්දියාවට ස්තුතිවන්ත විය යුතුය. ශ්‍රී ලංකාව කළ හදිසි ඉල්ලීමට ඉන්දියාවේ ප්‍රතිචාරය තේරුම් ගැනීම අපහසු නැත. එය සමස්ත ඉන්දීය උපාය මාර්ගික ව්‍යාපෘතියේ කොටසකි. ශ්‍රී ලංකාව තව දුරටත් එම ව්‍යාපෘතිය තුළ කිසිදා ගැලවිය නොහැකි ලෙස සිරවෙමින් සිටී. ඇත්ත වශයෙන්ම රට අසරණයි. අන්ත අසරණයි. ආර්ථිකය සංවේදියි. අතිශය සංවේදියි. බොරු සංදර්ශනවල යෙදීම තේරුමක් නැත. ආර්ථිකය අර්බුදකාරී තත්ත්වයකය. එම තත්ත්වය තවදුරටත් පිරිහෙමින් පවතියි. 

කෙසේ වෙතත් ඇමරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහි යුද්ධය පසුගියදා අවසන් කිරීම ශ්‍රී ලංකාවට සැලකිය යුතු සහනයකි. බොරතෙල් සහ ගෑස් දරා ගත හැකි මිලකට ලබා ගැනීමට හැකිවීම තුළ සමස්ත ආර්ථිකයටම හුස්ම ගැනීමට හැකිවීම සතුටට කරුණකි. නමුත් ඇමරිකා - ඉරාන් යුද්ධය අවසන් වීමට පෙර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජාජබ ආණ්ඩුවට දැඩි අනතුරු ඇඟවීමක් කළේය. හිටපු ජනාධිපතිවරයා පසුගියදා තම මල් පාරේ කාර්යාලයේදී පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට කළ ප්‍රකාශය දේශපාලනිකයි, භයානකයි. එක්සත් ජාතික පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක වික්‍රමසිංහ කළ ප්‍රකාශය මෙලෙස සඳහන් කර තිබිණි: "අද රටේ භාරදූර තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. එවැනි අවස්ථාවක අප කොහොමද ක්‍රියාකළ යුත්තේ ආණ්ඩුව හැම පැත්තෙන්ම හිරවෙලා. එක පැත්තකින් ආර්ථිකය වැටෙනවා. රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න යන ආකාරය තව ටික කලක් ගියාම පෙනේවි."

ආර්ථිකය අර්බුදයක බව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ තේරුම්ගත යුතුය. බටහිර ආසියාවේ යුද්ධය අවසන් වූ පමණින් සියලු අර්බුද අතුරුදන් වන්නේ නැත. ඇමරිකානු-ඉන්දීය මැදිහත්වීම තුළ 2022 සිදු කළ රාජ්‍ය තන්ත්‍ර පෙරළියෙන් පසුව නැවතත් අර්බුදකාරී තත්ත්වයකට වසර 5 ක් යෑමට පෙර තල්ලුවීම ඛේදවාචකයකි. නමුත් ජාජබ ආණ්ඩුව තවමත් අනුණ සහ අහංකාර ලෙස කටයුතු කරයි. තවමත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළෙහි සිටින ශ්‍රී ලංකාව 2026 වසරේ ජනවාරි -මාර්තු කාලය තුළ වාහන ආනයනයට පමණක් ඇමරිකානු ඩොලර් මිලියන (ඇ.ඩො.මි) 600 ක් පමණ වැය කිරීම අසමසම ඛේදවාචකයක් නොවේද?

පසුගිය වසරේ වාහන ආනයනයට වැය කළ මුදල ඇ.ඩො.මි ඩොලර් බිලියන දෙකකි. මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මෑතකදී වාහන ආනයනය පිළිබඳව අනතුරු ඇඟවීමක් කළේය. මේ ආකාරයට 2026 ඉතිරි කාර්තුව තුනේ වාහන ආනයනය සිදු කළහොත් මේ වසරේ වැයවන මුදල ඇ.ඩො. බිලියන 2.4ක් වන බව ප්‍රකාශ කළේය. කවුරු වාහන ආනයනය කළත් වැයවන්නේ රටේ මුදල් සංචිතය. වාහන ආනයනයට එක් කාර්තුවකට ඇ.ඩො.මි 600 ක් වැය කළ රටකට යුද හමුදාවේ අවශ්‍යතාවයන් සපුරාලීමට නොහැකි වීම පුදුමාකාර තත්ත්වයකි. රටේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා නිවැරදිව හඳුනා ගත යුතුය. ඒ අනුව ක්‍රියාකළ යුතුය. 

ඉන්දියාව කළ ඇ.ඩො.මි 2.5 ක මැදිහත්වීම රටේ ආර්ථිකය මෙහෙයවන දේශපාලන - ඉහළ නිලධාරී කණ්ඩායමේ අවධානයට යොමු විය යුතුය. කෝටි ප්‍රකෝටි ගණන් මුදල් කාබාසිනියා කරන රටකට යුද හමුදාවේ අවශ්‍යතා සපුරාලීමට නොහැකිවීම තේරුම්ගත නොහැකිය. එම අසමත්කම අවධාරණය කරන සත්‍යය තේරුම් නොගැනීම නැතහොත් නොසලකා හැරීම ද්‍රෝහී හැසිරීමකි. පසුගිය වසරේ ක්‍රියාත්මක කළ ආන්දෝලනාත්මක ගල් අඟුරු ප්‍රසම්පාදන ක්‍රියාවලිය හේතුවෙන් සමස්ත ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් සිදුවිය. விදේශීය ආයෝජන අවශ්‍යයි. විදේශීය රාජ්‍ය සහ පෞද්ගලික ආයෝජන එක එක රටවල් සමස්ත දිගුකාලීන ඉලක්කයන් සාක්ෂාත් කර ගැනීමට ක්‍රියාත්මක වන උපාය- මාර්ගික සැලසුම් ලෙස නොසලකා කටයුතු කිරීම අනතුරුදායකය. ණයක් ලෙස ලබා නොගත්තත් සෑම නොමිලේ ලැබෙන දේකටම මිලක් ඇත; කවදා හෝ "ගෙවීමක්" කිරීමට සිදුවේ. 

අපේ රටේ අවාසනාවකට කවුරු බලයේ සිටියත් භූමියේ තත්ත්වය වෙනසක් නැත; අප රටේ ආර්ථිකය කඩා වැටීම තුළ විදේශීය බලපෑම් තීව්‍ර වී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩු සමයේ එම රජයේ ඉල්ලීම මත ඉන්දියාව කළ මැදිහත්වීම අද කාටත් අමතකයි. එම තත්ත්වය අප රට සම්පූර්ණයෙන්ම ඉන්දීය බලපෑම්වලට විවෘත කළ අතර එම තත්ත්වය නොසලකා ඉන්දීය උපාය-මාර්ගික සැලසුම් කිසිසේත්ම සාකච්ඡා කළ නොහැක. ඉන්දීය මෙහෙයුම නව වටයකින් ආරම්භ වූයේ 2021 දෙසැම්බර් මාසයේ මුල් සතියේ බැසිල් රාජපක්ෂ නව දිල්ලියේ කළ සංචාරයෙන් පසුය. 

නවදිල්ලියේ පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය විසින් දෙසැම්බර් 3, 2021 නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකට අනුව ශ්‍රී ලංකාව මුහුණ දෙන අතිශය තීරණාත්මක සහ අභියෝගාත්මක තත්ත්වයට මුහුණ දීමට අංශ හතරක් ඔස්සේ එකඟතාවයන් ඇතිකර ගැනීමට සාකච්ඡා කළ බව සඳහන් කර ඇත. (I) බෙහෙත් සහ ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඉන්දියාවෙන් මිලදී ගැනීම සඳහා ණය මාර්ගයක් (II) ඉන්ධන මිලදී ගැනීමට ණය මාර්ගයක් සහ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නවීකරණය (III) ගෙවුම් ශේෂ ගැටලු විසඳීමට ශ්‍රී ලංකාවට උපකාර කිරීම සඳහා මුදල් හුවමාරුවක් පිරිනැමීම සහ (IV) ඉන්දීය ආයෝජන. එතැන් සිට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා (2022 ජූලි දක්වා), නිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා (2022 ජූලි සිට 2024 සැප්තැම්බර්) සහ අනුර කුමාර ජනාධිපතිවරයා (2024 සැප්තැම්බර් සිට) ඉන්දීය උපාය - මාර්ගික සැලැස්ම තුළ කටයුතු කර ඇත.  

පාස්කු ප්‍රහාරය සිදුවූ 2019 සිට ජනාධිපතිවරණ දෙකක් පැවැත්වූ අතර ජනාධිපතිවරු තිදෙනෙක් පත්වී ඇත; අනුර කුමාර දිසානායක තුන්වැන්නාය. තීරණාත්මක 2014 මහ මැතිවරණයේදී අග්‍රාමාත්‍ය ධුරය ලබා ගත් නරේන්ද්‍ර මෝදි තවදුරටත් තම පාලනය ශක්තිමත් කර ගනිමින් සිටී. ඉන්දීය උපාය -මාර්ගික සැලැස්ම තුළ 2025 අප්‍රේල් කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හතක් හරහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ ඒකාබද්ධ වී ඇත. අපේක්ෂිත ලෙස අත්සන් කළ ආරක්ෂාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ද ඊට අයත් වූ අතර එම ගිවිසුම අමතක කර පසුගියදා ශ්‍රී ලංකා යුද හමුදාවට ලබාදුන් ඇ.ඩො.මි 5.5 වටිනා උපකරණ තොගය පිළිබඳව සාකච්ඡා කළ නොහැක. ඊට දින දහයකට පමණ පෙර ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් "සුරක්ෂා" යාත්‍රාවට අවශ්‍ය අමතර කොටස් ඉන්දියාවෙන් නොමිලේ ලැබිණි. වත්මන් දේශපාලන තත්ත්වය කුමක් වුවත් ශ්‍රී ලංකා-ඉන්දීය සම්බන්ධතා 2025 අප්‍රේල් කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හත මත සෘජුව රඳා පවතී. 

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ 2001-2003 සමයේදී ඉන්දියාව සමඟ ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව යම් කතාබහක් ඇතිවිය. එකල වික්‍රමසිංහගේ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයෙකු වූ මිලින්ද මොරගොඩ ඊට සැලකිය යුතු දායකත්වයක් දැරීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා තමන්ගේ කණ්ඩායමේ යම් පුද්ගලයන්ගේ විරෝධතා නොතකා මොරගොඩ 2019 බල පෙරළියෙන් පසුව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත් කළේය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව 2021 දෙසැම්බර් මාසයේ නව දිල්ලියේදී ඇතිකරගත් ගිවිසුමට මොරගොඩ සැලකිය යුතු දායකත්වයක් කළේය. 

මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් 2024 දෙසැම්බර් මාසයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා නවදිල්ලියේ කළ ඔහුගේ පළමුවන නිල සංචාරයේදී ආරක්ෂක ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව හෙළිදරව් කළේය. දෙරටේ නායකයන්ගේ නිල සාකච්ඡාවලින් පසුව නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයේ ආරක්ෂක ගිවිසුමක් පිළිබඳව සඳහන් නොවිය. නමුත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් නිකුත් කරන ලද මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් හින්දි භාෂාවෙන් කරන ලද කතාවේ ඉංග්‍රීසි පරිවර්තනය ආරක්ෂක ගිවිසුම පිළිබඳව හෙළිදරව් කර තිබිණි. ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවද එම ගිවිසුම් මුළුමනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් නොදකී. එම ගිවිසුම් පිළිබඳව වග කීමක් ඇති පුද්ගලයන් ද්වීපාර්ශ්වික/බහුපාර්ශ්වික ගිවිසුම් සියල්ල කුමන පාර්ශ්ව අතර ඇතිකර ගනු ලැබුවත් මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් සම්පූර්ණයෙන් ජනතාව ඉදිරියේ තැබිය නොහැකි බවයි. එම දැනුවත් කිරීම වැදගත්ය. 

ජාජබ ආණ්ඩුව 2025 අප්‍රේල් කොළඹදී අත්සන් කළ අවබෝධතා ගිවිසුම් හත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ නැත. ඒ පිළිබඳව ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ස්ථාවරය සක්සුදක්සේ පැහැදිලිය. ජාජබ ආණ්ඩුව සමඟ ඉදිරියට යෑමට ඉන්දියාව සූදානම්ය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත තත්ත්වය මෙරට ක්‍රියාත්මක ඉන්දීය උපාය මාර්ගික සැලසුමට පහසුකම් සලසයි. මෙතුවක් කල් ඉන්දියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කළ ක්‍රියාදාමයට එරෙහිව 1987 දී අවි ගත් සහ ඊට පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත දැඩි ලෙස විරෝධය පළ කළ ජවිපෙ අද ජාජබ යේ ප්‍රධාන පක්ෂය ලෙස ඉන්දියාව සමඟ සම්මුතියකට එළඹී ඇත. 

මෙම ලියුම්කරු දකින ආකාරයට ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් විරුද්ධ වීමට හෝ අවම වශයෙන් විකල්ප ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුව තුළ කිසිදු පක්ෂයකට නොහැකිය. කවුරු කවුරුත් එකම මාර්ගයේය. පාර්ලිමේන්තුවේ ආසන 225 න් 159ක් හිමි ජාජබ ඉන්දියාව සමඟ අනුගමනය කරන ක්‍රියාමාර්ගයට හිටපු ජනාධිපති වික්‍රමසිංහ මෙහෙයවන ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයට විරුද්ධ වීමට හේතුවක් නැත. වික්‍රමසිංහ මෑතකදී නැවතත් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගොඩබිම් මාර්ගයක් ඔස්සේ සම්බන්ධ විය යුතු බවට ප්‍රකාශ කළේය. වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කණ්ඩායම 5 දෙනෙකි. නමුත් ඊට තවත් කණ්ඩායම් ගණනාවක් එකතු වී ඇත.

ප්‍රධාන විපක්ෂය වන සජබ ද ඉන්දියාව සමඟය. නාමල් රාජපක්ෂ නායකත්වය දෙන පොහොට්ටු පක්ෂයට දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළට කිසිසේත්ම විරුද්ධ විය නොහැකිය. ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහකළ ඉන්දියාව සහ ඇමරිකාවේ මැදිහත්වීමෙන් ක්‍රියාත්මක කළ පාලන තන්ත්‍ර වෙනස් කිරීමේ මෙහෙයුමට පෙර පොහොට්ටු පක්ෂය ඉන්දියාව සමඟ 2021 දෙසැම්බරයේ ඇතිකර ගත් ගිවිසුම නොසලකා වෙනත් ස්ථාවරයක් ගැනීමට එම පක්ෂයට නොහැකිය. ඉන්දියාව සම්බන්ධයෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ ස්ථාවරය පිළිබඳව කීමට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාව එක මිටට ඉන්දියාව ගෙන ඇත. භූමියේ තත්ත්වය එයයි.

  • ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ 

    (2026 ජුනි මස 21 වැනි ඉරිදා දිවයින පුවත් පත)  

සම්බන්ධිත පුවත් | Related News

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.
ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.
පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.
මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..
අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

ප්‍රධාන පුවත්

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

ජයග්‍රාහී ජාතියක් වීමට නම් මව් භාෂාවට මුල් තැන දිය යුතුයි.. – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග

ඕනෑම රටක් හෝ ජාතියක් ඉදිරියට ගොස් ජයග්‍රාහී ස්ථානයකට පැමිණීමට නම් මව් භාෂාවට ප්‍රමුඛස්ථානය ලබා දීම අනිවාර්ය සාධකයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

ශ්‍රීලංකන් ගුවන් සමාගම මුල්කරගෙන ඇමති සහ නියෝජ්‍ය ඇමති අතර ගැටුම උපරිමයට පැමිණෙයි..

පාඩුවලට මුහුණ දී සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියෙකු (CEO) පත්කිරීමේ මතභේදාත්මක තීරණයත් සමඟ, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත කොඩිතුවක්කු අතර පවතින ගැටුම උපරිම මට්ටමකට පැමිණ ඇති බව ශ්‍රීලංකන් ගුවන් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග කිහිපයකින් වාර්තා වේ.

බටහිර රටවල ආරක්ෂණවාදයේ වගකීමෙන් පලා යාමට චීනය බිල්ලක් කර නොගත යුතුය!

මේ වන විට චීනය නිෂ්පාදන අංශයෙන් ලබා ගෙන ඇති අද්විතීය ජයග්‍රහනය සම්බන්ධයෙන් බටහිර රටවල පාලකයන් වික්ෂිප්ත වී ඇති ස්වභාවයක් ඔවුන්ගේ හැසිරීම් වලට අනුව වටහා ගත හැක. කෙසේ වුවද මේ සම්බන්ධයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය දැඩි ස්ථාවරයක සිටී. ඒ සම්බන්ධයෙන් චීනයේ ස්ථාවරය දැක්වෙන වැදගත් සටහනක් ග්ලොබල් ටෛම්ස් වෙබ් අඩවිය තබා තිබුණි. ලංකා ලීඩර් පාඨකයාගේ පරිශීලනය සඳහා මෙසේ පල කරමු..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය..

අධිකරණයේ ස්වාධීනත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අධිකරණවල එකතු වී ඇති නඩු ප්‍රමාණය කාර්යක්ෂමව අවසන් කිරීමේ අරමුණින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

හම්බන්තොට වරාය කොළඹ වරායට නොසිතූ අභියෝගයක් වන ලකුණු! – ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් අනාවරණයක්

හම්බන්තොට වරායේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ මෙහෙයුම් රටාව හේතුවෙන් කොළඹ වරායේ ඉදිරි කටයුතු හා ආදායම් මාර්ගයන් වෙත නොසිතූ ප්‍රබල අභියෝගයක් එල්ල වෙමින් පවතින බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පවසයි.

රාජ්‍ය බලය අල්ලන්න හදන්නේ මාලිමාවද? ජවිපෙ ද? මේ දෙක අතරේ සිටින වෙනත් කොටසක්ද? - නීතිඥ සංජීව වීරවික්‍රමගෙන් ප්‍රබල අනාවරණයක්..

රට දැන් අමුතුම තැනකට යමින් ඇති බවත් එය උසාවියේ සිටින අයට තේරුම් ගත හැකි බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

පාස්කු ප්‍රහාරය, රාජ්‍ය වගවීම සහ නීතියේ ආධිපත්‍යය: අනාගතයට තීරණාත්මක පූර්වාදර්ශයක්

2019 පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ එතෙක් මෙතෙක් සිදු වූ වඩාත්ම ඛේදනීය, සංවේදී සහ විවාදාත්මක ත්‍රස්තවාදී ප්‍රහාරයන්ගෙන් එකකි. මෙම සිදුවීමේ ඇති බරපතලම සහ ඛේදනීයම කරුණ වන්නේ, ප්‍රහාරය එල්ල වන දින, වේලාව, ස්ථාන සහ ඊට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ නිශ්චිත පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, එය වළක්වා ගැනීමට බලධාරීන් අසමත් වීමයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම නුසුදුසු බව පවසා ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්?

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු සහ අනුචිත බව පවසමින් ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති රජීව් අමරසූරිය විසින් සඳහන් කරයි.

ස්පාඤ්ඤයට එල්ල වූ මහා සංක්‍රමණික බලපෑම ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශයන්ගෙන් විශේෂ අනාවරණයක්..

මෑත කාලීනව ස්පාඤ්ඤය මුහුණ දුන් නීති විරෝධී මහා සංක්‍රමණික රැල්ල සහ ඒ පිටුපස ඇති ජාත්‍යන්තර හා භූ-දේශපාලනික බලපෑම් පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා විශේෂ විශ්ලේෂණයක නිරත වේ.

ඉරානයට ප්‍රහාර එල්ල කිරීම ට්‍රම්ප් අත්හිටුවයි.. දෙරට අතර සාකච්ඡා අදම..

ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ "විශාල මට්ටමේ" ප්‍රහාර අත්හිටුවීමට තීරණය කළ බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

“දූෂණ රාජ්‍යය” නැති කර රටේ ආර්ථිකය ගොඩනගන්න ආ රජය අද “අපරාධ රාජ්‍යයක්” හමුවේ රටම අසමත් කරනවා... පූජිත එදා පොලිස්පති කළේ අනුර කුමාර.. - විමල්

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ තැබූ "දූෂණය නැති කර රටේ ආර්ථිකය ගොඩනගනවා" යන ප්‍රධාන ආඛ්‍යානය (Narrative) සම්පූර්ණයෙන්ම අතහැර දමා, මේ වන විට "අපරාධ රාජ්‍යය නැති කිරීම" නමැති ව්‍යාජ ආඛ්‍යානයක් සමාජගත කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. බත්තරමුල්ල පිහිටි පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

මැද පෙරදිග යුද උණුසුම ඉහළට.. – කලාපයෙන් පිටවන්නැයි ඇමරිකානුවන්ට එක්සත් ජනපද තානාපති කාර්යාලවලින් හදිසි අනතුරු ඇඟවීමක්!

ඊශ්‍රායලයේ සහ අරාබි රටවල් කිහිපයක පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල සෙනසුරාදා(01) දින මැද පෙරදිග ගැටුම් තත්ත්වය තවදුරටත් උත්සන්න විය හැකි බවට ඇමරිකානුවන්ට අනතුරු අඟවා, කලාපයෙන් පිටව යාම පිළිබඳව සලකා බලන ලෙස ඉල්ලා තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.