News Category
From Date
To Date
Maximum Number of Result

කැබිනට් තීරණය නිදහස් සෞඛ්‍ය සේවයේ අවසානයද? - අජිත් අමරසිංහ

Jan 30, 2026 at 06:07 AM
|

නව වසර උදාවත් සමඟම  “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ  05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා  අංක 05 වෙනි තීරණ  කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි  බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීමයි.

විප්ලවීය තීරණ

බැලූ බැල්මට ජනතා සුවසෙත සඳහා ගනු ලැබ ඇතැයි වැටහීමට ඉඩඇති මේ තීරණ දෙකෙහි මුල් තීරණය රජයේ රෝහල්වල සිදුවන රෝග පරීක්ශණ පිලිබඳවයි.  මෙයට අනුව  සී.ටී ස්කෑනර්, එම්.ආර්.අයි ස්කෑනර්, ඇන්ජියෝග්‍රැෆි යන්ත්‍ර මිලදී ගැනීමට හා හෘද රෝග චිකිත්සක ඒකක, ස්වයංක්‍රීය රුධිර පරීක්ෂණ ඒකක පිහිටුවීම සඳහා රජයට අරමුදල් හිඟයක් ඇත. එසේම මේ උපකරණ මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ වැඩිය. එනිසා මේ පහසුකම් රජයේ රෝහල්වල හිඟවීම හේතුකොට ගෙන, රජයේ රෝහල්වල පරීක්ෂණ සිදුකිරීමේදී ප්‍රමාදයන් සිදුවේ. මෙයට විසඳුමක් ලෙස මේ පරීක්ශණ පුද්ගලික අංශය විසින් සපයනු ලබන යන්ත්‍ර හෝ ඒකක මගින් සිදුකොට, ඒ සඳහා ගෙවීම් රජය විසින් පුද්ගලික අංශයට කරනු ඇත.මේ ගෙවීම් සිදුකරණු ඇත්තේ පිළිගත් ක්‍රියාපටිපාටියක් ඔස්සේය. මෙය රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුල සිදුකෙරෙනු ඇත.

“කැබිනට් අනුමැතිය ලද මේ යෝජනාවල මෙතෙක් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පැවති දිශානතිය මුළුමනිමන්ම වෙනස් කෙරන භයානක මූලධර්මයන් ගැබ්ව ඇත.”

දෙවෙනි තීරණය දැනට රජයේ රෝහල් 80 ක ඇති වකුගඩු රෝග සඳහා ඇති  කාන්දුකරණ ඒකක පිළිබඳවයි. මින් ඉදිරියට කාන්දුකරණ යන්ත්‍ර සැපයීමේ සිට, ඒ යන්ත්‍රවලට අවශ්‍ය උපාංග සැපයීම, කාන්දුකරණ දියර මිලදී ගැනීම දක්වා සියලු කටයුතු පුද්ගලික අංශය විසින් සිදුකරනු ලැබේ. මෙහිදී මේවාට මුල්‍යමය ආයෝජනයද, ඒවා පවත්වාගෙන යාමද පුද්ගලික අංශය විසින් කරනු ලබන අතර, රජය විසින් ඒ ඒකක පවත්වාගෙන යාමට යටිතල පහසුකම් හා සායනික උපදේශක සේවාවාන් සපයනු ලැබේ. රජය පුද්ගලික අංශයෙන් සපයන සේවාවන් සඳහා පුද්ගලික අංශයට ගෙවීම් කරනු ඇත. මෙයද රාජ්‍ය-පුද්ගලික හවුල්කාරිත්ව මූලධර්මය තුල සිදුකෙරෙනු ඇත.

ශ්‍රී ලංකාවේ නිදහස් රාජ්‍ය සෞඛ්‍ය සේවාවේ පදනම

ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය පාලන යුගයේ සිට රාජ්‍ය බටහිර වෛද්‍ය සේවාව ආරම්භ වූයේ මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙසය.1930 ගනන් වල මැලේරියා වසංගතය නිසා ලංකාවේ මුලු ජනගහනයෙන් 10% පමණ මියයෑමෙන් පසු මේ සෞඛ්‍ය සේවාව තවදුරටත් පුළුල් කිරීම අවශ්‍යවූ අතර, මේ වනවිට මුලු බාහිර රෝගීන්ගෙන් 50% ක්ද, නේවාසික රෝගීන්ගෙන් 95% කට අධික ප්‍රමාණයක්ද ප්‍රතිකාර ගන්නේ, රාජ්‍ය සෞඛ්‍ය සේවයෙනි. මේ දැවැන්ත සෞඛ්‍ය සේවය මේ දක්වා මුලුමනින්ම පවත්වාගෙන යනු ලැබුවේ රජයේ මූල්‍ය දායකත්වයෙනි. සාමාන්‍ය ජනතාව නොදැන සිටියත්, රජය වැයකරන මුදලට සාපේක්ශව ජනතාව ලබන ප්‍රතිලාභ අතින් ලොවේ විශිෂ්ඨතම වෛද්‍ය සේවාවක් ලෙස ලංකාවේ සෞඛ්‍ය සේවය ලෝක බැංකුවේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම් ලබා ඇත.මේ දක්වා කිසිවිටකත් පුද්ගලික අංශය, රාජ්‍ය සෞඛය සේවයට ප්‍රාග්ධන දායකයෙකු ලෙස හවුල්වී නොමැත.

මෙයට හේතුවක් තිබේ. ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය පවතින්නේ ජනතාවට සේවය සපයන සේවාවක් ලෙසයි. එනිසා ඒ සෞඛ්‍ය සේවයට රජය කරන ආයෝජනයට කෙටිකාලීන මූල්‍යමය ප්‍රතිලාභයක් කිසිසේත් රාජ්‍යය බලාපොරොත්තු නොවේ. රාජ්‍යයේ මූලික පරමාර්ථය සෞඛ්‍ය සම්පන්න ජනතාවක් තැනීමයි. මෙයට ප්‍රතිවිරුද්ධව පුද්ගලික අංශය විසින් සෞඛ්‍ය සේවාවන් සැපයීමේදී රෝගීන්ට සපයන සේවාවන්ගෙන් කෙටිකාලීනව මූල්‍යමය ප්‍රතිලාභ ලැබීම ඒ අංශයේ මූලික පරමාර්ථය වේ.

යා දෙක නොරත රත

මෙවන් ප්‍රාථමික වෙනස්කමක් තිබෙන ක්‍රම දෙකක් බද්ධ කිරීමට යාමේදී බරපතල ගැටළු රැසක් ඇතිවේ. පුද්ගලික අංශය රජය වෙනුවෙන් හෝ යම් ආයෝජනයක් කරනුයේ ඒ ආයෝජනය සඳහා මූල්‍යමය ප්‍රතිලාභ ලැබීමේ අරමුණෙනි. එනිසා ලාභය නොව සේවාව මුල්කොට පවතින ක්‍රමය විශාල අවුලකට යයි. පුද්ගලික අංශය තමන් කරන සේවාව වෙනුවෙන් අනිවාර්යයෙන්ම නොවෙනස්වන සුලු හෝ අවම ආදායමක් හෝ නිශ්චිත කාලසීමාවක් තුල බලාපොරොත්තුවේ. මේ මුදල ලබාදීමට රජය බැඳී සිටින අතර යම් හෙයකින් ඒ ගෙවීම රජයට කලනොහැකි නම් එවිට සිදුවනුයේ පුද්ගලික සමාගම තමන් සපයන සේවාවන් සීමා කිරීමයි. එවිට දුක් විඳින්නේ මේ සේවාවන් ලබාගත නොහැකි වන රෝගී ජනතාවයි.

මාග්‍රට් තැචර් බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාව විනාශකල අයුරු

මෙවැනි පුද්ගලික අංශයේ මූලධර්ම එතෙක් රජය විසින් සේවාවක් ලෙස පවත්වාගෙන යනු ලැබූ බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට එක්කර, එය අද වනවිට මුලුමනින්ම විනාශකිරීමට මග පෑදුවේ අන්ත දක්ශිණාංශික බ්‍රිතාන්‍ය අගමැතිනියකවූ මාග්‍රට් තැචර්ය. ඇය මෙවන් රාජ්‍ය-පුද්ගලික හවුල් ක්‍රියාකාරිත්වයන්ද, පුද්ගලික අංශයේ සංකලපද බ්‍රිතාන්‍ය ජාතික සෞඛ්‍ය සේවාවට හඳුන්වාදුණි. අද වනවිටත් එය මුදල් නොගෙවිය යුතු සේවාවක් ලෙස එය පැවතියත්, එයින් ජනතාවට ලැබෙන සේවාව අන්ත දුර්වලය. බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය ශල්‍යකර්මයක් කරගැනීමේ පොරොත්තු කාලය වසර කිහිපයකි. සති අන්තවල රෝගීන් වෛද්‍යවරුන් නැතිව අසරණය. හදිසි රෝගයකට ප්‍රතිකාර ගැනීමට රෝහලකට යන රෝගියෙකුට වෛද්‍යවරයෙකු මුන ගැසීමට පැය 12 කට වැඩි කලක් රස්තියාදුවීමට සිදුවන අවස්ථා අපමණය.

මෙසේ රෝග සත්කාර සේවා දුර්වල වුවත්, පුද්ගලික අංශයේ මූලධර්ම රාජ්‍ය සෞඛ්‍ය සේවාවට හඳුන්වාදීමෙන් පසු එහි රජයේ සෞඛ්‍ය වියදම් අහස උසට නැඟ ඇත. මහා බ්‍රිතාන්‍යයේ ඒක පුද්ගල සෞඛ්‍ය වියදම ඩොලර් 6025 ක් වන අතර ලංකාවේ එය ඩොලර් 260 කි. මෙය සිදුවූයේ කෙසේද යන්නත්, ලංකාවේ රාජ්‍ය සෞඛ්‍ය සේවයට මාග්‍රට් තැචර්ගේ භයානක සංකල්පය හඳුන්වාදීමෙන් එය වලපල්ලට යෑමේ ක්‍රියාදාමය ආරම්භවන්නේ කෙසේද යන්නත්, මෙයට වඩා දීර්ඝව පැහැදිලි කලයුතුය. එය ඉදිරියේදී ලිපි පෙලකින් සිදුකෙරනු ඇත.

මහනුවර කාන්දුකරණ  ඒකකයට යන්ත්‍ර  ගත්තේ කෙසේද?

මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන් අන්දමට මෙසේ පුද්ගලික අංශයේ මුදල් යොදා ගත යුත්තේ  රජයට මේ උපකරණ මිලදී ගැනීමට අරමුදල් නැති නිසාය. මෙය අමූලික අසත්‍යයකි. 2025 වසරේ රජය සෞඛ්‍ය අමාත්‍යංශයට වෙන්කල මුදල් වලින් 80% ක් කිසිදු ප්‍රයෝජනයක් නොගෙන නැවත භාණ්ඩාගාරයට ලැබී ඇත. එසේම මේ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වන්නේ යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලිය සංකීර්ණ නිසා, ඒවා සැපයීම පුද්ගලික අංශයට භාරදෙන බවයි. මෙයද නොදැනුවත්කම නිසා කරන ප්‍රකාශයකි. යන්ත්‍ර මිලදී ගැනීමේ ක්‍රියාවලියට වඩා පුද්ගලික අංශයෙන් තාක්ශණික සේවාවක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අතිශයෙන්ම සංකීර්ණය. එනිසාම එය දූෂණයට මගපාදනු ඇත.

මේ පදනම මත පුද්ගලික අංශය විසින් සවිකරන ලද කාන්දුකරන යන්ත්‍ර මහනුවර ශික්ෂණ රෝහලේ ඇතිබව මේ කැබිනට් ප්‍රතිකාවේ සඳහන්ව ඇත. කුප්‍රකට දූෂිත හිටපු සෞඛ්‍ය ඇමතිවරයෙකුගේ නිජබිම වන මහනුවර මේ පදනම මත යන්ත්‍ර සවිකර ඇත්තේ නම් වහා කලයුතුව ඇත්තේ එසේ සවිකිරීමට සම්බන්ධවූ නිලධාරීන් එයට පෙර නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කර එසේ කලේදැයි, විගණන පරීක්ශණයක් පවත්වා සොයා බැලීමයි. එසේ  නැතිනම් ඒ සඳහා නීතිමය පියවර ගැනීමයි.

ලංකාවේ තැචර්ගේ හොල්මන

බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සෞඛ්‍ය සේවාව මෙවන් භයානක සංකල්ප මගින් වලපල්ලට යවා ඒ නිසා මහ ජනතාවත්, රෝගීනුත්, රෝහල් සේවානනුත්, සේවකයනුත් අනතුරේ හෙලූ මාග්‍රට් තැචර් මියගොස් දැනට වසර  ගනනාවක් ගතවී ඇත. එහෙත් ඇයගේ පිරිමි අවතාරය රතු කමිසයකින් හා රතු තොප්පියකින් සැරසී ලංකාවෙන් මතුව ඇත. මේ අවතාරය පෙනුණු සැනින් එයට විරුද්ධවීම ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවය සුරැකීම පරමාර්ථය කරගත් සියලුදෙනා විසින් වහා කල යුතුය. කැබිනට් පත්‍රිකාවේ සඳහන් මේ භයානක යෝජනා වහා ඉවත්කර නොගතහොත්, ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවයේ මළබෙරය එයම වනු ඇත.

- අජිත් අමරසිංහ

(වෘත්තියෙන් විශේෂඥ වෛද්‍යවරයෙකු වන අජිත් අමරසිංහ මනිපාල් විශ්ව විද්‍යාලයෙන් සෞඛ්‍ය සේවා පිලිබඳව එම්. බී .ඒ උපාධියක් ලබා ඇත.)

(Sri Lanka Brief)


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.