පාසල්වල ඉගැන්විය යුත්තේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් ද?.. මාර්ටින් වික්‍රමසිංහට බැනපු සර්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාඩම
👉 මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන වීඩියෝවක් පළ කළ ගුරුවරයා ඒ වීඩියෝවේම තව අපූරු කතාවක් කියනවා.
👉 තමන් සාහිත්‍ය නමින් රෙද්දවල් ටිකක් පාසලේදී ඉගෙන ගත්තත් අද වන තුරු ඒවායින් කිසිම ප්‍රයෝජනයක් අත් වී නැති බව තමයි ඒ කතාව. ඔහු එසේ කියමින් සැලළිහිණි සන්දේශයටත් අපහාස කරනවා.
👉 ඇත්තටම මේක ඔහු විතරක් කියන කතාවක් නෙමෙයි. අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදයත් එක්ක බොහෝ දෙනා එදිනෙදා ජීවිතයට වැදගත් වන අධ්‍යාපනයක් ගැන කතා කරමින් ඉන්නවා.
👉 නව ලෝකයට මුහුණ දෙන දරුවෙකුට වළගම්බා රජු සැඟවී සිටි තැන දැන සිටීමේ ප්‍රයෝජනය කුමක්දැයි අද සමහරු අහනවා.
👉 තව බොහෝ දෙනා අද නොයෙක් තැන්වල නොයෙක් ආකාරයෙන් මේ තර්කය මතු කරනවා. ඒ සියල්ලේ අවසාන තර්කය තමයි එදිනෙදා ජීවිතය හා සම්බන්ධ අධ්‍යාපනයක් කියන එක.
👉 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් තදින් පෙනී ඉන්න ගුරුවරියක් පාසල්වල සන්ධි, සමාස වැනි ව්‍යාකරණ අංග ඉගැන්වීමෙන් එදිනෙදා ජීවිතයට ඇති ප්‍රයෝජනය කුමක්දැයි විමසන වීඩියෝවක් මම දුටුවා. අලුත් සිංහල මොඩියුලයට දුරකථන සංවාද ඇතුළත් කර ඇත්තේ එය එදිනෙදා ජීවිතයට වැදගත් නිසා බව ඇය ආඩම්බරයෙන් පවසනවා.
👉 බැලූ බැල්මට මේක ඇත්ත වගේ පේන සහ බොහෝ දෙනා පහසුවෙන් මුළාවට පත් වන කතාවක් නිසා මේ ගැන වැඩිදුරටත් කතා කිරීම වැදගත්.
👉 ඇත්ත තමයි. සන්ධි, සමාස, තද්ධිත වගේ ව්‍යාකරණ අංග බැලූ බැලුමට එදිනෙදා ජීවිතයට වැදගත් නැහැ.
👉 වළගම්බා රජු සැඟවී සිටි ස්ථානය විතරක් නොවෙයි, ඉතිහාස පොත්වල ඇති බොහෝ දේවල් එදිනෙදා ජීවිතයට වැදගත් නැහැ.
👉 හැබැයි මේ තර්කය අනුව ගත්තොත් සිංහල හෝ ඉතිහාසය, සාහිත්‍යය පමණක් නොවෙයි, විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයන්වල අප ඉගෙන ගන්නා බොහෝ කරුණුත් එදිනෙදා ජීවිතයට කිසිදු වැදගත්කමක් නැහැ.
👉 එදිනෙදා ජීවිතයට ගණිතය අවශ්‍ය වන්නේ ගණන් එකතු කිරීම අඩු කිරීම වැනි සරල කාරණා සඳහා පමණයි. පාසල්වල ඉගෙන ගන්නා සංකීර්ණ ගණිත සංකල්ප හෝ විද්‍යා පොත්වල ඇති බොහෝ න්‍යායික කාරණා එදිනෙදා ජීවිතයට වැදගත් නැහැ. ඒවා අවශ්‍ය වන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල රැකියාවක් කරන අයෙකුට විතරයි.
👉 විද්‍යා විෂයන්ගෙන් උපාධි ලබාගෙන, නමුත් විද්‍යාවට කිසිදු සම්බන්ධයක් නැති පරිපාලන වැනි ක්ෂේත්‍රවල රජයේ රැකියා කරන විද්‍යා උපාධිධාරීන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට තමන් උගත් විද්‍යා දැනුම අඩු තරමේ එදිනෙදා ජීවිතයට තියා තමන් කරන රැකියාවටවත් අවශ්‍ය වෙන්නේ නැහැ.
👉 හැබැයි ඒකේ තේරුම අපි මේ විෂයන් උගත යුතු නැති බවද? විෂයක් උගත යුත්තේ එය හුදු රැකියාවට හෝ ජීවිතයට සම්බන්ධ නම් පමණක්ද?
👉 ගණිතය ගැන දැනුම තනි තනි පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට වැදගත් නොවෙන්න පුළුවන්. හැබැයි මානවයාගේ පැවැත්මට ගණිතය අතිශයින්ම වැදගත්. අපි වටේ තියන දේවල් අරගෙන බැලුවොත් මේවායේ ගණිතය නැති කිසිම තැනක් නෑ.
👉 අනිත් සියලු විෂයනුත් එහෙම තමයි. ඒවා බැලූ බැල්මට තනි තනි පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට වැදගත් නොවුණත්, සමාජයක සාමූහික පැවැත්මට ඒ සියල්ල අනිවාර්යෙන් අවශ්‍යයි. ඒවායේ වක්‍රාකාර ප්‍රයෝජන සියලු දෙනාට ලැබෙනවා. ඒ නිසා අදාළ රැකියා කරන අය විතරක් ඒ විෂයන් උගත යුතු යැයි සිතීම බරපතළ මිත්‍යාවක්.
👉 එතකොට පාසල් අධ්‍යාපනයෙන් ඇත්තටම කරන්නේ අර එදිනෙදා ජීවිතයට වැදගත් නෑ වගේ බැලූ බැල්මට පේන, ඒත් ඇත්තටම වැදගත් වන විෂයන් ගැන මූලික අවබෝධයක් ලබාදීමයි.
👉 කිසියම් රටක පුරවැසියෙකුට ඔහු කුමන රැකියාව කළත්, ඔහුට තමන්ගේ භාෂාව ගැන අවබෝධයක් තිබීම වැදගත්. තමන්ගේ ආගම සංස්කෘතිය ගැන අවබෝධයක් තිබීම වැදගත්. තමන්ගේ රටේ ඉතිහාසය ගැන අවබෝධයක් තිබීම වැදගත්. දෙවැනි භාෂාවක් ගැන, මූලික ගණිත සංකල්ප ගැන, මූලික විද්‍යාත්මක සංකල්ප ගැන, කලාව රසවින්දනය ගැන අවබෝධයක් තිබීම වැදගත්.
👉 ඒකෙන් තමයි අවට ලෝකය ගැන සමබර අවබෝධයක් ඇති සබුද්ධික හා සංවේදී මිනිහෙක් නිර්මාණය වෙන්නේ.
👉 ඔය කියපු දේවල් බැලූ බැල්මට සෘජුවම එදිනෙදා ජීවිතයට වැදගත් නෑ වගේ පෙනුනත් ඒ සියල්ල වක්‍රාකාරව රටක, සමාජයක වගේම තනි තනි මිනිසාගේ යහපැවත්ම එක්කත් සම්බන්ධයි.
👉 එතකොට පාසල් අධ්‍යාපනයෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ මූලික දේවල් ගැන, මූලික අවබෝධයක් ලබාදීමයි. ඒක බොහෝ විට එදිනෙදා ජීවිතයට සම්බන්ධ ප්‍රායෝගික අධ්‍යාපනයකට වඩා න්‍යායික කරුණුවලට වැඩි තැනක් හිමි වන, ප්‍රායෝගිකත්වයට අඩු තැනක් හිමි වන අධ්‍යාපනයක් වීම සාමාන්‍ය ස්වභාවයක්. ඒක ලෝකේ කොතැනත් එහෙම තමයි.
👉 එතකොට එදිනෙදා ජීවිතයට, වෘත්තියට අදාළ දේවල් අපි වැඩිදුර ඉගෙන ගන්නේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ලබන වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් මොනවා හෝ ක්ෂේත්‍ර තුළ කරන කටයුතුවලින්.
👉 එහෙම නැතුව පාසල කියන්නේ දර පලන්න, අල හිටවන්න, පොල් වවන්න, වාහන හදන්න උගන්වන තැනක් නෙමෙයි. ඒ වගේ දේවලුත් පාසලේ අතරින් පතර ඉගැන්නුවත් පාසල් අධ්‍යාපනයේ මූලික අරමුණ වෙන එකක්.
👉 මේ සරල කාරණය තේරුම් නොගත් බොහෝ දෙනා අධ්‍යාපනය එදිනෙදා ජීවිතයට අදාළ විය යුතු යැයි සිතනවා. ප්‍රායෝගික විය යුතු යැයි සිතනවා. එසේ නොවන අධ්‍යාපනය යල් පැන ගිය එකක් යැයි ඝෝෂා නගනවා.
👉 අද මේ මිත්‍යාව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්න අයගේත් ප්‍රධාන සටන් පාඨයක්. ඒ නිසා තමයි දුරකථන සංවාද වැනි විකාර සහගත ක්‍රියාකාරකම් මහා ලොකු දේවල් විදිහට අගය කිරීමට ඇතැම් අය පෙළඹෙන්නේ.
👉 ඒ නිසා තමයි අලුතින් විෂය නිර්දේශයට එක් කර ඇති පොල් වගාව, තේ වගාව වගේ දේවල් ගැන සමහරු මහා ඉහළින් කතා කරන්නේ. හැබැයි ඔවුන්ගේම තර්ක අනුව ගත්තොත් තේ වවන්නේ නැති කෙනෙකුට තේ වගාව ගැන ඉගෙන ගන්න එකත් තේරුමක් නෑ.
👉 ඒ වගේම මේ කියන තර්කය අනුව අධ්‍යාපනය සකස් කරනවා නම් පොල් වගාව හා තේ වගාව විතරක් නෙමෙයි තව වගා සිය ගාණක් ඉස්කෝලේ උගන්වන්න වෙනවා. වෘත්තීන් සිය දාස් ගාණක් ඉස්කෝලේ උගන්වන්න වෙනවා.
👉 එහෙම වුණොත් වෙන්නේ ආගම, ඉතිහාසය, සිංහල, විද්‍යාව, ගණිතය වගේ සේරම අයින් කරලා එදිනෙදා ජීවිතයට වැදගත් වන දර පැලීම, පොල් වැවීම, තේ වැවීම, වඩු වැඩ, මේසන් වැඩ, ගැරේජ් වැඩ වගේ දේවල් පාසල්වල උගන්වන්න.
👉 එහෙම කළොත් නම් අධ්‍යාපනය මාර ප්‍රායෝගිකයි. එදිනෙදා ජීවිතයට සම්බන්ධයි. හැබැයි එහෙම අධ්‍යාපනයක් ලෝකේ කොහේවත් නෑ. ඒවා ඇත්තේ ලෝකය ගැන කිසිවක් නොදන්නා මුත් ලෝකය ගැන නිතර නන් දොඩවන, ත්‍රී ඉඩියට්ස් නරඹා අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා කරන අයගේ ළාමක මනස් තුළ පමණයි.
👉 හැබැයි අද වන විට මේ සංවාදය හුදු කතාවලින් ඔබ්බට ගොස් අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළටත් කඩා වැදී හමාරයි. එය කොයි තරම් මුග්ධ හා විනාශකාරී එකක්ද යන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවදා හෝ ක්‍රියාත්මක කළොත් සියලු දෙනාට තේරුම් ගන්න හැකිවේවි.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට
ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?
චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය
චීන ජනපති ලබන සතියේදී උතුරු කොරියාවේ සංචාරයකට සැරසෙයි..
සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..
භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
සහල් ආනයනය කරන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් නොවේ.. නිලධාරීන්ගේ සහ ඇමතිවරුන්ගේ අතයට කොමිස් ලබාගැනීමේ "ජානගත බැඳීමක්" නිසා.. - ජාතික ගොවිජන එකමුතුවෙන් චෝදනා
ජනපති අනුර හන්දි හන්දි ගානේ කියන ඩොලර් මිලියන 1,000 ක සංචිතයක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්
බටගොඩ 'සෙනෙහසේ කැදැල්ල' වැඩිහිටි නිවාසය සම්පූර්ණයෙන්ම ගිනිබත් වෙයි.. - 11ක් මරුට - තුනක් අතුරුදන්
ගෝඨාභය කොටු කරන්න නින්දිත වෑයමක් ක්‍රියාත්මකයි.. - සරත් වීරසේකරගෙන් හෙළිදරව්වක්
හුදෙකලා සිද්ධීන් පදනම් කර ගනිමින් මහා සංඝරත්නයට අපහාස කිරීමේ දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි
අනුර මේ ගෙනියන්නේ අහිංසකයන්ගේ ලේ උරා බොමින් ගජමිතුරන්ට “රෝල්ස් රොයිස්” පුදන නරුම පාලනයක්.. - විමල් වීරවංශ
සුරේෂ් සලේ සිය දිවි නසා ගැනීමේ අවදානමක්..
අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට 12.5%ක අමතර ආනයන බද්දක්..
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්..
නීතීඥ සංගමයෙන් ජනපතිට දැඩි විරෝධයක්..