News Category
From Date
To Date
Maximum Number of Result

පාසල්වල ඉගැන්විය යුත්තේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය දේවල් ද?.. මාර්ටින් වික්‍රමසිංහට බැනපු සර්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පාඩම

Jan 29, 2026 at 11:13 AM
|

👉 මාර්ටින් වික්‍රමසිංහ මහතා ගැන වීඩියෝවක් පළ කළ ගුරුවරයා ඒ වීඩියෝවේම තව අපූරු කතාවක් කියනවා. 

👉 තමන් සාහිත්‍ය නමින් රෙද්දවල් ටිකක් පාසලේදී ඉගෙන ගත්තත් අද වන තුරු ඒවායින් කිසිම ප්‍රයෝජනයක් අත් වී නැති බව තමයි ඒ කතාව. ඔහු එසේ කියමින් සැලළිහිණි සන්දේශයටත් අපහාස කරනවා. 

👉 ඇත්තටම මේක ඔහු විතරක් කියන කතාවක් නෙමෙයි. අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන සංවාදයත් එක්ක බොහෝ දෙනා එදිනෙදා ජීවිතයට වැදගත් වන අධ්‍යාපනයක් ගැන කතා කරමින් ඉන්නවා. 

👉 නව ලෝකයට මුහුණ දෙන දරුවෙකුට වළගම්බා රජු සැඟවී සිටි තැන දැන සිටීමේ ප්‍රයෝජනය කුමක්දැයි අද සමහරු අහනවා. 

👉 තව බොහෝ දෙනා අද නොයෙක් තැන්වල නොයෙක් ආකාරයෙන් මේ තර්කය මතු කරනවා. ඒ සියල්ලේ අවසාන තර්කය තමයි එදිනෙදා ජීවිතය හා සම්බන්ධ අධ්‍යාපනයක් කියන එක. 

👉 අධ්‍යාපන ප්‍රතිසංස්කරණ  වෙනුවෙන් තදින් පෙනී ඉන්න ගුරුවරියක් පාසල්වල සන්ධි, සමාස වැනි ව්‍යාකරණ අංග ඉගැන්වීමෙන් එදිනෙදා ජීවිතයට ඇති ප්‍රයෝජනය කුමක්දැයි විමසන වීඩියෝවක් මම දුටුවා. අලුත් සිංහල මොඩියුලයට දුරකථන සංවාද ඇතුළත් කර ඇත්තේ එය එදිනෙදා ජීවිතයට වැදගත් නිසා බව ඇය ආඩම්බරයෙන් පවසනවා.

👉 බැලූ බැල්මට මේක ඇත්ත වගේ පේන සහ බොහෝ දෙනා පහසුවෙන් මුළාවට පත් වන කතාවක් නිසා මේ ගැන වැඩිදුරටත් කතා කිරීම වැදගත්. 

👉 ඇත්ත තමයි. සන්ධි, සමාස, තද්ධිත වගේ ව්‍යාකරණ අංග බැලූ බැලුමට එදිනෙදා ජීවිතයට වැදගත් නැහැ. 

👉 වළගම්බා රජු සැඟවී සිටි ස්ථානය විතරක් නොවෙයි, ඉතිහාස පොත්වල ඇති බොහෝ දේවල් එදිනෙදා ජීවිතයට වැදගත් නැහැ. 

👉 හැබැයි මේ තර්කය අනුව ගත්තොත් සිංහල හෝ ඉතිහාසය, සාහිත්‍යය පමණක් නොවෙයි, විද්‍යාව, ගණිතය, ඉංග්‍රීසි වැනි විෂයන්වල අප ඉගෙන ගන්නා බොහෝ කරුණුත් එදිනෙදා ජීවිතයට කිසිදු වැදගත්කමක් නැහැ. 

👉 එදිනෙදා ජීවිතයට ගණිතය අවශ්‍ය වන්නේ ගණන් එකතු කිරීම අඩු කිරීම වැනි සරල කාරණා සඳහා පමණයි. පාසල්වල ඉගෙන ගන්නා සංකීර්ණ ගණිත සංකල්ප හෝ විද්‍යා පොත්වල ඇති බොහෝ න්‍යායික කාරණා එදිනෙදා ජීවිතයට වැදගත් නැහැ. ඒවා අවශ්‍ය වන්නේ ඒ ඒ ක්ෂේත්‍රවල රැකියාවක් කරන අයෙකුට විතරයි. 

👉 විද්‍යා විෂයන්ගෙන් උපාධි ලබාගෙන, නමුත් විද්‍යාවට කිසිදු සම්බන්ධයක් නැති පරිපාලන වැනි ක්ෂේත්‍රවල රජයේ රැකියා කරන විද්‍යා උපාධිධාරීන් ඕනෑ තරම් ඉන්නවා. ඔවුන්ට තමන් උගත් විද්‍යා දැනුම අඩු තරමේ එදිනෙදා ජීවිතයට තියා තමන් කරන රැකියාවටවත් අවශ්‍ය වෙන්නේ නැහැ. 

👉 හැබැයි ඒකේ තේරුම අපි මේ විෂයන් උගත යුතු නැති බවද? විෂයක් උගත යුත්තේ එය හුදු රැකියාවට හෝ ජීවිතයට සම්බන්ධ නම් පමණක්ද? 

👉 ගණිතය ගැන දැනුම තනි තනි පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට වැදගත් නොවෙන්න පුළුවන්. හැබැයි මානවයාගේ පැවැත්මට ගණිතය අතිශයින්ම වැදගත්. අපි වටේ තියන දේවල් අරගෙන බැලුවොත් මේවායේ ගණිතය නැති කිසිම තැනක් නෑ. 

👉 අනිත් සියලු විෂයනුත් එහෙම තමයි. ඒවා බැලූ බැල්මට තනි තනි පුද්ගලයාගේ එදිනෙදා ජීවිතයට වැදගත් නොවුණත්, සමාජයක සාමූහික පැවැත්මට ඒ සියල්ල අනිවාර්යෙන් අවශ්‍යයි. ඒවායේ වක්‍රාකාර ප්‍රයෝජන සියලු දෙනාට ලැබෙනවා. ඒ නිසා අදාළ රැකියා කරන අය විතරක් ඒ විෂයන් උගත යුතු යැයි සිතීම බරපතළ මිත්‍යාවක්. 

👉 එතකොට පාසල් අධ්‍යාපනයෙන් ඇත්තටම කරන්නේ අර එදිනෙදා ජීවිතයට වැදගත් නෑ වගේ බැලූ බැල්මට පේන, ඒත් ඇත්තටම වැදගත් වන විෂයන් ගැන මූලික අවබෝධයක් ලබාදීමයි. 

👉 කිසියම් රටක පුරවැසියෙකුට ඔහු කුමන රැකියාව කළත්, ඔහුට තමන්ගේ භාෂාව ගැන අවබෝධයක් තිබීම වැදගත්. තමන්ගේ ආගම සංස්කෘතිය ගැන අවබෝධයක් තිබීම වැදගත්. තමන්ගේ රටේ ඉතිහාසය ගැන අවබෝධයක් තිබීම වැදගත්. දෙවැනි භාෂාවක් ගැන, මූලික ගණිත සංකල්ප ගැන, මූලික විද්‍යාත්මක සංකල්ප ගැන, කලාව රසවින්දනය ගැන අවබෝධයක් තිබීම වැදගත්. 

👉 ඒකෙන් තමයි අවට ලෝකය ගැන සමබර අවබෝධයක් ඇති සබුද්ධික හා සංවේදී මිනිහෙක් නිර්මාණය වෙන්නේ. 

👉 ඔය කියපු දේවල් බැලූ බැල්මට සෘජුවම එදිනෙදා ජීවිතයට වැදගත් නෑ වගේ පෙනුනත් ඒ සියල්ල වක්‍රාකාරව රටක, සමාජයක වගේම තනි තනි මිනිසාගේ යහපැවත්ම එක්කත් සම්බන්ධයි. 

👉 එතකොට පාසල් අධ්‍යාපනයෙන් ප්‍රධාන වශයෙන්ම කරන්නේ මේ මූලික දේවල් ගැන, මූලික අවබෝධයක් ලබාදීමයි. ඒක බොහෝ විට එදිනෙදා ජීවිතයට සම්බන්ධ ප්‍රායෝගික අධ්‍යාපනයකට වඩා න්‍යායික කරුණුවලට වැඩි තැනක් හිමි වන, ප්‍රායෝගිකත්වයට අඩු තැනක් හිමි වන අධ්‍යාපනයක් වීම සාමාන්‍ය ස්වභාවයක්. ඒක ලෝකේ කොතැනත් එහෙම තමයි. 

👉 එතකොට එදිනෙදා ජීවිතයට, වෘත්තියට අදාළ දේවල් අපි වැඩිදුර ඉගෙන ගන්නේ පාසල් අධ්‍යාපනයෙන් පස්සේ ලබන වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් මොනවා හෝ ක්ෂේත්‍ර තුළ කරන කටයුතුවලින්. 

👉 එහෙම නැතුව පාසල කියන්නේ දර පලන්න, අල හිටවන්න, පොල් වවන්න, වාහන හදන්න උගන්වන තැනක් නෙමෙයි. ඒ වගේ දේවලුත් පාසලේ අතරින් පතර ඉගැන්නුවත් පාසල් අධ්‍යාපනයේ මූලික අරමුණ වෙන එකක්.

👉 මේ සරල කාරණය තේරුම් නොගත් බොහෝ දෙනා අධ්‍යාපනය එදිනෙදා ජීවිතයට අදාළ විය යුතු යැයි සිතනවා. ප්‍රායෝගික විය යුතු යැයි සිතනවා. එසේ නොවන අධ්‍යාපනය යල් පැන ගිය එකක් යැයි ඝෝෂා නගනවා. 

👉 අද මේ මිත්‍යාව වර්තමාන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී ඉන්න අයගේත් ප්‍රධාන සටන් පාඨයක්. ඒ නිසා තමයි දුරකථන සංවාද වැනි විකාර සහගත ක්‍රියාකාරකම් මහා ලොකු දේවල් විදිහට අගය කිරීමට ඇතැම් අය පෙළඹෙන්නේ. 

👉 ඒ නිසා තමයි අලුතින් විෂය නිර්දේශයට එක් කර ඇති පොල් වගාව, තේ වගාව වගේ දේවල් ගැන සමහරු මහා ඉහළින් කතා කරන්නේ. හැබැයි ඔවුන්ගේම තර්ක  අනුව ගත්තොත් තේ වවන්නේ නැති කෙනෙකුට තේ වගාව ගැන ඉගෙන ගන්න එකත් තේරුමක් නෑ. 

👉 ඒ වගේම මේ කියන තර්කය අනුව අධ්‍යාපනය සකස් කරනවා නම් පොල් වගාව හා තේ වගාව විතරක් නෙමෙයි තව වගා සිය ගාණක් ඉස්කෝලේ උගන්වන්න වෙනවා. වෘත්තීන් සිය දාස් ගාණක් ඉස්කෝලේ උගන්වන්න වෙනවා. 

👉 එහෙම වුණොත් වෙන්නේ ආගම, ඉතිහාසය, සිංහල, විද්‍යාව, ගණිතය වගේ සේරම අයින් කරලා එදිනෙදා ජීවිතයට වැදගත් වන දර පැලීම, පොල් වැවීම, තේ වැවීම, වඩු වැඩ, මේසන් වැඩ, ගැරේජ් වැඩ වගේ දේවල් පාසල්වල උගන්වන්න. 

👉 එහෙම කළොත් නම් අධ්‍යාපනය මාර ප්‍රායෝගිකයි. එදිනෙදා ජීවිතයට සම්බන්ධයි. හැබැයි එහෙම අධ්‍යාපනයක් ලෝකේ කොහේවත් නෑ. ඒවා ඇත්තේ ලෝකය ගැන කිසිවක් නොදන්නා මුත් ලෝකය ගැන නිතර නන් දොඩවන, ත්‍රී ඉඩියට්ස් නරඹා අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන කතා කරන අයගේ ළාමක මනස් තුළ පමණයි.  

👉 හැබැයි අද වන විට මේ සංවාදය හුදු කතාවලින් ඔබ්බට ගොස් අපේ අධ්‍යාපන ක්‍රියාවලිය තුළටත් කඩා වැදී හමාරයි. එය කොයි තරම් මුග්ධ හා විනාශකාරී එකක්ද යන්න මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කවදා හෝ ක්‍රියාත්මක කළොත් සියලු දෙනාට තේරුම් ගන්න හැකිවේවි. 

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.