News Category
From Date
To Date
Maximum Number of Result

කගාමේ වන්දනාව

Feb 3, 2026 at 05:16 AM
|

ආගමක් ධර්මයක් දන්නේ නැති ජවිපෙ සෙට් එකත් බෞද්ධ විරෝධී “නිරාගමික” ලිබ්බෝ සෙට් එකත් රුවන්ඩාවේ පෝල් කගාමේට පුදුමාකාර විදිහට ලව් කරනවා. පෝල් කගාමේ පල්ලි සහ දේවස්ථාන 6,000 ක් වැහුවා කියන “ප්‍රවෘත්තිය” උඩ දාගෙන ප්‍රචාරය කළෙත් මේ කට්ටිය ම තමයි. මේ කාරණයට අදාළ ඇත්ත කතාව කියන්න කලින් අපි පසුබිම් විස්තර ටිකක් හොයලා බලමු.

1994 අවුරුද්දේ අප්‍රේල් - ජුලි කාලේ රුවන්ඩාවේ මහා මිනිස් ඝාතනයක් සිද්දවෙච්ච බව අපි හැමෝම වගේ අහලා තියෙනවා. මේ කාරණය ඉතිහාසයට එකතුවෙලා තියෙන්නේ “රුවන්ඩා සමූලඝාතනය” (Rwandan genocide) කියන නමින්. ඒ රටේ බහුතර ජනවර්ගය වන හුටු (Hutu) අය විසින් දෙවැනි ප්‍රධාන ජනවර්ගයේ - ඒ කියන්නේ ටුට්සි (Tutsi) ජනවර්ගයේ ලක්‍ෂ 5 ත් 6 ත් අතර ප්‍රමාණයක් ඝාතනය කළා කියලා තමයි ඒ කතන්දරෙන් කියන්නේ.

1993 අවුරුද්දේ රුවන්ඩාවේ ටුට්සි මිනිස්සු 950,000 ක් (නව ලක්‍ෂ පනස්දාහක්) විතර හිටියා. ඒක ඒ රටේ ජනගහනයෙන් සීයට 14 ක්. ඉතින් ඒ මහා ඝාතනයෙන් පස්සේ රුවන්ඩාවේ ඉතුරුවෙන්න ඕන ටුට්සි මිනිස්සු තුන් ලක්‍ෂ පනස්දාහක් - හාර ලක්‍ෂ පනස්දාහක් අතර ප්‍රමාණයක්. ඒ කියන්නේ ටුට්සි ජනගහනය මකබෑවිලා තියෙන්න ඕන.

හැබැයි ඒ “සමූලඝාතනයෙන්” පස්සේ සුළුතර ටුට්සි ජනවර්ගය පාලන බලය ලබාගත්තා. මුලින් පාස්තර් බීසිමුංගු (Pasteur Bizimungu) කියන පුද්ගලයා නාමිකව ජනාධිපති කරපු පෝල් කගාමේ උප ජනාධිපති විදිහට රුවන්ඩාව පාලනය කළා. මේ කාරණය අපිට සිරිලංකාවත් එක්ක සන්සන්දනය කරලා බලන්න පුළුවන්. 2009 දී, ලංකාවේ සිංහල මිනිස්සු සමස්ත ජනගහනයෙන් සීයට 75 ක් විතර නියෝජනය කළා. දෙමළ ජනවර්ග දෙක ම එකතු කළාම ඒ අය සමස්ත ජනගහනයෙන් සීයට 15 ක් විතර නියෝජනය කළා. යුද්ධය ඉවරවෙද්දි ප්‍රභාකරන් ජනාධිපති වුණා කියලා හිතමු. අන්න එහෙම දෙයක් තමයි රුවන්ඩාවේ සිද්දවුණේ. ඒ කියන්නේ සුළුතරයේ නායකයා රටේ නායකයා බවට පත්වුණා. රුවන්ඩේ හුටු ජන නියෝජනය සමස්ත ජනගහනයෙන් සීයට 85 ක් කියන එකත් අමතක කරන්න එපා.

1990 - ලක්‍ෂ 74

1993 - ලක්‍ෂ 79

(1994 සමූල ඝාතනය)

1995 - ලක්‍ෂ 56

2000 - ලක්‍ෂ 82

2005 - ලක්‍ෂ 91

2010 - ලක්‍ෂ 103

2015 - ලක්‍ෂ 114

2020 - ලක්‍ෂ 127

2025 - ලක්‍ෂ 144

1995 වෙද්දි රුවන්ඩාවේ ජනගහනය ලක්‍ෂ 20 කට වැඩි ප්‍රමාණයකින් අඩුවෙලා තියෙන බව පේනවා. මෙච්චර ප්‍රමාණයක් අඩුවුණේ ඒ ඔක්කොම මියගිය හින්දා කියලා හිතන්න එපා. ඇතිවෙච්ච පාලන පෙරැළියත් එක්ක විශාල ජනගහනයක් රටින් පැනලා ගියා.

දැන් අපි බලමු රුවන්ඩාවේ වාර්ගික ප්‍රතිශතය වෙනස්වෙලා තියෙන විදිහ. මේ දත්ත ඉදිරිපත් කරලා තියෙන්නේ හුටු - ටුට්සි - ත්වා කියන පිළිවෙළට.

1990 = 85% – 14% – 1%

1993 = 85% – 14% – 1%

1995 = 85% – 14% – 1%

2000 = 85% – 14% – 1%

2005 = 85% – 14% – 1%

2010 = 85% – 14% – 1%

2015 = 85% – 14% – 1%

2020 = 85% – 14% – 1%

2025 = 85% – 14% – 1%

මේ වාර්ගික නියෝජනය දකිද්දි මොකක්ද හිතෙන්නේ? පොඩ්ඩක් කල්පනා කරලා බලන්න.

සුළුතර නායකයෙක්ට බලය ඇරැගෙන දීර්ඝ කාලයක් රටක් පාලනය කරන්න අමාරුයි. ඉතින් මේ අමාරුව ගැන හොඳින් දන්න පෝල් කගාමේ ඉතාමත් මර්දනකාරි වැඩපිළිවෙළක් අනුගමනය කරන්න පටන්ගත්තා.

රුවන්ඩාවේ හිරකාර අනුපාතය (Incarceration rate) ලෝකයේ රටවල් අතර ඉහළ ම අගයක් ගන්නවා. ඒ ප්‍රමාණය ජනගහනයෙන් ලක්‍ෂයකට 637 ක් තරම් ඉහළ අගයක්. අපේ රටේ ඒ ප්‍රමාණය ලක්‍ෂයකට 131 ක් විතර ඇති.

රුවන්ඩාවේ ක්‍රිස්තියානි / කතෝලික ආගමික ඉතිහාසයට අවුරුදු 125 ක් විතර ඇති. 1900 දී තමයි ඒ රටට මුලින් ම ක්‍රිස්තියානි ආගම හඳුන්වලා දීලා තියෙන්නේ. කගාමේ කතෝලික ආගම අදහන කෙනෙක්. ඔහු රුවන්ඩාවේ කතෝලික සභාවත් එක්ක ඉතාමත් ළඟ සම්බන්ධයක් පවත්වනවා. 1994 “සමූලඝාතනයෙන්” පස්සේ බහුතර හුටු ජනගහනයේ විශාල පිරිසක් ක්‍රිස්තියානි ශුභාරංචි පල්ලිවලට බැ‍ඳෙන්න පටන්ගත්තා.

2000 අවුරුද්දේ පෝල් කගාමේ නිල වශයෙන් ම ජනාධිපතිකම භාරගත්තාට පස්සේ බහුතර හුටු මිනිස්සු සුළුතර ටුට්සි පාලනයට විරුද්ධව “රුවන්ඩාව නිදහස් කරගැනීමේ ප්‍රජාතාන්ත්‍රික හමුදාව” (Democratic Forces for the Liberation of Rwanda) කියන නමින් සන්නද්ධ අරගලයක් පටන්ගත්තා. මේ හමුදාව කඳවුරු බැඳගෙන ඉන්නේ රුවන්ඩාවේ බටහිර මායිමේ තියෙන කොංගෝවේ නැගෙනහිර පැත්තේ.

මේ හමුදාව පිරිිස් බඳවාගන්න උඩින් කියපු ශුභාරංචි ක්‍රිස්තියානි පල්ලි පාවිච්චි කරනවා. එහෙම වැඩක් රටේ ජනාධිපතිවරයාට හොරෙන් කරන්න බෑනේ. මේ කාරණය කගාමේ ඉතාමත් හොඳින් දන්නවා. ඉතින් තමන්ට විරුද්ධ මේ හමුදා හැදිල්ලට බාධා කරන්න ඕන විදිහත් කගාමේ දන්නවා. ඔහු ඒ වෙනුවෙන් හදපු වැඩපිළිවෙළ තමයි “නීත්‍යානුකූල අවශ්‍යතා සම්පූර්ණ කරපු නැති පල්ලි” වහලා දාන වැඩේ. ඉතින් මේ වෙද්දි එහෙම “නීති විරෝධි පල්ලි” දහ දාහක් විතර වහලා දාන්න කගාමේ කටයුතු කරලා.

මේ කාරණයට අදාළ කෑල්ලක් අහුලගත්තාම අපේ ආගමක් ධර්මයක් දන්නේ නැති ජවිපෙ සෙට් එකටත් බෞද්ධ විරෝධී “නිරාගමික” ලිබ්බෝ සෙට් එකටත් මාර ජොලි. “අනේ අපේ පන්සල් ටික වහලා දාන්න පුළුවන් නායකයෙක් අපිට නෑනේ” කියලා ඒ අය වැළැපෙනවා.

මෙන්න මේකට තමයි "කගාමේ වන්දනාව" කියලා කියන්නේ.

(රුවන්ඩා ජනාධිපති පෝල් කගාමේ කතෝලික බිෂොප්ලා එක්ක ගත්ත ඡායාරූපයක් තමයි මේ එක්ක පළ කරන්නේ)

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.