News Category
From Date
To Date
Maximum Number of Result

ටිබෙටය හෙවත් ෂිසැන්ග් පළාතේ නව යුගය..

Jan 30, 2026 at 09:48 AM
|

ෂිසැන්ග් යැයි කිවූ විට සිංහල බස හසුරුවන පාඨකයාට නුහුරු නමුදු ටිබෙටය යනුවෙන් හැඳින්වූ විට අපට සමීපතාවයක් දැනෙන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවිවලින් අපට ජාත්‍යාලය ඔද වඩවා ගැනීමට හැකිවූ නිසාය. කෙසේ වුවද මහජන චීන ජනරජයේ ස්වයං පාලිත පළාතක් ලෙස ටිබෙටය හෙවත් ෂිසැන්ග් පළාත චීන විප්ලවය සිදුවූ දා පටන් අද දක්වා පවතී. 

චීන භාෂාවෙන් :西* හෙවත් ‘ෂි‘ (Xī) යනු දකුණ යන අර්ථය දෙන වචනයකි. ඓතිහාසික චීන මූලාශ්‍ර වලට අනුව ඉංග්‍රීසියෙන් Zang  හෙවත් සැන්ග් යන්න ලිවීමට චීන ”‍西”‍ අකුර  භාවිත කරයි. එමගින් ගබඩාව, නිධානය, ජලාශය වැනි අර්ථයන් හඟවයි. ඒ අනුව සියළුම චීන අධිරාජ්‍යයන්ගේ ඉතිහාසය පුරාම ෂිසැන්ග් පළාත වැදගත් ප්‍රදේශයක් ලෙස සලකා ඇත. වත්මන් මහජන චීන ජනරජය තුළ තිබෙන ස්වයං පාලිත පාළාත් පහෙන් එකක් වන්නේ ෂිසැන්ග් ස්වයං පාලිත ප්‍රදේශයයි. නවීන චීනය තුළ ෂිසැන්ග් පළාතේ තත්වය පිළිබඳව සැකෙවින් සලකා බැලීම මෙම ලිපියේ අරමුණයි.

ෂිසැන්ග්- කෙටි හැඳින්වීමක් 

ෂිසැන්ග් ස්වයං පාලිත පළාත පිහිටා ඇත්තේ නිරිත දිග චීනයේය. මුහුදු මට්ටමේ සිට මීටර 4000ක සාමාන්‍යය උසක පිහිටි වර්ග කිලෝ මීටර මිලියන 1.2ක වපසරියක් ෂිසැන්ග් ස්වයං පාලිත පළාතට අයත් වේ. 2023 වසරේ අවසානය වන විට ෂිසැන්ග් ස්වයං පලිත පලාත තුළ මිලියන 3.65 ක ජනතාවක් ස්ථිරව වාසය කරන බව සංඛ්‍යා දත්ත පෙන්වා දෙයි. චීනයේ ස්වයං පාලිත පළාත් වලින් අඩුම ජනගහනයක් සහිත පළාත ෂිසැන්ග් ස්වයං පලිත පළාත වේ. එලෙසම සමස්ත චීනයේම අඩුම ජන ඝනත්වය පෙන්වන පළාතද ෂිසැන්ග් ස්වයං පාලිත පළාත වන්නේය. ලොවම හඳුනන ටිබෙට් ජාතිකත්වයට අයත් ජන කණ්ඩායමට අමතරව ෂිසැන්ග් ස්වයං පාලිත පළාත තුළ හන්, හුයි, මෙන්බ, ල්හොබා, නක්සි, නු සහ ඩුලොන්ග් වැනි ජනවර්ග 50 කට අයත් ජන කොටස් ජීවත් වෙති. එලෙසම ටිබෙට් සානුව තුළ ඩෙන්ග් සහ ෂෙර්ප වැනි ඉතාම සුළු සාමාජිකයන් පිරිසක් සිටින ජන කොටස්ද ජීවත් වේ.

ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ පරිපාලන දිස්ත්‍රික්ක  ලහසා, ෂිගෙට්සෙ, නයින්ග්චි, ක්අම්ඩෝ, ලහෝකා, නගක්උ යන නගර අයත් ප්‍රාන්ත හයකින් සහ තනි ප්‍රාන්තයක් වන නාගරි ප්‍රාන්තයෙන් සමන්විත වේ. ඉතිහාසය පුරාම ෂිසැන්ග් යනු චීන භූමියට අයත් වූවකි. ෂිසැන්ග් ආශ්‍රිතව ජීවත් වූ සියළුම ජන කොටස් චීනය නම් වූ මහා පවුලේ සාමාජිකයෝ වූහ.

අතීත චීනය පාලනය කළ සියළු අධිරාජ්‍යයන්ගේ සෘජු පාලනය යටතේ ෂිසැන්ග් පාළාත පැවතුනි. 1949 ඔක්තෝබර් පළමුවනදා මහජන චීන ජනරජය පිහිටුවනු ලැබුණි. 1951 මැයි 23 වන දින මධ්‍යම රජය සහ ෂිසැන්ග් පළාත් පාලන ආයතනය බීජිං හිදී ෂිසැන්ග්හි සාමකාමී විමුක්තිය සඳහා වූ පියවර පිළිබඳ ගිවිසුමකට අත්සන් තැබූ අතර, එය ෂිසැන්ග්හි සාමකාමී විමුක්තිය සනිටුහන් කළේය.

1959 දි ෂිසැන්ග් පළාතේ ජනයා පූජකතන්ත්‍රය මත ක්‍රියාත්මක වූ වැඩවසම් වහල්භාවය පෙරලා දමා මහජන ප්‍රජාතන්ත්‍රවාදී රජයක් ගොඩ නගාගනිමින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති කරගනු ලැබුවේය. ෂිසැන්ග් ස්වයං පාලිත පළාත 1965 සැප්තැම්බර් මාසයේදී ගොඩ නංවනු ලැබුවේය. ඒ අනුව වාර්ගික සුළුතරයන් සඳහා කලාපීය ස්වයං පාලන ක්‍රමය ෂිසැන්ග් ස්වයං පාලිත පළාත තුල ක්‍රියාත්මක වන්නේය.

2012 වර්ෂයේ පැවැති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික කොංග්‍රසයේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුව ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ සමාජ ස්ථාවරත්වය සහ දීර්ඝ කාලීන සංවර්ධනය උදෙසා ප්‍රගාමක උපාය උපක්‍රම එළි දක්වනු ලැබීය. කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් ෂී ජින් පිං චීනයේ ජාතික පුනර්ජීවනය සාක්ෂාත් කරගැනීම අරමුණු කරගැනීමේ පදනම මත පිහිටා පිවිතුරු සහ තෘප්තිමත් ෂිසැන්ග් පළාතක් ගොඩ නැගීම වෙනුවෙන් ප්‍රතිපත්ති ඉදිරිපත් කර වැදගත් උපදෙස් මාලාවක් ඉදිරිපත් කරනු ලැබීය. නව යුගයේ නව ෂිසැන්ග් පළාත සමස්ත සමගියක් සහ ස්ථාවරත්වයක් මෙන්ම සීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහ යහපත් මානව ජීවිතයක් චීනයේ අනෙකුත් පළාත්වල ජනයා මෙන්ම භුක්ති විඳිති. ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ ජනයා පාරිසරික ආරක්ෂාව වෙනුවෙන් බාධක ගොඩනඟමින්, වාර්ගික සමගිය තහවුරු කරමින්, ආගම සමාජවාදී සමාජයට අනුවර්තනය කරමින් සහ දේශසීමා ආරක්ෂාව තහවුරු කරමින්  ඵලදායී ලෙස කටයුතු කරමින් සිටියි. මෙම සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස ෂිසැන්ග් ප්‍රබල සමෘද්ධිමත් දර්ශනයක් ලෝකයට ඉදිරිපත් කරමින් සිටියි.


සංවර්ධනය - සාමය ආරක්ෂා කරනු ලබයි

2023 වර්ෂයේදී ෂිසැන්ග් ස්වයං පාලිත පළාතේ දළ දේශීය නිෂ්පාදිතය යුවාන් බිලියන 239.27ක අගයකට ළඟා විය. එය 9.5% ක වාර්ෂික වර්ධනයකි.අධිවේගී මාර්ග මත පදනම් වූ පුළුල් ප්‍රවාහන පද්ධතියක් සහ ගුවන් සේවා, දුම්රිය සහ නල මාර්ග ප්‍රවාහනයේ සම්බන්ධීකරණ සංවර්ධනය නිරන්තරයෙන් වැඩිදියුණු වෙමින් පවතී. මහා මාර්ග වල මුළු දුර කිලෝ මීටර 123,306 සීමාවට ලංවී තිබේ. ”‍ත්‍ඹඞෂභඨ”‍ අධිවේගී දුම්රිය සේවය ටිබෙට් සානුවේ ඉහළම ප්‍රදේශ වෙත ළඟා වීමට තරම් හැකියාව අත්පත් කරගෙන සිටී. ෂිසැන්ග් ගුවන් සේවය ජාත්‍යන්තර සහ දේශීය ගුවන් මාර්ග 169ක ක්‍රියාත්මක වන්නේ ගමනාන්ත 74 ක් දක්වා ළඟා වීමට හැකියාව අත්පත් කරගනිමිනි. සංචාරක ව්‍යාපාරය ෂිසැන්ග්හි වැදගත් ආර්ථික උත්පාදන කුළුණක් බවට පත්ව තිබේ. 2023 වර්ෂයේ පමණක් දේශීය සහ විදේශීය සංචාරකයන් මිලියන 55.17 කට සත්කාර කිරීමට ෂිසැන්ග්හි සංචාරක කර්මාන්තය කටයුතු කර තිබේ. එමගින් ෂිසැන්ග්හි සංචාරක කර්මාන්තය අත්පත් කරගත් ආදායම යුවාන් බිලියන 65.15 ක අගයකි. දරිද්‍රතාවයට එරෙහි ව්‍යාපාරයේ ජයග්‍රහණයෙන් පසුව, ෂිසැන්ග් ස්වයං පාලිත පළාත දරිද්‍රතාවය තුරන් කිරීම මෙන්ම ග්‍රාමීය පුනර්ජීවනය තහවුරු කිරීම සහ පුළුල් කිරීම සඳහා නව ගමනකට අවතීර්ණ වී තිබේ. 2023 වර්ෂයේදී ෂිසැන්ග් පළාත තුළ සුසංයෝගී ගම්මාන 220ක් ගොඩ නගනු ලැබීය. එලෙසම සහායක ව්‍යාපෘති 1871 ක් ද දියත් කරනු ලැබීය. ඉහළ කඳුකරයේ පිහිටි  ප්‍රාදේශීය කර්මාන්ත මෙන්ම හරිත සහ කාබනික කර්මාන්ත සංවර්ධනය කරලීම අරමුණු කරගෙන යුවාන් බිලියන 8.29ක ආයෝජනයක් සහයෝගිතා ව්‍යාපෘති 879ක් වෙනුවෙන් යොදවනු ලැබීය. ලක්ෂ දෙකකට අධික ජනතාවක් දරිද්‍රතා රේඛාවෙන් ඉහළ ඔසවා තම නිවාස වලින් පිටත දී ඔවුනට රැකියා ලබා දීමට ෂිසැන්ග් ස්වයං පාලිත පළාත් බල අධිකාරිය කටයුතු කර තිබේ. එමගින් එම පළාතේ ඒක පුද්ගල ආදායම යුවාන් 16286ක අගයකට ඉහළ නැංවීමටද කටයුතු සැලසුනි. එය පළාතේ ඒක පුද්ගල ආදායම 17.9%ක අගයකින් ඉහළ යාමකි.

1994 දී ෂිසැන්ග් පිළිබඳ තුන්වන රැස්වීමේදී, මධ්‍යම රජය ප්‍රධාන උපාය මාර්ගයක් සකස් කරනු ලැබීය. එම උපාය මාර්ගයට අනුව ෂිසැන්ග් වෙනුවෙන් ඈන්දුතු සහායක වැඩසටහන දියත් කරන ලද්දේය. එමඟින් අනෙකුත් පළාත් මට්ටමේ කලාපවල නිලධාරීන් නිතිපතා මාරුවෙන් මාරුවට ෂිසැන්ග් පළාතේ වැඩ කිරීමට දිරිමත් කරන ලදී.1995 සිට 13 වන පස් අවුරුදු සැලසුම් කාලය තුළ පමණක් පළාත් සහ නගර 17 කින් නිලධාරීන් 11900 කින්, රජයට අයත් ව්‍යවසායන් 17 කින් සහ මධ්‍යම රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු 70 කට අධික සංඛ්‍යාවකින් යුත් කණ්ඩායම් 10 ක් ෂිසැන්ග් වෙත අනුයුක්ත කරනු ලැබිණි. පළාත් සහ නගර 17ක්  වෙනුවෙන් ෂිසැන්ග් හි ව්‍යාපෘති 1,260 ක් සැලසුම් කර සංවිධානය කරනු ලැබූ අතර, එහි මුළු ආයෝජනය යුවාන් බිලියන 20 කි.

පරිසර විද්‍යාව - සමගියෙන් පිරුණු සහජීවනය

ෂිසැන්ග් පළාත තුළ ජාතික සංරක්ෂිත කළාප 11 ක් තිබේ. එලෙසම ජාතික වශයෙන් වැදගත් දර්ශනීය ස්ථාන 4ක්, ජාතික භූ  විද්‍යාත්මක උද්‍යාන 3ක්, ජාතික වන උද්‍යාන 9 ක්, සහ ජාතික තෙත් කළාප උද්‍යාන 22ක් අඩංගුව පවතී. සංරක්ෂණය කර ඇති ස්වභාවික පරිසර කළාප වල භූමි ප්‍රමානය සමස්ත ෂිසැන්ග් පළාතේ භූමි ප්‍රමානයෙන් 38.75%ක් වැනි ඉහළ අගයක පවතී.

ෂිසැන්ග් පළාතේ වාර්ෂිකව සුර්යාලෝකය මගින් ලැබෙන ශක්තිය වර්ග සෙන්ටි මීටරයකට කිලෝ කැලරි 140 සිට 200 දක්වා වන ඉහළ අගයක පවතී. මෙම අගය චීනයේ නැගෙනහිර පළාතේ වෙරළ ආශ්‍රිත ප්‍රදේශ සමඟ සැසඳීමේදී දෙගුණයක ප්‍රමානයකි. පළාත තුළ වාර්ෂිකව සුළං ලැබීමේ දින ගණන දින 100 සිට දින 150 වැනි අගයක දෝලනය වන අතර සමහර වර්ෂවල දින 200ක් දක්වා විහිදෙන බවද සංඛ්‍යා ලේඛන පවසයි. ඒ අනුව ෂිසැන්ග් යනු ඉහළ සුළං බලයක් තිබෙන පළාතකි. වාර්ෂිකව ජලය ගැලු‍ම් බිලියන 439.4ක් ගලායන ෂිසැන්ග් පළාතේ වාර්ෂිකව කිලෝවොට් මිලියන 210ක විදුලි බලයක්  නිපදවීමේ හැකියාව තිබෙන අතර එයින් කිලෝවොට් මිලියන 140ක විදුලි බලයක් කාර්මික කටයුතු වෙනුවෙන් භාවිත කළ හැකි තත්වයක් තිබේ. ෂිසැන්ග් පළාතේ භූමි සම්පත තුළ හෙක්ටයාර බිලියන 1.231ක අගයක ස්වභාවික තෘණ භූමි පවතින අතර එයින් හෙක්ටයාර බිලියන 1.219ක ප්‍රමානයක් භාවිත කළ හැකි තත්වයේ පවතී. එලෙසම පළාත තුළ ඇති ඉඩම් වලින් හෙක්ටයාර මිලියන 6.8057ක්ම වගා කටයුතු සඳහා භාවිත කළ හැකි මට්ටමේ පවතී.

රටේ විශාලතම වනාන්තර කලාප පහෙන් එකක් ලෙස සහ 12.31% ක වනාන්තර ආවරණ අනුපාතයක් සහිතව, ෂිසැන්ග් පළාතේ වන ලැහැබ් හෙක්ටයාර මිලියන 17.98 ක්ද, ඝන වනාන්තර හෙක්ටයාර මිලියන 14.91 ක් සහ ඝන මීටර් බිලියන 2.283 ක දැව තොග පරිමාවක් ද ඇත.

ෂිසැන්ග් පළාත තුළ ගොඩබිම වෙසෙන පෘෂ්ඨ වංශික සත්ව වර්ග 1072ක් පමණ ජීවත් වේ. එයින් සත්ව වර්ග 65 ක් ජාතික වශයෙන් පළමු මට්ටමේ කාණ්ඩයට ඇතුලත් කර සුරක්ෂිත කරනු ලබන සතුන් කණ්ඩායමට අයත් වේ.  එම සතුන් අතර හිම දිවියා, හිමාලයට ආවේණික වූ වනාන්තර ගවයා (උසකා ශ්න),චිරු නොහොත් ටිබෙට් ඇන්ටිලොප්, කළු ගෙල කොකා, යුනාන් රන්වන් පැහැති නාසයක් ඇති වඳුරා වැනි සතුන් අයත් වේ. මීට අමතරව වන සතුන් විශේෂ 152 ක් ජාතික දෙවන මට්ටමේ කාණ්ඩයට ඇතුලත් කර සංරක්ෂණය කෙරේ. එලෙසම, විශාල හා මධ්‍යම ප්‍රමාණයේ වන සතුන් ගහනය අතින් චීනයේ පළමු ස්ථානයට ෂිසැන්ග් පළාත පත්ව ඇත.

යෝධ සයිප්‍රස් සහ හිමාලයානු යූ වැනි ජාතික ප්‍රධාන ආරක්ෂාව යටතේ ඇති වනාන්තර ආශ්‍රිත ශාක විශේෂ 9 ක් සහ ජාතික ද්විතීයික ප්‍රධාන ආරක්ෂාව යටතේ ඇති වනාන්තර ආශ්‍රිත ශාක විශේෂ 143 ක් ඇතුළුව වනාන්තර ආශ්‍රිත ශාක වර්ග 9,600 කට වඩා ප්‍රමානයක් ජාතික ද්විතීයික ප්‍රධාන සංරක්ෂණ වැඩපිළිවෙලට ඇතුලත් කර තිබේ..

එලෙසම ෂිසැන්ග පළාත සතුව හෙක්ටයාර මිලියන 6,530 ක තෙත් බිම් ප්‍රමාණයක් තිබෙන අතර එය සමස්ත භූමියෙන් 5.3% ක ප්‍රමාණයකි.


සතුටින් පිරුණු ජිවනෝප ක්‍රමයක්

ෂිසැන්ග් පළාත තුළ සාපේක්ෂ වශයෙන් අංග සම්පූර්ණ නවීන අධ්‍යාපන ක්‍රමවේදයක් මූලික වශයෙන් සම්පූර්ණ කර තිබේ. 2012 වර්ෂයේ අධ්‍යයන වාරය ආරම්භයත් සමඟම වසර පහලොවක නිදහස් අධ්‍යාපන ක්‍රමයක් සම්පූර්ණයෙන්ම ස්ථාපිත කරන්නට කටයුතු සම්පාදනය කෙරුණි. පෙර පාසල් අධ්‍යාපනයේ සිට උසස් අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබීමට අරමුදල් ක්‍රමයක් ස්ථාපිත කෙරුණි. එමගින් ආර්ථික අපහසුතා වලින් පෙළෙන සියළුම සිසුන්ට අධ්‍යාපනයට අවශ්‍ය සියළු වියදම් පූරණය කරනු ලැබේ. රජයේ පාසල් වලට මෙන්ම පෞද්ගලික පාසල් වලටද මෙම ක්‍රමය අදාළ වන පරිදි සකසා තිබේ. 2023 සංගනනයට අනුව ෂිසැන්ග් පළාත තුළ සෑම ආකාරයකම පාසල් 3,472ක් ස්ථාපිත කර තිබුණි. එම පාසල් වල සිසුන් 854,927ක් ඉගෙනුම ලබමින් සිටියෝය. පෙර පාසල් අධ්‍යාපනයට යොමු වන ළමුන් ප්‍රතිශතයක් ලෙස සමස්ත පෙර පාසල් අධ්‍යාපනය ලබන සිසුන් ප්‍රමානයෙන් 90.43 % ක් වැනි ඉහළ අගයකට ළඟා වී තිබුණි.  වසර නවයක අනිවාර්ය අධ්‍යාපනය තුළ සිසුන් රඳවා තබා ගැනීමේ අනුපාතය සියයට 97.78 දක්වා අගයකට ළඟා වී ඇති අතර උසස් පාසල්වලට දළ ඇතුළත් වීමේ අනුපාතය සියයට 91.22 දක්වා අගයකට ළඟා වී තිබේ.

මහජන සෞඛ්‍ය සේවා ක්‍රමයක් ස්ථාපිත කර තිබේ. එමගින් මාතෘ සහ ළමා සෞඛ්‍යය රෝග වලක්වා ගැනීම සහ පාලනය අරමුණු කරගෙන තිබෙන අතර සම්ප්‍රදායික ටිබෙට් වෛද්‍යය ක්‍රමය මෙන්ම  චීනයේ පිළිගත් අනෙකුත් වෛද්‍යක්‍රමද මෙයට ඇතුලත්ව තිබේ. මේවන විට ෂිසැන්ග් පළාතේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 72.19 අගයක් දක්වා ඉහළ ගොස් තිබේ. ෂිසැන්ග් පළාත තුළ නිවාස ප්‍රශ්නයද නිරන්තරයෙන් නිරාකරණය කෙරෙන තත්වයකට පත්ව තිබේ.

නාගරික හා ග්‍රාමීය ජනයාගේ නිවාස තත්වය අඛණ්ඩව වැඩිදියුණු කිරීම සඳහා නාගරික ප්‍රදේශවල දැරිය හැකි මිලකට නිවාස ලබා දීම සහ පදිංචිකරුවන්ට පහසුකම් වලට පහසුවෙන් ළාඟා විමට හැකි සුදුසු ස්ථානවල නැවත පදිංචි කිරීම සඳහා පුළුල් පියවර ක්‍රියාත්මක කර ඇත. ඉහළ උන්නතාංශ සහිත ප්‍රාන්ත සහ සීතල ප්‍රදේශ කෙරෙහි අවධානය යොමු කරමින් උණුසුම් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම තීව්ර කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.