ෂිසැන්ග් යැයි කිවූ විට සිංහල බස හසුරුවන පාඨකයාට නුහුරු නමුදු ටිබෙටය යනුවෙන් හැඳින්වූ විට අපට සමීපතාවයක් දැනෙන්නේ ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන්ගේ කවිවලින් අපට ජාත්‍යාලය ඔද වඩවා ගැනීමට හැකිවූ නිසාය. කෙසේ වුවද මහජන චීන ජනරජයේ ස්වයං පාලිත පළාතක් ලෙස ටිබෙටය හෙවත් ෂිසැන්ග් පළාත චීන විප්ලවය සිදුවූ දා පටන් අද දක්වා පවතී.
නව වසර උදාවත් සමඟම “විප්ලවීය” කැබිනට් තීරණ දෙකක් එළිදක්වා ඇත. හයේ පොතේ අසභ්‍ය වෙබ් අඩවිය, අහිංසකාවියකට අපහාසකිරීම, මිහින්තලේ වනචාරියා කවුරුන්දැයි සෙවීම වැනි මහා මාතෘකා මධ්‍යයේ 05.01.2026 දින කැබිනට් තීරණ දැණුම්දීමේ පත්‍රිකාවේ අංක 04 වෙනි හා අංක 05 වෙනි තීරණ කිසිවෙකුගේ අවධානයට යොමු නොවීය. එසේ අවධානයට යොමුවූවත්, ඒවායේ අන්තර්ගතයේ බැරෑරුම්කම අවබෝධකර ගැනීම සෞඛ්‍ය ආර්ථික විද්‍යාව පිලිබඳ යම් දැනුමක් නැතිව අපහසුය. දැන් සිදුවෙමින් පවතින සිදුවීම් දෙස බලනවිට මේ තීරණ ඒ කැබිනට් පත්‍රිකාවට ඇතුළුකල අය පවා එහි බැරෑරුම්කම වටහා ගෙන නොතිබියේ නම් පුදුමයක් නොවේ. මේ ලිපියෙන් පසු සිදුවීමට ඉඩ ඇත්තේ මේ තීරණය කැබිනට් පත්‍රිකාවට ඇතුළුකලේ කවුරුන්දැයි සෙවීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමා, රහස් පොලීසියට පැමිණිල්ලක් කිරීමයි.
මා අමෙරිකාවට ගියේ 1999 ජනවාරි මාසයේදී ය. 2014 දී මහනුවර අස්ගිරි මහා විහාරයේදීත් කොළඹ අරලියගහ මන්දිරයේදීත් වේයන්ගොඩ උදම්මිට ශ්‍රී සුමනාරාමයේදීත් පැවැත්වුනු උත්සවවලින් අනතුරුව කැනේඩියානු තානාපති කාර්‍යාලයෙන් ශ(ර්)ලි වයිටින් තානාපතිතුමියගෙන් සහ අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් මිශෙල් සසූන් තානාපතිතුමියගෙන් උපහාර සඳහා ආරාධනා ලැබිණ. ඒ මා ඒ රටවල් දෙකට කළ ඇති සේවය ඇගයීම පිණිසය. උපහාර ආරාධනා මත ගිය මට අමෙරිකානු තානාපති කාර්‍යාලයයේ ගේට්ටුව අසලදී සිදුවූ රසවත් දෙයක් ගැන ලියන්නට සිතුනි.
අප කඹුරුපිටියේ ඊලියන් නානායක්කාර නමැති දේශපාලනඥයා පිළිබඳව අසා තිබුණි. දේශපාලනයට පිවිසීමට පෙර මාතර උසාවි වල නීතිඥ වෘත්තියේ යෙදී සිටි ඊලියන් මහානාග නානායක්කාර මහතා මෙලොව එළිය දුටුවේ 1922 සැප්තැම්බර් 18 වැනි දිනය. ඒ ගිරුවා පත්තුවේ නාකුළුගමුවේදීය. ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ සිය ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරූ ඔහුට දෙවැනි ලෝක මහා සංග්‍රාමය පටන් ගැනීම නිසා දෙටු පෙළ විභාගයට පෙනී සිටීමට ඔන්න මෙන්න කියා තිබියදී කොළඹට බෝම්බ දමයි යන බියෙන් ශාන්ත තෝමස් විද්‍යාලයෙන් ඔහු ඉවත් කර ගැනිණි.
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..