News Category
From Date
To Date
Maximum Number of Result

බුකිනාවේ ජනාධිපති කැප්ටන් ඊබ්‍රහිම් ට්‍රොරේ දීර්ඝ සහ දුෂ්කර සටනක් ජයගෙන තියෙනවා.

දරුවන්ගේ සහ ගර්භනී මව්වරුන් වෙනුවෙන් පෝෂණ තත්වය ඉහළ නැංවීම පිණිස නොමිලේ බෙදා හරින ත්‍රිපෝෂ මාස තුනකට අධික කාලයක් තිස්සේ ලැබී නොමැති බව රට පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය නිලධාරී කාර්යාල ආරංචිමාර්ග පවසයි.

සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙන ගල්අඟුරු තොගයට අදාළව ඉන්දියාවට යැවූ සාම්පලවල අවශ්‍ය කරන කිලෝකැලරි ප්‍රමාණයේ අඩුවක් ඇතිබව තහවුරු වූ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පැවසීය.

ඇමති බිමල් රත්නායකගේ සමාජ මාධ්‍ය ගිණුමට ්කමෙන්ට්' දැමීම සීමා කර ඇති බව සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසති.

ජනවාරි 3 වනදා වෙනිසියුලාවට එල්ල කළ ඇමරිකානු අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහිව සටන් කළ සියලුම කියුබානුවන් මිය ගියේ නෑ.

ලෝකයේ කිසිවෙකු මෙතෙක් නිර්මාණය නොකළ තනි ස්වරයේ විශ්මිත නිර්මාණයක් අපගේ මාතෘභූමියේ උපන් සුනිල් ශාන්ත නම් අග්‍රගන්‍ය සංගීතඥයා විසින් නිර්මාණය කළ බව ඔබ දන්නවාද?..

අවුරුදු 76ක් තිස්සේ රට කාපු දූෂිත පාලකයෝ ඉවර කරලා, "සිස්ටම් එක" වෙනස් කරලා අනුර තුමායි එතුමාගේ ආණ්ඩුවයි අපිව ලෝකයේ ඉහළම තැනකට ගෙනල්ලා!

රජය විසින් මෑතකදී බන්ධනාගාර නිරීක්ෂණ කමිටු සඳහා සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් පත් කරනු ලැබුවා. එහිදී ස්ටෙපනි සිරිවර්ධන (Stephanie Siriwardhana) මහත්මිය බන්ධනාගාර නිරීක්ෂණ නිලධාරිනියක් ලෙස පත් කර තිබෙනවා.

අපි කවුරුත් හිතාගෙන ඉන්නේ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ නිවස හරියට අනාගත ලෝකයකින් ණයට ගත්තු තැනක් වගේ ඇති කියලයි. බිත්ති පුරා ටච් ස්ක්‍රීන්, කෑම මේසය උඩ අයිපෑඩ්, හැමෝම අතේ අයිෆෝන් ඇති කියලා අපි සාමාන්‍යයෙන් උපකල්පනය කරනවා. මොකද මුළු ලෝකෙම ඇඟිලි තුඩකට ගෙනාපු, තාක්ෂණික ලෝකය කණපිට පෙරළපු මේ අපූරු මිනිසාගේ පෞද්ගලික ජීවිතය ඊට වඩා වෙනස් වෙන්න විදියක් නෑනේ. ඒත් ඇත්ත කතාව ඊට හාත්පසින්ම වෙනස් එකක් බව දැනගත්තම ඔබ පුදුම වේවි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.