අමෙරිකානු තානාපති කාර්යාලයේ ගේට්ටුව අසළදී නායක ස්වාමීන්වහන්සේට ලැබුණු "උපහාරය"
මා අමෙරිකාවට ගියේ 1999 ජනවාරි මාසයේදී ය. 2014 දී මහනුවර අස්ගිරි මහා විහාරයේදීත් කොළඹ අරලියගහ මන්දිරයේදීත් වේයන්ගොඩ උදම්මිට ශ්‍රී සුමනාරාමයේදීත් පැවැත්වුනු උත්සවවලින් අනතුරුව කැනේඩියානු තානාපති කාර්‍යාලයෙන් ශ(ර්)ලි වයිටින් තානාපතිතුමියගෙන් සහ අමෙරිකානු තානාපති කාර්‍යාලයෙන් මිශෙල් සසූන් තානාපතිතුමියගෙන් උපහාර සඳහා ආරාධනා ලැබිණ. ඒ මා ඒ රටවල් දෙකට කළ ඇති සේවය ඇගයීම පිණිසය. උපහාර ආරාධනා මත ගිය මට අමෙරිකානු තානාපති කාර්‍යාලයයේ ගේට්ටුව අසලදී සිදුවූ රසවත් දෙයක් ගැන ලියන්නට සිතුනි.
කොල්ලුපිටියේ අමෙරිකානු තානාපති කාර්‍යාලය ඉදිරිපිට වාහන නැවතීම තහනම් ව පැවති බැවින් ගෝල්ෆේස් පැත්තේ සිට පැමිණ තානාපති කාර්‍යාලයට ප්‍රතිවිරුද්ධ පැත්තේ වාහනය නතර කර බැස්සෙමි (මට ලංකාවේ වාහනයක් නොමැති වූ නිසා ඒ සඳහා බටලීයේ කළ්‍යාණමිත්‍ර මනෝජ් ගුණවර්ධන මහත්මාගේ ජීප් රථය ලැබිණ).
පාර පැන ආරක්ෂක ගේට්ටුව අසලට යනවිටම ගේට්ටුව පිටත වීසා පෝලිමේ සිටි අයෙක් මෙසේ කීවේය; "ගණයා අමෙරිකාවට පනින්න වගේ හදන්නේ." ඔහු අසලම සිටි අනෙකා මෙසේ කීවේය; "එහෙ ගිහින් පදමට ගහලා ගෑණුත් එක්ක නිදි වදියි."
(ඇතැම්විට ඔවුන්ගේ සිහිනය එය වන්නට ඇත).
එවිටම ආරක්ෂක ගේට්ටුවෙන් පිටතට පැමිණි ආරක්ෂක නිළධාරි මහත්මා මෙසේ පැවසීය: "අනේ නායක ස්වාමීන්වහන්ස, ඔබවහන්සේට තානාපති ලේකම්තුමිය කෝල් එකක් ඇරන්, නමුත් ඔබවහන්සේ ආන්සර් කළේ නෑ. (ජීප් රථයට u -turn ගසා ගේට්ටුව ළඟට එන ලෙසට සඥා කරමින්) ඔබවහන්සේ VIP ආරාධානවකටනේ වඩින්නේ, ජීප් එකෙන්ම අර ගේට්ටුවෙන් ඇතුළට වඩින්න."
ජීප් රථයට ගොඩවෙන ගමන් අර අපහාස වචන කියූ දෙදෙනා දෙස බලා මම මෙසේ පැවසුවෙමි: "Good luck with your visa application, sirs!” මා එසේ කිව්වේ සිනාසෙමිනි. එවිට වීසා පෝලිමේ සිටි ද්‍රවිඩ නෝනා මහත්මියක් සිංහලෙන් මෙසේ කීවාය: "අපේ රටේ ස්වාමී කෙනෙකුට ලොකු රෙස්පෙක්ට් එකක් ලැබිලා, සතුටුයි." එතුමිය එසේ කිව්වේ අර සිංහලයන් දෙදෙනාටද ඇසෙන ලෙසට විය යුතුය.
තානාපති කාර්‍යාලයේ ගිලන්පස වළඳා තානාපතිතුමිය සමඟ පැවති පැය දෙකක සාකච්ඡාවෙන් පසුව ජීප් රථයට යාමට දොරෙන් එළියට එනවිට ඊට සමාන්තරව පැවති වීදුරු බිත්තියකින් වෙන්වූ තිබුණු කොටසෙහි පිහිටි දොරටුවෙන් වීසා සම්මුඛ පරීක්ෂණ අවසන්ව පිටව යන පස් හය දෙනෙක් අතර අර සිංහලයන් දෙදෙනාද යනු දුටිමි. 'ඔවුනට විසා ලැබුණානම් හොඳයි,' ඒ මගේ සිතුවිල්ලයි.
ජීප් රථයට නැගී VIP ගේට්ටුවෙන් පිටතට පැමිණ ගෝස්ෆේස් දිසාවට ජීප් රථය හරවද්දී පාර අයින දිගේ අප යන දෙසටම ඇවිද යමින් සිටි අර සිංහලයන් දෙදෙනාගෙන් 'එහෙ ගිහින් පදමට ගහලා ගෑණුත් එක්ක නිදි වදියි' කියූ පුද්ගලයා මෙසේ කියනු ඇසින; "හු......වේ.....රිජෙක්ට් කළානේ කෝටි දෙකක් පෙන්නුවත්."
වෙනත් වාහනයක් සඳහා ජීප් රථය හෝන් ගැසූවිට ඔවුන් ජීප් රථය දෙස බැලූවිට ඔවුන්ගේ සහ මගේ නෙත් ගැටින. මා ඔවුන් දෙස බලා සිනා සී මගේ පැත්තේ වීදුරුව ඉහළට දමා වසා දැම්මෙමි. මට ඔවුන් කෙරෙහි ඇතිවුනේ සහකම්පනයකි.
'කීපදෙනෙක් කරන වැරදි නිසා සමස්ථ සංඝයාම බැණුම් අහනවා' යනු අර්ධ සත්‍යයකි. ලෝක ආගමික ඉතිහාසය පුරාම පැවිද්දාට ඉරිසියා කරන ගිහියෝ සිටියහ. මගෙන්ම උදව් ගත් එංගලන්තයේ අමෙරිකාවේ කැනඩාවේ සහ ශ්‍රී ලංකාවේ බොහෝ අය මට කළ අපහාස නොදන්නා සේ අදටත් ඔවුනට උදව් කරමි. ගිහියාගේ උදහසට ලක්වීමට පැවිද්දා වරදක් කිරීමටම අවශ්‍ය නැත. ඔවුන්ගේ ස්වභාවික ඉරිසියාව ඒ උදහස සඳහා ප්‍රමාණවත් ය.
වසර 17ක ට පෙර මා දැන සිටි භික්ෂූන් කෙරෙහි ස්වභාවික ඉරිසියාවෙන් පෙළුනු කෙනෙකුට තම පිළිකා රෝගය සුව කර ගැනීමට මම උපකාර කළෙමි. පෙර තිබූ භික්ෂුන් කෙරෙහි වූ ඉරිසියාව ඉවත් කරගත් ඔහුට පැවිදිවීමට ආශාවක් ඇතිවිය. ඔහු පැවිදි විය. පැවිදිවී සති දෙකකට පසු ඔහු මා ඇමතීය. 'සමාවෙන්න අම්මෝ හාමුදුරුවනේ, මම සිවුරු ඇරියා. සිවුරු දරලම බලන්න ඕනෑ ඒකේ අමාරුව. ඔබවහන්සේ කොහොම ඉන්නවද දන්නේ නෑ. මට දවස් හතරෙන් එපා වුනා ගිහියෝ නිකරුණේ කරන අපහාස අහලා. මට එක වතාවක් පංසලට ආපු එකෙකුගේ කණ පලන්න හිතුනා කිව්ව වල් කතාවකට.'
අද ඔහු වයස්ගතව භාවනානුයෝගි ජීවිතයක් ගත කරයි. ඒ කියූ දෙදෙනාට පසු කලෙකවත් වීසා ලැබුණානම් හොඳ ය.
අපහාස කරන්නා නිතරම මානසිකව චංචල අයෙකි. අපහාස විඳින්නා මානසිකව නිශ්චල වීමෙන් මනුෂ්‍යත්වය සහ ආධ්‍යාත්මය ආරක්ෂා වේ.
විදේශයෙන් ලැබුණු උපහාර මෙන්ම ඒ අමෙරිකානු තානාපති කාර්‍යාලයයේ ගේට්ටුව අසළදී ලැබුණු "උපහාරය" 😁 ද මම සම සිතින් ඉවසුවෙමි.
- පූජ්‍ය දේදුනුපිටියේ උපනන්ද හිමි විසිනි
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්