මහා කතුවර මාර්ටින් වික්‍රමසිංහ ශ්‍රීමතාණෝ..
මාර්ටින් වික්‍රමසිංහ කිව්වම ඔබට වීරයෙක් මැවෙනවා නම් ඔබ සුන්දර මනුෂ්‍යයෙක්. ලංකා සාහිත්‍ය කෙතේ මහා පහන් සිල ඔහුයි. ඔහු ගැන ලිපියක් ලියන්න අපි හරිම පුංචි වැඩියි. නමුත් අද එතුමන් පිළිබඳ සටහනක් තැබීම අනිවාර්යෙන් කළ යුත්තක්. ඇත්තටම පොළොවෙන් උපන් සාහිත්‍යකරු ඔහුයි, කොක්ගල වෙරළේ ඇවිද ගිය ඔහු, මුහුදු රැල්ලෙන් පා තෙමූ ඔහු, සිප්පි කටුවෙන් විද්‍යාව දැනගත් ඔහු, අපට දුන් දේ බොහෝයි. සාහිත්‍යයේ ඉමටත් එහාට සුන්දරත්වය දුටු ඔහු ඒවා වචන කලේ විශ්ව කර්මයෙක් ලෙසයි.
ගාලු දිස්ත්‍රික්කයේ කොග්ගල ග්‍රාමයේ 1890 මැයි 29 වෙනිදා ළමා හේවගේ දොන් මාටින් වික්‍රමසිංහයන් උපත ලැබුවා. වයස අවුරුදු පහේදී සිංහල හෝඩිය උගත් ඔහුට හිතෝප දේශය කට පාඩමින් කීමේ හැකියාව තිබුනි.. අවුරුදු හතේදී ගාල්ලේ බොන විස්ටා විද්‍යාලයට බැඳී ඉංග්‍රීසි අධ්‍යාපනය හොඳින් කරගෙන ගිය ඔහු ලතින් භාෂාවටද හපන්කම් දැක්වුවා. අවුරුදු දහසයේදී පාසල හැරර ගිය වික්‍රමසිංහයන් රැකියාවක් සඳහා කොළඹට පැමිණියා.
1916 දී දිනමිණ පත්‍රයෙන් ඔහු තමන්ගේ පුවත්පත් කලාව අත පොත් තබනු ලැබුවා. 1932 දී ඔහු දිනමිණ පත්‍රයේ ප්‍රධාන සංස්කාරක දුරයෙන් පිදුම් ලැබුවා.
1917 දී ලීලා නවකතාව ලිවීමෙන් ඔහුගේ නවකතා සාහිත්‍යකරණය ආරම්භ කෙරිණි.. ඉන් පසු සෝමා, ආයිරාංගනී, සීතා , මිරිඟු දිය, උන්මාද චිත්‍රා රෝහිනි , ගම් පෙරළිය මඩොල් දූව, යුගාන්තය , විරාගය , කලියුගය කරුවල ගෙදර , බව තරුණය ආදී ශ්‍රේෂ්ඨ නවකතා අප සාහිත්‍ය ලෝකයට දායාද කෙරුණා.
එමෙන්ම ගැහැණියක් , මගුල් ගෙදර පව්කාරයාට ගල් ගැසීම අපූරු මුහුණ, හඳ සාක්කි කීම, මාර යුද්ධය , මගේ කතාවක් වහල්ලු, යන කෙටිකතා සංග්‍රහයන්ද සාහිත්‍ය ලොවට ගෙන එනු ලැබීය.
ඊට අමතරව විද්‍යා නවකතාවන් සහ දර්ශනය මූලුක වූ සත්ව සංහතිය , බව කර්මවිකාශය , මානව විද්‍යාව හා බෞද්ධ විඤ්ඤාණ වාදය වැණි පුළුල් මාතෘකා යටතේද පොත් පල කරනු ලැබුවා ඊට අමතරව සාහිත්‍ය අද්‍යාපනය ,විචාර දර්ශනවාදී , පොත් රාශියක් ශ්‍රී ලාංකික අප වෙනුවෙන් පුදනු ලැබුවා.මාර්ටින් වික්‍රමසිංහයන්ගේ පොත් බල්ගේරියාව, බ්‍රිතාන්‍ය රුමේනියාව , චීනය , ප්‍රංශය ජපානය ,රුසියාව යන රටවල්වල මෙන්ම දෙමළ භාෂාවට ද පරිවර්තනය කරනු ලැබිණි. 1976 ජූලි 23 වැනිදා තම අවසන් සුසුම ගන්නා තුරුම අප සාහිත්‍ය ලෝකයට එතුමන් කළ මෙහෙය අපරිමාණයි. ඉන් පසුව සාහිත්‍ය ලෝකය මේ තරමින් බබළවන්නට කිසිවෙකුත් ලංකාවේ බිහි වුණේ නැහැ. එම රික්තකය මොනතරම්ද යනුවෙන් අපට බලා ගැනීමට හැකි වන්නේ සාහිත්‍ය පිළිබඳ කිසිදු හැඟීමක් නැති එහි වටිනාකමක් නොදන්නා මිනිසුන්ගේ අඳ බාල ප්‍රකාශයන්ගෙන්. ගරු අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විසින් මාර්ටින් වික්‍රමසිංහ මහතාට යවන ලද ලිපියක පිටපතක් ඔබට මෙහි දැකගත හැකියි. එදා සිටි රාජ්‍ය නායකයින් මේ මහා ගත්කතුවරයාට කළ ගරු බුහුමන් මෙහිදී අපට දැක ගත හැකියි.
- රුවන් අබේගුණවර්ධන
(අන්තර්ජාජයෙන් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..