News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගෙ යාපනය සහ නුවරඑළිය සංචාරයන් ඔහුගෙ සහ රටේ අනාගතයෙ දිශානතිය තීරණය කරනු ඇත..

Feb 12, 2026 at 03:32 PM
|

අනුරගෙ යාපනය සහ නුවරඑළිය සංචාරයන් වලදි ජනතාව ඒකරාශී වීම ෆොටෝ ෂූට් එකක්, නාට්‍යයක් නොවේනම් එය රටක් විදිහට දකුණෙ ජනතාව ලැබූ ජයග්‍රහණයකි. 

එහෙත් නිදහස් උත්සවයෙ ජනාධිපතිගෙ කැත චායාරූප ගත් කණ්ඩායම එළවා දමා ජනාධිපති මාධ්‍ය අංශයට අලුතින් බඳවා ගෙන ඇති චායාරූප ශිල්පීන් එළියට දාන චායාරූප මල් නාට්‍ය  වල රූපරාමු සේය. ඒ නිසා ඒවා ව්‍යාජ රංගනයක්දැයි සැක සිතේ.

එය එසේ නොවේ යැයි උපකල්පනය කර මම මගේ අදහස ලියන්නෙම්...

උතුරු නැගෙනහිර සහ උඩරට වතුකරයෙ නිල නොවන ආධිපත්‍යය හිමි ඉන්දියාවට බව දේශපාලනයෙ අ යනු ආ යනු කියවන්න හැකි ඕන කෙනෙක් දන්නවා රහසකි. ද්‍රවිඩ ජනතාවගෙ චන්ද අභිලාෂයන් තීරණය කරන්නෙ ඉන්දීය පාලක දේශපාලනයයි. යාපනය යනු නිල නොලත් තමිල්නාඩුවකි.

මෙන්න මේ තමන්ගෙ ආධිපත්‍යය දකුණෙ නායකයෙක් සතු වෙනවාට ඉන්දියාව කැමති වේවිද...?

ගැටළුව එයයි...

කැමති වෙනවා නම් කැමති වෙන්නෙ එකම එක හේතුවකට පමණි. එනම් ඒ නායකයා තමන්ගෙ අණසකට යටත් ද්‍රවිඩ දේශපාලන පක්ෂ වලටත් වඩා සුචච කීකරු,  ඉජූ ඉජූ කිව්වාම නැට්ට වනන තමන්ගෙ ව්‍යාපාරික සහ භූ දේශපාලනික අවශ්‍යතා ඉෂ්ඨ කර ගත හැකි රූකඩ නායකයෙක් නම් පමණි.

අනුර සහ ආණ්ඩුව ඉතාමත් වේගයෙන් එම ඉන්දියානු ව්‍යාප්තවාදයෙ බූවල්ලා විසින් ග්‍රහණය කරගනිමින් ඇත. ශ්‍රී ලංකාවෙ කොන්ද පණ නැති දුර්වල නායකයෙක් පත් කිරීම ඉන්දියාවෙ අරමුණයි. එවිට ඔවුන්ගෙ අභිප්‍රායන් ජයග්‍රහණය කිරීමට පහසුය.

2015 මහින්ද රාජපක්ෂ ගෙදර යවා සිරිසේන ගෙන ඒමත්, 2019 තමන්ගෙ කැමැත්තෙන් තොරව බලයට ආ ගෝඨාභය නියමිත කාලයට කලින් ගෙදර යැවීමත්, තමන්ගෙ අණසකට යටත් කර ගත හැකි යැයි සිතූ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවෙ අණසකට යටත් නොවි ජාතිකවාදී කඳවුර සහ අත්වැල් බැඳගත් හෙයින් ඔහුව පන්නා දමා දේශපාලන බෙලහීන, අත්දැකීම් රහිත නායකයෙක් වන අනුර කුමාර දිසානායක මේ රටේ නායකයා කිරීමත් පසුපස ඉන්නා ප්‍රබලතම සාධකය ඉන්දියාවයි. 

භූදේශපාලනය කියවගන්න පුළුවන් අයෙකුට එය කියවා ගැනීම එතරම් අසීරු නැත. ( Geopolitics නොදන්නා එවුන් කමෙන්ට්ස් වල කුණුහරුප වපුරනු ඇත)

චීනය තමන්ගෙ වේගවත් ආර්ථික ගමන කරා යන සේද මාවත සංකල්පයෙහි ශ්‍රී ලංකාව ආර්ථික මර්මස්ථානයකි. චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික ආධිපත්‍යය පැතිරවුවහොත් ඔවුන් සමඟ නිරතුරුවම ආර්ථික යුද්ධයක නියැලී සිටින ඉන්දියාවට එය තර්ජනයකි.

එම නිසා දේශපාලනික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවද ශ්‍රී ලංකාව වැදගත් සන්ධිස්ථානයකි. 

ඉන්දියාව වසරක් තුළ දි ජනාධිපති අනුරත්, අගමැති හරිනිත් ඉන්දියාවට ගෙන්නා ගත්තේ ඒ නිසාය. එහෙත් ආණ්ඩුව පාලනය කරන්නෙ ටිල්වින් සිල්වා ප්‍රමුඛ පැලවත්තෙ යටි බිම් ගත දේශපාලන කණ්ඩායම වන බැවින් ඉන්දියාව මෑතකදි ටිල්වින්වද ඉන්දියාවට ගෙන්නා ගත්තේය. ( චීනයෙ නියෝජිතයන් පැලවත්තටම ගොස් ටිල්වින් හමු වන්නේද ඒ නිසාය)

සාම්ප්‍රදායික උතුරේ ද්‍රවිඩ පක්ෂ සහ වතුකරයෙ වෘත්තීය සමිති ( පසුකාලීනව දේශපාලන පක්ෂ නායකයන් වූයේ එම වෘත්තීය සමිති නායකයින්ය ) තමන්ව රැවැට්ටුවා යැයි යන මතයක් ද්‍රවිඩ ජනතාව තුළ ඇත. 

එහෙත් ඔවුන්ට ඒ පක්ෂ හැර විකල්පයක් තිබුණේ නැත...

එහෙත් දැන් ඔවුන්ට දකුණු ඉන්දීයානු චිත්‍රපටියක මෙන් රළු, ගොරෝසු පෙනුමක් ඇති දකුණෙ විකල්ප සිංහල නායකයෙක් හමුව ඇත. 

ද්‍රවිඩ ජනතාවගෙ සාමාන්‍ය ජීවතයෙ පදනම තොරොම්බල් දකුණු ඉන්දියානු චිත්‍රපටයි. යාපනයෙ සහ කඳුකරයෙ සෑම නිවසකම බලන්නෙ තමිල්නාඩු දූර්දර්ශන් චැනලයයි. අනුර ගෙ බාහිර පෙනුම සහ තමන්ගෙ එකෙක්යැයි ඔවුන්ට වැලඳ ගත හැකිය. එමෙන්ම ඔහුගෙ පහළ මධ්‍යම පන්තික හැසිරීම ද්‍රවිඩ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම පුදුමයක් නොවේය.

අනුරගෙ දේශපාලන අනාගතය තීරණය වන්නෙ දැන්ය...

ඔහු ලක්ෂ 25 ක් පමණ වන ද්‍රවිඩ චන්ද පදනම වෙනුවෙන් ලක්ෂ 150 ක් පමණ වන සිංහල චන්ද සහ මුස්ලිම් චන්ද පදනම බිල්ලට දෙයිද...? 

මේ වන විට දකුණේ බුද්ධිමත් ජනතාව අනුර සහ ආණ්ඩුවෙන් වේගයෙන් විතැන් වෙමින් ඇත. ඒ නිසා අනුර ද්‍රවිඩ ජනතාව පසුපස යාම ස්වභාවික තත්වයකි.

මෙන්න මේ තත්වයට උතුරේ ද්‍රවිඩ සාම්ප්‍රදායික පක්ෂයන් වන දෙමළ ජාතික සන්ධානය (TNA), ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) වැනි පක්ෂ  සහ වතුකරයේ ලංකා කම්කරු කොන්ග්‍රසය (CWC) සහ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය (DPA) කෙලෙස ප්‍රතිචාර දක්වයිද...?

ඔවුන් ඔවුන්ගේ බලය සහ ග්‍රහණය එහෙම ලේසියෙන් අත්හරීවිද...? ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලය අහිමි වන විට ඔවුන් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන විකල්ප ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙයිද...?

එවිට ඉන්දියාවෙ භූමිකාව කෙසේ වේවිද...?

උතුරෙ ජනතාව සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාව සමග කරන දේශපාලන ගනුදෙනුව දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩකි. තමන්ගෙ ජීවිත කාලයම විවේචනාත්මක සහ කැරලිකාර දේශපාලන ක්‍රියාමාර්ගයක නිරත වූ අනුර ප්‍රමුඛ කණ්ඩායම මේ උභතෝකෝටිකය කෙසේ කලමණාකරනය කර ගනීවිද...?

දකුණේ සිංහල ජනතාව රවටනවාට වඩා දකුණේ නව නායකයා දෙස බලාපොරොත්තු සහගතව සිටින උතුරේ සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාව රැවට්ටීමෙ ආදිනාව භයානක ප්‍රතිඵල ගෙන දෙනවා ඇත. බොරුව සහ රැවටීම කලාවක් නම් අනුර එහි පිකාසො බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වතුර රත්වන තුරු අනුර සහ කණ්ඩායම දේශපාලන දිය හැලියෙ දියබූං ගසනු ඇත. නටනු ඇත. ප්‍රීතිවනු ඇත.. අනුර මේ කරන්නෙ දාන් ඇදීමකි. එකෙක් කපා බිල්ලට දී තමා ඔහු  දාන් යාමටය. එහෙත් සෙල්ලම ලෙල්ලම වුවහොත් අවසානයේදී නැවතත් ටිංකිරි කන්න වෙන්නෙ මේ රටේ ජනතාවටය. ඒ නිසා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් අනුර කරන මේ මජර ක්‍රියාව නැවැත්විය යුතුය. මක්නිසාද යත් අප මෑත කාලයේදී බිහිසුණු අත්දැකීම් විඳ ඇති රටක් සහ ජාතියක් නිසාය.

- නිලන්ත සත්සර ගමගේ

(මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.