News Category
From Date
To Date
Maximum Number of Result

අනුරගෙ යාපනය සහ නුවරඑළිය සංචාරයන් ඔහුගෙ සහ රටේ අනාගතයෙ දිශානතිය තීරණය කරනු ඇත..

Feb 12, 2026 at 03:32 PM
|

අනුරගෙ යාපනය සහ නුවරඑළිය සංචාරයන් වලදි ජනතාව ඒකරාශී වීම ෆොටෝ ෂූට් එකක්, නාට්‍යයක් නොවේනම් එය රටක් විදිහට දකුණෙ ජනතාව ලැබූ ජයග්‍රහණයකි. 

එහෙත් නිදහස් උත්සවයෙ ජනාධිපතිගෙ කැත චායාරූප ගත් කණ්ඩායම එළවා දමා ජනාධිපති මාධ්‍ය අංශයට අලුතින් බඳවා ගෙන ඇති චායාරූප ශිල්පීන් එළියට දාන චායාරූප මල් නාට්‍ය  වල රූපරාමු සේය. ඒ නිසා ඒවා ව්‍යාජ රංගනයක්දැයි සැක සිතේ.

එය එසේ නොවේ යැයි උපකල්පනය කර මම මගේ අදහස ලියන්නෙම්...

උතුරු නැගෙනහිර සහ උඩරට වතුකරයෙ නිල නොවන ආධිපත්‍යය හිමි ඉන්දියාවට බව දේශපාලනයෙ අ යනු ආ යනු කියවන්න හැකි ඕන කෙනෙක් දන්නවා රහසකි. ද්‍රවිඩ ජනතාවගෙ චන්ද අභිලාෂයන් තීරණය කරන්නෙ ඉන්දීය පාලක දේශපාලනයයි. යාපනය යනු නිල නොලත් තමිල්නාඩුවකි.

මෙන්න මේ තමන්ගෙ ආධිපත්‍යය දකුණෙ නායකයෙක් සතු වෙනවාට ඉන්දියාව කැමති වේවිද...?

ගැටළුව එයයි...

කැමති වෙනවා නම් කැමති වෙන්නෙ එකම එක හේතුවකට පමණි. එනම් ඒ නායකයා තමන්ගෙ අණසකට යටත් ද්‍රවිඩ දේශපාලන පක්ෂ වලටත් වඩා සුචච කීකරු,  ඉජූ ඉජූ කිව්වාම නැට්ට වනන තමන්ගෙ ව්‍යාපාරික සහ භූ දේශපාලනික අවශ්‍යතා ඉෂ්ඨ කර ගත හැකි රූකඩ නායකයෙක් නම් පමණි.

අනුර සහ ආණ්ඩුව ඉතාමත් වේගයෙන් එම ඉන්දියානු ව්‍යාප්තවාදයෙ බූවල්ලා විසින් ග්‍රහණය කරගනිමින් ඇත. ශ්‍රී ලංකාවෙ කොන්ද පණ නැති දුර්වල නායකයෙක් පත් කිරීම ඉන්දියාවෙ අරමුණයි. එවිට ඔවුන්ගෙ අභිප්‍රායන් ජයග්‍රහණය කිරීමට පහසුය.

2015 මහින්ද රාජපක්ෂ ගෙදර යවා සිරිසේන ගෙන ඒමත්, 2019 තමන්ගෙ කැමැත්තෙන් තොරව බලයට ආ ගෝඨාභය නියමිත කාලයට කලින් ගෙදර යැවීමත්, තමන්ගෙ අණසකට යටත් කර ගත හැකි යැයි සිතූ රනිල් වික්‍රමසිංහ ඉන්දියාවෙ අණසකට යටත් නොවි ජාතිකවාදී කඳවුර සහ අත්වැල් බැඳගත් හෙයින් ඔහුව පන්නා දමා දේශපාලන බෙලහීන, අත්දැකීම් රහිත නායකයෙක් වන අනුර කුමාර දිසානායක මේ රටේ නායකයා කිරීමත් පසුපස ඉන්නා ප්‍රබලතම සාධකය ඉන්දියාවයි. 

භූදේශපාලනය කියවගන්න පුළුවන් අයෙකුට එය කියවා ගැනීම එතරම් අසීරු නැත. ( Geopolitics නොදන්නා එවුන් කමෙන්ට්ස් වල කුණුහරුප වපුරනු ඇත)

චීනය තමන්ගෙ වේගවත් ආර්ථික ගමන කරා යන සේද මාවත සංකල්පයෙහි ශ්‍රී ලංකාව ආර්ථික මර්මස්ථානයකි. චීනය ශ්‍රී ලංකාවේ ආර්ථික ආධිපත්‍යය පැතිරවුවහොත් ඔවුන් සමඟ නිරතුරුවම ආර්ථික යුද්ධයක නියැලී සිටින ඉන්දියාවට එය තර්ජනයකි.

එම නිසා දේශපාලනික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවද ශ්‍රී ලංකාව වැදගත් සන්ධිස්ථානයකි. 

ඉන්දියාව වසරක් තුළ දි ජනාධිපති අනුරත්, අගමැති හරිනිත් ඉන්දියාවට ගෙන්නා ගත්තේ ඒ නිසාය. එහෙත් ආණ්ඩුව පාලනය කරන්නෙ ටිල්වින් සිල්වා ප්‍රමුඛ පැලවත්තෙ යටි බිම් ගත දේශපාලන කණ්ඩායම වන බැවින් ඉන්දියාව මෑතකදි ටිල්වින්වද ඉන්දියාවට ගෙන්නා ගත්තේය. ( චීනයෙ නියෝජිතයන් පැලවත්තටම ගොස් ටිල්වින් හමු වන්නේද ඒ නිසාය)

සාම්ප්‍රදායික උතුරේ ද්‍රවිඩ පක්ෂ සහ වතුකරයෙ වෘත්තීය සමිති ( පසුකාලීනව දේශපාලන පක්ෂ නායකයන් වූයේ එම වෘත්තීය සමිති නායකයින්ය ) තමන්ව රැවැට්ටුවා යැයි යන මතයක් ද්‍රවිඩ ජනතාව තුළ ඇත. 

එහෙත් ඔවුන්ට ඒ පක්ෂ හැර විකල්පයක් තිබුණේ නැත...

එහෙත් දැන් ඔවුන්ට දකුණු ඉන්දීයානු චිත්‍රපටියක මෙන් රළු, ගොරෝසු පෙනුමක් ඇති දකුණෙ විකල්ප සිංහල නායකයෙක් හමුව ඇත. 

ද්‍රවිඩ ජනතාවගෙ සාමාන්‍ය ජීවතයෙ පදනම තොරොම්බල් දකුණු ඉන්දියානු චිත්‍රපටයි. යාපනයෙ සහ කඳුකරයෙ සෑම නිවසකම බලන්නෙ තමිල්නාඩු දූර්දර්ශන් චැනලයයි. අනුර ගෙ බාහිර පෙනුම සහ තමන්ගෙ එකෙක්යැයි ඔවුන්ට වැලඳ ගත හැකිය. එමෙන්ම ඔහුගෙ පහළ මධ්‍යම පන්තික හැසිරීම ද්‍රවිඩ ජනතාවගේ ආකර්ෂණය දිනා ගැනීම පුදුමයක් නොවේය.

අනුරගෙ දේශපාලන අනාගතය තීරණය වන්නෙ දැන්ය...

ඔහු ලක්ෂ 25 ක් පමණ වන ද්‍රවිඩ චන්ද පදනම වෙනුවෙන් ලක්ෂ 150 ක් පමණ වන සිංහල චන්ද සහ මුස්ලිම් චන්ද පදනම බිල්ලට දෙයිද...? 

මේ වන විට දකුණේ බුද්ධිමත් ජනතාව අනුර සහ ආණ්ඩුවෙන් වේගයෙන් විතැන් වෙමින් ඇත. ඒ නිසා අනුර ද්‍රවිඩ ජනතාව පසුපස යාම ස්වභාවික තත්වයකි.

මෙන්න මේ තත්වයට උතුරේ ද්‍රවිඩ සාම්ප්‍රදායික පක්ෂයන් වන දෙමළ ජාතික සන්ධානය (TNA), ද්‍රවිඩ ජාතික ජනතා පෙරමුණ (TNPF) වැනි පක්ෂ  සහ වතුකරයේ ලංකා කම්කරු කොන්ග්‍රසය (CWC) සහ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය (DPA) කෙලෙස ප්‍රතිචාර දක්වයිද...?

ඔවුන් ඔවුන්ගේ බලය සහ ග්‍රහණය එහෙම ලේසියෙන් අත්හරීවිද...? ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන බලය අහිමි වන විට ඔවුන් නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී නොවන විකල්ප ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වෙයිද...?

එවිට ඉන්දියාවෙ භූමිකාව කෙසේ වේවිද...?

උතුරෙ ජනතාව සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාව සමග කරන දේශපාලන ගනුදෙනුව දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩකි. තමන්ගෙ ජීවිත කාලයම විවේචනාත්මක සහ කැරලිකාර දේශපාලන ක්‍රියාමාර්ගයක නිරත වූ අනුර ප්‍රමුඛ කණ්ඩායම මේ උභතෝකෝටිකය කෙසේ කලමණාකරනය කර ගනීවිද...?

දකුණේ සිංහල ජනතාව රවටනවාට වඩා දකුණේ නව නායකයා දෙස බලාපොරොත්තු සහගතව සිටින උතුරේ සහ වතුකරයේ ද්‍රවිඩ ජනතාව රැවට්ටීමෙ ආදිනාව භයානක ප්‍රතිඵල ගෙන දෙනවා ඇත. බොරුව සහ රැවටීම කලාවක් නම් අනුර එහි පිකාසො බව අමුතුවෙන් කිව යුතු නොවේ.

වතුර රත්වන තුරු අනුර සහ කණ්ඩායම දේශපාලන දිය හැලියෙ දියබූං ගසනු ඇත. නටනු ඇත. ප්‍රීතිවනු ඇත.. අනුර මේ කරන්නෙ දාන් ඇදීමකි. එකෙක් කපා බිල්ලට දී තමා ඔහු  දාන් යාමටය. එහෙත් සෙල්ලම ලෙල්ලම වුවහොත් අවසානයේදී නැවතත් ටිංකිරි කන්න වෙන්නෙ මේ රටේ ජනතාවටය. ඒ නිසා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් අනුර කරන මේ මජර ක්‍රියාව නැවැත්විය යුතුය. මක්නිසාද යත් අප මෑත කාලයේදී බිහිසුණු අත්දැකීම් විඳ ඇති රටක් සහ ජාතියක් නිසාය.

- නිලන්ත සත්සර ගමගේ

(මුහුණු පොතින්)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.