අමරකීර්ති අතුකෝරල ඝාතනය කිරීමේ වරදට අධිකරණය ලබා දුන් ඵෙතිහාසික නඩු තීන්දුව..
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා ඝාතනය කිරීමේ වරදට දොලොස් දෙනෙකුට අද මරණ දඬුවම හිමිවී තිබෙනවා. ගරු අධිකරණය ලබා දුන් තීන්දුව ඉතාම සාධාරණ සහ ඵෙතිහාසික තීන්දුවක්...
"ආදරයේ අරගලය" වගේ තොඳොල් වචන කියාගෙන පටන් ගත් එම ඊනියා අරගලය
"ග|හපිය,ගි|නි තියපිය" මට්ටමට රැගෙන එන්නට
ජවිපෙ/පෙරටුගාමී ඇතුලු එම අරගලයේ නිරත වූ දේශපාලන නායකයන්,එම පක්ෂවලට සම්බන්ධ කළාකරුවන් ඇතුලු පිරිස්,යූටියුබ් කරුවන් ඇතුලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් යැයි කියාගත් පිරිස් විවිධ ප්‍රකාශ නිකුත් කරමින් තරුණ පිරිස් අතර වෛරය වැපිරවීමට කටයුතු කරනු අප දුටුවා..
මේ අමරකීර්ති ඝාතනය එකී වෛරය වැපිරවීමේ කූඨප්‍රාප්තියයි...
පසුව රට ගිනිගද්දී "නිවෙමු නිවමු" කියමින් එම කලහකාරී පිරිස් සංසුන් කරන්නට දැඟලුවත් විය යුත්ත ඒ වන විටත් සිදුවී අවසන්ව තිබුනා..
මෙම වරදට මරණ දඬුවම හිමිවු දොලොස් දෙනාට අමතරව එම පිරිස් ඇවිස්සීමට වෛරය පැතිරවු එකී පක්ෂ සහ දේශපාලන කණ්ඩායම්වල නායකයින්, සමාජ මාධ්‍යවල වෛරය පැතිරවු කළාකරුවන්, සහ මයික් උස්සාගෙන එහෙ මෙහෙ දුවමින් දැඟලු යුටියුබ් චැනල්කාරයන් මෙහි වක්‍ර චූදිතයන් බවට කිසිම සැකයක් නෑ..
උත්තරීතර අධිකරණයේ මෙම තීන්දුව අනාගත සමාජයට ලබා දෙන හොඳ පණිවිඩයක්..එක එකාගේ දේශපාලන අරමුණු වෙනුවෙන් වෛරය සහ කලහකාරීත්වය පතුරවන අවස්ථාවාදී කුප්‍රකට දේශපාලන ව්‍යාපාර,කලාකරුවන් සහ සමාජමාධ්‍ය ක්‍රියාකාරීන් වැනි අයගේ පවිටු දුෂ්ඨ කතා අසා සීමාව ඉක්මවා යමින් සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවීම අවසානයේ තමන්ගේ විනාශය ලඟා කරගැනීමක් බව මතු පරම්පරාව මෙයින් ඉගෙන ගතයුතු පාඩමයි..
-මාලින්ද ඩයස්-
(මුහුණු පොතින්)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..