සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණ කිසිවක් දකින්න කැමති නැති චම්පික රණවක..
චම්පික රණවක යූ ටියුබ් නාලිකාවක් හරහා කරණ සාකච්ඡාවන් සාමාන්යෙන් මම අහනවා. ඒ අහන්නේ සහ බලන්නේ චම්පික කියන පුද්ගලයා කෙරෙහි පුර්ව අවබෝධයක් සහිතව.සමීප ඇසුරක් නොතිබුණත් ඔහු ගැන මා දන්නේ 1987 වගේ කාලයක ඉඳලා. ඔය චම්පිකලා, රතනලා, ගෙවිඳුලා,පැස්කුවෙල්ලා ගැන අතැඹුලක් සේ අපි දන්නවා.
චම්පිකට ඔහුටම අනන්‍ය වූ පෞද්ගලික ටාර්ගට් එකක් තියෙනවා. කෙසේ හෝ වේගයෙන් ඉහළ යාමේ අරමුණු ඔහුට තියෙනවා. ජාතික නායකයෙකු වීමේ සිහිනයක් තියෙනවා.(ඒක ඔහුගේ පරම අයිතියක්) ජාතියද ආගමද දේශ මාමකත්වයද,ඒ ඕන දෙයක් ඒ අරමුණ වෙනුවෙන් ඔහු පාවිච්චි කරණවා.තමන් සතු හැකියාවන් හරහා තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට එදා පටන් ඔහු ලොකු උත්සාහයක් ගන්නවා.
චම්පිකට කොතරම් දැනුම තිබුණත්, හැකියාවන් තිබුණත් ඔහු වාමාංශික දේශපාලනයට වෛර කරණ කෙනෙක්.වාමාංශික දේශපාලනය කියන්නේ පීඩිත පන්තියේ යහපත වෙනුවෙන් කරණ දේශපාලනයට.ඒ දේශපාලනය හරහා ගිහින් චම්පිකට පෞද්ගලිකව ඔහුගේ ටාර්ගට් වලට යන්න අමාරුයි. මොකද වාමාංශික දේශපාලනය කරණවා නම් බොහෝ දුරට පෞද්ගලිකත්වය අත්හරින්න වෙනවා. නිස්සරණධ්‍යාශයෙන් කැප කිරීම් පරිත්‍යාගයන් කරන්න වෙනවා. පොදු අරමුණක් වෙනුවෙන් කට්ට කන්න වෙනවා. හිරේ විලන්ගුවේ වැටෙන්න වෙනවා. මාර පොරක් වෙලා සමාජයේ බැබලෙන්න හිතන අයට ඒ නිසා වම සෙට් වෙන්නේ නෑ. ඒ වගේම ඔහු සමාජවාදයට වෛර කරණවා.ජාතිය ආගම දේශප්‍රේමය වගේ මාතෘකා හරහා ඉක්මනින් බැබලෙන්න පුළුවන් කියලා ඔහු දන්නවා. ලංකාව වගේ රටක ඕන තක්කඩියෙකුට ජාතිය ආගම හරහා ගිහින් පහසුවෙන් සුපර්මෑන් කෙනෙක් වෙන්න පුළුවන්නේ!
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන චම්පික බොහොම ආශ්වාදයෙන් යුතුව නිතර කථාකරණ බව පේනවා. කියුබාව සම්බන්ධ ඔහුගේ විග්‍රහයේ දී පිදෙල් කැස්ත්රෝ සමාජවාදී ප්‍රතිපත්ති වලින් වෙන් කරලා වෙනම අරන් අගය කරණවා. ඔහු බැටිස්ටාගේ පාලනය සමුර්ධිමත් එකක් ලෙස දකිනවා. එහෙත් ඔහු ඒකාධිපතියෙක් බව පමණක් නොකියා බැරි නිසා කියනවා. කියුබානු සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කළ දවසේ පටන් අද දක්වා දිගින් දිගටම ඇමෙරිකාවෙන් කියුබාවට එල්ල වෙන තර්ජන ගර්ජන කුමන්ත්‍රණ සම්බාධක,කෙනෙහිලිකම් කඩාකප්පල් කාරී වැඩ පහසුවෙන් අමතක කරණ චම්පික රණවක එය සමාජවාදයේ අසාර්ථකත්වයක් ලෙස හුවාදක්වන්න උත්සාහ කරණවා. ඇත්තටම සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණ කිසිවක් ඔහු දකින්න කැමති නෑ. ඇමෙරිකන් අධිරාජ්‍ය වාදීන්ගේ අමානුෂීය තිරිසන් ක්‍රියාමාර්ග හමුවේ කියුබාව ඉතාමත් අසීරු තත්වයක මේ මොහොතේ පවතින බව ඇත්තක්! කියුබාව වැටුන ගමන් සමාජවාදී කථාව මෙතනින් අවසන් වෙන බව චම්පික හිතනවා.කියුබාව වැටුනත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවට බඩගින්න මන්දපෝෂණය විරැකියාව යුධබිය පමණක් උරුමකර දුන් කොල්ල කාරී, මිනීමරු ,වියරු දුෂිත ලෝක ධනවාදයේ හා අධිරාජ්‍ය වාදයේ මර ලතෝනිය හමුවේ සමාජවාදී සමාජයක් පිළිබද විශ්වාසය ශක්තිමත් වෙනවා මිස එය බිඳ වැටෙන්නේ නෑ. ඒ විශ්වාසය බිඳ දමන්න උන් සමත්වන්නේ ද නෑ.
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..
මහානායක අතිපූජ්ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්රශන 3ක් අහලා..