සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණ කිසිවක් දකින්න කැමති නැති චම්පික රණවක..
චම්පික රණවක යූ ටියුබ් නාලිකාවක් හරහා කරණ සාකච්ඡාවන් සාමාන්යෙන් මම අහනවා. ඒ අහන්නේ සහ බලන්නේ චම්පික කියන පුද්ගලයා කෙරෙහි පුර්ව අවබෝධයක් සහිතව.සමීප ඇසුරක් නොතිබුණත් ඔහු ගැන මා දන්නේ 1987 වගේ කාලයක ඉඳලා. ඔය චම්පිකලා, රතනලා, ගෙවිඳුලා,පැස්කුවෙල්ලා ගැන අතැඹුලක් සේ අපි දන්නවා.
චම්පිකට ඔහුටම අනන්‍ය වූ පෞද්ගලික ටාර්ගට් එකක් තියෙනවා. කෙසේ හෝ වේගයෙන් ඉහළ යාමේ අරමුණු ඔහුට තියෙනවා. ජාතික නායකයෙකු වීමේ සිහිනයක් තියෙනවා.(ඒක ඔහුගේ පරම අයිතියක්) ජාතියද ආගමද දේශ මාමකත්වයද,ඒ ඕන දෙයක් ඒ අරමුණ වෙනුවෙන් ඔහු පාවිච්චි කරණවා.තමන් සතු හැකියාවන් හරහා තමන්ගේ ප්‍රතිරූපය ඉහළ නංවා ගැනීමට එදා පටන් ඔහු ලොකු උත්සාහයක් ගන්නවා.
චම්පිකට කොතරම් දැනුම තිබුණත්, හැකියාවන් තිබුණත් ඔහු වාමාංශික දේශපාලනයට වෛර කරණ කෙනෙක්.වාමාංශික දේශපාලනය කියන්නේ පීඩිත පන්තියේ යහපත වෙනුවෙන් කරණ දේශපාලනයට.ඒ දේශපාලනය හරහා ගිහින් චම්පිකට පෞද්ගලිකව ඔහුගේ ටාර්ගට් වලට යන්න අමාරුයි. මොකද වාමාංශික දේශපාලනය කරණවා නම් බොහෝ දුරට පෞද්ගලිකත්වය අත්හරින්න වෙනවා. නිස්සරණධ්‍යාශයෙන් කැප කිරීම් පරිත්‍යාගයන් කරන්න වෙනවා. පොදු අරමුණක් වෙනුවෙන් කට්ට කන්න වෙනවා. හිරේ විලන්ගුවේ වැටෙන්න වෙනවා. මාර පොරක් වෙලා සමාජයේ බැබලෙන්න හිතන අයට ඒ නිසා වම සෙට් වෙන්නේ නෑ. ඒ වගේම ඔහු සමාජවාදයට වෛර කරණවා.ජාතිය ආගම දේශප්‍රේමය වගේ මාතෘකා හරහා ඉක්මනින් බැබලෙන්න පුළුවන් කියලා ඔහු දන්නවා. ලංකාව වගේ රටක ඕන තක්කඩියෙකුට ජාතිය ආගම හරහා ගිහින් පහසුවෙන් සුපර්මෑන් කෙනෙක් වෙන්න පුළුවන්නේ!
ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන චම්පික බොහොම ආශ්වාදයෙන් යුතුව නිතර කථාකරණ බව පේනවා. කියුබාව සම්බන්ධ ඔහුගේ විග්‍රහයේ දී පිදෙල් කැස්ත්රෝ සමාජවාදී ප්‍රතිපත්ති වලින් වෙන් කරලා වෙනම අරන් අගය කරණවා. ඔහු බැටිස්ටාගේ පාලනය සමුර්ධිමත් එකක් ලෙස දකිනවා. එහෙත් ඔහු ඒකාධිපතියෙක් බව පමණක් නොකියා බැරි නිසා කියනවා. කියුබානු සමාජවාදී විප්ලවය ජයග්‍රහණය කළ දවසේ පටන් අද දක්වා දිගින් දිගටම ඇමෙරිකාවෙන් කියුබාවට එල්ල වෙන තර්ජන ගර්ජන කුමන්ත්‍රණ සම්බාධක,කෙනෙහිලිකම් කඩාකප්පල් කාරී වැඩ පහසුවෙන් අමතක කරණ චම්පික රණවක එය සමාජවාදයේ අසාර්ථකත්වයක් ලෙස හුවාදක්වන්න උත්සාහ කරණවා. ඇත්තටම සමාජවාදී විප්ලවයේ ජයග්‍රහණ කිසිවක් ඔහු දකින්න කැමති නෑ. ඇමෙරිකන් අධිරාජ්‍ය වාදීන්ගේ අමානුෂීය තිරිසන් ක්‍රියාමාර්ග හමුවේ කියුබාව ඉතාමත් අසීරු තත්වයක මේ මොහොතේ පවතින බව ඇත්තක්! කියුබාව වැටුන ගමන් සමාජවාදී කථාව මෙතනින් අවසන් වෙන බව චම්පික හිතනවා.කියුබාව වැටුනත් ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවට බඩගින්න මන්දපෝෂණය විරැකියාව යුධබිය පමණක් උරුමකර දුන් කොල්ල කාරී, මිනීමරු ,වියරු දුෂිත ලෝක ධනවාදයේ හා අධිරාජ්‍ය වාදයේ මර ලතෝනිය හමුවේ සමාජවාදී සමාජයක් පිළිබද විශ්වාසය ශක්තිමත් වෙනවා මිස එය බිඳ වැටෙන්නේ නෑ. ඒ විශ්වාසය බිඳ දමන්න උන් සමත්වන්නේ ද නෑ.
(මුහුණුපොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්