News Category
From Date
To Date
Maximum Number of Result

බොර තෙල් බැරලේ ඩොලර් 65 සිට 100 ට ගියා කියලා අනුර අමාරුවේ වැටිලා තියෙන තරම පේනවා නේද? ජාතියත් අමතලා පාර්ලිමේන්තුවත් ඇමතුවා. සිරසේ පැයෙන් පැය ලෝක වෙළඳපල ගැන දැනුවත් කරනවා.

ඔහු ශරීෆ් තාක්ෂණික විශ්වවිද්‍යාලයෙන් (Sharif University of Technology) ගණිතය සහ පරිගණක විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ඇති අතර, පසුව ටෙහෙරාන් විශ්වවිද්‍යාලයෙන් බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධිය සහ ආචාර්ය උපාධිය (PhD) ලබා ගෙන ඇත.

අපි හිතන්නේ ලෝකය පාලනය කරන්නේ ඇමරිකානු ජනාධිපති, පුටින් හරි චීන ජනාධිපති හරි කියලා නේද? හැබැයි ඒක සම්පූර්ණයෙන්ම වැරදියි! ලෝක දේශපාලනය කියන්නේ නිකන්ම නිකන් රූකඩ මඩුවක් විතරයි.

මචං, උඹලට මතකද 2002 අවුරුද්ද? ලෝකය අද තරම් fast නැති කාලයක්. ඒ කාලේ මම නැව් වල වැඩ කරද්දී Bandar Abbas, Iran වලට යනවා Strait of Hormuz හරහා. ඒ ගමන නිකම්ම Adventure එකක් නෙවෙයි මචං, ඒක මනුස්සකම ඉගෙන ගත්තු ලොකුම පාඩමක්.

ඉන්ධන මෙරට ජාතික ආරක්ෂාව සහ ආර්ථිකය සමග ගෙටගැසෙන බවත්, තෙල් සංස්ථාව ආණ්ඩුව සතු නොවුනේ නම් රට වැටෙන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති වීමට පෙර දේශපාලන සාකච්ඡාවකදී පැවසූ අයුරු සහ අද බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඒ මහතා දක්වන අදහස් සම්බන්ධයෙන් වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.

සහරාන්ගේ මල්ලි රිස්වාන් බෝම්බයක් හදන්න ගිහිං ඇහැ ගැලවිලා ජාතික රෝහළට ගේනවා යහපාළන ආන්ඩුව කාලේ . ගෑස් ටැංකියක් පුපුරලා තුවාළ වුන බව කියලා ප්‍රතිකාර අරගෙන ඔහු කාත්තකුඩි වල මැරෙනකම්ම පාස්කු ප්‍රහාරය වෙනුවෙන් උරදෙනවා.

දකුණු කොරියාවේ පිහිටා ඇති ඇමරිකානු හමුදා ආරක්ෂක පද්ධති කිහිපයක් මැදපෙරදිග කලාපයට මාරු කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කිරීමත් සමඟ ආරක්ෂාව සමිබන්ධයෙන් සැකයන් මතුව තිබේ.

2026 පෙබරවාරි 28 වන දින ඇමරිකාව සහ ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කර එහි උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමත් සමඟ මැදපෙරදිග යුද්ධය අලුත් මුහුණුවරක් ගත්තේය. පැය 48ක් ඇතුළත ලෙබනනයේ හෙස්බොල්ලා සංවිධානය සහ ඉරාකයේ සන්නද්ධ කල්ලි යුද්ධයට අවතීර්ණ විය.

දැනුම පිළිබද සංවාදය උඩු යටිකුරු කළ චරිතයක් - පෙරදිග පුරාණ දැනුම සොය ගිය සුප්‍රකට බටහිර විද්‍යාඥයා


ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.