News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ නාලන්දා සිදුවීම හා අමෙරිකාවේ කෝල්ඩ් ප්ලේ නාඩගම..

Feb 12, 2026 at 12:13 PM
|

👉 පසුගිය දිනවල කොළඹ නාලන්ද විද්‍යාලයේ සිදුවීමක් සම්බන්ධව මෙරට සමාජ මාධ්‍ය ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරෙන ආකාරයද අප දුටුවෙමු. මිනිසා තුළ ඇති ජාගර මානසිකත්වයේ තරම පෙන්වන ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ. 

👉 මේ අතර මෙවැනි හැසිරීම් හුදු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේ ලෙස හුවා දක්වමින්, එහි වරද සුපුරුදු ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය මත පටවමින්, ඊට සමගාමීව ලිංගික නිදහස ඇති, අනුන්ගේ ඕපාදූප නොසොයෙන බටහිර ශිෂ්ට රටවල් ගැන සුපුරුදු රැඩිකල් වර්ණනාද අසන්නට ලැබිණි. 

👉 මේ ලිපියේ අරමුණ අමෙරිකාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක්තරා සිදුවීමක් පදනම් කරගනිමින් මේ රැඩිකල් ප්‍රලාපවල ඇත්ත නැත්ත විමසා බැලීමය. 

👉 2025 ජූලි 16 වැනිදා අමෙරිකාවේ බොස්ටන් නගරයේ කෝල්ඩ්ප්ලේ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබිණි. ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ එකිනෙකා වැළඳගෙන සිටි එක්තරා යුවලකගේ දසුනක් අහම්බෙන් කැමරාවකට හසුවිය. මේ සිදුවීමෙන් අදාළ යුවල අනපේක්ෂිත ලෙස කැළඹීමට පත් වූ බව පැහැදිලිව පෙනිණි. 

👉 මෙසේ කැමරාවට හසු වූ පිරිමියා ඇන්ඩි බයිරන්ය. ඔහු අමෙරිකාවේ ප්‍රමුඛ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියාය. කාන්තාව වූ ක්‍රිස්ටීන් කැබොට් එම ආයතනයේම මානව සම්පත් කළමණාකාරවරියකි. මේ දෙදෙනාම විවාහ වී දරුවන් ලැබූ අය වන අතර, ඔවුන්ගේ අමුතු කලබලයට හේතුව වූයේ මේ දෙදෙනා අනියම් පෙම් යුවලක් වීමය. 

👉 මේ සිදුවීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුළත ඔවුන් දෙදෙනාගේ හැසිරීම පෙන්වන වීඩියෝව සමාජ මාධ්‍ය දෙවනත් කරන්නට පටන් ගත්තේය. බටහිර සමාජය මෙයට ප්‍රතිචාර දක්වන ලද්දේ ලෝකයේ එකම හා පළවෙනි අනියම් සම්බන්ධය හෙළිදරව් වූ පරිද්දෙනි. සමාජ මාධ්‍යවල පමණක් නොව බටහිර ප්‍රධාන මාධ්‍යවලද මේ පුංචි සිදුවීම මහා ප්‍රවෘත්තියක් බවට පත් විය. 

👉 ඒ සමඟම ඇස්ට්‍රොනොමර් සමාගම මේ දෙදෙනාව අනිවාර්ය නිවාඩු යවා ඔවුන් සම්බන්ධව පරීක්ෂණයක් ඇරඹීය. ඒ අතරේ ඇන්ඩි බයිරන් වරද පිළි අරගෙන සිය තනතුරින් ඉල්ලා අස්විය. මේ අතරේ මේ සිදුවීම නිසා ඇන්ඩිගේ බිරිඳ ඔහුගෙන් දික්කසාද වීමට පවා තීරණය කළ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි. 

👉 මීළඟට මේ සිදුවීමට බටහිර සමාජය දැක්වූ ප්‍රතිචාරවල ස්වභාවය වැඩි දුරටත් විමසා බලමු.

👉 මේ අනුව පළමු කාරණය නම් අනෙකාගේ ගරුත්වය, පෞද්ගලිකත්වය ගැන සියලු මානව ආචාර ධර්ම පසෙක තබා හුදු සරල විනෝදය වෙනුවෙන් මේ සිදුවීම තලු මැරීමට මිලියන ගණනක් දෙනා කටයුතු කිරීමය. කෙටි කාලයක් තුළ අදාළ වීඩියෝව අනුකරණය කරන පැරඩි වීඩියෝ, කොමඩි වීඩියෝ, මීම්ස් දහස් ගණනක් නිර්මාණය වූයේ ඒ අනුවය. 

👉 දෙවැන්න නම් දැඩි සමච්චල් සහගත ආකාරයෙන් මේ යුවලගේ පෞද්ගලික අනන්‍යතාව හෙළි කිරීමට බොහෝ දෙනා පෙළැඹීමය. ඔවුන් දෙදෙනාගේ නම් ගම්, සේවා ස්ථානය, පවුල්වල විස්තර පමණක් නොව දරුවන්ගේ ඡායාරූප පවා සමාජ මාධ්‍යවල පළ කරමින් ඔවුන්ට සමච්චල් කිරීමට බොහෝ දෙනා පෙළැඹී තිබිණි. 

👉 මීළඟ කරුණ මෙකී අනියම් සම්බන්ධය බරපතළ වරදක් හා දෙවියන්ගෙන් දඬුවම් ලැබිය යුතු පාපයක්ය යන අදහසද ප්‍රබලව මතු වීමය. බොහෝ දෙනෙක් මේ දෙදෙනාගේ නීත්‍යානුකූල බිරිඳ සහ සැමියා වෙනුවෙන් තම කනගාටුව පල කරමින්, ඔවුන් වහා දික්කසාද වීම සුදුසු යැයි හඬ නැගූහ. 

👉 මීළඟ වැදගත්ම කාරණය වන්නේ බටහිර රටවල්වලින් ලංකාවේ රැඩිකල් චරිත අපේක්ෂා කරන ආකාරයේ ප්‍රතිචාර මේ අතර විරල වීමය. ඒ අනුව ඒක එයාලාගේ පුද්ගලික දෙයක්... ඒක ඒ දෙන්නාගේ කැමැත්ත... ආදරයේ නිදහස... අනුන්ගේ ඕපාදූප වැඩක් නෑ... අනියම් සම්බන්ධතා කොච්චර සුන්දරද? ආදරයට සීමා මායිම් නෑ... මිනිස්සු ජීවිතේ විදින්න ඕන නැද්ද? පවුල හිරගෙයක්... ජඩ මාධ්‍ය කුණු හොයනවා... රෙද්දේ සංස්කෘතිය... වැනි ප්‍රතිචාර බටහිර සමාජය තුළින් අසන්නට නොලැබුණු තරම්ය. ලැබුණේ නම් ඉතා අල්ප වශයෙනි.

👉 Instaagraac නම් ටික්ටෝක් ගිණුමේ පමණක් මේ සිදුවීමට අදාළ තප්පර 16ක වීඩියෝව, මිලියන 132ක් නරඹා තිබිණි. එයට කැමැත්ත පළ කර තිබූ සංඛ්‍යාව මිලියන 11කි. ප්‍රතිචාර සංඛ්‍යාව 58000කි. 

👉 “මගේ මිනිහා මෙහෙම වෙන ගෑනියෙක් එක්ක මියුසිකල් ෂෝ එකක හුරතල් වෙවී ඉන්නවා දැක්කා නම් මාව මානසික වාට්ටුවකට යවන්න වෙනවා” 

මේ එහි එක් කාන්තාවක් පළ කර තිබූ කමෙන්ටුවකි. ලක්ෂ පහකට ආසන්න පිරිසක් ඒ අදහස ලයික් දමමින් අනුමත කර තිබිණි. 

👉 ඔන්න අහගනිල්ලා... මේ දෙන්නාම කසාද බැඳලා. ළමයි ඉන්නවා. අහවල් තැන දෙන්නා වැඩ කරන්නේ. ඔය පැත්තක හිනාවෙවී ඉන්න කෙල්ලත් ඒ ඔෆිස් එකේ. මේ දැන් මේ මිනිහාගේ වයිෆ් එයාගේ ෆේස්බුක් එකේ තියන විවාහක නමත් වෙනස් කරලා. සේරටම දැන් ....... 

අසභ්‍ය වචනද සහිත මේ අදහසට ලක්ෂ හතර හමාරක තරම් විශාල පිරිසක් කැමැත්ත පළ කර තිබිණි.

“මේ කැමරාකාරයා මේ දෙන්නාගේ පවුල්වල අයට ලොකු සේවයක් කරලා තියෙන්නේ” යන අදහස ලක්ෂ තුනකට වැඩි පිරිසක් අනුමත කර තිබිණි.

 “පාවා දෙන අය දිහා දෙවියෝ බලාගෙන ඉන්නවා කියන්න මේක හොඳ උදාහරණයක්” ආගමික අර්ථයක්ද සහිත මේ ප්‍රතිචාරයට එක් ලක්ෂ විසි දෙදාහක් අනුමැතිය පළ කොට තිබිණි.

“කවදාවත් පිරිමි කෙනෙකුට ඔබව මේ තරම් පහත් තත්ත්වෙකට දාන්න ඉඩ දෙන්න එපා.” 

“අයියෝ එයාගේ අසරණ බිරිඳ” 

“මෙච්චර සෙනඟ ගොඩක් ඉන්න තැනක මේ දෙන්නාවම කැමරාවට අහුවුණේ අනිත් අයව රවට්ටන මිනිස්සු ගැන දෙවියෝ බලාගන්න නිසා.”

👉 මේ ආදි වශයෙන් වූ දහස් ගණනක් ප්‍රතිචාරවලට දහස් ගණනින් හෝ ලක්ෂ ගණනින් අන් අයගේ අනුමැතියද ලැබී තිබිණි. මේවායින් අපට පෙනී යන්නේ කුමක්ද? 

👉 බටහිර සමාජයේ අසීමිත ලිංගික නිදහසක් ඇති බවත්, ඔවුන්ට අනියම් සම්බන්ධතා ඉතා සාමාන්‍ය දේවල් බවත් ලංකාවේ බොහෝදෙනා විශ්වාස කරති. එමෙන්ම බටහිර සමාජයේ පුදුමාකාර පෞද්ගලික නිදහසක් ඇති බවත්, අනෙකාගේ ඕපාදූප සෙවීමට ඔවුන් නොපෙළඹෙන බවත්, අපේ රටේ ජනයා අතර ජනප්‍රිය මතයකි. 

👉 සුද්දන්ට සෙක්ස් මැජික් නෙමෙයි... සුද්දන්ට සෙක්ස් ඇරියස් නෑ... අනිත් මිනිස්සුන්ගේ ගරුත්වය ගැන සුද්දෝ හරියට හිතනවා... ලංකාවේ ගෝත්‍රිකයෝ වගේ සුද්දෝ අනුන්ගේ කුණු හොයන්නේ නෑ... මේවා සුද්දන් ගැන කතා කිරීමේදී නිතර රැඩිකල් ලාංකිකයන් වෙතින් අසන්නට ලැබෙන වර්ණනාය. ලෝකය ගැන කිසිවක් නොදන්නා සාමාන්‍ය මිනිස්සු සමාජ මාධ්‍යවල පළවන මෙවැනි විකාරරූපී අදහස් සාදරයෙන් වැළඳ ගනිති. 

👉 එහෙත් බටහිර රටවල ඔය කියන තරමේ ලිංගික නිදහසක් තිබුණේ නම් සිදු විය යුත්තේ කිසිවෙකු මේවා සතපහකට මායිම් නොකර ඉවත බලාගැනීමය. එසේ වුවද මේ සිදුවීම නිසා මහා සමාජ කැළඹීමක් ඇති වූවා පමණක් නොව අදාළ පුද්ගලයන්ගේ රැකියා, විවාහ ජීවිත ආදියටද එය දරුණු බලපෑමක් ඇති කළේය. 

👉 අනියම් සම්බන්ධතා ලෝකයේ කොතැනත් අමුතු දෙයක් නොවුණද මෙහිදී පෙනී ගිය වැදගත් කාරණය වන්නේ ලංකාවේ රැඩිකල් චරිත මෙන් බටහිරයන් ඒවා කථිකාමය වශයෙන් උත්කර්ෂයට නැංවීමට කටයුතු නොකිරීමය. ඒ වෙනුවට කුහක යැයි කියන සදාචාරය ගැන පමණක් නොව ආගමික වටිනාකම් ගැනද ඔවුන් මෙහිදී අදහස් පළ කොට තිබේ.

👉 ලිංගිකත්වය සම්බන්ධව විවිධ සංස්කෘතින්වල ඇති ප්‍රතිචාර වෙනස් විය හැකි වුවද, අප සිතන ආකාරයේ පරම උත්තරීතර ලිංගික නිදහසක් ලෝකයේ කිසිදු සංස්කෘතියක නැති බවට මෙය කදිම නිදසුනකි. 

👉 අන් සෑම තැනකම මෙන් බටහිර රටවල ජීවත් වන්නේද, අනුන්ගේ ලිංගික ප්‍රශ්න ආදි ඕපාදූප ගැන හොයන, අනුන්ට හිනාවෙන, සමච්චල් කරන, අනෙකා බරපතළ අපහසුතාවට පත් කොට තමන් එයින් වින්දනයක් ලබන, අනෙකාගේ විපත තළු මරමින් රස විඳින, ලිංගික ඊර්ෂයාවෙන් දැවෙන ජාගර මනසක් සහිත මිනිසුන් මිස දෙවි දේවතාවුන් නොවේ. එය හුදු සංස්කෘතිය ගැන ප්‍රශ්නයකට වඩා මිනිසාගේ ජාගර මානසිකත්වය සම්බන්ධ ප්‍රශ්නයකි. 

👉 සංස්කෘතිය ගැන සලකා බැලුවද මේ සිදුවීමට බටහිර සමාජය ප්‍රතිචාර දක්වන ලද්දේ ගෝත්‍රික යැයි කියන ලංකාවේ මිනිස්සුන්ටත් වඩා දරුණු හා අශීලාචාර ආකාරයෙනි. 

👉 මේ සියල්ල පසෙක තබා මෙය හුදු අහඹු සිදුවීමක් යැයි තර්ක කරන අයට කිව හැක්කේ මේ ආකාරයේ  එකම සිදුවීම මෙය නොවන බවය. එවැනි තව බොහෝ සිදුවීම් තිබේ. එක් සිදුවීමක් වුවද එයට මිලියන ගණනක් ජනයා දැක්වූ ප්‍රතිචාර ඔස්සේ අපට ලැබෙන පණිවුඩය කිසිසේත්ම සරල එකක්ද නොවේ.

👉 ඒ අනුව මෙහි අරමුණ බටහිර ලෝකයේ සියල්ල නරක බව හෝ අපේ  සංස්කෘතිය ඇතුළු අපේ සියලු දේවල් හොඳ බව කියමින් ලෝකය කළු සුදු වශයෙන් දෙකට බෙදීම නොවේ. 

👉 එසේ වුවද ලංකාවේ බොහෝදෙනා බටහිර ලෝකය අතිශය ශිෂ්ට දියුණු සහ පරමාදර්ශී එකක් යැයි සලකමින්, අපේ සංස්කෘතිය පමණක් අතිශය ගෝත්‍රික නොදියුණු එකක් ලෙස සලකමින් ඊට ගැරහීමට පුරුදුව සිටිති. 

👉 එහෙයින් මේ ලිපියේ අරමුණ ඒ පටු බෙදීමට එරෙහිව ඒ රටවල සැබෑ තත්ත්වය කරුණු සහිතව පැහැදිලි කිරීම මිස, බටහිර සියලු දේ නරකය වැනි පැතලි අදහසක් සමාජගත කිරීම නොවේ.

👉 ඒ අනුව අප කළ යුත්තේ සෑම සංස්කෘතියකම ඊට අනන්‍ය ප්‍රබලතා දුබලතා ඇති බවත්, සෑම සංස්කෘතියකම සාධනීය නිෂේධනීය දේවල් පවතින බවත් පිළිගනිමින්, මිනිසාගේ ජාගර මනසේ ස්වභාවයද මැදහත්ව හදුනාගැනීමය. ඒ සඳහා මේ සිදුවීම් දෙක අපට කදිම පිටුබලයක් සපයා දෙයි.  

(සති අග අරුණ පුවත්පතේ පළ වූ ලිපියක සාරාංශයකි. ඡායාරූපයේ දැක්වෙනුයේ ඇන්ඩි රැකියාවෙන් ඉවත් වූ පුවත එරට පුවත්පතක් ඉතා අශෝභන ලෙස මුල් පිටුවේම පළ කර තිබූ ආකාරයයි.) 

ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.