News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ නාලන්දා සිදුවීම හා අමෙරිකාවේ කෝල්ඩ් ප්ලේ නාඩගම..

Feb 12, 2026 at 12:13 PM
|

👉 පසුගිය දිනවල කොළඹ නාලන්ද විද්‍යාලයේ සිදුවීමක් සම්බන්ධව මෙරට සමාජ මාධ්‍ය ඉතා පිළිකුල් සහගත ලෙස හැසිරෙන ආකාරයද අප දුටුවෙමු. මිනිසා තුළ ඇති ජාගර මානසිකත්වයේ තරම පෙන්වන ඒ හැසිරීම කිසිසේත්ම අනුමත කළ හැක්කක් නොවේ. 

👉 මේ අතර මෙවැනි හැසිරීම් හුදු ශ්‍රී ලංකාවට පමණක් ආවේණික දේ ලෙස හුවා දක්වමින්, එහි වරද සුපුරුදු ලෙස සිංහල බෞද්ධ සංස්කෘතිය මත පටවමින්, ඊට සමගාමීව ලිංගික නිදහස ඇති, අනුන්ගේ ඕපාදූප නොසොයෙන බටහිර ශිෂ්ට රටවල් ගැන සුපුරුදු රැඩිකල් වර්ණනාද අසන්නට ලැබිණි. 

👉 මේ ලිපියේ අරමුණ අමෙරිකාවේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් එක්තරා සිදුවීමක් පදනම් කරගනිමින් මේ රැඩිකල් ප්‍රලාපවල ඇත්ත නැත්ත විමසා බැලීමය. 

👉 2025 ජූලි 16 වැනිදා අමෙරිකාවේ බොස්ටන් නගරයේ කෝල්ඩ්ප්ලේ සංගීත කණ්ඩායමේ ප්‍රසංගයක් පැවැත්වෙමින් තිබිණි. ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකාගාරයේ එකිනෙකා වැළඳගෙන සිටි එක්තරා යුවලකගේ දසුනක් අහම්බෙන් කැමරාවකට හසුවිය. මේ සිදුවීමෙන් අදාළ යුවල අනපේක්ෂිත ලෙස කැළඹීමට පත් වූ බව පැහැදිලිව පෙනිණි. 

👉 මෙසේ කැමරාවට හසු වූ පිරිමියා ඇන්ඩි බයිරන්ය. ඔහු අමෙරිකාවේ ප්‍රමුඛ සමාගමක ප්‍රධාන විධායක නිලධාරියාය. කාන්තාව වූ ක්‍රිස්ටීන් කැබොට් එම ආයතනයේම මානව සම්පත් කළමණාකාරවරියකි. මේ දෙදෙනාම විවාහ වී දරුවන් ලැබූ අය වන අතර, ඔවුන්ගේ අමුතු කලබලයට හේතුව වූයේ මේ දෙදෙනා අනියම් පෙම් යුවලක් වීමය. 

👉 මේ සිදුවීමෙන් පසු ඉතා සුළු කාලයක් ඇතුළත ඔවුන් දෙදෙනාගේ හැසිරීම පෙන්වන වීඩියෝව සමාජ මාධ්‍ය දෙවනත් කරන්නට පටන් ගත්තේය. බටහිර සමාජය මෙයට ප්‍රතිචාර දක්වන ලද්දේ ලෝකයේ එකම හා පළවෙනි අනියම් සම්බන්ධය හෙළිදරව් වූ පරිද්දෙනි. සමාජ මාධ්‍යවල පමණක් නොව බටහිර ප්‍රධාන මාධ්‍යවලද මේ පුංචි සිදුවීම මහා ප්‍රවෘත්තියක් බවට පත් විය. 

👉 ඒ සමඟම ඇස්ට්‍රොනොමර් සමාගම මේ දෙදෙනාව අනිවාර්ය නිවාඩු යවා ඔවුන් සම්බන්ධව පරීක්ෂණයක් ඇරඹීය. ඒ අතරේ ඇන්ඩි බයිරන් වරද පිළි අරගෙන සිය තනතුරින් ඉල්ලා අස්විය. මේ අතරේ මේ සිදුවීම නිසා ඇන්ඩිගේ බිරිඳ ඔහුගෙන් දික්කසාද වීමට පවා තීරණය කළ බව බොහෝ මාධ්‍ය වාර්තා කර තිබිණි. 

👉 මීළඟට මේ සිදුවීමට බටහිර සමාජය දැක්වූ ප්‍රතිචාරවල ස්වභාවය වැඩි දුරටත් විමසා බලමු.

👉 මේ අනුව පළමු කාරණය නම් අනෙකාගේ ගරුත්වය, පෞද්ගලිකත්වය ගැන සියලු මානව ආචාර ධර්ම පසෙක තබා හුදු සරල විනෝදය වෙනුවෙන් මේ සිදුවීම තලු මැරීමට මිලියන ගණනක් දෙනා කටයුතු කිරීමය. කෙටි කාලයක් තුළ අදාළ වීඩියෝව අනුකරණය කරන පැරඩි වීඩියෝ, කොමඩි වීඩියෝ, මීම්ස් දහස් ගණනක් නිර්මාණය වූයේ ඒ අනුවය. 

👉 දෙවැන්න නම් දැඩි සමච්චල් සහගත ආකාරයෙන් මේ යුවලගේ පෞද්ගලික අනන්‍යතාව හෙළි කිරීමට බොහෝ දෙනා පෙළැඹීමය. ඔවුන් දෙදෙනාගේ නම් ගම්, සේවා ස්ථානය, පවුල්වල විස්තර පමණක් නොව දරුවන්ගේ ඡායාරූප පවා සමාජ මාධ්‍යවල පළ කරමින් ඔවුන්ට සමච්චල් කිරීමට බොහෝ දෙනා පෙළැඹී තිබිණි. 

👉 මීළඟ කරුණ මෙකී අනියම් සම්බන්ධය බරපතළ වරදක් හා දෙවියන්ගෙන් දඬුවම් ලැබිය යුතු පාපයක්ය යන අදහසද ප්‍රබලව මතු වීමය. බොහෝ දෙනෙක් මේ දෙදෙනාගේ නීත්‍යානුකූල බිරිඳ සහ සැමියා වෙනුවෙන් තම කනගාටුව පල කරමින්, ඔවුන් වහා දික්කසාද වීම සුදුසු යැයි හඬ නැගූහ. 

👉 මීළඟ වැදගත්ම කාරණය වන්නේ බටහිර රටවල්වලින් ලංකාවේ රැඩිකල් චරිත අපේක්ෂා කරන ආකාරයේ ප්‍රතිචාර මේ අතර විරල වීමය. ඒ අනුව ඒක එයාලාගේ පුද්ගලික දෙයක්... ඒක ඒ දෙන්නාගේ කැමැත්ත... ආදරයේ නිදහස... අනුන්ගේ ඕපාදූප වැඩක් නෑ... අනියම් සම්බන්ධතා කොච්චර සුන්දරද? ආදරයට සීමා මායිම් නෑ... මිනිස්සු ජීවිතේ විදින්න ඕන නැද්ද? පවුල හිරගෙයක්... ජඩ මාධ්‍ය කුණු හොයනවා... රෙද්දේ සංස්කෘතිය... වැනි ප්‍රතිචාර බටහිර සමාජය තුළින් අසන්නට නොලැබුණු තරම්ය. ලැබුණේ නම් ඉතා අල්ප වශයෙනි.

👉 Instaagraac නම් ටික්ටෝක් ගිණුමේ පමණක් මේ සිදුවීමට අදාළ තප්පර 16ක වීඩියෝව, මිලියන 132ක් නරඹා තිබිණි. එයට කැමැත්ත පළ කර තිබූ සංඛ්‍යාව මිලියන 11කි. ප්‍රතිචාර සංඛ්‍යාව 58000කි. 

👉 “මගේ මිනිහා මෙහෙම වෙන ගෑනියෙක් එක්ක මියුසිකල් ෂෝ එකක හුරතල් වෙවී ඉන්නවා දැක්කා නම් මාව මානසික වාට්ටුවකට යවන්න වෙනවා” 

මේ එහි එක් කාන්තාවක් පළ කර තිබූ කමෙන්ටුවකි. ලක්ෂ පහකට ආසන්න පිරිසක් ඒ අදහස ලයික් දමමින් අනුමත කර තිබිණි. 

👉 ඔන්න අහගනිල්ලා... මේ දෙන්නාම කසාද බැඳලා. ළමයි ඉන්නවා. අහවල් තැන දෙන්නා වැඩ කරන්නේ. ඔය පැත්තක හිනාවෙවී ඉන්න කෙල්ලත් ඒ ඔෆිස් එකේ. මේ දැන් මේ මිනිහාගේ වයිෆ් එයාගේ ෆේස්බුක් එකේ තියන විවාහක නමත් වෙනස් කරලා. සේරටම දැන් ....... 

අසභ්‍ය වචනද සහිත මේ අදහසට ලක්ෂ හතර හමාරක තරම් විශාල පිරිසක් කැමැත්ත පළ කර තිබිණි.

“මේ කැමරාකාරයා මේ දෙන්නාගේ පවුල්වල අයට ලොකු සේවයක් කරලා තියෙන්නේ” යන අදහස ලක්ෂ තුනකට වැඩි පිරිසක් අනුමත කර තිබිණි.

 “පාවා දෙන අය දිහා දෙවියෝ බලාගෙන ඉන්නවා කියන්න මේක හොඳ උදාහරණයක්” ආගමික අර්ථයක්ද සහිත මේ ප්‍රතිචාරයට එක් ලක්ෂ විසි දෙදාහක් අනුමැතිය පළ කොට තිබිණි.

“කවදාවත් පිරිමි කෙනෙකුට ඔබව මේ තරම් පහත් තත්ත්වෙකට දාන්න ඉඩ දෙන්න එපා.” 

“අයියෝ එයාගේ අසරණ බිරිඳ” 

“මෙච්චර සෙනඟ ගොඩක් ඉන්න තැනක මේ දෙන්නාවම කැමරාවට අහුවුණේ අනිත් අයව රවට්ටන මිනිස්සු ගැන දෙවියෝ බලාගන්න නිසා.”

👉 මේ ආදි වශයෙන් වූ දහස් ගණනක් ප්‍රතිචාරවලට දහස් ගණනින් හෝ ලක්ෂ ගණනින් අන් අයගේ අනුමැතියද ලැබී තිබිණි. මේවායින් අපට පෙනී යන්නේ කුමක්ද? 

👉 බටහිර සමාජයේ අසීමිත ලිංගික නිදහසක් ඇති බවත්, ඔවුන්ට අනියම් සම්බන්ධතා ඉතා සාමාන්‍ය දේවල් බවත් ලංකාවේ බොහෝදෙනා විශ්වාස කරති. එමෙන්ම බටහිර සමාජයේ පුදුමාකාර පෞද්ගලික නිදහසක් ඇති බවත්, අනෙකාගේ ඕපාදූප සෙවීමට ඔවුන් නොපෙළඹෙන බවත්, අපේ රටේ ජනයා අතර ජනප්‍රිය මතයකි. 

👉 සුද්දන්ට සෙක්ස් මැජික් නෙමෙයි... සුද්දන්ට සෙක්ස් ඇරියස් නෑ... අනිත් මිනිස්සුන්ගේ ගරුත්වය ගැන සුද්දෝ හරියට හිතනවා... ලංකාවේ ගෝත්‍රිකයෝ වගේ සුද්දෝ අනුන්ගේ කුණු හොයන්නේ නෑ... මේවා සුද්දන් ගැන කතා කිරීමේදී නිතර රැඩිකල් ලාංකිකයන් වෙතින් අසන්නට ලැබෙන වර්ණනාය. ලෝකය ගැන කිසිවක් නොදන්නා සාමාන්‍ය මිනිස්සු සමාජ මාධ්‍යවල පළවන මෙවැනි විකාරරූපී අදහස් සාදරයෙන් වැළඳ ගනිති. 

👉 එහෙත් බටහිර රටවල ඔය කියන තරමේ ලිංගික නිදහසක් තිබුණේ නම් සිදු විය යුත්තේ කිසිවෙකු මේවා සතපහකට මායිම් නොකර ඉවත බලාගැනීමය. එසේ වුවද මේ සිදුවීම නිසා මහා සමාජ කැළඹීමක් ඇති වූවා පමණක් නොව අදාළ පුද්ගලයන්ගේ රැකියා, විවාහ ජීවිත ආදියටද එය දරුණු බලපෑමක් ඇති කළේය. 

👉 අනියම් සම්බන්ධතා ලෝකයේ කොතැනත් අමුතු දෙයක් නොවුණද මෙහිදී පෙනී ගිය වැදගත් කාරණය වන්නේ ලංකාවේ රැඩිකල් චරිත මෙන් බටහිරයන් ඒවා කථිකාමය වශයෙන් උත්කර්ෂයට නැංවීමට කටයුතු නොකිරීමය. ඒ වෙනුවට කුහක යැයි කියන සදාචාරය ගැන පමණක් නොව ආගමික වටිනාකම් ගැනද ඔවුන් මෙහිදී අදහස් පළ කොට තිබේ.

👉 ලිංගිකත්වය සම්බන්ධව විවිධ සංස්කෘතින්වල ඇති ප්‍රතිචාර වෙනස් විය හැකි වුවද, අප සිතන ආකාරයේ පරම උත්තරීතර ලිංගික නිදහසක් ලෝකයේ කිසිදු සංස්කෘතියක නැති බවට මෙය කදිම නිදසුනකි. 

👉 අන් සෑම තැනකම මෙන් බටහිර රටවල ජීවත් වන්නේද, අනුන්ගේ ලිංගික ප්‍රශ්න ආදි ඕපාදූප ගැන හොයන, අනුන්ට හිනාවෙන, සමච්චල් කරන, අනෙකා බරපතළ අපහසුතාවට පත් කොට තමන් එයින් වින්දනයක් ලබන, අනෙකාගේ විපත තළු මරමින් රස විඳින, ලිංගික ඊර්ෂයාවෙන් දැවෙන ජාගර මනසක් සහිත මිනිසුන් මිස දෙවි දේවතාවුන් නොවේ. එය හුදු සංස්කෘතිය ගැන ප්‍රශ්නයකට වඩා මිනිසාගේ ජාගර මානසිකත්වය සම්බන්ධ ප්‍රශ්නයකි. 

👉 සංස්කෘතිය ගැන සලකා බැලුවද මේ සිදුවීමට බටහිර සමාජය ප්‍රතිචාර දක්වන ලද්දේ ගෝත්‍රික යැයි කියන ලංකාවේ මිනිස්සුන්ටත් වඩා දරුණු හා අශීලාචාර ආකාරයෙනි. 

👉 මේ සියල්ල පසෙක තබා මෙය හුදු අහඹු සිදුවීමක් යැයි තර්ක කරන අයට කිව හැක්කේ මේ ආකාරයේ  එකම සිදුවීම මෙය නොවන බවය. එවැනි තව බොහෝ සිදුවීම් තිබේ. එක් සිදුවීමක් වුවද එයට මිලියන ගණනක් ජනයා දැක්වූ ප්‍රතිචාර ඔස්සේ අපට ලැබෙන පණිවුඩය කිසිසේත්ම සරල එකක්ද නොවේ.

👉 ඒ අනුව මෙහි අරමුණ බටහිර ලෝකයේ සියල්ල නරක බව හෝ අපේ  සංස්කෘතිය ඇතුළු අපේ සියලු දේවල් හොඳ බව කියමින් ලෝකය කළු සුදු වශයෙන් දෙකට බෙදීම නොවේ. 

👉 එසේ වුවද ලංකාවේ බොහෝදෙනා බටහිර ලෝකය අතිශය ශිෂ්ට දියුණු සහ පරමාදර්ශී එකක් යැයි සලකමින්, අපේ සංස්කෘතිය පමණක් අතිශය ගෝත්‍රික නොදියුණු එකක් ලෙස සලකමින් ඊට ගැරහීමට පුරුදුව සිටිති. 

👉 එහෙයින් මේ ලිපියේ අරමුණ ඒ පටු බෙදීමට එරෙහිව ඒ රටවල සැබෑ තත්ත්වය කරුණු සහිතව පැහැදිලි කිරීම මිස, බටහිර සියලු දේ නරකය වැනි පැතලි අදහසක් සමාජගත කිරීම නොවේ.

👉 ඒ අනුව අප කළ යුත්තේ සෑම සංස්කෘතියකම ඊට අනන්‍ය ප්‍රබලතා දුබලතා ඇති බවත්, සෑම සංස්කෘතියකම සාධනීය නිෂේධනීය දේවල් පවතින බවත් පිළිගනිමින්, මිනිසාගේ ජාගර මනසේ ස්වභාවයද මැදහත්ව හදුනාගැනීමය. ඒ සඳහා මේ සිදුවීම් දෙක අපට කදිම පිටුබලයක් සපයා දෙයි.  

(සති අග අරුණ පුවත්පතේ පළ වූ ලිපියක සාරාංශයකි. ඡායාරූපයේ දැක්වෙනුයේ ඇන්ඩි රැකියාවෙන් ඉවත් වූ පුවත එරට පුවත්පතක් ඉතා අශෝභන ලෙස මුල් පිටුවේම පළ කර තිබූ ආකාරයයි.) 

ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.