News Category
From Date
To Date
Maximum Number of Result

නව වටයකින් රඟදැක්වෙන බෙදුම්වාදී නාටකය තුළ වෙස්මුහුණකින් එන හිමාලයා ප්‍රකාශනය

Jan 6, 2025 at 04:05 PM
|

නව ආණ්ඩුව බලයට පත්වීමට සමාන්තරව බෙදුම්වාදී බලවේග තමා විසින් රඟදක්වන නාට්‍යයේ පිටපත වෙනස් කරමින් ඉදිරිපත් කරන බව දැන් පැහැදිලිව දැකගත හැක. සමහර නාඩගම්වල සමස්ථ පණිවිඩය ප්‍රේක්ෂකයා වෙත ඉදිරිපත් කිරීම සඳහා යොදාගනු ලබන්නේ විකටයකු හෙවත් විහිළුකාරයෙකි. දැන් සුමන්තිරන් මසහතාට කෙටි විරාමයක් ලබාදී අර්චුනා මන්ත්‍රීවරයා වේදිකාවට කැඳවන්නේ එම අත්හදා බැලීම සඳහා බව තේරුම්ගැනීම අමාරු නැත. ප්‍රභාකරන් දෙවියකු යැයි වෛද්‍යවරුන් පවා ඔහුට වැඳුම් පිදුම් කරන බව ප්‍රකාශ කිරීම මගින් ආණ්ඩුවට මෙන්ම දකුණේ බහුතර සිංහල ජනතාවට පමණක් නොව බෙදුම්වාදයට විරුද්ධ උතුරේ බහුතර ජනතාවට ද ප්‍රභල මානසික බලපෑමක් ඇතිවේ. සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ මුවින් එම වචන පිටකිරීම නුසුදුසු වන්නේ පළාත් සභා මැතිවරණයෙන් පසුව මහ ඇමැතිවරයා ලෙස ජාත්‍යන්තරයට පෙනෙන ලෙස බරපතළ චරිතයක් රඟදැක්වීමට ඔහුව යොදාගත යුතු නිසා බවට තර්කයක් ගොඩනැගිය හැක.


නමුත් අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුව තුළ කුමන කොටි නැටුමක් නැටුවද ආණ්ඩුවට සිදුවී ඇත්තේ අසරණව බලාසිටීමට ය. ඔහු ඊනියා ඊළාම් රාජ්‍යයේ ජනතාව පාර්ලිමෙන්තුව තුළ සිට ආමන්ත්‍රණය කිරීම මගින් බෙදුම්වාදයට එරෙහිව ඔහු ලබාදෙන දිවුරුම මන්ත්‍රීවරයකු ලෙස කඩකළ ද ඊට එරෙහිව නීතිමය පියවර ගැනීම පහසු නැත. මීට පෙර චන්ද්‍රසෝම එදිරිව සේනාධිරාජා නඩුවේ තීන්දුව අනුව ඒ බව පැහැදිලි වේ. ඊට අමතරව තමා බලයට පත්වූයේ බෙදුම්වාදී බලවේගවල සහාය නිසා බවට ආණ්ඩුව විසින් පනවාගෙන තිබෙන වැරදි මානසික බාධක නිසාද කථානායකවරයා තම බලය භාවිත කිරීමට මැලිවීම ස්වාභාවික තත්ත්වයකි. කුමන හේතුවක් මත හෝ ඔහුව අත්අඩංගුවට ගතහොත් මිස ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මනෝවෛද්‍යවරයකුට යොමු කිරීමට අදාළව අධිකරණ නියෝගයක් ලබාගැනීමේ හැකියාවක් නැත. විශේෂයෙන්ම වෛද්‍යවරයකු වන එම මන්ත්‍රීවරයා හොඳ සිහිබුද්ධියෙන් තමාට පවරා ඇති භූමිකාව ඉතා හොඳින් රඟ දක්වන තත්ත්වයක් යටතේ එවැනි උවමනාවක් පිළිබඳව සඳහන් කිරීමට කිසිවෙකුට ධෛර්යයක් ඇති වන්නේ නැත.


කෙසේවෙතත් බෙදම්වාදීන් විසින් තම නාටකයේ පිටපත වෙනස්කර ඇති බව ඔප්පු කිරීම සඳහා තවත් උදාහරණයක් ඉදිරිපත් කළ හැක. ඒ නව වටයකින් ඊනියා හිමාලයා ප්‍රකාශනය ජනගත කරන ආකාරයයි. මීට පෙර ප්‍රසිද්ධියේ බෙදුම්වාදීන් සමග පෙනීසිටීමට ධෛර්යයක් නොතිබූ එහෙත් රහසිගතව යම් ක්‍රියාවල නියුක්ත වූ බවට චෝදනා එල්ල වූ මහාචාර්යවරයකු ලෙස පෙනීසිටින භික්ෂුවක් සහ තවත් රට නොදන්නා භික්ෂුන් හය නමක් ඇතුළු භික්ෂුන් හත් නමක්, දෙමළ ඩයස්පෝරාවේ ප්‍රභලයකු විසින්  නොපාලයේ හිමාල කඳු පාමුල හෝටලයකට වඩම්මවා සුවිශේෂී දානමාන සංග්‍රහයක් පවත්වා උන්වහන්සේලාගේ අත්සන් ඔවුන් විසින් සකස් කළ ලේඛනයට ලබාගත් බව මීට පෙර ප්‍රසිද්ධියට පත්විය.


නමුත් එම ප්‍රකාශය මගින් නව අදහසක් ඉදිරිපත් කෙරෙන්නේ නැත. එමගින් මෙතෙක් බෙදුම්වාදීන් විසින් ඉදිරිපත් කළ ඔවුන්ගේ මාර්ග සිතියමට අදාළ මූලික කොන්දේසි පමණක් මහා සංඝරත්නය ප්‍රමුඛ බහුතර සිංහල ජනතාවට ගිල්ලවීමට උත්සාහ කරන බව පැහැදිලිව තේරුම්ගත හැක. එම ලේඛනය ඉදිරිපත් කරන තෙක් බෙදුම්වාදී බලවේගවලට තම ඉල්ලීම් භික්ෂුන් වහන්සේලා යොදාගනිමින් අනුමැතිය ලබාගැනීමට හැකිවූයේ නැත. ඉහත සඳහන් කළ භික්ෂූන්ට ඒ සඳහා උවමනාවක් තිබුන ද දීර්ඝ කාලයක් පවතින ප්‍රභල මහජන විරෝධය නිසා ඊට දායක වීමට ඉඩක් නොතිබූ බව ඉතා පැහැදිළි ය. එසේ නම් දැන් එම විරෝධය සමනය වී ඇත්දැයි පෙරලා ප්‍රශ්නයක් ඇසිය හැක. ඊට ලබාදිය හැකි උත්තරය වන්නේ මහජන විරෝධය සමනය කිරීම හෝ දියකර හැරීම සඳහා දැන් කාලය සහ අවකාශය නිර්මාණය වී ඇති බව බෙදුම්වාදීන් ප්‍රමුඛ එම භික්ෂූන් පිළිගෙන ඇති බවයි.


ප්‍රකාශ හයක් අඩංගු එම ලේඛනය මගින් ප්‍රධාන වශයෙන් දෙමළ ජනතාවට ශ්‍රී ලංකාව තුළ සමාන අයිතිවාසිකම් නොලැබෙන අතර, ඔවුන්ගේ අභිමානය සහ අනන්‍යතාව තර්ජනයට ලක්වී ඇති බවට පූර්ව නිගමනයකට එළඹේ. එසේම ඒ මගින් බෙදුම්වාදීන්ගේ පොදු ඉල්ලීම වන ඊනියා එක්සත් රටක බලය බෙදන නව ව්‍යවස්ථාවක් සම්මත කරනතෙක් 13 වැනි සංශෝධනය බලාත්මක කිරීම සහ ඉන්දු - ලංකා ගිවිසුමට ගරුකළ යුතු බවට යෝජනා කෙරෙන අතර, මහා සංඝරත්නය ඇතුළු බහුතර ජනයා ඒ බව පිළිගත යුතු බව අවධාරණය කෙරේ. ඊට අමතරව බෙදුම්වාදී මාර්ග සිතියමේ ප්‍රධාන කඩඉමක් වන ආරක්ෂක හමුදා දුර්වල කිරීම සහ දුර්මුඛ කිරීම සඳහා යොදාගන්නා ප්‍රධාන අවියක් වන යුද අපරාධ චෝදනාවලට වගවීමේ නාමයෙන් තෝරාගත් සුවිශේෂී ආරක්ෂක හමුදා නායකයන් පිරිසකට දඬුවම් කිරීමේ වැදගත්කම ද අවධාරණය කෙරේ.


භික්ෂුන් හත් නමකගේ අත්සන් ගැනීමෙන් පසුව එනම් බෙදුම්වාදී මල් වට්ටිය පළමුවරට භික්ෂූන් විසින් අත ගැසීමේ තත්ත්වය නිර්මාණය කිරීනේ පසුව සංඛේතාත්මකව එම ලේඛනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීමට ඩයස්පෝරා නායකයන් විසින් කටයුතු කරනු ලැබීය. නමුත් ඊට අදාළව මහා සංඝරත්නය හෝ බහුතර සිංහල නායකයන්ගෙන් ධනාත්මක ප්‍රතිචාර ලබා ගැනීමට ඔවුන් අසමත් විය. ඊට පිළිතුරක් ලෙස දැන් ඩයස්පෝරා නායකයන් එක් පැත්තකින් යම් නිකායවල මහානායක හිමිවරුන්ට අක්තපත්‍ර භාරදීමේ උත්සවලට අනුග්‍රහය දැක්වීමට පමණක් නොව ස්තුති කථා ඉදිරිපත් කිරීමට පවා අවස්ථාව නිර්මාණය කරගෙන ඇත. අනෙක් පැත්තෙන් ඔවුන් හිමාලයා ප්‍රකාශය මහා සංඝරත්නයට පමණක් නොව ජනාධිපති අනුර දිසානායක මහතාට පිළිගැන්වීම සඳහා රණවිරු මාතාවක් වන ප්‍රභල බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරිනියක් යොදාගෙන ඇත. 


ඒ අනුව 2024 දෙසැම්බර් 19 දින කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී වැඩමුළුවක් පවත්වා එම වැඩමුළුවට රටේ භික්ෂූ නායකත්වයේ ප්‍රභල හරස්කඩක් මෙන්ම ඊනියා ගිහි උගතුන් පිරිසක් සම්බන්ධ කරගැනීමට ඩයස්පෝරාව විසින් සැලසුම්කර තිබිණි. එහිදී ඔවුන්ගේ ප්‍රභල ජයග්‍රහණයක් වන්නේ ඔවුන් සඳහන් කරන ආකාරයට එම වැඩමුළුවෙන් පසු 20 වැනි දින හිමාලයා ප්‍රකාශය නිල වශයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාට පිළිගැන්වීමට අවස්ථාව නිර්මාණය කරගැනීමය. ඉහත සඳහන් කළ ආකාරයට නව පිටපත යටතේ අර්චුනා මන්ත්‍රීවරයා යොදාගන්නා ආකාරයටම ප්‍රභල ඩයස්පෝරා සාමාජිකයන් තිරය පිටුපස සිට රාජ්‍ය නොවන සංවිධාන 'ගෝඩ් මදර්" කෙනෙකු වේදිකාවට කැඳවීමට කටයුතු කර ඇත. ඇයට බුද්ධ කාලයේ මහා උපාසිකාවගේ නම යොදා තිබීම මෙන්ම ඇය යුද්ධයෙන් පීඩාවට පත්වූ කාන්තාවන් නියෝජනය කරන ප්‍රභල රාජ්‍ය නොවන සංවිධානයක ප්‍රධානියා ලෙස ජාත්‍යන්තර තලයේ ප්‍රසිද්ධියක් ඉසිලීම ද බෙදුම්වාදීන්ගේ වාසිය සඳහා යොදාගනු ඇත. ඊට අමතරව ඇයගේ පුත්‍රයකු අතරුදන් වූ ආරක්ෂක හමුදා නිලධාරින්ගේ නම් ලැයිස්තුවට ඇතුළත් වීමද ප්‍රභල සුදුසුකමක් බවට පත්වන බවට සැකයක් නැත. කෙසේ වෙතත් 19 සහ 20 දින එම භික්ෂූන්ට එරෙහිව පැවැත්වුනු මහජන විරෝධතා නිසා ජනාධිපතිවරයා එම ලේඛනය භාරගැනීමට ඉදිරිපත් නොවීය. 


ඔවුන්ගේ පැත්තෙන් ගත්විට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පවතින ප්‍රභල මහජන විරෝධය සමනය කිරීම හිමාලයා ප්‍රකාශනයේ මූලික අරමුණ වන බැවින් එම මල් වට්ටියට හැකි කරම් මහා සංඝරත්නයේ සහ සිංහල සමාජයේ හරස්කඩ ලවා අතගස්සවා ගැනීම ඉතා වැදගත් බවට විවාදයක් නැත. මීට පෙර 2002- 2003 කාලයේ දී 'එක් ලේඛනයක මූලාරභය' නමින් එවැනිම පොදු ලියවිල්කට මහා සංඝරත්නය ඇතුළු ජාතක බලවේගයේ නායකත්ව භූමිකාවක් ඉටුකරන පිරිසකගේ අත්සන් ලබාගැනීමට උත්සාහ කරනු ලැබීය. එම ක්‍රියාවලියට අනුග්‍රහය දැක්වූයේ ප්‍රභල බෙදුම්වාදී රාජ්‍ය නොවන  සංවිධානයක් වූ බර්ගොෆ් පදනමය. නමුත්  එදා ලියුම්කරු ඇතුළු යම් පිරිසක් එම උත්සාහය කඩාකප්පල් කිරීමට සමත් විය.


නමුත් අදවන විට පාර්ලිමේන්තු මැතිවරණයට පසුව උතුරේ ඡන්ද වෙනස්වීම යොදාගනිමින් ආණ්ඩුවට සහ මහජනයාට මානසික බාධක පැනවීමට ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග සමත්ව ඇත. බෙදුම්වාදයට විරුද්ධවීම ජාතිවාදය හිස එසවීමක් ලෙස වැරදි ලෙස විග්‍රහකරමින් එම මානසික යුද උපක්‍රමය සාර්ථකව යොදාගන්නා ආකාරය අද ඉතා හොදින් දැකගත හැකිය. නමුත් සත්‍ය වන්නේ උතුරේ සැලකිය යුතු පිරිසක් උතුරේ වෙල්ලාල ප්‍රභූන් විසින් ප්‍රචලිත කරන දෙමළ ජාතිවාදය හා එහි කූඨප්‍රාප්තිය වන බෙදුම්වාදය ප්‍රතික්ෂේප කර ඇති බවය. කෙසේ වෙතත් එම තත්ත්වය තුළ බෙදුම්වාදී ප්‍රවනතාවන්ට එරෙහිව බහුතර සිංහල ජනතාව ප්‍රතික්‍රියා දැක්වීම වැළැක්වීම සඳහා මානසික බාධක පනවා ඇති බව සත්‍යයකි.


ඒ ආකාරයට බෙදුම්වාදයට විරුද්ධවීම වැළැක්වීම සඳහා මහාසංඝරත්නයට සහ බහුතර සිංහල ජනතාවට මානසික බාධක පනවන අතර හිමාලයා මල් වට්ටියට අතගැසීමට පෙළඹවීම මගින් බෙදුම්වාදීන් සමග සාමදානයට එළඹීම සදහා පෙර පැවති මානසික බාධක ඉවත් කිරීම ද සිදුවේ. ඩයස්පෝරාව විසින් එම ක්‍රියාවලිය හඳුන්වනු ලබන්නේ ' නිරතවීම' හෙවත් Engage වීම ලෙසය. බෙදුම්වාදීන් 2002 සිට ඒ සදහා උත්සාහ කළ ද එය සාර්ථක වන්නේ වසර 20කට පසු 2023 දීය. ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේගවල එම අසාර්ථක වීම පිළිබඳව බෙදුම්වාදී යුද්ධය පරාජය වීමෙන් පසුව 2010 දී නෝර්වේජියානු ආධාර සංවිධාන විසින් කැඳවූ වෝහාරික අධ්‍යයන වාර්ථාවක් මගින් කරුණු දක්වා ඇත. 


සාමයේ ඉත්තෝ යනුවෙන් නම්කර තිබූ පිටු 182කින් සමන්විත එම අධ්‍යයන වාර්ථාව සකස්කරනු ලබන්නේ ලන්ඩන් විශ්වවිද්‍යාලයේ පෙරදිග අධ්‍යයන අංශයේ මහාචාර්යවරු 5 දෙනෙකු විසිනි. එම වාර්තාව කැඳවනු ලබන්නේ නොර්වේජියානු මැදිහත්වීම මත සුඩානය බෙදා වෙන් කිරීමට හැකිවුවද ශ්‍රී ලංකාවට අදාළව ඔවුන් අසාර්ථක වන්නේ කුමක් නිසාදැයි සොයාගැනීම සඳහාය. ඒ ආකාරයට සිදුවූ වරද කුමක්දැයි සොයාගැනීමට අවශ්‍ය වන්නේ වරද නිවරදි කිරීම සඳහා බව කුඩා ළමයෙකුට වුවද වටහා ගත හැක. එම වාර්තාව මගින් ප්‍රධාන හේතු 4ක් හඳුනාගෙන ඇත. එම හේතු අතරින් ප්‍රමුඛතම එක් හේතුවක් වන්නේ බෙදුම්වාදී රාජ්‍ය නොවන සංවිධාන නොර්වේජියානු රජයෙන් අරමුදල් ලබාගත්ත ද ඔවුන් විසින් තමන්ට පැවරුණු භූමිකාව ඉටුකිරීමට අසමත් වීමය. එනම් ඔවුන් මහාසංඝරත්නය ප්‍රමුඛ ජාතික බලවේග සහ බහුතර සිංහල ජනතාවගේ සැකයට, වෛරයට සහ පිළිකුලට භාජනය වූවා මිස එම බලවේග දිනාගැනීමට අසමත් වීමය. වෙනත් වචන වලින් කියන්නේ නම් බෙදුම්වාදී  මල් වට්ටියට අතගැසීමට එම බලවේග අතර මානසික බලපෑමක් ඇති කිරීමට ඔවුන් අසමත් වීමය. දැන් හිමාලයා ප්‍රකාශය මගින් එම මූලධර්මික වරද නිවැරදි කිරීමට ඩයස්පෝරාව ප්‍රමුඛ බෙදුම්වාදී බලවේග යම් පමණකට සමත්වී ඇති බව ඉතා පැහැදිලිය.


එම වාර්තාවේ අඩංගු සෙසු ප්‍රධාන හේතු අතුරින් එකක් හැර ඉතිරි ඒවා නිවැරදි කිරීමට නොවේජියානවන් ඇතුළු විදේශීය සහ බෙදුම්වාදී බලවේග මේ වන විට සමත්වී ඇති බව පෙනේ. ඒ අතරින් ඔවුන්ගේ අසමත් වීමට ප්‍රධාන හේතුවක් ලෙස හඳුනාගත හැක්කේ ජනතා විමුක්ති පෙරමුණේ අතීත භූමිකාවය, එනම් ජාතිකවාදී භූමිකාවය. එම භූමිකාව ජාතික ජනබලවේගය තුළ යටපත් කිරීමට හැකිවී ඇති බව රහසක් නොවේ. අද ජාතිවාදයට විරුද්ධවීමේ නාමයෙන් ජාතිකවාදී භූමිකාව අත්හැරීම සහ බෙදුම්වාදයට එරෙහිවීම වැළැක්වීම සඳහා ආණ්ඩුවට මෙන්ම සමාජයට ද මානසික බාධක පනවා ඇති බවද පැහැදිලිවම දැකගත හැකිය.


එම වාර්තාව මගින් නෝර්වේජියානුවන්ගේ අසමත්වීමට අදාළ තුන්වන හේතුව ලෙස හඳුනාගෙන ඇත්තේ හෙළ උරුමය පක්ෂය විසින් භික්ෂූන් වහන්සේලා දේශපාලන වේදිකාව මත ඉන්පෙර ඉටුනොකළ භූමිකාවක් ඉටුකිරීම සඳහා පෙළඹවීමට සමත් වීමය. හෙළ උරුමය පක්ෂයේ භූමිකාව මගින් එදා ජනතා විමුක්ති පෙරමුණ විසින් සටන් විරාම ගිවිසුමට, තාවකාලික ආණ්ඩු යෝජනාවට සහ සුනාමි සහන මණ්ඩලයට එරෙහිව දියත් කළ ප්‍රභල විරෝධතාවන්ට සහායක් ලැබුනු  බව රහසක් නොවේ. අද වන විට එම වරදද නිවැරදි කිරීම හෝ නිවැරදි වීමට ඉඩ සැලසීම සිදුවී ඇති බවද රහසක් නොවේ. කෙසේවෙතත් හතරවන හේතුව හෙවත් එදා පැවති රනිල් - චන්ද්‍රිකා පුද්ගල ගැටුම සමනය කිරීමට නෝර්වේජියානුවන් අසමත් වීම පමණක් අදට ද වලංගු වේ.


එදා රනිල් - චන්ද්‍රිකා ගැටුම සමනය කිරීමට බෙදුම්වාදී බවේග අසමත් වූ ආකාරයට මෙදා රනිල් - සජිත් ගැටුම සමනය කිරීමට ඔවුන් අසමත් වූ බව ඉතා පැහැදිලිය. එදා ඔවුන් චන්ද්‍රිකා - රනිල් ගැටුම සමනය කිරීමට සමත්වූවා නම් සුඩානයේ මෙන් තාවකාලික ආණ්ඩු ගිවිසුම අත්සන් කරන බවට කිසිඳු සැකයක් නැත. එසේ වූවානම් 2009 දී යුද්ධය අවසන් කිරීමට පෙර සුඩානයට අත්වූ ඉරණම ශ්‍රී ලංකාවට ද අත්වන බවද පැහැදිලිය. ඒ අනුව රනිල් - සජිත් ගැටුම සමනය කළ හැකි වූවා නම් බෙදුම්වාදයට අවශ්‍ය දේ බන්දේසියක තබා ලබාදීමට හැකි වන බවටද සැකයක් නැත. නමුත් එය කළ නොහැකි තත්ත්වයක් යටතේ බෙදුම්වාදීන්ගේ තෝරාගැනීම වූයේ සජිත් ප්‍රේමදාස මහතා බව ජනාධිපතිවරණයේ දී උතුරු සහ නැගෙනහිර පළාත්වල දිස්ත්‍රික්ක 5ක මෙන්ම නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඡන්ද ප්‍රතිඵලවලින් පැහැදිලි වේ.


නමුත් සජිත් ප්‍රේමදාස මහතාගේ පරාජය හෙවත් අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය සනිටුහන් කරන්නේ බහුතර සිංහල ජනතාව විසින් බව ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් ඉතා හොඳින් පැහැදිලි වේ. ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයේ දී ඔවුන්ගේ තෝරාගැනීම හෙවත් 'ප්ලෑන් බී' බවට පත්වන්නේ අනුර දිසානායක මහතා බව පාර්ලිමේන්තු මැතිවරණයේ දී උතුරේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රමාණයන් විශ්ලේෂණය කිරීමේ දී පැහැදිලිව දැකගත හැක. එම ජයග්‍රහණය තුළින් පළමු වටයේ දී බෙදුම්වාදීන්ට සතුටුවිය හැකි ප්‍රතිඵල ලැබී ඇති බවට සාධාරණ තර්කයක් ගොඩනැගිය හැක. ඊට හේතුව ආණ්ඩුවේ පාර්ශ්ව ඡන්ද ප්‍රතිඵලවලින් පසුව ජාතිවාදය අවසන් බවට ප්‍රකාශ කරමින් සිංහල ජාතිවාදයක් පිළිබඳව ඇඟවීම කරන අතර, දෙමළ ජාතිවාදය සහ එහි කූඨප්‍රාප්තිය වන බෙදුම්වාදය පිළිබඳව කතා නොකිරීමය. ඉන්පසුව මළවුන් සැමරීමේ නාමයෙන් ප්‍රභාකරන් සහ මහවිරු සති සැමරුම් උත්සව පිළිබඳව ආණ්ඩුව විසින් ගනුලැබූ පියවර අනුව එම උපකල්පනය තවදුරටත් තහවුරු විය. කෙසේවෙතත් මහජන විරෝධය යම් පමණකට පැනනැගීම නිසා හිමාලයා ප්‍රකාශනය නිල වශයෙන් භාරගැනීමට ජනාධිපතිවරයා මැලිවීම සුභවාදී ලකුණකි. එසේ වුවත් එතුමාගේ ඉන්දියානු සංචාරයේ දී ඉන්දීය අගමැතිවරයා විසින් සිදුකළ බලපෑම්වලට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුහුණ දෙන ආකාරය අනුව රටේ අනාගත ඉරණම තීන්දුවන බව ඉතා පැහැදිලිය.


වෛද්‍ය වසන්ත බණ්ඩාර

ලේකම්

දේශහිතෛෂි ජාතික ව්‍යාපාරය

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.