News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දීය – ශ්‍රී ලංකා එකඟතාවන් මෝදි – රනිල් ගිවිසුමෙන් ඔබ්බට!

Dec 22, 2024 at 08:16 AM
|

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විදේශීය පර්යේෂණ යාත්‍රා ශ්‍රී ලංකාවට පැමිණීම වසරකට තහනම් කළේය. ඒ 2024 වසරට අදාළවය. එම තහනම චීනය ඉලක්ක කර ක්‍රියාත්මක කළ බව රහසක් නොවේ. ඉන්දියාව වෙනුවෙන් ඇමෙරිකාවද එහිදී ඍජුව මැදිහත් විය. පසුගියදා පැවැත්වූ ඉන්දු-ලංකා සාකච්ඡාවේදී එම තහනම දීර්ඝ කිරීමේ අවශ්‍යතාව ඉන්දියාව නැවතත් අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලීන මිතුරකු වන චීනය ඉලක්ක කර ශ්‍රී ලංකාවට බලපෑම් කිරීම කිසිසේත්ම සාධාරණ නැත. මෙම කාරණාවේදී ශ්‍රී ලංකා රජය මුහුණ දෙන්නේ විසඳා ගැනීමට නොහැකි ගැටලුවකටය. එම තත්ත්වය උභතෝකෝටිකයකි. තමන්ට පෙර සිටි ජනාධිපතිවරුන් මෙන්ම දිසානායක ද ශ්‍රී ලංකා භූමිය කිසිසේත්ම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට පාවිච්චි කිරීමට ඉඩ නොදෙන බවට නැවතත් මෝදි අග්‍රාමාත්‍යවරයාට ප්‍රතිඥාවක් දුන්නේය. එය ඉන්දීය ස්ථාවරය වෙනස් කිරීමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවනු ඇත.ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දෙසැම්බර් 16, 2024 වන දින ඇතිකර ගනු ලැබූ එකඟතාවන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ (2022 ජුලි-2024 සැප්තැම්බර්) ඉන්දීය නායකයා සමග 2023 ජුලි 21 වන දින නව දිල්ලියේ දී ඇතිකර ගත් ගිවිසුම සමග සමස්තයක් ලෙස සලකා බැලු විට සම්පූර්ණයෙන්ම එකඟය. නව එකඟතාව හරහා මෝදි-වික්‍රමසිංහ ගිවිසුම තවදුරටත් පුළුල් කර ඇත.

දිසානායක ජනාධිපතිවරයා තම තෙදින නිල සංචාරය (15 සිට 17 දක්වා) ආරම්භ කිරීමට සති කීපයකට පෙර එජාප නායක වික්‍රමසිංහ ඉන්දියාවේ කළ පෞද්ගලික සංචාරයකදී අවධාරණය කළේ තමන් මෝදි අග්‍රාමාත්‍යවරයා සමග ඇතිකර ගනු ලැබූ ගිවිසුම එයාකාරයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවයි. එය එලෙසම සිදුවී ඇත.

මෝදි අග්‍රාමාත්‍යවරයා සහ දිසානායක ජනාධිපතිවරයා අතර සිදුවූ සාකච්ඡාව නිසියාකාරව වටහා ගැනීමට නම් දෙරට නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය, ඉන්දීය නායකයා මාධ්‍ය හමුවේදී හින්දි බසින් කළ ප්‍රකාශයේ ඉංග්‍රීසි පරිවර්තනය සහ ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි ඉන්දීය මාධ්‍යයට කළ ප්‍රකාශය සහ මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට දුන් පිළිතුරු අවධානයෙන් කියවිය යුතුය. එම ප්‍රකාශ සමග මෝදි – වික්‍රමසිංහ ගිවිසුම ද අධ්‍යයනය කළ යුතුමය.

මෙම ලිපිය සම්පාදනය කරන අවස්ථාවේ (දෙසැම්බර් 18) ඉන්දීය-ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය (මන්ත්‍රී ආසන 40) හෝ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඉලංකෙයි තමිල් අරසු කඩ්චි (මන්ත්‍රී ආසන 08), නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (මන්ත්‍රී අසන 05) සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටු පක්ෂය/මන්ත්‍රී ආසන 03) තම ප්‍රතිචාරය දක්වා නැත.

අදාළ ඉන්දීය ප්‍රකාශ සම්බන්ධයෙන් නිසියාකාර අධ්‍යනයක් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු පක්ෂයකට වුවමනාවක් නැත. ඒ වෙන කිසිදු කාරණාවක් නිසා නොව විපක්ෂය නියෝජනය කරන සෑම පක්ෂයක්ම අඩු වැඩි වශයෙන් මෝදි-වික්‍රමසිංහ ඓතිහාසික ගිවිසුම සමග එකඟ වී ඇති නිසාය.

දීර්ඝ කාලයක් විධායකය සහ ව්‍යවස්ථාදායකය සම්පූර්ණයෙන්ම අසාර්ථක වීම තුළ 2020 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාව බංකොලොත් බවට ගෝඨාභය රාජපක්ෂ රජය නිල වශයෙන් පිළිගත්තේය. නමුත් අතිශය දුර්වල සහ දූෂිත මූල්‍ය පාලනය හේතුවෙන් ශ්‍රී ලංකාව බංකොලොත් වූයේ ඊට බොහෝ කාලයකට පෙරය. ගෝඨාභය රාජපක්ෂ පලවා හැරීම සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්වීම 2020 ජුලි මාසයේදී සිදුවීම සහ ඊට හරියටම වසරකට පසුව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඇතිකර ගනු ලැබූ ගිවිසුම ආන්දෝලනාත්මකය.

නරේන්ද්‍ර මෝදි භාරතීය ජනතා පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා ලෙස 2014 දී තම පක්ෂය ඓතිහාසික ජයග්‍රහණයකට මෙහෙයවීය. ආසන 282 ලබා තම බලය ස්ථාපිත කළ මෝදි වසර 11 තුළ මහ මැතිවරණ තුනක් ජයග්‍රහණය කර ඇත. ඉන්දියාව ලෝකයේ බලවත් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමට මෝදි දුන් නායකත්වය පිළිබඳව ඉන්දියාවට ප්‍රීතියට පත්වීමට හැකිය. ඉන්දියාව ශ්‍රී ලංකාව සමග 2023 දී ගිවිසුම් ගත වූයේ ලෝක බලවතෙක් සහ කලාපීය බලවතා ලෙසය. මෝදි අග්‍රාමාත්‍යවරයාගේ නායකත්වය තුළ ඉන්දියාව ලැබූ තීරණාත්මක ශීඝ්‍ර සංවර්ධනය සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය හාත්පසින්ම වෙනස්ය. මෝදි අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ 2014 සිට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය සංසන්දනය කිරීම තුළ අප රට ආර්ථික-දේශපාලනික-සමාජීය වශයෙන් කඩා වැටීම තේරුම් ගත හැකිය. මෙම කාලය තුළ ජනාධිපති ධුරය හෙබවූ මෛත්‍රිපාල සිරිසේන (2015-2019), ගෝඨාභය රාජපක්ෂ (2019-2022) සහ රනිල් වික්‍රමසිංහ (2022-2024) මෙම තත්ත්වයට වගකිව යුතුය.

ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සහ ජාතික ජන බලවේගයේ (ජාජබ) නායක අනුර කුමාර දිසානායක 2024 ජනාධිපතිවරණය සහ 0මෑතකදී පැවැත්වූ මහමැතිවරණය ඉහළින්ම ජයග්‍රහණය කිරීම විමසා බැලිය යුතු වන්නේ ද්‍රවිඩ බෙදුම්වාදී ත්‍රස්තවාදය 2009 දී පරාජය කළ ශ්‍රී ලංකාව බංකොලොත් කිරීමට අඩු වැඩි වශයෙන් එක් එක් ආණ්ඩු දායක වූ ආකාරය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමිනි. මෝදි-වික්‍රමසිංහ ගිවිසුම ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් කඩාවැටීමේ ප්‍රතිපලයකි. දේශපාලන ව්‍යාකූලත්වය සහ අස්ථාවර භාවය ඊට අවශ්‍ය පරිසරය නිර්මාණය කළේය. සමස්ත කඩා වැටීම තුළ ජනතා කෝපය ‘අරගලය’ හරහා පුපුරා යෑම ශ්‍රී ලංකාව අඩපණ කළ බව අමුතුවෙන් කිවයුතු නැත.

දෙවරක් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී පරාජය වූ රනිල් වික්‍රමසිංහ 2022 දී ජනාධිපති ධුරයට පත්වීම සහ යන්තම් වසර 6 වයසැති ජාජබ 2024 ජනාධිපතිවරණය ජයග්‍රහණයේ කිරීම තුළ නව ඉන්දු-ලංකා ගිවිසුම සාකච්ඡා කරමු.

දිසානායක ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හමුවීමට පෙර විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයෂන්කර්, ජාතික ආරක්ෂක උපදේශක අජිත් ඩොවාල් සහ මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් හමුවිය. දෙපාර්ශ්වය අතර හයිද්‍රාබාද් නිවාසයේ සාකච්ඡා පැවැත්වීමට පෙර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සීමා කරන ලද සාකච්ඡාවක් පැවැත්වූ බවට ඉන්දීය විදේශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

ලියුම්කරු මිට පෙර අවධාරණය කළ පරිදි භූමියේ තත්ත්වය වටහා ගැනීමට ඉන්දියාව නිකුත් කරන ලද ප්‍රකාශ අවධානයෙන් විමසා බැලිය යුතුය. මෝදි-වික්‍රමසිංහ ගිවිසුම (Promoting Connectivity, Catalyzing Prosperity( India -Sri Lanka Economic Partnership Vision) සහ මෝදි-දිසානායක ගිවිසුම (Fostering Partnerships for a Shared Future) විමසා බැලිය යුතුය.

මෝදි-වික්‍රමසිංහ ගිවිසුමට ප්‍රධාන කරුණු 5 අයත් විය. නමුත් පසුගියදා ඇතිකර ගනු ලැබූ එකඟතා අතර නව යෝජනා තිබිණි. එයින් වඩාත් වැදගත් වුයේ ‘උපාය මාර්ගික සහ ආරක්ෂක සහයෝගිතාවය’ සම්බන්ධයෙන් ඇතිකර ගනු ලැබූ එකඟතාවයන්ය. එය (Strategic” Defence Cooperation) යන ශීර්ෂය යටතේ කරුණු 5 ක් මත අවධාරණය කර තිබිණි.

මෝදි අග්‍රාමාත්‍යවරයා දිසානායක ජනාධිපතිවරයා සමග පැවැත්වූ ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේ දෙපාර්ශ්වය ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට (Security Cooperation Agreement ) ඉක්මනින්ම එළැඹීමට තීරණය කළ බවයි. එලෙසම ශ්‍රී ලංකා මුහුදේ ජල ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ බවයි.

මෝදි අග්‍රාමාත්‍යවරයා ආරක්ෂක සහයෝගිතා ගිවිසුම සම්බන්ධයෙන් කළ අදහස් දැක්වීම ඒකාබද්ධ ප්‍රකාශයේ ඒ සම්බන්ධව ඉදිරිපත් කළ කරුණට වඩා වෙනස්ය. එහි සඳහන් වූයේ දෙපාර්ශ්වය ආරක්ෂක සහයෝගිතාවය සම්බන්ධයෙන් කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව රාමුවක් නිර්මාණය කිරීමේ හැකියාව විමසා බැලීමට තීරණය කළ බවත් ජල ශාස්ත්‍රීය කටයුතු සම්බන්ධයෙන් සහයෝගිතාව වර්ධනය කිරීමට කටයුතු කරන බවත්ය.

ශ්‍රී ලංකාව මහා බ්‍රිතාන්‍යයෙන් නිදහස් ලැබීමෙන් පසුව කිසිදු රටක් සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට ඇතුළු වී නැත. ඉන්දියාව 1980 මුල් කාලයේදී ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය ස්ථාපිත කළ කාලයේදීවත් ශ්‍රී ලංකාවට එවැනි අවශ්‍යතාවයක් නොවීය. නමුත් ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉන්දියාව ඇතුළු බොහෝ රටවල් ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට අවශ්‍ය අවි ආයුධ සහ පුහුණුව ලබා දුන්නේය. හතර වන ඊළාම් යුද්ධයේදී (2006-2009) ඉන්දියාව ශ්‍රී ලංකාවට ලබා දුන් සහයෝගය තීරණාත්මක විය. ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ඉවහල් විය.

ශ්‍රී ලංකාවේ පිහිටීම සහ දේශපාලනිකව ස්ථානගත සහ වීම තුළ යම් රටක් සමග ‘ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට’ එළැඹීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ අතර සම්මුතියක් ඇති විය යුතු නොවේද?

රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ 2001-2003 සමයේදී ද ඉන්දියාව සමග ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට එළැඹීමට දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු විය. නමුත් එය සාකච්ඡාවකට පමණක් සීමා විය. නැවතත් යෝජිත ආරක්ෂක සහයෝගිතා ගිවිසුම නිල වශයෙන් දෙරට අතර ප්‍රධාන මාතෘකාවක් ලෙස නවතම ගිවිසුමට ඇතුළත් වී ඇත.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළ කරුණු අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 5 ණය ආධාර 2022 සහ 2023 සැපයීම, ශ්‍රී ලංකාවේ පරිපාලන දිස්ත්‍රික්ක 25 තුළම ව්‍යපෘති ක්‍රියාත්මක කිරීම, දැනට ක්‍රියාත්මක චෙන්නායි -පලාලි ගුවන් සේවය සහ නාගපටිනම්-කන්කසන්තුරෙයි අතර මුහුදු ප්‍රවාහන සේවයට අමතරව රාමේස්වරම් සහ තලෙයිමන්නාරම අතර ද එවැනි නාවික ප්‍රවාහන සේවයක් නුදුරේදී ම පිහිටුවීම ද විය. කෙසේ වෙතත් දෙපාර්ශ්වය නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශයට අනුව මීට පෙර ක්‍රියාත්මක වූ නමුත් පසුව නතර වූ රාමේස්වරම් සහ තලෙයිමන්නාරම අතර මුහුදු ගමන් මාර්ගය නැවත ආරම්භ කිරීමට නියමිතය.

WION නාලිකාව වෙනුවෙන් මාධ්‍යවේදියකු ඉන්දියාව සහ ලංකාව අතර ස්ථාපිත කිරීමට යෝජනා කළ ගොඩබිම් මාර්ගය සම්බන්ධයෙන් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දීමෙන් විදේශ ලේකම් වික්‍රම් මිස්රි වැළකිණි.

දූෂණ සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇමෙරිකානු පරීක්ෂණයකට භාජනය වී සිටින ගෞතම් අදානිට අයත් සමාගම කොළඹ වරායේ බටහිර පර්යන්තයේ කර ඇති ආයෝජන සහ අනෙකුත් ආන්දෝලනාත්මක අදානි යෝජනා සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා නොකළ බව වික්‍රම් මිස්රි ප්‍රකාශ කළේය. කොළඹ වරාය සම්බන්ධයෙන් දෙපාර්ශ්වයෙන්ම කිසිදු සඳහනක් නොවූ බව ඉන්දීය විදේශ ලේකම්වරයා කළ ප්‍රකාශය ඇත්ත වශයෙන්ම මවිතයට හේතුවකි.

ඇමෙරිකාව ඩොලර් බිලියන 553 ආයෝජනය කිරීමට නියමිතව තිබූ කොළඹ බටහිර පර්යන්තයට සම්බන්ධවූ අනෙකුත් පාර්ශ්ව දෙක වරාය අධිකාරිය සහ ජෝන් කීල්ස් සමාගමයි. අදානිට එරෙහිව දූෂණ චෝදනා එල්ලවීමත් සමගම ඇමෙරිකානු ආයෝජනය ඉවත් කර ගැනීම සිදු විය. අදාළ මුදල ගෞතම් අදානි විසින් යොදවන බවට ප්‍රකාශ වී ඇත. මෙවැනි බරපතල කරුණක් දෙරට අතර ඉහළ පෙළේ සාකච්ඡාවේදී අවම වශයෙන් අවධානය යොමු නොවූ බවට ඉන්දීය විදේශ ලේකම්වරයා කරන ප්‍රකාශය පිළිගත හැකිද?

අග්‍රාමාත්‍ය මෝදිගේ කුළුපඟ මිතුරකු වන අදානිට එරෙහිව ඇමෙරිකාව එල්ල කරන චෝදනාව දෙරට අතර හොඳහිත පළුදු කිරීමට හේතු විය හැකිය. ඇමෙරිකාව 2005 දී එවකට ගුජරාටයේ මහ ඇමැති වී මෝදිට රාජ්‍යතාන්ත්‍රික වීසා නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළේය. ඔහුට නිකුත් කර තිබූ සාමාන්‍ය වීසා අවලංගු කළේය. ඒ 2002 දී ගුජරාටයේ මුස්ලිම් ජනතා අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට මූලික වූ බවට චෝදනා කරමිනි.

ඉන්දු-ලංකා මුහුදු සීමාව ඉන්දීය ධීවර ප්‍රජාව නිරන්තරයෙන් සංවිධානාත්මකව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ඉන්දියාව කිසිසේත්ම සූදානම් නැත. මෙවර ඉන්දු-ලංකා සාකච්ඡාවේදී ද ඉන්දියාවේ ස්ථාවරය වූයේ දැනට තිබෙන තත්ත්වයේ වෙනසක් සිදු නොවිය යුතු බවයි. තමිල්නාඩු බලපෑම හේතුවෙන් ඉන්දියානු ධීවරයින් ශ්‍රී ලංකා මුහුද ආක්‍රමණය කිරීම කිසි දිනෙක නැවැත්වීමට අවස්ථාවක් නැත.

ඉන්දියාව තම නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය යොදවා තම අසල්වැසියාගේ මුහුදු සීමාව සංවිධානාත්මකව ආක්‍රමණය කිරීමේ ක්‍රියාදාමය වැළැක්වීමට සූදානම් නැත. තමිල්නාඩු ධීවර ප්‍රජාවගේ අවශ්‍යතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකාවේ අයිතිය උල්ලංඝනය කරන බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකාවේ ජීවත්වන ද්‍රවිඩ ප්‍රජාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් නිතරන කතා කරන කිසිදු ඉන්දීය දේශපාලනඥයකු තමන් පීඩාවට පත්කරන්නේ උතුරු -නැගෙනහිර ජීවත්වෙන ද්‍රවිඩ ධීවර ප්‍රජාව බව අමතක කර ඇත.

ධීවර ගැටලුව සම්බන්ධයෙන් විදේශ ලේකම්වරයා අපූරු ප්‍රකාශයක් කර තිබිණි. මොනයම්ම තත්ත්වයක් යටතේදිවත් බලය පාවිච්චි කිරීමට දෙපාර්ශ්වය එකඟ වූ බවයි. ශ්‍රී ලංකා මුහුදු සීමාව ආක්‍රමණය කරන ඉන්දීය ධීවරයන් ඉතාමත් කලහකාරී ලෙස යම් අවස්ථාවල හැසිරෙන බව ඉන්දියාව අමතක කිරීම සුදුසු නැත. ඉන්දීය ධීවරයින් කලහකාරී ලෙස තම යාත්‍රා හැසිරවීම හේතුවෙන් ශ්‍රී ලංකා නාවික යාත්‍රාවලට හානි වූ අවස්ථා ඇත. පසුගිය ජුනි මාසයේ කන්කසන්තුරය මුහුදු ප්‍රදේශය ආක්‍රමණය කර සිටි ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යෑමේදී නාවික හමුදා නිලධාරියකු මරණයට පත් විය. ඉන්දියානු ධීවරයින් තහනම් ක්‍රම (bottom trawling) කිරීම සම්බන්ධයෙන් දිසානායක ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔහුට නිසි ගෞරවය හිමිවිය යුතුය.

මෝදි සහ දිසානායක සාකච්ඡාවෙන් පසුව ඉන්දියාව නිකුත් කළ කිසිදු ප්‍රකාශයක 13 වැනි සංශෝධනය සඳහන් නොවුවත් එමගින් බලාපොරොත්තු වූ ලෙස බලය බෙදා හැරීම නිසි ලෙස සිදු කළ යුතු බවට මෝදි අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා නායකයාව උනන්දු කළ බවට විදේශ ලේකම්වරයා ප්‍රකාශ කර ඇත.

13 වැනි සංශෝධනය ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට ඇතුළු කිරීමට ඉන්දියාව අනුගමනය කළ මිනීමරු ක්‍රියාදාමය තුළ ඉන්දීය හමුදා ජීවිත 1,500 අහිමි විය. තුවාල වූ ප්‍රමාණය 3,000 අධිකය. ත්‍රස්තවාදය පැතිර වූ අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි ද්‍රවිඩ කාන්තා ත්‍රස්තවාදී ප්‍රහාරයකින් 1991 දී මරණයට පත් විය. ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව පුහුණු කළ ත්‍රස්තවාදීන් මාලදිවයිනේ එවකට ජනාධිපති මොහමඩ් අබ්දුල් ගයුම් මරා දැමීමට 1988 නොවැම්බර් මාසයේ කළ උත්සාහය ව්‍යර්ථ කිරීම හේතුවෙන් එම රට මහත් ව්‍යසනයකින් ගැලවුන බව ලෝකයට අමතක නැත.

දැන්වත් රටක් ලෙස දේශීය සහ විදේශීය අභියෝගවලට මුහුණ දීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ තේරුම් ගත යුතුය. සියල්ල දේශපාලනීකරණය කිරීමෙන් වැළකිය යුතුය.

සැබෑ දේශීය සහ විදේශීය අභියෝග හඳුනා ගත යුතුය. ජාජබ විසින් තෝරාපත් කරගනු ලැබූ කථානායක අසෝක රන්වලට ප්‍රකාශ කර පරිදි උසස් අධ්‍යාපන සුදුසුකම් නොමැති බව පවසා ඔහුට එම ධුරයෙන් ඉල්ලා අස්වීමට සැලැස්වීම අභියෝගයක් නොවන බව විපක්ෂය තේරුම් ගත යුතුය. සිංගප්පූරු ජාතික අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකු අධිපතිකමට (2015 දී) සහ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි දයා ගමගේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට (2020) පත්කළ රටක කථානායකවරයාට ඉල්ලා අස්කිරීමට දේශපාලන පක්ෂ බල කිරීමත් විහිළුවකි. ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වූ රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට එකම හේතුව වූයේ ජාජබ සමස්ත මැතිවරණ ව්‍යාපාරය තුළම ජනතාවට තමන් අවංක වන බවට දුන් පොරොන්දුවයි.


ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් විභාගයේ දී පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, පිළිතුරුදීමට අවශ්‍ය වූ නමුත් ඔවුන්ට අවස්ථාවක් නොලැබුණු බව පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ (CLA) සභාපති ස්ටීවන් තිරූ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.