News Category
From Date
To Date
Maximum Number of Result

ආණ්ඩුව හා ජනතාව අතර සම්මුතිය අර්ථවත් කිරීම

Dec 31, 2024 at 11:07 AM
|

(පහත පල වන්නේ නීතිඥ කණිෂ්ක විතාරණ මහතා විසින් 2024 12 30 ලංකාදීප පුවත් පතට සම්පාදනය කළ ලිපියකි. එහි ඇති කාලීන වැදගත්කම සලකා ලංකා ලීඩර් පාලකයාගේ පරිශීලනය පිණිස මෙය පල කරනු ලබන බව අවධාරණය කරමු. ලංකා ලීඩර් කතෘ මණ්ඩලය)

ජාතික ජන බලවේගය මැතිවරණ ප්‍රචාරක රැස්වීම්වලදී තමන් බලයට පත් වූ වහාම විප්ලවීය පියවර රාශියක් ගන්නා බවට පොරොන්දු විය. ජන ජීවිතයේ සැබෑ වෙනසක් ඇති කරවන ස්වෛරී හා ගෞරවාන්විත රටක් කරා යන ගමනක් ජනතාවගේ අපේක්ෂාව විය. ඒ සඳහා මුළු රටම එකතු වී අලුත් දිශානතියකට රටේ දේශපාලන ඉතිහාසය හැරවීය. එහෙත් ජනතාවට මුහුණ දීමට සිදුවූයේ වෙනත් දෙයකට ය. අත්‍යවශ්‍ය ආහාරවල මිල, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සම්බන්ධයෙන් ගෙන ඇති ප්‍රතිපත්තිය, ජාත්‍යන්තර සබඳතා හා ආයෝජන, රටේ ස්වෛරීත්වය පමණක් නොව රාජ්‍ය තන්ත්‍රයේ උසස් ධුර සඳහා කරනු ලැබූ පත්කිරීම් හා පත්වූවන්ගේ ප්‍රායෝගික නිපුණතාව, පාලකයින්ගේ ඇතැම් හැසිරීම් රටා ජනතාව විසින් අපේක්ෂා කළ දෙයට වඩා වෙනස්ය. එම විවේචනයන් හමුවේ ජනතාව හා රජය අතර ආරම්භයේදී තිබූ බැඳියාවේ යම් පළුදුවීම් සිදුවෙනු පෙනෙන්නට ඇත. 

ආණ්ඩුව හා සමාජය අතර ගිවිසුම

ආණ්ඩුවක් බලයට පත්කිරීමේදී ජනතාව විසින් තමන් සතු පරමාධිපත්‍ය බලය ආණ්ඩුව වෙත භාර කරයි. එවිට  ආණ්ඩුව පරමාධිපත්‍ය බලය ජනතාව වෙනුවෙන්, ජනතාවගේ ආරක්ෂාව හා සුබසිද්ධිය සලසා දීමේ පොරොන්දුව හා කොන්දේසියට යටත්ව ජනතාව වෙනුවෙන් භාරයක් ලෙස දරයි. එහිදී ජනතාව විසින් පාලකයින් බලයට පත් වීමට පෙර ලබා දුන් පොරොන්දු ඒ ආකාරයෙන්ම ඉෂ්ට කරතැයි අපේක්ෂා කර සිටියි. ව්‍යවස්ථාමය වශයෙන් මෙහිදී සිදු වන්නේ ජනතාවත් ආණ්ඩුවත් අතර ගිවිසුමක් හටගැනීම වේ. එය ජනතා-සම්මුතිය හෝ සමාජ ගිවිසුම (Social Contract) යනාදි නම්වලින් හඳුන්වනු ලැබේ. ආණ්ඩුව විසින් එම අපේක්ෂා ඉටු නොකරන අවස්ථාවන්හිදී එම ගිවිසුම උල්ලංඝනය වේ.

සමාජ ගිවිසුම කඩ කළ විට

ආණ්ඩුවක් විසින් සමාජ සම්මුතිය/ගිවිසුම කඩකරන විට ජනතාවට ඇති ප්‍රතිකර්මය කුමක් ද යන්න වත්මන් ව්‍යවස්ථා ආකෘති නිර්මාණයේ පුරෝගාමීන් වන ජෝන් ලෝක් (1632-1704), ජැක්ස් රොසියිරෝ (1712-1778) යන අයට ද ගැටලුවක් විය. බලයට පත්වූවන් විසින් සමාජ සම්මුතිය කඩ කළ විට අධිකරණයට යාමට නොහැකි ය. ඊට නීතිමය බාධා ඇත. ජොන් ලෝක් තර්ක කරන්නේ ජනතාවගේ ස්වභාවික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ආණ්ඩුව අපොහොසත් වන්නේ නම් එම ආණ්ඩුව පලවා හැර නව ආණ්ඩුවක් ස්ථාපිත කිරීමේ අයිතිය ජනතාවට ඇති බව ය. සමාජ සම්මුතිය කඩකළ ආණ්ඩුවකට එරෙහිව අරගල කිරීමට ජනතාවට ඇති අයිතිය ඔවුන් විසින් පිළිගෙන ඇත. 

ව්‍යවස්ථාවට අනුව රජයේ වගකීම

ජනතා සම්මුතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක කළ යුතු වේ. ව්‍යවස්ථාවේ 6 වන පරිච්ඡේදයේ රාජ්‍ය ප්‍රතිපත්තිය මෙහෙයවීමේ මූලධර්ම සඳහන් ය. ඒවා පාර්ලිමේන්තුව, ජනාධිපතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය විසින් ගුරුකොට ගත යුතු බව 27 වන වගන්තියේ සඳහන් ය. එහි ඇති වෙනත් මූලධර්ම අතර, 

i.සියලු තැනැත්තන්ගේම මූලික අයිතිවාසිකම් හා නන්වැදෑරුම් නිදහස සපුරාලීම,

ii.පොදු ජන යහපතට ඉවහල් වන පරිදි ප්‍රජාවගේ භෞතික සම්පත් සහ සමාජ ඵලය සියලු පුරවැසියන් අතර සාධාරණ ලෙස බෙදාහැරීම, 

iii.නිෂ්පාදනයේ, බෙදාහැරීමේ සහ හුවමාරු කිරීමේ මාර්ග රජයෙහි, රාජ්‍ය ආයතනයන්හි හෝ වරප්‍රසාද ලත් අතලොස්සක් අතෙහි හෝ ඒකරාශී නොවී සහ මද්‍යගත නොවී ශ්‍රී ලංකාවේ සකල ජනතාව අතර විසිරී යන ධර්මිශ්ඨ සමාජ ක්‍රමයක් පිහිටුවීම, 

iv.නූගත්කම සහමුලින්ම තුරන් කිරීම සහ සියලු තැනැත්තන්ට අද්‍යාපනයේ සමාන ඉඩප්‍රස්ථා ලබා ගැනීමේ අයිතිය සහතික කිරීම  ඇතුළුව කාරණා 8ක් ඉටු කිරීමට රජය ඇපකැප වී සිටියි (27(2)).

එසේම ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, එක්සත්භාවය සහ දේශපූර්ණත්වය ආරක්ෂා කිරීමට (27(3)) කිසිදු බේදයකින් තොරව සියලු පුරවැසියන්ට දියුණු වීමට සම ප්‍රස්ථාවන් සැලසීමට (27(6)වගන්තිය) ආර්ථික හා සාමාජික වරප්‍රසාද හා විෂමතා ද, මිනිස් ශ්‍රමය අයථා පරිදි උපයෝගී කරගැන්ම තුරන් කිරීමට (27(7)) ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වීමේදී ධනය සහ නිෂ්පාදන මාර්ග පොදු ජනතාවට හානි කරවන සේ ඒකරාශී නොවීමට (27(8))සමාජ සුරක්ෂිතභාවය හා සුබසාධනය ඇති කිරීමට (27(9)) පවුල, සමාජයේ මූලික ඒකකය වශයෙන් පිළිගෙන ආරක්ෂා කිරීමට (27(12)) ජනතාවගේ යහපත තකා පරිසරය ආරක්ෂාකොට සුරක්ෂිත කොට වැඩිදියුණු කිරීමට (27(14)) රජය බැඳී ඇති බවට පනවා තිබේ. ඒ අනුව ජනතාව විසින් ආණ්ඩුව පත් කරන්නේ ඉහත කී ප්‍රකාර වූ ව්‍යවස්ථාමය යුතුකම් හා වගකීම් ජනතාව වෙත හා ජනතාව වෙනුවෙන් ඉටු කිරීමට ය.

ව්‍යවස්ථාවට පරිබාහිර ජනතා අරගල

ජනතා අපේක්ෂා ඉටු නොකළ හා සමාජ සම්මුතිය කඩකළ ආණ්ඩුවක් පලවා හැරීම හා නව ආණ්ඩුවක් පත් කිරීම සඳහා ව්‍යවස්ථාවෙන් සෘජුව ලබා දී ඇති ක්‍රමවේදය මැතිවරණ හා ජනාධිපතිවරණයයි. එහෙත් එම මාර්ගවලින් පරිබාහිරව ගොස් ජනතා අරගලයන් තුළින් දේශපාලන නායකත්වය වෙනස් කිරීම ශ්‍රී ලංකාව තුළ සිදුව තිබේ. එපරිදිම මෙම වසරේදීම දකුණු කොරියාව, ප්‍රංශය, බංගලාදේශය හා සිරියාව වැනි රටවල පැවැති පාලන වෙනස්කම් සිදුව ඇත්තේ ද විවිධ ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වූ ජනතා නැගී සිටීම්වල ප්‍රතිඵල වශයෙන් මිස මැතිවරණවලින් නොවේ. 

ජාතික ජනබලවේයේ විසංවාදය

ජාතික ජන බලවේගය බලයට පත් වීම ද එක්තරා ආකාරයක ජනතා අරගලයක ප්‍රතිථලයකි. එහෙත් එය නිශ්චිත දේශපාලන දර්ශනයක් මත ගොඩනැගුණු බලවේගයක් නොව හුදෙක් පොදු වැඩපිළිවෙලක් වටා ගොනු වූ දේශපාලන පක්ෂ, තරුණ සංවිධාන, කාන්තා කණ්ඩායම්, වෘත්තීය සමිති සහ සිවිල් සමාජ සංවිධාන ඇතුළු විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් 21 කින් සමන්විත දේශපාලන ව්‍යාපාරයකි. එම සංවිධාන හා පක්ෂවලට ඒවාටම ආවේණික දර්ශනයන් හා දැක්ම තිබෙන්නට ඇත. ඒවා කවරේද යන්න පැහැදිලි නැත. එම ව්‍යාපාරය බලයට පත්වෙන්නේ සමාජ සාධාරණත්වය, ආර්ථික ප්‍රජාතන්ත්රවාදය, එක්සත්බව සහ සහයෝගීතාව, තිරසාරබව හා දූෂණයෙන් තොර පාලනයක් යන ඉලක්ක ඇතිවය. එහෙත් ජනතාව විසින් විප්ලවීය හා රැඩිකල් වෙනසක් සිදුවෙතැයි බලාපොරොත්තු විය. මූලිකව  තමන්ව රැවටු මංකොල්ලකාර දේශපාලඥයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීම සහ සමාජ ආර්ථික පරිණාමයකට අවශ්‍ය වන පරිදි සමාජ, ආර්ථික හා නීති ක්‍රම පද්ධතියේ වෙනසක් ජනතාවගේ අපේක්ෂාව විය. එහෙත් ජාතික ජනතා ජන බලවේගයේ සංයුතිය හා ආකෘතිය තුළ එවැනි කඩිනම් විප්ලවයකට අවශ්‍ය පදනම වැටී නොමැත. ඊට ප්‍රධානතම හේතුවකි, විවිධ මතවාදවලින් සැදුම්ලත් කණ්ඩායම් එකම අරමුණකට ගොනු කිරීමට හා ඉලක්කයකට යොමු කිරීමට සමත් පොදු දේශපාලන දර්ශනයක් ඊට නොතිබීම. එවන් පසුබිමක එකී ව්‍යාපාරය සංයුක්ත වී තිබෙන කණ්ඩායම් හා පුද්ගලයින් තම තමන් විසින් වෙන් වෙන්ව විශ්වාසය තබන මත හා දැක්ම මත පිහිටා  අසංවිධිත ක්‍රියාමාර්ගවල නිරතව සිටියි. එම විසංවාදයන් අභ්‍යන්තර ගැටුම් දක්වා වර්ධනය වී තිබෙනු දක්නට ඇත.

යථාර්තය පිළිගැනීම

විසදුමක් සදහා නිහතමානී ලෙස පවතින යථාර්තය පිළිගත යුතුය. පෙර කී විසංවාදය හා අවිධිමත්භාවය තුළ ආණ්ඩුව මේ වන විටත් විවිධ ස්වරූපයන්ගෙන් යම් අසාර්ථකත්වයක් ජනතාව හමුවේ පෙන්නුම් කරමින් සිටියි. (අ) පරිපාලන නිලධාරීන්ට හා ඇතැම් නිෂ්පාදනවල බලාධිකාරිය දරන ව්‍යාපාරිකයින්ට යට වීම හා ඔවුන්ව මෙහෙයවීමට හා පාලනය කිරීමට ඇති නොහැකියාව (ආ) අමාත්‍යවරු, නියෝජ්‍ය අමාත්යවරු හා උසස් තනතුරුවලට පත්වීම් ලැබූවන් අතර අන්‍යනෝන්‍ය එකඟතාවක් හා කතිකාවක් නොමැති වීම (ඇ) එම අයගේ අත්දැකීම්වල හා ප්‍රායෝගික දැනුමේ ඇති දුර්වලතා හා නොහැකියාවන් (ඈ) එම අයගේ අවංකභාවය හා නිහතමානිත්වය පිළිබදව ඇති ගැටලු (ඉ) ජාත්‍යන්තර අභියෝගවලට මුහුණ දීමට හා ජාත්‍යන්තරය හමුවේ රටේ ස්වෛරීත්වය හා නිදහස ආරක්ෂා කිරීමට ඇති නොහැකියාව (උ) නව චින්තනයන් ඔස්සේ යමින් නවීන සමාජ-ආර්ථික හා තාක්ෂණික තත්ත්වයන්ට ගැලපෙන රාජ්‍ය යාන්ත්‍රණයක් නිර්මාණය කිරීමට මෙතෙක් නොහැකි වීම යනාදිය ආණ්ඩුවේ අසරණභාවයට තුඩු දී තිබෙන සාධක කිහිපයකි. 

තවත් අරගලයක් ඇතිවීම වළක්වාලීම

ජනතාව විසින් අපේක්ෂා කළ දේත් අත්දකින දේත් අතර මතුවෙමින් තිබෙන පරතරය ජනතාවත් ආණ්ඩුවත් අතර ගැටීමකට මුලපුරා තිබේ. තැනිත් තැන සිදුකරන ආණ්ඩු විරෝධී ක්‍රියාකාරකම් අවසානයේ දී දැවැන්ත දීපව්‍යාප්ත අරගලයකට වුවද නිමිති විය හැකි ය. එහෙත් අද රට එවැන්නකට සූදානම් නැත. එවැන්නක් සිදුවීමට ඉඩහැරීමද භයානක ය. එවැන්නකින් රට අස්ථාවර වීම, රාජ්‍ය යාන්ත්‍රණය හා ජන විඥානය විකෘති වීම, ජනතාව මර්දනය කිරීම කෙරෙහි ආණ්ඩුවේ අවධානය යොමු වීම, ජාත්‍යන්තර මැදිහත්වීම්වලට අවකාශය සැලසීම, ආර්ථික-සමාජීය වශයෙන් රට බිඳවැටීම යනාදිය සිදුවේ. උතුරේ හා දකුණේ ජනතාව එක්ව සාදන ලද ශක්තිමත් ආණ්ඩුවක් නව දිශානතියක් ඔස්සේ ආරම්භකරන ලද ගමන ආපසු හැරවීම හෝ අඩාළ කිරීම ජන විඥානයට හා පෞර්ෂයට මෙන්ම රටේ අනාගතයට හා ආරක්ෂාවට ද හානිකරය.

එවැන්නක් වළක්වා ගත හැකි වන්නේ ජනතා බලය හා රාජ්‍ය බලය එක් මධ්‍ය ලක්ෂයකට කේන්ද්‍රගත කිරීමෙන් ය. එවැනි යාන්ත්‍රණයක් තුළ රජය හා ජනතාව එකිනෙකාගේ ඉලක්ක, හැකියාවන් හා සීමා මෙන්ම යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ අන්‍යනෝන්‍ය අවබෝධයෙන් යුතුව ක්‍රියා කරනු ඇත. එහිදී  ආණ්ඩුව හා ජනතාව අතර ඇති සමාජ ගිවිසුම නව්‍යකරණයකට පත් වනු ඇත. සාම්ප්‍රදායික ව්‍යවස්ථා නීතියට ආගන්තුක වුව ද එහිදී ජනතාවත්, රජයත් පරමාධිපත්‍ය බලය එකම තලයක් මත සමගාමීව ක්‍රියාත්මක කරනු ඇත.

ප්‍රායෝගික පියවර

පවතින තත්ත්වයෙන් ගොඩ ඒමට ආණ්ඩුව විසින් වහා ගත යුතු පියවර 4 ක් හදුනාගත හැකිය. 

1.ජනතාව හා රජය යන දෙපාර්ශ්වයම පිළිගන්නා පොදු දැක්මක් සහිත (දේශපාලන) දර්ශනයකට එකගවීම,

2.අමාත්‍යවරු ඇතුළු විධායකයේ ධුර දරන සියලු (රාජ්‍යා නිලධාරීන් විසින් පිළිපැදිය යුතු පොදු ආචාරධර්ම හා දැඩි රීති පද්ධතියක් සැකසීම

3.ජනතාව හා රජය සහසම්බන්ධ කරවන හා ජනතාවට රාජ්‍ය පාලනය හා සම්බන්ධ තීරණ ගැනීමෙහිලා සෘජුව සම්බන්ධ විය හැකි යාන්ත්‍රඣ්ණයක් නිර්මාණය කිරීම හා එහිදී ජනමාධ්‍යට විශේෂ වගකීමක් හා කාර්යභාරයක් පැවරීම

4.රාජ්‍ය හා පුද්ගලික ආයතන යටත් වන නවීන ක්‍රමපද්ධතියක් හා රෙගුලාසි රාමුවක් සකස් කර ක්‍රියායාත්මක කිරීම

නව දර්ශනයක් සදහා ඉන්දියාවේ ආදර්ශය

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී විසින් ඉන්දියාව ලෝකයේ 5 වන විශාලතම ආර්ථිකය බවට පත්කිරීම සඳහා ජනතාව මෙහෙවන ලද්දේ ද සමස්ත ජනතාවගේම හදවත් තුළ රෝපණය කළ ප්‍රබල දැක්මක් සහිත දර්ශනයක් හා ඒ මත පදනම් කරගත් සංකල්පයන් ඔස්සේ ය; එම දර්ශනයේ පදනම ජාතිකත්වය හා දේශප්‍රේමිත්වය ය. මව්බිම (භාරතය) මූලික කරගත් මෙම සංකල්ප ජන විඥානයේ විශාල පරිවර්තනයක් සිදු කර තිබේ. එමගින් ජාතික පරිවර්තනයක් උදෙසා තම ජාතික මෙහෙවර ඉටු කිරීමට ඉන්දීය ජනතාව (ජාති-වයස බේදයකින් තොරව) පොළඹවා තිබේ. ඒක්-භාරත්, ක්ෂේත්‍ර භාරත්, ස්වාචි භාරත් අභියන්, මේක් ඉන්දියා, ආයුෂ්මන් භාරත්, ඩිජිටල් ඉන්දීයා එම සංකල්පයන්ය. එපරිද්දෙන් ම වික්සිත්-භාරත් 2047 දරන දැක්ම ඔස්සේ වත්මන් ඉන්දියාව ආර්ථික, තාක්ෂණික, සමාජිය සමානාත්මතාව, පරිසර ස්ථායිතාව හා යටිතල පහසුකම් යනාදි ක්ෂේත්ර 5 ක දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.

ජාතිකත්වය මත පදනම් වූ දර්ශනයක් හා සංකල්ප මගින් විවිධ ජනවර්ග එක්සේසත් කරමින් දේශප්‍රේමී ජනවිඥානයක් ඇති, කැපවෙන ජනතාවක් හා රාජ්‍ය යාන්ත්‍රණයක් බිහි කළ හැකි බවට හොඳම උදාහරණය ඉන්දියාව ය. 

රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීමේදී හා තීරණ ගැනීමේදී ජනතාව සෘජුව සහභාගි කරවා ගැනීම ආණ්ඩුවේ වගකීම ය. ඒ සඳහා රජයට සෘජුව දායකත්වය ලබා දීම ජනතාවගේ වගකීම ය. එවැනි සබඳතාවක් බිහිකළ හැකි වන්නේ ජාතිකත්වය මත ගොඩනැගුණු දැක්මක් මත ය. 

අණ්ඩුව විසින් ගෙවුණු මාස 3 ඇතුළත වහාම කළ යුතු වූයේ මෙවන් යාන්ත්‍රණයක් සකස් කර රට දැවැන්ත  සංවර්ධන ගමනකට සූදානම් කිරීමය. 

2024-12-27





සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.