News Category
From Date
To Date
Maximum Number of Result

වී සහ සහල් කියන්නේ ද්‍රව්‍ය නොවේ, පද්ධති, සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී ෆේල්- අරුණ කාන්ත බණ්ඩාර ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,

Dec 15, 2024 at 03:53 PM
|

ජාතික සහල්  කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර මහතා දෙසැම්බර් 8 වන ඉරිදා දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාව.

ඔබ මේ ගැටලුව ගැන දශක ගණනක් කතා කරන කෙනෙක්, ඔබ සහල් වෙනම දකින්නේ නෑ, ඒ ඇයි ?,

අරුණ කාන්ත බණ්ඩාර: වෙනම දකින්න බෑ! එය පද්ධතියක කොටසක්.

මොකක්ද පද්ධතිය ?

අරුණ කාන්ත බණ්ඩාර:වී නිෂ්පාදනය, සහල් කර්මාන්තය,වෙළෙඳපොල , නියාමන යාන්ත්‍රණය කියන කොටස් හතර. හාල් කියන්නෙ එකක් මේවාට වෙනම පවතින්න බෑ. එකක් කැඩුනොත් අනිත් තුනම වැටෙනවා. පද්ධතිය බිද වැටෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒකයි.

දැන් මොකක්ද බිඳ වැටී තියෙන්නේ ?

අරුණ කාන්ත බණ්ඩාර:හතරම එකවර වැටිලා.වී නිෂ්පාදනය අවුරුදු 35ක් එකම අගයේ, පස සහ බීජ අන්තිම දුර්වලයි. බුසල් 88 යි අක්කරයකට. පසුගිය දෙවසරේ 65 යි. ගොවියන්ගේ අදායම මාසයකට රු 4500 යි. ඒත්  බුසල් 100 ක් අවොත්.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ අසාර්ථකම ආයතනය. මහා ජනතාවටත් බරක්.මේ කන්නයේ බොල්  ප්‍රතිශතයත් ඉහලයි.ගුණාත්මක භාවය මුළුමනින්ම බිද වැටිලා.මධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත බිද වැටිලා දැන් අවුරුදු 12 ක්. ඔවුන් 1500 ක් විතර සති 3ක් වැඩ කරොත් මාසයකට ටොන් 240,000 (දෙලක්ෂ හතලිස් දාහක්) එනවා. සති තුනක් වැඩ කරේ නැත්නම් පාඩුයි.මහා පරිමාණ කර්මාන්තවලින් 60,000 ක් (හැටදාහක් ) එනවා , ඔක්කොම ලක්ෂ 3 පනිනවා. නමුත් පරිභෝජනය මාසයකට 210,000යි (දෙලක්ෂ ඩහ දාහයි ). ඉතින් කවුරු හරි වැහෙනවා ,ආණ්ඩුවට ප්‍රශ්නේ එනවා, සමාජ අර්බුදයත් එක්ක.වෙළඳ පොලේ මාසෙකට ටොන් ලක්ෂ තුනක් හාල් කන්න තරම් ඉල්ලුම නෑ.වී ගොවිතැන් කරන රටවල පාන් පිටි කන්නේ එක් පුද්ගලයෙකු කිලෝ 20 ට  (විස්සට ට) අඩුවෙන් , අපි 50 ට වැඩියි , හාල් බත් විදියට හෝ අතුරු ආහාර විදියට එක් පුද්ගලයෙකු කිලෝ 150-200 අතර පරිභෝජනය කරනවා. ලංකාවේ අපි කිලෝ 110යි. එක්කෙනෙක් කිලෝ 50ක් පිටි වලට දීලා ඩොලර් පිටකරනවා ,ගොවියන්ගේ අදායම මාසයකට 10000 ක් විතර එතනිනුත් අඩුවෙලා. මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තවලින් සහ ගොවියන්ගෙන් පාඩුව පිටවෙලා .නියාමන යාන්ත්‍රණය මුළුමනින්ම අවුල්. පසු අස්වනු ආයතනය මිල හදන්නේ දවස් 300ක් වැඩ කරන පදනමින්, මාධ්‍ය පරිමාණයේ කර්මාන්ත වැඩ කරන්නේ දවස් 150 කට අඩුවෙන්. හදන මිල සුත්‍රයෙන් පොඩි මෝල් කෙලින්ම පාඩුයි. ඔවුන් දන්නේ නෑ. කීරි සම්බා මිල නියාමනය කරන්නේ නෑ.පාලන මිලට වඩා රු 100ක් උඩින් ප්‍රධාන කර්මාන්තකරුවන්ට විකුනන්නෙ  දශක ගණනක් ඉඳලා. ඔවුන් උපක්‍රමශීලී ලෙස එම හිලෙන් රිංගලා එක කන්නයක කීරි සම්බා  වී මිල උස්සනවා, එවිට ඊලග කන්නේ ගොවියෝ වැඩියෙන් වවනවා. මිල වැටෙනවා.ගබඩා කුණු කොල්ලයට පුරවා ගන්නවා. ඊ ලඟ කන්න දෙකේ කීරි සම්බා වී නෑ . නමුත් අධික මිලට හාල් විකුණනවා. නාඩු සහල් අඩු වී සමබරතාවය බිදෙනවා. දැන් උනේ  ඒක .

මොකක්ද කරන්න ඕනේ,?

අරුණ කාන්ත බණ්ඩාර:පළමුවෙන්ම පවතින කුඹුරු සියල්ල වගා කර මෙට්‍රික් ටොන් ලක්ෂ 52 ඉලක්කයට 2025 අවුරුද්දේ ලඟ  විය යුතුයි.දෙවනුව 80% යන්ත්‍ර ධාරිතාව ඇති මාධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත සදහා ණය ගෙවීමට වසර 2ක කාලයක් ලබාදී නැවත කාරක ප්‍රාග්ධනය ලබාදිය යුතුයි. නැති උනොත් යළි ඒකාධිකාරිය ගොඩනැගෙනවා. වී නිෂ්පාදන වැඩි විට මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් නොවී නිෂ්පාදන ක්‍රියාවලි පද්ධතිය බිද වැටෙනවා.තෙවනුව පාන්පිටි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 30කින් අඩුකර යුතුයි. එවිට සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 40කින් ඉහල යනවා.අතුරු ආහාර නිෂ්පාදන පද්ධතිය යළි ක්‍රියාත්මක වෙනවා. වී ගොවියෙකුගේ අදායම මසකට අමතරව 10000 කින් පමණ ඉහල යනවා . ක්‍රියාත්මක නොවන සහල් කර්මාන්ත දහස් ගණනක් ක්‍රියාත්මක වෙනවා. ණය ගෙවනවා , අදායම් බදු  භාණ්ඩාගාරයට ගෙවනවා , ග්‍රාමීය ආර්ථිකයේ මුදල් සංසරණය වේගවත් වෙනවා ,විශිෂ්ඨ තත්වයක්.සිව්වනුව වී කිලෝව රු 130ක් විය යුතුයි. එවිට ගොවියන්ට අක්කරයකින් මාසයකට රුපියල් 40000 ක් වත් එයි . එහෙම නැතුව බෑ .පසු අස්වනු තාක්ෂණික ආයතනය දින 175 ක වැඩ කරන කාලයකට අවුරුදු 2ක් සදහා සහල් පාලන මිලක් නිර්දේශ කල  යුතුයි.එවිට සියලු සහල් කර්මාන්ත ක්‍රියාත්මක වෙනවා. ඒකාධිකාරියක් නෑ . වසර 2 කින් නැවත දින 300 ට නියම කර මිල අඩුකළ හැකියි.කැකුළු ,නාඩු, සම්බා ,කීරි සම්බා හතරම වසර පුරා පාලන මිල නියාමනය කල යුතුයි. එවිට කීරි සම්බා වැඩිවී නාඩු සහල් අඩු වෙන්නේ නෑ. නිෂ්පාදනයේ සමබරතාවය ආරක්ෂා වී මේ වගේ අර්බුද එන්නේ නෑ .

ජනතාවට වියදම් වැඩි නැද්ද ?

අරුණ කාන්ත බණ්ඩාර: රු 20 කින් මිල වැඩි උනොත් පස් දෙනෙක්ගේ පවුලකට රුපියල් 900 ක් මාසෙකට වැඩි වෙනවා . කොහෙත්ම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඊටත් වඩා ගෙවනවානේ.

එවිට වතු කම්කරුවන්,?

අරුණ කාන්ත බණ්ඩාර:ඔවුන් 2013 වන විට බත් වලට පුරුදු වී සිටියා. 2007 පනවන ලද රු 12ක තිරිඟු බදු වලින් ඇතිවුණු වෙනස්කම් මත. තිරිගු බදු වසර 2ක් තුල ක්‍රම ක්‍රමයෙන් වැඩිකළ හැකියි. රු 60 ක බදුවලින් මහා භාණ්ඩාගාරයට වසරකට රුපියල් බිලියන 50 ක් පමණ අදායමක් එනවා. අවුරුදු දෙකකින් පසු බිලියන රු 80ක  තත්වයට ගන්න පුළුවන්.

වතුකම්කරුවන්ගේ පඩිය රු 10000 කින් වැඩි කිරීමට අවශ්‍ය එයින් බිලියන 21 යි.ඉතුරු ටික භාණ්ඩාගාරයට .දැනුත් 5 දෙනෙකුගේ පවුලකට පාන් කෑවොත් රාත්තල් 3 ක් ඕන වේලකට.ඒක පාඩුයි . ගොවීන්ගේ ආර්ථිකය  වෙනුවෙන් ආහාර පුරුදු වෙනස් විය යුතුයි.2013 දේශීය ආහාර රැල්ලත් එක්ක තිරිඟු ආනයනය භාගයකින් අඩුවුණා. ඩොලර් මිලියන 150ක් විතර ඉතුරු උනානේ, මතකද? හොඳම දේ පඩි වැඩි කිරීම වෙනුවට රජයේ සංචිත වලින් මාසෙකට හාල් මිටියක් වතු කම්කරු පවුලකට ලබා දීම .එවිට මුළු පද්ධතියම යාවත්කාලීන වෙනවා. කුඩා සහල් කර්මාන්ත ක්‍රියාත්මකවෙනවා.සුපිරි තත්වයක්.

සංචාරකයින්ට පාන් පිටි ඕනෙ නේද ?

අරුණ කාන්ත බණ්ඩාර:සංචාරකයින් වැඩියෙන්ම එන්නෙ තායිලන්තය, වියට්නාමය, වගේ රටවල් වලට. පාන් පිටි අඩුවෙන්ම කන රටවල්. කම්පුචියාවෙ අවුරුදකට කිලෝග්‍රෑම් 10 ටත් අඩුයි. ලාඕසයේ 5 ටත් අඩුයි. ඔවුන් වෙලන්ද ගිවිසුමකින් චීනයට කාබනික සහල් ටොන් මිලියනයක් යවනවා කිව්වොත් ඔබ පුදුම වෙයි.

වගා කරන්න මෙච්චර භූමියක් ඕනෙද ?

අරුණ කාන්ත බණ්ඩාර: කොහෙත්ම නෑ .වසර 3කින් ගොඩදාන්න පුළුවන්, අස්වැන්න වැඩි කරොත් භූමියෙන් කාලක්  වාණිජ වගා සදහා යොදවන්න පුළුවන්.මෙච්චර වී ගොවීන් අවශ්‍යත් නෑ.

කොහොමද කරන්නේ, ?

අරුණ කාන්ත බණ්ඩාර:කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල පර්යේෂණයක්  තියෙනවා වසර 11ක් කරපු. වැඩිම සහ ගුණාත්මකම අස්වැන්න එන්නේ රසායනික පොහොර සමග 35% ක් කාබනික පොහොර යෙදෙව්වොත් . එවිට බොල් ප්‍රතිශතය ඉතා අඩුයි.ලංකාවේ තියෙන්නේ ලෝකේ තියෙන දුර්වලම පස.කෙමිකල් දානවා විතරයි.විනාශ කරලා. කඩිනමින් එය ආරම්භ කල යුතුයි. වසර 3කින් ගොඩගන්න පුළුවන්. 1990 කුකුළු මස් කර්මාන්තවල බලපෑමට නවත්වන ලද ගොවීන් කුඹුරුවල තාරාවෝ ඇතිකරන කුණ්ඩසාලේ ව්‍යාපෘතිය යළි ආරම්භ කළ හැකියි. අනෙක් රටවල ඒ ක්‍රමයෙන් අස්වැන්න 20%ක් වැඩිකරනවා .කෘමීන් තාරාවන් විසින් ආහාරයට ගන්නා නිසා රසායන වියදම අඩුයි. අදායම මස් නිපදවන කර්මාන්ත වලට විතරක් නෙවෙයි. සෘජුවම ගොවීන්ට. ලංකාවේ ඒ සදහා සියලු පාරිසරික සුදුසුකම් තියෙනවා. චීනයේ නම් කකුලුවො ගෝනි වලින් ගෙනත් හලනවා මම දැක තිබෙනවා. මම වී වගා කරන රටවල් කීපයකම ඇවිදලා තියෙනවා . ඒවායේ අමතර පද්ධති ගොඩයි. සියල්ලන්ටම ව්‍යාපාරික අවස්ථා. ඔවුන් සතුටින්.

එතරම් කාබනික ද්‍රව්‍ය තිබෙනවද ?

අරුණ කාන්ත බණ්ඩාර: පිදුරු ගිණි තැබීම නීතියෙන්ම  නැවැත්විය යුතුයි. රට පුරා ඇති අංක එකේ කාබනික ද්‍රව්‍ය මානා පිදීමට පෙර ගවයින්ට දෙන විදියටම කපා කැබලි කරන කර්මාන්තය බිහි කල හැකියි.රටේ හෙක්ටෙයාර ලක්ෂ 4ක් මානා . වැඩේ කරොත් පාරවල් ශුද්ධ කරන්න ආණ්ඩුවට වියදම් යන්නේ නෑ. කතානායක තුමාගේ කාබනික ෆැක්ටෙරියට මානා කපන යන්ත්‍රය නිපදවුවෙත් මම. ගොවීන්ට ගොවි බිමේ නිපදවාගත නොහැකිනම් ගවයින් 50 ක් සිටින ගොවිපොලක දිනකට අක්කර 90 කට  ජීව දියර පොහොර නිපදවන කර්මාන්තයක් ආරම්භ කල හැකියි. රටට අවශ්‍ය ඒ වාගේ 1500ක් විතර . බවුසර් මගින් බෙදාහරින්න පුළුවන් ගොවියන්ට. අලුත් කර්මාන්ත පද්ධතියක්. සේරම පද්ධති කියල කියන්නේ ඒ නිසයි.කොහොමත් රට ජාත්‍යන්තර බලශක්ති ආයතනයේ නිර්දේශවලට දැන්ම යොමු විය යුතුයි. පරිසර හිතකාමී නිෂ්පාදන මොඩලය සියලුම කර්මාන්තවලට ඉදිරියේදී අනිවාර්යයි. පස විප්ලවීය ලෙස සංවර්ධනය කල යුතුයි .නැත්නම් ජාතියම අමාරුවේ වැටෙනවා.

මේ ආණ්ඩුව කුමක් කරයිද ?

අරුණ කාන්ත බණ්ඩාර: මම මේ කාරණය ජනාධිපතිවරු 3 න් දෙනෙකුට කතා කර තිබෙනවා . පද්ධතිය එකවර අධ්‍යනය නොකර සමුපාකාර ක්‍රමය කරපු  වැඩ පිළිවෙල අසමත්. පද්ධතියට එකවර ආමන්ත්‍රණය නොකරන ඕනෑම ආණ්ඩුවක් අමාරුවේ වැටෙනවා . මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී ෆේල්.


සාකච්ඡා කලේ - මහසෙන් රත්නායක

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.