News Category
From Date
To Date
Maximum Number of Result

වී සහ සහල් කියන්නේ ද්‍රව්‍ය නොවේ, පද්ධති, සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී ෆේල්- අරුණ කාන්ත බණ්ඩාර ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,

Dec 15, 2024 at 03:53 PM
|

ජාතික සහල්  කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර මහතා දෙසැම්බර් 8 වන ඉරිදා දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාව.

ඔබ මේ ගැටලුව ගැන දශක ගණනක් කතා කරන කෙනෙක්, ඔබ සහල් වෙනම දකින්නේ නෑ, ඒ ඇයි ?,

අරුණ කාන්ත බණ්ඩාර: වෙනම දකින්න බෑ! එය පද්ධතියක කොටසක්.

මොකක්ද පද්ධතිය ?

අරුණ කාන්ත බණ්ඩාර:වී නිෂ්පාදනය, සහල් කර්මාන්තය,වෙළෙඳපොල , නියාමන යාන්ත්‍රණය කියන කොටස් හතර. හාල් කියන්නෙ එකක් මේවාට වෙනම පවතින්න බෑ. එකක් කැඩුනොත් අනිත් තුනම වැටෙනවා. පද්ධතිය බිද වැටෙනවා. දැන් වෙලා තියෙන්නේ ඒකයි.

දැන් මොකක්ද බිඳ වැටී තියෙන්නේ ?

අරුණ කාන්ත බණ්ඩාර:හතරම එකවර වැටිලා.වී නිෂ්පාදනය අවුරුදු 35ක් එකම අගයේ, පස සහ බීජ අන්තිම දුර්වලයි. බුසල් 88 යි අක්කරයකට. පසුගිය දෙවසරේ 65 යි. ගොවියන්ගේ අදායම මාසයකට රු 4500 යි. ඒත්  බුසල් 100 ක් අවොත්.කෘෂිකර්ම දෙපාර්තමේන්තුව රටේ අසාර්ථකම ආයතනය. මහා ජනතාවටත් බරක්.මේ කන්නයේ බොල්  ප්‍රතිශතයත් ඉහලයි.ගුණාත්මක භාවය මුළුමනින්ම බිද වැටිලා.මධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත බිද වැටිලා දැන් අවුරුදු 12 ක්. ඔවුන් 1500 ක් විතර සති 3ක් වැඩ කරොත් මාසයකට ටොන් 240,000 (දෙලක්ෂ හතලිස් දාහක්) එනවා. සති තුනක් වැඩ කරේ නැත්නම් පාඩුයි.මහා පරිමාණ කර්මාන්තවලින් 60,000 ක් (හැටදාහක් ) එනවා , ඔක්කොම ලක්ෂ 3 පනිනවා. නමුත් පරිභෝජනය මාසයකට 210,000යි (දෙලක්ෂ ඩහ දාහයි ). ඉතින් කවුරු හරි වැහෙනවා ,ආණ්ඩුවට ප්‍රශ්නේ එනවා, සමාජ අර්බුදයත් එක්ක.වෙළඳ පොලේ මාසෙකට ටොන් ලක්ෂ තුනක් හාල් කන්න තරම් ඉල්ලුම නෑ.වී ගොවිතැන් කරන රටවල පාන් පිටි කන්නේ එක් පුද්ගලයෙකු කිලෝ 20 ට  (විස්සට ට) අඩුවෙන් , අපි 50 ට වැඩියි , හාල් බත් විදියට හෝ අතුරු ආහාර විදියට එක් පුද්ගලයෙකු කිලෝ 150-200 අතර පරිභෝජනය කරනවා. ලංකාවේ අපි කිලෝ 110යි. එක්කෙනෙක් කිලෝ 50ක් පිටි වලට දීලා ඩොලර් පිටකරනවා ,ගොවියන්ගේ අදායම මාසයකට 10000 ක් විතර එතනිනුත් අඩුවෙලා. මධ්‍ය පරිමාණ සහල් කර්මාන්තවලින් සහ ගොවියන්ගෙන් පාඩුව පිටවෙලා .නියාමන යාන්ත්‍රණය මුළුමනින්ම අවුල්. පසු අස්වනු ආයතනය මිල හදන්නේ දවස් 300ක් වැඩ කරන පදනමින්, මාධ්‍ය පරිමාණයේ කර්මාන්ත වැඩ කරන්නේ දවස් 150 කට අඩුවෙන්. හදන මිල සුත්‍රයෙන් පොඩි මෝල් කෙලින්ම පාඩුයි. ඔවුන් දන්නේ නෑ. කීරි සම්බා මිල නියාමනය කරන්නේ නෑ.පාලන මිලට වඩා රු 100ක් උඩින් ප්‍රධාන කර්මාන්තකරුවන්ට විකුනන්නෙ  දශක ගණනක් ඉඳලා. ඔවුන් උපක්‍රමශීලී ලෙස එම හිලෙන් රිංගලා එක කන්නයක කීරි සම්බා  වී මිල උස්සනවා, එවිට ඊලග කන්නේ ගොවියෝ වැඩියෙන් වවනවා. මිල වැටෙනවා.ගබඩා කුණු කොල්ලයට පුරවා ගන්නවා. ඊ ලඟ කන්න දෙකේ කීරි සම්බා වී නෑ . නමුත් අධික මිලට හාල් විකුණනවා. නාඩු සහල් අඩු වී සමබරතාවය බිදෙනවා. දැන් උනේ  ඒක .

මොකක්ද කරන්න ඕනේ,?

අරුණ කාන්ත බණ්ඩාර:පළමුවෙන්ම පවතින කුඹුරු සියල්ල වගා කර මෙට්‍රික් ටොන් ලක්ෂ 52 ඉලක්කයට 2025 අවුරුද්දේ ලඟ  විය යුතුයි.දෙවනුව 80% යන්ත්‍ර ධාරිතාව ඇති මාධ්‍ය පරිමාණ සහල් කර්මාන්ත සදහා ණය ගෙවීමට වසර 2ක කාලයක් ලබාදී නැවත කාරක ප්‍රාග්ධනය ලබාදිය යුතුයි. නැති උනොත් යළි ඒකාධිකාරිය ගොඩනැගෙනවා. වී නිෂ්පාදන වැඩි විට මිලදී ගැනීමට අවශ්‍ය යාන්ත්‍රණය ප්‍රමාණවත් නොවී නිෂ්පාදන ක්‍රියාවලි පද්ධතිය බිද වැටෙනවා.තෙවනුව පාන්පිටි පරිභෝජනය කිලෝ ග්‍රෑම් 30කින් අඩුකර යුතුයි. එවිට සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 40කින් ඉහල යනවා.අතුරු ආහාර නිෂ්පාදන පද්ධතිය යළි ක්‍රියාත්මක වෙනවා. වී ගොවියෙකුගේ අදායම මසකට අමතරව 10000 කින් පමණ ඉහල යනවා . ක්‍රියාත්මක නොවන සහල් කර්මාන්ත දහස් ගණනක් ක්‍රියාත්මක වෙනවා. ණය ගෙවනවා , අදායම් බදු  භාණ්ඩාගාරයට ගෙවනවා , ග්‍රාමීය ආර්ථිකයේ මුදල් සංසරණය වේගවත් වෙනවා ,විශිෂ්ඨ තත්වයක්.සිව්වනුව වී කිලෝව රු 130ක් විය යුතුයි. එවිට ගොවියන්ට අක්කරයකින් මාසයකට රුපියල් 40000 ක් වත් එයි . එහෙම නැතුව බෑ .පසු අස්වනු තාක්ෂණික ආයතනය දින 175 ක වැඩ කරන කාලයකට අවුරුදු 2ක් සදහා සහල් පාලන මිලක් නිර්දේශ කල  යුතුයි.එවිට සියලු සහල් කර්මාන්ත ක්‍රියාත්මක වෙනවා. ඒකාධිකාරියක් නෑ . වසර 2 කින් නැවත දින 300 ට නියම කර මිල අඩුකළ හැකියි.කැකුළු ,නාඩු, සම්බා ,කීරි සම්බා හතරම වසර පුරා පාලන මිල නියාමනය කල යුතුයි. එවිට කීරි සම්බා වැඩිවී නාඩු සහල් අඩු වෙන්නේ නෑ. නිෂ්පාදනයේ සමබරතාවය ආරක්ෂා වී මේ වගේ අර්බුද එන්නේ නෑ .

ජනතාවට වියදම් වැඩි නැද්ද ?

අරුණ කාන්ත බණ්ඩාර: රු 20 කින් මිල වැඩි උනොත් පස් දෙනෙක්ගේ පවුලකට රුපියල් 900 ක් මාසෙකට වැඩි වෙනවා . කොහෙත්ම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. දැන් ඊටත් වඩා ගෙවනවානේ.

එවිට වතු කම්කරුවන්,?

අරුණ කාන්ත බණ්ඩාර:ඔවුන් 2013 වන විට බත් වලට පුරුදු වී සිටියා. 2007 පනවන ලද රු 12ක තිරිඟු බදු වලින් ඇතිවුණු වෙනස්කම් මත. තිරිගු බදු වසර 2ක් තුල ක්‍රම ක්‍රමයෙන් වැඩිකළ හැකියි. රු 60 ක බදුවලින් මහා භාණ්ඩාගාරයට වසරකට රුපියල් බිලියන 50 ක් පමණ අදායමක් එනවා. අවුරුදු දෙකකින් පසු බිලියන රු 80ක  තත්වයට ගන්න පුළුවන්.

වතුකම්කරුවන්ගේ පඩිය රු 10000 කින් වැඩි කිරීමට අවශ්‍ය එයින් බිලියන 21 යි.ඉතුරු ටික භාණ්ඩාගාරයට .දැනුත් 5 දෙනෙකුගේ පවුලකට පාන් කෑවොත් රාත්තල් 3 ක් ඕන වේලකට.ඒක පාඩුයි . ගොවීන්ගේ ආර්ථිකය  වෙනුවෙන් ආහාර පුරුදු වෙනස් විය යුතුයි.2013 දේශීය ආහාර රැල්ලත් එක්ක තිරිඟු ආනයනය භාගයකින් අඩුවුණා. ඩොලර් මිලියන 150ක් විතර ඉතුරු උනානේ, මතකද? හොඳම දේ පඩි වැඩි කිරීම වෙනුවට රජයේ සංචිත වලින් මාසෙකට හාල් මිටියක් වතු කම්කරු පවුලකට ලබා දීම .එවිට මුළු පද්ධතියම යාවත්කාලීන වෙනවා. කුඩා සහල් කර්මාන්ත ක්‍රියාත්මකවෙනවා.සුපිරි තත්වයක්.

සංචාරකයින්ට පාන් පිටි ඕනෙ නේද ?

අරුණ කාන්ත බණ්ඩාර:සංචාරකයින් වැඩියෙන්ම එන්නෙ තායිලන්තය, වියට්නාමය, වගේ රටවල් වලට. පාන් පිටි අඩුවෙන්ම කන රටවල්. කම්පුචියාවෙ අවුරුදකට කිලෝග්‍රෑම් 10 ටත් අඩුයි. ලාඕසයේ 5 ටත් අඩුයි. ඔවුන් වෙලන්ද ගිවිසුමකින් චීනයට කාබනික සහල් ටොන් මිලියනයක් යවනවා කිව්වොත් ඔබ පුදුම වෙයි.

වගා කරන්න මෙච්චර භූමියක් ඕනෙද ?

අරුණ කාන්ත බණ්ඩාර: කොහෙත්ම නෑ .වසර 3කින් ගොඩදාන්න පුළුවන්, අස්වැන්න වැඩි කරොත් භූමියෙන් කාලක්  වාණිජ වගා සදහා යොදවන්න පුළුවන්.මෙච්චර වී ගොවීන් අවශ්‍යත් නෑ.

කොහොමද කරන්නේ, ?

අරුණ කාන්ත බණ්ඩාර:කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිල පර්යේෂණයක්  තියෙනවා වසර 11ක් කරපු. වැඩිම සහ ගුණාත්මකම අස්වැන්න එන්නේ රසායනික පොහොර සමග 35% ක් කාබනික පොහොර යෙදෙව්වොත් . එවිට බොල් ප්‍රතිශතය ඉතා අඩුයි.ලංකාවේ තියෙන්නේ ලෝකේ තියෙන දුර්වලම පස.කෙමිකල් දානවා විතරයි.විනාශ කරලා. කඩිනමින් එය ආරම්භ කල යුතුයි. වසර 3කින් ගොඩගන්න පුළුවන්. 1990 කුකුළු මස් කර්මාන්තවල බලපෑමට නවත්වන ලද ගොවීන් කුඹුරුවල තාරාවෝ ඇතිකරන කුණ්ඩසාලේ ව්‍යාපෘතිය යළි ආරම්භ කළ හැකියි. අනෙක් රටවල ඒ ක්‍රමයෙන් අස්වැන්න 20%ක් වැඩිකරනවා .කෘමීන් තාරාවන් විසින් ආහාරයට ගන්නා නිසා රසායන වියදම අඩුයි. අදායම මස් නිපදවන කර්මාන්ත වලට විතරක් නෙවෙයි. සෘජුවම ගොවීන්ට. ලංකාවේ ඒ සදහා සියලු පාරිසරික සුදුසුකම් තියෙනවා. චීනයේ නම් කකුලුවො ගෝනි වලින් ගෙනත් හලනවා මම දැක තිබෙනවා. මම වී වගා කරන රටවල් කීපයකම ඇවිදලා තියෙනවා . ඒවායේ අමතර පද්ධති ගොඩයි. සියල්ලන්ටම ව්‍යාපාරික අවස්ථා. ඔවුන් සතුටින්.

එතරම් කාබනික ද්‍රව්‍ය තිබෙනවද ?

අරුණ කාන්ත බණ්ඩාර: පිදුරු ගිණි තැබීම නීතියෙන්ම  නැවැත්විය යුතුයි. රට පුරා ඇති අංක එකේ කාබනික ද්‍රව්‍ය මානා පිදීමට පෙර ගවයින්ට දෙන විදියටම කපා කැබලි කරන කර්මාන්තය බිහි කල හැකියි.රටේ හෙක්ටෙයාර ලක්ෂ 4ක් මානා . වැඩේ කරොත් පාරවල් ශුද්ධ කරන්න ආණ්ඩුවට වියදම් යන්නේ නෑ. කතානායක තුමාගේ කාබනික ෆැක්ටෙරියට මානා කපන යන්ත්‍රය නිපදවුවෙත් මම. ගොවීන්ට ගොවි බිමේ නිපදවාගත නොහැකිනම් ගවයින් 50 ක් සිටින ගොවිපොලක දිනකට අක්කර 90 කට  ජීව දියර පොහොර නිපදවන කර්මාන්තයක් ආරම්භ කල හැකියි. රටට අවශ්‍ය ඒ වාගේ 1500ක් විතර . බවුසර් මගින් බෙදාහරින්න පුළුවන් ගොවියන්ට. අලුත් කර්මාන්ත පද්ධතියක්. සේරම පද්ධති කියල කියන්නේ ඒ නිසයි.කොහොමත් රට ජාත්‍යන්තර බලශක්ති ආයතනයේ නිර්දේශවලට දැන්ම යොමු විය යුතුයි. පරිසර හිතකාමී නිෂ්පාදන මොඩලය සියලුම කර්මාන්තවලට ඉදිරියේදී අනිවාර්යයි. පස විප්ලවීය ලෙස සංවර්ධනය කල යුතුයි .නැත්නම් ජාතියම අමාරුවේ වැටෙනවා.

මේ ආණ්ඩුව කුමක් කරයිද ?

අරුණ කාන්ත බණ්ඩාර: මම මේ කාරණය ජනාධිපතිවරු 3 න් දෙනෙකුට කතා කර තිබෙනවා . පද්ධතිය එකවර අධ්‍යනය නොකර සමුපාකාර ක්‍රමය කරපු  වැඩ පිළිවෙල අසමත්. පද්ධතියට එකවර ආමන්ත්‍රණය නොකරන ඕනෑම ආණ්ඩුවක් අමාරුවේ වැටෙනවා . මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී ෆේල්.


සාකච්ඡා කලේ - මහසෙන් රත්නායක

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.