චිතගොංවලට ආපු සර්පයා..
මුහම්මද් යුනුස් කියන බටහිර ඒජන්තයා ඉපැදුණේ බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේ. බංග්ලාදේශයේ දුප්පත් මිනිස්සුන්ට නෝර්වේ රටේ විශ්‍රාම අරමුදල් ගිනි පොලියට දෙන ක්‍රමයක් “හඳුන්වලා දීපු” හින්දා නෝර්විජියානු නොබෙල් කමිටුව විසින් ඒ ඒජන්තයාට නොබෙල් සාම තෑග්ග පිරිනැමුවා. ගිය අවුරුද්දේ (2024) අගෝස්තු මාසයේ ඉඳලා ප්‍රජාතන්ත්‍ර-විරෝධී සෙප්පඩ විජ්ජාවකින් මේ මයික්‍රෝ ෆිනෑන්ස්කාරයා බංග්ලාදේශයේ රාජ්‍ය නායක තනතුරටත් පත් කෙරුණා.
අවුරුදු 85 ක් වයස මේ මයිකෝ ෆිනෑන්ස්කාරයාට බංග්ලාදේශයේ යතුර භාරදුන්නාට පස්සේ ඇමෙරිකන් හමුදාවත් ඉවරයක් නැතුව බංග්ලාදේශයේ කරක් ගහනවා. ධකා අගනුවර වෙස්ටින් (Westin) හෝටලයේ නැවතිලා හිටිය ඇමෙරිකානු විශේෂ කාර්යසාධක බලකායේ ටෙරන්ස් ආවෙල් ජැක්සන් (Terrence Arvell Jackson) කියන නිලධාරියා පහුගිය අගෝස්තු 31 වැනි දා මිය ගිහිල්ලා තිබුණා. ඒ හාදයා අප්‍රේල් මාසයේ ඉඳලා ම ධකා නගරයේ ඉඳලා තියෙනවා.
ඇමෙරිකාව සහ බංග්ලාදේශය එකතුවෙලා පවත්වපු Exercise Tiger Shark 2025 කියන යුද අභ්‍යාසය පහුගිය අගෝස්තු 2 වැනි දා අවසන් කළා. ඉන්දු - ශාන්තිකර කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කරන්න” මේ මෙහෙයුම කරපු බවක් තමයි ඇමෙරිකාව කියන්නේ.
පහුගිය සැප්තැම්බර් 10 වැනි දා තවත් ලොකු අභිරහස් වැඩක් සිද්දවුණා. ඇමෙරිකානු පාබල සහ ගුවන් හමුදාවලට අයිති 120 ක පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් කිසිම කලින් දැනුම්දීමක් නැතුව චිතගොං නගරයට ආවා. ඒ අය නැවැතුණේ චිතගොං නගරයේ තියෙන Radisson Blu කියන හෝටලයේ. ඒ හෝටලයේ කාමර 85 ක නැවතුණු ඒ අය තමන්ගේ නම් හෝටලයේ ලියාපදිංචි කළේ නෑ. සැප්තැම්බර් 14 වැනි දා, ඊජිප්තු ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් යානාවකුත් චිතගොං නගරයට ආචා. ඊජිප්තුව කියන්නේ ඇමෙරිකාවේ සහායට ඩැනී කෙනෙක්. එ දා ම, ඇමෙරිකානු ගුවන් හමුදාවේ Lockheed Martin C-130J Super Hercules ගුවන් යානා දෙකකුත් චිතගොං නගරයේ තියෙන Shah Amanat ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සා.
මේ සෙල්ලම කරන්නේ අපේ කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කරන්න” කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන අය වර්ග දෙකකට ඇතුළත් කරලා හඳුනාගන්න පුළුවන්. එහෙම කියන පළමුවැනි වර්ගය සේවය කරන්නේ බටහිර බල ව්‍යාපෘතිය වෙනුවෙන්. දෙවැනි වර්ගය තාමත් තමන්ගේ ඔළුව අතගාලා බලලා නෑ.
මියන්මාව තියෙන්නේ චිතගොං සීමාවේ. මියන්මාව කියන්නේ බටහිරට අවනත නැති රාජ්‍යයක්. මියන්මාවේ වගේ ම චිතගොංවලත් බෞද්ධයෝ ඉන්නවා. ඉතින් මේ කලාපයේ අවුලක් ඇති කරන්න නම මුස්ලිම් - බෞද්ධ වලියක් අවුස්සන්න ඕන.
පහුගිය සැප්තැම්බර් 23 වැනි දා, ටියුෂන් ගිහිල්ලා ආපහු ගෙදර යමින් හිටිය ගෑණු ළමයෙක් සමූහ දූෂණයකට ලක්වෙලා තිබුණා. මේ අපරාධය කරලා තිබුණේ බෙංගාල මිනිස්සු තුන් දෙනෙක් කියලයි වාර්තා වුණේ. ඒත් අපරාධකාරයෝ අල්ලන්න ආණ්ඩුව කටයුතු කළේ නෑ. ඉතින් ඒ කාරණය මුල් කරගෙන දූෂණය ලක්වෙච්ච ගෑණු ළමයා අයිති ජනවර්ගයේ අය උද්ඝෝෂණ කරන්න පටන්ගත්තා. ඒ අය බෞද්ධයෝ.
මේ වෙද්දි බංග්ලාදේශ හමුදාව ඒ උද්ඝෝෂකයන්ට පහරදෙමින් ඉන්නවා. ඒ ප්‍රහාරවලින් හතර දෙනෙක් මිය ගිහිල්ලා. විශාල පිරිසකට තුවාලවෙලා. ඉතින් මේ අවනඩුව තව තවත් පැතිරෙන්න ඉඩ තියෙනවා.
මෙහෙම ගින්නක් ඇවිළුවාම ඒක මියන්මාවට, ඉන්දියාවට වගේ ම ලංකාවටත් පතුරුවන්න ලේසියි. සිද්දවෙන දේ ගැන කිසිම අදහසක් නැතුව කලබල කරන අය ඕන තරම් අපි අතර ඉන්නවා. ඉතින් අපි අතර මහ ගින්නක් පතුරුවන්න වැඩි කාලයක් ගතවෙන එකක් නෑ. අපි එකිනෙකා එක්ක කාකොටා ගනිද්දි සර්පයා තමන්ගේ බලය මේ කලාපය ඇතුළේ වර්ධනය කරගනියි. අන්තිමට මේ කලාපයේ එවුන්ට හීනෙනවත් සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව භුක්ති විඳින්න ලැබෙන එකක් නෑ.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..