News Category
From Date
To Date
Maximum Number of Result

චිතගොංවලට ආපු සර්පයා..

Sep 30, 2025 at 01:15 PM
|

මුහම්මද් යුනුස් කියන බටහිර ඒජන්තයා ඉපැදුණේ බංග්ලාදේශයේ චිතගොං ප්‍රදේශයේ. බංග්ලාදේශයේ දුප්පත් මිනිස්සුන්ට නෝර්වේ රටේ විශ්‍රාම අරමුදල් ගිනි පොලියට දෙන ක්‍රමයක් “හඳුන්වලා දීපු” හින්දා නෝර්විජියානු නොබෙල් කමිටුව විසින් ඒ ඒජන්තයාට නොබෙල් සාම තෑග්ග පිරිනැමුවා. ගිය අවුරුද්දේ (2024) අගෝස්තු මාසයේ ඉඳලා ප්‍රජාතන්ත්‍ර-විරෝධී සෙප්පඩ විජ්ජාවකින් මේ මයික්‍රෝ ෆිනෑන්ස්කාරයා බංග්ලාදේශයේ රාජ්‍ය නායක තනතුරටත් පත් කෙරුණා.

අවුරුදු 85 ක් වයස මේ මයිකෝ ෆිනෑන්ස්කාරයාට බංග්ලාදේශයේ යතුර භාරදුන්නාට පස්සේ ඇමෙරිකන් හමුදාවත් ඉවරයක් නැතුව බංග්ලාදේශයේ කරක් ගහනවා. ධකා අගනුවර වෙස්ටින් (Westin) හෝටලයේ නැවතිලා හිටිය ඇමෙරිකානු විශේෂ කාර්යසාධක බලකායේ ටෙරන්ස් ආවෙල් ජැක්සන් (Terrence Arvell Jackson) කියන නිලධාරියා පහුගිය අගෝස්තු 31 වැනි දා මිය ගිහිල්ලා තිබුණා. ඒ හාදයා අප්‍රේල් මාසයේ ඉඳලා ම ධකා නගරයේ ඉඳලා තියෙනවා.

ඇමෙරිකාව සහ බංග්ලාදේශය එකතුවෙලා පවත්වපු Exercise Tiger Shark 2025 කියන යුද අභ්‍යාසය පහුගිය අගෝස්තු 2 වැනි දා අවසන් කළා. ඉන්දු - ශාන්තිකර කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කරන්න” මේ මෙහෙයුම කරපු බවක් තමයි ඇමෙරිකාව කියන්නේ.

පහුගිය සැප්තැම්බර් 10 වැනි දා තවත් ලොකු අභිරහස් වැඩක් සිද්දවුණා. ඇමෙරිකානු පාබල සහ ගුවන් හමුදාවලට අයිති 120 ක පිරිසකගෙන් සමන්විත කණ්ඩායමක් කිසිම කලින් දැනුම්දීමක් නැතුව චිතගොං නගරයට ආවා. ඒ අය නැවැතුණේ චිතගොං නගරයේ තියෙන Radisson Blu කියන හෝටලයේ. ඒ හෝටලයේ කාමර 85 ක නැවතුණු ඒ අය තමන්ගේ නම් හෝටලයේ ලියාපදිංචි කළේ නෑ. සැප්තැම්බර් 14 වැනි දා, ඊජිප්තු ගුවන් හමුදාවේ ප්‍රවාහන ගුවන් යානාවකුත් චිතගොං නගරයට ආචා. ඊජිප්තුව කියන්නේ ඇමෙරිකාවේ සහායට ඩැනී කෙනෙක්. එ දා ම, ඇමෙරිකානු ගුවන් හමුදාවේ Lockheed Martin C-130J Super Hercules ගුවන් යානා දෙකකුත් චිතගොං නගරයේ තියෙන Shah Amanat ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බැස්සා.

මේ සෙල්ලම කරන්නේ අපේ කලාපයේ “සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව තහවුරු කරන්න” කියලා කවුරු හරි කියනවා නම් එහෙම කියන අය වර්ග දෙකකට ඇතුළත් කරලා හඳුනාගන්න පුළුවන්. එහෙම කියන පළමුවැනි වර්ගය සේවය කරන්නේ බටහිර බල ව්‍යාපෘතිය වෙනුවෙන්. දෙවැනි වර්ගය තාමත් තමන්ගේ ඔළුව අතගාලා බලලා නෑ.

මියන්මාව තියෙන්නේ චිතගොං සීමාවේ. මියන්මාව කියන්නේ බටහිරට අවනත නැති රාජ්‍යයක්. මියන්මාවේ වගේ ම චිතගොංවලත් බෞද්ධයෝ ඉන්නවා. ඉතින් මේ කලාපයේ අවුලක් ඇති කරන්න නම මුස්ලිම් - බෞද්ධ වලියක් අවුස්සන්න ඕන.

පහුගිය සැප්තැම්බර් 23 වැනි දා, ටියුෂන් ගිහිල්ලා ආපහු ගෙදර යමින් හිටිය ගෑණු ළමයෙක් සමූහ දූෂණයකට ලක්වෙලා තිබුණා. මේ අපරාධය කරලා තිබුණේ බෙංගාල මිනිස්සු තුන් දෙනෙක් කියලයි වාර්තා වුණේ. ඒත් අපරාධකාරයෝ අල්ලන්න ආණ්ඩුව කටයුතු කළේ නෑ. ඉතින් ඒ කාරණය මුල් කරගෙන දූෂණය ලක්වෙච්ච ගෑණු ළමයා අයිති ජනවර්ගයේ අය උද්ඝෝෂණ කරන්න පටන්ගත්තා. ඒ අය බෞද්ධයෝ.

මේ වෙද්දි බංග්ලාදේශ හමුදාව ඒ උද්ඝෝෂකයන්ට පහරදෙමින් ඉන්නවා. ඒ ප්‍රහාරවලින් හතර දෙනෙක් මිය ගිහිල්ලා. විශාල පිරිසකට තුවාලවෙලා. ඉතින් මේ අවනඩුව තව තවත් පැතිරෙන්න ඉඩ තියෙනවා.

මෙහෙම ගින්නක් ඇවිළුවාම ඒක මියන්මාවට, ඉන්දියාවට වගේ ම ලංකාවටත් පතුරුවන්න ලේසියි. සිද්දවෙන දේ ගැන කිසිම අදහසක් නැතුව කලබල කරන අය ඕන තරම් අපි අතර ඉන්නවා. ඉතින් අපි අතර මහ ගින්නක් පතුරුවන්න වැඩි කාලයක් ගතවෙන එකක් නෑ. අපි එකිනෙකා එක්ක කාකොටා ගනිද්දි සර්පයා තමන්ගේ බලය මේ කලාපය ඇතුළේ වර්ධනය කරගනියි. අන්තිමට මේ කලාපයේ එවුන්ට හීනෙනවත් සාමය, ස්ථාවරභාවය සහ ආරක්‍ෂාව භුක්ති විඳින්න ලැබෙන එකක් නෑ.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.