News Category
From Date
To Date
Maximum Number of Result

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක ධුරයට පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නාහිමි පත්වීම පිළිබඳව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමිගෙන් සුභාශිංසන එක්කොට තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වන සැසියේදී ශ්‍රී ලංකාවේ රාජ්‍යය මුහුණ දීමට නියමිත තීරණාත්මක අභියෝගය හමුවේ ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව ආණ්ඩුවට සහ රට වැසියාට අනතුරු ඇඟවීම සදහා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය ප්‍රමුඛ ජාතික සංවිධාන 58ක් මගින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතාට සංදේශයක් යොමුකර ඇති අතර, එම සංදේශය අද පුවත්පත් වල පළ වී තිබිණි.

'බෙදුම්වාදී මාර්ග සිතියම තුළ රණවිරු දඩයම: අවසන් සැතපුමට පාර කපන පිනීවා යෝජනාවට එකඟ නොවනු' යන මැයෙන් රණවිරු පවුර සහ දෙවන පරපුර පක්ෂය විසින් පවතින අනතුර පිළිබඳව මහජනයා දැනුවත් කිරීම සහ මහජන විරෝධය මගින් ආණ්ඩුවට බලපෑම් කිරීම මුල්කරගෙන මහජන පෙත්සමක් අත්සන් කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට කටයුතු සංවිධානය කර තිබේ.

මම පසුගිය කාලය පුරාම විටින් විට, අපේ රටේ විවිධ විද්වතුන්ගේ දේශනවලට ඇතැම් විට සජීවීව ද, ඇතැම් විට Youtube මාධ්‍ය ඔස්සේ ද, ඔවුන්ගේ ලිපි ලේඛන පරිශීලනය කිරීමෙන්ද අවධානය යොමු කළෙමි. මේ කිහිප දෙනෙකු අතර වන එක් අයකු වන්නේ මහාචාර්ය ටියුඩර් වීරසිංහයන් ය. ඔහු පසුගිය කාලය පුරා විවිධ තැන් හි දක්වන ලද අදහස් සමුදායක්, මා හිතවත් කුල ශ‍්‍රී කාරියවසම් සමග සිදු කරන Youtube සංවාදයක දී ද නැවත මතු කර තිබුණි. මම මුල සිට අගට ඉමහත් උනන්දුවෙන් එයට සවන් දුන්නෙමි. ඔහු එහිදී පවසන අදහසක් මා සිත්හි තදින් කා වැදුණි. ඔහු එය කීවේ මෙසේ ය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඇලස්කා සාකච්ඡාවල ප්‍රතිඵලය, සාමය සඳහා ධනාත්මක, නමුත් තවමත් අවිනිශ්චිත ඉදිරි පියවරක් නියෝජනය කරන බව පෙන්නුම් කරයි. තාවකාලික වාචික ගිවිසුම්වලට ඔවුන් එළඹුණි. වැදගත්ම දෙය නම්, යුද්ධය අවසන්කිරීම සඳහා වන කොන්දේසි සාකච්ඡා කිරීමට සාම සමුළුවක් කැඳවීමයි. එය හුදෙක් යුක්රේනයේ හමුදා බලය නැවත පිරවීමට ඉඩ සලසන ‘සටන් විරාමයක්’ නොවේ.

ජ්‍යෙෂ්ඨ දේශපාලඥයකු සහ පොදුජන එකසත් පෙරමුණේ මහලේකම්වරයකු වූ සහ කෘෂිකර්ම ඇමතිවරයෙකු වූ දී මු ජයරත්න මහතා චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනයගේ පාලනය යටතේ පැවතී 2000 පාර්ලිමේන්තු මැතිවරණයේදී මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන යන එවකට ප්‍රබලතම දේශපාලන නායකයින් නියෝජනය කළ හමබන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්ක එක්සත් ජාතික පක්ෂයට පරාජය වීම පිලිබදව විශේෂ ප්‍රවෘත්ති සකච්ඡාවවක් පවත්වමින් වී මිල පහත වැටීම මත ගොවීන් විසින් පොදුජන පෙරමුණ පරාජයට පත්කළ බව ප්‍රකාශ කරන ලදී. චන්ද්‍රිකා කුමාරණතුංගගේ පාන්පිටි සහනාධාරය ඉවත් කළ යුතුයයි දැඩිලෙස ඔහු ප්‍රකාශ කළද එයට පෙර 2001වර්ෂයේදීම පොදු පෙරමුණ දෙකඩ වීමෙන් පරාජයට පත්වූ බැවින් එය සාකච්ඡාවට ගැනුනේ නැත.

අතිශය සූක්ෂම ලෙස සැලසුම් කරන පුද්ගල ඝාතන යුද අවියක්ය. හමාස් සහ හිස්බුල්ලා සංවිධානවලට සහ ඉරානයට එරෙහිව ඊශ්‍රායලය ක්‍රියාත්මක කළ සමස්ත හමුදාමය උපායමාර්ගය තුළ තෝරාගත් දැඩි ආරක්ෂාව යටතේ ජීවත්වූ පුද්ගලයන් ඝාතනය කිරීමට ඉතාමත් ඉහළ වටිනාකම් දී තිබිණි. ඉහත සඳහන් සංවිධානවල සහ ඉරාන නායකත්වය අදහාගත නොහැකි ආකාරයට ඉලක්ක කිරීමට ඊශ්‍රායලය සමත්විය.

ඕගස්ටෝ ඔලිවාරිස් කියන්නේ බොහොම පළපුරුදු, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක්. ඔහු චිලී විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් විදිහටත් සේවය කළා. චිලී සමාජවාදී පක්‍ෂයේ සාමාජිකයෙක් වෙච්ච ඔහු සැල්වදෝර් අලියැන්දේගේ හොඳ ම මිත්‍රයා බවටත් පත්වෙලා හිටියා. අලියැන්දේ ජනාධිපති ධුරයට පත් කරන්නත් ඔහු කැපැවෙලා වැඩ කළා. අලියැන්දේ ජනාධිපතිවරයාගේ උපදේශකයෙක් විදිහටත් කටයුතු කරපු ඔහු චිලී ජාතික රූපවාහිනියේ අධ්‍යක්‍ෂවරයා විදිහටත් වැඩ කළා.

2025 අප්‍රේල් 05 දා ශ්‍රී ලංකා ආණ්ඩුව ඉන්දියාව සමඟ අත්සන් කරන ලද ආරක්ෂක ගිවිසුම ඇතුළු ගිවිසුම් 07ට එරෙහි ව ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ‍ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය 04 වැනි දා තීරණය කළේ ය.


ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.