News Category
From Date
To Date
Maximum Number of Result

පොසොන් පෝය විසින් එක්තරා ආකාරයක දඩයම් නැවැත්වීමකුත් සංකේතවත් කරනවා. ඒ උතුම් කාර්යය සිද්දවුණේ දඩ කෙළි නැවැත්වීමක් විදිහට. අදටත් එංගලන්තය ඇතුළු හුඟක් රටවල්වල දඩ කෙළි පැවැත්වෙනවා. නෝර්වේ සහ ජපානයේ මිනිස්සු තල්මස්සු පවා දඩයම් කරනවා. ඒ මුහුදු මංකොල්ලකාර රටවල් දෙකේ මිනිස්සු තල්මස්සු දඩයම් කරන්නේ මුහුදට යන්න තියෙන බය නැති කරගන්න කියලයි මම හිතන්නේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය බවත්, වසර 30ක් ත්‍රස්තවාදයෙන් බැටකෑ රටක් ඊට අදාළය කිසිඳු නීතියක් අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීමද පුදුමාකර තත්ත්වයක් බව හා මෙය කුමන්ත්‍රණයක් බව පැවසුවත් වරදක් නැති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.

සමාජවාදී ක්‍රමයක් යටතේ පුද්ගලික ව්‍යාපාර නැත්තට ම නැතිවෙනවා කියලා හිතාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අය මේ කතාව කියන්නේ සමාජවාදී ක්‍රමය සහ කොමියුනිස්ට් ක්‍රමය අතර තියෙන වෙනස ගැන කිසිම අවබෝධයක් නැතුව. කොමියුනිස්ට් සමාජයක් ඇතිවුණාට පස්සේ තමයි පුද්ගලික දේපළ ක්‍රමය වියැකිලා යන්නේ.

‘ප්‍රොටෙස්ට්’ යන ඉංග්‍රීසි වචනයෙහි සරලම සිංහල තේරුම අකමැත්ත හෝ විරුද්ධත්වය ප්‍රකාශ කිරීමයි. 16 වෙනි සියවස මුල් කාලයේ නැගෙනහිර යුරෝපය පාලනය කරමින් සිටි පාප්වරයාට සහ එතුමාගේ කතෝලික අධිරාජ්‍යයට අකමැත්ත පළ කෙරෙන අදහස් මහජනයා අතරේ පැතිරෙමින් තිබුණි. කලාපයේ පැතිරෙන අතිශයින් භයානක වසංගතවලට හේතුව පාප් සහ කතෝලික සභාවේ අපචාර ක්‍රියා යැයි බොහෝ දෙනාට සිතුණි. මාටින් ලූතර්ගේ සුප්‍රකට ලියවිල්ල මහජනයා ඇවිස්සූ ප්‍රධාන සිද්ධියයි. ඊට මාටින් ලූතර් ප්‍රධාන කතෝලික දේවගැතිවරුන් ගණනාවක් එක් විය.

1977 ආරම්භ වූ විවෘත ආර්ථිකය සහ නව සමානුපාතික මැතිවරණ නීති නිසා මජර දේශපාලන සිස්ටම් එකක් බිහි වූ බව රහසක් නොවේ. එය දේශපාලන ක්ෂ්‍රේත්‍රය පමණක් නොව රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයද අන්ත දූෂිත තත්වයට පත් කළේය.

රණවිරු සැමරුම තවත් සියවස් ගණනාවක් යනතෙක් සැමරිය යුතු බවත්, ත්‍රස්තවාදය අවියක් කරගනිමින් මෙරට ඒකීය භාවයට හා ස්වෛරීත්වයට හානිවන අයුරින් දේශපාලණිකව අටවා ඇති උගුල් ලෙහා දැමීමත්, එම රණවිරුවන් මව්බිම වෙනුවෙන් සිදුකළ ජීවිත කැපකිරීම උදෙසා කළ යුතු යුතුකමක් බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසයි.

මාලිනි ෆොන්සේකා⁣ගේ මළගෙදර දී සෞම්‍ය ලියනගේ කරපු කඨෝර කතාව ගැන ලොකු සද්දයක් ඇතිවුණා. සෞම්‍ය එහෙම කතාවක් කළේ ඔහු අපේ මිනිස්සුන්ගේ භාෂාව දන්නේ නැති හින්දා කියලා මම නම් හිතන්නේ නෑ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර පවතින යුදමය ආතතිය හමුවේ ඉන්දියාවේ වත්මන් ස්ථාවරය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ ඉන්දියාව තවත් ත්‍රස්ත පුහාරයක් නීතිය සහ සාමය පිළිබඳව ගැටලුවක් ලෙස නොසලකන බවය.

මැතිවරණයට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් යුද්ධයේ දී දිවිපිදූ රණවිරුවන්, ආබාධිත වූ රණවිරුවන්, අතුරුදන් වූ රණවිරුවන් ලෙසින් රණවිරුවන්ට ගෞරවය ලබාදෙමින් සිදුකළ කතාවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.