News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ සිදුවන්නේ හයිටි රාජ්‍යයේ සිදුවූ දෙයමද?.. ඇමරිකාව මැදිහත් වී සශ්‍රීක හයිටිය හිඟන රටක් බවට පත් කළා!

Sep 26, 2025 at 10:15 AM
|

ලාංකික දේශපාලකයන් විසින් ඔවුන්ම අර්බුදයක් නිර්මාණය කරගනිමින් දේශපාන අර්බුදයකටද රට ගෙනයමින් ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැත. මෙවැනි විසඳුම් නැති මඩගොහොරුවක එරී සිටින ශ්‍රී ලංකාව ඉදිරියේ කුමන තත්ත්වයකට පත්වේදැයි සිතාගන්නටවත් නොහැකි තත්ත්වයක පවතියි.

ධනවත් හා බලවත් රටවලින් ආධාර පැතීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතිය යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට සිදු​වන්නේ ද ඉහත දැක්වූ අනෙක් රටවලට අත්වූ ඉරණමටම මුහුණ දීමටය. එසේ විනාශ වූ රටකි හයිටි රාජ්‍යය. හයිටි රාජ්‍යය දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි.

උතුරු අත්ලාන්තික් සාගරයේ කැරිබියන් මුහුදේ ඇන්ටිලස් දූපත් සමූහයට අයත්ව කියුබාවට නැගෙනහිරින් පිහිටා ඇති ඩොමිනිකාවට භූමියෙන් සම්බන්ධ වුණු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති දූපත් රාජ්‍යයක් ලෙස හයිටි රාජ්‍යය හඳුන්වාදිය හැක. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27,750 ක. මිලියන 11 පමණ ජනතාවක් හයිටි රාජ්‍යයේ වෙසෙති. හයිටියේ ස්වදේශික ජනතාව හඳුන්වනු ලබන්නේ ටයිනෝ නමි. මෙහි 95%ක ජනතාව කළු ජාතිකයන්ය. 5% ක සුදු හා මුලාටෝ ජාතිකයන්ය. රටේ බහුතර ජනතාව කතෝලික ආගම අදහනු ලබයි.

හයිටිය යනු මේවනවිට බලවත් ලෙස දරිද්‍රතාවයෙන් මිරිකී සිටින රාජ්‍යයකි. මෙම රාජ්‍යය අද ​ලෝකය හඳුන්වනු ලබන්නේ ලොව ජීවත්වනු තබා සංචාරය කිරීමටත් සුදුසු නැති රාජ්‍යයන් අතරින් එකක් ලෙසය සශ්‍රීක රාජ්‍යයක් වූ මෙම රටට මෙවන් විපතක් සිදුවූයේ එහි සිටි අදූරදර්ශී පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාය.

හයිටි රාජ්‍යය පිළිබඳව පළමු වාර්තාව හමුවන්නේ 1492 වර්ෂය පමණ ඈත වකවානුවකය. ලෝක ප්‍රකට දේශ ගවේෂකයෙකු වන ක්‍රිස්ටෝපර් කොලොම්බස් සිය දේශ සංචාරවල දී හයිටි රාජ්‍යයට ගොඩ බැස ඇත. ඔහු මෙහි ගොඩබැස්ස පසු සිතා සිටින්නේ ඔහු ගොඩ බැස සිටින්නේ ඉන්දියාවට හෝ චීනයට බවය. ඔහු මෙම රාජ්‍යය ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගේ නමින් නම් කරන ලදී. 17 වැනි සියවස තෙක්ම මෙම රාජ්‍යය ස්පාඤ්ඤ අධිරාජ්‍යයට අයත්ව පැවැතුනි. ස්පාඤ්ඤ පාලකයන් කැරිබියන් දූපත් ආශ්‍රිතව විශාල ජනසංහාරයක් සිදුකළ අතර ස්වදේශිකයන් මිලියන ගණනක් එහි දී විනාශ විය.

අවසානයේ එහි ඉතිරිවූයේ සැඟව සිටින කණ්ඩායම් කිහිපයක් පමණය. 17 වැනි සියවසේ මුල් භාගයේ ප්‍රංශ ජාතිකයන් මෙම දිවයිනට ගොඩබැස ඇති අතර ඔවුන් එහි කොටසක් සිය භාරයට නතුකරගෙන ඇත. හයිටි භූමිය ලෙස සැලකෙන්නේ ඔවුන් එසේ අල්ලාගත් ප්‍රදේශයයි. 1756 සිට 1763 කාලයේ ප්‍රංශය කැරිබියන් කලාපයේ ස්පාඤ්ඤය භාරයේ තිබූ දූපත් අල්ලා ගැනීම සඳහා දැවැන්ත සටනක් දියත් කළේය. මේ වකවානුවේ ප්‍රංශය විසින් හයිටිය සම්පූර්ණයෙන් තම භාරයට ගන්නා ලදී. එය එතෙක් පැවැතුනේ ස්පාඤ්ඤ කොලනියක් ලෙසය. ඉන්පසුව එය ප්‍රංශ කොලනියක් බවට පත්විය. සීනි සහ කෝපි නිෂ්පාදනය සඳහා සරුසාර භූමියක් ලෙස හඳුනාගත් ප්‍රංශ ජාතිකයින් එහි වගාබිම් ආරම්භ කිරීමට පටන් ගත්තේය.

 මෙම වකවානුවේ හයිටි රාජ්‍යය කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හඳුන්වන ලදී ! 

ප්‍රංශ පාලකයන් තම වගාබිම් සඳහා කම්කරුවන් ලෙස ඔවුන් අල්ලාගත් අප්‍රිකානු රාජ්‍යවලින් වහලුන් හයිටිය වෙත ගෙන එන ලදී. එම ප්‍රමාණය 790,000 කට ආසන්න බව සඳහන් වේ. මෙම වහලුන් ඉතා අඩු පහසුකම් යටතේ විශාල දුක් කන්දරාවක් විඳිමින් ප්‍රංශ වතු ඉඩම්වල වැඩ කටයුතු කළත් පසුව ප්‍රංශ පාලනයට එරෙහිවී ප්‍රංශ පාලකයන්ට පහරදී ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කර ඇත. 1792 වර්ෂයේ දී මෙම නැඟිටීම සිදුවී ඇත. මෙම නිදහස් අරගලයෙන් වහලුන් ලෙස සිටි අප්‍රිකානුවන් බොහෝ දෙනෙක් මියගොස් ඇත. එමෙන්ම ප්‍රංශ ආක්‍රමණිකයන්ටත් විශාල හානියක් සිදුවී ඇත. මෙහි වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙම සටන්වලට නායකත්වය ලබා දුන්නේ වහලෙක් ලෙස සිට පසුව ප්‍රංශ හමුදාවට එක්ව නිලතල පවා හෙබවූ Toussaint Louverture හමුදා නායකයා වීමයි. මේ අනුව ස්වදේශිකයන් හා අප්‍රිකානු වහලුන් එක්ව හයිටිය නිදහස් කරගැනීමට සමත්වූ අතර විප්ලවයක් මගින් ආක්‍රමණිකයින් පලවා හැර වහලුන් රාජ්‍ය බල ලබාගත් පළමු රට බවට ඉතිහාසයේ රන් අකුරින් සිය නම සටහන් කර ගැනීමට හයිටිය සමත්විය.

මේ අතර 1798 හා 1799 වකවානුවේ ප්‍රංශ විප්ලවය පටන් ගත්තේය. එහිදී ප්‍රංශයේ රදල පාලනය බිඳ දමමින් නැපෝලියන් බොනපාට් රාජ්‍ය බලය අත්පත් කරගන්නා ලදී. මෙම අවස්ථාවේ නැපෝලියන් වහලුන් සම්බන්ධයෙන් හා වහල්භාවය කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි වහල් ජනතාව බලාපොරොත්තු වුවත් ඔහු සිදුකළේත් හයිටිය ඇතුළු ප්‍රංශ ආධිපත්‍යයෙන් මිදුණු කැරිබියානු රාජ්‍යය නැවත අල්ලා ගැනීම සඳහා සිය හමුදා යොමුකර ලීමයි. මෙම හමුදා සහ හයිටි ජනතාව අතර නැවත ගැටුම් ඇතිවූ අතර මෙම ගැටුම් ඉතා ම්ලේච්ඡ ස්වභාවයක් ගන්නා ලදී. ප්‍රංශ හමුදා සිරකරුවන් ලෙස අල්ලාගත් හයිටි සිරකරුවන් පණපිටින් වැළලූ බවද සඳහන් වේ. කෙසේ නමුත් 1803 නොවැම්බර් මාසයේදී ප්‍රංශ හමුදාව සම්පූර්ණයෙන් විනාශ කර හයිටියට නැවතත් නිදහස උදාකර ගැනීමට හයිටි ජනතාව සමත් වූහ. හයිටිය 1804 දී ආක්‍රමණිකයන්ගෙන් රාජ්‍ය නිදහස් කරගත් වර්ෂය ලෙස සඳහන් වේ. 1825 අප්‍රේල් 17 දින හයිටිය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

මෙතැන් පටන් හයිටිය ස්වදේශික පාලකයන් යටතේ පාලනය වූ අතර මෙම වකවානුවේ හයිටි රාජ්‍යය විශාල දියුණුවකට පත්විය. එමෙන්ම ජනජීවිතය ඉතාමත් ඉහළ මට්ටමකට පත්විය. එම වකවානුවේ හයිටිය සීනි හා රම් නිශ්පාදනය අතින් ඉහළ මට්ටමකට පත්විය. 1911 වකවානුව ව තෙක් හයිටිය ජාත්‍යන්තරය සම්බන්ධකර ගනිමින් ඉතාමත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස පැවැතුණි. ජනතාවට යහමින් මිල මුදල් තිබුණු අතර හයිටියට වහලුන් ලෙස පැමිණි අප්‍රිකානුවන් මෙන්ම ස්වදේශිකයින් ද වෙළෙඳ නාවිකයන් බවට පත්වෙමින් ලොව පුරා සිය නිෂ්පාදන බෙදා හැරීමේ කටයුතුවල යෙදී සිටියහ.

මෙසේ දියුණු රාජ්‍යයක් ලෙස පැවැති හයිටියට අඳුරු සෙවණැලි වැටීමට පටන් ගනු ලැබුවේ මෙම අවදියේය. සෑම රාජ්‍ය නායකත්වයකම අඩුපාඩු තිබෙනවා මෙන්ම හයිටි පාලකයන්ගේත් අඩුපාඩු රැසක් තිබුණි. රටේ ආර්ථිකයෙන් 80% පමණ 200 ක් තරම් වූ කුඩා ජර්මානු පවුල් අතර බෙදී තිබීම ඉන් ප්‍රධානතම කාරණාවක් විය. මේ අතර ආණ්ඩු බලය ලබා ගැනීමට විවිධ කණ්ඩායම් විවිධ ආකාරයේ කුමන්ත්‍රණ සිදුකරනු ලැබීම හේතුවෙන් 1911 සිට 1915 දක්වා කාලය තුළ ජනාධිපතිවරුන් 6 දෙනෙකු පත්කර ගැනීමට හයිටි ජනතාවට සිදුවිය. මෙම සිදුවීම් පසුපස සිට අදිසි හස්තය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි.

හයිටියේ පරිහානිය ක්‍රමයෙන් ආරම්භ වූයේ මෙම ඇමරිකන් අතපෙවීම් සමගය. එක්සත් ජනපදයේ අදිසි හස්තය හයිටි පාලනයට විවිධ බලපෑම් කිරීම දිගින් දිගටම සිදකළ අතර හයිටිය යනු ඉල්ලමක් බව ඔවුහු වටහාගෙන සිටියහ.

මේ අතර 1957 සිට 1986 දක්වා කාලයේ දී මෙම රාජ්‍යය ‘‘පපා ඩොක්’’ සහ ‘‘බේබි ඩොක්’’ නම් නාමයන්වලින් හඳුන්වන ඩුව්ලියර් නම් පවුලේ ආඥාදායක පිය පුතු යුවලක් විසින් පාලනය කළ අතර, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් ඇමරිකන් ගැත්තන් වීම හේතුවෙන් රටේ අර්බුද තව තවත් වැඩි විය.

රටේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරමින් ඔවුන් ඇමරිකානුවන්ට හයිටිය තුළ ඇති සම්පත් කොල්ලකෑමට මාර්ගය සාදා දුන්නේ හයිටි ජනතාවට නැවත කල්ප කාලාන්තරයකට බේරාගත නොහැකි ශාපයකට ගොදුරු කරමිනි. දිනෙන් දින රට පරිහානියට පත් වූ රාජ්‍යය ගොඩ ගැනීමට නොහැකිව හයිටිය ලෝකයටම විශාල ණයකාරයෙක් වූයේ මෙම වකවානුවේදීය. මෙම නායකත්වය පැමිණි පසු සෑම නායකයෙක්ම ඇමරිකානු ගැත්තෙක් වුණු අතර ඇමරිකාව හයිටියේ පාලන තන්ත්‍රය පූර්ණ ලෙස තම ග්‍රහණයට නතු කරගන්නා ලදී. එක්සත් ජනපදයට හයිටිය මෙතරම් වටිනා රාජ්‍යයක් බවට පත්වුණ තවත් හේතුවක් විය.

ඒ හයිටිය සතුව තිබූ ටයිටේනියම් නිධිය. 

එමෙන්ම ඉතාමත් සශ්‍රීක භූමියක් වූ හයිටිය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 13 ක් වටිනා ඛනිජ නිස්සාරණය කරනු ලැබීය. කැල්සියම් කාබනේට්, තඹ, රත්‍රන්, බොක්සයිට් හා කිරිගරුඬ හයිටි පොළොවේ බහුලව ඇත.

ඇමරිකාව මුලින්ම හයිටිය ආක්‍රමණය කරනු ලබන්නේ 1991 වර්ෂයේදීය. ඒ එවකට හයිටියේ සිටි සන්නද්ධ හමුදාපති ජින් බර්ට්‍රන් ඇරිස්ටයිඩ් බලයෙන් පහකිරීමට මැදිහත්වූ අවස්ථාවේදීය. ඇමරිකාව සිය ත්‍රිවිධ හමුදාව මෙන්ම වෙරළ ආරක්ෂක හමුදාව පවා හයිටියට ඇතුල් කරනු ලැබීය.

මෙම අරගලය අතරතුර හයිටි සාමාන්‍ය වැසියන් 300 කට අධික පිරිසක් මියගිය අතර ඇමරිකාව හයිටිය හඳුන්වාදෙනු ලැබුවේ මානව හිමිකම් කඩවන දූෂිත රාජ්‍යයක් ලෙසය. 

නැවත ඇමරිකාව තමන්ට හිතැති නායකයන් හයිටියේ පාලන තන්ත්‍රයට ඇතුළත් කළ අතර එහි බලපෑම් කොතරම් දරුණුවීද යත් 2001 වසරේ ජනතා ඡන්දයෙන් නැවත බලයට පැමිණි ඇරිස්ටයිඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට පවා ඇමරිකාව මැදහත්විය. (ලංකාවේ අරගලයෙන් සිදු වුනා සේ ) ඇමරිකානු එක්සත් ජනපදයේ රූකඩ බවට පත්වුන හයිටියේ පාලකයන්ට ලෝක බැංකුවෙන් හා අයි.එම්.එෆ්. සංවිධානයෙන් දිගින් දිගටම ණය ලබාදුන් අතර ඇමරිකාව එයට මැදිහත් විය.

හයිටියේ විශාලම ණය හිමිකරුවා වන ඇමරිකාව හයිටියට ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක ණය ප්‍රමාණයක් මේවනවිට ලබාදී තිබෙන බව සඳහන්ය. ඇමරිකාව මෙලෙස ගරාවැටෙන රාජ්‍යයකට අනුකම්පාව දැක්වීම ගෝලීය වශයෙන් වඩාත් කතාබහට ලක්වූ අතර ඔවුන් හයිටිය ක්‍රමයෙන් සූරා කනබවට ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම චෝදනා කරනු ලැබීය. මෙහි සැබෑ ස්වරූපය දැක ගැනීමට හැකිවූයේ 2004 වර්ෂයේය.

ඇමරිකාව හයිටියේ ඛනිජ නිධිවල මෙහෙයුම් කටයුතුවලට ඍජුව මැදිහත් වීමට සූදානම් වූ නමුත් හයිටි ජනතාව වරක් එයට විරුද්ධ විය. මේ නිසාම එම සැලැස්ම හකුලාගත් ඇමරිකාව ඊට වඩා සූක්ෂම ලෙස හයිටියට සේන්දුවීමට මාන බැලීය. ශ්‍රී ලංකාවට ඇමරිකාව ලබාදීමට සැරසුණු MCC ගිවිසුම හා සමාන සැලැස්මක් හයිටියට ඔවුන් ප්‍රදානය කළේ ඒ අනුවය. මේ හරහා ඔවුන් හයිටියේ ආර්ථික, සාමාජීය, දේශපාලන මෙන්ම නීතිමය කාරණා සඳහාද ආධාර ලබාදුන් අතර නව සංස්කෘතියක් ගොඩනැගීම තුළින් තාරුණ්‍ය නව්‍යකරණයකට ලක් කිරිමට ඔවුන් සැලැස්මක් ගෙන එනු ලැබීය. එයට තම ඉත්තන් වූ හයිටියේ පාලකයන් සූක්ෂමව යොදාගත් ඔවුන් හයිටියේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මැදිහත් විය.

හයිටිය පාලනය කළ අදූරදර්ශී නායකයන් මෙම ප්‍රතිපත්ති හරහා හයිටියට සිදුකළ හානිය සුළුපටු නොවේ. 

ඔවුන් කාන්තාවන්ට මත්පැන් භාවිතය සඳහා හයිටියේ තිබූ තහනම ඉවත්කරන ලදී.  

පාසල් දරුවන්ට අනිවාර්ය කර තිබූ නිල ඇඳුමද ඉවත් කළ අතර පාසල් යාම අනිවාර්ය නොවන බවට නීති වෙනස් කරනු ලැබීය. 

දුම්වැටි භාවිතය නව කලාවක් ලෙස නැත්නම් ට්‍රෙන්ඩ් එකක් බවට ප්‍රචලිත කළ ඔවුන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි මිල ගණන් විශාල වශයෙන් පහත හෙළනු ලැබීය.

රට තුළ ගණිකා නිවාස නීතිගතවූ අතර නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ නාමයෙන් දරුවන්ට දඬුවම් කිරීම තහනමට ලක්කිරීමට කටයුතු කරනු ලැබීය.නව නීති ගෙන ආවේය. 

වර්තමාන අප රජය කරන්නට සැරසෙන ලෙසින්ම හයිටියේද දරුවන්ට දඬුවම් කළ ගුරුවරුන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවන නීති පවා ඔවුන් නිර්මාණය කළ අතර ආර්ථීකය නගා සිටුවීමට හයිටිය තුළ කිසිසේත් කටයුතු කළේ නැත. 

මේ අතර රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටුණු අතර සීනිවලින් ස්වයං පෝෂිත දේශයක් වුණ හයිටිය ඇමරිකාවෙන් සීනි ආනයනය කරන රාජ්‍යයක් බවට අවසානයේ පත්විය. 

වසර 400 කට අධික ජනප්‍රිය ඉතිහාසය තුළ හාල් ඇටයක් පිටරටින් ආනයනය නොකළ හයිටිය අවසානයේ හාල් පවා රටින් ගෙන්වන තත්ත්වයකට පත්වෙයි. 

අදටත් එක්සත් ජනපදය සිය නිෂ්පාදන වැඩියෙන්ම අලෙවිකරන රටවල් 10 අතර හයිටිය සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රාජ්‍ය පාලකයන් හැකි සෑම තැනකින්ම සොරකම් කළ අතර සීමිත ධනවතුන් පිරිසක් අතරේ රටේ ආදායම බෙදී යන තත්ත්වයක් ඇතිවිය.

ඔවුන් අසීමිතව ධනවත් වූ අතර රටේ ජනතාවගෙන් 82% කට ආසන්න ජනතාවක් උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විඳින පිරිසක් බවට පත්විය. තම නිෂ්පාදන විකුණාගත නොහැකිව ගොවීන් වස පානය කළ බව වාර්තාවේ. 

 මේ අතර රජය පාසල් දරුවන්ට ටැබ් ලබාදුන් අතර අන්තර්ජල පහසුකම් වැඩිදියුණු කරනු ලැබීය.

 ඇමරිකාව අනුග්‍රහයෙන් සිදූවූ මෙම ක්‍රියාදාමය පිටුපස ඉතා භයානක මෙහෙයුමක් ක්‍රියාත්මක විය. 

ඒ අනුව පාසැල් දරු දැරියන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට හුරුවූ අතර ලැබී ඇති අසීමිත නිදහස හමුවේ පාසල් දරුවන් ගණිකා නිවාසවලට යාම විශාල ලෙස වැඩිවිය.

අඩු වයසින් ගණිකාවන් බවට පත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය රට තුළ විශාල ලෙස ඉහළ යන ලදී. නිරුවතන් ගණිකාවන් සිටින වීදි පවා හයිටියේ නිර්මාණය විය.

 වහල් භාවයෙන් මිදීමට විශාල අරගලයක් කර ජයග්‍රහණය කර ලොව පළමු රාජ්‍ය බවට පත්වූ අභිමානවත් ඉතිහාසයක් ඇති හයිටිය එදා කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හැඳින්වුවත් එය අද හඳුන්වනු ලබන්නේ ‘‘කැරිබියන් දේශයේ ගණිකා මඩම’’ ලෙසය .

එහි ස්වදෙශික සංස්කෘතිය වනසා දමා අවසන් !

මේ අතර වරින්වර ඇතිවන රාජ්‍ය විරෝධී ගැටුම් මර්දනයට ලෝක සාම සාධක හමුදාවන් හයිටයට ගෙන ඒමට බටහිර රටවල් කටයුතු කරන ලදී. ලාංකික හමුදාවත් එහි සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගී විය.

අද වනවිට හයිටියේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර සියලු දේ රැගෙන එනු ලබන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින්ය.

දරිද්‍රතාවයේ උච්චතම මට්ටමත් පසුකර ඇති ඔවුන්ගේ සමස්ත ජනගහනයෙන් 65% ක් දිනකට ඩොලර් දෙකකට වඩා අඩු ආදායම් උපයන්නන් බවට පත්වී ඇත. මන්දපෝෂණය ග්‍රාමීයව බහුලව හමුවන රෝගයක් බවට මේ වනවිට පත්ව ඇත.

ලමා අපචාර ස්ත්‍රී දූෂණ ඉතාම සුලබය .රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන නිසා රටපුරා වගාබිම් එකින් එක වල් වැදෙන අතර දැව සඳහා බහුලව වන විනාශ්‍ය සිදුවෙමින් පවතී. කුසට අහරක් ලබාගත නොහැකි ජනතාව මැටි, මාගරීන් සමග මිශ්‍රකර මැටි රොටී තනා ආහාරයට ගන්නා බවද වාර්තාවේ. හාල් සේරුවක් ලබා දෙන්නේ නම් ඕනෑම පුරුෂයෙක් සමග යහන්ගත​ෙවන්නට කැමැති කාන්තාවන් හයිටියේ සොයාගත හැකි බව ද විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. 

බහු ජාතික සමාගම් විසින් මෙහෙයවන පතල් නිසා අදවනවිට රටේ සමස්ත ජල ප්‍රභවයන්ගෙන 75%ක් පමණ පූර්ණ ලෙස දූෂණය වී ඈත.

අද වනවිට හයිටිය ජීවත්වීමට තබා සංචාරය කිරීමට පවා නුසුදුසු රටක් ලෙසයි හඳුන්වනු ලබන්නේ. ඉතාමක් සශ්‍රීක භූමියක්ව පැවැති මේ රාජ්‍ය අද මේ පවතින තත්ත්වයට ඇද දැමුවේ බටහිර රටවල සිට ක්‍රියාත්මකවූ බලලෝභී බළල් හස්තයන් හා ඒවායේ රූකඩ බවට පත්වූ රාජ්‍ය පාලකයන් විසින්ය. 

හයිටියේ සිටි සෑම නායකයෙකුම සිය අවශ්‍යතා සඳහා සොරකම් කළා හැර රාජ්‍ය සංවර්ධනය නොකළ බව සඳහන් වේ.

මේ වනවිට හයිටිය තුළ බටහිර අතපෙවීම්වලට එරෙහිව හඬනගන තරුණ රැල්ලක් එහි නිර්මාණය වී ඇත. එහෙත් හයිටිය ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට තව කල්ප කාලාන්තරයකටවත් නොහැකිවනු ඇතැයි විදේශ මාධ්‍යයන් වාර්තා කර සිටී.

මේ අනුව බලන කල මේ වනවිටත් ලංකාව තුළද සිදුවෙමින් පවතින්නේ හයිටිය තුළ වි​දේශ අතපෙවීම් හමුවේ සිදුවූ ක්‍රියාදාමයම දැයි සැක පහළවේ.

කොත්මලේ

රංජිත් සිසිර කුමාර සූරියආරච්චි

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.