News Category
From Date
To Date
Maximum Number of Result

ලංකාවේ සිදුවන්නේ හයිටි රාජ්‍යයේ සිදුවූ දෙයමද?.. ඇමරිකාව මැදිහත් වී සශ්‍රීක හයිටිය හිඟන රටක් බවට පත් කළා!

Sep 26, 2025 at 10:15 AM
|

ලාංකික දේශපාලකයන් විසින් ඔවුන්ම අර්බුදයක් නිර්මාණය කරගනිමින් දේශපාන අර්බුදයකටද රට ගෙනයමින් ඇත. මෙම තත්ත්වය ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට නම් කොහෙත්ම ගැලපෙන්නේ නැත. මෙවැනි විසඳුම් නැති මඩගොහොරුවක එරී සිටින ශ්‍රී ලංකාව ඉදිරියේ කුමන තත්ත්වයකට පත්වේදැයි සිතාගන්නටවත් නොහැකි තත්ත්වයක පවතියි.

ධනවත් හා බලවත් රටවලින් ආධාර පැතීමේ දී දෙවරක් නොව තෙවරක්ම සිතිය යුතුය. එසේ නොවුණහොත් ශ්‍රී ලංකාවට සිදු​වන්නේ ද ඉහත දැක්වූ අනෙක් රටවලට අත්වූ ඉරණමටම මුහුණ දීමටය. එසේ විනාශ වූ රටකි හයිටි රාජ්‍යය. හයිටි රාජ්‍යය දීර්ඝ ඉතිහාසයක් ඇති රටකි.

උතුරු අත්ලාන්තික් සාගරයේ කැරිබියන් මුහුදේ ඇන්ටිලස් දූපත් සමූහයට අයත්ව කියුබාවට නැගෙනහිරින් පිහිටා ඇති ඩොමිනිකාවට භූමියෙන් සම්බන්ධ වුණු ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති දූපත් රාජ්‍යයක් ලෙස හයිටි රාජ්‍යය හඳුන්වාදිය හැක. මෙහි භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 27,750 ක. මිලියන 11 පමණ ජනතාවක් හයිටි රාජ්‍යයේ වෙසෙති. හයිටියේ ස්වදේශික ජනතාව හඳුන්වනු ලබන්නේ ටයිනෝ නමි. මෙහි 95%ක ජනතාව කළු ජාතිකයන්ය. 5% ක සුදු හා මුලාටෝ ජාතිකයන්ය. රටේ බහුතර ජනතාව කතෝලික ආගම අදහනු ලබයි.

හයිටිය යනු මේවනවිට බලවත් ලෙස දරිද්‍රතාවයෙන් මිරිකී සිටින රාජ්‍යයකි. මෙම රාජ්‍යය අද ​ලෝකය හඳුන්වනු ලබන්නේ ලොව ජීවත්වනු තබා සංචාරය කිරීමටත් සුදුසු නැති රාජ්‍යයන් අතරින් එකක් ලෙසය සශ්‍රීක රාජ්‍යයක් වූ මෙම රටට මෙවන් විපතක් සිදුවූයේ එහි සිටි අදූරදර්ශී පාලකයන්ගේ අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාය.

හයිටි රාජ්‍යය පිළිබඳව පළමු වාර්තාව හමුවන්නේ 1492 වර්ෂය පමණ ඈත වකවානුවකය. ලෝක ප්‍රකට දේශ ගවේෂකයෙකු වන ක්‍රිස්ටෝපර් කොලොම්බස් සිය දේශ සංචාරවල දී හයිටි රාජ්‍යයට ගොඩ බැස ඇත. ඔහු මෙහි ගොඩබැස්ස පසු සිතා සිටින්නේ ඔහු ගොඩ බැස සිටින්නේ ඉන්දියාවට හෝ චීනයට බවය. ඔහු මෙම රාජ්‍යය ස්පාඤ්ඤ අධිරාජ්‍යයාගේ නමින් නම් කරන ලදී. 17 වැනි සියවස තෙක්ම මෙම රාජ්‍යය ස්පාඤ්ඤ අධිරාජ්‍යයට අයත්ව පැවැතුනි. ස්පාඤ්ඤ පාලකයන් කැරිබියන් දූපත් ආශ්‍රිතව විශාල ජනසංහාරයක් සිදුකළ අතර ස්වදේශිකයන් මිලියන ගණනක් එහි දී විනාශ විය.

අවසානයේ එහි ඉතිරිවූයේ සැඟව සිටින කණ්ඩායම් කිහිපයක් පමණය. 17 වැනි සියවසේ මුල් භාගයේ ප්‍රංශ ජාතිකයන් මෙම දිවයිනට ගොඩබැස ඇති අතර ඔවුන් එහි කොටසක් සිය භාරයට නතුකරගෙන ඇත. හයිටි භූමිය ලෙස සැලකෙන්නේ ඔවුන් එසේ අල්ලාගත් ප්‍රදේශයයි. 1756 සිට 1763 කාලයේ ප්‍රංශය කැරිබියන් කලාපයේ ස්පාඤ්ඤය භාරයේ තිබූ දූපත් අල්ලා ගැනීම සඳහා දැවැන්ත සටනක් දියත් කළේය. මේ වකවානුවේ ප්‍රංශය විසින් හයිටිය සම්පූර්ණයෙන් තම භාරයට ගන්නා ලදී. එය එතෙක් පැවැතුනේ ස්පාඤ්ඤ කොලනියක් ලෙසය. ඉන්පසුව එය ප්‍රංශ කොලනියක් බවට පත්විය. සීනි සහ කෝපි නිෂ්පාදනය සඳහා සරුසාර භූමියක් ලෙස හඳුනාගත් ප්‍රංශ ජාතිකයින් එහි වගාබිම් ආරම්භ කිරීමට පටන් ගත්තේය.

 මෙම වකවානුවේ හයිටි රාජ්‍යය කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හඳුන්වන ලදී ! 

ප්‍රංශ පාලකයන් තම වගාබිම් සඳහා කම්කරුවන් ලෙස ඔවුන් අල්ලාගත් අප්‍රිකානු රාජ්‍යවලින් වහලුන් හයිටිය වෙත ගෙන එන ලදී. එම ප්‍රමාණය 790,000 කට ආසන්න බව සඳහන් වේ. මෙම වහලුන් ඉතා අඩු පහසුකම් යටතේ විශාල දුක් කන්දරාවක් විඳිමින් ප්‍රංශ වතු ඉඩම්වල වැඩ කටයුතු කළත් පසුව ප්‍රංශ පාලනයට එරෙහිවී ප්‍රංශ පාලකයන්ට පහරදී ඔවුන්ගේ නිදහස වෙනුවෙන් සටන් කර ඇත. 1792 වර්ෂයේ දී මෙම නැඟිටීම සිදුවී ඇත. මෙම නිදහස් අරගලයෙන් වහලුන් ලෙස සිටි අප්‍රිකානුවන් බොහෝ දෙනෙක් මියගොස් ඇත. එමෙන්ම ප්‍රංශ ආක්‍රමණිකයන්ටත් විශාල හානියක් සිදුවී ඇත. මෙහි වඩාත්ම වැදගත් කාරණය වන්නේ මෙම සටන්වලට නායකත්වය ලබා දුන්නේ වහලෙක් ලෙස සිට පසුව ප්‍රංශ හමුදාවට එක්ව නිලතල පවා හෙබවූ Toussaint Louverture හමුදා නායකයා වීමයි. මේ අනුව ස්වදේශිකයන් හා අප්‍රිකානු වහලුන් එක්ව හයිටිය නිදහස් කරගැනීමට සමත්වූ අතර විප්ලවයක් මගින් ආක්‍රමණිකයින් පලවා හැර වහලුන් රාජ්‍ය බල ලබාගත් පළමු රට බවට ඉතිහාසයේ රන් අකුරින් සිය නම සටහන් කර ගැනීමට හයිටිය සමත්විය.

මේ අතර 1798 හා 1799 වකවානුවේ ප්‍රංශ විප්ලවය පටන් ගත්තේය. එහිදී ප්‍රංශයේ රදල පාලනය බිඳ දමමින් නැපෝලියන් බොනපාට් රාජ්‍ය බලය අත්පත් කරගන්නා ලදී. මෙම අවස්ථාවේ නැපෝලියන් වහලුන් සම්බන්ධයෙන් හා වහල්භාවය කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇතැයි වහල් ජනතාව බලාපොරොත්තු වුවත් ඔහු සිදුකළේත් හයිටිය ඇතුළු ප්‍රංශ ආධිපත්‍යයෙන් මිදුණු කැරිබියානු රාජ්‍යය නැවත අල්ලා ගැනීම සඳහා සිය හමුදා යොමුකර ලීමයි. මෙම හමුදා සහ හයිටි ජනතාව අතර නැවත ගැටුම් ඇතිවූ අතර මෙම ගැටුම් ඉතා ම්ලේච්ඡ ස්වභාවයක් ගන්නා ලදී. ප්‍රංශ හමුදා සිරකරුවන් ලෙස අල්ලාගත් හයිටි සිරකරුවන් පණපිටින් වැළලූ බවද සඳහන් වේ. කෙසේ නමුත් 1803 නොවැම්බර් මාසයේදී ප්‍රංශ හමුදාව සම්පූර්ණයෙන් විනාශ කර හයිටියට නැවතත් නිදහස උදාකර ගැනීමට හයිටි ජනතාව සමත් වූහ. හයිටිය 1804 දී ආක්‍රමණිකයන්ගෙන් රාජ්‍ය නිදහස් කරගත් වර්ෂය ලෙස සඳහන් වේ. 1825 අප්‍රේල් 17 දින හයිටිය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.

මෙතැන් පටන් හයිටිය ස්වදේශික පාලකයන් යටතේ පාලනය වූ අතර මෙම වකවානුවේ හයිටි රාජ්‍යය විශාල දියුණුවකට පත්විය. එමෙන්ම ජනජීවිතය ඉතාමත් ඉහළ මට්ටමකට පත්විය. එම වකවානුවේ හයිටිය සීනි හා රම් නිශ්පාදනය අතින් ඉහළ මට්ටමකට පත්විය. 1911 වකවානුව ව තෙක් හයිටිය ජාත්‍යන්තරය සම්බන්ධකර ගනිමින් ඉතාමත් ශක්තිමත් රාජ්‍යයක් ලෙස පැවැතුණි. ජනතාවට යහමින් මිල මුදල් තිබුණු අතර හයිටියට වහලුන් ලෙස පැමිණි අප්‍රිකානුවන් මෙන්ම ස්වදේශිකයින් ද වෙළෙඳ නාවිකයන් බවට පත්වෙමින් ලොව පුරා සිය නිෂ්පාදන බෙදා හැරීමේ කටයුතුවල යෙදී සිටියහ.

මෙසේ දියුණු රාජ්‍යයක් ලෙස පැවැති හයිටියට අඳුරු සෙවණැලි වැටීමට පටන් ගනු ලැබුවේ මෙම අවදියේය. සෑම රාජ්‍ය නායකත්වයකම අඩුපාඩු තිබෙනවා මෙන්ම හයිටි පාලකයන්ගේත් අඩුපාඩු රැසක් තිබුණි. රටේ ආර්ථිකයෙන් 80% පමණ 200 ක් තරම් වූ කුඩා ජර්මානු පවුල් අතර බෙදී තිබීම ඉන් ප්‍රධානතම කාරණාවක් විය. මේ අතර ආණ්ඩු බලය ලබා ගැනීමට විවිධ කණ්ඩායම් විවිධ ආකාරයේ කුමන්ත්‍රණ සිදුකරනු ලැබීම හේතුවෙන් 1911 සිට 1915 දක්වා කාලය තුළ ජනාධිපතිවරුන් 6 දෙනෙකු පත්කර ගැනීමට හයිටි ජනතාවට සිදුවිය. මෙම සිදුවීම් පසුපස සිට අදිසි හස්තය වූයේ ඇමරිකා එක්සත් ජනපදයයි.

හයිටියේ පරිහානිය ක්‍රමයෙන් ආරම්භ වූයේ මෙම ඇමරිකන් අතපෙවීම් සමගය. එක්සත් ජනපදයේ අදිසි හස්තය හයිටි පාලනයට විවිධ බලපෑම් කිරීම දිගින් දිගටම සිදකළ අතර හයිටිය යනු ඉල්ලමක් බව ඔවුහු වටහාගෙන සිටියහ.

මේ අතර 1957 සිට 1986 දක්වා කාලයේ දී මෙම රාජ්‍යය ‘‘පපා ඩොක්’’ සහ ‘‘බේබි ඩොක්’’ නම් නාමයන්වලින් හඳුන්වන ඩුව්ලියර් නම් පවුලේ ආඥාදායක පිය පුතු යුවලක් විසින් පාලනය කළ අතර, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ඔවුන් ඇමරිකන් ගැත්තන් වීම හේතුවෙන් රටේ අර්බුද තව තවත් වැඩි විය.

රටේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කරමින් ඔවුන් ඇමරිකානුවන්ට හයිටිය තුළ ඇති සම්පත් කොල්ලකෑමට මාර්ගය සාදා දුන්නේ හයිටි ජනතාවට නැවත කල්ප කාලාන්තරයකට බේරාගත නොහැකි ශාපයකට ගොදුරු කරමිනි. දිනෙන් දින රට පරිහානියට පත් වූ රාජ්‍යය ගොඩ ගැනීමට නොහැකිව හයිටිය ලෝකයටම විශාල ණයකාරයෙක් වූයේ මෙම වකවානුවේදීය. මෙම නායකත්වය පැමිණි පසු සෑම නායකයෙක්ම ඇමරිකානු ගැත්තෙක් වුණු අතර ඇමරිකාව හයිටියේ පාලන තන්ත්‍රය පූර්ණ ලෙස තම ග්‍රහණයට නතු කරගන්නා ලදී. එක්සත් ජනපදයට හයිටිය මෙතරම් වටිනා රාජ්‍යයක් බවට පත්වුණ තවත් හේතුවක් විය.

ඒ හයිටිය සතුව තිබූ ටයිටේනියම් නිධිය. 

එමෙන්ම ඉතාමත් සශ්‍රීක භූමියක් වූ හයිටිය වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 13 ක් වටිනා ඛනිජ නිස්සාරණය කරනු ලැබීය. කැල්සියම් කාබනේට්, තඹ, රත්‍රන්, බොක්සයිට් හා කිරිගරුඬ හයිටි පොළොවේ බහුලව ඇත.

ඇමරිකාව මුලින්ම හයිටිය ආක්‍රමණය කරනු ලබන්නේ 1991 වර්ෂයේදීය. ඒ එවකට හයිටියේ සිටි සන්නද්ධ හමුදාපති ජින් බර්ට්‍රන් ඇරිස්ටයිඩ් බලයෙන් පහකිරීමට මැදිහත්වූ අවස්ථාවේදීය. ඇමරිකාව සිය ත්‍රිවිධ හමුදාව මෙන්ම වෙරළ ආරක්ෂක හමුදාව පවා හයිටියට ඇතුල් කරනු ලැබීය.

මෙම අරගලය අතරතුර හයිටි සාමාන්‍ය වැසියන් 300 කට අධික පිරිසක් මියගිය අතර ඇමරිකාව හයිටිය හඳුන්වාදෙනු ලැබුවේ මානව හිමිකම් කඩවන දූෂිත රාජ්‍යයක් ලෙසය. 

නැවත ඇමරිකාව තමන්ට හිතැති නායකයන් හයිටියේ පාලන තන්ත්‍රයට ඇතුළත් කළ අතර එහි බලපෑම් කොතරම් දරුණුවීද යත් 2001 වසරේ ජනතා ඡන්දයෙන් නැවත බලයට පැමිණි ඇරිස්ටයිඩ්ව ධුරයෙන් ඉවත් කිරීමට පවා ඇමරිකාව මැදහත්විය. (ලංකාවේ අරගලයෙන් සිදු වුනා සේ ) ඇමරිකානු එක්සත් ජනපදයේ රූකඩ බවට පත්වුන හයිටියේ පාලකයන්ට ලෝක බැංකුවෙන් හා අයි.එම්.එෆ්. සංවිධානයෙන් දිගින් දිගටම ණය ලබාදුන් අතර ඇමරිකාව එයට මැදිහත් විය.

හයිටියේ විශාලම ණය හිමිකරුවා වන ඇමරිකාව හයිටියට ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න ප්‍රමාණයක ණය ප්‍රමාණයක් මේවනවිට ලබාදී තිබෙන බව සඳහන්ය. ඇමරිකාව මෙලෙස ගරාවැටෙන රාජ්‍යයකට අනුකම්පාව දැක්වීම ගෝලීය වශයෙන් වඩාත් කතාබහට ලක්වූ අතර ඔවුන් හයිටිය ක්‍රමයෙන් සූරා කනබවට ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම චෝදනා කරනු ලැබීය. මෙහි සැබෑ ස්වරූපය දැක ගැනීමට හැකිවූයේ 2004 වර්ෂයේය.

ඇමරිකාව හයිටියේ ඛනිජ නිධිවල මෙහෙයුම් කටයුතුවලට ඍජුව මැදිහත් වීමට සූදානම් වූ නමුත් හයිටි ජනතාව වරක් එයට විරුද්ධ විය. මේ නිසාම එම සැලැස්ම හකුලාගත් ඇමරිකාව ඊට වඩා සූක්ෂම ලෙස හයිටියට සේන්දුවීමට මාන බැලීය. ශ්‍රී ලංකාවට ඇමරිකාව ලබාදීමට සැරසුණු MCC ගිවිසුම හා සමාන සැලැස්මක් හයිටියට ඔවුන් ප්‍රදානය කළේ ඒ අනුවය. මේ හරහා ඔවුන් හයිටියේ ආර්ථික, සාමාජීය, දේශපාලන මෙන්ම නීතිමය කාරණා සඳහාද ආධාර ලබාදුන් අතර නව සංස්කෘතියක් ගොඩනැගීම තුළින් තාරුණ්‍ය නව්‍යකරණයකට ලක් කිරිමට ඔවුන් සැලැස්මක් ගෙන එනු ලැබීය. එයට තම ඉත්තන් වූ හයිටියේ පාලකයන් සූක්ෂමව යොදාගත් ඔවුන් හයිටියේ සංස්කෘතිය සම්පූර්ණයෙන් වෙනස් කිරීමට මැදිහත් විය.

හයිටිය පාලනය කළ අදූරදර්ශී නායකයන් මෙම ප්‍රතිපත්ති හරහා හයිටියට සිදුකළ හානිය සුළුපටු නොවේ. 

ඔවුන් කාන්තාවන්ට මත්පැන් භාවිතය සඳහා හයිටියේ තිබූ තහනම ඉවත්කරන ලදී.  

පාසල් දරුවන්ට අනිවාර්ය කර තිබූ නිල ඇඳුමද ඉවත් කළ අතර පාසල් යාම අනිවාර්ය නොවන බවට නීති වෙනස් කරනු ලැබීය. 

දුම්වැටි භාවිතය නව කලාවක් ලෙස නැත්නම් ට්‍රෙන්ඩ් එකක් බවට ප්‍රචලිත කළ ඔවුන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි මිල ගණන් විශාල වශයෙන් පහත හෙළනු ලැබීය.

රට තුළ ගණිකා නිවාස නීතිගතවූ අතර නව අධ්‍යාපනික ප්‍රතිසංස්කරණ නාමයෙන් දරුවන්ට දඬුවම් කිරීම තහනමට ලක්කිරීමට කටයුතු කරනු ලැබීය.නව නීති ගෙන ආවේය. 

වර්තමාන අප රජය කරන්නට සැරසෙන ලෙසින්ම හයිටියේද දරුවන්ට දඬුවම් කළ ගුරුවරුන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවන නීති පවා ඔවුන් නිර්මාණය කළ අතර ආර්ථීකය නගා සිටුවීමට හයිටිය තුළ කිසිසේත් කටයුතු කළේ නැත. 

මේ අතර රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටුණු අතර සීනිවලින් ස්වයං පෝෂිත දේශයක් වුණ හයිටිය ඇමරිකාවෙන් සීනි ආනයනය කරන රාජ්‍යයක් බවට අවසානයේ පත්විය. 

වසර 400 කට අධික ජනප්‍රිය ඉතිහාසය තුළ හාල් ඇටයක් පිටරටින් ආනයනය නොකළ හයිටිය අවසානයේ හාල් පවා රටින් ගෙන්වන තත්ත්වයකට පත්වෙයි. 

අදටත් එක්සත් ජනපදය සිය නිෂ්පාදන වැඩියෙන්ම අලෙවිකරන රටවල් 10 අතර හයිටිය සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර රාජ්‍ය පාලකයන් හැකි සෑම තැනකින්ම සොරකම් කළ අතර සීමිත ධනවතුන් පිරිසක් අතරේ රටේ ආදායම බෙදී යන තත්ත්වයක් ඇතිවිය.

ඔවුන් අසීමිතව ධනවත් වූ අතර රටේ ජනතාවගෙන් 82% කට ආසන්න ජනතාවක් උග්‍ර දරිද්‍රතාවයෙන් පීඩා විඳින පිරිසක් බවට පත්විය. තම නිෂ්පාදන විකුණාගත නොහැකිව ගොවීන් වස පානය කළ බව වාර්තාවේ. 

 මේ අතර රජය පාසල් දරුවන්ට ටැබ් ලබාදුන් අතර අන්තර්ජල පහසුකම් වැඩිදියුණු කරනු ලැබීය.

 ඇමරිකාව අනුග්‍රහයෙන් සිදූවූ මෙම ක්‍රියාදාමය පිටුපස ඉතා භයානක මෙහෙයුමක් ක්‍රියාත්මක විය. 

ඒ අනුව පාසැල් දරු දැරියන් අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීමට හුරුවූ අතර ලැබී ඇති අසීමිත නිදහස හමුවේ පාසල් දරුවන් ගණිකා නිවාසවලට යාම විශාල ලෙස වැඩිවිය.

අඩු වයසින් ගණිකාවන් බවට පත්වන කාන්තාවන්ගේ ප්‍රමාණය රට තුළ විශාල ලෙස ඉහළ යන ලදී. නිරුවතන් ගණිකාවන් සිටින වීදි පවා හයිටියේ නිර්මාණය විය.

 වහල් භාවයෙන් මිදීමට විශාල අරගලයක් කර ජයග්‍රහණය කර ලොව පළමු රාජ්‍ය බවට පත්වූ අභිමානවත් ඉතිහාසයක් ඇති හයිටිය එදා කැරිබියන් කලාපයේ මුතු ඇටය ලෙස හැඳින්වුවත් එය අද හඳුන්වනු ලබන්නේ ‘‘කැරිබියන් දේශයේ ගණිකා මඩම’’ ලෙසය .

එහි ස්වදෙශික සංස්කෘතිය වනසා දමා අවසන් !

මේ අතර වරින්වර ඇතිවන රාජ්‍ය විරෝධී ගැටුම් මර්දනයට ලෝක සාම සාධක හමුදාවන් හයිටයට ගෙන ඒමට බටහිර රටවල් කටයුතු කරන ලදී. ලාංකික හමුදාවත් එහි සාමසාධක මෙහෙයුම් සඳහා සහභාගී විය.

අද වනවිට හයිටියේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් කඩා වැටී ඇති අතර සියලු දේ රැගෙන එනු ලබන්නේ ඇමරිකාව ඇතුළු බටහිර රටවලින්ය.

දරිද්‍රතාවයේ උච්චතම මට්ටමත් පසුකර ඇති ඔවුන්ගේ සමස්ත ජනගහනයෙන් 65% ක් දිනකට ඩොලර් දෙකකට වඩා අඩු ආදායම් උපයන්නන් බවට පත්වී ඇත. මන්දපෝෂණය ග්‍රාමීයව බහුලව හමුවන රෝගයක් බවට මේ වනවිට පත්ව ඇත.

ලමා අපචාර ස්ත්‍රී දූෂණ ඉතාම සුලබය .රාජ්‍ය අනුග්‍රහයක් නොලැබෙන නිසා රටපුරා වගාබිම් එකින් එක වල් වැදෙන අතර දැව සඳහා බහුලව වන විනාශ්‍ය සිදුවෙමින් පවතී. කුසට අහරක් ලබාගත නොහැකි ජනතාව මැටි, මාගරීන් සමග මිශ්‍රකර මැටි රොටී තනා ආහාරයට ගන්නා බවද වාර්තාවේ. හාල් සේරුවක් ලබා දෙන්නේ නම් ඕනෑම පුරුෂයෙක් සමග යහන්ගත​ෙවන්නට කැමැති කාන්තාවන් හයිටියේ සොයාගත හැකි බව ද විදේශ මාධ්‍ය වාර්තා කර ඇත. 

බහු ජාතික සමාගම් විසින් මෙහෙයවන පතල් නිසා අදවනවිට රටේ සමස්ත ජල ප්‍රභවයන්ගෙන 75%ක් පමණ පූර්ණ ලෙස දූෂණය වී ඈත.

අද වනවිට හයිටිය ජීවත්වීමට තබා සංචාරය කිරීමට පවා නුසුදුසු රටක් ලෙසයි හඳුන්වනු ලබන්නේ. ඉතාමක් සශ්‍රීක භූමියක්ව පැවැති මේ රාජ්‍ය අද මේ පවතින තත්ත්වයට ඇද දැමුවේ බටහිර රටවල සිට ක්‍රියාත්මකවූ බලලෝභී බළල් හස්තයන් හා ඒවායේ රූකඩ බවට පත්වූ රාජ්‍ය පාලකයන් විසින්ය. 

හයිටියේ සිටි සෑම නායකයෙකුම සිය අවශ්‍යතා සඳහා සොරකම් කළා හැර රාජ්‍ය සංවර්ධනය නොකළ බව සඳහන් වේ.

මේ වනවිට හයිටිය තුළ බටහිර අතපෙවීම්වලට එරෙහිව හඬනගන තරුණ රැල්ලක් එහි නිර්මාණය වී ඇත. එහෙත් හයිටිය ඇද වැටී ඇති තත්ත්වයෙන් ගොඩ ඒමට තව කල්ප කාලාන්තරයකටවත් නොහැකිවනු ඇතැයි විදේශ මාධ්‍යයන් වාර්තා කර සිටී.

මේ අනුව බලන කල මේ වනවිටත් ලංකාව තුළද සිදුවෙමින් පවතින්නේ හයිටිය තුළ වි​දේශ අතපෙවීම් හමුවේ සිදුවූ ක්‍රියාදාමයම දැයි සැක පහළවේ.

කොත්මලේ

රංජිත් සිසිර කුමාර සූරියආරච්චි

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.