News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප්ගේ නොවූ නොබෙල් ත්‍යාගය: ඔස්ලෝ, සාමකාමියෙකු වෙනුවට වෙනිසියුලානු කැරලිකරුවෙකු තෝරා ගත්තේ ඇයි?

Oct 11, 2025 at 04:52 PM
|

2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂයේ ප්‍රමුඛතම මුහුණුවලින් එකක් වන මාරියා කොරිනා මචාඩෝට හිමි වී තිබේ. නොබෙල් සාම කමිටුවේ භාෂාව සුපුරුදු පරිදි "අයිතිවාසිකම්," "සාමකාමී සංක්‍රාන්තිය" වන නමුත් එහි පිටුපස ඇති කතාව එසේ නොවේ. මචාඩෝගේ සමාජ ක්‍රියාදරයෙකු ලෙස සැබෑ සමාජ අවකාශයේ පවතින වාර්තාව ස්වේච්ඡා මැතිවරණ ජාල විදේශීය අරමුදල් සම්බන්ධයෙන් දිගුකාලීන සටන් සමඟ මිශ්‍රව පවතී; රජය බලයෙන් පහ කිරීමට ගත් උත්සාහයන් හා සම්බන්ධ නඩු වලදී ඇගේ නම මතු වී ඇත. ඇය ප්‍රතික්ෂේප කරන චෝදනා සහ වෙනිසියුලාවේ නීත්‍යානුකූල දේශපාලනය අවසන් වී පාලන තන්ත්‍ර වෙනසක් ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් වෙනිසියුලානු සමාජය බෙදීමට ලක්ව පවතී.

මෙම සම්මානය දේශීය අරගලයක් ගෝලීය වේදිකාවකට ඔසවා එය නැවුම් සන්දර්භයකට ඇද දමනු ලැබ තිබේ: පසුගිය වසරේ වැඩි කාලයක්, "ට්‍රම්ප් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක්" පිළිබඳ කතාබහ ජගත් වාතලයේ අනුනාද වෙමින් පැවතුනි. ඒ අනුව , සාමය ඇති කිරීම වෙනුවෙන් සැලකිය යුතු දේ පිළිබඳ අදහස නැවත වරක් කැරකස් වලින් ඔබ්බට විවාදයට භාජනය වෙමින් පවතී.

වානේ රාජවංශයේ සිට දේශපාලන භූගත ජීවිතය දක්වා

මාරියා කොරිනා මචාඩෝ ඉංජිනේරුවරියක් ලෙස අධ්‍යාපන පරිචයක් ලබා ගත් තැනැත්තියක් වන අතර පසුගිය දශක දෙක තුළ වෙනිසියුලාවේ විපක්ෂයේ වඩාත්ම කැපී පෙනෙන චරිතය බවට පත් වූවාය. කැරකස් හි කාර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර සමූහයක් වන SIVENSA සමූහය හා සම්බන්ධ පවුලක උපත ලැබූ ඇය, ඇන්ඩ්‍රෙස් බෙලෝ කතෝලික විශ්ව විද්‍යාලයේ සහ පසුව වෙනිසියුලාවේ ප්‍රමුඛ කළමනාකරණ පාසල වන ඓESඇ හි අධ්‍යාපනය ලැබුවාය.ඇගේ ජීවිතයේ මුල් අවධියේදී පවුලේ ව්‍යාපාරයට මුල් තැනදී කටයුතු කළ අතර වෙළඳපොළ ධනවාදයට හිතකර අදහස් ඇගේ ජීවිත ආකෘතිය හැඩගස්වා ඇත. ඒ අනුව, ව්‍යවසායකත්වය, පෞද්ගලීකරණය සහ ගෝලීය වෙළඳපොළවල් සමඟ ඒකාබද්ධ වීම කෙරෙහි අවධාරණය කිරීම ඇගේ දේශපාලන දර්ශනය හැඩගස්සවා ඇත.

2002 දී, මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කිරීම සහ සමාන්තර ඡන්ද ගණන් කිරීම් පැවැත්වීම සඳහා ස්වේච්ඡා ජාල ගොඩනඟන ලද සිවිල් වේදිකාවක් වන Súමටෙ හි  සමාරම්භකයෙකු වූවාය.වෙනිසියුලානු ආණ්ඩුව සමඟ ඇතිවූ පළමු ප්‍රධාන මතභේදය ඇති වූයේ මෙම ක්‍රියාවලියත් සමඟය. වෙනිසියුලානු බලධාරීන් Súමටෙ සංවිධානයට එක්සත් ජනපදය පදනම් කරගත් සංවිධානවලින් අරමුදල් ලැබුණු බවට චෝදනා කළහ. එහෙත් ඇගේ ආධාරකරුවන් වෙනිසියුලානු බලධාරීන්ගේ පරකාශ වලට ප්‍රතිප්‍රකාශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මුදල් නීත්‍යානුකූල සිවිල් මුලපිරීම් සඳහා සහාය වන බවයි. එතැන් සිට, දේශපාලනයේදී ඇය ගත් සෑම පියවරක්ම බාහිර ආධාර සඳහා රේඛාව අඳින්නේ කොතැනද යන්න පිළිබඳව වන කෝනය මත පිහිටා  ගනු ලැබීය.

එම වසරේදීම වෙනිසියුලාවේ මෑත කාලීනව සිදුවූ වඩාත්ම නාටකාකාර කැලඹීම ඇති විය. එනම් ජනාධිපති හියුගෝ චාවේස්ව කෙටි වේලාවකට බලයෙන් පහ කිරීම සහ තාවකාලික රජයක් ප්‍රකාශයට පත් කළ "කාර්මෝනා ආඥාව" වෙනිසියුලානු ජනයාගේ මෙන්ම ලෝක ජනයාගේ අවධානය දිනාගත් සිද්දිදාමය සිදු වූ වසර විය. නියෝගයට සහාය දැක්වූයේ කවුරුන්ද යන්න පිළිබඳ විවාදවලදී මචාඩෝගේ නම මතු විය. එහෙත් ඇය ඇගේ දායකතවය ප්‍රතික්ෂේප කළාය. නීතිමය සහ ඓතිහාසික තර්ක කිසි විටෙකත් සම්පූර්ණයෙන් විසඳුනේ නැති නමුදු කථාංගය "පාලන තන්ත්‍ර වෙනසක්" යන අදහස සමඟ විරුද්ධවාදීන් සම්බන්ධ කරන දේශපාලනඥයෙකු ලෙස මචාඩෝගේ ප්‍රතිරූපය සවිමත් කළේය.

ඇයට සිදු වූවේ වෙනිසියුලානු ආණ්ඩුවේ දීරඝ විමර්ශන සහ දීර්ඝ සීමා කිරීම් කාලයකට මුහුණ දීමටය. 2003 සහ 2005 අතර කාලයේදී වෙනිසියුලානු නීති අංශ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් "නීති විරෝධී විදේශ අරමුදල්" ලබාගත්තේ යැයි කියනු ලබන චෝදනාව්ට ඇයව පරීක්ෂාවට භාජනය කළහ.ඒ හේතුවෙන් සංචාරක තහනම් කිරීම් වලට වරින් වර ඇය මුහුණ දුන්නාය. 2014 දී, වීදි විරෝධතා මධ්‍යයේ, මචාඩෝ රජය විවේචනය කරන ප්‍රමුඛතම හඬක් බවට ඇය පත් වූ අතර,ඇය නිල වශයෙන් ඉදිරිපත් කළ අලංකාරෝක්තිය මුශුවූ දේශන වලදී, කුමන්ත්‍රණ මෙන්ම ජනාධිපති නිකොලස් මධුරෝගේ ජීවිතයට තර්ජන එල්ල කළ බවට චෝදනා එල්ලවන අධිකරණ කටයුතු වලට මුහුණ දීමටද සිදු විය. මචාඩෝ, තමාට එල්ල වන චෝදනා දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය කරන ලද ඒවා ලෙස ප්‍රතික්ෂේප කළාය. අධිකරණ කටයුතු වල අවසාන ප්‍රතිඵලය වූයේ මහජන තනතුරු දැරීම සඳහා දීර්ඝ කාලීන තහනමක් පැනවීමයි.

US President George W Bush (R) shakes hands with Maria Corina Machado (L), Executive Director of Sumate, May 31, 2005 in the Oval Office of the White House in Washington, DC.


2010 දශකයේ මැද භාගය වන විට, මචාඩෝ ඇගේම දේශපාලන වාහකය වන   Vente Venezuela  (වෙන්සියුලාව එන්න) ගොඩ නැංවීමට කටයුතු කළාය. රාජ්‍ය නියාමනය ඉවත් කිරීම, දූෂණ විරෝධී පියවර, පෞද්ගලීකරණය සහ ආයෝජන සඳහා විවෘතභාවය සඳහා ඇය ප්‍රසිද්ධියේ පෙනීසිටියාය. මැතිවරණ සහ ජාත්‍යන්තර නිරීක්ෂණ හරහා "සාමකාමී සංක්‍රාන්තියක්" වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කළාය. විචාරකයින් මෙය බාහිර පීඩනය සාමාන්‍යකරණය කිරීමේ උත්සාහයක් ලෙස විග්‍රහ කළ නමුදු ආධාරකරුවන් පැවසුවේ තරඟකාරී නීතිවලට ආපසු යා හැකි එකම මාර්ගය එය බවයි.

ඇයගේ දේශපාලන ජීවිතයේ විශාලතම නැගීම 2023 දී සිදු වූ අතර, ඇය ප්‍රථිවාදීන් පහසුවෙන් පරාජය කර විපක්ෂයේ ප්‍රාථමික තරඟ පුළුල් පරතරයකින් යුතුව ජයග්‍රහණය කළාය. කෙසේ වෙතත්, ඇයගේ මැතිවරණ අපේක්ෂකත්වයට පනවා තිබූ තහනම එලෙසම බලාත්මකව පැවතුනු අතර ඇගේ කණ්ඩායමේ සාමාජිකයන් පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම්වලට නිරන්තරයෙන් මුහුණ දුන්හ. 2024 මුල් භාගයේදී විපක්ෂය ආදේශක අපේක්ෂකයෙකු වන වෘත්තීමය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ එඩ්මන්ඩෝ ගොන්සාලෙස් වෙත මාරු විය. ඔහුගේ අපේක්ෂකත්වය ලියාපදිංචි කිරීම තාක්ෂණික බාධාවන් මගින් විනාශ වූ අතර, මාධ්‍ය මැතිවරණයේ සාධාරණත්වය සාධරණද ප්‍රශ්න කරනු ලැබුවේය. ඡන්දය ගණන් කරන විට, වත්මන් වෙනිසියුලානු ජනාධිපති ඉදිරියෙන් රැඳී සිටියේය. එහෙත් විදේශීය රාජ්‍යන් කිහිපයක් ප්‍රතිඵලය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. වෙනිසියුලාව තුළ, පශ්චාත් මැතිවරණ සිතියම යන්තමින් චලනය විය. සමහරුන්ට අනුව මචාඩෝ පද්ධතිමය වෙනසක් මූර්තිමත් කරන්නීය. තවත් පිරිසකට , ඇය ක්‍රම විරෝධය මෙන්ම රාජ්‍ය සහ සමාජ බැඳීම් ස්ම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති පිළිගත හැකි සීමාවන් ඉක්මවා යන දේශපාලනඥයෙකි.

2024 ඡන්දයෙන් පසු, මචාඩෝ බොහෝ දුරට පොදු මහජන සිදුවීම් වලින් අතුරුදහන් විය. ඇයගේ ප්‍රකාශ වීඩියෝ හරහා නිකුත් වූ අතර, ඇය සිටින ස්ථානය හෙළි නොකිරීමට වග බලා ගත්තාය. "භූගත ජාලය" යන වාක්‍ය ඛණ්ඩය මාධ්‍ය තුළ ප්‍රචලිත විය. ආධාරකරුවන් පීඩනය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් අත් විඳේය. විරුද්ධවාදීන් තර්ක කළේ එය බලධාරීන්ට එරෙහිව වීදි මට්ටමේ උපක්‍රම සහ බාහිර බලපෑම් අඛණ්ඩව සිදු කිරීමක් බවයි.වෙනිසියුලාව තුළ ඇය කෙරෙහි මතුව තිබෙන පසුබිමට එරෙහිව, නොබෙල් සාම ත්‍යාගය මචාඩෝගේ චරිතාපදානය ජාත්‍යන්තර වේදිකාවට ඔසවා තබනවා මෙන්ම දේශපාලන අරගලයේ සීමාවන් පිළිබඳ දිගුකාලීන ජාතික තර්කයක් වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙන යනු ලබයි.

ඔස්ලෝ ඇයවම තෝරා ගත්තේ ඇයි

තම තීරණය නිවේදනය කරමින් නොබෙල් කමිටුව පැවසුවේ "වෙනිසියුලාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ වෙහෙස නොබලා කළ කාර්යය සහ ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇයගේ අරගලය වෙනුවෙන්" මාරියා කොරිනා මචාඩෝට ගෞරව කරන බවයි.

නොබෙල් කමිටුවේ භාෂාව ඉතාම හුරුපුරුදු නමුත් භූගෝලීය ස්ථානය වෙනස්ය. අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමකාමී සංක්‍රාන්තිය අන්තර්ගත වූ නමුත් සන්දර්භය එසේ නොවීය. මචාඩෝ සම්බන්ධයෙන් වන වාර්තාව  සිවිල් ක්‍රියාකාරිත්වය සහ ස්වේච්ඡා කණ්ඩායම් විදේශ අරමුදල් පිළිබඳ දිගුකාලීන ආරවුල් සමඟ මිශ්‍ර කරයි. ඇගේ නම රජය ඉවත් කිරීමට ගත් උත්සාහයන් සමඟ සම්බන්ධ වී ඇති අතර, ඇය එය ප්‍රතික්ෂේප කරන අතර, සැබෑ දේශපාලන අරගලයේ තේරුම කුමක්ද යන්න පිළිබඳව වෙනිසියුලානු සමාජය තවමත් ගැඹුරින් බෙදී තිබේ.

එම පරස්පරතා මෙම සම්මානය වෙනුවෙන් විශේෂයෙන් ආරෝපණය කරයි. වෙනිසියුලාව තුළ, ඔස්ලෝ "සාමකාමී ප්‍රතිරෝධය" ලෙස හඳුන්වන එම ක්‍රියාමාර්ග වෙනිසියුලානු නිලධාරීන් විසින් විදේශයන්ගෙන් සහාය ලබන අස්ථාවර කිරීමේ උත්සාහයන් ලෙස වර නංවා ඇත. මචාඩෝ සහ ඇගේ සහචරයින් සඳහා වෙන්කළ නොබෙල් සාම ත්‍යාගය, පීඩනය යටතේ සිදු කළ වසර ගණනාවක ක්‍රියාකාරීත්වය වලංගු භාවයට පත් කරනු ලබයි. වෙනිසියුලානු රජය පාර්ශවයෙන් ගත් කළ බටහිර ආයතන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම ලෙස වෙස්වලාගත් දේශපාලන විරුද්ධත්වයට ත්‍යාග ලබා  දෙන බවට දිගු කලක් තිස්සේ පැවති මතය සනාථ කරනු ලබයි.

මෙම තීරණය විශාල රටාවකට ද අනුගතවේ. මචාඩෝ වෙත නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීමෙන්, නොබෙල් කමිටුව වෙනිසියුලාව ගෝලීය දේශපාලන සංවාදයට ඵලදායී ලෙස නැවත හඳුන්වා දුන්නේය. බලශක්ති සැපයුම්කරුවෙකු හෝ සම්බාධක චෝදනාවක් ලෙස නොව, ලෝකය දැන් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථකථනය කරන ආකාරය පිළිබඳ පරීක්ෂණයක් ලෙස දේශපාලන සංවාදයට ලක්වේ. ඔස්ලෝ "සාමකාමී සංක්‍රාන්තියක්" ලෙස හඳුන්වන ප්‍රපංචය අනෙක් අයට පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ උපාය මාර්ගයක් ලෙස දැකිය හැකිය. එම ආතතිය මෙම වසරේ ත්‍යාගය පිරිනැමීමෙන් බලාපොරොත්තු වන "සාමය" සම්බන්ධයෙන් වන පිළිගැනීම අඩු කරන අතර එය නිර්වචනය කිරීමේ දේශපාලනය සම්බන්ධයෙන් වැඩි යමක් ඉටු කරනු ලබයි.

නොබෙල්  සාම කමිටුවේ නිවේදනය ද වසර ගණනාවක එක්සත් ජනපද-වෙනිසියුලානු සබඳතාවල වඩාත්ම ආරෝපිත මොහොතක් මධ්‍යයේ කළ එළි බැස්සේය. 2025 මුල් භාගයේ සිට, වොෂින්ටනය කැරකස් කෙරෙහි තම ස්ථාවරය දැඩි කර තිබුණි. 2023 වසරේ අත්සන් කළ බාබඩෝස් ගිවිසුම් වලින් පසු අර්ධ වශයෙන් ඉවත් කරන ලද බලශක්ති සම්බාධක නැවත පණ ගැන්වීම සහ කැරිබියන් දූපත් වල "අන්තර්ජාතික අපරාධ ජාල" කෙරෙහි නව අවධානයක් යොමු කිරීම මගින් 2025 වසර තුළ අමෙරිකානු එක්සත් ජනපදයේ වෙනිසියුලාව කෙරෙහි වන ප්‍රතිපත්තිය පැහැහ්දිළි කරනු ලැබිණි. ප්‍රායෝගිකව, එයින් අදහස් කළේ වැඩි ඒකාබද්ධ නාවික මුර සංචාර, අලුත් බුද්ධි ක්‍රියාකාරකම් සහ වෙනිසියුලාව කලාපීය මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ කරන තියුණු ස්වරයක් එල්ල කළ එහෙත් වෙනිසියුලාවට පීඩනය එල්ල කිරීම සඳහා කඩතුරාවක් ලෙස භාවිතා කරන බවට පවසා කැරකස් ප්‍රතික්ෂේප කළ චෝදනාවකි.

Opposition leader Maria Coria Machado raises her fist during a speech to supporters in a protest against the result of the presidential election on July 30, 2024 in Caracas, Venezuela.


ඒ සමඟම, සීමිත මැදිහත්වීමේ බයිඩන් යුගයේ ප්‍රවේශය ට්‍රම්ප්ගේ දෙවන පරිපාලනය යටතේ වඩාත් ස්ථිරසාර රේඛාවකට ප්‍රවේශයකට අවතීර්ණ වී තිබුණි. නව ධවල මන්දිර පාලනය එහි උපාය මාර්ගය "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක්" සහ කලාපීය ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තල්ලුවක් ලෙස වැඩි දියුණු කළේය. මෙම ප්‍රවේශය වෙනිසියුලාවේ සහ ලතින් ඇමරිකාව පුරා, බොහෝ දෙනෙක් සැලකුවේ රුසියාව, චීනය සහ ඉරානය සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වූ කලාපයක එක්සත් ජනපද බලපෑම නැවත තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස ය.

සැලකිය යුතු ලෙස, මාරියා කොරිනා මචාඩෝ ප්‍රසිද්ධියේ වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීමට වොෂින්ටනය ගත් තීරණයට සහාය පළ කළේය. ඇගේ ප්‍රකාශය පුළුල් අවධානයක් දිනා ගත් අතර, එය එක්සත් ජනපද පරිපාලනයේ දැඩි කලාපීය ප්‍රතිපත්තිය සමඟ ඇගේ ස්ථාවරය පෙළගස්වා ඇති අතර දේශීය විරුද්ධත්වය සහ විදේශ උපාය මාර්ගය අතර සීමාව බොඳ කර ඇත.

එම පසුබිමට එරෙහිව, මැචාඩෝ සඳහා නොබෙල් ත්‍යාගය අමතර අර්ථයක් ගෙන දුන්නේය. බටහිර අගනගර සඳහා, එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල භාෂාව සමඟ පෙළගැසී ඇති විරුද්ධවාදියෙකුට සදාචාරාත්මක පිළිගැනීමක් ලෙස පෙනුනි. කැරකස්, එය දේශපාලන සංඥාවක් ලෙස සලකනු ලැබූවේ, වොෂින්ටනයේ පීඩනය දැනටමත් වැඩිවෙමින් පවතින අවස්ථාවක විපක්ෂයට සහාය දැක්වීමේ ඉඟියක් ලෙසය.

පලා ගිය නොබෙල් ත්‍යාගය 

වසරේ වැඩි කාලයක්, වොෂින්ටනය "ට්‍රම්ප් සඳහා නොබෙල් සාම ත්‍යාගය" පිළිබඳ කතාවලින් පිරී ගියේය. ට්‍රම්ප්ද  ඔහුගේ අභිලාෂය සඟවා ගත්තේ නැත. ඔහුට සාමය ඇති කරන්නෙකු ලෙස ඉතිහාසගත වීමේ අවශ්‍යතාවයක් විය. ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු, ඔහු විදේශ ප්‍රතිපත්තිය ඔහුගේ දෙවන ධූර කාලයෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කළේය. ගෝලීය ගැටුම් සමනය කිරීම සහ විදේශයන්හි නව ඇමරිකානු පැවැත්මක් ප්‍රක්ෂේපණය කිරීම අරමුණු කරගත් මුලපිරීම් රාශියක් දියත් කළේය.

ආධාරකරුවන් ඔහුව වාර්තාගත නූතන නායකයින් කිහිප දෙනෙකුට ගැලැප්පීමට කටයුතු කළේය. ඔහුගේ පළමු ධූර කාලය තුළ අත්සන් කරන ලද ඒබ්‍රහම් ගිවිසුම්, ඊශ්‍රායලයේ අසල්වැසියන් සමඟ සබඳතා නැවත අර්ථ දක්වා තිබුණි. එලෙසම 2024 දී කොන්ග්‍රස් කාන්තාවක වන ක්ලෝඩියා ටෙනී විසින් ට්‍රම්ප්ගේ නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා පදනම ලෙස ඒවා ඉදිරිපත් කළේය.

2025 අග භාගය වන විට, ට්‍රම්ප්ගේ කණ්ඩායම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැටුම් නැවැත්වීමට හෝ අඩු කිරීමට උපකාරී වූ අවස්ථා හතක් ලැයිස්තුගත කළේය.ඒවා නම්, මාරාන්තික දේශසීමා ගැටුම්වලින් පසු වොෂින්ටනය සටන් විරාමයක් සඳහා බලපෑම් කළ කාම්බෝජය සහ තායිලන්තය; 2020 ආර්ථික සාමාන්‍යකරණ ගිවිසුම සමඟ කොසෝවෝ සහ සර්බියාව; ඇමරිකානු සහ කටාර් මැදිහත්වීම මත බිඳෙනසුලු සටන් විරාමයක් ඇති කළ කොංගෝ සහ රුවන්ඩාව;

කාශ්මීරයේ සති ගණනක කාලතුවක්කු වෙඩි තබා ගැනීමකින් පසු ඉන්දියාව සහ පකිස්ථානය; ඉරාන න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට ඇමරිකානු සහාය ඇතිව කළ ප්‍රහාරවලින් පසුව සටන් විරාමයකින් අවසන් වූ දින 12 ක ගැටුමකින් පසු ඊශ්‍රායලය සහ ඉරානය; නැවත වරක් වොෂින්ටනය මැදිහත් වීමේ භූමිකාවක් දුටු නයිල් වේලි ආරවුල සම්බන්ධයෙන් ඊජිප්තුව සහ ඉතියෝපියාව; සහ ධවල මන්දිරයේදී එක්සත් ජනපද තැරැව්කාර සාම ප්‍රකාශයකට අත්සන් කළ නායකයින් වන ආර්මේනියාව සහ අසර්බයිජානය.

මෙම උත්සාහයන්ගෙන් සමහරක් තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. අනෙක් ඒවා දැනටමත් කලාපීය ගතිකත්වය නැවත හැඩගස්වා ඇත. නමුත් එක්ව, දුරස්ථ කළමනාකරණය ප්‍රායෝගිකව මැදිහත් වීමෙන් ප්‍රතිස්ථාපනය කිරීමට පරිපාලනයේ පුළුල් තල්ලුව පිළිබිඹු කරන්නේ ගනුදෙනු මගින් රාජ්‍ය තාන්ත්‍රිකභාවය කළමනාකරණ්ය වෙත නැවත පැමිණීමය.

කෙසේ වෙතත්, ක්‍රියා පටිපාටිමය වශයෙන්, ට්‍රම්ප්ට හිමි වන අවස්ථා වැහැරී යන්නට විය. නොබෙල් ත්‍යාගයේ අවසාන දිනය ජනවාරි 31 වන දිනට යෙදී තිබූ අතර, ඔහුගේ පදවි ප්‍රාප්තියට දින එකොළහකට පසුව, වෙනත් වචන වලින් පවසන්නේ නම් ඔහුගේ 2025 ජයග්‍රහණ බොහොමයක් තාක්ෂණික වශයෙන් නුසුදුසු ඒවා විය.කෙසේ වුවද, ඔහුගේ ආධාරකරුවන් - සමහර ලෝක නායකයින් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් ඇතුළුව සමහර පිරිස් ඔහුගේ නාමයෝජනාවට සහාය දුන් අතර, නොබෙල් කමිටුව අවසානයේ "යුද්ධ නැවැත්වූ" බව පැවසූ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුට ගෞරව කරනු ඇතැයි යන කතිකාවක් ඇති කළේය.

නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ නිවේදනය අවසානයේ නිකුත් කළ්ස් විට, වොෂින්ටනයේ ප්‍රතිචාරය ඉක්මනින් ප්‍රතිචාර දැක්වීය. පළමු නිල ප්‍රතිචාරය නිකුත් වූයේ ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් ගෙනි, ඔහු X හි මෙසේ ලිවීය:

"ජනාධිපති ට්‍රම්ප් සාම ගිවිසුම් ඇති කර ගැනීම, යුද්ධ අවසන් කිරීම සහ ජීවිත බේරා ගැනීම දිගටම කරගෙන යනු ඇත. නොබෙල් කමිටුව ඔප්පු කළේ ඔවුන් සාමයට වඩා දේශපාලනයට බර තබන බවයි."

ප්‍රකාශය ට්‍රම්ප් පරිපාලනය තුළ වන මනෝභාවය ග්‍රහණය කර ගත්තේය: බලාපොරොත්තු සුන්වීම සහ අධිෂ්ඨානය මිශ්‍ර වූ අතර, සම්මානය සංයුක්ත ප්‍රතිඵල හඳුනා ගැනීමට වඩා දේශපාලන පණිවිඩයක් යැවීමට අදහස් කළ බවට වන හැඟීම ඔවුන් තුළ වන බව පෙන්වීය.

ටජිකිස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී නොබෙල් කමිටුවේ තීරණය සම්බන්ධයෙන් විමසූ විට, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වඩාත් ගැඹුරු දෘෂ්ටියක් මත පිහිටා පිළිතුරු දුන්නේය.

නොබෙල් කමිටුව මීට පෙර "සාමය සඳහා කිසිවක් නොකළ" පුද්ගලයින්ට සාම ත්‍යාගය ලබා දී ඇති බව පුටින් අවධාරණය කළේය. එය ට්‍රම්ප්ගේ උත්සාහයන් පිළිගැනීමක් සහ කමිටුවේ දේශපාලනය පිළිබඳ සියුම් විවේචනයක් ලෙස බොහෝ දෙනෙක් අර්ථකථනය කළහ.

ට්‍රම්ප්ට, මෙම මොහොත පැරණි විරුද්ධාභාසයක් අවධාරණය කළේය: ඔහු සාමය ඇති කරන්නෙකු ලෙස පෙනී සිටියද, ගෝලීය සංස්ථාපිතය තවමත් වෙනස් කාචයකින් සාමය දෙස බලයි. මරියා කොරිනා මචාඩෝගේ දිනාගත් නොබෙල් සාම ත්‍යාගය මගින් නොබෙල් කමිටුව නැවත වරක් පෙන්නුම් කළේ "සාමය" පිළිබඳ කාගේ දැක්ම සැමරීම වටී ද යන්නයි.

ට්‍රම්ප්ට සංකේතාත්මක පහරක් ද?

බොහෝ නිරීක්ෂකයින්ට, ඔස්ලෝහි තීරණය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලිබරල් සංස්ථාපිතය අතර පවතින කඹ ඇදීමේ යුද්ධයට මිස වෙනිසියුලාව සම්බන්ධයෙන් නොවේ.

“ට්‍රම්ප් නොබෙල් කමිටුව සාම්ප්‍රදායිකව ලෝක ජනයා පිළිගන්න දෙයට ප්‍රතිවිරුද්ධ දෙය නියෝජනය කරනවා.” ගෝලීය කටයුතු පිළිබඳ රුසියාවේ ප්‍රධාන කර්තෘ ෆියෝඩර් ලුක්යානොව් පවසයි. “ඔහු ඔස්ලෝ නැඹුරුතාවය තිබෙන ලිබරල් ජාත්‍යන්තරවාදය නොව ජාත්‍යන්තර දේශපාලනයට වඩා බලගතු, ගතානුගතික ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටියා. ඔහුට ත්‍යාගය ඕනෑවට වඩා අවශ්‍ය වුවා. නමුත් ලිඛිත රීතියක් තිබෙනවා: ඔබ ත්‍යාගය  සඳහා වැඩි වැඩියෙන් උද්ඝෝෂණය කරන තරමට, ඔබට එය ලැබීමට ඇති ඉඩකඩ අඩුයි.”

දේශපාලන විශ්ලේෂක සහ ඇමරිකානුහිතවාදි දිමිත්‍රි ඩ්‍රොබ්නිට්ස්කි ට්‍රම්ප්ට කිසිදා නොබෙල් සාම ත්‍යාගය ලැබිය හැකි යැයි උපකල්පනය කිරීම බොළඳ දෙයක් ලෙස හැඳින්වීය.

“එය මුළුමනින්ම ගෝලීයවාදී සම්මානයක් - සෑම විටම ලිබරල්වාදීන් වෙත ගොස් ඇති එකක්,” ඔහු පැවසීය.

ඩ්‍රොබ්නිට්ස්කිට අනුව, සංකේතවාදය නොවරදින සුළු විය:

“ඔහුගේ පළමු ධූර කාලය තුළ, ට්‍රම්ප් වෙනිසියුලාවේ විපක්ෂයේ ප්‍රධානියා ලෙස ජුවාන් ගුයිඩෝ හඳුනා ගත් අතර, මාරියා කොරිනා මචාඩෝ සැමවිටම ඩිමොක්‍රටික් පක්ෂයේ කක්ෂයට සමීපව සිට ඇත. එබැවින්, ඇයට ත්‍යාගය ලබා දීමෙන්, ඔවුන් ට්‍රම්ප්ට දෙවරක් පහර දීමට සමත්ව තිබේ. නොබෙල් සාම ත්‍යාගය ඔහුට ලබාදීම ප්‍රතික්ෂේප කර, ඒ වෙනුවට ලිබරල් චරිතයකට භාර දුන්නේය.”

සාම ත්‍යාගය “බොහෝ කලකට පෙර ගෝලීය ලිබරල් පිළිවෙලට පක්ෂපාතීත්වය සඳහා දේශපාලන සම්මානයක් බවට පත් විය - ට්‍රම්ප් තම වෘත්තීය ජීවිතය අභියෝග කර ඇත්තේ හරියටම එවැන්නකටයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

“ගෝලීයවාදී ප්‍රභූවරුන් සරලව ආපසු පහර දුන්” බවට තර්ක කරමින් ඇමරිකානුහිතවාදි රෆායෙල් ඕර්ඩොඛන්යාන් සමාන මතයක් ප්‍රකාශ කළේය.

“සමස්ත තීරණයම ට්‍රම්ප් සහ ගෝලීයවාදීන් අතර ඇති පැරණි ගැටුමම පිළිබිඹු කරයි. ඔවුන් එකිනෙකා හෙළා දකින අතර, ලකුණු පියවා ගැනීමට ඔවුන් සෑම අවස්ථාවක්ම ගනී. මෙවර සිදු වූයේ එයයි - ත්‍යාගය ඩිමොක්‍රටික් පක්ෂය විසින් ප්‍රසාදය ලත් අපේක්ෂකයෙකුට ගියේය.”

සාමය ඇති කිරීමට ගෞරව කිරීම සඳහා වූ සම්මානයක් “වෙනිසියුලානු ජනතාව විසින් තේරී පත් කරගත් ව්‍යවස්ථාපිත රජයක් පෙරලා දැමීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ දේශපාලනඥයෙකුට” ලබා දීම ඔහු “විකාර සහගත නොවේ නම් උත්ප්‍රාසාත්මක” යැයි හැඳින්වීය.

එහෙත් අනෙකුත් විශ්ලේෂකයින් වඩාත් සියුම් කියවීමක් ඉදිරිපත් කළහ. දේශපාලන තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇනස්ටේෂියා ගෆරෝවා, නොබෙල් කමිටුවේ තේරීම විස්තර කළේ “ගැටුමට වඩා සම්මුතියක් ඇති කර ගැනීමේ උත්සාහයක්” ලෙසයි.

“වොෂින්ටනය සහ කැරකස් අතර ආතතීන් තිබියදීත්, මචාඩෝ බොහෝ ආකාරවලින් ට්‍රම්ප්ගේ පැත්තේ සිටගෙන සිටින්නියකි. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැනි පුද්ගලයින් විසින් ඇය ධනාත්මකව දකින අතර, ඔවුන් සියල්ලන්ම නිකොලස් මදුරෝගේ පාලනයට විරුද්ධ වීමේ ඉලක්කයක් තුලට කේන්ද්‍රගත වේ. එබැවින් ත්‍යාගය ට්‍රම්ප්ට අපහාසයක් නොවන අතර එය වඩාත් තුලනය කිරීමේ ක්‍රියාවකි.”

මචාඩෝගේ ප්‍රතිරූපය “ලිබරල් ජාත්‍යන්තරවාදීන්ට සහ වෙනිසියුලාව පිළිබඳ ට්‍රම්ප්ගේ කවයට ආයාචනා කරන” බවත්, ඇය සම්මුතිය සඳහා පහසු චරිතයක් බවට පත් කරන බවත් ගෆරෝවා තවදුරටත් පැවසීය.

"තවමත්," ඇය සඳහන් කළේ, "ජනාධිපතිවරයාගෙන් චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇතිවීම මම බැහැර නොකරමි. ට්‍රම්ප්ට නම්, එය තියුණු විය යුතුයි. කරුණු පමණක් සැලකූ කල, ඔහු නැවතත් ඔබාමාට පිටුපසින් සිටී."

‘සාමය’ යන්නෙහි වර්හ්ටමාන තේරුම කුමක්ද? 

නොබෙල් කමිටුව සඳහා, මාරියා කොරිනා මචාඩෝගේ නම ඒකාධිපති පද්ධතිවලට අභියෝග කළ ක්‍රියාකාරීන් සහ ප්‍රතිසංස්කරණවාදීන්ගේ නම් අසලින් තැබීමට ඉඩකඩ තිබේ. කෙසේ වෙතත්, වොෂින්ටනය සහ කැරකස් සඳහා, ඇගේ සම්මානයේ අර්ථය එම රාමුවෙන් ඔබ්බට දිව යයි.

ඇගේ ආධාරකරුවන්ට, එය ඇගේ ක්‍රියාවන් වලංගු කිරීමක් වෙයි. එලෙසම වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අවසානයේ ජාත්‍යන්තර තෙහෙට්ටුවේ මීදුම බිඳ දමා ඇති බවට ලකුණකි. ඇගේ විවේචකයින්ට, එය බටහිර ආයතන මානව හිමිකම් ධජය යටතේ දේශපාලන පෙළගැස්මට ප්‍රතිලාභ ලබා දෙන බවට තවත් උදාහරණයකි. කියවීම් දෙකම එකවර සත්‍ය විය හැකිය.

ට්‍රම්ප්ගේ සෙවනැල්ල තවමත් කතාව පුරා පැතිර පවතී. “සාම සාදන්නා” යන මාතෘකාවට ඔහු හිමිකම් පෑම සාම ත්‍යාගයම දේශපාලන කැඩපතක් බවට පත් කර ඇත: සාමය නිර්වචනය කළ යුත්තේ කාටද සහ කාගේ කොන්දේසි මතද යන්න පිළිබිඹු කිරීමකි.

ෆියෝඩර් ලුකියානොව්ට අනුව, ට්‍රම්ප්ගේ අපේක්ෂාවන් සදහටම නැති වී යා නොහැක: “දොර සම්පූර්ණයෙන්ම වසා නැත. ඔහුගේ සැබෑ හෝ ප්‍රකාශිත ජයග්‍රහණ සඳහා, ලබන වසරේ ඔහුව නැවත නම් කළ හැකි අතර, නොබෙල් කමිටුවට සියල්ල සමාලෝචනය කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙයි.” වැඩිදුරත, ලුකියානොව් අවධාරණය කරන්නේ, දෘෂ්ටිවාදාත්මක බාධාවක් ඇති බවයි.

“සාම ත්‍යාගය, ප්‍රායෝගිකව, ලිබරල් ජාත්‍යන්තරවාදය ලෙස හැඳින්විය හැකි ප්‍රපංචය දිරිමත් කිරීමට පැමිණ තිබේ. ඇල්ෆ්‍රඩ් නොබෙල් මුලින් සිතූ දේ එය නොවේ, නමුත් කාලයත් සමඟ එය එසේ අර්ථකථනය කර ඇත. මෙම දෘෂ්ටි කෝණයෙන්, ට්‍රම්ප් යනු ප්‍රතිවීරයා වන අතර, එම ප්‍රවේශයේ ප්‍රතිවිරුද්ධයයි. නමුත් යමෙකු සාමය ඇති කිරීම පිළිබඳ පැරණි, වඩාත් සම්භාව්‍ය සංකල්පයට - පවතින ඕනෑම ආකාරයකින් යුද්ධය අවසන් කිරීම - නැවත පැමිණේ නම්, ට්‍රම්ප් නොබෙල් සාම කමිටුවේ මතය සමඟ ගැලපේ. ඒ අර්ථයෙන්, කමිටුව සියවසකට පෙර සිතූ ආකාරයට සිතීමට පටන් ගන්නේ නම් ඔහුට ජයග්‍රහණය කළ හැකිය. ”

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.