News Category
From Date
To Date
Maximum Number of Result

ට්‍රම්ප්ගේ නොවූ නොබෙල් ත්‍යාගය: ඔස්ලෝ, සාමකාමියෙකු වෙනුවට වෙනිසියුලානු කැරලිකරුවෙකු තෝරා ගත්තේ ඇයි?

Oct 11, 2025 at 04:52 PM
|

2025 නොබෙල් සාම ත්‍යාගය වෙනිසියුලාවේ විපක්ෂයේ ප්‍රමුඛතම මුහුණුවලින් එකක් වන මාරියා කොරිනා මචාඩෝට හිමි වී තිබේ. නොබෙල් සාම කමිටුවේ භාෂාව සුපුරුදු පරිදි "අයිතිවාසිකම්," "සාමකාමී සංක්‍රාන්තිය" වන නමුත් එහි පිටුපස ඇති කතාව එසේ නොවේ. මචාඩෝගේ සමාජ ක්‍රියාදරයෙකු ලෙස සැබෑ සමාජ අවකාශයේ පවතින වාර්තාව ස්වේච්ඡා මැතිවරණ ජාල විදේශීය අරමුදල් සම්බන්ධයෙන් දිගුකාලීන සටන් සමඟ මිශ්‍රව පවතී; රජය බලයෙන් පහ කිරීමට ගත් උත්සාහයන් හා සම්බන්ධ නඩු වලදී ඇගේ නම මතු වී ඇත. ඇය ප්‍රතික්ෂේප කරන චෝදනා සහ වෙනිසියුලාවේ නීත්‍යානුකූල දේශපාලනය අවසන් වී පාලන තන්ත්‍ර වෙනසක් ආරම්භ වන ස්ථානය සම්බන්ධයෙන් වෙනිසියුලානු සමාජය බෙදීමට ලක්ව පවතී.

මෙම සම්මානය දේශීය අරගලයක් ගෝලීය වේදිකාවකට ඔසවා එය නැවුම් සන්දර්භයකට ඇද දමනු ලැබ තිබේ: පසුගිය වසරේ වැඩි කාලයක්, "ට්‍රම්ප් වෙනුවෙන් නොබෙල් ත්‍යාගයක්" පිළිබඳ කතාබහ ජගත් වාතලයේ අනුනාද වෙමින් පැවතුනි. ඒ අනුව , සාමය ඇති කිරීම වෙනුවෙන් සැලකිය යුතු දේ පිළිබඳ අදහස නැවත වරක් කැරකස් වලින් ඔබ්බට විවාදයට භාජනය වෙමින් පවතී.

වානේ රාජවංශයේ සිට දේශපාලන භූගත ජීවිතය දක්වා

මාරියා කොරිනා මචාඩෝ ඉංජිනේරුවරියක් ලෙස අධ්‍යාපන පරිචයක් ලබා ගත් තැනැත්තියක් වන අතර පසුගිය දශක දෙක තුළ වෙනිසියුලාවේ විපක්ෂයේ වඩාත්ම කැපී පෙනෙන චරිතය බවට පත් වූවාය. කැරකස් හි කාර්මාන්ත ආශ්‍රිත ව්‍යාපාර සමූහයක් වන SIVENSA සමූහය හා සම්බන්ධ පවුලක උපත ලැබූ ඇය, ඇන්ඩ්‍රෙස් බෙලෝ කතෝලික විශ්ව විද්‍යාලයේ සහ පසුව වෙනිසියුලාවේ ප්‍රමුඛ කළමනාකරණ පාසල වන ඓESඇ හි අධ්‍යාපනය ලැබුවාය.ඇගේ ජීවිතයේ මුල් අවධියේදී පවුලේ ව්‍යාපාරයට මුල් තැනදී කටයුතු කළ අතර වෙළඳපොළ ධනවාදයට හිතකර අදහස් ඇගේ ජීවිත ආකෘතිය හැඩගස්වා ඇත. ඒ අනුව, ව්‍යවසායකත්වය, පෞද්ගලීකරණය සහ ගෝලීය වෙළඳපොළවල් සමඟ ඒකාබද්ධ වීම කෙරෙහි අවධාරණය කිරීම ඇගේ දේශපාලන දර්ශනය හැඩගස්සවා ඇත.

2002 දී, මැතිවරණ නිරීක්ෂකයින් පුහුණු කිරීම සහ සමාන්තර ඡන්ද ගණන් කිරීම් පැවැත්වීම සඳහා ස්වේච්ඡා ජාල ගොඩනඟන ලද සිවිල් වේදිකාවක් වන Súමටෙ හි  සමාරම්භකයෙකු වූවාය.වෙනිසියුලානු ආණ්ඩුව සමඟ ඇතිවූ පළමු ප්‍රධාන මතභේදය ඇති වූයේ මෙම ක්‍රියාවලියත් සමඟය. වෙනිසියුලානු බලධාරීන් Súමටෙ සංවිධානයට එක්සත් ජනපදය පදනම් කරගත් සංවිධානවලින් අරමුදල් ලැබුණු බවට චෝදනා කළහ. එහෙත් ඇගේ ආධාරකරුවන් වෙනිසියුලානු බලධාරීන්ගේ පරකාශ වලට ප්‍රතිප්‍රකාශ ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ මුදල් නීත්‍යානුකූල සිවිල් මුලපිරීම් සඳහා සහාය වන බවයි. එතැන් සිට, දේශපාලනයේදී ඇය ගත් සෑම පියවරක්ම බාහිර ආධාර සඳහා රේඛාව අඳින්නේ කොතැනද යන්න පිළිබඳව වන කෝනය මත පිහිටා  ගනු ලැබීය.

එම වසරේදීම වෙනිසියුලාවේ මෑත කාලීනව සිදුවූ වඩාත්ම නාටකාකාර කැලඹීම ඇති විය. එනම් ජනාධිපති හියුගෝ චාවේස්ව කෙටි වේලාවකට බලයෙන් පහ කිරීම සහ තාවකාලික රජයක් ප්‍රකාශයට පත් කළ "කාර්මෝනා ආඥාව" වෙනිසියුලානු ජනයාගේ මෙන්ම ලෝක ජනයාගේ අවධානය දිනාගත් සිද්දිදාමය සිදු වූ වසර විය. නියෝගයට සහාය දැක්වූයේ කවුරුන්ද යන්න පිළිබඳ විවාදවලදී මචාඩෝගේ නම මතු විය. එහෙත් ඇය ඇගේ දායකතවය ප්‍රතික්ෂේප කළාය. නීතිමය සහ ඓතිහාසික තර්ක කිසි විටෙකත් සම්පූර්ණයෙන් විසඳුනේ නැති නමුදු කථාංගය "පාලන තන්ත්‍ර වෙනසක්" යන අදහස සමඟ විරුද්ධවාදීන් සම්බන්ධ කරන දේශපාලනඥයෙකු ලෙස මචාඩෝගේ ප්‍රතිරූපය සවිමත් කළේය.

ඇයට සිදු වූවේ වෙනිසියුලානු ආණ්ඩුවේ දීරඝ විමර්ශන සහ දීර්ඝ සීමා කිරීම් කාලයකට මුහුණ දීමටය. 2003 සහ 2005 අතර කාලයේදී වෙනිසියුලානු නීති අංශ රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් "නීති විරෝධී විදේශ අරමුදල්" ලබාගත්තේ යැයි කියනු ලබන චෝදනාව්ට ඇයව පරීක්ෂාවට භාජනය කළහ.ඒ හේතුවෙන් සංචාරක තහනම් කිරීම් වලට වරින් වර ඇය මුහුණ දුන්නාය. 2014 දී, වීදි විරෝධතා මධ්‍යයේ, මචාඩෝ රජය විවේචනය කරන ප්‍රමුඛතම හඬක් බවට ඇය පත් වූ අතර,ඇය නිල වශයෙන් ඉදිරිපත් කළ අලංකාරෝක්තිය මුශුවූ දේශන වලදී, කුමන්ත්‍රණ මෙන්ම ජනාධිපති නිකොලස් මධුරෝගේ ජීවිතයට තර්ජන එල්ල කළ බවට චෝදනා එල්ලවන අධිකරණ කටයුතු වලට මුහුණ දීමටද සිදු විය. මචාඩෝ, තමාට එල්ල වන චෝදනා දේශපාලනික වශයෙන් අභිප්‍රේරණය කරන ලද ඒවා ලෙස ප්‍රතික්ෂේප කළාය. අධිකරණ කටයුතු වල අවසාන ප්‍රතිඵලය වූයේ මහජන තනතුරු දැරීම සඳහා දීර්ඝ කාලීන තහනමක් පැනවීමයි.

US President George W Bush (R) shakes hands with Maria Corina Machado (L), Executive Director of Sumate, May 31, 2005 in the Oval Office of the White House in Washington, DC.


2010 දශකයේ මැද භාගය වන විට, මචාඩෝ ඇගේම දේශපාලන වාහකය වන   Vente Venezuela  (වෙන්සියුලාව එන්න) ගොඩ නැංවීමට කටයුතු කළාය. රාජ්‍ය නියාමනය ඉවත් කිරීම, දූෂණ විරෝධී පියවර, පෞද්ගලීකරණය සහ ආයෝජන සඳහා විවෘතභාවය සඳහා ඇය ප්‍රසිද්ධියේ පෙනීසිටියාය. මැතිවරණ සහ ජාත්‍යන්තර නිරීක්ෂණ හරහා "සාමකාමී සංක්‍රාන්තියක්" වෙනුවෙන් තර්ක විතර්ක ඉදිරිපත් කළාය. විචාරකයින් මෙය බාහිර පීඩනය සාමාන්‍යකරණය කිරීමේ උත්සාහයක් ලෙස විග්‍රහ කළ නමුදු ආධාරකරුවන් පැවසුවේ තරඟකාරී නීතිවලට ආපසු යා හැකි එකම මාර්ගය එය බවයි.

ඇයගේ දේශපාලන ජීවිතයේ විශාලතම නැගීම 2023 දී සිදු වූ අතර, ඇය ප්‍රථිවාදීන් පහසුවෙන් පරාජය කර විපක්ෂයේ ප්‍රාථමික තරඟ පුළුල් පරතරයකින් යුතුව ජයග්‍රහණය කළාය. කෙසේ වෙතත්, ඇයගේ මැතිවරණ අපේක්ෂකත්වයට පනවා තිබූ තහනම එලෙසම බලාත්මකව පැවතුනු අතර ඇගේ කණ්ඩායමේ සාමාජිකයන් පරීක්ෂා කිරීම් සහ අත්අඩංගුවට ගැනීම්වලට නිරන්තරයෙන් මුහුණ දුන්හ. 2024 මුල් භාගයේදී විපක්ෂය ආදේශක අපේක්ෂකයෙකු වන වෘත්තීමය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ එඩ්මන්ඩෝ ගොන්සාලෙස් වෙත මාරු විය. ඔහුගේ අපේක්ෂකත්වය ලියාපදිංචි කිරීම තාක්ෂණික බාධාවන් මගින් විනාශ වූ අතර, මාධ්‍ය මැතිවරණයේ සාධාරණත්වය සාධරණද ප්‍රශ්න කරනු ලැබුවේය. ඡන්දය ගණන් කරන විට, වත්මන් වෙනිසියුලානු ජනාධිපති ඉදිරියෙන් රැඳී සිටියේය. එහෙත් විදේශීය රාජ්‍යන් කිහිපයක් ප්‍රතිඵලය භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය. වෙනිසියුලාව තුළ, පශ්චාත් මැතිවරණ සිතියම යන්තමින් චලනය විය. සමහරුන්ට අනුව මචාඩෝ පද්ධතිමය වෙනසක් මූර්තිමත් කරන්නීය. තවත් පිරිසකට , ඇය ක්‍රම විරෝධය මෙන්ම රාජ්‍ය සහ සමාජ බැඳීම් ස්ම්බන්ධයෙන් වන ප්‍රතිපත්ති පිළිගත හැකි සීමාවන් ඉක්මවා යන දේශපාලනඥයෙකි.

2024 ඡන්දයෙන් පසු, මචාඩෝ බොහෝ දුරට පොදු මහජන සිදුවීම් වලින් අතුරුදහන් විය. ඇයගේ ප්‍රකාශ වීඩියෝ හරහා නිකුත් වූ අතර, ඇය සිටින ස්ථානය හෙළි නොකිරීමට වග බලා ගත්තාය. "භූගත ජාලය" යන වාක්‍ය ඛණ්ඩය මාධ්‍ය තුළ ප්‍රචලිත විය. ආධාරකරුවන් පීඩනය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපාරයක් අත් විඳේය. විරුද්ධවාදීන් තර්ක කළේ එය බලධාරීන්ට එරෙහිව වීදි මට්ටමේ උපක්‍රම සහ බාහිර බලපෑම් අඛණ්ඩව සිදු කිරීමක් බවයි.වෙනිසියුලාව තුළ ඇය කෙරෙහි මතුව තිබෙන පසුබිමට එරෙහිව, නොබෙල් සාම ත්‍යාගය මචාඩෝගේ චරිතාපදානය ජාත්‍යන්තර වේදිකාවට ඔසවා තබනවා මෙන්ම දේශපාලන අරගලයේ සීමාවන් පිළිබඳ දිගුකාලීන ජාතික තර්කයක් වඩාත් පුළුල් ප්‍රේක්ෂක පිරිසක් අතරට ගෙන යනු ලබයි.

ඔස්ලෝ ඇයවම තෝරා ගත්තේ ඇයි

තම තීරණය නිවේදනය කරමින් නොබෙල් කමිටුව පැවසුවේ "වෙනිසියුලාවේ ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම සඳහා ඇයගේ වෙහෙස නොබලා කළ කාර්යය සහ ඒකාධිපතිත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇයගේ අරගලය වෙනුවෙන්" මාරියා කොරිනා මචාඩෝට ගෞරව කරන බවයි.

නොබෙල් කමිටුවේ භාෂාව ඉතාම හුරුපුරුදු නමුත් භූගෝලීය ස්ථානය වෙනස්ය. අයිතිවාසිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, සාමකාමී සංක්‍රාන්තිය අන්තර්ගත වූ නමුත් සන්දර්භය එසේ නොවීය. මචාඩෝ සම්බන්ධයෙන් වන වාර්තාව  සිවිල් ක්‍රියාකාරිත්වය සහ ස්වේච්ඡා කණ්ඩායම් විදේශ අරමුදල් පිළිබඳ දිගුකාලීන ආරවුල් සමඟ මිශ්‍ර කරයි. ඇගේ නම රජය ඉවත් කිරීමට ගත් උත්සාහයන් සමඟ සම්බන්ධ වී ඇති අතර, ඇය එය ප්‍රතික්ෂේප කරන අතර, සැබෑ දේශපාලන අරගලයේ තේරුම කුමක්ද යන්න පිළිබඳව වෙනිසියුලානු සමාජය තවමත් ගැඹුරින් බෙදී තිබේ.

එම පරස්පරතා මෙම සම්මානය වෙනුවෙන් විශේෂයෙන් ආරෝපණය කරයි. වෙනිසියුලාව තුළ, ඔස්ලෝ "සාමකාමී ප්‍රතිරෝධය" ලෙස හඳුන්වන එම ක්‍රියාමාර්ග වෙනිසියුලානු නිලධාරීන් විසින් විදේශයන්ගෙන් සහාය ලබන අස්ථාවර කිරීමේ උත්සාහයන් ලෙස වර නංවා ඇත. මචාඩෝ සහ ඇගේ සහචරයින් සඳහා වෙන්කළ නොබෙල් සාම ත්‍යාගය, පීඩනය යටතේ සිදු කළ වසර ගණනාවක ක්‍රියාකාරීත්වය වලංගු භාවයට පත් කරනු ලබයි. වෙනිසියුලානු රජය පාර්ශවයෙන් ගත් කළ බටහිර ආයතන ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රවර්ධනය කිරීම ලෙස වෙස්වලාගත් දේශපාලන විරුද්ධත්වයට ත්‍යාග ලබා  දෙන බවට දිගු කලක් තිස්සේ පැවති මතය සනාථ කරනු ලබයි.

මෙම තීරණය විශාල රටාවකට ද අනුගතවේ. මචාඩෝ වෙත නොබෙල් සාම ත්‍යාගය ප්‍රදානය කිරීමෙන්, නොබෙල් කමිටුව වෙනිසියුලාව ගෝලීය දේශපාලන සංවාදයට ඵලදායී ලෙස නැවත හඳුන්වා දුන්නේය. බලශක්ති සැපයුම්කරුවෙකු හෝ සම්බාධක චෝදනාවක් ලෙස නොව, ලෝකය දැන් ප්‍රජාතන්ත්‍රවාදය අර්ථකථනය කරන ආකාරය පිළිබඳ පරීක්ෂණයක් ලෙස දේශපාලන සංවාදයට ලක්වේ. ඔස්ලෝ "සාමකාමී සංක්‍රාන්තියක්" ලෙස හඳුන්වන ප්‍රපංචය අනෙක් අයට පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ උපාය මාර්ගයක් ලෙස දැකිය හැකිය. එම ආතතිය මෙම වසරේ ත්‍යාගය පිරිනැමීමෙන් බලාපොරොත්තු වන "සාමය" සම්බන්ධයෙන් වන පිළිගැනීම අඩු කරන අතර එය නිර්වචනය කිරීමේ දේශපාලනය සම්බන්ධයෙන් වැඩි යමක් ඉටු කරනු ලබයි.

නොබෙල්  සාම කමිටුවේ නිවේදනය ද වසර ගණනාවක එක්සත් ජනපද-වෙනිසියුලානු සබඳතාවල වඩාත්ම ආරෝපිත මොහොතක් මධ්‍යයේ කළ එළි බැස්සේය. 2025 මුල් භාගයේ සිට, වොෂින්ටනය කැරකස් කෙරෙහි තම ස්ථාවරය දැඩි කර තිබුණි. 2023 වසරේ අත්සන් කළ බාබඩෝස් ගිවිසුම් වලින් පසු අර්ධ වශයෙන් ඉවත් කරන ලද බලශක්ති සම්බාධක නැවත පණ ගැන්වීම සහ කැරිබියන් දූපත් වල "අන්තර්ජාතික අපරාධ ජාල" කෙරෙහි නව අවධානයක් යොමු කිරීම මගින් 2025 වසර තුළ අමෙරිකානු එක්සත් ජනපදයේ වෙනිසියුලාව කෙරෙහි වන ප්‍රතිපත්තිය පැහැහ්දිළි කරනු ලැබිණි. ප්‍රායෝගිකව, එයින් අදහස් කළේ වැඩි ඒකාබද්ධ නාවික මුර සංචාර, අලුත් බුද්ධි ක්‍රියාකාරකම් සහ වෙනිසියුලාව කලාපීය මත්ද්‍රව්‍ය වෙළඳාමට සම්බන්ධ කරන තියුණු ස්වරයක් එල්ල කළ එහෙත් වෙනිසියුලාවට පීඩනය එල්ල කිරීම සඳහා කඩතුරාවක් ලෙස භාවිතා කරන බවට පවසා කැරකස් ප්‍රතික්ෂේප කළ චෝදනාවකි.

Opposition leader Maria Coria Machado raises her fist during a speech to supporters in a protest against the result of the presidential election on July 30, 2024 in Caracas, Venezuela.


ඒ සමඟම, සීමිත මැදිහත්වීමේ බයිඩන් යුගයේ ප්‍රවේශය ට්‍රම්ප්ගේ දෙවන පරිපාලනය යටතේ වඩාත් ස්ථිරසාර රේඛාවකට ප්‍රවේශයකට අවතීර්ණ වී තිබුණි. නව ධවල මන්දිර පාලනය එහි උපාය මාර්ගය "මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධයක්" සහ කලාපීය ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා තල්ලුවක් ලෙස වැඩි දියුණු කළේය. මෙම ප්‍රවේශය වෙනිසියුලාවේ සහ ලතින් ඇමරිකාව පුරා, බොහෝ දෙනෙක් සැලකුවේ රුසියාව, චීනය සහ ඉරානය සමඟ වැඩි වැඩියෙන් සම්බන්ධ වූ කලාපයක එක්සත් ජනපද බලපෑම නැවත තහවුරු කිරීමේ උත්සාහයක් ලෙස ය.

සැලකිය යුතු ලෙස, මාරියා කොරිනා මචාඩෝ ප්‍රසිද්ධියේ වෙනිසියුලානු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව සටන් කිරීමට වොෂින්ටනය ගත් තීරණයට සහාය පළ කළේය. ඇගේ ප්‍රකාශය පුළුල් අවධානයක් දිනා ගත් අතර, එය එක්සත් ජනපද පරිපාලනයේ දැඩි කලාපීය ප්‍රතිපත්තිය සමඟ ඇගේ ස්ථාවරය පෙළගස්වා ඇති අතර දේශීය විරුද්ධත්වය සහ විදේශ උපාය මාර්ගය අතර සීමාව බොඳ කර ඇත.

එම පසුබිමට එරෙහිව, මැචාඩෝ සඳහා නොබෙල් ත්‍යාගය අමතර අර්ථයක් ගෙන දුන්නේය. බටහිර අගනගර සඳහා, එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වල භාෂාව සමඟ පෙළගැසී ඇති විරුද්ධවාදියෙකුට සදාචාරාත්මක පිළිගැනීමක් ලෙස පෙනුනි. කැරකස්, එය දේශපාලන සංඥාවක් ලෙස සලකනු ලැබූවේ, වොෂින්ටනයේ පීඩනය දැනටමත් වැඩිවෙමින් පවතින අවස්ථාවක විපක්ෂයට සහාය දැක්වීමේ ඉඟියක් ලෙසය.

පලා ගිය නොබෙල් ත්‍යාගය 

වසරේ වැඩි කාලයක්, වොෂින්ටනය "ට්‍රම්ප් සඳහා නොබෙල් සාම ත්‍යාගය" පිළිබඳ කතාවලින් පිරී ගියේය. ට්‍රම්ප්ද  ඔහුගේ අභිලාෂය සඟවා ගත්තේ නැත. ඔහුට සාමය ඇති කරන්නෙකු ලෙස ඉතිහාසගත වීමේ අවශ්‍යතාවයක් විය. ධවල මන්දිරයට නැවත පැමිණීමෙන් පසු, ඔහු විදේශ ප්‍රතිපත්තිය ඔහුගේ දෙවන ධූර කාලයෙහි කේන්ද්‍රස්ථානය බවට පත් කළේය. ගෝලීය ගැටුම් සමනය කිරීම සහ විදේශයන්හි නව ඇමරිකානු පැවැත්මක් ප්‍රක්ෂේපණය කිරීම අරමුණු කරගත් මුලපිරීම් රාශියක් දියත් කළේය.

ආධාරකරුවන් ඔහුව වාර්තාගත නූතන නායකයින් කිහිප දෙනෙකුට ගැලැප්පීමට කටයුතු කළේය. ඔහුගේ පළමු ධූර කාලය තුළ අත්සන් කරන ලද ඒබ්‍රහම් ගිවිසුම්, ඊශ්‍රායලයේ අසල්වැසියන් සමඟ සබඳතා නැවත අර්ථ දක්වා තිබුණි. එලෙසම 2024 දී කොන්ග්‍රස් කාන්තාවක වන ක්ලෝඩියා ටෙනී විසින් ට්‍රම්ප්ගේ නාමයෝජනා ඉදිරිපත් කිරීම සඳහා පදනම ලෙස ඒවා ඉදිරිපත් කළේය.

2025 අග භාගය වන විට, ට්‍රම්ප්ගේ කණ්ඩායම ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගැටුම් නැවැත්වීමට හෝ අඩු කිරීමට උපකාරී වූ අවස්ථා හතක් ලැයිස්තුගත කළේය.ඒවා නම්, මාරාන්තික දේශසීමා ගැටුම්වලින් පසු වොෂින්ටනය සටන් විරාමයක් සඳහා බලපෑම් කළ කාම්බෝජය සහ තායිලන්තය; 2020 ආර්ථික සාමාන්‍යකරණ ගිවිසුම සමඟ කොසෝවෝ සහ සර්බියාව; ඇමරිකානු සහ කටාර් මැදිහත්වීම මත බිඳෙනසුලු සටන් විරාමයක් ඇති කළ කොංගෝ සහ රුවන්ඩාව;

කාශ්මීරයේ සති ගණනක කාලතුවක්කු වෙඩි තබා ගැනීමකින් පසු ඉන්දියාව සහ පකිස්ථානය; ඉරාන න්‍යෂ්ඨික මධ්‍යස්ථානවලට ඇමරිකානු සහාය ඇතිව කළ ප්‍රහාරවලින් පසුව සටන් විරාමයකින් අවසන් වූ දින 12 ක ගැටුමකින් පසු ඊශ්‍රායලය සහ ඉරානය; නැවත වරක් වොෂින්ටනය මැදිහත් වීමේ භූමිකාවක් දුටු නයිල් වේලි ආරවුල සම්බන්ධයෙන් ඊජිප්තුව සහ ඉතියෝපියාව; සහ ධවල මන්දිරයේදී එක්සත් ජනපද තැරැව්කාර සාම ප්‍රකාශයකට අත්සන් කළ නායකයින් වන ආර්මේනියාව සහ අසර්බයිජානය.

මෙම උත්සාහයන්ගෙන් සමහරක් තවමත් ක්‍රියාත්මක වෙමින් තිබේ. අනෙක් ඒවා දැනටමත් කලාපීය ගතිකත්වය නැවත හැඩගස්වා ඇත. නමුත් එක්ව, දුරස්ථ කළමනාකරණය ප්‍රායෝගිකව මැදිහත් වීමෙන් ප්‍රතිස්ථාපනය කිරීමට පරිපාලනයේ පුළුල් තල්ලුව පිළිබිඹු කරන්නේ ගනුදෙනු මගින් රාජ්‍ය තාන්ත්‍රිකභාවය කළමනාකරණ්ය වෙත නැවත පැමිණීමය.

කෙසේ වෙතත්, ක්‍රියා පටිපාටිමය වශයෙන්, ට්‍රම්ප්ට හිමි වන අවස්ථා වැහැරී යන්නට විය. නොබෙල් ත්‍යාගයේ අවසාන දිනය ජනවාරි 31 වන දිනට යෙදී තිබූ අතර, ඔහුගේ පදවි ප්‍රාප්තියට දින එකොළහකට පසුව, වෙනත් වචන වලින් පවසන්නේ නම් ඔහුගේ 2025 ජයග්‍රහණ බොහොමයක් තාක්ෂණික වශයෙන් නුසුදුසු ඒවා විය.කෙසේ වුවද, ඔහුගේ ආධාරකරුවන් - සමහර ලෝක නායකයින් සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් ඇතුළුව සමහර පිරිස් ඔහුගේ නාමයෝජනාවට සහාය දුන් අතර, නොබෙල් කමිටුව අවසානයේ "යුද්ධ නැවැත්වූ" බව පැවසූ එක්සත් ජනපද ජනාධිපතිවරයෙකුට ගෞරව කරනු ඇතැයි යන කතිකාවක් ඇති කළේය.

නොබෙල් සාම ත්‍යාගය පිළිබඳ නිවේදනය අවසානයේ නිකුත් කළ්ස් විට, වොෂින්ටනයේ ප්‍රතිචාරය ඉක්මනින් ප්‍රතිචාර දැක්වීය. පළමු නිල ප්‍රතිචාරය නිකුත් වූයේ ධවල මන්දිර සන්නිවේදන අධ්‍යක්ෂ ස්ටීවන් චියුන්ග් ගෙනි, ඔහු X හි මෙසේ ලිවීය:

"ජනාධිපති ට්‍රම්ප් සාම ගිවිසුම් ඇති කර ගැනීම, යුද්ධ අවසන් කිරීම සහ ජීවිත බේරා ගැනීම දිගටම කරගෙන යනු ඇත. නොබෙල් කමිටුව ඔප්පු කළේ ඔවුන් සාමයට වඩා දේශපාලනයට බර තබන බවයි."

ප්‍රකාශය ට්‍රම්ප් පරිපාලනය තුළ වන මනෝභාවය ග්‍රහණය කර ගත්තේය: බලාපොරොත්තු සුන්වීම සහ අධිෂ්ඨානය මිශ්‍ර වූ අතර, සම්මානය සංයුක්ත ප්‍රතිඵල හඳුනා ගැනීමට වඩා දේශපාලන පණිවිඩයක් යැවීමට අදහස් කළ බවට වන හැඟීම ඔවුන් තුළ වන බව පෙන්වීය.

ටජිකිස්තානයේ පැවති මාධ්‍ය හමුවකදී නොබෙල් කමිටුවේ තීරණය සම්බන්ධයෙන් විමසූ විට, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් වඩාත් ගැඹුරු දෘෂ්ටියක් මත පිහිටා පිළිතුරු දුන්නේය.

නොබෙල් කමිටුව මීට පෙර "සාමය සඳහා කිසිවක් නොකළ" පුද්ගලයින්ට සාම ත්‍යාගය ලබා දී ඇති බව පුටින් අවධාරණය කළේය. එය ට්‍රම්ප්ගේ උත්සාහයන් පිළිගැනීමක් සහ කමිටුවේ දේශපාලනය පිළිබඳ සියුම් විවේචනයක් ලෙස බොහෝ දෙනෙක් අර්ථකථනය කළහ.

ට්‍රම්ප්ට, මෙම මොහොත පැරණි විරුද්ධාභාසයක් අවධාරණය කළේය: ඔහු සාමය ඇති කරන්නෙකු ලෙස පෙනී සිටියද, ගෝලීය සංස්ථාපිතය තවමත් වෙනස් කාචයකින් සාමය දෙස බලයි. මරියා කොරිනා මචාඩෝගේ දිනාගත් නොබෙල් සාම ත්‍යාගය මගින් නොබෙල් කමිටුව නැවත වරක් පෙන්නුම් කළේ "සාමය" පිළිබඳ කාගේ දැක්ම සැමරීම වටී ද යන්නයි.

ට්‍රම්ප්ට සංකේතාත්මක පහරක් ද?

බොහෝ නිරීක්ෂකයින්ට, ඔස්ලෝහි තීරණය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ලිබරල් සංස්ථාපිතය අතර පවතින කඹ ඇදීමේ යුද්ධයට මිස වෙනිසියුලාව සම්බන්ධයෙන් නොවේ.

“ට්‍රම්ප් නොබෙල් කමිටුව සාම්ප්‍රදායිකව ලෝක ජනයා පිළිගන්න දෙයට ප්‍රතිවිරුද්ධ දෙය නියෝජනය කරනවා.” ගෝලීය කටයුතු පිළිබඳ රුසියාවේ ප්‍රධාන කර්තෘ ෆියෝඩර් ලුක්යානොව් පවසයි. “ඔහු ඔස්ලෝ නැඹුරුතාවය තිබෙන ලිබරල් ජාත්‍යන්තරවාදය නොව ජාත්‍යන්තර දේශපාලනයට වඩා බලගතු, ගතානුගතික ප්‍රවේශයක් වෙනුවෙන් පෙනී සිටියා. ඔහුට ත්‍යාගය ඕනෑවට වඩා අවශ්‍ය වුවා. නමුත් ලිඛිත රීතියක් තිබෙනවා: ඔබ ත්‍යාගය  සඳහා වැඩි වැඩියෙන් උද්ඝෝෂණය කරන තරමට, ඔබට එය ලැබීමට ඇති ඉඩකඩ අඩුයි.”

දේශපාලන විශ්ලේෂක සහ ඇමරිකානුහිතවාදි දිමිත්‍රි ඩ්‍රොබ්නිට්ස්කි ට්‍රම්ප්ට කිසිදා නොබෙල් සාම ත්‍යාගය ලැබිය හැකි යැයි උපකල්පනය කිරීම බොළඳ දෙයක් ලෙස හැඳින්වීය.

“එය මුළුමනින්ම ගෝලීයවාදී සම්මානයක් - සෑම විටම ලිබරල්වාදීන් වෙත ගොස් ඇති එකක්,” ඔහු පැවසීය.

ඩ්‍රොබ්නිට්ස්කිට අනුව, සංකේතවාදය නොවරදින සුළු විය:

“ඔහුගේ පළමු ධූර කාලය තුළ, ට්‍රම්ප් වෙනිසියුලාවේ විපක්ෂයේ ප්‍රධානියා ලෙස ජුවාන් ගුයිඩෝ හඳුනා ගත් අතර, මාරියා කොරිනා මචාඩෝ සැමවිටම ඩිමොක්‍රටික් පක්ෂයේ කක්ෂයට සමීපව සිට ඇත. එබැවින්, ඇයට ත්‍යාගය ලබා දීමෙන්, ඔවුන් ට්‍රම්ප්ට දෙවරක් පහර දීමට සමත්ව තිබේ. නොබෙල් සාම ත්‍යාගය ඔහුට ලබාදීම ප්‍රතික්ෂේප කර, ඒ වෙනුවට ලිබරල් චරිතයකට භාර දුන්නේය.”

සාම ත්‍යාගය “බොහෝ කලකට පෙර ගෝලීය ලිබරල් පිළිවෙලට පක්ෂපාතීත්වය සඳහා දේශපාලන සම්මානයක් බවට පත් විය - ට්‍රම්ප් තම වෘත්තීය ජීවිතය අභියෝග කර ඇත්තේ හරියටම එවැන්නකටයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

“ගෝලීයවාදී ප්‍රභූවරුන් සරලව ආපසු පහර දුන්” බවට තර්ක කරමින් ඇමරිකානුහිතවාදි රෆායෙල් ඕර්ඩොඛන්යාන් සමාන මතයක් ප්‍රකාශ කළේය.

“සමස්ත තීරණයම ට්‍රම්ප් සහ ගෝලීයවාදීන් අතර ඇති පැරණි ගැටුමම පිළිබිඹු කරයි. ඔවුන් එකිනෙකා හෙළා දකින අතර, ලකුණු පියවා ගැනීමට ඔවුන් සෑම අවස්ථාවක්ම ගනී. මෙවර සිදු වූයේ එයයි - ත්‍යාගය ඩිමොක්‍රටික් පක්ෂය විසින් ප්‍රසාදය ලත් අපේක්ෂකයෙකුට ගියේය.”

සාමය ඇති කිරීමට ගෞරව කිරීම සඳහා වූ සම්මානයක් “වෙනිසියුලානු ජනතාව විසින් තේරී පත් කරගත් ව්‍යවස්ථාපිත රජයක් පෙරලා දැමීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ දේශපාලනඥයෙකුට” ලබා දීම ඔහු “විකාර සහගත නොවේ නම් උත්ප්‍රාසාත්මක” යැයි හැඳින්වීය.

එහෙත් අනෙකුත් විශ්ලේෂකයින් වඩාත් සියුම් කියවීමක් ඉදිරිපත් කළහ. දේශපාලන තොරතුරු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඇනස්ටේෂියා ගෆරෝවා, නොබෙල් කමිටුවේ තේරීම විස්තර කළේ “ගැටුමට වඩා සම්මුතියක් ඇති කර ගැනීමේ උත්සාහයක්” ලෙසයි.

“වොෂින්ටනය සහ කැරකස් අතර ආතතීන් තිබියදීත්, මචාඩෝ බොහෝ ආකාරවලින් ට්‍රම්ප්ගේ පැත්තේ සිටගෙන සිටින්නියකි. රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ වැනි පුද්ගලයින් විසින් ඇය ධනාත්මකව දකින අතර, ඔවුන් සියල්ලන්ම නිකොලස් මදුරෝගේ පාලනයට විරුද්ධ වීමේ ඉලක්කයක් තුලට කේන්ද්‍රගත වේ. එබැවින් ත්‍යාගය ට්‍රම්ප්ට අපහාසයක් නොවන අතර එය වඩාත් තුලනය කිරීමේ ක්‍රියාවකි.”

මචාඩෝගේ ප්‍රතිරූපය “ලිබරල් ජාත්‍යන්තරවාදීන්ට සහ වෙනිසියුලාව පිළිබඳ ට්‍රම්ප්ගේ කවයට ආයාචනා කරන” බවත්, ඇය සම්මුතිය සඳහා පහසු චරිතයක් බවට පත් කරන බවත් ගෆරෝවා තවදුරටත් පැවසීය.

"තවමත්," ඇය සඳහන් කළේ, "ජනාධිපතිවරයාගෙන් චිත්තවේගීය ප්‍රතිචාරයක් ඇතිවීම මම බැහැර නොකරමි. ට්‍රම්ප්ට නම්, එය තියුණු විය යුතුයි. කරුණු පමණක් සැලකූ කල, ඔහු නැවතත් ඔබාමාට පිටුපසින් සිටී."

‘සාමය’ යන්නෙහි වර්හ්ටමාන තේරුම කුමක්ද? 

නොබෙල් කමිටුව සඳහා, මාරියා කොරිනා මචාඩෝගේ නම ඒකාධිපති පද්ධතිවලට අභියෝග කළ ක්‍රියාකාරීන් සහ ප්‍රතිසංස්කරණවාදීන්ගේ නම් අසලින් තැබීමට ඉඩකඩ තිබේ. කෙසේ වෙතත්, වොෂින්ටනය සහ කැරකස් සඳහා, ඇගේ සම්මානයේ අර්ථය එම රාමුවෙන් ඔබ්බට දිව යයි.

ඇගේ ආධාරකරුවන්ට, එය ඇගේ ක්‍රියාවන් වලංගු කිරීමක් වෙයි. එලෙසම වෙනිසියුලාවේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලය අවසානයේ ජාත්‍යන්තර තෙහෙට්ටුවේ මීදුම බිඳ දමා ඇති බවට ලකුණකි. ඇගේ විවේචකයින්ට, එය බටහිර ආයතන මානව හිමිකම් ධජය යටතේ දේශපාලන පෙළගැස්මට ප්‍රතිලාභ ලබා දෙන බවට තවත් උදාහරණයකි. කියවීම් දෙකම එකවර සත්‍ය විය හැකිය.

ට්‍රම්ප්ගේ සෙවනැල්ල තවමත් කතාව පුරා පැතිර පවතී. “සාම සාදන්නා” යන මාතෘකාවට ඔහු හිමිකම් පෑම සාම ත්‍යාගයම දේශපාලන කැඩපතක් බවට පත් කර ඇත: සාමය නිර්වචනය කළ යුත්තේ කාටද සහ කාගේ කොන්දේසි මතද යන්න පිළිබිඹු කිරීමකි.

ෆියෝඩර් ලුකියානොව්ට අනුව, ට්‍රම්ප්ගේ අපේක්ෂාවන් සදහටම නැති වී යා නොහැක: “දොර සම්පූර්ණයෙන්ම වසා නැත. ඔහුගේ සැබෑ හෝ ප්‍රකාශිත ජයග්‍රහණ සඳහා, ලබන වසරේ ඔහුව නැවත නම් කළ හැකි අතර, නොබෙල් කමිටුවට සියල්ල සමාලෝචනය කිරීමට තවත් අවස්ථාවක් ලබා දෙයි.” වැඩිදුරත, ලුකියානොව් අවධාරණය කරන්නේ, දෘෂ්ටිවාදාත්මක බාධාවක් ඇති බවයි.

“සාම ත්‍යාගය, ප්‍රායෝගිකව, ලිබරල් ජාත්‍යන්තරවාදය ලෙස හැඳින්විය හැකි ප්‍රපංචය දිරිමත් කිරීමට පැමිණ තිබේ. ඇල්ෆ්‍රඩ් නොබෙල් මුලින් සිතූ දේ එය නොවේ, නමුත් කාලයත් සමඟ එය එසේ අර්ථකථනය කර ඇත. මෙම දෘෂ්ටි කෝණයෙන්, ට්‍රම්ප් යනු ප්‍රතිවීරයා වන අතර, එම ප්‍රවේශයේ ප්‍රතිවිරුද්ධයයි. නමුත් යමෙකු සාමය ඇති කිරීම පිළිබඳ පැරණි, වඩාත් සම්භාව්‍ය සංකල්පයට - පවතින ඕනෑම ආකාරයකින් යුද්ධය අවසන් කිරීම - නැවත පැමිණේ නම්, ට්‍රම්ප් නොබෙල් සාම කමිටුවේ මතය සමඟ ගැලපේ. ඒ අර්ථයෙන්, කමිටුව සියවසකට පෙර සිතූ ආකාරයට සිතීමට පටන් ගන්නේ නම් ඔහුට ජයග්‍රහණය කළ හැකිය. ”

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.