News Category
From Date
To Date
Maximum Number of Result

ඩිජිටල් යුගයේ සංස්කෘත ලකුණ..

Oct 11, 2025 at 07:23 AM
|

ඉන්දියාව යනු දැවැන්ත සංස්කෘතික උරුමයන්ගෙන් පිරිපුන් දේශයකි. ඒ උරුමයෙහි බලපෑම කොතෙක්ද යත්, ඉන්දියාවේ නූතන විද්‍යා තාක්ෂණ පර්යේෂණ වලදී පවා ඒ අතීත දැනුම් පද්ධතියේ නන් විධ මූලයන් ඔස්සේ සිදු කරන ගවේෂණ වල ලකුණු දක්නට ලැබේ. එලෙස, ඉපැරණි ඉන්දියානු උරුමයන් අතර වන සංස්කෘත භාෂාව, නූතන විද්‍යා සන්නිවේදනය, පරිගණක වැඩ සටහන් කරණය හා කෘත්‍රිම බුද්ධිය සඳහා භාවිත කිරීම යනු ක්‍රිස්තු පූර්ව අවධියේ දැනුමක් නූතන ඩිජිටල් යුගය තුළ ස්ථානගත කරන සුවිශේෂී අවස්ථාවකි. ඉන්දියාවේ ලක්නව් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය පුනිත් කුමාර් සහ ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයෙහි උපදේශක සහ ප්‍රධානියා වූ ආචාර්ය සංජිවි කුමාර් වනි විසින් Science India සඟරාවට ලියන ලද ලිපියක් ඇසුරෙන් සැකසුණු මේ ලිපිය, ඉපැරණි ඉන්දියානු භාෂා උරුමයක් නූතන ඩිජිටල් ලෝකය තුළ ස්ථානගත කිරීමේ ඒ අපූරු කටයුත්ත ගැනය.

සංස්කෘත' යනු පොහොසත් උරුමයකින් යුතු ඉපැරණි භාෂාවක්. ඊට ආවේණික නිරවද්‍යතාව, ව්‍යුහය හා ඓතිහාසිකව විවිධ විද්‍යාත්මක විෂයයන්ට ලබා දී ඇති දායකත්වය නිසා, නූතන විද්‍යාත්මක භාෂාවක් ලෙස භාවිත කළ හැකි සුවිශේෂ විභවයක් සංස්කෘත භාෂාවෙහි පවතින බව ඉන්දියානු විද්වතුන් පෙන්වා දෙනවා. ඉන්දියානු විද්‍යාත්මක ප්‍රජාව අතර, සංස්කෘත භාෂාව පිළිබඳ මෙම නව උනන්දුව පැන නැග ඇත්තේ එහි පවතින අද්විතීය භාෂාත්මක ලක්ෂණ හේතුවෙන්. එය සමකාලීන විද්‍යාත්මක කතිකාවේ අවශ්‍යතා සමග මනාව ගැලපෙන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. එහි ශබ්දමය නිරවද්‍යතාවත් (phonetic precision) ව්‍යකරණමය දෘඪතාවත් (grammatical rigour) පුළුල් වාග් මාලාවත් විසින් සංස්කෘත භාෂාව. පැහැදිලි වූත් අර්ථාන්විත වූත් සන්නිවේදනයක් පිණිස වන විශිෂ්ට මාධ්‍යයක් බවට පත් කරනු ලැබ තිබෙනවා.

විද්‍යාව සඳහා සංස්කෘත සුදුසු වීමට ප්‍රධාන සාධකයක් වනුයේ එහි වන ව්‍යුහගත හා පද්ධතික (structured and systematic) ව්‍යාකරණයයි. පාණිනීගේ අෂ්ටාධ්‍යයි (Ashtadhyayi) ග්‍රන්ථය ඊට නිදසුනක්. (පාණිනී යනු පුරාණ ඉන්දියාවේ වාසය කළ සංස්කෘත ව්‍යාකරණඥයෙකු, තර්ක ශාස්ත්‍රඥයෙකු, වාග් විද්‍යාඥයෙකු වූ අතර, ඔහු ක්‍රි. පූ. 7 වන සහ 4 වන සියවස් අතර කාලයේ ජීවත් වූ බව පිළිගැනෙනවා. ඔහුගේ වඩාත්ම කැපී පෙනෙන කෘතිය වන අෂ්ටාධ්‍යායි' හේතුවෙන් ඔහු "පළමු ව්‍යක්ත වාග් විද්‍යාඥයා" ලෙස සලකනු ලබන අතර, ව්‍යාකරණ සඳහා ඔහුගේ ප්‍රවේශය නූතනයේ බොහෝ වාග් විද්‍යාඥයින්ට බලපෑම් කර තිබෙනවා.)

මෙම අඩිතාලම, සංස්කෘත භාෂාවට සපයන්නේ ඇල්ගොරිතම ප්‍රවේශයක්. එසේම එය විද්‍යාත්මක පාරිභාෂික වාං මාලාව සහ තාක්ෂණික ලියකියවිලි සංවර්ධනය කිරීම සඳහා, විශේෂයෙන් ඵලදායී වෙනවා. පාණිනීගේ ව්‍යාකරණ, වචන සෑදීම සහ වාක්‍ය ව්‍යුහය පාලනය කරන පැහැදිලි නීති වලින් සමන්විතයි. එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වන්නේ, අපැහැදිලි බව සැලකිය යුතු ලෙස අඩු කරන භාෂාමය රාමුවක්. එය විද්‍යාත්මක සන්නිවේදනයේ නිතර මුහුණ දීමට සිදුවන අභියෝගයකට පිළියමක්, භාෂාමය අවිනිශ්චිතතාව අවම කිරීමෙන්, සංස්කෘත භාෂාව, සංකීර්ණ විද්‍යාත්මක සංකල්ප පැහැදිලිව සහ නිරවද්‍යතාවයෙන් ප්‍රකාශ කිරීමට හැකියාව ලබා දෙනවා. සංකීර්ණ අදහස් ප්‍රකාශ කිරීම සඳහා නිරවද්‍ය භාෂාව අත්‍යවශ්‍ය බැවින්, විද්‍යාත්මක ප්‍රජාවන් තුළ අවබෝධය සහ සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා මෙය ඉතා වැදගත් වන්නක්. ඒ නිසා, විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍රවල අනාගත දියුණුව පිණිස ශක්තිමත් පදනමක් ලබා දෙමින්, සමකාලීන විද්‍යාත්මක භාෂාවක් නිර්මාණය කර ගැනීම සඳහා මතු බලාපොරොත්තු තබාගත හැකි භාෂාවක් ලෙස සංස්කෘත කැපී පෙනෙනවා.

නිරවද්‍යතාවයේ භාෂාව

සංස්කෘත භාෂාවෙහි අන්තර්ගත පොහොසත් හඬ/ස්වරය වෙනස් කිරීමේ සහ සමාස සැකැස්මේ පද්ධතිය, නියත සහ ව්‍යක්ත තාක්ෂණික යෙදුම් නිර්මාණය කිරීමට ඉඩ සලසනවා. විද්‍යාත්මක භාෂාවට, බොහෝ විට මතුව එන සංකල්ප සහ සොයා ගැනීම් විස්තර කිරීම සඳහා නව යෙදුම් සංවර්ධනය කිරීම අවශ්‍යයි. 'සන්ධි සහ සමාස ලෙස හඳුන්වන සංයුක්ත වචන සැදීම සඳහා සංස්කෘතභාෂාවේ ඇති හැකියාව, අර්ථවත් සහ සංක්ෂිප්ත යන ගුණාංග දෙකම සහිත පද නිර්මාණය කිරීමට හැකියාව ලබා දෙනවා. නිදසුනක් වශයෙන්, ආයුර්වේදයේ එන අනුලෝම - විලෝම ', නිශ්චිත හුස්ම ගැනීමේ තාක්ෂණයක් විස්තර කරනවා. එයින් ස්වාභාවික ගලායාම සමඟ සහ ඊට එරෙහිව, හුස්ම ගැනීමේ ක්‍රියාවලිය හරියටම ප්‍රකාශ කරනවා. එහිදී නිරවද්‍යතාව ඉතා වැදගත් බැවින්, නියත සහ සන්දර්භයව සුදුසු යෙදුම් ජනනය කිරීමේ මෙම හැකියාව නවීන විද්‍යාත්මක කතිකාව සඳහා ගෙන එන්නේ අමිල වටිනාකමක්.

විද්‍යාත්මක භාෂාවක් ලෙස එහි යෝග්‍යතාව වැඩි දියුණු කරන තවත් අංගයක් වන්නේ, සංස්කෘතභාෂාවේ ශබ්ද පද්ධතියයි. ශබ්ද, ඒවායේ ලක්ෂ්‍ය සහ ප්‍රකාශන විලාස අනුව වර්ගීකරණය කරන මනාව නිර්වචනය කරන ලද නීති මාලාවක් මත පදනම් වූ මෙම ක්‍රමානුකුල ප්‍රවේශය, ස්ථාවර උච්ඡාරණය සහතික කරමින් කථන සන්නිවේදනයේ වෙනස්වන සුලු බව අඩු කරනවා.

විද්‍යාත්මක සන්දර්භයන් තුළ, වැරදි උච්චාරණය වැරදි වැටහීම් හෝ දෝෂ වලට හේතු විය හැකියි. ඒ නිසා සංස්කෘත භාෂාවේ ශාබ්දික නිරවද්‍යතාව සැලකිය යුතු වාසියක්. විවිධ භාෂාමය පසුබිම් හරහා වාචික ඉදිරිපත් කිරීම්, සාකච්ඡා සහ සහයෝගීත්ව කටයුතු සඳහා මෙම අනුකූලතාව ඉතා වැදගත්..

විවිධ විද්‍යාත්මක ක්ෂේත්‍ර සඳහා සංස්කෘත භාෂාවේ ඓතිහාසික දායකත්වය පෙන්නුම් කරන්නේ. එහි පොහොසත් උරුමය පමණක් නොවෙයි. සමකාලීන භාවිතයන් සඳහා එහි ඇති විභවයද ඉන් අවධාරණය කරනවා. ගණිතයේදී, ආර්යභටගේ ආර්යභටිය' සහ දෙවන භාෂ්කරගේ සිද්ධාන්තශිරෝමණි' වැනි සම්භාව්‍ය ග්‍රන්ථ, සංකීර්ණ ගණිතමය සංකල්ප අපූර්ව පැහැදිලිතාවකින් ප්‍රකාශ කරනවා. මෙම කෘති ශුන්‍යය (zero), ස්ථානීය අගය පද්ධතිය සහ උසස් ත්‍රිකෝණමිතික ශ්‍රිත වැනි මූලික අදහස් හඳුන්වා දෙන්නේ. සංස්කෘත භාෂාවට සංකීර්ණ ගණිතමය මූලධර්ම නියතාවයෙන් ප්‍රකාශ කළ හැකි ආකාරය පෙන්වමින්. මෙම ග්‍රන්ථවල ඉදිරිපත් කර ඇති මූලික සංකල්ප නවීන ගණිතයට පදනමින්ම ශක්තියක් වෙමින්, විද්‍යාත්මක කතිකාවේදී සංස්කෘත භාෂාවේ චිරස්ථායී අදාළත්වය සනාථ කරනවා.

විවිධ විද්‍යාවන්හි පොහොසත් උරුමය

තාරකා විද්‍යා ක්ෂේත්‍රය තුළ, සූර්ය සිද්ධාන්ත සහ වරහමිහිරගේ 'බ්‍රිහත් සංහිතා වැනි පුරාණ සංස්කෘත ග්‍රන්ථ මගින් ආකාශ සංසිද්ධි පිළිබඳ සවිස්තරාත්මක නිරීක්ෂණ සහ ආකෘති ඉදිරිපත් කරනවා. මෙම කෘතිවල පවතින නිවැරදිතාව සහ ගැඹුර, සංස්කෘත භාෂාවෙන් ඵලදායී ලෙස ප්‍රකාශ කළ හැකි තාරකා විද්‍යාව පිළිබඳ දියුණු අවබෝධයක් පිළිබිඹු කරනවා. සංස්කෘත භාෂාවේ ව්‍යුහගතසහ නියත ස්වභාවය, අභ්‍යවකාශ ගවේෂණයේ වේගවත් දියුණුවක් ඇති යුගයක අත්‍යවශ්‍ය වන, සංකීර්ණ තාරකා විද්‍යාත්මක සොයා ගැනීම් සහ න්‍යායන් පිළිබඳ පැහැදිලි ලේඛනගත කිරීම් සහ විස්තර කිරීම් සඳහා ඉඩ සලසනවා.

විශේෂයෙන් ආයුර් ර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය, සමකාලීන විද්‍යාත්මක භාෂාවක් ලෙස සංස්කෘත භාෂාවේ විභවය තවදුරටත් නිරූපණය කරනවා. චරක සංහිතා' සහ සුශ්‍රැත සංහිතා වැනි ග්‍රන්ථ, රෝග විනිශ්චය, ශල්‍යකර්ම, ඖෂධ වේදය සහ චිකිත්සක පිළිවෙත් පිළිබඳ සවිස්තරාත්මක අවබෝධයක් ලබා දෙනවා. මෙම කෘති සෞඛ්‍යය සඳහා සාකල්‍ය ප්‍රවේශයක් (holistic approach) හඳුන්වා දෙන්නේ.

ශාරීරික, මානසික සහ අධ්‍යාත්මික යහ පැවැත්ම ඒකාබද්ධ කිරීම අවධාරණය කරමින්. මෙම ග්‍රන්ථ වල භාවිත වන වෛද්‍ය පාරිභාෂික ශබ්ද මාලාවේ නිරවද්‍යතාවය සහ පුළුල් බව මගින් සංස්කෘත භාෂාවට සංකීර්ණ වෛද්‍ය දැනුම ඵලදායී ලෙස සන්නිවේදනය කළ හැකි ආකාරය ඉස්මතු කරනවා. ඒකාබද්ධ හා සාකල්‍ය වෛද්‍ය විද්‍යාව වෙත ආකර්ෂණය වෙමින් පවතින නූතන ලෝකයේ, සංස්කෘත භාෂාවේ සවිස්තරාත්මක සහ සියුම් වචන මාලාවට, වෛද්‍ය කතිකාව වැඩි දියුණු කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකියි.

පාණිනීගේ අෂ්ටාධ්‍යායි' කෘතිය, ඉපැරණි භාෂාමය න්‍යායේ සන්ධිස්ථානයක්. එමෙන්ම එය නූතන පරිගණක භාෂා විද්‍යාවට පුරෝගාමී කෘතියක් බවයි. ඉන්දියානු විද්වතුන් පෙන්වා දෙන්නේ. පාණිනීගේ ව්‍යාකරණවල ඇල්ගොරිතම ස්වභාවය, පරිගණක විද්‍යාව සහ කෘත්‍රිම බුද්ධි මූලධර්ම සමඟ සමීපව සමපාත වෙනවා. මෙම ක්ෂේත්‍ර වල පර්යේෂකයන් ක්‍රමලේඛන භාෂා සහ Al පද්ධති සංවර්ධනය කිරීම සඳහා සංස්කෘත භාෂාවේ ව්‍යුහගත ව්‍යාකරණය ගවේෂණය කරමින් සිටිනවා. සංස්කෘත ව්‍යාකරණවල ඇති පැහැදිලි සහ ක්‍රමානුකූල ස්වභාවය. කේතනය සහ පරිගණක තර්කනය සඳහා වඩාත් සුදුසු වන බැවින්, තාක්ෂණයේ සහ AI හි අභිවර්ධනයට එයින් මඟ පෑදිය හැකියි.

භාෂාමය හා සංස්කෘතික සීමා හරහා සහයෝගීතාව වඩාත් පොදු වන සමකාලීන විද්‍යාත්මක කතිකාව තුළ, සංස්කෘත භාෂාවේ නිරවද්‍යතාවය සහ ක්‍රමානුකූල ස්වභාවය සැලකිය යුතු වාසි ලබා දෙනවා. අපැහැදිලි බව අඩු කිරීමට, නිරවද්‍ය පාරිභාෂිකය නිර්මාණය කිරීමට සහ සංකීර්ණ සංකල්ප සඳහා පැහැදිලි රාමුවක් සැපයීමට සංස්කෘත භාෂාවෙහි ඇති හැකියාව, එය වටිනා වත්කමක් බවට පත් කරනවා. විද්‍යාත්මක අරමුණු සඳහා සංස්කෘත භාෂාව කෙරෙහි ඇති උනන්දුව පිබිද වීමෙන්, මෙම අද්විතීය ගුණාංග හඳුනා ගැනීමට හැකි වෙනවා. ඒ වගේම, නවීන විද්‍යාත්මක සන්නිවේදනය වැඩි දියුණු කිරීමට එහි ඇති හැකියාව පිළිබිඹු වෙනවා.

පරිගණක ක්‍රමලේඛනයේදී සංස්කෘත භාෂාවේ යෙදීම, එහි ව්‍යුහාත්මක ලක්ෂණ ඉක්මවා යන අතර, පරිගණක භාෂා විද්‍යා ක්ෂේත්‍රයට එය සුවිශේෂ ආගමනයක්. මෙම ලක්ෂ්‍යය, සංස්කෘත භාෂාවේ අද්විතීය දායකත්වයන් සහ ඒවායින් පැන නගින බලාපොරොත්තු වූ ප්‍රතිඵල, විශේෂයෙන් ස්වාභාවික භාෂා සැකසුම් (Natural Language Processing - NLP) ක්ෂේත්‍රය තුළ ප්‍රදර්ශනය කරන බොහෝ සැලකිය යුතු ව්‍යාපෘති ඇති කර තිබෙනවා.

නවීන මුල පිරිමි

Gérard Huet විසින් නිර්මාණය කරන ලද 'Sanskrit Heritage Engine' (සංස්කෘත උරුම එන්ජිම) එබඳු තීරණාත්මක මුලපිරීම් වලින් එකක්. සංස්කෘත ව්‍යාකරණයේ මෙම සංකීර්ණ පරිගණක ආකෘතිය ස්ථිර ලෙසම පදනම් වන්නේ, පාණිනීගේ සුවිශේෂ කෘතිය වන අෂ්ටධ්‍යායි' මතයි. 'Sanskrit Heritage Engine' සංස්කෘත වාක්‍ය විග්‍රහ කිරීම, ව්‍යාකරණමය වශයෙන් වලංගු ආකෘති ජනනය කිරීම සහ පෙළවල වාක්‍ය ව්‍යුහ විශ්ලේෂණය කිරීම සඳහා නිර්මාණය කර ඇති උසස් මෙවලම් වලින් සමන්විතයි. සංස්කෘත භාෂාව නිවැරදිව විග්‍රහ කිරීම සඳහා ශක්තිමත් වේදිකාවක් සැපයීමෙන්, පුරාණ ග්‍රන්ථ අධ්‍යයනය කිරීම සහ ඩිජිටල් ලෙස සංරක්ෂණය කිරීමේදී 'Sanskrit Heritage Engine ඉටු කරන්නේ තීරණාත්මක කාර්ය භාරයක්. එය පර්යේෂකයන්ට සහ වාග් විද්‍යාඥයින්ට සංකීර්ණ භාෂාමය දත්ත විශ්ලේෂණය කිරීමටත්, නිවැරදි ව්‍යාකරණ ආකෘති ජනනය කිරීමටත්, සංස්කෘත භාෂාවේ සූක්ෂ්මතා ඩිජිටල් ආකෘතියකින් සංරක්ෂණය කර ඇති බව සහතික කිරීමටත් හැකියාව ලබා දෙනවා.

Helmut Scharfe විසින් සංවර්ධනය කරන ලද Digital Corpus of Sanskrit (DCS) ස්වාභාවික භාෂා සැකසුම් (NLP) ක්ෂේත්‍රයේ තවත් වැදගත් ව්‍යාපෘතියක්. DCS පුළුල් ඩිජිටල් කෝෂ්ටාගාරයක් ලෙස සේවය කරනවා. එහිදී ව්‍යාකරණ ලක්ෂණ සඳහා ඉතා සූක්ෂම ලෙස සටහන් කර හඳුනා ගැනීම සංකේතනය කර ඇති (tagged) සංස්කෘත පාඨ විශාල ප්‍රමාණයක් සම්පාදනය කරනවා. මෙම පොහොසත් පරිගණක දත්ත ගබඩාව, ආකෘති නිරවද්‍ය ව්‍යාකරණ ව්‍යුහයන්ගෙන් ඉගෙන ගැනීමට උපකාරී වන විවරණ සහිත පෙළ ලබා දීමෙන්, නිවැරදි යන්ත්‍රමය පරිවර්තනයට පහසුකම් සපයනවා. ඊට අමතරව, DCS වාක්‍ය ඛණ්ඩ සහ අර්ථ කථන විශ්ලේෂණයට සහාය වන අතර, භාෂාමය පර්යේෂණ සහ අධ්‍යාපනය සඳහා වටිනා සම්පත් සපයනවා. ඉපැරණි ග්‍රන්ථ වලට වඩාත් ප්‍රවේශ විය හැකි සහ විශ්ලේෂණය කිරීමට පහසු කිරීම මගින්, සංස්කෘත සාහිත්‍යය අවබෝධ කර ගැනීමට DCS ලබා දෙන්නේ සැලකිය යුතු දායකත්වයක්.

බොම්බායෙහි ඉන්දියානු භාෂා තාක්ෂණ මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද 'Sanskrit Wordnet'. ඒවායේ අර්ථ සහ සබැඳියාව මත පදනම්ව වචන සම්බන්ධ කරන, ඉතා වැදගත් ශබ්ද කෝෂමය පරිගණක දත්ත ගබඩාවක් ලෙස සේවය කරනවා. මෙය Princeton WordNet හා සමාන වන අතර, වචන සම්බන්ධතා සහ සන්දර්භ පිළිබඳ NLP ආකෘති වල අවබෝධය සැලකිය යුතු ලෙස වැඩි දියුණු කරනවා. සංස්කෘත වචන වල ව්‍යුහගත ශබ්ද කෝෂයක් ලබා දීමෙන්, Sanskrit Wordnet පෙළ සාරාංශ කිරීම සහ තොරතුරු ලබා ගැනීම වැනි විවිධ කාර්යයන් වැඩිදියුණු කරනවා. එය වචන සංඝටනය පිළිබඳ අවබෝධයක් ලබා දීමෙන්, NLP යෙදුම් වඩාත් ඵලදායි ලෙස ක්‍රියා කිරීමට හැකියාව ලබා දෙන්නේ. එමඟින් සංස්කෘත පාඨවල සමස්ත සැකසුම් සාරවත් කරමින්.

යන්ත්‍ර ඉගෙනීමේ (Machine Learning - ML) ක්ෂේත්‍රය තුළ, සංස්කෘත භාෂාව නව්‍ය යෙදුම් සඳහා ද ආභාෂය ලබා දී තිබෙනවා. පාණිනීගේ ව්‍යාකරණ මූලධර්ම මත පදනම්ව නිර්මාණය කරන ලද 'Vyakarana Programming Language' ('ව්‍යාකරණ ක්‍රමලේඛන භාෂාව ') එබඳු එක් උදාහරණයක් මෙම ක්‍රමලේඛන භාෂාව, කේතයේ වාක්‍ය ඛණ්ඩ දෝෂ ඵලදායී ලෙස අඩු කරමින්, පැහැදිලි සහ අර්ථය නිශ්චිත පද ගැලපුමක් සැපයීම අරමුණු කරනවා. එහි ප්‍රතිඵලය වන්නේ මෘදුකාංග යෙදුම්වල විශ්වසනීයත්වය සහ නඩත්තු කිරීමේ හැකියාව වැඩි දියුණු කිරීමයි. ඊට අමතරව, ව්‍යාකරණ ක්‍රමලේඛන භාෂාව සංස්කෘත ව්‍යාකරණ ඇසකින් ක්‍රමලේඛන සංකල්ප හඳුන්වා දෙන අධ්‍යාපනික මෙවලමක් ලෙසද සේවය කරනවා. මෙම ප්‍රවේශය, සිසුන්ට ක්‍රමලේඛනය තේරුම් ගැනීමට උපකාර කරනවා පමණක් නොව, සම්භාව්‍ය වාග් විද්‍යාව සහ නවීන තාක්ෂණය අතර පරතරයද පියවනවා.

බරාග්පුර්හි ඉන්දියානු තාක්ෂණ ආයතනය විසින් සංවර්ධනය කරන ලද 'Sanskrit Shallow Parser තවත් කැපී පෙනෙන යන්ත්‍ර ඉගෙනුම් යෙදුමක්. මෙම මෙවලම සංස්කෘත පාඨ තුළ කථන සහ ව්‍යාකරණ ව්‍යුහයන්ගේ විවිධ කොටස් හඳුනා ගැනීම සහ හැඳිනුම සංකේතනය කිරීම (tag) සඳහා විශේෂිත වෙනවා. පෙළ විශ්ලේෂණයට පහසුකම් සැලසීමෙන්, Sanskrit Shallow Parser විවිධ NLP කාර්යයන්ට අවශ්‍ය, ML ආකෘති පුහුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය වන විවරණය කළ දත්ත කට්ටල නිර්මාණය කිරීමට සහාය වෙනවා. සංස්කෘත භාෂාව ඵලදායී ලෙස සැකසීමට සහ තේරුම් ගත හැකි වඩාත් නවීන භාෂා ආකෘති සංවර්ධනය කිරීමට ඉලක්ක කරන පර්යේෂකයන්ට මෙම හැකියාව විශේෂ වටිනාකමකින් යුතුයි.

පරිණාමය වීමට ඇති විභවය

ඉන්දියාවේ උසස් පරිගණක සංවර්ධන මධ්‍යස්ථානය විසින් සංවර්ධනය කරන ලද Sanskrit Speech Recognition System, කථන සංස්කෘත හඳුනා ගැනීම සහ පිටපත් කිරීම සඳහා නිර්මාණය කර තිබෙනවා. එය කථන සංස්කෘත භාෂාව, පෙළ බවට පරිවර්තනය කිරීමෙන් වාචික සම්ප්‍රදායන් සංරක්ෂණය කිරීමට සහ අධ්‍යයනය කිරීමට උපකාරි වෙනවා. එමෙන්ම, අධ්‍යාපනික මෘදුකාංග සඳහා කථන හඳුනා ගැනීමේ හැකියාවන් සපයන්නේ. සංස්කෘත භාෂාව හදාරන සිසුන් සඳහා ඉගෙනුම් අත්ත්දැකීම් වැඩි දියුණු කරමින්. ඒ හා සමානව, මදුරාසියේ IIT විසින් සංවර්ධනය කරන ලද සංස්කෘතපෙළ සිට කථනය' (Text-to- Speech - TTS) පද්ධතිය, සංස්කෘත පාඨ වලින් මානව කථනයට සමාන කථනයක් ජනනය කරන්නේ. සංස්කෘත පාඨවල ශ්‍රව්‍ය ප්‍රකාශන ලබා දීමෙන්, ඩිජිටල් ඉගෙනුම් වේදිකා වැඩි දියුණු කරමින් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට සංස්කෘත පාඨ වලට සවන් දීමට හැකියාව ලබා දීමේ ප්‍රවේශ්‍යතාව වැඩි දියුණු කරමින්.

ප්‍රජානන පරිගණකකරණය (Cognitive computing) සහ AI පර්යේෂණද, සංස්කෘත භාෂාවේ විභවය ගවේෂණය කර තිබෙනවා. සංස්කෘත පරිගණක භාෂා ප්‍රජාව විසින් සංවිධානය කරන ලද සංස්කෘත පරිගණක භාෂා වැඩමුළු, සංස්කෘත භාෂාවට පරිගණක ශිල්පීය ක්‍රම යෙදීම කෙරෙහි අවධානය යොමු කරනවා. මෙම වැඩමුළු මගින් වාග් විද්‍යාඥයින්, පරිගණක විද්‍යාඥයින් සහ AI පර්යේෂකයින් එක් කර සංස්කෘත සඳහා නව මෙවලම් සහ යෙදුම් සංවර්ධනය කිරීමත්, AI යෙදුම් සඳහා සංස්කෘත භාෂාවේ ව්‍යාකරණ ව්‍යුහය උපයෝගී කර ගන්නා ඇල්ගොරිතම සංවර්ධනය දිරිමත් කිරීමත් සිදු කරනවා.

දැනුම නිරූපණය සහ තර්කනය යන ක්ෂේත්‍රය තුළ, විවිධ ශාස්ත්‍රීය ආයතන සහ පර්යේෂණ ආයතන සංස්කෘත ව්‍යාකරණ මත පදනම් වූ ontological models (සත්භාව විචාරක ආකෘති) සංවර්ධනය කර තිබෙනවා. මෙම ආකෘති නිවැරදි තොරතුරු නිරූපණය සඳහා සංස්කෘත භාෂාවේ ව්‍යුහගත ස්වභාවය පෙන්වා දෙනවා. එමෙන්ම, සංස්කෘත භාෂාවෙන් කේතනය කර ඇති ව්‍යුහගත දැනුම මත පදනම් වූ තාර්කික නිගමන සිදු කිරීමට AI පද්ධතිවලට හැකියාව ලබා දෙනවා. අන්තර් විෂයයික පර්යේෂණ කණ්ඩායම්, තර්කනය සහ අනුමාන කිරීම සඳහා සංස්කෘත භාෂාවේ නිරවද්‍ය ව්‍යාකරණ රීති භාවිතකරන, AI පද්ධතිවල තර්කන හැකියාවන් වැඩි දියුණු කරන සහ සංකීර්ණ දැනුම නිරූපණය කිරීමේ කාර්යයන් සඳහා සහාය වන සංස්කෘත මත පදනම් වූ විධිමත් තාර්කික පද්ධති (formal logic systems) ද සංවර්ධනය කර තිබෙනවා.

අධ්‍යාපනික හා සංස්කෘතික සංරක්ෂණ කටයුතු සඳහාද සංස්කෘත භාෂාවේ ඩිජිටල් යෙදුම් ප්‍රයෝජනවත් වී තිබෙනවා. විවිධ විශ්ව විද්‍යාල සහ සංස්කෘතික ආයතන විසින් සංවර්ධනය කරන ලද ඩිජිටල් සංස්කෘත පුස්තකාල, පුරාණ සංස්කෘත සාහිත්‍ය සහ අත්පිටපත් සංරක්ෂණය සහ ප්‍රවේශය සහතික කරමින්, සංස්කෘත ග්‍රන්ථ ලේඛනගත කර ප්‍රවේශය සපයනවා. මෙම පුස්තකාල පර්යේෂකයන්ට, අධ්‍යාපනඥයින්ට සහ සිසුන්ට සංස්කෘත ග්‍රන්ථ අධ්‍යයනය කිරීමටත්, ගවේෂණය කිරීමටත් වටිනා සම්පත් සපයනවා. මීට අමතරව, ආරම්භක සහ අධ්‍යාපනික සංවිධාන සංස්කෘතභාවිත කරමින් ක්‍රමලේඛන සංකල්ප උගන්වන, සංස්කෘත ව්‍යාකරණ ව්‍යුහගත ප්‍රවේශය හරහා වැඩසටහන් ඉගෙනීමට සිසුන් සම්බන්ධ කර ගන්නා සහ සම්භාව්‍ය අධ්‍යයනයන් සහ නවීන තාක්ෂණය අතර පරතරය පියවන අන්තර් විෂයයික ඉගෙනීම පෝෂණය කරන සංස්කෘත පදනම් කරගත් කේතීකරණ වේදිකා (coding platforms) සංවර්ධනය කර තිබෙනවා.

පරිගණක වැඩසටහන්කරණය සහ AI හි සංස්කෘත භාෂාව යෙදීම, භාෂාවේ කාලානුරූපී අදාළත්වය සහ අනුවර්තනය වීමේ හැකියාව පිළිබඳ සාක්ෂියක්. ස්වාභාවික භාෂා සැකසුම් (NLP) සහ යන්ත්‍ර ඉගෙනුම් (ML) ආකෘති වැඩිදියුණු කිරීමේ සිට ප්‍රජානන පරිගණක පර්යේෂණ සහ සංස්කෘතික සංරක්ෂණය සඳහා දායක වීම දක්වා, සංස්කෘත භාෂාව බොහෝ ප්‍රතිලාභ සහ අවස්ථා ලබා දෙනවා. Sanskrit Heritage Engine. Vyakarana ක්‍රමලේඛන භාෂාව සහ විවිධ කථන හඳුනා ගැනීමේ සහ සංස්ලේෂණ පද්ධති (synthesis systems) වැනි ව්‍යාපෘති මගින්, නවීන තාක්ෂණික දියුණුව සඳහා ඉපැරණි භාෂාමය දැනුම උපයෝගී කර ගැනීමේ වර්ධනය වන උනන්දුව ඉස්මතු කරනවා. පර්යේෂකයින් සහ සංවර්ධකයින් සංස්කෘත භාෂාවේ විභවය ගවේෂණය කිරීම අඛණ්ඩව කරගෙන යන විට, ඔවුන් බුද්ධිමත් පද්ධතිවල හැකියාවන් වැඩි දියුණු කිරීමත්, මෙම ඉපැරණි භාෂාවේ පොහොසත් සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීම සඳහා නව හැකියාවන් විවෘත කිරීමත් සිදු කරනවා.

- ප්‍රභාත් චින්තක මීගොඩගේ

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

කියෙව් පාලනය දැඩි අර්බුදයක: ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයෙන් විශේෂ නිවේදනයක්

යුක්‍රේනයේ පවතින වත්මන් දේශපාලන සහ සූක්ෂම හමුදාමය වෙනස්කම් හා ගැටලු පිළිබඳව අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප..

2008 වසරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකුට සැගව සිටීමට ආධාර අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් වූ හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්න මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ආණ්ඩුව මගින් පාවාදීම් ඉටුකර ගැනීම සහ ඉන් පසුව ආණ්ඩුව පලවා හැරීමේ සූක්ෂම වැඩපිළිවෙල ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්.. (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව යොදාගනිමින් යම් යම් පාවාදීම් ඉටුකර ගැනීමටත්, ඉන් අනතුරුව එම ආණ්ඩුවම බලයෙන් පලවා හැරීමටත් පසුබිම සකස් වෙමින් පවතින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඉස්ලාම් අන්තවාදී තර්ජන ගැන සලේ 2016 දී ආරක්ෂක මණ්ඩලය දැනුවත් කරලා.. - ඉහළ ප්‍රධානියෙක් එය නොසලකා හැරලා..

ඉස්ලාමීය අන්තවාදය සහ ISIS මතවාදය මෙරට දරුණු ලෙස ක්‍රියාත්මක වෙමින් පැවති ආකාරයත් එය මැඩපවත්වන අයුරු පිළිබඳත් සුරේෂ් සලේ මහතා 2016 වසරේදී ආරක්ෂක මණ්ඩලයට දීර්ඝ ලෙස කරුණු දැක්වීම් සිදුකළත් එම කරුණු දැක්වීම්වලට ආරක්ෂක මණ්ඩලයේ සිටි ඉහළ පෙළේ අයෙකු අකමැත්ත පළකර ඇති බව අභියාචනාධිකරණයේදී ඊයේ (21) සඳහන් කෙරුණි.

"කැරපොත්තන්ගේ" අරගලයේදී රාහුල් ගාන්ධි අත්අඩංගුවට – ජනතා විරෝධය හේතුවෙන් ගාන්ධිට නිදහස

කැරපොත්තන්ගේ ජනතා පක්ෂය ( Cockroach Janta Party-CJP) ලෙස තමන්ව හඳුන්වා ගන්න දේශපාලන කණ්ඩායම විසින් ඉන්දියාවේ නවදිල්ලි නුවරදී වෛද්‍ය විද්‍යාලවලට සිසුන් බඳවා ගන්නා විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවූයේ යැයි පවසමින් ගෙන යන විරෝධතා ව්‍යාපාරයේ දෙවන දිනයේදී ඊට සහභාගි වූ ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව ඔහු නිදහස් කරනු ලැබීය.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය කුවේට්හි ඇමරිකානු රේඩාර්, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගනවලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරයි!

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා ස්ථානවල රේඩාර් පද්ධති, චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ගුවන් යානා අංගන (Hangars) ඇතුළු ප්‍රධාන හමුදා යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කළ බව වාර්තා වී තිබේ.

ආණ්ඩුවේ ලිංගික ඇරියස් පාසල් පද්ධතිය තුළට රිංගවීමේ උත්සාහයක්..

වත්මන් ආණ්ඩුව විසින් පාසල් පද්ධතිය තුළට නොගැලපෙන සංකල්ප සහ අදහස් රිංගවීම සඳහා උත්සාහයක නිරත වන බවට ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

සෞදි අරාබියාවේ දහම් පාසල තානාපති අනින් නවත්වයි.. - ඇමති විජිත ඊට එකඟයි..

සෞදි අරාබියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය තුළ වසර 10 කට අධික කාලයක් පවත්වාගෙන ගිය දහම් පාසල මාලිමා ආණ්ඩුවේ තානාපති අමීර් අජ්වල් ගේ නියෝගයක් අනුව නැවැත්වීමට සිදුවී ඇතැයි එරට සේවය කරන බෞද්ධ ප්‍රජාව ලංකා ලීඩර් වෙත වාර්තා කර තිබේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනයට අන්තර්ජාතික ලංසු කැඳවීමට සැරසේ..

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය වාණිජමය වශයෙන් ප්‍රයෝජනයට ගැනීමේ පියවරක් ලෙස, එහි පවතින ටැංකි 29 ක් සංවර්ධනය කිරීම සඳහා ඉදිරි මස ඇතුළත අන්තර්ජාතික ලංසු කැඳවීමට Trinco Petroleum Terminal Limited (TPTL) සමාගම සූදානම් වේ.

ස්වයංක්‍රීය AI නියෝජිතයෙක් ප්‍රධාන AI ආකෘති ගබඩාවකට ප්‍රහාරයක් එල්ල කරයි!

නිව්යෝර්ක් නගරය මූලස්ථානය කරගත් Hugging Face සමාගම පවසන්නේ, සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය කෘත්‍රිම බුද්ධි (AI) නියෝජිත පද්ධතියක් තම AI ආකෘති (Models) ගබඩාවට අනවසරයෙන් ඇතුළු වූ බවත්, එය මෙතෙක් මුහුණ දී ඇති කිසිදු සයිබර් ප්‍රහාරයකට සමාන නොවන අත්දැකීමක් බවත්ය.

හිටපු පොලිස්පති අබිරහස් මරණය සියදිවි නසා ගැනීමක්ද? ඝාතනයක්ද? අත්වැරැදීමක්ද? (වීඩියෝ)

හිටපු පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න මහතාගේ හදිසි සහ අබිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළත්, දේශපාලන හා ආරක්ෂක ක්ෂේත්‍ර තුළත් දැඩි කතාබහක් සහ සැකසංකා මතු වී තිබේ.

ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්

නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.

ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..

ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.

ඉන්දියාවේ 'කැරපොතු ජනතා පක්ෂය' දිල්ලි නුවර වටලයි.. විරෝධතාකරුවන් පාර්ලිමේන්තුව දෙසට..

ඉන්දියාවේ විභාග ප්‍රශ්න පත්‍ර කලින් පිටවීම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සිදුවන දූෂණවලට එරෙහිව රට පුරා දැවැන්ත ජනතා විරෝධයක් ආරම්භ වී තිබේ.

ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය

මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි.

බෙදුම්වාදීන්ට උවමනා ආකාරයට පුරාවිද්‍යා බඳවා ගැනීම් පටිපාටි වෙනස් කරයි.. - ජාතික සංවිධානවලින් චෝදනා

පුරාවිද්‍යා කොමසාරිස් සහ සුමන්තිරන්ලා රහසිගතව මුණගැසීම පිළිබඳව ලංකා ලීඩර් වෙත අදහස් දැක්වූ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එම ක්‍රියාවලිය තුළ උතුර සහ නැගෙනහිර පළාත්වල සහකාර පුරාවිද්‍යා අධ්‍යක්ෂ ධුර 4ක් සඳහා පිටතින් බඳවා ගැනීම සඳහා නව තරග විභාගයක් පවත්වන බවය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.