News Category
From Date
To Date
Maximum Number of Result

මුදල් ඇමැති ධුරය හිමිවූ වන්නි හත්පත්තුවෙන් පැමිණි උක්කුබණ්ඩා වන්නිනායකගේ කතාව..

Oct 9, 2025 at 08:44 AM
|

නවසිය හැටපහ හැත්තෑව අතර කාලයේ අගභාගයේ ලෝක බැංකුවේ සභාපතිවරයා වූයේ කලකටපෙර ඇමෙරිකානු ආරක්ෂක ලේකම්වරයාව සිටි රොබර්ට් මැක්නමාරාය. ඒ කාලයේ ලංකාවේ මුදල් ඇමැති ධුරය හිමිව තිබුණේ වන්නි හත්පත්තුවෙන් පැමිණි උක්කුබණ්ඩා වන්නිනායක වෙතය. 1968 වසරේ මේ කියන උක්කුබණ්ඩා වොෂින්ටනය බලා ගියේ බැංකු පාලක මණ්ඩල සභිකයන්ගේ වාර්ෂික සමුළුවකටය. එහි සභාපති ධුරය හිමිවූයේ ශ්‍රී ලංකාවේ වන්නි හත්පත්තුවෙන් ආ උක්කුබණ්ඩා වන්නිනායකය.

නවසිය හැට අටේ සැප්තැම්බර් 30 සිට ඔක්තෝබර් 4 දක්වා පැවැති මේ සමුළුවට ගිය උක්කුබණ්ඩාහට ඇමෙරිකාවේ ෂෙරටන් පාක් හෝටලයේ සුඛෝපභෝගී කාමර පෙලක් වෙන්කර තිබුණි. එයට ඕනෑම අමුත්තෙකු කැඳවා ගන්නටත්, ඒ අයට සංග්‍රහ කරන්නට සීමාවක් නැති මුදල් ප්‍රමාණයක් වැය කිරීමේ අවස්ථාව සලසා තිබුණි. එහෙත් සරල ගැමි ජීවිත රටාවට හුරු වී සිටි වන්නිනායක සභාපතිවරයා ඒ මුදල් කිසිවක් ඇල්ලුවේවත් නැත. තමන් ගිය කාරිය මනාව ඉටුකොට හීන්සීරුවේ මෙරටට ආවා පමණි. ලෝකේ කොහේ ගියත් යාපහුවේ ජනතාව හමුවීම අමතක නොකරන යූ.බී. සති අග ඔවුන් හමුවීම සඳහා පිටත්ව යන්නේ සිය පුත්‍රයාගේ කටකාර මිත්‍රයන් නම්කර තිබූ කෝච්චි ගෙදරටය. ආණ්ඩුවෙන් ලබාදී තිබූ 4 ශ්‍රී 7568 පර්ජෝ 404 රථය භාවිතා කරන්නේ කොටුව ස්ටේසමට යාමට පමණි. ඇමැතිවරයා දුර ගමන් යන්නේ කෝච්චියේය. කලාතුරකින් දිනෙක මේ රථය හෝ ඡන්ද වැඩවල යෙදෙන කාලයේ නිකම් ගන්නේ නැති නිසා කොටස් වශයෙන් ගෙවන්නට යැයි ඩබ්ලිව්.එම්. අප්පුහාමි මුදලාලි ලබාදී තිබූ EL 7439 ෆෝර්ඩ් කොන්සල් රථය පුත්තලමට කෝච්චියෙන් ගෙන්වා ගන්නා අවස්ථාද තිබේ. යම් හෙයකින් රථය පාවිච්චි නොකරන විට සැමවිටම යතුර තබාගන්නේ වන්නිනායක මහතා අතේය. රාජකාරි වාහනය කිසිදා අඹුදරුවන්ගේ වැඩකටයුතුවලට ඔහු යොදාගන්නේ නැත.

යාපහුවේ ගෙදරට සුඛෝපභෝගී වස්තුවක් තිබුණා නම් ඒ ටෙලිෆෝනයයි. නමුත් මේ දුරකතනයද ගෙදර කාටවත් පරිහරණය කරන්නට අවසර නැති එකකි. යූ.බී. වන්නිනායක මහතා රට යනවිට කලින්ම දුරකතන ආයතනයට ලිපියක් යවන්නේ තමන් රට යන බැවින් අදාළ දිනවල මේ දුරකතනයෙන් සේවා අවශ්‍ය නොවන බව කියමිනි.

මුදල් ඇමැති කාලයේ බුලර්ස් පටුමගේ නිල නිවසක් යූ.බී. වන්නිනායක ඇමැතිවරයාටද ලබාදී තිබුණි. රංජනී සහ මහින්ද වැඩිමහල් දරුවෝ මේ ගෙදරට ගිය මතක ඇත්තෝය. මහින්ද කාලයක් නීති විද්‍යාලයට ගියේ මේ නිවසේ නැවැතී සිටය. ඒ කාලයේ ගල්කිස්සේ සිට එන මහින්දගේ සගයෙක් බුලර්ස් පාරේ නිවසට විත් මහින්ද සමග නීති විද්‍යාලය බලා යයි. අනෙක් සිසුන්ට මේ රටේ මුදල් ඇමැතිවරයාගේ පුත්‍රයා බවට අර කී මිත්‍රයා මහින්දව හඳුන්වා දුන්නද ඔවුන් එය එක්වරම විශ්වාස නොකරන්නේ (මුදල් ඇමැතිගේ පුත්‍රයා මේ වගේ බස් එකේ එන්නට හේතුව) ඔවුන්ට නොවැටහෙන හෙයිනි. මේ බුලර්ස් පාරේ නිවස විශාල එකකි. එහෙත් යූ.බී. වන්නිනායක නම්වූ අල්පේච්ඡතාව ගුරුකොටගත් පොදුජන නායකයාගේ හිතට අල්ලන අන්දමට මේ නිවස සකස් කර තිබුණේ අමුතුම විදිහකටය. එහි වෙනත් මන්ත්‍රී නිවාසවල දක්නට ලැබෙන මහානාර්ඝ සැප සම්පත් තිබුණේ නැත. බක්ක පුටු සැටි, බංගසාල නිදන ඇඳන් සහිත සුඛෝපභෝගී කාමර, බුරුත කෑම මේස කට්ටල දක්නට ලැබුණේ නැත. එහිවූයේ යාන්තම් පුටු කබල් දෙක තුනකි. 

ඇමැති කාර්යාල කාමරයේ ලියන මේසයක් තබා සාමාන්‍ය පුටු දෙක තුනක් තබා තිබුණි. පොත්පත්, හැන්සාඩ් වාර්තා බිම සිට වහළ දක්වා කඳු ගසා තිබෙන අයුරු දක්නට හැකිය. නිදන කාමරය තුළද කුඩා ඇඳක් තිබුණද එය සාමාන්‍ය ගමේ ගොඩේ වැල් ඇඳකි. මේසයක් පුටුවක් එතැනද විය. ඉතිරි මුළු නිවසම පාළුවට ගොසිනි. නමුත් අමතක නොකර ගමෙන් ගෙන ආ එක් සුඛෝපභෝගී භාණ්ඩයක් මේ නිවසේ දක්නට ලැබුණි. ඒ හාන්සි පුටුවයි. නිස්කාංසුවේ හාන්සි පුටුවේ වැතිර කල්පනාවේ යෙදෙන්නට ප්‍රියකළ යූ.බී. හාන්සි පුටු දෙකක්ම මේ ගෙදර තබා ගත්තේය.

රංජනී හෝ මහින්ද ඇතුළු දරුවන් මෙහි ආ දිනට සිදුවන්නේ බිමට ගුදිරි එලා ඉඩ ඇති තැනක නිදාගන්නටය. තැනක් සොයාගැනීම සමහර දිනවලට පහසු නැත්තේ කුරුණෑගලින්, යාපහුවෙන්, පුත්තලමින් කොළඹ ආ නන්නාඳුනන අමුත්තෝ රෑ ගත කරන්නට ඇමැති නිවාසයට පැමිණ සිටින බැවිනි. ඔවුන් හිතූ හිතූ තැන්වල වැටී රෙදි, පැදුරු, කාඩ්බෝඩ් එලාන නිදාගනිති. පසුකාලීනව මහින්දගේ මව මේ නිවසට ඇඳන් දෙකක් එවා තිබුණේ දරුවන්ගේ පාවිච්චියටයි.

මේ නිවස ගැන ප්‍රසිද්ධ වූ කතාවක් තිබේ. මාධ්‍යවලින් නොයෙක් විදිහට ඉදිරිපත් කර ඇති මේ කතාවට අදාළ සිද්ධිය වන සමයේ මහින්ද බුලර්ස් නිවසේ සිට නැත. එකල ලෝක බැංකුවේ ලොක්කෙක් (සමහරුන්ට අනුව මැක්නමාරා - නමුත් මැක්නමාරා මේ සමයේ ලංකාවට පැමිණ නැත.) ලංකාවේ මුදල් ඇමැතිතුමා ඔහුගේ නිල නිවසේදී හමුවන්නට මනාප බව කීවේය. මේ ගැන දැනගත් විට ඩඩ්ලි. සේනානායක අගමැතිවරයා මහබැංකු අධිපතිට මේ නිවසේ පහසුකම් සොයා බලන්නට යැයි කීවේය. ඔහු නිලධාරි පිරිසක් එතැනට යැව්වේය. ගිය පිරිසට දකින්නට ලැබුණේ පාළු බංගලාවකි. 

ලෝක බැංකුවෙන් ආ නියෝජිතයා (මොහු ඉයුජින් ආර්. බ්ලැක් විය හැකි යැයි මහින්ද වන්නිනායක පෙන්වා දේ බ්ලැක් කලින් ලෝක බැංකු සභාපතිවරයකු මෙන්ම මේ කියන කල මැක්නමාරාගේ ආසියාතික උපදේශක විය) මේ ස්ථානයට රැගෙන යා නොහැකිය. ඔවුහු වහාම ඩඩ්ලි. හමුව ඇඳ කබලක්, මේස පුටු කබල් කිහිපයක් ඇති මේ තැන ගැන වාර්තාව ඉදිරිපත් කළහ. ඩඩ්ලි. ඔළුවේ අතගසා ගත්තේය. වහාම දොන් කරෝලිස් සාප්පුව අමතා නිවසට අවශ්‍ය ලී බඩු ගෙනැත් තබා නිවස පිළිවෙලක් කරන්නටත් නියෝජිතයා ගිය පසු ඒවා රැගෙන යන්නටත්, ආහාර තරු පංතියේ ප්‍රධාන පෙළේ හෝටලයකින් සපයන්නටත් කටයුතු යොදන ලෙසට නියම කළේලු!

බුලර්ස් නිවසේ කෑම උයා පිහා දෙන්නට වයසක උන්දෑ කෙනෙක් සිටියේය. ගමේ ක්‍රමයට ඇඹුලක් නියඹලාවක්, පලාවක් සමඟ කෑම ගන්නට හුරුව සිටි වන්නිනායක ඇමැතිවරයා මේ උන්දෑ නිවසේ නැතිකල අසල තිබූ කඩයකින් පාන් ගෙන්වා ගෙන කා සැහැල්ලුවෙන් සුවයෙන් සිටියේය. යම් දිනෙක අමාත්‍යංශයට යන්නට නිල රථය නිසි වේලාවට ආවේ නැතිනම් වන්නිනායක ඇමැතිවරයා ටැක්සියක නැගී අමාත්‍යංශය වෙත යන්නේ කාටත් කරදරයක් බැණ අඬ ගැසීමක් නොකරමිනි. ලේකම්වරයෙක් තබා නොගත් නිසා සියලු ලේඛන ලිවීම සකස් කිරීම කළේද ඇමැතිවරයාය. ප්‍රදේශයේ සෑම දෙනාගේම සුදුසුකම් ලේඛනගත කර වැඩි දක්ෂතා අනුපිළිවෙළට සකසා යවන්නේ ඇමැතිතුමාමය. මේ නිසා බොහෝ විට තනතුරු හිමිවන්නේ දක්ෂයාට මිස තමන්ගේ පිලට වැඩකළ අයට නොවේ. ඉතින් හැමදාමත් වන්නිනායක ඇමැතිතුමාට අහන්න ලැබෙන අඳෝනාවක් වේ. “අනේ, අපි මෙච්චර මැරිලා ඇමැතිතුමාට වැඩකළා. ඒත් රස්සා අරන් තියෙන්නේ ශ්‍රී ලංකාකාරයෝ.” මේ පාක්ෂිකයන්ගෙන් එල්ල වූ චෝදනාවය.

වන්නිනායක මහතා කාටත් බෙදුවේ එක හැන්දෙන් බව මහින්ද මෙන්ම රංජනී වැඩිමල් දරුවන්ට හොඳට මතකය.

“අපේ මල්ලි කෙනෙකුට රස්සාවක් දෙන්න වාරිමාර්ගේ ප්‍රධානියෙක් උත්සාහ කළා. එයා කිව්වා භෞතික විද්‍යාවට සම්මාන තියෙනවා කියලා අයැදුම්පත පුරවල එවන්න කියලා - ගැටලුවක් නෑ කියලා. නමුත් මල්ලිට තිබුණේ සාමාන්‍ය සාමාර්ථයක්. තාත්තා රස්සා දෙන්නෙත් නැති නිසා මල්ලි ඒ විදියට අයැදුම්පත හදලා චරිත සහතිකයක් ගත්තා සී.පී. ද සිල්වා මහත්තයාගෙන්. සී.පී. ද සිල්වා මහත්තයා ඒක ගැන පාර්ලිමේන්තු විවේකාගාරයේදී ”ඔන්න මං පුතාට චරිත සහතිකයක් දුන්නා” කියලා කිව්වාලු. තාත්ත එදා ගෙදර ඇවිත් ගන්නවා බලන්න දාන්න යන ඉල්ලුම්පත්‍රය කියලා මල්ලිගෙන් ඉල්ලුවා! ඊට පස්සේ කියෝලා බලලා හොඳටම තරහා ගිහිල්ලා බැන්නා.”

“ඉල්ලුම් පත්‍රයෙන්ම බොරුව කරන්න හදන්නේ. නැති සුදුසුකම් පෙන්නලා රස්සාවලට ගියාම තනතුරුවලට මොකද වෙන්නේ. රටට මොකද වෙන්නේ. උඹලා මටද මේ නින්දා කරන්නේ? කියලා මල්ලිගේ ඉල්ලුම් පත්‍රය ඉරලා දැම්මා.” මල්ලිට භෞතික විද්‍යාවට සම්මාන නෑ කියලා අප්පච්චිට මතක තිබුණා.

අපේ මල්ලි කෙනෙකුගේ රස්සාවක් ගැන ජේ.ආර්. ජයවර්ධන මහත්තයාට කියන්න කියලා අම්මා අප්පච්චිට කියා තිබුණා. මට කියන්නේ සුදුසුකම් ඇති ළමයෙක්ගේ නම කපලා මගේ එකාට රස්සාව දෙන්න කියන ලැජ්ජ නැති කතාව ජේ.ආර්.ට කියන්නද කියලා ගෝරනාඩු කළා.

අපේ තවත් මල්ලි කෙනෙක් බැංකුවක රස්සාවට අයැදුම් කළා. ඉන්ටර්වීව් ආවා. ඉතින් සම්මුඛ පරීක්ෂණයේදී නම, ගම අහනකොට හුරුපුරුදු බව දැනිලා වන්නිනායක කියන මුදල් ඇමැති කවුදැයි මල්ලිගෙන් ඒ නිලධාරි අහලා. ඒ මගේ අප්පච්චි කියලා මල්ලි කියලා. නෑකම දැනගත්තාම ලිපිකරුකමට වඩා හොඳ රස්සාවක් දෙන්න පුළුවන් කියලා කතාවෙලා අප්පච්චිට කතා කරලා ඒ ගැන කියලා තියෙනවා. මගේ පුතා නිසා සුදුසුකම් නැතිව තනතුරු දීලා ප්‍රශ්නයක් ආවොත් තමුන්ටම වග කියන්න වෙයි කියලා අප්පච්චි ගෝරනාඩු කරලා තියෙනවා.”

වන්නිනායක ඇමැතිවරයා මලියදේව විද්‍යාලයේ හතරවැනි විදුහල්පතිවරයාය. තමන්ගේ මහන්සියෙන් හදාගත් පාසලට දරුවන් ගිය යුතුය යන විශ්වාසය ඔහුට තිබුණි. දියණිය විශාඛාවට යවන්නට මවට ඕනෑ කළත් වන්නිනායක මහතා එයට හරස් විය. ගමේ දුප්පත් ළමයි යන පාසලටම යැව්වේය. මලියදේවයේ ගුරුකම කරන කාලේ කොළඹ රාජකීය විදුහලට වන්නිනායක මහතාට ආරාධනා කළද ඔහු එහි ගියේ නැත.

මුදල් ඇමැති කාලේ රට සවාරි යනවිට ඇමැති බිරියටද යන්නට හැකිය. නමුත් බොහෝ ගමන්වලට ඔහු සිය පිය බිරිය රැගෙන ගියේ නැත. රජයෙන් මුදල් වෙන්කර දුන්නත් ඒවාද සතයටම ගනුදෙනු බේරුවේය. ලංකාවට ආ සැනින් ඉතුරු ඩොලර් සියල්ල මහ බැංකු ගිනුමට දාන්නට යැයි කියා සිය බෑනා වන එච්.බී. අබේරත්න මහතාට බාර දෙන්නේය.

වරෙක ලෝක බැංකුව එහි වියදමින් දෙපලටම අමෙරිකානු සවාරියකට අවස්ථාව ලබාදුන්නේය. බිරිය චන්ද්‍රා එහි ගියේ මහත් සතුටෙනි. වියදම් සඳහා මුදල් අසීමිතව ලබා දී ඇති නමුත් වන්නිනායක ඇමැතිවරයා ඒවා වියදම් කළේ නැත. බිරිය බැරිම තැන ලංකාවට කතාකර අත්‍යවශ්‍යම බඩු ටිකක් ගන්නටවත් සල්ලි නැති බව කීවාය. අන්තිමේ දරුවෝ අම්මාට සල්ලි යැවූහ.

ලෝක බැංකුවේද ඉහළ නිලතල දරා එයින් අයුතු ප්‍රයෝජන නොගත් වන්නිනායක මහතා එහිදී තමන්ට ලබාදුන් වාහනයද ලබා නොගෙන එහි වටිනාකමද ලංකා රජයට බැරකළ බව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා පසු අවස්ථාවක සඳහන් කර තිබුණි.

රණසිංහ ප්‍රේමදාස මහතා කියා තිබුණේ යූ.බී. වන්නිනායක මහතා තරම් සැහැල්ලුවෙන් අල්පේච්ඡතාවෙන් ජීවත් වූ තවත් කිසිකෙනෙක් නැති බවය. “එතුමාගේ බර මේ මහපොළොවට කිසිසේත්ම දැනුනේ නෑ” කියා ප්‍රේමදාස මහතා සඳහන් කර තිබේ.

තමන්ගේ ඉඩකඩම් පවා අනුන්ට පවරා දුන් වන්නිනායක මහතා වියෝ වූ විට අගහිඟකම් පවුලට දැනෙන්නට විය. රජයේ සේවකයෙක් නිසා වැන්දඹු අනත්දරු ප්‍රතිලාභ ගැනීමට උත්සාහ කළ බිරියට දැනගන්නට ලැබුණේ ඔහු ඒ සඳහා අවශ්‍ය ලියකියවිලි ලබාදී නැති බවය. පසුව ජේ.ආර්. ජයවර්ධන මහතා මන්ත්‍රී විශ්‍රාම වැටුපක් ගෙන ආවේය. එය ඔවුනට මඳ සහනයක් ගෙන ආවේය. දියණිය රංජනී කියන්නේ “හැබැයි අපේ අප්පච්චි හිටියා නම් ජේ.ආර්.ගේ ඔය යෝජනාවටත් විරුද්ධ වෙනවා” කියාය.

ජීවිතයේ අන්තිම කාලයේ බස්රථයෙන් බැස අවුත් පයින් හෝ බක්කි කරත්තයෙන් යන වන්නිනායක හිටපු ඇමැතිතුමා ගමේ කාටත් මතක දසුනකි. හෙතෙම කිසිවිටක නිලය ධනය බලය කරට ගත්තේ නැත. අසාධාරණයේදී වහා කිපෙන සුළු වුවද කිසිවෙකුට අනදරයක් සිදු නොකළේය.

වරක් ඇමැතිවරයා රෑ බෝවී ඇල්ල හරහා දැදුරු ඔය පහුකරගෙන ගමනක් ගියේය. දැන් ඇති දැදුරු ඔය පාලම ඇමැතිවරයා තමන් විසින් එකල සාදා තිබූ නමුත්, එහි විවෘත කිරීම් කටයුතු අවසන් කර නොතිබුණි. මේ නිසා පාලම අවහිර කර තිබූ අතර මුරකරුවෙක්ද විය. තමන් හැදූ පාලමෙන් තාමත් මිනිස්සුන්ට සෙතක් නැත්තේ මන්ද? පාලම හදා ඉවර නම් භාවිතයට ගන්නේ නැත්තේ මන්ද? ඇමැතිවරයා මේ ගැන රියැදුරුගෙන් ඇසීය. “පාලම විවෘත කරනකම් ඔය මුරදාලා. නමුත් ලොරිකාරයෝ පුංචි ගතමනාවක් මිට මොලෝලා මුරකාරයාට කියලා බාධාවන් ඇරගන්නවා.” රියැදුරා කීවේය.

“හොඳයි, එහෙනම් මේං මේකත් දෙනවා.” කියා ඇමැතිවරයා සාක්කුවෙන් රුපියල් 2ක් ඇද දුන්නේය. බාධකය ඇරුණු අතර ඇමැතිවරයා ගමන ගියේය. පසුදිනෙක නිලධාරි පිරිසක් ඇවිත් පාලම විවෘත කිරීමේ මහා උත්සව සංවිධානයක් ගැන කතා කරන්නට විය.

“මං මොකටද ඔය එකම පාලම දෙපාරක් විවෘත කරන්නේ. මං ළඟදි දවසක් රෑ රුපියල් දෙකක් දීලා පාලම විවෘත කළා” යැයි ඇමැතිවරයා උපහාසාත්මකව සුපුරුදු සැහැල්ලුවෙන් යුතුව කියා දැම්මේය. උක්කුබණ්ඩා වන්නිනායක එබඳු බෝධිසත්ව ගුණෝපේත අමුතු චරිතයක් විය. එබඳු මුදල් ඇමැතිවරු නැවත දක්නට ලැබෙන්නේ නම් නැත.

- සුගත් පී. කුලතුංගආරච්චි

(උපුටාගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.