News Category
From Date
To Date
Maximum Number of Result

නොදන්නා කතාවකි. අග්‍රාමාත්‍ය බන්ඩාරණායක මහතාගේ ඝාතනය..

Feb 6, 2026 at 07:09 AM
|

මෙරට රාජ්‍ය නායකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුම සාහසිකයින් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳව අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට, එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවෙකු විසින් වෙඩි තබන ලද සිදුවීම, පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි.

එකී භික්ෂුවගේ ඉතිහාසය පිළිබඳ එකල සමාජය දැනසිටි නමුත්, වත්මන් පරම්පරාව එම සිදුවීම හෝ ඝාතකයා පිළිබඳව වැඩිමනක් නොදනියි. එමනිසා, ඔහු සහ එම සිදුවීම පිළිබඳව වැඩි යමක් විස්තර කරනු අටියෙන් මෙම ලිපිය ඔබ හමුවේ තබමි.

මුල් අවධිය...

1915 අගෝස්තු මස 27 වන දින අයිසෝ හාමි සහ රතුගම රාළගේ ඩයරිස් අප්පුහාමි යුවළට දාව උපත ලැබූ සෝමාරාමගේ ගිහි නම වූයේ, තල්දූවේ රතුගම රාළගේ වේරිස් සිඤ්ඤෝ ය. තල්දූව ද්විතීයික පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති බවට සැලැකෙන වේරිස් සිඤ්ඤෝ, 1936 වසරේ ජූනි මස මහනුවර දී “තල්දූවේ සෝමාරාම” නමින් පැවිදි වී ඇති බව සඳහන් ය.

එවකට කැළණිය රජ මහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සමග සම්බන්ධතා පැවැත්වූ සෝමාරාම භික්ෂුව, නිතර කැළනිය රාජ මහා විහාරස්ථානයට ආ ගියේ ය. මාපිටිගම බුද්ධරක්ඛිත යනු බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරයට ධනයෙන් සහ බලයෙන් සහයෝගය දැක්වූ භික්ෂුවකි. බුද්ධරක්ඛිත හිමියන් බණ්ඩාරනායකට සහයෝගය දැක්වූව ද, බලයට පත්වීමෙන් පසු බණ්ඩාරනායක එම හිමියන් සිදුකළ ඉල්ලීම්වලට එකඟ වූයේ නැත

සැලසුම් සකස්කෙරේ...

දිනක් සෝමාරාම භික්ෂුව බොරැල්ලේ අයුර්වේද බෙහෙත් ශාලාවේ සිටිය දී, මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සහ ඔහුගේ සහායකයෙකු වූ එච්. පී. ජයවර්ධන මෝටර් රථයකින් පැමිණ, සෝමාරාම භික්ෂුව රථයට කැඳවාගත්හ. වැරැදි පාලනය නිසා රට පිරිහෙන බවත්, කටයුතු මෙලෙසම සිදුවුවහොත් ලංකාවට බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බවටත් පැවැසූ බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට යෝජනා කළේ, ඊට විසඳුමක් ලෙස බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් “යම්කිසි තීරණයක්” ගත යුතු බව යි. එහි වගකීම ඔහු සෝමාරාම භික්ෂුවට පැවරීය.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ යෝජනාවට එක්වරම කැමැති නොවූ සෝමාරාම භික්ෂුව බුද්ධරක්ඛිත හිමියන්ගෙන් විමසා සිටියේ, එවැනි දෙයක් සිදුකිරීමෙන් පසුව ඇතිවන ඵලවිපාකයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න යි. ඊට පිළිතුරු දෙමින් මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමෙන් පසුව, ඔවුන්ට ගැළැවීමට අවශ්‍ය සියලු කටයුතු ඒ වන විටත් සූදානම් කර ඇති බව යි. යම්හෙයකින් සෝමාරාම භික්ෂුව බන්ධනාගාරගත වුවහොත් සතියක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත ඔහුව බේරාගැනීමට අවශ්‍ය සැලැසුමක් ද සකස් කර තිබෙන බව බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට පවසා ඇත. සියළු දේ සූදානම් කර තිබෙන බවත්, මෙම කාර්යය සඳහා බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් නැවැත නැවැත සඳහන් කළ බුද්ධරක්ඛිත හිමියන්, අවසානයේ සෝමාරාම භික්ෂුව බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා කැමැති කරවා ගැනීමට සමත් විය

තමන් විසින් විහාරාධිපතීත්වය දරන විහාරස්ථානයක් තිබෙන බවත්, ගෝල හිමිවරුන් දෙදෙනෙකු සිටින බවත් සෝමාරාම භික්ෂුව මෙහිදී පවසා තිබේ. ඒ අවස්ථාවේ බුද්ධරක්ඛිත හිමියන් සහ ජයවර්ධන සඳහන් කර තිබුණේ, ඒ සියළු දේ පිළිබඳව වගකීම ඔවුන් විසින් භාරගන්නා බව යි. දිනක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා පිස්තෝලයක් ගෙනැවිත් දෙන බව ද ඔවුන් සෝමාරාම භික්ෂුවට පැවැසුවේය.

පැවැසූ පරිදි දින දෙකක් හෝ තුනක් ඇතුළත, අඩියක් පමණ දිග, උණ්ඩ හයක් පමණ දැමිය හැකි පිස්තෝලයක් ද රැගෙන බුද්ධරක්ඛිත හිමියෝ සහ ජයවර්ධන සෝමාරාම භික්ෂුව හමුවීමට පැමිණියෝ ය. ඔවුහු මුතුරාජවෙල ප්‍රදේශයේ දී වෙඩි තැබීම සඳහා පුහුණු වූ බව ද පසුකාලීන විමර්ශනවල දී අනාවරණය වී තිබේ. එයින් පසුව බුද්ධරක්ඛිත හිමියන් හා ජයවර්ධන නිතරම සෝමාරාම භික්ෂුව මුණගැසෙන්නට පැමිණියහ. ඉන් එක් දිනයක කොලොන්නාව නගර සභාවේ සභාපති අමරසිංහ නමැති පුද්ගලයාත් බුද්ධරක්ඛිත හිමි සමග සෝමාරාම මුණ ගැසීමට පැමිණියේ ය. ඝාතන සැලැස්ම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ඔවුන් 1959 සැප්තැම්බර් මස 25 වැනි දින අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට තීරණය කළෝ ය.

සැලසුම ක්‍රියාවට...

1959 සැප්තැම්බර් මස 25 වන දින උදෑසන සෝමාරාම භික්ෂුව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා සිතේ ධෛර්යය ඇතිකර ගැනීමට ඔහු විසින් ම සකස් කරගත් යම්කිසි බෙහෙතක් පානය කළ බව කියැවේ. ඉන්පසුව ඔහු බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ජීවත් වූ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි 'රොස්මිඩ් නිවෙස' (වර්තමාන ටින්ටජල් හෝටලය) වෙත ගියේ ය. 

එදින උදෑසන ඔහු එහි යන විට අග්‍රාමාත්‍යවරයා නිවෙසේ ආලින්දයේ සිට මහජනයා හමුවෙමින්, ඔවුන්ගේ ගැටැළු පිළිබඳව සොයාබලමින් සිටි අතර, සෝමාරාම භික්ෂුව එහි යන අවස්ථාවේ තවත් භික්ෂුන්වහන්සේ කිහිප නමක් ද එහි සිටි බව කියැවේ. චීවරයක් හැඳ සිටි නිසා පරීක්ෂා කිරීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා වෙතට ප්‍රවේශ වීමට ඔහුට ඉඩ ලැබුණු අතර භික්ෂූන්වහන්සේ නමක් පැමිණ ඇති බව ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ. මෙනිසා පැමිණ සිටි ගිහි පාර්ශවයට පෙර අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා සෝමාරාම භික්ෂුවට අවස්ථාව හිමිවූ හෙයින්, ඔහු ආයුර්වේද විද්‍යාලයයේ පවතින ගැටැළුවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළේ ය. ඒ පිළිබඳව සොයාබැලීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍ය ඒ.පී. ජයසූරිය මහතාට දැනුම් දෙන්නම්යැ යි අග්‍රාමාත්‍යවරයා සෝමාරාමට පොරොන්දු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් යම් ලියවිල්ලක් වේ නම් එය ද තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. උදෑසන 09.45ට පමණ සෝමාරාම භික්ෂුව ලිපිගොනුවක් මේසය මත තබා ඉන් එක් ලියවිල්ලක් අග්‍රාමාත්‍යවරයා අතට ලබා දීමට සැරසුණේ ය.

කෙසේ නමුත්, ලියවිල්ල දෙනවා වෙනුවට සිය ඉණේ සඟවාගෙන සිටි පිස්තෝලය එක්වරම පිටතට ගත් මේ භික්ෂුව අග්‍රාමාත්‍යවරයාගේ පපු පෙදෙසට වෙඩි උණ්ඩයක් තැබීය. වෙඩි උණ්ඩය සිරුර පසාරු කරගෙන ගිය පසු එතැනම ඇද වැටුණු අග්‍රාමාත්‍යවරයා නැවැතත් අපහසුවෙන් නැඟී සිට නිවෙස තුළට දිවයාමට තැත් කළ ද, පසුපසින් හඹා ගිය සෝමාරාම තවත් කිහිප වරක් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාට වෙඩි තබනු ලැබීය. සියල්ල මෙසේ සිදු වෙද්දී එම ස්ථානයේ රැඳී සිටි, පොළොන්නරුව ප්‍රදේශයෙන් පැමිණි තවත් හිමිනමක් කලබලයට පත් වූ අතර, සෝමාරාම එම හිමි නම වෙත ද පිස්තෝලය එල්ල කළේ ය. පසුව අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් සෝමාරාම භික්ෂුවට වෙඩි කිහිපයක් තැබූ අතර, ඉන් තුවාල ලැබූ ඔහු වරාය පොලීසිය වෙත රැගෙන යන ලදී.

බරපතල තුවාල ලැබූ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සිය බිරිඳ වූ, පසුකාලීනව ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට, "සිරිමා, මෝඩ මිනිහෙක් මට වෙඩි තිව්වා. ඒ මිනිහට අනුකම්පා කරන්න. කරදරයක් නම් කරන්න එපා"යැ යි පැවැසූ බව එම සිද්ධිය ඇසින් දුටුවන් පසු කලෙක පවසා තිබේ. වෙඩි තැබීමෙන් පැය 22කට පසු අගමැතිවරයා අභාවප්‍රාප්ත වූයේ ය.

සිදුවීමේ ප්‍රතිඵල..

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකුට විරුද්ධව, 1959 නොවැම්බර් 29 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන ලදී. එකී විත්තිකරුවන් අතර එක් අයෙකු වූයේ සෝමාරාම භික්ෂුව ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමට අමතරව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්විය. මෙම ඝාතන සිද්ධියේ පරීක්ෂණ කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් ද පරීක්ෂකවරුන් මෙහි පැමිණ සිටියේ ය.

1959 වසරේ සැප්තැම්බර් මස 25 දින රොස්මිඩ් නිවෙස, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ දී එවකට අග්‍රාමාත්‍යවරයා වූ බණ්ඩාරනායක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෝමාරාම භික්ෂුව වැරදිකරු බවට තීරණය කෙරිණි. ඔහු, එවකට අළුගෝසු තනතුර දැරූ සුබතේරිස් අප්පු සහ ඔහුගේ සහායක ලුවිස් සිඤ්ඤෝ විසින් වැලිකඩ බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබුවේ 1962 ජූලි මස 06 වැනිදා ය. මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන යන දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. බුද්ධරක්ඛිත හිමි සිර අඩස්සියේ දී අපවත් වූ අතර, ජයවර්ධන නියමිත කාලයට මඳකට පෙර නිදහස් කෙරිණි. 

එල්ලා මැරීමට දෙසතියකට පෙර සෝමාරාම භික්ෂුව සිය සිවුර අතහැර දැමූ අතර, ඔහුව එල්ලා මැරීමට දින දෙකකට පෙර කිතුනුවකු ලෙස බව්තීස්ම වූයේ කොළඹ 07 කිංසි පාරේ පිහිටි ශාන්ත පාවුළු පල්ලියේ පූජක මැතිව් පීරිස් පියතුමා විසිනි. මැතිව් පීරිස් පියතුමා ද, ඔහුගේ බිරිඳ වූ යුනිස් පීරිස්, සහ ඔහුගේ පෙම්වතිය වූ ඩැල්රීන් ඉන්ග්‍රැම්ගේ සැමියා වන රසල් ඉන්ග්‍රැම් යන දෙදෙනාට දියවැඩියාවට ලබා දෙන ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 1979 දී වැරැදිකරු බවට පත්විය.

(තොරතුරු අන්තර්ජාලයෙන්) 

- Rms Sudarshani


සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.