News Category
From Date
To Date
Maximum Number of Result

නොදන්නා කතාවකි. අග්‍රාමාත්‍ය බන්ඩාරණායක මහතාගේ ඝාතනය..

Feb 6, 2026 at 07:09 AM
|

මෙරට රාජ්‍ය නායකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුම සාහසිකයින් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳව අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට, එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවෙකු විසින් වෙඩි තබන ලද සිදුවීම, පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි.

එකී භික්ෂුවගේ ඉතිහාසය පිළිබඳ එකල සමාජය දැනසිටි නමුත්, වත්මන් පරම්පරාව එම සිදුවීම හෝ ඝාතකයා පිළිබඳව වැඩිමනක් නොදනියි. එමනිසා, ඔහු සහ එම සිදුවීම පිළිබඳව වැඩි යමක් විස්තර කරනු අටියෙන් මෙම ලිපිය ඔබ හමුවේ තබමි.

මුල් අවධිය...

1915 අගෝස්තු මස 27 වන දින අයිසෝ හාමි සහ රතුගම රාළගේ ඩයරිස් අප්පුහාමි යුවළට දාව උපත ලැබූ සෝමාරාමගේ ගිහි නම වූයේ, තල්දූවේ රතුගම රාළගේ වේරිස් සිඤ්ඤෝ ය. තල්දූව ද්විතීයික පාසලෙන් අධ්‍යාපනය ලබා ඇති බවට සැලැකෙන වේරිස් සිඤ්ඤෝ, 1936 වසරේ ජූනි මස මහනුවර දී “තල්දූවේ සෝමාරාම” නමින් පැවිදි වී ඇති බව සඳහන් ය.

එවකට කැළණිය රජ මහා විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සමග සම්බන්ධතා පැවැත්වූ සෝමාරාම භික්ෂුව, නිතර කැළනිය රාජ මහා විහාරස්ථානයට ආ ගියේ ය. මාපිටිගම බුද්ධරක්ඛිත යනු බණ්ඩාරනායකගේ මැතිවරණ ව්‍යාපාරයට ධනයෙන් සහ බලයෙන් සහයෝගය දැක්වූ භික්ෂුවකි. බුද්ධරක්ඛිත හිමියන් බණ්ඩාරනායකට සහයෝගය දැක්වූව ද, බලයට පත්වීමෙන් පසු බණ්ඩාරනායක එම හිමියන් සිදුකළ ඉල්ලීම්වලට එකඟ වූයේ නැත

සැලසුම් සකස්කෙරේ...

දිනක් සෝමාරාම භික්ෂුව බොරැල්ලේ අයුර්වේද බෙහෙත් ශාලාවේ සිටිය දී, මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් සහ ඔහුගේ සහායකයෙකු වූ එච්. පී. ජයවර්ධන මෝටර් රථයකින් පැමිණ, සෝමාරාම භික්ෂුව රථයට කැඳවාගත්හ. වැරැදි පාලනය නිසා රට පිරිහෙන බවත්, කටයුතු මෙලෙසම සිදුවුවහොත් ලංකාවට බරපතල තත්ත්වයකට මුහුණදීමට සිදුවිය හැකි බවටත් පැවැසූ බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට යෝජනා කළේ, ඊට විසඳුමක් ලෙස බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයෙන් “යම්කිසි තීරණයක්” ගත යුතු බව යි. එහි වගකීම ඔහු සෝමාරාම භික්ෂුවට පැවරීය.

කෙසේ නමුත් අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමේ යෝජනාවට එක්වරම කැමැති නොවූ සෝමාරාම භික්ෂුව බුද්ධරක්ඛිත හිමියන්ගෙන් විමසා සිටියේ, එවැනි දෙයක් සිදුකිරීමෙන් පසුව ඇතිවන ඵලවිපාකයන්ට මුහුණ දෙන්නේ කෙසේ ද යන්න යි. ඊට පිළිතුරු දෙමින් මාපිටිගම බුද්ධරක්ඛිත හිමියන් පවසා ඇත්තේ අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමෙන් පසුව, ඔවුන්ට ගැළැවීමට අවශ්‍ය සියලු කටයුතු ඒ වන විටත් සූදානම් කර ඇති බව යි. යම්හෙයකින් සෝමාරාම භික්ෂුව බන්ධනාගාරගත වුවහොත් සතියක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත ඔහුව බේරාගැනීමට අවශ්‍ය සැලැසුමක් ද සකස් කර තිබෙන බව බුද්ධරක්ඛිත හිමියන් සෝමාරාම භික්ෂුවට පවසා ඇත. සියළු දේ සූදානම් කර තිබෙන බවත්, මෙම කාර්යය සඳහා බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත් නැවැත නැවැත සඳහන් කළ බුද්ධරක්ඛිත හිමියන්, අවසානයේ සෝමාරාම භික්ෂුව බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා කැමැති කරවා ගැනීමට සමත් විය

තමන් විසින් විහාරාධිපතීත්වය දරන විහාරස්ථානයක් තිබෙන බවත්, ගෝල හිමිවරුන් දෙදෙනෙකු සිටින බවත් සෝමාරාම භික්ෂුව මෙහිදී පවසා තිබේ. ඒ අවස්ථාවේ බුද්ධරක්ඛිත හිමියන් සහ ජයවර්ධන සඳහන් කර තිබුණේ, ඒ සියළු දේ පිළිබඳව වගකීම ඔවුන් විසින් භාරගන්නා බව යි. දිනක් හෝ දෙකක් වැනි කාලයක් ඇතුළත අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා පිස්තෝලයක් ගෙනැවිත් දෙන බව ද ඔවුන් සෝමාරාම භික්ෂුවට පැවැසුවේය.

පැවැසූ පරිදි දින දෙකක් හෝ තුනක් ඇතුළත, අඩියක් පමණ දිග, උණ්ඩ හයක් පමණ දැමිය හැකි පිස්තෝලයක් ද රැගෙන බුද්ධරක්ඛිත හිමියෝ සහ ජයවර්ධන සෝමාරාම භික්ෂුව හමුවීමට පැමිණියෝ ය. ඔවුහු මුතුරාජවෙල ප්‍රදේශයේ දී වෙඩි තැබීම සඳහා පුහුණු වූ බව ද පසුකාලීන විමර්ශනවල දී අනාවරණය වී තිබේ. එයින් පසුව බුද්ධරක්ඛිත හිමියන් හා ජයවර්ධන නිතරම සෝමාරාම භික්ෂුව මුණගැසෙන්නට පැමිණියහ. ඉන් එක් දිනයක කොලොන්නාව නගර සභාවේ සභාපති අමරසිංහ නමැති පුද්ගලයාත් බුද්ධරක්ඛිත හිමි සමග සෝමාරාම මුණ ගැසීමට පැමිණියේ ය. ඝාතන සැලැස්ම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ ඔවුන් 1959 සැප්තැම්බර් මස 25 වැනි දින අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට තීරණය කළෝ ය.

සැලසුම ක්‍රියාවට...

1959 සැප්තැම්බර් මස 25 වන දින උදෑසන සෝමාරාම භික්ෂුව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සඳහා සිතේ ධෛර්යය ඇතිකර ගැනීමට ඔහු විසින් ම සකස් කරගත් යම්කිසි බෙහෙතක් පානය කළ බව කියැවේ. ඉන්පසුව ඔහු බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා ජීවත් වූ කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ පිහිටි 'රොස්මිඩ් නිවෙස' (වර්තමාන ටින්ටජල් හෝටලය) වෙත ගියේ ය. 

එදින උදෑසන ඔහු එහි යන විට අග්‍රාමාත්‍යවරයා නිවෙසේ ආලින්දයේ සිට මහජනයා හමුවෙමින්, ඔවුන්ගේ ගැටැළු පිළිබඳව සොයාබලමින් සිටි අතර, සෝමාරාම භික්ෂුව එහි යන අවස්ථාවේ තවත් භික්ෂුන්වහන්සේ කිහිප නමක් ද එහි සිටි බව කියැවේ. චීවරයක් හැඳ සිටි නිසා පරීක්ෂා කිරීමකින් තොරව අග්‍රාමාත්‍යවරයා වෙතට ප්‍රවේශ වීමට ඔහුට ඉඩ ලැබුණු අතර භික්ෂූන්වහන්සේ නමක් පැමිණ ඇති බව ආරක්ෂකයින් විසින් අග්‍රාමාත්‍යවරයාට දැනුම් දෙනු ලැබිණ. මෙනිසා පැමිණ සිටි ගිහි පාර්ශවයට පෙර අග්‍රාමාත්‍යවරයා හමුවීම සඳහා සෝමාරාම භික්ෂුවට අවස්ථාව හිමිවූ හෙයින්, ඔහු ආයුර්වේද විද්‍යාලයයේ පවතින ගැටැළුවක් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළේ ය. ඒ පිළිබඳව සොයාබැලීම සඳහා එවකට සෞඛ්‍ය අමාත්‍ය ඒ.පී. ජයසූරිය මහතාට දැනුම් දෙන්නම්යැ යි අග්‍රාමාත්‍යවරයා සෝමාරාමට පොරොන්දු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් යම් ලියවිල්ලක් වේ නම් එය ද තමන්ට ලබා දෙන ලෙස ඉල්ලා තිබේ. උදෑසන 09.45ට පමණ සෝමාරාම භික්ෂුව ලිපිගොනුවක් මේසය මත තබා ඉන් එක් ලියවිල්ලක් අග්‍රාමාත්‍යවරයා අතට ලබා දීමට සැරසුණේ ය.

කෙසේ නමුත්, ලියවිල්ල දෙනවා වෙනුවට සිය ඉණේ සඟවාගෙන සිටි පිස්තෝලය එක්වරම පිටතට ගත් මේ භික්ෂුව අග්‍රාමාත්‍යවරයාගේ පපු පෙදෙසට වෙඩි උණ්ඩයක් තැබීය. වෙඩි උණ්ඩය සිරුර පසාරු කරගෙන ගිය පසු එතැනම ඇද වැටුණු අග්‍රාමාත්‍යවරයා නැවැතත් අපහසුවෙන් නැඟී සිට නිවෙස තුළට දිවයාමට තැත් කළ ද, පසුපසින් හඹා ගිය සෝමාරාම තවත් කිහිප වරක් බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයාට වෙඩි තබනු ලැබීය. සියල්ල මෙසේ සිදු වෙද්දී එම ස්ථානයේ රැඳී සිටි, පොළොන්නරුව ප්‍රදේශයෙන් පැමිණි තවත් හිමිනමක් කලබලයට පත් වූ අතර, සෝමාරාම එම හිමි නම වෙත ද පිස්තෝලය එල්ල කළේ ය. පසුව අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂාවට යොදා සිටි පොලිස් නිලධාරීන් සෝමාරාම භික්ෂුවට වෙඩි කිහිපයක් තැබූ අතර, ඉන් තුවාල ලැබූ ඔහු වරාය පොලීසිය වෙත රැගෙන යන ලදී.

බරපතල තුවාල ලැබූ බණ්ඩාරනායක අග්‍රාමාත්‍යවරයා සිය බිරිඳ වූ, පසුකාලීනව ලොව පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත් වූ, සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට, "සිරිමා, මෝඩ මිනිහෙක් මට වෙඩි තිව්වා. ඒ මිනිහට අනුකම්පා කරන්න. කරදරයක් නම් කරන්න එපා"යැ යි පැවැසූ බව එම සිද්ධිය ඇසින් දුටුවන් පසු කලෙක පවසා තිබේ. වෙඩි තැබීමෙන් පැය 22කට පසු අගමැතිවරයා අභාවප්‍රාප්ත වූයේ ය.

සිදුවීමේ ප්‍රතිඵල..

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් හත්දෙනෙකුට විරුද්ධව, 1959 නොවැම්බර් 29 දින කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනුකරන ලදී. එකී විත්තිකරුවන් අතර එක් අයෙකු වූයේ සෝමාරාම භික්ෂුව ය. ඔහු අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමට අමතරව අග්‍රාමාත්‍යවරයා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද චෝදනාවට ලක්විය. මෙම ඝාතන සිද්ධියේ පරීක්ෂණ කටයුතු සඳහා බ්‍රිතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියෙන් ද පරීක්ෂකවරුන් මෙහි පැමිණ සිටියේ ය.

1959 වසරේ සැප්තැම්බර් මස 25 දින රොස්මිඩ් නිවෙස, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ දී එවකට අග්‍රාමාත්‍යවරයා වූ බණ්ඩාරනායක ඝාතනය කිරීම සම්බන්ධයෙන් සෝමාරාම භික්ෂුව වැරදිකරු බවට තීරණය කෙරිණි. ඔහු, එවකට අළුගෝසු තනතුර දැරූ සුබතේරිස් අප්පු සහ ඔහුගේ සහායක ලුවිස් සිඤ්ඤෝ විසින් වැලිකඩ බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබුවේ 1962 ජූලි මස 06 වැනිදා ය. මාපිටිගම බුද්ධරක්ඛිත හිමි සහ ජයවර්ධන යන දෙදෙනාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. බුද්ධරක්ඛිත හිමි සිර අඩස්සියේ දී අපවත් වූ අතර, ජයවර්ධන නියමිත කාලයට මඳකට පෙර නිදහස් කෙරිණි. 

එල්ලා මැරීමට දෙසතියකට පෙර සෝමාරාම භික්ෂුව සිය සිවුර අතහැර දැමූ අතර, ඔහුව එල්ලා මැරීමට දින දෙකකට පෙර කිතුනුවකු ලෙස බව්තීස්ම වූයේ කොළඹ 07 කිංසි පාරේ පිහිටි ශාන්ත පාවුළු පල්ලියේ පූජක මැතිව් පීරිස් පියතුමා විසිනි. මැතිව් පීරිස් පියතුමා ද, ඔහුගේ බිරිඳ වූ යුනිස් පීරිස්, සහ ඔහුගේ පෙම්වතිය වූ ඩැල්රීන් ඉන්ග්‍රැම්ගේ සැමියා වන රසල් ඉන්ග්‍රැම් යන දෙදෙනාට දියවැඩියාවට ලබා දෙන ඖෂධ අධි මාත්‍රාවෙන් ලබා දී ඝාතනය කිරීම සම්බන්ධයෙන් 1979 දී වැරැදිකරු බවට පත්විය.

(තොරතුරු අන්තර්ජාලයෙන්) 

- Rms Sudarshani


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

මහානායක අතිපූජ්‍ය ඕමාරේ කස්සප නායක හිමියන් විපක්ෂ නායක හිරවෙන ප්‍රශන 3ක් අහලා..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක අග්ගමහා පණ්ඩිත, ශාස්ත්‍රපති අතිපූජ්‍ය ඕමාරේ කස්සප අභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සමග 2026 ඔක්තෝබර් මස 12 වන දින මහරගම වත්තෙගෙදර අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේගේ සුවදුක් සොයා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා පැමිණි හෙයින් එතුමා සාදරයෙන් පිළිගත් අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ විශේෂ ආරක්ෂක කුටියක සිටිමින් මෙම සාකච්ඡාව පැවැත්වුණි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.