News Category
From Date
To Date
Maximum Number of Result

ප්‍රභාකරන්ගේ ගෙයත් හදලා වඳින්න පුදන්නත් ඉඩදෙන අලුත්ම නාටකය..

Feb 8, 2026 at 04:10 PM
|

යාපනය දිස්ත්‍රික්කයේ  වැල්වැටිතුරේ හි පිහිටි ඒ තනි තට්ටුවේ නිවස ඒ පළාතේ අනෙකුත් නිවාස මෙන්ම සාමාන්‍ය ප්‍රමාණයේ නිවසක් විය.වැදගත් රාජ්‍ය සේවකයකු මෙන්ම ප්‍රදේශයේ පිළිගැනීමට ලක් වූ තැනැත්තකු වූ තිරුවෙන්කාදම් වේලුපිල්ලේ සිය දහඩිය මහන්සියෙන් ඉදි කර ගත් මෙම නිවසේ සතුට උතුරා ගිය කාලයක්ද විය. ඒ වේලුපිල්ලේ මහතා සිය දයාබර  බිරිය වූ වල්ලිපුරම් පාර්වති සමඟ දියණියන් දෙදෙනකුත් පුතුන් දෙදෙනකුත් උස් මහත් කරමින් සිටි කාලයයි. දරුවන් හතර දෙනා අතරින් වඩාත්ම දඟකාරයා වූ පවුලේ බඩපිස්සා හෙවත් බාලයා කළ දඟකාරකම්වල කෙළවරක් නොමැති විය. විටෙක මිදුල පුරා පාපැදි සවාරි ගිය ඔහු තවත් විටෙක කැටපෝලයක් ගෙන ලේනුන්ට, හූනන්ට, කටුස්සන්ට මෙන්ම කුරුල්ලන්ටද විද්දේය. ළමයකු ලෙස එදා ඔහු මේ කළ දේ කිසිවකු එතරම් ගනන් නොගත්තද ඔහු හැදී වැඩෙමින් සිටියේ දයානුකම්පා රහිතව අරමුණ වෙනුවෙන් ඝාතනයන් දියත් කරවන ත්‍රස්තවාදී

නායකයකුගේ ගමන් මඟට අවශ්‍යවන්නා වූ මානසික දැඩි භාවය ග්‍රහණය කර ගනිමිනි. ගෙමිදුලේ වූ තණකොළ පෑගෙන්නට අඩිය නොතබන තරම් සංසුන්කමින් දිවි ගෙවූ තිරුවෙන්කාදම් වේලුපිල්ලේ ගේ ඒ බාල පුතා වූයේ වේලුපිල්ලේ ප්‍රභාකරන් නමින් පසු කල‍ෙක ලොවම හැඳිනගත් කොටි නායකයාය.එම කුප්‍රකට කිතුගොස පැතිරීමටත් පෙර සිටම ආරක්ෂක අංශවල උකුසු ඇස ප්‍රභාකරන් දෙස යොමු වීම හේතුවෙන් තිරුවෙන්කාදම් ගොඩනැඟූ ඒ සුන්දර නිවසේ සතුට, සැනසුම වරින් වර පලා ගියේ හිටි අඩියේ සිදුවන ආරක්ෂක හමුදා කඩා වැදීම් හේතුවෙනි.  කාලයත් සමඟ ප්‍රභාකරන්ගේ බලසම්පන්න භාවය ඉහළ ගියද වැල්වැටිතුරේ නිවස මුහුණ පෑ අභාග්‍යයන් ඉහළ යමින් පැවතිණි. ශ්‍රී ලංකා ධරණි තලය බෙදා ඊළාම් රාජ්‍ය පිහිටුවීම එකම සිහිනය කර ගත් ප්‍රභාකරන් තිස් වසරක් තිස්සේ නොයෙක් ආකාරයේ ම්ලේච්ඡ ප්‍රහාර එල්ල කරමින් මරාගෙන මැරෙන බෝම්බකරුවන් යොදවා ගෙන රටේ සෑම තැනකම වාගේ මහත් විනාශයන් කරමින් සිවිල් වැසියන් පවා ඝාතනය කළේය. විදෙස් අත පෙවීම් දැඩිව තිබූ බැවින් කොතෙක් හිසරදයක් වූවත් වරින් වර පත් වූ රාජ්‍ය පාලකයන්ට ත්‍රස්තවාදය මර්දනය කිරීම අසීරු වූ හැටි අපට මතකය. තිස් වසරක යුද්ධයක් අවසන් කරමින් මවුබිමේ ඒකීයතාව ආරක්ෂා කරගැනීමට අවසානයේදී හැකි වූයේ 2009 මැයි 18දාය. එදා කොටි නායක ප්‍රභාකරන් වෙල්ලමුල්ලි වයික්කාල්හිදී අවසන් හුස්ම හෙළීය.

පසු කලෙක ප්‍රභාකරන් වාසය කළේ ඔහු බාල විය ගෙවූ වැල්වැටිතුරේ නිවසේ නොවේ. ඔහු බංකරයක  සැඟ වී දැඩි ආරක්ෂාව මැද එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානයේ යුද්ධය මෙහෙය වීය. යුදමය පසුබිම තුළ කිනම් හෝ කාලයක කෙසේ  හෝ ඔහුගේ සහෝදර සහෝදරියන් තිදෙනා විදෙස් රටවලට ගොස් තිබිණි.යුද්ධයෙන් පසුව ප්‍රභාකරන්ගේ  පියා සහ මව මැණික් ෆාම් අවතැන් කඳවුරේ සිට ආරක්ෂක හමුදා භාරයට ගත් අතර ඔවුන් දෙදෙනා ස්වාභාවික තත්ත්වයන් යටතේ මිය ගිය බව වාර්තා විය.  

අවි ගත් කොටින්ගේ දැඩි ආරක්ෂාව සහිතව ජීවත් වූ ප්‍රභාකරන්ගේ බිරිය සහ දරුවන් තිදෙනා යුද්ධයේ අවසන් කාලය තුළ මරුමුවට පත් වූ බව කියැවෙයි.

ශ්‍රී ලංකා රජය කොටි ත්‍රස්තවාදය පරාජයට පත් කරමින් අත්පත් කර ගත් යුද ජයග්‍රහණයෙන් පසුව දශක තුනක් තිස්සේ උතුරට  අඩිය තැබීමේ වරම් අහිමිව සිටි අනෙක් ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයෝ උතුරේ සංචාරයන්ට රොද බැඳ ගත්හ. ඔවුන්ගේ නැරඹුම් ස්ථාන අතරට ප්‍රභාකරන් සැඟ වී සිට යුද්ධය මෙහෙය වූ භූගත බංකරය මෙන්ම ප්‍රභාකරන් බාල කාලය ගෙවූ වැල්වැටිතුරේ නිවසද අයත් විය.

කෙසේ නමුත් ආරක්ෂක හමුදා 2010 අප්‍රේල් මාසයේදී පමණ මෙම ස්ථාන සම්පූර්ණයෙන්ම විනාශ කරලීමට කටයුතු කළේය. එහෙයින් අද ප්‍රභාකරන් ළමා කාලය ගෙවූ නිවස පිහිටි තැන කිසිවක් නැත. ඇත්තේ හිස් බිමක් පමණි.    

වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ නාමය  මුහුණ දුන්නේද ලෝකයේ අන් කවර තැනක වුවත් පරාජිත ත්‍රස්තවාදියකු හෝ විප්ලවාදියකු මුහුණ දෙන්නා වූ අමතක කරනු ලැබීමකටය. වෙල්ලමුල්ලි වයික්කාල්හි වෙඩි වැදී මරුමුවට පත්ව වැටී සිටි ප්‍රභාකරන්ගේ දේහය මූලික හඳුනා ගැනීම්වලින් පසුව තහවුරු කර ගැනිණි. එම දේහය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූවා සේම එය කිසිවකුට භාරදීමක්ද සිදුනොවිණි. එම දේහය පිළිබඳ ඉනික්බිති සිදු වූ දෙයක්ද වාර්තා වී නැත. මිහිදන් කළ තැනක් හෝ අවම වශයෙන් අළු ටිකක් පවා නොමැත. ප්‍රභාකරන් ඉපදුණු වැල්වැටිතුරෙහි නිවස සහමුලින්ම අතුගා දමා ඇත. ඔහු ත්‍රස්තවාදය මෙහෙය වූ බංකරයද නොමැත. මේ සියල්ල  එසේ පැවතීමට හැරියා නම් ඔහුගේ නෑයින්, ළබැඳියන් මෙන්ම අනුගාමිකයන් එම ස්ථාන ඔහුව අනුස්මරණය කරන දේවස්ථානයන් ලෙස යොදා ගනු ඇත. මතකයන් ආවර්ජනය කරන නොයෙකුත් ක්‍රියාකාරකම්වලට යොදවා ගනු ඇත. පරාජයට පත් කරනු ලැබූ ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් භූමිය බෙදීමේ සංකල්පය ව්‍යාප්ත කරන මධ්‍යස්ථානයන් බවට එවන් ස්ථාන පත් කරනු ඇත.

මෙසේ අතුගා දමන ලද්දා වූ ප්‍රභාකරන් පිළිබඳ මතකයන් නිතරම අලුත් කිරීමට උත්සාහ ගන්නා අය නැතුවාම නොවේ. වෙනත් රටවලට සංක්‍රමණය වී සිටින කොටි හිතවාදී ඩයස්පෝරාව තවමත් ශ්‍රී ලංකා රාජ්‍යයට අයත් භූමිය බෙදීමේ පරාජයට පත් වූ සංකල්පය අල්ලාගෙන එයට පණ දීමට වලිකයි.

මිය ගිය ප්‍රභාකරන්ට පණ දීමට දඟලන මෙරට සිටින චරිතයන් අතර කැපී පෙනෙන්නෙක් වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. සිවාජිලිංගම්ය. ඔහු තමා ප්‍රභාකරන්ගේ මස්සිනා බව කියා ගනී. ප්‍රභාකරන්ට ඔහුගේ නෑකම කෙසේ ඇති වූවක්දැයි දන්නා කෙනකු නොමැති වුවද ඒ නෑකම මත ප්‍රභාකරන්ගේ උපන් දිනය දා වැල්වැටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස ඉදිරිපිට කේක් කැපීම ඔහු සිරිතක් කරගෙන සිටී.

මිය ගිය ප්‍රභාකරන් මතින් සිය දේශපාලන දිවිය ගොඩ දාගැනීමට හදන සිවාජිලිංගම් මේ වන විට වැල්වැටිතුරේ නගර සභාවේ සභාපතිවරයාය. 

දැන් සිවාජිලිංගම් අරඅඳින්නේ ප්‍රභාකරන් උපත ලද ඔහු බාල කාලයේ හැදී වැඩුණු නිවස එදා තිබූ ආකාරයෙන්ම නැවත ගොඩ නැඟීමටයි. ඉබ්බා දියට වැටුණු කලෙක මෙන් ප්‍රභාකරන්ගේ උපන් බිම අයත් පළාත් පාලන ආයතනය වන වැල්වැටිතුරේ නගර සභාවේ බලය අල්ලාගෙන සභාපති පදවියට පත්ව සිටින සිවාජිලිංගම් දැන් ප්‍රභාකරන්ට පණ දීම අරඹා තිබේ.  පෙනී යන ආකාරයට ඒ සඳහා ඔහු නිර්මාණාත්මක වැඩ කොටසක් ඉටු කරමින් සිටී.

යුද්ධයෙන් පසු ආරක්ෂක හමුදා විසින් ඉවත් කරණු ලැබූ ප්‍රභාකරන් උපත ලද එමෙන්ම බාල කාලයේ හැදී වැඩුණු වැල්වැටිතුරේ පිහිටි නිවස තිබූ අයුරින්ම ගොඩනැඟීමට වැල්වැටිතුරේ ප්‍රාදේශීය සභාවේ සූදානමක් පවතින බව දින කිහිපයකට පෙර අසන්නට ලැබිණි. ඒ සම්බන්ධයෙන් ප්‍රභාකරන්ගේ මස්සිනා බව කියන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. කේ. සිවාජිලිංගම් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක්ද ඒකමතිකව සම්මත වී තිබේ. එම සභාව නියෝජනය කරමින් පාලක පක්ෂය වන ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් තිදෙනකු සිටියද ඔවුන්ද, එම සභාවේ සිටින එල්.ටී.ටී.යට පෙර සිට විරුද්ධ ඊ.පී.ඩී.පී.පක්ෂයේ මන්ත්‍රිවරුන්ද මුනිවත රකිමින් එම යෝජනාවට එකඟ වීම අවාසනාවකි.  

මේ සම්බන්ධයෙන් මව්බිම වැල්වැටිතුරේ නගර සභාවේ සභාපති සිවාජිලිංගම් මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ ප්‍රභාකරන්ගේ වැඩිමහල් සොහොයුරිය වන ජෙගදීෂ්වරී මේ වන විට ඇමරිකාවේ වෙසෙන බවත් ඔවුන්ගේ වැල්වැටිතුරේ නිවසේ ඉඩමේ ( ප්‍රභාකරන් උපන් නිවස තිබූ තැන ) තට්ටු කිහිපයක ගොඩනැඟිල්ලක් සෑදීමට ඇය නගර සභාවට අයදුම් කර ඇති බවත්ය. ඊට අවශ්‍ය ඇටෝර්නි බලපත්‍රය ඇය නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපතිවරයකුද වන ආනන්ද රාජ් මහතාට ලබාදී ඇති බවත්ය. ඔවුන් ඉල්ලා ඇත්තේ තට්ටු දෙක තුනක් සහිත පුස්තකාලයක් ඉදි කිරීමට බවද සිවාජිලිංගම් මහතා කීය.

මෙය සභාවට ඉදිරිපත් කර ඇති බව ඔහු කීය. එම ස්ථානයේ වෙනත් ගොඩනැඟිල්ලක් සෑදීම වෙනුවට එතැන කලින් තිබූ ආකාරයටම නිවස තැනීම වඩාත් සුදුසු බවට සභාව එම අවස්ථාවේදී තීරණය කළ බවද කී ඒ මහතා එය ඓතිහාසික ස්ථානයක් හෙයින් වෙනත් ගොඩනැඟිල්ලක් ඉදිකිරීමෙන් එම ඓතිහාසික තත්ත්වයට හානි වීම ගැන සලකා බලන බව පැවසීය.

“දැන් පුස්තකාල ප්‍රයෝජනයට ගන්න කට්ටිය අඩුයි. ඒවා හදලා වැඩක් නෑ” යනුවෙන් කී සිවාජිලිංගම් මහතා “එතැන කලින් තිබූ විදිහටම ගොඩ නංවලා ප්‍රභාකරන්ගෙ අම්මගෙයි තාත්තග‍ෙයි ඡායාරූපත් තියන්න ඕනෙ කියලයි අපි කියන්නේ” යනුවෙන්ද පැවසීය.

මෙහිදී අප නැඟූ ප්‍රශ්නය වූයේ ප්‍රදේශයේ නිවසක් සෑදීම පිළිබඳ අනුමැතිය ලබා ගන්නේ නගර සභාවේ ගොඩනැඟිලි අංශයෙන් බැවින් මෙම ගොඩනැඟිල්ල පිළිබඳ ප්‍රශ්නය සභාවට යොමු කෙරෙන්නේ ඇයිද යනුවෙනි. එවිට සිවාජිලිංගම් මහතා කියා සිටියේ ප්‍රභාකරන් දෙමළ ජනතාවගේ ජාතික නායකයකු වන නිසා එය වැදගත් දෙයක් හෙයින් සභාවට යොමු කළ බවයි.

මෙම ගොඩනැඟිල්ල සම්බන්ධයෙන් තීරණයක් බ්‍රහස්පතින්දා ගැනීමට නියමිතව ඇති අතර එය සිකුරාදා දැනුම් දෙන බව සිවාජිලිංගම් මහතා කීය.එහෙත් සිකුරාදා කතා කළ විට ඔහු පැවසුවේ සඳුදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන බවයි. ඒ සම්බන්ධයෙන් වාචිකව පිළිතුරු දීම ඔහු ප්‍රතික්ෂේප කළේය.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් ටැමිල් ගාඩියන් හි මුලින් පළ  වූ ප්‍රවෘත්තියෙන් කිය වෙන්නේද දෙමළ ඊළාම් විමුක්ති කොටි (එල්.ටී.ටී.ඊ.) නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ජීවත් වූ ඉඩමේ නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීම වෙනුවට, ඔහු පදිංචිව සිටි මුල් නිවස පිළිබිඹු කරන ව්‍යුහයක් ප්‍රතිසංස්කරණය කිරීම වඩාත් සුදුසු බව වැල්වැටිතුරෙයි නගර සභාව තීරණය කර ඇති බවයි.

පසුගිය රැස්වීමේදී  ප්‍රභාකරන්ගේ නිවස කලින් තිබූ ස්ථානයේ නව ගොඩනැඟිල්ලක් ඉදි කිරීමට අනුමැතිය ඉල්ලා ඉඩමේ නීත්‍යනුකූල හිමිකරු වන ප්‍රභාකරන්ගේ සහෝදරිය වන එම්. ජෙගතීස්වරී විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීමක් මන්ත්‍රිවරුන් විසින් සාකච්ඡා කළ බවද එහි සඳහන් වෙයි.

ටැමිල් ගාඩියන් හි තවදුරටත් සඳහන් වන පරිදි රැස්වීම අතරතුර කතා කළ සභා සාමාජික මයුරන් සඳහන් කළේ ඉඩම නීත්‍යනුකූලව ප්‍රභාකරන්ගේ සහෝදරියට අයත් වුවද, එය මහජනතාව විසින් “ප්‍රභාකරන්ගේ ඉඩම” ලෙස පුළුල් ලෙස පිළිගෙන ඇති බවත් මුල් නිවස කඩා දමා ඇතත්, හිස් ඉඩම තවමත් ප්‍රභාකරන්ගේ නිවස ලෙස හඳුන්වන බවත් ඔහු කියා ඇත. ඒ අනුව මුල් ව්‍යුහයට සමානකමක් නොදක්වන නව ඉදිකිරීම් මඟින් ස්ථානයේ ඓතිහාසික ස්වභාවය  වෙනස් නොකර ආරක්ෂා කළ  යුතු බව ඔහුගේ අදහස වී තිබේ.

කෙසේ නමුත් පෞද්ගලික ඉඩමක ඉදි කිරීම් වැළැක්වීමට වැල්වැටිතුරෙයි නගර සභාවට නීතිමය බලයක් නොමැති බව සභාවේ සාමාජිකයන් පිළිගෙන ඇත. සදාචාරාත්මක හේතූන් මත ඉඩම් හිමි ප්‍රභාකරන්ගේ සහෝදරියට සහ ඇගේ නීතිමය නියෝජිතයාට ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතු බවට එකඟවී තිබේ. නව ගොඩනැඟි ලි ඉදිකිරීමෙන් වැළකී ප්‍රභාකරන් ජීවත් වූ මුල් නිවස පිළිබිඹු වන ආකාරයෙන් ඉදි කිරීම් කටයුතු කරගෙන යෑමට  ඔවුන්ව පොලඹ වන ලෙස සභාව තීරණය කර ඇත.

ලෝකයේ කවර රටක කවර සංස්කෘතියක වුවද ද්‍රෝහීන් යැයි හංවඩු ගැසෙන පුද්ගලයන් සම්බන්ධයෙන් අනුගමනය කරන ක්‍රියා පටිපාටියක් වෙයි. ඒ ඔවුන් වෙනුවෙන් කිසිදු මතකයක් ඉතිරි නොකිරීමයි. ඔවුන් සම්බන්ධයෙන් වූ මතකයන්, සිහිවටන සියල්ල අතුගා දැමීමට කටයුතු කෙරෙන්නේ මනෝ විද්‍යාත්මක කාරණයක් හේතුවෙනි. ඒ එවැන්නන් කෙරෙහි නොයෙක් ආකාරයෙන් බැඳුණු අය එම ද්‍රෝහීන්ගේ මතකයන් , මතවාදයන් , සංකල්ප හෝ ඉගැන්වීම් දිගින් දිගටම පවත්වා ගැනීමට එම ද්‍රෝහීන් හා සම්බන්ධිත දෑ යොදා ගන්නා බැවිනි. ජර්මනියේ ඒකාධිපති අඩොල්ෆ් හිට්ලර්, බ්‍රිතාන්‍ය රජ පවුලට ද්‍රෝහී වූ ඔලිවර් ක්‍රොම්වෙල්, ඉතාලියේ බෙනිටෝ මුසලොනි, ලිබියාවේ මුවමර් ගඩාෆි, ඔසාමා බින් ලාඩන් , සදාම් හුසේන් , පොල්පොට් ආදීන් ලෝකයේ මෙබඳු ඉරණම්වලට ලක් වූවන්ට නිදසුන් සේ දැක්විය හැකිය.

ශ්‍රී ලංකා රාජ්‍ය දෙකඩ කිරීමේ අරමුණින් බිහිසුණු සහ ම්ලේච්ඡ ත්‍රස්තවාදයක් වපුරමින් සිටි වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ එම ද්‍රෝහී අරමුණු  පරාජයකොට මේ වන විට වසර 16ක් ගත වී තිබේ.ලෝකයේ සෑම සංස්කෘතියකම පරාජයට පත් වූ ත්‍රස්තවාදී නායකයකුට හිමි වන ආකාරයෙන්ම පරාජයට පත් වූ අරමුණු මෙන්ම ඔහු හා සබැඳි මතකයන්ද ස්මාරක සේ ගොඩනැංවීමට මේ භූමිය තුළ ඉඩක් තබා නොමැත.ප්‍රභාකරන්ගේ දේහය මෙන්ම  ඔහු වෙනුවෙන් ගොඩනැඟිලිද නොමැත. සියල්ල අතුගා දමා තිබියදී යමකු එවැනි ස්මාරකයක් ගොඩනැංවීමට යත්න දරන්නේ නම් එය රාජ්‍ය බලයට කරන්නා වූ ඍජු අභියෝගයකි. 

 - රු කාරියවසම්

(මව්බිම)

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.