News Category
From Date
To Date
Maximum Number of Result

අනුර කුමාර නැවත කියවා ගමු..

Feb 8, 2026 at 10:25 AM
|

ජනාධිපති අනුර කුමාර සහ ටිල්වින් සිල්වාගෙන් කවුද හොඳ කියලා ඇහුවොත් ඔයා මොකද්ද කියන්නේ.ගොඩක් වෙලාවට හම්බවෙන්න පුළුවන් උත්තර හතරක් තියනවා.සමහරු කියයි අනුර හොඳයි කියලා,3%නේ ජෙප්පෝ ටිල්වින් හොඳයි කියයි.තව සමහරු දෙන්නම හොඳයි කියයි නැත්තං දෙන්නම නරකයි කියයි. ඔය ප්‍රශ්නය රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළ දෙන්නේ ඔය උත්තර හතරම නෙවෙයි.ඒ රටේ රාළ ටිල්වින් සහ අනුර දෙන්නම හරියට කියවගෙන තියෙන හින්දයි.

රටේ රාළ කියන්නේ අනුර සහ ටිල්වින් දෙන්නම නරකයි,හැබැයි අනුරට වඩා ටිල්වින් හොඳයි කියලයි.ඇත්තටම අනුර සහ ටිල්වින් ගත්තම අනුරට වැඩිය ලේසියෙන් ටිල්වින් කියවගන්න පුළුවන්. ඔය එළියට පේන ටිල්වින්ට ගොඩක් දුරට සමාන මිනිහෙක් තමයි ඇතුලේ ඉන්නේ.එහෙමත් නැත්තං ඇතුලේ ඉන්න ටිල්වින්ම තමයි ඔයාලට ඔය එලියට පේන්නේ.ටිල්වින්ට රටට හංගන්න ගොඩක් දේවල් තියනවා.

නන්දන සහෝදරයා සමහරක් දේවල් හෙලි කළා සහ තවමත් හෙළි නොකළ අපි විතරක් දන්න ගොඩක්දේ තියනවා.ඒවා ඉතින් එලියට එන්නේ නැත්තේ ටිල්වින්ට බයේ නෙවෙයි.ඒකෙන් වෙනත් පාර්ශවයක් අමාරුවේ වැටෙන හින්දයි.ටිල්වින්ට ලොකයෙන් හංගන්න ගොඩක් දේ තිබුණට ටිල්වින්ගේ පිට සහ ඇතුලේ ස්වභාවය ගොඩක් දුරට සමානයි.ඒ තමයි ටිල්වින්.ඒ කියන්නේ ටිල්වින් කියන්නේ පහසුවෙන් හදුනගන්න පුළුවන් සතුරෙක්.

එතකොට ටිල්වින්ගේ සතුරුකම්වලට ලක්වෙන අයට පරිස්සම් වෙන්න පුළුවන්.ටිල්වින් ප්‍රසිද්ධියේ කියනවානේ ජවිපෙ ද්‍රෝහීන්ට සමාව දෙන්නේ නෑ කියලා.ඒ අතින් මිනිහා කෙලින් මිනිහෙක්. එහෙම කියලා විතරක් මෑන් නිකා ඉන්නේ නෑ.ද්‍රෝහීන් මරලා දාන්න යුනට් හදාගෙන වැඩෙත් කරනවා.හොඳම උදාහරණය තමයි විමල් මරලා දාන්න එවපු කලුතර ප්‍රසාන්ත.ඒ වගේම නන්දනගේ මැරුණයෙන් පස්සේ ටිල්වින් කියලා තියෙන්නේ බල්ලෝ තුන් දෙනාගෙන් එක බල්ලෙක් ඉවරයි කියලා.

එතකොට ඉතින් ඉතුරු බල්ලෝ දෙන්නා දැනගන්න ඕනි පරිස්සම් වෙන්න.රටේ රාළ මේ කියන කතාව ඔයාලට තේරෙනවා ඇති. හැබැයි අනුර කියන්නේ ටිල්වින් වගේම නරක මිනිහෙක්.හැබැයි ඒක අඳුර ගන්න අමාරුයි.අනුරගේ මතුපිටින් පේන සතා නෙවෙයි ඇතුලේ ඉන්නේ.ඇතුලේ ඉන්නේ ටිල්වින් ජාතියේම බඩූවක්. හැබැයි ඒක එළියට පෙන්නන්නේ නැති වෙන්න තාපස ස්වරූපයකින් පෙනී ඉන්න අනුර දක්ෂයි.අනුරට රැවටුනේ නැත්තේ රටේ රාළ සහ තවත් කීපදෙනෙක් විතරයි.

මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අනුරට රැවටුනා.අපේ රටේ රාජ්‍ය සේවකයෝ අනුරට රැවටුනා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය,උපාධිධාරීන්,කාන්තාවන්, තරුණයින්,ගොවියන්....මේකී නොකී සියලු දෙනා අනුරට රැවටුනා. වෙන මොනවද ඉතින් රනිලුත් අනුරට රැවටුනා.දැන් සජිතුත් අනුරට රැවටිලා ඉන්නේ.ඒ සියලු දෙනා අනුරව කියවගෙන තියෙන්නේ පිටත පෙනුම දිහා බලලා.සමහරවිට එයාලා ඇත්ත අනුර කියවා ගන්නකොට වෙන්න ඕනි විනාශය වෙලා ඉවරයි .

ඔයාලා අහලා ඇති හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එලියේ කියලා කතාවක්.රටේ රාළ ඒ කතාව විශ්වාස කරනවා.අනුර දාගෙන ඉන්න වෙස් මුහුණ ගලවලා වේදිකාව උඩ ඇත්ත ස්වරූපයෙන් නටන්න වෙන දවසක් එනවා.දැන් අනුරගේ වෙස් මුහුණ ටික ටික ගැලවෙමින් සැබෑ අනුර ටික ටික එලියට එන්න පටන් අරන්.ඒකට හොඳම උදාහරණය තමයි පහුගිය 06 වෙනිදා මහනුවරදී දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වුවන්ට වන්දි ප්‍රධානය කිරීමේ උත්සවයේදී අනුර කරපු කතාව.

ඒ කතාවේ තැන් කීපයකින් ඇත්ත අනුර එලියට පැන්නා.අනුරගේ කතාවේ කොටසක් අනුරගේ වචනවලින්ම කිව්වොත්

" කිසිදු වෘත්තීය සමිතියකින් සහ කිසිදු රාජ්‍ය සේවකයෙක් අපේක්ෂා නොකරන ලද මූලික වැටුප් වැඩිවීමක් අපි කරලා තියනවා.2027 වෙනකොට අපි රාජ්‍ය සේවයට වැටුප් වැඩිවීම විතරක් වෙනුවෙන් කෝටි 33000ක් ගෙවලා තියනවා.එහෙම වැටුප් වැඩිවීමක් කරලා තිබියදී මා දකිනවා සමහර අය මේ දීමනාව වැඩි කරන්න,අර දීමනාව වැඩි කරන්න කියනවා.ඒක වෙන්නේ නෑ.කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළත්,පාරේ හිටියත් දීමනාවන් 2027තේ ඊළඟ වැටුප් වැඩිකරන තෙක් කරන්නේ නෑ."

ඇත්තටම අනුර මේ රාජ්‍ය සේවයට කරන්නේ තර්ජණයක්.රටේ රාළට අනුරගෙන් අහන්න තියෙන්නේ රෙදි ඇඳගෙනද අනුර ඔයා කතා කරන්නේ කියලයි.අනුරලා බලයට එන්න ඉස්සෙල්ලා කිව්වේ සෑම අවුරද්දකම දෙපාරක් ජීවනවෙන්න සරිලන වැටුපක් ගණනය කරලා ලබා දෙන්න කටයුතු කරලා තියනවා කියලා.කොරෝනා වසංගතය වෙලාවේ රට අන්ත අසරණ තැනට වැටුණා.ඒ වෙලාවේ ගුරුවරු සහ රජයේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා පාරට බැස්සපු අනුරලාට රෙදි ඇඳගෙන ඔහොම කියන්න පුලුවන්ද?

ඊළඟට අනුරලාගේ පැත්තෙන් දෙනවා කියපු ආදර්ශ දීලාද මේ කතා කරන්නේ.ජනාධිපති හෙලිකොප්ටර් දෙකකින් යන්නේ හදිස්සියක් උනොත් අනිකට පණින්නද අහපු අනුර නේද මේ.අපිට දැන් හෙලිකොප්ටර් පාවිචිචි කරන්නේ නැති ජනාධිපති කෙනෙක් ඉන්නවා කියලා ටිල්වින් කිව්වේ මෙයාට නේද?අපි පඩි ගන්නේ නෑ, වාහන ගන්නේ නෑ කියපු මන්ත්‍රීලා නේද මේ.ජනතාවට නැති කිසිම දෙයක් අපිට එපා කිව්වේ මෙයාලා නේද?

දිට්වා සුළි කුණාටුවෙන් දාහකට කිට්ටු ගාණක් මැරිලා,දස දහස් ගාණක් අවතැන් වෙලා,තවම පළවෙනි රුපියල් 25000 හම්බ නොවුන මිනිස්සු ඉන්දැද්දී තමන්ගේම ගෝලබාලයන්ට සුපිරි කැබ් රථ 1775 ක් ගේන්න හදන කෙනා නේද මේ.අද මේ ආණ්ඩුව කියන්නේ සකළවිධ දූෂණයන් සහ හොරකම් කරන ආණ්ඩුවක්. වැලි,පස්,කැලෑ පාලුවෝ,කුඩ්ඩෝ,ජාවාරම්කාරයෝ වැහි වැහැපු ආණ්ඩුවක්.ඒ ආණ්ඩුවේ නායකයා නේද මේ.ජනතාවට අනුර දෙනවා කියන සහන දීලද මේ කතා කරන්නේ.කාංචනට ගිය කොමිස් එක නතර කරලා 100ට,150ට තෙල් දෙනවා කිව්ව අනුර නේද මේ.ලියිට් බිල ඉතාමත් කෙටි කාලයක් ඇතුලත තුනෙන් එකකින් අඩු කරනවා කිව්ව අනුර නේද මේ.

රුපියල් 9000 බිල 6000ටත්,3000 බිල 2000ටත් අඩු කරනවා කිව්වේ මේ කටින්ම නේද?දැන් අඩුකිරීම පැත්තකින් තියලා තවත් 12% කින් වැඩි කරන්න හදන්නෙත් මෙයාම නේද?පාසැල් ලමයින්ගේ පොත්පත් ටිකට,ලදරු කිරිපිටිවලට,ආහාරවල බදු සීරෝ කරනවා කියපු අනුර නේද මේ.ඊළඟට අනුරට මොකද්ද තියන අයිතිය රාජ්‍ය සේවකයන්ට කෝටි 33000ක් දැනට දීලා තියනවා කියලා කියන්න.ඒවා ජවිපෙ අරමුදලින් ගෙව්වා වගේනේ අනුර කතා කරන්නේ.

අනික ඒ මිනිස්සුන්ට පිනට දුන්න සල්ලි නෙවෙයි සහ රාජ්‍ය සේවකයෝ බලහත්කාරයෙන් ගත්ත සල්ලිත් නෙවෙයි.ඒ ඒ මිනිස්සු මේ රට වෙනුවෙන් කරන සේවයේ හම්බවෙන වටිනාකම තමයි ඒ.ඒක මේ අනුර පිනට දෙන දෙයක් නෙවෙයි.ඇත්තටම පිනට කන්නේ අනුර සහ අනුරගේ ඇම්බැට්ටයෝ ටිකයි.හරි නං ගාණ හදලා බලන්න ඕනි මේ අවුරුද්දයි මාස ගාණට මෙයාලා කොච්චර පිනට කාලාද කියලා.පැලවත්තේ ඩෝබිලා දහස් ගාණක් නඩත්තු කරන්නේ ජනතාවගේ බදු සල්ලිවලින්.

රාජ්‍ය සේවයේ අඩුපාඩු හදන්න ඕනි කියන එක රටේ රාළත් පිලිගන්නවා.හැබැයි ජවිපේ බත් ගොට්ටෝ ගාණට රාජ්‍ය සේවකයා දාන්න අනුරට මොකද්ද තියන අයිතිය.රාජ්‍ය සේවය ඉල්ලීම් ඉල්ලන්න එපා නම් කැබ් 1175 ඕඩරය කැන්සල් කරලා එන්න කියන්න.දීපු පොරොන්දු ඉෂ්ඨ කරලා එන්න කියන්න.අනුර මේ කියන්නේ කිසිම දෙයක් ඉල්ලගෙන පාරට බහින්න එපා කියලයි.ඒ කියන්නේ හෙට දවසේ එන මහජන නැගිටීම බය කරලා නවත්තන තැනට අනුරත් ටික ටික එලඹෙමින් ඉන්නවා. ජූලී චන්ග් ඉස්සරහා,ජයසංකර් ඉස්සරහා දෙකට තුනට නැගෙන අනුරගේ සැර බලපල්ලකෝ.

අනුර දාන ඔය සද්ධවලින් දැන් මේ රටේ ජනතාව බය කරන්න බෑ. හෙට දවසේ අනුරලාට එරෙහිව මේ රටේ ජනතාව නැගිටිනවා.ඒ සටනේ ඉදිරියෙන්ම රාජ්‍ය සේවකයෝ ඉන්නවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

අභිනවයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද මිහින්තලා මහා සෑයේ කොත සහ චූඩාමාණික්‍යය නිරාවරණය කිරීමේ මහෝත්සවය ඓතිහාසික මිහින්තලා පුජා භූමියේදී පසුගිය දා උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.
රියාද් පාලනය දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කරමින් ,එක්සත් අරාබි එමීර් රාජධානිය ආරක්ෂා කිරීම සඳහා විදේශීය හවුල්කරුවන්ගේ සහාය ලබාගන්නා බවට පොරොන්දු වෙමින් සිටියද, හූති සටන්කාමීහු සෞදි අරාබියට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරති.
එක්සත් අරාබි එමිර් රාජ්‍යය (United Arab Emirates, UAE) හැදිලා තියෙන්නේ අබුඩාබි (Abu Dhabi), ඩුබායි (Dubai), සාර්ජා (Sharjah), අජ්මාන් (Ajman), උම් අල් කුවයින් (Umm Al Quwain), රාස් අල් කයිමා (Ras Al Khaimah), සහ ෆුජයිරා (Fujairah) කියන එමිර් රාජ්‍ය හත එකතුවෙලා කියලා අපි දන්නවා. අබුඩාබියට තමයි මේවා අතරින් විශාල ම භූමි ප්‍රදේශයක් (සමස්ත UAE භූමියෙන් සීයට 87 ක්) හිමිවෙලා තියෙන්නේ. අබුඩාබි නගරය තමයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අගනුවර විදිහටත් සැළැකෙන්නේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් සම්පත් වැඩියෙන් ම තියෙන්නෙත් අබුඩාබියේ. මේ බිමේ ඉන්න අයගේ ඒක පුද්ගල ආදායම ඩොලර් 75,000 කටත් වැඩියි.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
රටක අනන්‍යතාවය සූක්‍ෂම ලෙස අකාමකා දමන ආකාරය සහ වත්මන් මොහොතේ අප ඉදිරියේ පවතින අභියෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීඩියෝවක් මගින් කරුණු රැසක් හෙලිකර තිබේ.
බ්‍රිතාන්‍ය යටත්විජිත පාලන සමයේ දී තමන්ගේ චීවරය ගැලවීමට ඉඩ නොදී සිරගෙදරත් අරගල කළ භික්ෂූන් වහන්සේ නමක් සිටි අතර, ඒ උඩකැන්දවල සිරිසරණංකර හිමියෝ ය.
2016 වර්ෂයේ දිනක ජර්මානු ජාතික ඇන්ඩි්‍රයාස් ස්ටීන්ඩිල්ට සදා නොමැකෙන අකරතැබ්බයක් සිදු විය. ඒ, ආරක්‍ෂක නිලධාරීන්ට හොරෙන් ඊජිප්තුවේ ගීසා හි මහා පිරමීඩයේ මුදුනට ම නැඟ වීඩියෝ ගතකොට පහළට පැමිණි අවස්ථාවේදී ඊජිප්තු සංචාරක පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීම ය.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.