News Category
From Date
To Date
Maximum Number of Result

අනුර කුමාර නැවත කියවා ගමු..

Feb 8, 2026 at 10:25 AM
|

ජනාධිපති අනුර කුමාර සහ ටිල්වින් සිල්වාගෙන් කවුද හොඳ කියලා ඇහුවොත් ඔයා මොකද්ද කියන්නේ.ගොඩක් වෙලාවට හම්බවෙන්න පුළුවන් උත්තර හතරක් තියනවා.සමහරු කියයි අනුර හොඳයි කියලා,3%නේ ජෙප්පෝ ටිල්වින් හොඳයි කියයි.තව සමහරු දෙන්නම හොඳයි කියයි නැත්තං දෙන්නම නරකයි කියයි. ඔය ප්‍රශ්නය රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළ දෙන්නේ ඔය උත්තර හතරම නෙවෙයි.ඒ රටේ රාළ ටිල්වින් සහ අනුර දෙන්නම හරියට කියවගෙන තියෙන හින්දයි.

රටේ රාළ කියන්නේ අනුර සහ ටිල්වින් දෙන්නම නරකයි,හැබැයි අනුරට වඩා ටිල්වින් හොඳයි කියලයි.ඇත්තටම අනුර සහ ටිල්වින් ගත්තම අනුරට වැඩිය ලේසියෙන් ටිල්වින් කියවගන්න පුළුවන්. ඔය එළියට පේන ටිල්වින්ට ගොඩක් දුරට සමාන මිනිහෙක් තමයි ඇතුලේ ඉන්නේ.එහෙමත් නැත්තං ඇතුලේ ඉන්න ටිල්වින්ම තමයි ඔයාලට ඔය එලියට පේන්නේ.ටිල්වින්ට රටට හංගන්න ගොඩක් දේවල් තියනවා.

නන්දන සහෝදරයා සමහරක් දේවල් හෙලි කළා සහ තවමත් හෙළි නොකළ අපි විතරක් දන්න ගොඩක්දේ තියනවා.ඒවා ඉතින් එලියට එන්නේ නැත්තේ ටිල්වින්ට බයේ නෙවෙයි.ඒකෙන් වෙනත් පාර්ශවයක් අමාරුවේ වැටෙන හින්දයි.ටිල්වින්ට ලොකයෙන් හංගන්න ගොඩක් දේ තිබුණට ටිල්වින්ගේ පිට සහ ඇතුලේ ස්වභාවය ගොඩක් දුරට සමානයි.ඒ තමයි ටිල්වින්.ඒ කියන්නේ ටිල්වින් කියන්නේ පහසුවෙන් හදුනගන්න පුළුවන් සතුරෙක්.

එතකොට ටිල්වින්ගේ සතුරුකම්වලට ලක්වෙන අයට පරිස්සම් වෙන්න පුළුවන්.ටිල්වින් ප්‍රසිද්ධියේ කියනවානේ ජවිපෙ ද්‍රෝහීන්ට සමාව දෙන්නේ නෑ කියලා.ඒ අතින් මිනිහා කෙලින් මිනිහෙක්. එහෙම කියලා විතරක් මෑන් නිකා ඉන්නේ නෑ.ද්‍රෝහීන් මරලා දාන්න යුනට් හදාගෙන වැඩෙත් කරනවා.හොඳම උදාහරණය තමයි විමල් මරලා දාන්න එවපු කලුතර ප්‍රසාන්ත.ඒ වගේම නන්දනගේ මැරුණයෙන් පස්සේ ටිල්වින් කියලා තියෙන්නේ බල්ලෝ තුන් දෙනාගෙන් එක බල්ලෙක් ඉවරයි කියලා.

එතකොට ඉතින් ඉතුරු බල්ලෝ දෙන්නා දැනගන්න ඕනි පරිස්සම් වෙන්න.රටේ රාළ මේ කියන කතාව ඔයාලට තේරෙනවා ඇති. හැබැයි අනුර කියන්නේ ටිල්වින් වගේම නරක මිනිහෙක්.හැබැයි ඒක අඳුර ගන්න අමාරුයි.අනුරගේ මතුපිටින් පේන සතා නෙවෙයි ඇතුලේ ඉන්නේ.ඇතුලේ ඉන්නේ ටිල්වින් ජාතියේම බඩූවක්. හැබැයි ඒක එළියට පෙන්නන්නේ නැති වෙන්න තාපස ස්වරූපයකින් පෙනී ඉන්න අනුර දක්ෂයි.අනුරට රැවටුනේ නැත්තේ රටේ රාළ සහ තවත් කීපදෙනෙක් විතරයි.

මේ රටේ විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ අනුරට රැවටුනා.අපේ රටේ රාජ්‍ය සේවකයෝ අනුරට රැවටුනා. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය,උපාධිධාරීන්,කාන්තාවන්, තරුණයින්,ගොවියන්....මේකී නොකී සියලු දෙනා අනුරට රැවටුනා. වෙන මොනවද ඉතින් රනිලුත් අනුරට රැවටුනා.දැන් සජිතුත් අනුරට රැවටිලා ඉන්නේ.ඒ සියලු දෙනා අනුරව කියවගෙන තියෙන්නේ පිටත පෙනුම දිහා බලලා.සමහරවිට එයාලා ඇත්ත අනුර කියවා ගන්නකොට වෙන්න ඕනි විනාශය වෙලා ඉවරයි .

ඔයාලා අහලා ඇති හැංගි හැංගි වෙස් මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එලියේ කියලා කතාවක්.රටේ රාළ ඒ කතාව විශ්වාස කරනවා.අනුර දාගෙන ඉන්න වෙස් මුහුණ ගලවලා වේදිකාව උඩ ඇත්ත ස්වරූපයෙන් නටන්න වෙන දවසක් එනවා.දැන් අනුරගේ වෙස් මුහුණ ටික ටික ගැලවෙමින් සැබෑ අනුර ටික ටික එලියට එන්න පටන් අරන්.ඒකට හොඳම උදාහරණය තමයි පහුගිය 06 වෙනිදා මහනුවරදී දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත්වුවන්ට වන්දි ප්‍රධානය කිරීමේ උත්සවයේදී අනුර කරපු කතාව.

ඒ කතාවේ තැන් කීපයකින් ඇත්ත අනුර එලියට පැන්නා.අනුරගේ කතාවේ කොටසක් අනුරගේ වචනවලින්ම කිව්වොත්

" කිසිදු වෘත්තීය සමිතියකින් සහ කිසිදු රාජ්‍ය සේවකයෙක් අපේක්ෂා නොකරන ලද මූලික වැටුප් වැඩිවීමක් අපි කරලා තියනවා.2027 වෙනකොට අපි රාජ්‍ය සේවයට වැටුප් වැඩිවීම විතරක් වෙනුවෙන් කෝටි 33000ක් ගෙවලා තියනවා.එහෙම වැටුප් වැඩිවීමක් කරලා තිබියදී මා දකිනවා සමහර අය මේ දීමනාව වැඩි කරන්න,අර දීමනාව වැඩි කරන්න කියනවා.ඒක වෙන්නේ නෑ.කවුරු මොන විදිහට උද්ඝෝෂණය කළත්,පාරේ හිටියත් දීමනාවන් 2027තේ ඊළඟ වැටුප් වැඩිකරන තෙක් කරන්නේ නෑ."

ඇත්තටම අනුර මේ රාජ්‍ය සේවයට කරන්නේ තර්ජණයක්.රටේ රාළට අනුරගෙන් අහන්න තියෙන්නේ රෙදි ඇඳගෙනද අනුර ඔයා කතා කරන්නේ කියලයි.අනුරලා බලයට එන්න ඉස්සෙල්ලා කිව්වේ සෑම අවුරද්දකම දෙපාරක් ජීවනවෙන්න සරිලන වැටුපක් ගණනය කරලා ලබා දෙන්න කටයුතු කරලා තියනවා කියලා.කොරෝනා වසංගතය වෙලාවේ රට අන්ත අසරණ තැනට වැටුණා.ඒ වෙලාවේ ගුරුවරු සහ රජයේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලා පාරට බැස්සපු අනුරලාට රෙදි ඇඳගෙන ඔහොම කියන්න පුලුවන්ද?

ඊළඟට අනුරලාගේ පැත්තෙන් දෙනවා කියපු ආදර්ශ දීලාද මේ කතා කරන්නේ.ජනාධිපති හෙලිකොප්ටර් දෙකකින් යන්නේ හදිස්සියක් උනොත් අනිකට පණින්නද අහපු අනුර නේද මේ.අපිට දැන් හෙලිකොප්ටර් පාවිචිචි කරන්නේ නැති ජනාධිපති කෙනෙක් ඉන්නවා කියලා ටිල්වින් කිව්වේ මෙයාට නේද?අපි පඩි ගන්නේ නෑ, වාහන ගන්නේ නෑ කියපු මන්ත්‍රීලා නේද මේ.ජනතාවට නැති කිසිම දෙයක් අපිට එපා කිව්වේ මෙයාලා නේද?

දිට්වා සුළි කුණාටුවෙන් දාහකට කිට්ටු ගාණක් මැරිලා,දස දහස් ගාණක් අවතැන් වෙලා,තවම පළවෙනි රුපියල් 25000 හම්බ නොවුන මිනිස්සු ඉන්දැද්දී තමන්ගේම ගෝලබාලයන්ට සුපිරි කැබ් රථ 1775 ක් ගේන්න හදන කෙනා නේද මේ.අද මේ ආණ්ඩුව කියන්නේ සකළවිධ දූෂණයන් සහ හොරකම් කරන ආණ්ඩුවක්. වැලි,පස්,කැලෑ පාලුවෝ,කුඩ්ඩෝ,ජාවාරම්කාරයෝ වැහි වැහැපු ආණ්ඩුවක්.ඒ ආණ්ඩුවේ නායකයා නේද මේ.ජනතාවට අනුර දෙනවා කියන සහන දීලද මේ කතා කරන්නේ.කාංචනට ගිය කොමිස් එක නතර කරලා 100ට,150ට තෙල් දෙනවා කිව්ව අනුර නේද මේ.ලියිට් බිල ඉතාමත් කෙටි කාලයක් ඇතුලත තුනෙන් එකකින් අඩු කරනවා කිව්ව අනුර නේද මේ.

රුපියල් 9000 බිල 6000ටත්,3000 බිල 2000ටත් අඩු කරනවා කිව්වේ මේ කටින්ම නේද?දැන් අඩුකිරීම පැත්තකින් තියලා තවත් 12% කින් වැඩි කරන්න හදන්නෙත් මෙයාම නේද?පාසැල් ලමයින්ගේ පොත්පත් ටිකට,ලදරු කිරිපිටිවලට,ආහාරවල බදු සීරෝ කරනවා කියපු අනුර නේද මේ.ඊළඟට අනුරට මොකද්ද තියන අයිතිය රාජ්‍ය සේවකයන්ට කෝටි 33000ක් දැනට දීලා තියනවා කියලා කියන්න.ඒවා ජවිපෙ අරමුදලින් ගෙව්වා වගේනේ අනුර කතා කරන්නේ.

අනික ඒ මිනිස්සුන්ට පිනට දුන්න සල්ලි නෙවෙයි සහ රාජ්‍ය සේවකයෝ බලහත්කාරයෙන් ගත්ත සල්ලිත් නෙවෙයි.ඒ ඒ මිනිස්සු මේ රට වෙනුවෙන් කරන සේවයේ හම්බවෙන වටිනාකම තමයි ඒ.ඒක මේ අනුර පිනට දෙන දෙයක් නෙවෙයි.ඇත්තටම පිනට කන්නේ අනුර සහ අනුරගේ ඇම්බැට්ටයෝ ටිකයි.හරි නං ගාණ හදලා බලන්න ඕනි මේ අවුරුද්දයි මාස ගාණට මෙයාලා කොච්චර පිනට කාලාද කියලා.පැලවත්තේ ඩෝබිලා දහස් ගාණක් නඩත්තු කරන්නේ ජනතාවගේ බදු සල්ලිවලින්.

රාජ්‍ය සේවයේ අඩුපාඩු හදන්න ඕනි කියන එක රටේ රාළත් පිලිගන්නවා.හැබැයි ජවිපේ බත් ගොට්ටෝ ගාණට රාජ්‍ය සේවකයා දාන්න අනුරට මොකද්ද තියන අයිතිය.රාජ්‍ය සේවය ඉල්ලීම් ඉල්ලන්න එපා නම් කැබ් 1175 ඕඩරය කැන්සල් කරලා එන්න කියන්න.දීපු පොරොන්දු ඉෂ්ඨ කරලා එන්න කියන්න.අනුර මේ කියන්නේ කිසිම දෙයක් ඉල්ලගෙන පාරට බහින්න එපා කියලයි.ඒ කියන්නේ හෙට දවසේ එන මහජන නැගිටීම බය කරලා නවත්තන තැනට අනුරත් ටික ටික එලඹෙමින් ඉන්නවා. ජූලී චන්ග් ඉස්සරහා,ජයසංකර් ඉස්සරහා දෙකට තුනට නැගෙන අනුරගේ සැර බලපල්ලකෝ.

අනුර දාන ඔය සද්ධවලින් දැන් මේ රටේ ජනතාව බය කරන්න බෑ. හෙට දවසේ අනුරලාට එරෙහිව මේ රටේ ජනතාව නැගිටිනවා.ඒ සටනේ ඉදිරියෙන්ම රාජ්‍ය සේවකයෝ ඉන්නවා.

හරි එහෙනම් ගිහින් එන්නම්.

ජයවේවා.

මීට

රටේ රාළ.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.