හතරවන කාර්තුවට සුභ පැතුම්.‼️ යුග තුනක නිමාව..
මේ රූපය කියන්නේ ජවිපයේ තුන්වන කාර්තුව නිම වු වගය.
ජවිප දේශපාලන බල මංඩලයට තවදුරටත් කාඩරගත අධ්‍යාපනය හරහා අනාගතයට ජනතාගත කරන්න නොහැකි මාතෘකා දෙකකි.
එය
සමාජවාදී භාවිතය
සහ
ඉන්දීය අධිපතිවාදයයි.
අපි දරාගත්ත කොක්ක වැටුන පංති පහ අවසානය.
එනම් රෝහණ විජේවීරගේ පක්ෂ අධ්‍යාපනයේ පංති පහෙන් දෙකක් ජවිප ආන්ඩුකරණය මගින් භාවිතමය ප්‍රයෝගික හැසිරීම මත
අහෝසි කර ඇත.‼️
ඉන්දියාව ලංකාව සම්පුර්ණ ලෙස ආක්‍රමණයකින් තොරව අත්පත් කර ගන්න ගමනට රෝහණ විජේවීරගේ පංති පහ හෝ,ජවිප භාවිතය තවදුරටත් වලංගු නැති බව ඉන්දියාව සහතික කරන පන්ෂය අද සනාථ කරයි.
එය තුන්කල් දකින පරම්පරා තුනක් ඉදිරිය බලා ඉන්දීය දේශපාලන හසුරවන ඉන්දීය නිළධාරීන්ගේ ලංකාව සම්බන්ධ කොටසට හෙවත් පංගුවට ගත්ත ව්ශිෂ්ඨ ජයග්‍රහණයකි.‼️
ඉන්දියාවට 2015 සම්පුර්ණ කරගත නොහැකි වුන ජයග්‍රහණ ගොඩක් 2027 අවසාන වන විට සම්පුර්ණ කරගත හැකිය.
එමෙන්ම ලංකාවේ සමාජවාදය ජවිපයේ හතරවන කාර්තුවේ විහිළුවක් බවට පත්වී අවසාන වන්නේය
එමෙන්ම අපි ඉන්දියාව මත යැපෙන රටක් ලෙස ජවිපයට හිමි අවසාන වසර තුනහමාර තුළ ලාංකිකයා වටහාගන්නේය
එනම් රෝහණ විජේවීර කියු ඉන්දීය අධිපතිවාදය කාලය සමග ජවිප රජයක අවසානය වනවිට සම්පුර්ණ වු බවය.
එනම් ඉන්දීය අධිපතිවාදයට එරෙහිව ඒ, වෙනුවෙන් ධනේෂ්වර භූමිකාවේ පක්ෂ සහ සංධාන ආන්ඩු පෙන්වු තරම් වත් විරෝධයකට නොයාම
ජවිපය ප්‍රමුක වර්ථමාන රජය හෙවත් වර්ථමාන ලාංකික බලඅධිකාරි භූමිකාව යටත් කරගත් හෝ යටත් වු බවය.
රෝහණ විජේවීර නිර්මාණය කරන ලද ජවිපය සියළු නොගැලපීම් පසෙකලා සතුටින් ප්‍රතිපත්තියට වඩා බළය උතුම් බව නොකියා පවසමින් පහසුම මාර්ගය තෝරාගත් බවය.😀
එය ලංකාවේ අළුත් ගමනක ආරම්භක ලක්ෂය යන අතර
ඉන්දීය සාගර මුලික දකුණු ආසියානු කලාපීය කේන්ද්‍රීය බල තුළනයේ ඉන්දියාවේ පංගුවට
හිමි ලංකාවේ වපසරිය සම්බන්ධ කටයුතු වලදී
සමාජවාදයත්
ඉන්දීය විරෝධයත්
තව දුරටත් බලපෑමක් නොවන බව ඉන්දියාව සහතිකව සනාථ කර ගැනීමකි.
එනම් යම් දවසක බලය අහිමි වු කලකදී වුවද ඉන්දියාව ලංකාව සම්බන්ධව කරන මැදිහත් වීමකදී ජවිපය දක්වන විරෝධය වනාහි
ගරු රගපෑමක් පමණක් බව ඉන්දියාව විසින් ලංකාවේ සිංහළ දුවිඩ මුස්ලිම් යන ත්‍රවිධ ජන මුලයටම සනාථ කිරීමකි. .😀😀
ඉතිහාසය නිමාවන තැන වර්ථමානය ලියවෙන්නේය එය අනාගතයට පුරෝකථනික ගමන්මාර්ගයක් නිර්මාණය කරන්නේය.
හතරවන කාර්තුවට
ජවිපයට සුභ පැතුම්
- නුවන් මොණරවිළ -
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්