ජාතිවාදී භික්ෂූන්ගෙන් බුදු දහම බේරාගත් පසු?..
👉 22 කණ්ඩායමේ ධර්ම ගවේශනය යනු ප‍්‍රවීණ ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචිත කෙටි කථාවකි.
👉 මේ අපූරු කෙටි කථාවට විෂය වන්නේ අනාගත ලංකාවක් තුළ සිදුවිය හැකි යැයි උපකල්පිත සිදුවීම් පෙලකි. ඊට අදාල කාල වකවානුව නිශ්චිත නොවේ. එය ක්‍රි.ව. 2100 හෝ 2200 වීමටද පුළුවන.
👉 එය ජාතිවාදී යැයි කියන භික්ෂූන්ගෙන් බෞද්ධ දර්ශනය මුළුමනින්ම මුදවා ගත් කාලයකි. මේ කාලය වන විට බුදු දහම ඉතිරි වී ඇත්තේ පුද්ගලයාගේ විමුක්තියට සීමා වූ බුද්ධිවාදී දර්ශනයක් වශයෙනි.
👉 බටහිර නූතනත්වය සියලූ සතුරන් පරදවා ජය කෙහෙලි නංවා ඇති මේ සමාජය තුළ වැජඹෙන සර්ව බලධාරී දෙවියා පාරිභෝජනවාදයයි. මේ සමාජයේ මිනිස්සු ඉන්ද්‍රිය සංවේදිතා අවසඟ වන තරමට ඉඳුරන් පිනවන්නෝ වන අතර, සිරුරු කිස, රමණය ආදී කටයුතු පවා ඔවුහු විවෘතව සිදු කරති.
👉 මේ සමාජයේ ජීවත් වන තරුණ කණ්ඩායමක් අපූරු ගවේශණයක නිරතව සිටිති. ඒ ගවේශණය වන්නේ වසර දෙදාස් ගණනක් මුළුල්ලේ ආගමක්, සංස්කෘතියක් ලෙස ව්‍යාප්තව පැවති බුදු දහම හුදු දර්ශනයක් දක්වා ඌනනය වීමට බලපෑ හේතු කාරණා සොයා බැලීමය.
👉 අවසානයේදී ඔවුන් ඒ පිළිබඳ දීර්ඝ වාර්තාවක් සකස් කරන අතර කැතලින්ගේ කෙටි කථාව අවසාන වන්නේ ඒ වාර්තාවේ කුඩා කොටසක් උපුටා දක්වමිනි. ඒ කල්පිත වාර්තාවේ මෙසේ සදහන්ව ඇත.
💥 බුද්ධාගම සංස්ථාපිත තත්ත්වයෙන් පැවතීම ඇතැම් පුද්ගලයනට පුද්ගල කණ්ඩායම් වලට නොරිසි වූ බව පෙනී යයි. මීට අදාළ හේතු සාධක හා ඊට පසුබිම් වූ දේශීය විදේශීය බලවේග පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පරිපූර්ණ වාර්තාවේ 3,4 ඇමිනුම් හි වෙයි.
💥 මේ අනුව බුදුදහම ආගමක් නොව දර්ශනයක් පමණකිය යන්න පිළිබඳ මතවාදයක් ගොඩනැගීමේ පොදු අභිප‍්‍රායක් මේ සියලූ කොටස් තුළ වූ බව පැහැදිලිය. එසේ වුවද බුදුදහමේ ආගමික තත්ත්වය නිර්වින්දනය කිරීම සඳහා ඔවුන් විසින් සූක්ෂම වැඩ පිළිවෙලක් දියත් කරනු ලැබ ඇත්තේ ඊට එරෙහිව අවි අමෝරා ගනිමින් හෝ එහි සතුරු බලවේග ලෙස පෙනී සිටිමින් හෝ නොවීමද මෙහිලා දැක්විය හැකි විශේෂත්වයකි.
💥 සිය සටන් භූමිකාව රඟ දැක්වීමේ දී ඔවුන් විසින් සැම විටම පලිහක් කර ගනු ලැබ ඇත්තේ බුදු දහමේ හරය හා එහි සාරයමය. මේ අනුව බුද්ධාගමට එරෙහි වූ මුල්ම හී පහර එල්ල වී ඇත්තේ මෛත‍්‍රිය හා සමානාත්මතාව එකට පුරුද්දා තැනූ ඊතලයක් ඔස්සේය. ජාතික හෝ ආගමික වශයෙන් අර්බූදකාරී තත්ත්වයන් පැන නැගුනු අවස්ථාවන් හිදී වීදි බට භික්ෂූන් නිරායුධ කරනු ලැබ ඇත්තේද එමගිනි.
💥 කිසියම් දේශයක්, ජාතියක්, ආගමක් වෙනුවෙන් පෙනී සිටීමේ කොදෙව් මානසිකත්වයෙන් භික්ෂුව අත්මිදිය යුතු බැව් සනාථ කර ගැනීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ඔවුන් විසින් සපයා ගනු ලැබ ඇත්තේද බුදු දහමිනි. භික්ෂුව එවැනි පටු සීමා මායිම් අතික‍්‍රමනය කළ යුතු බවට හේතු සාධක වශයෙන් ඉතා ආකර්ශණීය ලෙස මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්ඛාද ගෙන හැර දක්වා තිබේ.
👉 කැතලින්ගේ කථාවෙන් ගත් ඉහත කුඩා ඡේදය තුළ අතැඹුලක් සේ දක්වා ඇත්තේ පිටු සිය ගණනක කෘතියක් ලියමින් පැහැදිලි කළ යුතු තරමේ ගැඹුරු කතාවකි. එහි අර්ථයන් වර්තමානයට අතීතයට අනාගතයට ගලපා තේරුම් ගැනීම පාඨක ඔබට භාරය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..