News Category
From Date
To Date
Maximum Number of Result

වළඳන එක බත් ඇටයකටවත් ණය නොවන, සිල්වත්, ගුණවත්, ප්‍රතිපත්තිගරුක ඉතාම සුන්දර පැවිදි ජීවිතයක් අපි ගෙවමින් සිටින්නෙමු. කුඩා කළ පැවිදිව, ගිහි පැවිදි අධ්‍යාපනයන් ඉතා උසස් ලෙස ලබාගෙන, ජීවිතය පුස්තකාළයක් කරගෙන, ගිහි ජීවිතයක නිවස තුළ, රැකියා තුළ, ගිහි බැඳීම් අතරේ සිදුවන සියළුම ක්‍රියාකාරකාම් වල සිට, ගිහි ජීවිතය ගැන ගිහියන්ට වඩා හොඳට අධ්‍යනය කර, ඒ ගැන හොඳින් ඉගෙන ගෙන, ඇස් දෙකෙන් දැක, කන් වලින් අසා, නුවණින් විමසා එහි ඇති හිස් කම නිසාම එයට නොඇලී, හුඳකළාව වනගතව බවුන් වඩමින් අප ජීවත් වෙමු.

වර්තමාන ආණ්ඩුව ඇතුළු සියලුම ආණ්ඩු මාධ්‍ය බුබුලක හිරවන බවත්, මේ ආණ්ඩුවත් ලොකු සමාජ මාධ්‍ය බුබුලක හිරවී සිටින බවත් මාධ්‍යවේදී නුවන් ජූඩ් ලියනගේ මහතා පවසයි.

මෙහි දැක්වෙන්නේ ඉන්ජිනේරු තාක්ෂණයේ සුවිශේෂී මෙහෙයුමක් නිසා ලෝක ප්‍රසිද්ධියට පත් චීනයේ ෆූජියෑන් පළාතේ ලෝන්ග්යාන් දුම්රිය ස්ථානයේ ඡායාරූපයකි.

උඩරට කුල දූරාවලියේ ශිල්පී කුල අතර ඉහළින්ම ගැනෙන නවන්දන්න කුලයට අයත් ශිල්පියකුගේ පරම්පරාව සහ ඔහුගේ ශිල්පීය ඥානය පිළිබඳව මෑතකදී ලියැවුණු අනර්ඝතම කෘතියක් ලෙස ෆාතිමා නුස්රා උවයිස් විසින් රචිත "හෙළ දෙරණ හැඩ කළ මිනිසෙකුගේ කතාව" හැදින්විය හැකිය.

මහජන නියෝජිතයා කියන පුද්ගලයා සලකන්නේ ජනතාවගේ සේවකයයා විදිහටයි.එහෙම හදුන්වපු අපේ රටේ දේශපාලනය කොයි තරම් මජර ජරාජීරණ තැනකට වැටුනාද කියනවා නං අන්තිමට ජනතාව මහජන නියෝජිතයාගේ සේවකයෝ බවට පත්වුනා.පහුගිය පාලන කාලවලදී අපි ඒක ලොකුවටම දැක්කා.හැබැයි ඒ අතරත් මහජන නියෝජිත භූමිකාවට සාධාරණය ඉෂ්ඨ කරපු ජනතා නියෝජිතයෝ හිටියා.එක පක්ෂයක නෙවෙයි හැම පක්ෂයකම හිටියා,එජාපය, ශ්‍රීලනිපය සහ වමේ ව්‍යාපාරය ඇතුලේ එහෙම චරිත හදුනා ගන්න පුළුවන්.

සම්ප්‍රදායට අභියෝග කළ දැරියක්. ඒක දැනුවත් අභියෝගයක්. පාසැල් යන්නෙ මහනුවර විහාරමහාදේවියට. ඒක සාමාන්‍යයෙන් සිංහල බෞද්ධ පාසැලක් හැටියටයි සැලකෙන්නෙ.

කුඩා දරුවන්ගේ පාසල් විෂය නිර්දේශයට Sexuality ලෙස LGBTQIA ප්‍රවර්ධනය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය එක්ව පවත්වන වැඩසටහන් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදිනී ෂෙනාලි වඩුගේ මහත්මිය අනාවරණය කරයි.

රුසියානු සිනමා දින සැමරුම් උත්සවය ප්‍රථම වරට 2025 නොවැම්බර් 1-4 දිනවල කොළඹ රුසියානු මන්දිරයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව යනු සියවස් ගණනාවක් පැරණි ''සාම්ප්‍රදායික සාරධර්ම, බුද්ධාගම සහ පවුල් සංස්කෘතිය'' මත පදනම් වූ දැඩි සමාජීය ව්‍යුහයක් සහිත රටකි. මෑත කාලීනව, බටහිර ලෝකයෙන් ආනයනය වූ "ලිංගික සුළුතර අයිතිවාසිකම්" සහ "විවෘතභාවය" පිළිබඳ සංකල්ප රට තුළ වේගයෙන් ව්‍යාප්ත වෙන්නට පටන් ගෙන කිබේ. මෙම ව්‍යාප්තිය, විශේෂයෙන්ම ''සමරිසි නැඹුරුව'' ප්‍රවර්ධනය වීම, අපගේ සභ්‍යත්වය සහ සංස්කෘතික අනන්‍යතාව කෙරෙහි විශාල තර්ජනයක් එල්ල කර ඇති බව බොහෝ සමාජ විචාරකයින්ගේ සහ මේ රටේ ජවතාව බහුතරයකගේ මතයයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.