හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ගැන..
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා මුල් වරට භෞතිකව හමු වූයේ ගුණදාස අමරසේකර මහතාගේ සභ්‍යත්ව රාජ්‍යය කරා පොත එළි දැක්වූ මොහොතේ දී ය. ඔහුගේ අභාවය දැනගන්නට ලැබුණේ අද ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනයට සම්බන්ධ වූ අවස්ථාවේ ය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා සමඟ කතා කිරීමට මට යම් විශේෂ මාතෘකාවක් විය. කුමාරතුංග මුනිදාස මහතා සිංහල භාෂාවේ අනාගත කාලයක් නැති බවට පෙන්වූ මතය ඉදිරියට ගෙන ගිය අයකු වූයේ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ය. පැතලි පොළව පිළිබඳ විශ්වාසය සමඟ මෙහි සම්බන්ධතාව ගැන ඔහු යම් මතයක් ගොඩනඟා පොතක් ලියා තිබිණි. ("කාලය වර්තමානය හා පැතලි ලෝකයේ විශ්වාසය")
මගේ අදහස වූයේ සිංහල භාෂාවේ අනාගත පමණක් නොව අතීත හෝ අනතීත හෝ කාල ද නැති බවයි. එනම් කාලභේදයක් ම නැති බවයි. හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා සමඟ බොහෝ විට මා කතා බහ කළේ මේ මාතෘකාව ය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අපට කිහිප ආකාරයකින් වැදගත් වේ. එක් අතකින් ඔහුගේ "මහා සිංහල ශබ්දකෝෂය" හා ව්‍යවහාරික, පාරිභාෂික හා ප්‍රායෝගික ශබ්ද කෝෂ ආදී සිංහල ශබ්දකෝෂ ඉතා වැදගත් කාර්යභාරයන් ය. නාම පද වෙනුවට නාම ප්‍රකෘති සිරස් පද කිරීමේ ක්‍රමය එතුමා අවධාරණය කළේ ය.
සිංහල භාෂාවේ ක්‍රියා පද නිර්මාණය නොවීමේ ප්‍රශ්නය ගැන ඔහු වැදගත් අදහස් පළ කොට ඇත. නාම ප්‍රකෘති මඟින් ක්‍රියා ධාතු සෑදුණු දුර්ලභ අවස්ථා ගැන අවධානය යොමු කළ ඔහු එවැනි දේ පුළුල්ව යොදා ගැනීමේ හැකියාවක් තිබේ දැයි යන්න විමසා බැලී ය.
බටහිර විද්‍යාව හා නීතිය සිංහලෙන් ඉගැන්වීම සම්බන්ධව ඔහුගේ කාර්යභාරය අතිමහත් ය.
රසායන විද්‍යාව උගන්නා සිසුන් අතර ප්‍රචලිත
බ්‍රවුනිං හා ජෝසප්ගේ ප්‍රායෝගික රසායන විද්‍යාව පොත මෙන් ම ඩරන්ට්ගේ කාබනික රසායනය පොත සිංහලට පරිවර්තනය කළේ එතුමා ය. පැරණි සිංහල නීතිය ගැන ද ඔහු අධ්‍යයනය කළේ ය.
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නිර්මාණය කළ එතුමා ජාතිකවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටියේ ය. ව්‍යාජ දෙමළ නිජබිම් ඉතිහාසයට විරුද්ධව කරුණු දැක්වී ය. යූඑන්පීය හා චන්ද්‍රිකා අතර දේශපාලනය බෙදී ගිය මොහොතක එතුමාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජාතිකත්වය වෙනුවෙන් යම් සංකේතාත්මක ප්‍රකාශනයක් කිරීම සඳහා වැදගත් විය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතාට නිවන් සුව!
(මුහුණුපොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..