හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ගැන..
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා මුල් වරට භෞතිකව හමු වූයේ ගුණදාස අමරසේකර මහතාගේ සභ්‍යත්ව රාජ්‍යය කරා පොත එළි දැක්වූ මොහොතේ දී ය. ඔහුගේ අභාවය දැනගන්නට ලැබුණේ අද ගුණදාස අමරසේකර ප්‍රත්‍යවලෝකනයට සම්බන්ධ වූ අවස්ථාවේ ය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා සමඟ කතා කිරීමට මට යම් විශේෂ මාතෘකාවක් විය. කුමාරතුංග මුනිදාස මහතා සිංහල භාෂාවේ අනාගත කාලයක් නැති බවට පෙන්වූ මතය ඉදිරියට ගෙන ගිය අයකු වූයේ හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා ය. පැතලි පොළව පිළිබඳ විශ්වාසය සමඟ මෙහි සම්බන්ධතාව ගැන ඔහු යම් මතයක් ගොඩනඟා පොතක් ලියා තිබිණි. ("කාලය වර්තමානය හා පැතලි ලෝකයේ විශ්වාසය")
මගේ අදහස වූයේ සිංහල භාෂාවේ අනාගත පමණක් නොව අතීත හෝ අනතීත හෝ කාල ද නැති බවයි. එනම් කාලභේදයක් ම නැති බවයි. හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා සමඟ බොහෝ විට මා කතා බහ කළේ මේ මාතෘකාව ය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතා අපට කිහිප ආකාරයකින් වැදගත් වේ. එක් අතකින් ඔහුගේ "මහා සිංහල ශබ්දකෝෂය" හා ව්‍යවහාරික, පාරිභාෂික හා ප්‍රායෝගික ශබ්ද කෝෂ ආදී සිංහල ශබ්දකෝෂ ඉතා වැදගත් කාර්යභාරයන් ය. නාම පද වෙනුවට නාම ප්‍රකෘති සිරස් පද කිරීමේ ක්‍රමය එතුමා අවධාරණය කළේ ය.
සිංහල භාෂාවේ ක්‍රියා පද නිර්මාණය නොවීමේ ප්‍රශ්නය ගැන ඔහු වැදගත් අදහස් පළ කොට ඇත. නාම ප්‍රකෘති මඟින් ක්‍රියා ධාතු සෑදුණු දුර්ලභ අවස්ථා ගැන අවධානය යොමු කළ ඔහු එවැනි දේ පුළුල්ව යොදා ගැනීමේ හැකියාවක් තිබේ දැයි යන්න විමසා බැලී ය.
බටහිර විද්‍යාව හා නීතිය සිංහලෙන් ඉගැන්වීම සම්බන්ධව ඔහුගේ කාර්යභාරය අතිමහත් ය.
රසායන විද්‍යාව උගන්නා සිසුන් අතර ප්‍රචලිත
බ්‍රවුනිං හා ජෝසප්ගේ ප්‍රායෝගික රසායන විද්‍යාව පොත මෙන් ම ඩරන්ට්ගේ කාබනික රසායනය පොත සිංහලට පරිවර්තනය කළේ එතුමා ය. පැරණි සිංහල නීතිය ගැන ද ඔහු අධ්‍යයනය කළේ ය.
සිංහලයේ මහා සම්මත භූමි පුත්‍ර පක්ෂය නිර්මාණය කළ එතුමා ජාතිකවාදී දේශපාලනය වෙනුවෙන් පෙනී සිටියේ ය. ව්‍යාජ දෙමළ නිජබිම් ඉතිහාසයට විරුද්ධව කරුණු දැක්වී ය. යූඑන්පීය හා චන්ද්‍රිකා අතර දේශපාලනය බෙදී ගිය මොහොතක එතුමාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ජාතිකත්වය වෙනුවෙන් යම් සංකේතාත්මක ප්‍රකාශනයක් කිරීම සඳහා වැදගත් විය.
හරිශ්චන්ද්‍ර විජයතුංග මහතාට නිවන් සුව!
(මුහුණුපොතෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්