News Category
From Date
To Date
Maximum Number of Result

විජේවීරගේ බිරිඳයි දරුවොයි බලාගත් හමුදා නිලධාරින්ගේ කතාව..

Nov 18, 2025 at 05:18 PM
|

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර යුද හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූ බව කවුරුත් දනිති. එනමුත් ඔහුගේ බිරිඳ හා දරුවන්ට තවදුරටත් ජීවත් වීමට අවස්ථාව ලැබීමට පසුබිම් වු කතාව අප්‍රකටය. විජේවීර ඝාතනය කර මේ නොවැම්බර් දහතුන්වැනිදාට තිස් හය වසරක් සපිරෙන මේ මොහොතේ අපට විජේවීරගේ බිරිඳ හා දරුවන් බලාගත් හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් හමුවිය. මේ ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලියු ලිපියකි.

දිනය එක්දහස් නවසිය අසූනවයේ නොවැම්බර් දහතුන් වැනිදාය. වෙලාව පස්වරු පහට පමණ ඇත. ගාලු මුවදොර මුහුදේ ගිලෙමින් තිබූ හිරුගේ රත්පැහැ මළානික රැස් යුද හමුදා මූලස්ථානයම වෙළාගනිමින් තිබුණේය. රටම වෙළාගෙන තිබූ භීෂණ සමය නිමා කිරීමේ පැවරුම අවසන් කිරීම හේතුවෙන් එදින යුද හමුදා මූලස්ථානයට සතුට ඉහවහා ගොස් තිබූ බවට සැක නැත. දෙකොන පත්තුවෙමින් තිබූ රටක එක කොනක් යුද හමුදා මෙහෙයුමකින් නිවා දමා පැය විසිහතරක් ගෙවී ගොස් තිබු⁣ණේ නැත.

ජනතා විමුක්ති පෙරමුණෙන්ද දෙමළ ඊළාම් විමුත්ති කොටි සංවිධානයෙන්ද තර්ජන එල්ල වීම නිසා යුද හමුදා මූලස්ථානයට ⁣යොදා තිබුණේ දැඩි රැකවල්ය. ගොම්මන් යාමේ ගේට්ටුව මුර කරමින් සිටි හමුදා භටයන් දුටුවේ දරුවන් කරපින්නාගෙන තරුණ කතක් හා තලත්තෑනි කතක් පා ගමනේ ඉදිරියට එන අයුරුය. ඒ මොහොතේ කතුන් දෙදෙනෙක හමුදා මූලස්ථානයට ඒමට කිසිදු හේතුවක් තිබුණේ නැත. හැරත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ කාර්යාලයේ වැඩ නිමා කර බෞද්ධාලෝක මාවතේ ‘බුඩි හවුස්’ නිල නිවසට යන මොහොතය. ප්‍රහාරකයා කිසිම මොහොතක මානුෂික නැත. ප්‍රහාරය විවිධ වේශයෙන් එන්නට බැරිකමක් නැත. එබැවින් ⁣සන්නද්ධ සෙබළු වහා ක්‍රියාත්මක වූහ. ඒ එන පිරිස ගැන ඔවුන්ට පැහැදිලි චිත්‍රයක් නොතිබූ නිසාය. අවි සූදානම් කරගත් සෙබළු හමුදා මූලස්ථානයේ ගේට්ටුව අබියසට ආ කතුන්ගෙන් ආ කාරණාව විමසූහ.

"මම රෝහණ විජේවීරගේ නෝනා. මට යුද හමුදාපතිතුමා හමුවෙන්න ඕනේ" ඈ කීවාය. ඇගේ ඒ කතාව සෙබළුන්ට අදහා ගත නොහැකි විය. ජවිපෙ නායකයා එදින අලුයම වෙඩි කා මළ බවට ආරංචිය ඒ වන විටත් මුළු රටම දැනගෙන සිටියේය. දැන් මේ තමා සම්මුඛව සිටින්නේ එසේ මියගිය බව කියන ජවිපෙ නායකයාගේ බිරිඳය. සෙබළු වහාම සිය උසස් නිලධාරීයාට කාරණාව කීවේය. ඒ මොහොතේ රතුපැහැ පසුබිමේ රිදී පැහැයෙන් තරු තුනක් ගසා ඇති මෝටර් රිය එන අයුරු දුටු සෙබළු එම රියට ආචාර සමාචාර කිරීමට සැරැසුණහ. තරු තුනේ අරුත යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ රියේ සිටින බවය. යු.හ. සඳහන් රියක තරු තුනක් සවිකරන්නේ යුද හමුදාපතිගේ වාහනයේ පමණි. ඒ යුද හමුදාවට සිටින එකම තරු තුනේ ජෙනරාල් එනම් ලුතිනන් ජෙනරාල් යුද හමුදාපති නිසාය.

යුද හමුදාපතිගේ වාහනය නතර කළ යුද හමුදා පොලිසියේ නිලධාරීයා යුද හමුදාපතිට ආචාර කර කාරණාව කීවේය. ගෙදර යාම නතර කළ ලුතිනන් ජෙනරාල් වනසිංහ ආපසු හැරුණේ විජේවීරගේ බිරිය ඇතුළු පිරිවර සිය කාර්යාලයට ⁣රැගෙන එන ලෙස නියෝග කරමිනි. ඉක්බිතිව යුද හමුදාපතිවරයා සිය කාර්ය මණ්ඩලයට මුලින්ම කීවේ විජේවීරගේ බිරිය ඇතුළු දරුවන්ට තේ පැනින් සංග්‍රහ කරන ලෙසය. ඒ අතරේ ඔහුගේ මතකය ඇවිස්සුණේය. ⁣තමා ඉදිරිපිට සිටින්නේ සැමියා, පියා, දරුවා යුද හමුදාවේ සේවය කළ වරදට පවුලේ නෑයන් කපාකොටා වෙඩිතබා මරා දැමූ ජවිපෙ නායකයාගේ බිරිඳය. දරුවන්ය. මවය. සොයුරියය. යුද හමුදා පොලිස් හේවා බළකායේ ලුතිනන් පද්මසිරි උඩුගම්පොළගේ මවද ලුතිනන් ජෙනරාල් වනසිංහට මතක් විය. වියපත් ඈ ගාල්ලේ, උළුවිටිකේ නිවසේදී කපාකොටා මරා දැමුවේ ඇගේ දරුවන් රාජ්‍ය සේවය කළ වරදටය.

සිතුවිලි සයුරේ පීනූ යුද හමුදාපතිවරයා තීරණයකට එළඹියේය. ඒ විජේවී⁣රගේ පවුලට අභය දානය දෙන්නටය. යුද හමුදාපතිවරයා තමාට අභය දානය දෙන බව චිත්‍රාංගනී විජේවීරට මුල්ම සහතිකය දුන්නේ කර්නල් ජානක පෙ⁣රේරාය. ගම්පොළ සාන්ත මේරි වතුයායේ යටිබිම්ගත දිවියක් ගත කළ රෝහණ විජේවීර අල්ලාගැනීමේ මෙහෙයුමට අණ දුන්නේ කර්නල් ජානක පෙරේරාය.

"විජේවීර අල්ලාගෙන නිවස ඇතුළට ගිය වෙලේ ඔහු ගේ දරුවෙක් මගේ සුළඟිල්ලේ එල්ලෙමින් මුළු ⁣ගෙදරම ඇවිද්දා. මට මගේ දරුවා මතක් වූ නිසා මමත් එහෙමම හිටියා. විජේවීර මගෙන් කළ එකම ඉල්ලීම තමයි බිරිඳ හා දරුවන් නිර්දෝෂී නිසා ඔවුන්ට මුකුත් කරන්න එපා කියල. මම විජේවීර විතරක් අරගෙන කොළඔ ඇවිත් බාර දුන්නා. වචනයකින්වත් හිංසාවක් නොකර විජේවීර වාහනයට නග්ගා ගෙන යනකොට මට ගෙදර ඉන්න අයගේ ආරක්ෂාව ගැන මතක්වෙලා වාහනය ආපහු හරවන් ඇවිත් මිසිස් විජේවීරට කීවා. මොහොතක්වත් මේ ගෙදර ඉන්න එපා කියලා. අතරමගදී ප්‍රශ්නයක් ඇති වුණොත් යුද හමුදාපතිතුමාට කතා කරන්න එතුමාගේ සෘජු දුරකථන අංකයක් දුන්නා. විජේවීර කොළඹ ගෙනත් බාර දුන්නාට පස්සේ මගේ වැඩේ අවසන්. මගේ අතේ ලේ ගෑවුණේ නෑ. මොකද මම එහෙම කෙනෙක් නොවන නිසා."

යුද හමුදාවෙන් ඉසිඹු ලබා කිරුළපන නිවසේදී කෝපි කෝප්පයක රස බලමින් ලියුම්කරු සමග සෙන්පති ⁣ජානක පෙරේරා එසේ කීවේ දෙදහස් දෙකේදීය. ජානක පෙරේරාගේ කීම ඇසූ චිත්‍රාංගනී උලපනේ සිට කොළඹ එන්නට පිටත් වූවාය. දොළොස්වැනිදා ඔවුන් රැය පහන් කළේ මහරගම ඥාති නිවසකය. පසුදින උදේ ඈ දරුවන් කැටුව මීගොඩ නිවසකට ගියාය. නිවැසියෝ රේඩියෝව අසමින් සිටියදී පසුදින පස්වරුවේ විශේෂ පුවතක් නිවේදනය කෙරුණි. ඒ ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර වෙඩිවැදී මියගිය බවය. ඒ කතාව ඇසූ විජේවීරගේ නංගී චිත්‍රානි නෑනාට යෝජනා කළේ ජනපතිට ලිපියක් ලිවීමටය. එහෙත් ඊට ඉඩක් නොලැබුණි. එම ප්‍රවෘත්ති ඇසූ සැණින් ඥාතින් ඈට කීවේ නිවසින් දොට්ට බහින ලෙසය. කිසාගෝතමියක වී සිටි චිත්‍රාංගනී දරුවන් කරපින්නාගෙන ගෙදරින් එළිය⁣ට බැස්සේ හසරක් නොදැනය. වාහනයක නැගී කොළඹ එන අතරේදී ඈට කර්නල් ජානක පෙරේරා කී කතාව සිහිවිය. ඈ යුද හමුදාපති හමුවට ආවේ ඒ විශ්වාසය කරපින්නාගෙනය. යුද හමුදාපති තමා පිළිගත් ආකාරයෙන් ඈ සෑහීමකට පත්ව සිටියාය.

චිත්‍රාංගනී විජේවීර ඇතුළු දරුවන් කේක් කා තේ පානය කරන අතරතුරේ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ දුරකථන අතට ගත්තේය. ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් අමතා කාරණාව කීවේය. ඔහු එය ජනපතිට දැනුම් දුන්නේය.

ඒ අතරේ ජනාධිපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් හා නීතිපති යුද හමුදා මූලස්ථානයට පැමිණියහ. චිත්‍රාංගනී ඔවුන්ගෙන් කළ එකම ඉල්ලීම වූයේ තමාට හා දරුවන්ට ආරක්ෂාව දෙන ලෙසය. ජවිපෙ සන්නද්ධ අංශය හමුදා පවුල්වලට කළ දෙයට තමාගෙන් පළිගනු ඇති බව කල්පනා වීම සාධාරණය. ඇගේ ඉල්ලීමට ජනපතිවරයා ප්‍රතිචාර දැක්විය. යුද හමුදාපතිට ඈ ඇතුළු දරුවන්ගේ ආරක්ෂාව භාර කෙරුණි. චිත්‍රාංගනී ඒ වනවිටත් ගැහැනු දරුවන් සිව්දෙනකගේ මවකි. තමා තෙමස් ගැබිනියක බවද කීවාය. මේ නිසා යුද හමුදාපති තීරණය කළේ ඈ යුද හමුදා කාන්තා බළකායේ රැකවරණය යටතේ තැබීමය. රාත්‍රියේම ඔවුහු කොළඹ කිංසි පාරේ කාන්තා බළකා මූලස්ථානයට ගෙන ගියහ. ඒ මොහොතේ කාන්තා බළකා මූලස්ථානයේ ඛණ්ඩ භාර නිලධාරිනිය වූවේ කපිතාන් මන්ත්‍රි පෙරේරාය. ඈ යුද හමුදාවේ මන්ත්‍රි කොස්වත්ත ලෙස ප්‍රකට වූයේ විවාහයෙන් පසුවය.

‘‘චිත්‍රාංගනී විජේවීර දරුවොත් වඩාගෙන අපේ කෑම්ප් එකට ආවාට පස්සේ ඔවුන්ට නවාතැන් දුන්නේ නිලධාරියන් නතරවෙලා සිටි ලොකුම කාමරය. ඒක තිබු⁣ණේ උඩ තට්ටුවේ. අපි ඇයට අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන්නා. කෑමබීම වෙලාවට දුන්නා. බෙහෙත් ගන්න හමුදා රෝහලට රැගෙන ගියා. ඇගේ සහයට කාන්තා බළකායේ සෙබළියන් තුන් හතර දෙනෙක් යොදවා තිබුණා. විජේවීරගේ බිරිඳ කා සමගවත් කතාවට ගියේ නෑ. ඇ ළමයි බලාගෙන හිටියා." විශ්‍රාමික ලුතිනන් කර්නල් මන්ත්‍රි කොස්වත්ත කියන්නීය.

ඈ විජේවීරගේ බිරිඳටත් දරුවන්ටත් රැකවරණය දුන්නද රෝහණ විජේවීර අණ දුන් ජවිපෙය කළුතර, ලෙස්ලි පෙරේරා මාවතේ ඇගේ මහ ගෙදරටත් භීෂණ සමයේ වෙඩිතබා තිබුණි. එම ප්‍රහාරයට එකම හේතුව ඈ යුද හමුදාවේ රාජකාරී කිරීමය. හමුදාවෙන් අස්නොවුවොත් දඬුවම මරණය බව එකල ඔවුන්ට අනතුරු හඟවා තිබුණි. ජවිපෙය ඇගේ නිවසට වෙඩිතබන විට නිවසේ සිටි අම්මාත් තාත්තාත් සහෝදරයන් දෙදෙනාත් දිවිරැක ගත්තේ අනූනවයෙනි. ඒ වුණත් ඇය විජේවීරගේ බිරිඳටත් දරුවන්ටත් මහා කරුණාව දැක්වූවාය. දරුවන් හඬන විට ඒ ගැන සොයා බැලුවාය.

"විජේවීරගේ බිරිඳත් දරුවොත් වැඩිකලක් අපේ ළඟ සිටියේ නෑ. ඈ සිටි කාලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇගෙන් කට උත්තරයක් ලියා ගත්තා. ඒ වැඩ ඉවර වුණාට පස්සේ ඇගේ ආරක්ෂාව ගැන හිතලා ඇයත් දරුවොත් ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයට රැගෙන ගියා" විශ්‍රාමික ලුතිනන් කර්නල් මන්ත්‍රි කොස්වත්ත කීවාය.

චිත්‍රාංගනී විජේවීර ද දරුවන්ද කොමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පදිංචි කිරීමට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් හැමිල්ටන් වනසිංහ තීරණය ක⁣ළේ ඒ බිමේ ආරක්ෂක රැකවල් ගැන කල්පනා කරය. හැරත් අතිවිශේෂ ප්‍රභූන් ආරක්ෂා කිරීමට සිටින අංක එකේ කණ්ඩායම ඔවුන්ය. ගණේමුල්ලට රැගෙන ගිය චිත්‍රාංගනී විජේවීර⁣ට ලැබුණේ නිලධාරීන්ට වෙන්වූ සුවපහසු නිවසකි. කඳවුරේ වෙඩි පිටියෙන් යන විට ඇති නිලධාරීට වෙන් වූ නිවාසවල මුල්ම නිවස ඈ වෙනුවෙන් වෙන්විය. නිවස වටා තහඩු ගසා ආවරණය කෙරුණේ වැඩි ආරක්ෂාවටය. කොමාන්ඩෝ සෙබළුන් දෙදෙනකුට ඒ පවුලේ ආරක්ෂක සම්බන්ධිකරණය පැවරුණි. චිත්‍රාංගනී විජේවීර හා දරුවන්ගේ පෞද්ගලික කටයුතු බලාකියා ගැනීමට යුද හමුදා කාන්තා බළකායේ සෙබළියෝ තිදෙනෙක් ද නිවස තුළ සිටියහ. වි⁣ශේෂයෙන් ඇය ගැබිනියක වීම හේතුවෙන් ඒ ගැනත් සොයා බලන්නට සිදු විය. ඇයගේ පෝෂණය ගැන සැලකිලිමත් වී වෙලාවට කෑම සපයා දුන්නේ යුද හමුදාවේ බසින් ‘ඔෆිසර්ස් මේස්’ යනුවෙන් හඳුන්වන නිලධාරී නිවස්නයෙනි.

ඒ දවස ගණේමුල්ල කොමාන්ඩෝ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි හා විධායක නිලධාරී යන තනතුරු දැරූ නිලධාරීහු දෙදෙනා චිත්‍රාංගනී හා දරුවන්ගේ අවශ්‍යතා ⁣ගැන සොයා බැලූහ. චිත්‍රාංගනී දරුවන්ට බෙහෙත් ගන්නට ගිය පෞද්ගලික වෛද්‍යවරයා සිටියේ වැල්ලවත්තේය. ඈ දරුවකු රැගෙන එම වෛද්‍යවරයා හමු වීමට ගිය මුල් දවසේ ඔහු ඈ දැක පුදුමයට පත් වූ බව කොමාන්ඩෝ සෙබළුන්ට මතකය.

"කොහේද දැන් ඉන්නේ" වෛද්‍යවරයා ඇසුවේය. එනමුත් චිත්‍රාංගනී ඉන්න තැන නොකීවාය. ඈ බෙහෙත් ගෙන එළියට යනවිට වෛද්‍යවරයා ද පාරට ආවේය. ඔහු දුටුවේ ඇය වාහනයක නැගී යන අයුරු පමණි. ඒ ඇයට ආරක්ෂාව දුන් කොමාන්ඩෝ සෙබළු සිවිල් ඇඳුමෙන් සැරසී සිටි නිසාය. චිත්‍රාංගනීට ඇඳුමක් පැලඳුමක් ගැනීමට, රෝහලට යාමට ඕනෑ කළ විට කොමාන්ඩෝ සෙබළු පිරිසක් මුලින් එම ස්ථානයට ගොස් ආවේෂණ රාජකාරී කළහ. එහි ආරක්ෂාව ගැන සෑහීමකට පත්වන්නේ නම් සිවිල් ඇඳුමෙන් සැරැසුණු කොමාන්ඩෝ සෙබළුන් හා යුද හමුදා කාන්තා බළකායේ සෙබළියන් සමග ඈ කඳවුරෙන් එළියට ගියාය.

ගැබිනියක වූ චිත්‍රාංගනී සායන සඳහා ගියේ කොටුවේ බාලදක්ෂ මාවතේ යුද හමුදා මූලස්ථානයේ එකල පිහිටි රෝහලටය. ඈ ගැන සොයා බැලුවේ යුද හමුදාවේ ප්‍රසව හා නාරිවේදි විශේෂඥ වෛද්‍යවරයෙකි. කොටින්ම කියනවා නම් රෝහණ විජේවීරගේ බාල දරුවා වූ උවිඳු උපන්නේ යුද හමුදා රෝහලේදීය. චිත්‍රාංගනීගේ පළමු දරුවා වූ දසුන් ඊසා අසූ එකේ ජනවාරි දොළොස් වැනිදා උපන්නේ ද සොයියා රෝහලේදීය. දෙවැනි දරුවා සුපුන් ඡායාය. ඈ අසූ දෙකේ අප්‍රේල් දොළොස් වැනිදා උපන්නාය. තෙවැනි දරුවා වූ මායා විභූති අසූ හතරේ ජූලි විසිහතර වැනිදා බදුල්ලේදී උපදින විට විජේවීර සිටියේ යටිබිම් දිවියකය. පවුලේ සිව්වැනියා වූ අමා සසරි අසූහතේ ජනවාරි විසිවැනිදා උපත ලබන විටත් විජේවීර සිටියේ වෙස්වලාගෙනය.

ඔහු අත්තනායක මුදියන්සේලාගේ ශාන්ත නිමලසිරි යනුවෙන් නම වෙනස් කර බිරිඳටද දරුවන්ටද අලුතෙන් හොර උප්පැන්න සහතික හැදුවේය. චිත්‍රාංගනීගේ අලුත් නම වූයේ සමරකෝන් ආරච්චිගේ ශ්‍රියානි චන්දිමාය. චිත්‍රාංගනී විජේවීර විවාහයට පෙර වන්නකවත්ත වඩුගේ ශ්‍රීමතී චිත්‍රාංගනී ප්‍රනාන්දු වුවාය. ඈ මොරටුව වේල්ස් කුමරි බාලිකා විදුහලෙන් හා මොරටුව විදුහලෙන් ඉගෙන ගත්තාය. උසස් පෙළට හැදෑරුවේ විද්‍යා විෂයන්ය.

ඇයට විජේවීර හමුවන්නේ ඇගේ සොයුරන්ගේ දේශපාලනය නිසාය. ඈ පොලිසියට කී ආකාරයට විජේවීර සමග විවාහ වීමට ඇගේ කිසිදු කැමැත්තක් තිබී නැත. ඇගේ මවද එම විවාහයට තදින් අකැමැති විය. එහෙත් සහෝදරයන්ගේ බලපෑම මත විජේවීර සමග දීගයනවා මිසක් ඇයට වෙන විකල්පයක් නොවීය. චිත්‍රාංගනී පවසා තිබූ ආකාරයට ඈ විජේවීර සමග විවාහවූ මෙහොතේ දෑවැද්දද ලැබුණේය. විජේවීර එය ගත්තේය. ඒ මුදලින් රුපියල් පනස් දහසක් හා රත්රන් බඩුද ගෘහ භාණ්ඩ ද සමගය. ඒ සියල්ල හැරදමා විජේවීර සමග හැංගීමට ඈට සිද්ධ වූයේ ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ජවිපෙය තහනම් කිරීම නිසාය. අසූ තුනේ සිට අසූනවය දක්වා සැඟව සිටි ඈ යළිදු වරක් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ යුද හමුදාවට භාර වීමට පැමිණි විටය.

කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආරක්ෂාව යටතේ සිටි ඈට වසර දෙකතුනක් යන විට තවත් ප්‍රශ්නයකට මුහුණ දීමට සිද්ධ විය. ඒ දරුවන් ඉස්කෝලේ යවන්නට ඕනෑ වූ නිසාය. ගණේමුල්ල අවට ඉස්කෝලයකට දරුවන් යැව්වොත් ඔවුන්ගේ ආරක්ෂාවට ප්‍රශ්නයක් වනු ඇති බව කල්පනා කළාය. රජය ඇගේ ප්‍රශ්නයට විසඳුමක් දුන්නේය. ඒ ඈ ඇතුළු දරුවන් තිරිකුණාමලය නාවික කඳවුරට යවමිනි. තිස්ස විදුහල පිහිටියේ නාවික කඳවුරු පරිශ්‍රයේය. කඳවුරේ ඇති ආණ්ඩුකාර බංගලාව චිත්‍රාංගනී ⁣හා දරුවන් වෙනුවෙන් වෙන් විය. යුද හමුදාවෙන් නාවික හමුදාවට ඇගේ ආරක්ෂාවත් මාරු විය. නාවික සෙබළියෝ දරුවන් බලාගත්හ. පාසල් රැගෙන ගියහ. ඔවුන්ට පාඩම් කියා දුන්හ. හවස්වරුවේ සෙල්ලම් කළහ.

නාවික සෙබළියෝ ඈ ඇමතුවේ ‘මිසිස් විජේවීර’ යනුවෙනි. ඈ සෙබළියන්ට කතා කළේ ‘මිස්’ යනුවෙනි. චිත්‍රාංගනීට කොළඹ යාමට ඕනෑ වූ විට නාවික හමුදාව ආරක්ෂාව සමග ප්‍රවාහන පහසුකම් දුන්නේය. විජේවීරගේ මව මිය ගිය මොහොතේ චිත්‍රාංගනී මළගමට ආවේද නාවික හමුදාව සමගය. ඇයට නෑ ගෙවල්වල නතර වීමට අවසර හිමි නොවූයේ ඇගේ ආරක්ෂාව හේතුවෙන්ය. කොළඹ ආ විට ඈ නතර කෙරුවේ වැලිසර නාවික හමුදා කඳවුරේය. අදත් ඇගේ නවාතැන වැලිසර නාවික කඳවුරය.

- මිහිරි ⁣ෆොන්සේකා

(උපුටා ගැනීමකි)


සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.