News Category
From Date
To Date
Maximum Number of Result

හරියටම මීට අවුරුදු හතරකට කලින් පහළ කඩුගන්නාවේ, අම්බලමට පසු කර මද දුරක් ගිය පසු හමුවන වෙළඳසැල් පෙළට ඉහළ පාංශු සහ පාෂාණ ස්ථරය දුර්වල වී නාය යෑමක් සිදු විය. ඊට ප්‍රථම ද කිහිප අවස්ථාවක එවැනි සුලු සිදුවීම් සිදු වී ඇතත්, පළමු වරට ප්‍රශ්නයේ සංකීර්ණතාව දැණුනේ එම අවස්ථාවේ දී ය. එනම්, 2021 නොවැම්බර් 10-11 දින වල ය.

වැටහිරකන්ද රක්ෂිතයට අයත් බලහරුව පරිවාර වනාන්තර වනසන වැල්ලවාය ප්‍රාදේශීය සභාවෙි සභාපතිවරයාගේ සහෝදරයින් පිරිස වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවට අයත් කැලෑව එළිපෙහෙලිකර ප්‍රදේශයේ වැවකට එන ඇල මාර්ගයක් හරස්කර ඉදිකර ඇති අනීතික අමුනක් ඉවත්කරන්නට ගිය අවස්ථාවෙි, සභාපතිවරයාගේ සහෝදරයින් වන සංරක්ෂණ දෙපාර්තමෙින්තුවෙි අඩවි වන නිළධාරියාගේ රාජකාරියට බාධාකරමින් ඊට ඉඩ නොදුන් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ගෙවී ගිය මාස 7-8 තුළ මෙරට තුන් වන මැතිවරණය ද අවසන් ව ඇත. පශ්චාද් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉතා ම අවම වීම මෙම මැතිවරණවල දුටු විශේෂ ලක්ෂණයකි. විද්‍යා සහ තාක්ෂණ ඇමතිවරයකු ද ඇතුළත් නව ඇමති මණ්ඩලයක් ද දිවුරුම් දී ඇති අතර, නව පාර්ලිමේන්තුව ද සිය කටයුතු ආරම්භ කර ඇත. අලුත් ප්‍රදේශීය පාලනය ද පිහිටුවමින් තිබේ. කෙසේ වෙතත් පැරණි ක්‍රමයට නව දේශපාලනය පැවතිය නො හැකි අතර, සාධනීය දිශානතියක් වෙත ගමන් කළ යුතු වේ.

ජේෂ්‍යඨ නීතිඥ කළ්‍යානන්ද තිරාණගම මහතාගේ ජන්ම දිනය වෙනුවෙන් ලංකා ලීඩර් සුභාශිංසන එක් කරමු.

108 අරුම පුදුම ඉලක්කමක් බව ඔබ දන්නවාද?

මේක සමහර පුදුමාකාර මිනිසුන්ගේ පුදුමාකාර ඉරණම ගැන ඉතාම සංවේදී කතාවක්.

22 කණ්ඩායමේ ධර්ම ගවේශනය යනු ප‍්‍රවීණ ලේඛිකා කැතලින් ජයවර්ධන විසින් රචිත කෙටි කථාවකි.

ත්‍රිකුණාමලයේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේ සිදුවූ සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ගලගමුවේ කුසලධම්ම හිමියන් අන්තර්ජාල නාලිකාවක වීඩියෝවක් නිකුත් කරමන් සඳහන් කරන්නේ ලංකාවේ සංස්කෘතිය සහ බුදු දහමට ගරු නොකරන මිනිසුන්ගේ ක්‍රියාකලාපයන් බොහෝමයක් මෙම සිදුවීමත් සමග එළියට පැමිණි බවය.

ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර යුද හමුදා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඝාතනය වූ බව කවුරුත් දනිති. එනමුත් ඔහුගේ බිරිඳ හා දරුවන්ට තවදුරටත් ජීවත් වීමට අවස්ථාව ලැබීමට පසුබිම් වු කතාව අප්‍රකටය. විජේවීර ඝාතනය කර මේ නොවැම්බර් දහතුන්වැනිදාට තිස් හය වසරක් සපිරෙන මේ මොහොතේ අපට විජේවීරගේ බිරිඳ හා දරුවන් බලාගත් හමුදා නිලධාරීන් හා නිලධාරිනියන් හමුවිය. මේ ඔවුන්ගේ අත්දැකීම් ඇසුරෙන් ලියු ලිපියකි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.