News Category
From Date
To Date
Maximum Number of Result

කන්දක් යට හාස්කමක්..

Dec 14, 2025 at 11:33 AM
|

(අද (2025 දෙසැම්බර් 14 වැනි දා ඉරිදා) “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 22 වැනි කොටස)

ස්වභාවික ආපදා විශාල ප්‍රමාණයකට චීනය ගොදුරුවෙනවා. ඒ ආපදා අතර ගංවතුර, භූමිකම්පා, සුළි කුණාටු, නායයෑම් රජ කරනවා. ඒ ආපදා ප්‍රමාණයෙනුත් දැවැන්තයි. 1976 ජුලි මාසයේ ඇතිවෙච්ච ථං-ෂන් භූමිකම්පාවෙන් මිනිස්සු ලක්‍ෂ දෙක හමාරකට කිට්ටු ප්‍රමාණයක් මියගියා. අපිට හිතාගන්නත් බැරි මහා ගංවතුර ආපදාවලටත් චීනය ගොදුරුවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට 1998 ජුනි මාසයේ ඉඳලා අණසක පතුරවපු මහා ගංවතුරට වර්ග කිලෝ මීටර් ලක්‍ෂයකට වැඩි භූමි ප්‍රමාණයක් යටවුණා. ඒ කියන්නේ අපේ රටේ මුළු භූමි ප්‍රමාණයටත් වඩා විශාල භූමියක්. ඒ මහා ගංවතුරෙන් මිනිස්සු 3700 කට වැඩි පිරිසක් මියගියා.

මෙහෙම නිතර නිතර ස්වභාවික ආපදාවලට ගොදුරුවෙන හින්දා ඒවා කළමණාකරණය කරගෙන මිනිස් ජීවිත, භෞතික සහ ආර්ථික සම්පත් ආරක්‍ෂා කරගන්න පුළුවන් ක්‍රම වර්ධනය කරගන්න චීනය කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි නායයෑම් අනතුරු කළමනාකරණයට අදාළ කරුණු කාරණා විමසමු.

නායයෑම් අනතුරු කළමනාකරණයේ දී පූර්ව අනතුරු ඇඟැවීම්වලට තමයි මුල් තැනක් ලැබෙන්නේ. මේ කාරණයට අදාළ තාක්‍ෂණික සහ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම, මූලික නිරීක්‍ෂණ කටයුතුවලට මිනිසුන් යෙදවීම ඉතාමත් හොඳින් චීනයේ සිද්දවෙනවා. බිම් මට්ටමේ තියෙන ගම් සභාවලින් සහ කෝරළ සභාවලින් මේ වැඩවලට අවශ්‍ය පරිපාලන පදනම සකස් කරලා දීලා තියෙනවා. ඉතින් ඉතාමත් ඉක්මනින් අදාළ සම්බන්ධීකරණ කටයුතු කරලා පූර්ව අනතුරු ඇඟැවීම් කරන්නත් අවදානම් ප්‍රදේශවල ඉන්න මිනිස්සු ඉක්මනින් ඉවත් කරගන්නත් මේ ක්‍රමයට පුළුවන් වෙලා තියෙනවා.

පහුගිය ඔක්තෝබර් 18 වැනි දා හවස, මධ්‍යම චීනයේ හූ-පෙයි පළාතේ ඡියැන්-ශි කෝරළයේ මා-චියා-පෝ ගම්මානයේ ඇතිවෙච්ච මහා නායයෑම කළමනාකරණය කරගත්ත විදිහ මේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් ඉතාමත් හොඳ උදාහරණයක්. ඒ නායයෑම හේතුවෙන් කන්දෙන් පහළට ඇවිල්ලා හන් ගඟට වැටිච්ච මහා දැවැන්ත ගල් පර්වත සහ පස් කඳු හින්දා මීටර් 10 කට වඩා උස රළ පාරවල් ඇතිවුණා. ගෙවල් සහ වෙනත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඒ පස් කන්දට යටවුණා. ඒත් ඒ මහා නායයෑමෙන් එක මිනිස් ජීවිතයක්වත් නැතිවුණේ නෑ.

සුන් චං-කුඕ කියන පුද්ගලයා තමයි මේ ගම්මානයේ අනතුරු නිරීක්‍ෂණයට පත් කරලා ඉන්නේ. තමන්ගේ රාජකාරිය වෙනුවෙන් කන්දේ කරක් ගහපු ඔහු ඔක්තෝබර් 16 වැනි දා හවස 7 ට විතර අමුත්තක් දැක්කා. ඔහු ඉක්මනින් ම පහළට ඇවිල්ලා ගම් සභාවේ සහ පක්‍ෂ කමිටු ශාඛාවේ අය දැනුවත් කරලා ගමේ අයව ගෙවල්වලින් අයින් කරන්න කටයුතු කළා. ඔක්තෝබර් 18 වැනි දා හවස 2 වෙද්දි, සුන් චං-කුඕ තවත් වෙනසක් දැක්කා. කන්දෙන් පහළට වැටෙන පොඩි ගල්වල වේගය වැඩිවෙලා. ගම පහළින් යන පාර වහළා දාන්න ගමේ නායකයෝ තීරණය කළා. හවස 3:04 ට කන්ද කඩාගෙන වැටෙන්න පටන්ගත්තා. මිනිස්සු ඔක්කොම බේරුණා. කාටවත් කරදරයක් වුණේ නෑ.

මේක “හාස්කමක්” නම් නෙවෙයි. හැබැයි මේක “හාස්කමක් නෙවෙයි” කියලා කියන එකත් වැරැදියි. “මහ වැස්සක් වහිද්දි අපි මොනවා කරන්න ද?” කියලා අහන අය ඉන්නවා. ඉතින් එහෙම අයට බේරෙන්න උත්සාහ කරන්නේ දෙවියන්ගේ උදව්වෙන් විතරයි. ඒත් විධිමත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් විදිහටත් හාස්කම් ඇති කරන්න පුළුවන් බව සුන් චං-කුඕ කරපු හපන්කමෙන් පැහැදිළිවෙනවා.

මිනිස් ජීවිත නායයෑම්වලට ගොදුරුවෙන්න ඉඩ නො දී බේරගන්න, නායයෑම් සිද්දවෙන එක වළක්වන්න කළ යුතු දේවල් ගැනත් චීනයෙන් ඉගෙනගන්න පුළුවන්. ඒ වැඩේට අදාළ පියවර හතක් ගැන සඳහන් කරපු වාර්තාවක් මම කියවලා තියෙනවා. ඉතින් ඒ ගැනත් කෙටියෙන් යමක් කියන එක වටිනවා.

උඩින් කියපු පූර්ව අනතුරු ඇඟැවීමේ වැඩපිළිවෙළ තමයි මේ වැඩේට අදාළ මුල් ම ක්‍රමය. ඒ ගැන නම් අපිත් දන්නවා. ඒත් අදාළ ප්‍රදේශවල ගම් මට්ටමින් පත් කරන මෙහෙම නිරීක්‍ෂකයන්ට ලබාදෙන්න ඕන පුහුණුව ගැන අවබෝධයක් අපිට නෑ. අදාළ පුහුණුව හොඳින් ලබාදෙනවා නම් තමයි සුන් චං-කුඕ වගේ විශේෂඥයෝ බිහි කරගන්න අපිටත් පුළුවන් වෙන්නේ.

නායයෑම් තොරතුරු විමර්ශන ජාලය කියලා තාක්‍ෂණික වැඩපිළිවෙළකුත් චීනයේ තියෙනවා. මේක තමයි මේ වැඩේට අදාළ දෙවැනි ක්‍රමය. මේ ක්‍රමයේ දී දවසේ පැය 24 ම එක දිගට ක්‍රියාත්මක වෙන කැමරා පද්ධති, වෙනත් තාක්‍ෂණික උපකරණවලින් සමන්විත අන්තර්ජාලයක් යොදාගන්නවා. ඉතින් තාක්‍ෂණික නිරීක්‍ෂණ මත පදනම් වෙලා පූර්ව අනතුරු ඇඟැවීම් නිකුත් කරන්න ඒ පද්ධතියට පුළුවන්.

කඳු බිම් ආරක්‍ෂා කරන දැල් එලීමයි තුන්වැනි ක්‍රමයේ දී සිද්දවෙන්නේ. මේ දැල්වල ආරක්‍ෂාව ප්‍රමාණවත් වෙන්නේ පොඩි නායයාම් වළක්වන්න විතරයි. කඳු බෑවුම්වල ගස් හිටවීමෙන් කෙරෙන්නෙත් එක් ආකාරයක දැලක් එළීමක් ම තමයි. උපක්‍රමශීලී විදිහට මේ දැල් එලීමෙන් ලොකු නායයෑම්වලට බාධා කරන්නත් පුළුවන්. කඳු මුදුන්වල සහ බෑවුම්වල ඇතිවෙන වළවල් සහ ඇගෑලි පිරැවීම තමයි හතරවැනි ක්‍රමයෙන් සිද්දවෙන්නේ. ඉතින් එහෙම කළාම ඒ අහුමුළුවලින් කන්ද ඇතුළට වතුර පිරෙන්නේ නෑ.

කඳු පල්ලමේ මායිම් (කඳු වාටි) ශක්තිමත් කිරීම තවත් ක්‍රමයක්. මේ පස්වැනි ක්‍රමයෙන් ශක්තිමත් කරන කඳු වාටි මුක්කු විදිහට ඊට ඉහළින් තියෙන මහ බර උස්සගෙන ඉන්නවා. ඉතින් උඩින් තියෙන මහ බර පහළට පාත්වෙන්නේ නෑ.

නායයෑමේ ඉඩක් තියෙන කඳුවල හැඩය වෙනස් කරන එක තමයි හයවැනි ක්‍රමය. මෙහෙම කළාම කන්දේ ඒ ඒ පැතිවල ගුරුත්ව කේන්ද්‍ර වෙනස්වෙනවා. ඉතින් කොච්චර වැස්සත් කන්දේ බර යොමුවෙන්නේ අලුතින් හදලා දෙන පැත්තට. වැස්සෙන් බර වෙන කඳු මේ ක්‍රමයට මේච්චල් කරලා කලින් තිබුණු තැන ම තියාගන්න පුළුවන්. හත්වැනි ක්‍රමය තරමක් වියදම් අධිකයි. නායයෑම්වලට බාධා කරන කුළුණු ඉදිකිරීමක් තමයි ඒ ක්‍රමයෙන් කෙරෙන්නේ. පොළොවේ යට ගැඹුරට බස්සලා හදන මේ කුළුණුවලට කඳු පහළට තල්ලුවීම වළක්වන්න පුළුවන්.

ඉතින් මේ ක්‍රම හත යොදාගෙන චීනයේ නිර්මාණය කරලා තියෙන්නේ පරිපූර්ණ නායයෑම් කළමනාකරණ වැඩපිළිවෙළක් බව පැහැදිළියි. මේ වැඩපිළිවෙළට මිනිස් ශ්‍රමය වගේ ම තාක්‍ෂණික මෙවලම් යොදාගෙන තියෙනවා. රුක් රෝපණයේ උදව්වත් ලබාගෙන තියෙනවා. ඒ වගේ ම, ඉංජිනේරුමය දැනුමත් ඒ මත පදනම්වෙලා හදාගත්ත උපක්‍රමත් යොදාගෙන තියෙනවා.

චීනයේ මේ හැම වැඩක් ම සිද්දවෙන්නේ හදිසි අවස්ථා කළමනාකරණ අමාත්‍යංශයේ නායකත්වය යටතේ. කලින් විවිධ ආයතන යටතේ ඇති කරලා තිබුණු ආපදා කළමනාකරණ සේවා එකතු කරලා තමයි 2018 අවුරුද්දේ මේ අමාත්‍යංශය ඇති කළේ. ඒ කොහොම වුනත්, ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේ අමාත්‍යංශය බොහොම බලගතු ආයතනයක් බවට පත්වුණා. චීනයේ ඉහළ ඉඳලා බිම් මට්ටමට පිහිටුවලා තියෙන අනිත් ආයතන වගේ ම, මේ අමාත්‍යංශයත් පස් අවුරුදු සැලැසුම් හදනවා. ඒ සැලැසුම් අනුව කටයුතු කරලා තමන් ම පිහිටුවාගන්න ඉලක්ක සාක්‍ෂාත් කරගන්නවා.

2021 – 2025 කාලය වෙනුවෙන් 2020 ඔක්තෝබර් මාසයේ දී කෙටුම්පත් කරලා 2021 මාර්තු මාසයේ දී රැස්වෙච්ච චීන මහජන සම්මේලනයේ 4 වැනි සැසි වාරයේ දී සම්මත කරගත්ත 14 වැනි පස් අවුරුදු සැලැස්මෙන් ආපදා කළමනාකරණය වෙනුවෙන් පිහිටුවලා තියෙන ඉලක්ක මේ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ආපදා කළමනාකරණ‍යට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු දියුණුකිරීම, අදාළ වැඩවලට නියමුවන් රහිත ගුවන්යානා සහ රොබෝ යන්ත්‍ර සම්බන්ධ කරගැනීම, ඉතාමත් ඉහළ මට්ටමේ අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යොදාගැනීම වගේ ඉලක්ක විශාල ප්‍රමාණයක් ඒ සැලැස්ම යටතේ පිහිටුවාගත්තා. සැලැසුම් හදලා, ඉලක්ක පිහිටුවලා බලාගෙන ඉන්න සිරිතකුත් චීනයේ නෑ. මේ වෙද්දි, ඒ හැම ඉලක්කයක් ම සාක්‍ෂාත් කරගෙන ඉවරයි. ඒ අත්පත් කරගැනීම් සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනීම ඇතුළු අනෙක් ජයග්‍රහණත් පදනම් කරගෙන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්න චීනය සූදානම්වෙනවා. ඉතින් ඒ හරහා නියම කරගන්න අලුත් ආපදා කළමනාකරණ ඉලක්ක ගැනත් අපිට ඉක්මනින් ම දැනගන්න පුළුවන් වෙයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

(පින්තූරය: නායයෑම් පූර්ව අනතුරු ඇඟැවීම් තාක්‍ෂණික ජාලය)

සම්බන්ධිත පුවත් | Related News

බුදුදහම සහ ධර්ම කරුණු විකෘති කරමින් ප්‍රචාරය කරන බවට චෝදනා එල්ල වී ඇති පුද්ගලයින් 103 දෙනෙකුගේ නාමලේඛනයක් සමාජ මාධ්‍යය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.
මෙතන ඉන්න ගොඩක් අය අද ජීවතුන් අතර නෑ. ඉන්නෙ අතලොස්සක පිරිසක් විතරයි.
2001 වසරේ ජූනි 1 වනදා නේපාලයේ කත්මණ්ඩු නුවර නාරායන්හිටි රාජමාලිගයේදී සිදු වූ නේපාල රාජකීය පවුලේ සමූලඝාතනය ලෝක ඉතිහාසයේ ලේවැකි සහ අතිශය කම්පන සහගත පුවතක් ලෙස සටහන් වේ. මෙම ඛේදවාචකයෙන් නේපාලයේ බිරේන්ද්‍ර රජු (King Birendra) සහ අයිශ්වර්යා රැජින (Queen Aishwarya) ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයින් නවදෙනෙකු ජීවිතක්ෂයට පත් විය.
ඔබ මේ ඡායාරූපයේ දකින්නේ ලෝක ගෘහ නිර්මාණ ශිල්පයේ වංශකතාව තුළ ශ්‍රී ලංකාවේ නම සටහන් කළ පැබ්ලෝ පිකාසෝ මහා කලා ශිල්පීන් ඇසුරු කළ ශ්‍රී ලංකාවේ එක්තරා ගැහැනියකි.
නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මැතිතුමාට එම තනතුරින් ඉල්ලා අස්වෙන්න කියලා දොලොස් දෙනෙක් විතර සහභාගි වුණ "අති දැවැන්ත" විරෝධතාවයක් නීතිඥ සංගමයේ කාර්යාලය ඉදිරිපිට.
නන්දා මාලනිය සමග මගේ කිසිම පුද්ගලික හඳුනා ගැනීමක් නෑ. ඒත් ඇය ගායනා කරන ගීත අතිශය බහුතරයක් මම ආශාවෙන් රස විඳිනවා. ඒ අනුව ඇය මගේ ප්‍රියතම ගායිකාව වෙන්නත් පුලුවන්. මම එහෙම සැසඳීමක් කරලා නෑ . මම කැමති ගීත ගායනා කරන තවත් ගායිකාවන් ඉන්නවා.
නීතීඥ සංගමයේ සභාපතිගේ ඉංගිරිසි භාවිතය පිළිබඳව සහ නජිත් ඉන්දික මන්ත්‍රීවරයාගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳව සමාජ මාධ්‍යයේ මේ වන විට කතාබහක් නිර්මාණය වී තිබේ.
බුද්ධික හේවාවසම්ට සංචාරක සංවර්ධන අධිකාරියෙන් යන්න වුණේ වෙන බක්කක් නිසා නෙවෙයි.
අලුතින් හඳුනාගෙන ඇති Zero-Click යනුවෙන් හදුන්වන WhatsApp ගිණුම් අත්පත් කරගැනීමේ ප්‍රහාරයක් විවිධ ජංගම දුරකථන ඉලක්ක කරමින් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.