News Category
From Date
To Date
Maximum Number of Result

කන්දක් යට හාස්කමක්..

Dec 14, 2025 at 11:33 AM
|

(අද (2025 දෙසැම්බර් 14 වැනි දා ඉරිදා) “ඇත්ත” පුවත්පතේ පළ කරන ලද “චීන පෙරැළිය” ලිපි මාලාවේ 22 වැනි කොටස)

ස්වභාවික ආපදා විශාල ප්‍රමාණයකට චීනය ගොදුරුවෙනවා. ඒ ආපදා අතර ගංවතුර, භූමිකම්පා, සුළි කුණාටු, නායයෑම් රජ කරනවා. ඒ ආපදා ප්‍රමාණයෙනුත් දැවැන්තයි. 1976 ජුලි මාසයේ ඇතිවෙච්ච ථං-ෂන් භූමිකම්පාවෙන් මිනිස්සු ලක්‍ෂ දෙක හමාරකට කිට්ටු ප්‍රමාණයක් මියගියා. අපිට හිතාගන්නත් බැරි මහා ගංවතුර ආපදාවලටත් චීනය ගොදුරුවෙලා තියෙනවා. උදාහරණයක් විදිහට 1998 ජුනි මාසයේ ඉඳලා අණසක පතුරවපු මහා ගංවතුරට වර්ග කිලෝ මීටර් ලක්‍ෂයකට වැඩි භූමි ප්‍රමාණයක් යටවුණා. ඒ කියන්නේ අපේ රටේ මුළු භූමි ප්‍රමාණයටත් වඩා විශාල භූමියක්. ඒ මහා ගංවතුරෙන් මිනිස්සු 3700 කට වැඩි පිරිසක් මියගියා.

මෙහෙම නිතර නිතර ස්වභාවික ආපදාවලට ගොදුරුවෙන හින්දා ඒවා කළමණාකරණය කරගෙන මිනිස් ජීවිත, භෞතික සහ ආර්ථික සම්පත් ආරක්‍ෂා කරගන්න පුළුවන් ක්‍රම වර්ධනය කරගන්න චීනය කටයුතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට අපි නායයෑම් අනතුරු කළමනාකරණයට අදාළ කරුණු කාරණා විමසමු.

නායයෑම් අනතුරු කළමනාකරණයේ දී පූර්ව අනතුරු ඇඟැවීම්වලට තමයි මුල් තැනක් ලැබෙන්නේ. මේ කාරණයට අදාළ තාක්‍ෂණික සහ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම, මූලික නිරීක්‍ෂණ කටයුතුවලට මිනිසුන් යෙදවීම ඉතාමත් හොඳින් චීනයේ සිද්දවෙනවා. බිම් මට්ටමේ තියෙන ගම් සභාවලින් සහ කෝරළ සභාවලින් මේ වැඩවලට අවශ්‍ය පරිපාලන පදනම සකස් කරලා දීලා තියෙනවා. ඉතින් ඉතාමත් ඉක්මනින් අදාළ සම්බන්ධීකරණ කටයුතු කරලා පූර්ව අනතුරු ඇඟැවීම් කරන්නත් අවදානම් ප්‍රදේශවල ඉන්න මිනිස්සු ඉක්මනින් ඉවත් කරගන්නත් මේ ක්‍රමයට පුළුවන් වෙලා තියෙනවා.

පහුගිය ඔක්තෝබර් 18 වැනි දා හවස, මධ්‍යම චීනයේ හූ-පෙයි පළාතේ ඡියැන්-ශි කෝරළයේ මා-චියා-පෝ ගම්මානයේ ඇතිවෙච්ච මහා නායයෑම කළමනාකරණය කරගත්ත විදිහ මේ සම්බන්ධයෙන් දක්වන්න පුළුවන් ඉතාමත් හොඳ උදාහරණයක්. ඒ නායයෑම හේතුවෙන් කන්දෙන් පහළට ඇවිල්ලා හන් ගඟට වැටිච්ච මහා දැවැන්ත ගල් පර්වත සහ පස් කඳු හින්දා මීටර් 10 කට වඩා උස රළ පාරවල් ඇතිවුණා. ගෙවල් සහ වෙනත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් ඒ පස් කන්දට යටවුණා. ඒත් ඒ මහා නායයෑමෙන් එක මිනිස් ජීවිතයක්වත් නැතිවුණේ නෑ.

සුන් චං-කුඕ කියන පුද්ගලයා තමයි මේ ගම්මානයේ අනතුරු නිරීක්‍ෂණයට පත් කරලා ඉන්නේ. තමන්ගේ රාජකාරිය වෙනුවෙන් කන්දේ කරක් ගහපු ඔහු ඔක්තෝබර් 16 වැනි දා හවස 7 ට විතර අමුත්තක් දැක්කා. ඔහු ඉක්මනින් ම පහළට ඇවිල්ලා ගම් සභාවේ සහ පක්‍ෂ කමිටු ශාඛාවේ අය දැනුවත් කරලා ගමේ අයව ගෙවල්වලින් අයින් කරන්න කටයුතු කළා. ඔක්තෝබර් 18 වැනි දා හවස 2 වෙද්දි, සුන් චං-කුඕ තවත් වෙනසක් දැක්කා. කන්දෙන් පහළට වැටෙන පොඩි ගල්වල වේගය වැඩිවෙලා. ගම පහළින් යන පාර වහළා දාන්න ගමේ නායකයෝ තීරණය කළා. හවස 3:04 ට කන්ද කඩාගෙන වැටෙන්න පටන්ගත්තා. මිනිස්සු ඔක්කොම බේරුණා. කාටවත් කරදරයක් වුණේ නෑ.

මේක “හාස්කමක්” නම් නෙවෙයි. හැබැයි මේක “හාස්කමක් නෙවෙයි” කියලා කියන එකත් වැරැදියි. “මහ වැස්සක් වහිද්දි අපි මොනවා කරන්න ද?” කියලා අහන අය ඉන්නවා. ඉතින් එහෙම අයට බේරෙන්න උත්සාහ කරන්නේ දෙවියන්ගේ උදව්වෙන් විතරයි. ඒත් විධිමත් ආපදා කළමනාකරණ වැඩපිළිවෙළක ප්‍රතිඵලයක් විදිහටත් හාස්කම් ඇති කරන්න පුළුවන් බව සුන් චං-කුඕ කරපු හපන්කමෙන් පැහැදිළිවෙනවා.

මිනිස් ජීවිත නායයෑම්වලට ගොදුරුවෙන්න ඉඩ නො දී බේරගන්න, නායයෑම් සිද්දවෙන එක වළක්වන්න කළ යුතු දේවල් ගැනත් චීනයෙන් ඉගෙනගන්න පුළුවන්. ඒ වැඩේට අදාළ පියවර හතක් ගැන සඳහන් කරපු වාර්තාවක් මම කියවලා තියෙනවා. ඉතින් ඒ ගැනත් කෙටියෙන් යමක් කියන එක වටිනවා.

උඩින් කියපු පූර්ව අනතුරු ඇඟැවීමේ වැඩපිළිවෙළ තමයි මේ වැඩේට අදාළ මුල් ම ක්‍රමය. ඒ ගැන නම් අපිත් දන්නවා. ඒත් අදාළ ප්‍රදේශවල ගම් මට්ටමින් පත් කරන මෙහෙම නිරීක්‍ෂකයන්ට ලබාදෙන්න ඕන පුහුණුව ගැන අවබෝධයක් අපිට නෑ. අදාළ පුහුණුව හොඳින් ලබාදෙනවා නම් තමයි සුන් චං-කුඕ වගේ විශේෂඥයෝ බිහි කරගන්න අපිටත් පුළුවන් වෙන්නේ.

නායයෑම් තොරතුරු විමර්ශන ජාලය කියලා තාක්‍ෂණික වැඩපිළිවෙළකුත් චීනයේ තියෙනවා. මේක තමයි මේ වැඩේට අදාළ දෙවැනි ක්‍රමය. මේ ක්‍රමයේ දී දවසේ පැය 24 ම එක දිගට ක්‍රියාත්මක වෙන කැමරා පද්ධති, වෙනත් තාක්‍ෂණික උපකරණවලින් සමන්විත අන්තර්ජාලයක් යොදාගන්නවා. ඉතින් තාක්‍ෂණික නිරීක්‍ෂණ මත පදනම් වෙලා පූර්ව අනතුරු ඇඟැවීම් නිකුත් කරන්න ඒ පද්ධතියට පුළුවන්.

කඳු බිම් ආරක්‍ෂා කරන දැල් එලීමයි තුන්වැනි ක්‍රමයේ දී සිද්දවෙන්නේ. මේ දැල්වල ආරක්‍ෂාව ප්‍රමාණවත් වෙන්නේ පොඩි නායයාම් වළක්වන්න විතරයි. කඳු බෑවුම්වල ගස් හිටවීමෙන් කෙරෙන්නෙත් එක් ආකාරයක දැලක් එළීමක් ම තමයි. උපක්‍රමශීලී විදිහට මේ දැල් එලීමෙන් ලොකු නායයෑම්වලට බාධා කරන්නත් පුළුවන්. කඳු මුදුන්වල සහ බෑවුම්වල ඇතිවෙන වළවල් සහ ඇගෑලි පිරැවීම තමයි හතරවැනි ක්‍රමයෙන් සිද්දවෙන්නේ. ඉතින් එහෙම කළාම ඒ අහුමුළුවලින් කන්ද ඇතුළට වතුර පිරෙන්නේ නෑ.

කඳු පල්ලමේ මායිම් (කඳු වාටි) ශක්තිමත් කිරීම තවත් ක්‍රමයක්. මේ පස්වැනි ක්‍රමයෙන් ශක්තිමත් කරන කඳු වාටි මුක්කු විදිහට ඊට ඉහළින් තියෙන මහ බර උස්සගෙන ඉන්නවා. ඉතින් උඩින් තියෙන මහ බර පහළට පාත්වෙන්නේ නෑ.

නායයෑමේ ඉඩක් තියෙන කඳුවල හැඩය වෙනස් කරන එක තමයි හයවැනි ක්‍රමය. මෙහෙම කළාම කන්දේ ඒ ඒ පැතිවල ගුරුත්ව කේන්ද්‍ර වෙනස්වෙනවා. ඉතින් කොච්චර වැස්සත් කන්දේ බර යොමුවෙන්නේ අලුතින් හදලා දෙන පැත්තට. වැස්සෙන් බර වෙන කඳු මේ ක්‍රමයට මේච්චල් කරලා කලින් තිබුණු තැන ම තියාගන්න පුළුවන්. හත්වැනි ක්‍රමය තරමක් වියදම් අධිකයි. නායයෑම්වලට බාධා කරන කුළුණු ඉදිකිරීමක් තමයි ඒ ක්‍රමයෙන් කෙරෙන්නේ. පොළොවේ යට ගැඹුරට බස්සලා හදන මේ කුළුණුවලට කඳු පහළට තල්ලුවීම වළක්වන්න පුළුවන්.

ඉතින් මේ ක්‍රම හත යොදාගෙන චීනයේ නිර්මාණය කරලා තියෙන්නේ පරිපූර්ණ නායයෑම් කළමනාකරණ වැඩපිළිවෙළක් බව පැහැදිළියි. මේ වැඩපිළිවෙළට මිනිස් ශ්‍රමය වගේ ම තාක්‍ෂණික මෙවලම් යොදාගෙන තියෙනවා. රුක් රෝපණයේ උදව්වත් ලබාගෙන තියෙනවා. ඒ වගේ ම, ඉංජිනේරුමය දැනුමත් ඒ මත පදනම්වෙලා හදාගත්ත උපක්‍රමත් යොදාගෙන තියෙනවා.

චීනයේ මේ හැම වැඩක් ම සිද්දවෙන්නේ හදිසි අවස්ථා කළමනාකරණ අමාත්‍යංශයේ නායකත්වය යටතේ. කලින් විවිධ ආයතන යටතේ ඇති කරලා තිබුණු ආපදා කළමනාකරණ සේවා එකතු කරලා තමයි 2018 අවුරුද්දේ මේ අමාත්‍යංශය ඇති කළේ. ඒ කොහොම වුනත්, ඉතාමත් කෙටි කාලයක් ඇතුළත මේ අමාත්‍යංශය බොහොම බලගතු ආයතනයක් බවට පත්වුණා. චීනයේ ඉහළ ඉඳලා බිම් මට්ටමට පිහිටුවලා තියෙන අනිත් ආයතන වගේ ම, මේ අමාත්‍යංශයත් පස් අවුරුදු සැලැසුම් හදනවා. ඒ සැලැසුම් අනුව කටයුතු කරලා තමන් ම පිහිටුවාගන්න ඉලක්ක සාක්‍ෂාත් කරගන්නවා.

2021 – 2025 කාලය වෙනුවෙන් 2020 ඔක්තෝබර් මාසයේ දී කෙටුම්පත් කරලා 2021 මාර්තු මාසයේ දී රැස්වෙච්ච චීන මහජන සම්මේලනයේ 4 වැනි සැසි වාරයේ දී සම්මත කරගත්ත 14 වැනි පස් අවුරුදු සැලැස්මෙන් ආපදා කළමනාකරණය වෙනුවෙන් පිහිටුවලා තියෙන ඉලක්ක මේ සඳහා උදාහරණ විදිහට දක්වන්න පුළුවන්. ආපදා කළමනාකරණ‍යට අදාළ පර්යේෂණ සහ සංවර්ධන කටයුතු දියුණුකිරීම, අදාළ වැඩවලට නියමුවන් රහිත ගුවන්යානා සහ රොබෝ යන්ත්‍ර සම්බන්ධ කරගැනීම, ඉතාමත් ඉහළ මට්ටමේ අන්තර්ජාල ඇතුළු සන්නිවේදන පහසුකම් යොදාගැනීම වගේ ඉලක්ක විශාල ප්‍රමාණයක් ඒ සැලැස්ම යටතේ පිහිටුවාගත්තා. සැලැසුම් හදලා, ඉලක්ක පිහිටුවලා බලාගෙන ඉන්න සිරිතකුත් චීනයේ නෑ. මේ වෙද්දි, ඒ හැම ඉලක්කයක් ම සාක්‍ෂාත් කරගෙන ඉවරයි. ඒ අත්පත් කරගැනීම් සහ කෘත්‍රිම බුද්ධිය භාවිතයට ගැනීම ඇතුළු අනෙක් ජයග්‍රහණත් පදනම් කරගෙන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන්න චීනය සූදානම්වෙනවා. ඉතින් ඒ හරහා නියම කරගන්න අලුත් ආපදා කළමනාකරණ ඉලක්ක ගැනත් අපිට ඉක්මනින් ම දැනගන්න පුළුවන් වෙයි.

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

(පින්තූරය: නායයෑම් පූර්ව අනතුරු ඇඟැවීම් තාක්‍ෂණික ජාලය)

සම්බන්ධිත පුවත් | Related News

ගල්ගමුවේ ඉදන් ආපු Rmj බණ්ඩාර අයියා කාවන්තිස්ස ඇතු ගැන කියන කතාව..
යෝජිත, ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පතට (PSTA) විරුද්ධ වන්නේ කුමක් නිසා ද යන්න මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා කරුණු දක්වා තිබේ.
සරසවි ඇදුරන් 2000ක් පමණ බඳවා ගැනීමට අනුමැතිය ලබාදී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරීය සිදුකරන ප්‍රකාශයක් සහ එම වේදිකාවේම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ප්‍රමණය 1515ක් බවට සිදුකරන ප්‍රකාශ ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝකය කොපමණ තාක්ෂණයෙන්, විද්‍යාවෙන් සහ නවීන විලාසිතා වලින් ඉදිරියට ගියත් පෘථිවියේ සමහර තැන්වල කාලය නතර වී තිබෙන්නේ, මීට වසර දහස් ගණනකට පෙර පැවති පද්ධතීන් ළඟය.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් කොළඹ විහාරමහා දේවි උද්‍යානයේදී ආරම්භ කර ඇති සත්‍යග්‍රහයට පැමිණ පොලිස් නිලධාරීන් විසින් පිරිත් දැමීම නතර කරන ලෙස දන්වමින් සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වීඩියෝ හරහා තොරතුරු අනාවරණය කර තිබේ.
"ඔවුන්ට කන්න පාන් නැත්නම්, කේක් කන්න කියන්න." ඔබ මේ සුප්‍රකට කියමන, මීට පෙර අසා ඇති! පාසල් ඉතිහාස පොත්වල, සමාජ මාධ්‍ය සටහන්වල එහෙමත් නැතහොත් දේශපාලන සංවාදවල ඕනෑම තැනක, 'තමන්ගේ ජනතාවගේ දුක නොහඳුනන අහංකාර, සැප ජීවිත ගත කළ නායකයින්..' ගැන කතා කරන විට මුලින්ම අපේ මතකයට එන චරිතය, ප්‍රංශයේ මාරි ඇන්ටොනෙට්!
ආගම දේශපාලනයෙන් විතැන් විය යුතු බව උගතුන් යැයි කියාගන්නා පුද්ගලයින් පවසන බවත්, එහෙත් ආගමික සංස්ථාවක් දේශපාලයෙන් තොර වූවක් නොවිය යුතු බවත්, උගතුන්ට ප්‍රශ්නයක් වී ඇත්තේ බෞද්ධ සංස්ථාව දේශපාලනීක වීම බවත් සමාජ මාධ්‍යයේ සංසරණය වන වීඩියෝවක් මගින් කරුණු දක්වයි.
ප්‍රභාකරන් මැරෙද්දි මට ඕන උනේ ඒක හරියට ලෝකෙටම පෙන්නන්න.. මම මේ ජීවිතේ හංගන් හිටපු කතාවක්. ප්‍රභාකරන්ට ගහපු 8 මෑන් ටීම් එක පස්සෙන් මමත් ගියා..
බල්ලෙක්ටත් කරන අපහසයක් ප්‍රභාකරන්ට බල්ලෙක් කියන එක..

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.