විභාග තිබ්බෙ නැත්තම් කෝ අවස්ථා?.. විභාග අහෝසි කිරීමෙන් රටේ දරුවන් ගොඩ යයිද?..
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ විභාග අහෝසි කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ කථිකාවක් මතුව ඇති පසුබිමක විභාග අහෝසිය මගින් සිදුවන ගැටලු සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරන සමාජ මාධ්‍යයෙන් උපුටාගත් ලිපියක් පහළින් දක්වා තිබේ..
"මේ ඉහලින් අමුණල තියෙන්නේ මගේ අපොස සා පෙල සහතිකය…
මම විෂයන් 10ටම A සාමාර්ථ ගත්ත කෙනෙක්…ඒ විෂයන් 12කට ඉල්ලුම් කරලා…එදා ඒ ඇප්ලිකේෂන් එකේ අන්තිමට තිබිබ තීරුවේ අනිවාර්‍ය විෂයන් 10ට අමතරව මම තව විෂයන් දෙකක් චූටි අකුරෙන් ලිවිවා..
ඒ සංවර්ධන අධ්‍යනය සහ දෙමළ කියලයි මට මතක. ඒ මොඩ කමද ඉගෙන ගන්ක තිබ්බ ආසාවද කියලා ඇහුවොත් මම අදත් කියන්නේ ඉගෙන ගන්න තිබිබ ආසාවට කියලා…අතිරේක විෂයන් දෙක මම වෙන ලමයින්ගෙ නෝටිස් කියවලා ඉගෙන ගෙන තිබුනා….
කරන්න පුළුවන් විෂයන් 10 යි යකු…
ඉතිං ඒ ටික කලා…
මට A 9ක් ශුවර්…ඉංග්‍රීසිත් A එකත් ශුවර්…ඒත් පොඩි නලියෑමක් හිතේ තිබුනේ එකක් ගැන…ප්‍රතිඵල ආපු ගමන් මං බැලුවේ ඒක..
ඉංග්‍රීසි සාහිත්‍ය…
හරි…ඒකටත් A….
දන්නවනේ ඉතිං…ඉංග්‍රීසි වගේ නෙවෙයි English Literature…
බිග් කුච්චන් තමයි.
අම්මා අප්පච්චි සතුටු වෙච්ච තරම් මතක් කරලා මට අදත් අඩන්න පුළුවන්…
ඒ අවුරුද්දේ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ A10 ගත්ත අය 60 දෙනෙක් හිටියා…ඒ සුනාමි, ගංවතුර භූමි කම්පා , බෝමිබ පිපිරීම් නිසා විභාගෙ ලේසි කරලා නෙවෙයි.
එකම පංතියේ එකම පේලියේ ඉදලා සා පෙල හැම විශයටම A ගත්ත අපි හතර දෙනාගේ අද තත්වය ඒකට සාක්ෂි…
Dinithi Rathnayake- දැන් ආචාර්‍ය දිනිති රත්නායක
USA වල intel process engineer
Wimalika Thalgaspitiya- දැන් ආචාර්‍ය විමාලිකා තල්ගස්පිටිය
USA වල intel module engineer කෙනෙක්
Nirodha Senevirathna- අද ආවාර්‍ය නිරෝධා සෙනෙවිරත්න (PhD in plant science )
ඒක තමයි තරගය අපිව ගෙනාපු දුර…..
දිනිතියි, විමාලිකයි මමයි නිරෝධායි අපි හැමෝම රජයේ රස්සාවල් කරපු දෙමව්පියන්ගෙ ලමයි…
පන්තියෙ හිටියා ත්‍රීකුණාමලයෙ ඉදලා ශිෂ්‍යත්වෙ පාස්වෙලා ඇවිත් ඉස්කෝලේ හොස්ටල් නතර වෙලා හිටපු යාළුවෙක්…දැන් විස්තර දන්නෙ නෑ..
ඉතිං විභාග තිබ්බෙ නැත්තම් කෝ මෙහෙම අපිට අවස්ථා?
අඩුම තරමේ විසි කරන්න සල්ලි නැතත් කවදහරි දවසක සල්ලි වලට වඩා වටින දේවල් අහුල ගන්න පුළුවන් වෙන අනාගතයක් හදා ගන්න පුළුවන් කියලා පොඩි බලාපොරොත්තුවක් හරි තියා ගන්න පුළුවන් පාරක් පෙනුන එකම අපිට සහනයක් නෙවෙයිද?
ඇයි අපි ට විභාග ලියලා තරග කරන්න වෙලා තියෙන්නේ?
වර්ග කිලෝමීටර් 65610 ක භූම්ප්‍රමාණයක මිනිස්සු මිලියන 22න් ජීවත් වෙනවා…ජන ඝනත්වය වැඩී…භූමිය, ආහාර ජලය වගේම අවස්ථා ත් සීමිතයි…තරග නොකලොත් අපි පරදිනවා…
ෆින්ලන්තයේ , ඔස්ට්‍රේලියාවේ ලමයි විභාග නැතුව නිදහසේ ඉගෙන ගන්නේ
සමිපත් බහුල නිසා,
පොහොසත්
රටවල් නිසා,
අවස්ථා සුලබ නිසා…
හරියට ඇනලයිස් නොකර ක්‍රමේ කොපි කරන්න ගියොත් අපේ අනාගත දරුවන් වල පල්ලට යනවා…
හොද ප්‍රතිපල නොගත්තොත් ඊලග ට අපොස උ පෙල ඉහලින් සමත් නොවුනොත්, කැම්පස් වලට තෝරා ගන්න ආසන්න වශයෙන් විසි දාහ ඇතුලට රිංග ගන්න බැරි වෙනවා…
විභාග නිසා දරුවන් ට අධික ලෙස පීඩනයක් දරන්න වෙනවා කියලා විභාග අහෝසි කරන්න යනවලු….
මේ විභාග කරලා ගොඩ අාපු දීප ව්‍යාප්ත සේවාවල ගුරු වෘත්තියේ, රාජ්‍ය සේවයේ පුද්ගලික අංශයේ කී දාහක් ඉන්නවද?
ඊටවඩා පාරවල් අයිනේ රස්තියාදු ගහන ප්‍රමාණය වර්ධනය වෙනවා බලන්න අපි කවුරුත් අකමැතියි…
පීඩනය දියමන්ති නිර්මාණය කරනවා.෴෴
A 10 ක් ගන්ත කියලා ජීවිතේ දිනන්නේ නෑ…හැබැයි ජීවිතේ කිසි දවසක දිනන්න නැතුව ඉන්න තිබ්බ බහුතරයක් අනිවාර්යෙන් දිනන දුර්ලබ අවස්ථාවක් ඒක…
Education is the most powerful tool that can use to change the world…
ලෝකයේ එක චූටි තිතක් වගේ තියෙන මගේ මේ රටේ මිනිස්සුන්ට ලෝකෙ වෙනස් කරන්න තියෙන අවස්ථාව සියයට දශම බිංදු ගානක්…ඒකත් නැති කරලා දාන්න එපා…මේ දූපත ඉන්දියන් සාගරයේම ගිල්ලලා දැම්මා හා සමානයි ඒක…
ලංකාවේ අපේ දරුවො පරාද වෙන්න බෑ…අම්මලා තාත්තලා ගල්වැට ලග වාඩිවෙලා බලාගෙන ඉන්නවා…
එයාලගෙ ලමයි සක්විති පදවිය දිනනකම්…
ලංකාවේ අපිට ඒ ඔටුන්න පලදාගන්න යන්න තියෙන ලේසිම පාර අධ්‍යාපනය….
ඒ නිසා ක්‍රමය මොකක් වුනත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලදි, විභාගය අහෝසි කිරීම, ලංකාව දියණු රටක් වෙලා නොමිලේ උපාධියක් කිරීම , කොල්ලෝ කෙල්ලන්ගේ තීරණයක් මිසක් විභාගයකින් සීමිත පිරිසක් තේරීමක් නොවන දිනයක සිදුවිය යුත්තකි.
එබැවින් , ඒ දිනය දක්වා ලංකාවේ විභාග අහෝසි කිරීම කල් දමන මෙන්, මා පැමිණි පාරේ ඒමට නියමිත මධ්‍යම පාන්තික අනාගත ශ්‍රී ලාංකික දරුවන් සියලු දෙනා වෙනුවෙන් අදාල බලධාරීන්ගෙන් ඉතා කාරුණිකව අයදිමි.."
මීට,
දම්ම් වික්‍රමසිංහ
2025.12.12
වෙන්ඩ ආචාර්ය
ඔස්ට්‍රේලියාවේ ඉගෙන ගන්න ගමන්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..