News Category
From Date
To Date
Maximum Number of Result

ජනවාරියේ රට මුහුණ දෙන අලුත්ම ව්‍යසනය.. පෙළපොත්, වාර විභාග අහෝසි කර මාලිමාව ලංකාවේ අධ්‍යාපනයට කරන්න යන විනාශය..

Dec 12, 2025 at 03:03 PM
|

👉 මෙය අපේ රටේ සියලුම ගුරුවරුන්, දෙමාපියන්, පාසල් දරුවන් වෙනුවෙන් ලියන සටහනක්. 

👉 වත්මන් මාලිමා ආණ්ඩුව අද විදුලි වේගයෙන් කඩිමුඩියේ සිදු කෙරෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට අත ගසා තිබෙනවා.

👉 මෙයින් සිදුවීමට නියමිත හානිය අතිශය බරපතළ වුවත්, අද වෙනතුරු මේ ප්‍රශ්නය ගැන අපේ  රටේ අතිබහුතරයකට කිසිදු අවබෝධයක් නැහැ. විපක්ෂයේ කිසිම දේශපාලන පක්ෂයක් මේ ගැන එක වචනයක් කතා කරන්නේ නැහැ. 

👉 ඒ නිසා මේ විනාශය සිදුවෙන ආකාරය පියවරෙන් පියවර නිරවුල්ව තේරුම් ගැනීම ඉතා වැදගත්. 

👉 මෙය කිසිසේත්ම අදාළ ප්‍රශ්නය පැහැදිලි කිරීමට මිසක කිසිදු දේශපාලන අරමුණක් මත ලියන සටහනක් නොවෙයි. ඒ නිසා පක්ෂ, පාට, පොඩ්ඩකට පැත්තක තියලා මේ පොදු ප්‍රශ්නය හරියට තේරුම් ගනිමු. 

👉 ජනවාරියේ සිට 6 ශ්‍රේණියෙන් ආරම්භ වීමට නියමිත මේ ප්‍රතිසංස්කරණ යටතේ සිදුවන ප්‍රධානම දෙයක් තමයි පෙළපොත් හා වාර විභාග ක්‍රමය මුළුමනින්ම අහෝසි කිරීම. 

👉 පෙළපොත් වෙනුවට ආණ්ඩුව මොඩියුල් ක්‍රමයක් ආදේශ කරනවා. ඒ ඔස්සේ මෙතෙක් ඉගැන්වූ වැදගත් විෂය කරුණු සෑහෙන ප්‍රමාණයක් කප්පාදු කරලා ඉතාම සැහැල්ලු සරල විෂය කරුණු හා ක්‍රියාකාරකම් ටිකක් මේ මොඩියුල්වලින් හඳුන්වා දෙනවා. 

👉 මෙතෙක් පැවති ගුණාත්මක පෙළපොතට සාපේක්ෂව මේ මොඩියුල් කියන්නේ ඉතාම බාල සිල්ලර දියාරු ලියවිලි ටිකකට. 

👉 ඊට පස්සේ පන්ති කාමරවලදි මේ මොඩියුල්වල තියන පොඩි පොඩි ක්‍රියාකාරකම් සිසුන් ලවා කරවලා ඒවාට ලකුණු දෙනවා. 

👉 ඒ අනුව මේ පන්ති කාමරයේ කරන වැඩවලට ළමයා ගන්න ලකුණු අනුව තමයි වාරය අවසානයේ කිසියම් විෂයකට අදාළව ළමයාගේ මට්ටම මනින්නේ. 

👉 එක් විෂයක් සඳහා මොඩියුල්වලින් ලකුණු සීයට 70ක් දෙනවා. ඉතුරු සීයට 30 ගුරුවරයාට කැමති අධීක්ෂණයක් කරලා දෙන්න කියලා කියනවා. 

👉 කොට්ඨාස මට්ටමින්, කලාප මට්ටමින්, පළාත් මට්ටමින් මෙතෙක් පැවති සියලු වාර විභාග සම්පූර්ණ අහෝසි වෙනවා. 

👉 විධිමත් වාර විභාග නැතුව පන්තියේ කරපු බාල සිල්ලර ඇක්ටිවිටීස්වලින් ළමයාගේ ලකුණු ප්‍රමාණය තීරණය කරනවා. 

👉 ඕලෙවල්, ඒ ලෙවල් වගේ විභාගවලටත් මේ විදිහට පන්තියේ කරන වැඩවල ලකුණුවලින් කොටසක් එකතු කරනවාද නැද්ද කියලා තාම කිසි කෙනෙක් දන්නේ නැහැ. ඒ ගැන අදාළ ලියවිලිවල කිසිම දෙයක් සටහන් වෙලා නැහැ. 

👉 කොහොම වුණත් මේක වාර විභාගයක් පවත්වලා දැනුම මනිනවා වගේ පැහැදිලි විධිමත් ක්‍රමවේදයක් නෙමෙයි. 

👉 මෙතෙන්දි  වෙන්නේ පැහැදිලි තර්කානුකූල පදනමක් නැති, අතිශය විකාර සහගත නිර්ණායක ඔස්සේ පන්ති කාමරයක් ඇතුළේ එදිනෙදා කරන දේවල්වලට ලකුණු දීමක්. 

👉 එතෙන්දි සිසුන්ට ඇගයීමක් කළත් කරන්න වෙන්නේ ළමයි එක ගොඩේ දාගෙන. ඔවුන්ට පහසුවෙන් අනිත් අයගෙන් උත්තර කොපි කරන්න ඒකෙන් ඉබේම අවස්ථාව ලැබෙනවා. 

👉 කිසිම පහසුකමක් නැති, ළමයි හතලිහ පනහ පිරුණු අපේ පාසල් පන්ති කාමර ඇතුළේ මෙහෙම ක්‍රියාකාරකම් කරන්න තියන ප්‍රායෝගික අමාරුව අමුතුවෙන් කිව යුතු නෑ.

 👉 ඒ වගේම මොඩියුල තුළ විෂය කරුණු අතිශය සැහැල්ලු කර තිබීම, ලකුණු දීමට පැහැදිලි නිර්ණායක නැති වීම, ශිෂ්‍ය කේන්ද්‍රිය නාඩගම, කොපි කිරීමට ඉඩකඩ ලැබීම වගේ දේවල් නිසා මේකෙන් ගැටලු ගණනාවක් මතු වෙනවා. 

👉 මොකද පන්තිය ඉස්සරහට ගිහින් කතාවක් කියන එකට දෙන ලකුණ කියන්නේ ප්‍රශ්න පත්තරයකට උත්තර ලියලා ගන්න ලකුණ වගේ පැහැදිලි තර්කානුකූල නිර්ණායක මත පදනම් වන්නක් නොවෙයි. 

👉 ඒ විදිහට ලකුණු දීමේ නිර්ණායක අපැහැදිලි වන විට ඒක මුළුමනින්ම ගුරුවරයාට අදාළ පුද්ගල බද්ධ ක්‍රියාවක් බවට පත්වෙන එක වලක්වන්න බැහැ. 

👉 ගුරුවරුන්ට ඕන විදිහට ලකුණු දෙන්න, ලකුණු කපන්න වගේම දෙමාපියන්ට ඕන නම් ගුරුවරුන්ට බලපෑම් කරන්න, අල්ලස් දෙන්න, තර්ජනය කරන්න වුණත් මේකෙන් අවස්ථාව උදා වෙනවා.  

👉 ඒ අනුව මේකේ අවසාන ප්‍රතිපලය වෙන්නේ මොනවා හරි ක්‍රියාකාරකම් ටිකක් කරලා ලකුණු ටිකක් දාලා කොල ටිකක් පුරවලා ඇඟ බේරගන්න තැනට ගුරුවරු පත් වෙන එක. 

👉 මේකෙන් කිසිම ළමයෙකුට ඉගෙන ගන්න, මහන්සි  වෙන්න, දැනුම හොයන්න කිසිම උත්තේජනයක්, මානසික හයියක් ලැබෙන්නේ නෑ. 

👉 පන්තියේ එදිනෙදා කරන බාල සිල්ලර මල් වැඩ ටිකකින් වාර අවසානයේ පහසුවෙන් ලකුණු ටිකක් අරන් සනීපෙට ඉන්න ළමයින්ට පුළුවන් වෙනවා. 

👉 විභාග නැති, තරගයක් නැති මේ දියාරු වැඩපිළිවෙල නිසා දක්ෂ, අදක්ෂ, වැඩ කරන, නොකරන සියලු දෙනාට ලේසියෙන් පහසුවෙන් ලකුණු ටිකක් ගන්න අවස්ථාව හම්බවෙනවා. 

👉 අද මේ අනතුර නොතේරෙන දෙමාපියන්ට වැඩි දවසක් යන්න කලින් මේක නිසා තමන්ගේ දරුවා වැඩ බැරි අදක්ෂ කම්මැලියෙක් වෙන විදිහ ප්‍රායෝගිකවම අවබෝධ වෙනවා. 

👉 විභාග ක්‍රමයේ තරගය වැඩි නම් අනවශ්‍ය විෂය කරුණු අයින් කරලා, විෂය මාලා සංශෝධනය කරලා ඒවායේ බර අඩු කරන්න පුළුවන්. හැබැයි ආණ්ඩුව ඒ වෙනුවට කරන්නේ මුළු විභාග ක්‍රමයම බෙල්ල කැපුවා වගේ අහෝසි කරන එක. 

👉 ඒක හරියට කකුලේ කටුවක් ඇනුන නිසා කටුව අයින් නොකර කකුල් දෙකම කපලා දානවා වගේ පිස්සු වැඩක්. 

👉 සියලු දෙනා සමතුන් කරන්න කියලා හරිනිලා කරන මේ ක්‍රියාවෙන් අවසානයේ ඇත්තටම සිදුවෙන්නේ සියලු දෙනා අසමතුන්, අදක්ෂයන්, දුර්වලයන් බවට පත් වෙන එක. 

👉 මේකෙන් ලංකාවේ අධ්‍යාපනයේ මෙතෙක් පැවති ගුණාත්මක බව සම්පූර්ණ අහෝසිවෙලා පාසල් පද්ධතියම පිස්සන් කොටුවක තත්ත්වයට පත් වෙන එක නතර කරන්න කාටවත් බෑ.

 👉 මේ ප්‍රතිසංස්කරණවලට පදනම් වූ දැක්ම ගැන අපූරු කතාවක් හරිනි මෑතකදි රූපවාහිනියේ කියනවා. 

👉 ඇයට අනුව මේ ප්‍රතිසංස්කරණවල ප්‍රධාන අරමුණ තමයි පාසල් ඉස්සරහා දක්ෂ සිසුන්ගේ පින්තූර ප්‍රදර්ශනය කිරීමේ සංස්කෘතිය අහෝසි කරන එක. 

👉 ඒකට හේතුව දක්ෂ සිසුන්ගේ පින්තූර ගැහුවාම අදක්ෂයන්ගේ හිත් රිදෙන එක. ඒ අනුව අදක්ෂ සිසුන් වෙනුවෙන් දක්ෂ සිසුන්ගේ බෙල්ල කපන එක තමයි හරිනිලා මේ කරන්න යන්නේ. 

👉 මේ කියන විදිහට මින් පස්සේ පාසල්වල ක්‍රීඩා තරඟ, චිත්‍ර තරඟ, භාෂා තරග මේ කිසිදෙයක් කරන්න බැහැ. මොකද දක්ෂයන් නිසා පරාජිතයන්ගේ හිත් රිදෙනවා. ඒ නිසා ක්‍රීඩා තරඟයක් තිබ්බත් හැමෝටම කුසලාන, සහතික ගහලා බෙදලා දෙන්න සිද්ධ වෙනවා.

 👉 මෙතෙන්දි පින්ලන්තය වගේ රටවල විභාග නැති අධ්‍යාපන ක්‍රමය ගැන අප්‍රායෝගික සුරංගනා කතා හරහා තමයි සමහරු මේ වැඩපිළිවෙළ සාධාරණීකරණය කරන්න හදන්නේ.

 👉 හැබැයි පින්ලන්තය වගේ ඉතාම අතලොස්සක් රටවල ක්‍රියාත්මක වන විභාග නැති ක්‍රමය කිසිසේත්ම පරමාදර්ශයක් නොවෙයි. ඒ ක්‍රමයේ තියන බරපතළ අඩුපාඩු ගැන විද්වතුන් ඕනෑ තරම් විවේචන ඉදිරිපත් කර තිබෙනවා. එය අමු අමුවේ ලංකාවට ගැලපීමට යාම කිසිසේත්ම කළ හැක්කක් නොවෙයි. එය වෙනම ගැඹුරින් කතා කළ යුතු මාතෘකාවක්. 

 👉 තව අමතර කාරණා ගණනාවක් මේ ක්‍රියාවලිය ඇතුළේ තිබුණත් මේක තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල තිබෙන මූලික හරයාත්මක ගැටලුව. 

👉 මාලිමාව මෙය කඩිමුඩියේ ක්‍රියාත්මක කරන්න ගියත් අඩුම  තරමේ මෙය මේ ආණ්ඩුව සැකසූ වැඩපිළිවෙළක්වත් නොවෙයි. මේ ආණ්ඩුව කර ඇත්තේ කලින් ආණ්ඩු යටතේ ඉදිරිපත් කළ යෝජනා මත පදනම්ව පුංචි පුංචි චක්‍රලේඛ, පවර් පොයින්ට් ප්‍රසන්ටේෂන් වගේ දේවල් ඉදිරිපත් කිරීම පමණයි. 

👉 මාලිමාව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා කිසිදු යෝජනාවලියක් සකස් කර නැහැ. තමන් ක්‍රියාත්මක කරන්නේ කලින් ආණ්ඩු යටතේ සැකසූ වැඩපිළිවෙළක් බව ඔවුන් පැහැදිලිව සඳහන් කරන්නෙත් නැහැ. විපක්ෂයේ කවුරුත් ඒ ප්‍රශ්නය ආණ්ඩුවෙන් අහන්නෙත් නැහැ. 

👉 ඒ වෙනුවට මේ ආණ්ඩුව කිසිදු විචාරයකට, විද්වත් සංවාදයකට ඉඩක් නොතබා කඩිමුඩියේ ලියවිල්ලක් නැති වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සැරසෙනවා.

👉 ඒ අනුව මේක තමයි ලංකා ඉතිහාසයේ පළමු වතාවට පැහැදිලි යෝජනාවලියකින් තොරව ක්‍රියාත්මක කරන්න යන පළමු අධ්‍යාපන ප්‍රතිසංස්කරණය. ඒ කාරණයම මේ ප්‍රතිසංස්කරණවල බංකොලොත් බව තේරුම් ගැනීමට ප්‍රබලම උදාහරණයක්.

සම්බන්ධිත පුවත් | Related News

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඉදිරිපත් වූ පෙත්සම් 67ක් විභාගයට ගැනීමේ ක්‍රියාවලිය සහ එහිදී අගවිනිසුරුවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතින බව ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී කාරියවසම් මහතා සිය යූටියුබ් නාලිකාව ඔස්සේ අනාවරණය කරයි.
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
“බුදුහාමුදුරුවෝ කියන්නෙත් සාමාන්‍ය මනුස්සයෙක්. ඉතින් ඒ තරම් ඈත කාලෙක උන්වහන්සේ ලංකාවට වැඩම කළා කියන කතාව පිළිගන්න අමාරුයි.” මෙන්න මෙහෙම තමයි එක්තරා පුද්ගලයෙක් ඊයේ මම ලියපු ලිපියට ප්‍රතිචාර දක්වලා තිබුණේ. මේ විදිහට තමන්ගේ අබ්බගාතකම මුල් කරගෙන ලෝකය දිහා බලන අය ඕන තරම් අපි අතර ඉන්නවා.
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.
22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කිරීමට යෝජනා කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 09 වන වගන්තියට (බුද්ධ ශාසනය සුරක්ෂිත කිරීමේ වගන්තියට) පටහැනි බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ.
පුරාවිද්‍යාත්මක උරුමය යනු මානව ඉතිහාසයේ, සංස්කෘතියේ සහ අතීත මානව ක්‍රියාකාරකම්වල අතිමහත් භෞතික සාක්ෂියයි. ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත් පුරා විහිදී ඇති අතිවිශාල පුරාවිද්‍යාත්මක ස්ථාන, මූලික වශයෙන් කුරුන්දි විහාරය (කුරුන්දාවශෝක විහාරය), තන්නිමුරුප්පු, වෙඩිනාගල, අරිසිමලේ, දිගාවාපිය, මුහුදු මහා විහාරය සහ කඳුරුගොඩ වැනි ප්‍රදේශ අතීත බෞද්ධ හා සංස්කෘතික නගරෝත්පාදනයේ උරුමයන් වේ. කෙසේ වෙතත්, වර්තමානය වන විට මෙම කලාපයන්හි පුරාවිද්‍යා උරුමයන් විනාශ කිරීම, අනවසරයෙන් අත්පත් කර ගැනීම, නාම පුවරු ගැලවා ඉවත් කිරීම සහ වෛරීසහගත දේශපාලන මැදිහත්වීම් හරහා අතුරුදන් කිරීමේ බරපතල තර්ජනයකට ලක්ව ඇත.
විදේශ ආයෝජන යනු ආර්ථික සංවර්ධනය සඳහා වැදගත් සංරචකයක් වන අතර, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා එහි වැදගත්කම ඉතා ඉහළය. විදේශ ආයෝජකයන් ආයෝජනය සඳහා රටක් තෝරා ගැනීමේදී බදු සහන, ශ්‍රම පිරිවැය, යටිතල පහසුකම් හෝ වෙළඳපොළ අවස්ථා පමණක් සැලකිල්ලට නොගනිති.
ශ්‍රී ලංකාව 2024 වසරේ චීනයට අපනයනය කළ සමස්ත භාණ්ඩවල වටිනාකම ඩොලර් මිලියන 261 ක් බවත්, වියට්නාමය 2024 වසරේ චීනයට අපනයනය කළ දූරියන්වල වටිනාකම පමණක් ඩොලර් මිලියන 2940ක් බවත් Next Page අන්තර්ජාල නාලිකාව පෙන්වා දෙයි.

ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා

සෙවණගල සීනි සමාගමේ පාලනාධිකාරිය සහ සේවකයන් අතර දීමනා හා නිවාඩු සම්බන්ධයෙන් හටගත් ගැටලුවක් මුල් කරගනිමින් ආරම්භ වූ වැඩ වර්ජනයක් හේතුවෙන් කර්මාන්තශාලාවේ කටයුතු සම්පූර්ණයෙන්ම අක්‍රිය වී තිබේ. මෙම වර්ජනය නිසා අස්වනු නෙළන ලද උක් ටොන් 6,000කට ආසන්න ප්‍රමාණයක් විනාශ වීමේ දැඩි අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඓතිහාසික කොට්ටියාරම සෑගිරිය රජමහා විහාරය මේ වන විට අන්තවාදී ආක්‍රමණ, නිදන් හොරුන්ගේ තර්ජන සහ ප්‍රදේශයේ සිදුවන කළුගල් කර්මාන්ත (ගල්කොරි) හේතුවෙන් දැඩි විනාශයකට ලක්වෙමින් පවතින බව වාර්තා වේ.

දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති පෙත්සම් විභාගය ඊයේ (03) ආරම්භ වුණි.

සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි

සමස්ත ලෝකයේ මේ වන විට සිටින බවට ඇස්තමේන්තු කර ඇති ගොවීන් මිලියන 934කින් අඩකට ආසන්න පිරිසක් සෑම වසරකම නොදැනුවත්ව පළිබෝධනාශක විෂවීමකට ලක්වන බව Frontiers in Public Health සඟරාවේ ඊයේ(02) ප්‍රකාශයට පත් කළ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.

නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා ආණ්ඩුව මහජනයාට දැනෙන නිශ්චිත උපායමාර්ගික හැරවුමකට යොමුකිරීම සඳහා තීන්දු ගෙන නොමැති බවත්, අංක ගණිත විජ්ජාවල් පෙන්වා ව්‍යාජ චිත්‍රයක් මහජනයාට මවාපාන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා චෝදනා කරයි.

අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්

"Atlas Angel - 2026" නමින් ශ්‍රී ලංකාවේ දී දින 5ක් පැවැත්වෙන ඒකාබද්ධ ගුවන් පුහුණු අභ්‍යාසය පසුගිය 31 වැනි දා ආරම්භ වූ අතර ඒ සඳහා අමෙරිකානු මොන්ටානා ජාතික ආරක්ෂක බලකාය සමග අමෙරිකානු පැසිෆික් ගුවන් හමුදාව සහභාගි වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.