අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වසරකින් කල් දැමීම..
👉 ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වසරකින් කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
👉 ඒ තීන්දුව ගැනීම සම්බන්ධව පළමු කොටම ජනාධිපතිතුමන් ඇතුළු රජයට ස්තුති කළ යුතුයි.
👉 මේ ප්‍රතිසංස්කරණය ගැන මගේ පිටුවේ ලිපි දෙක තුනකට වඩා පළ කළේ නැහැ. නමුත් ආරම්භයේ සිටම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අදාළව සමාජ මාධ්‍යයෙන් පරිබාහිරව සිදුවූ සංවාදයන්ට මා සම්බන්ධ වී සිටියා.
👉 මා හඳුනන මාලිමාවේ ඇමතිවරුන්, මන්ත්‍රීවරුන් ඇතුළු අයටත් මෙහි ඇති ගැටලු ගැන මා ලියූ දේවල් යැව්වා.
👉 බොහෝ දෙනා සිතන ආකාරයට මෙහි තිබූ සැබෑම ගැටලුව මොඩියුලවල අඩුපාඩු, මුද්‍රණ දෝෂ, වෙබ් අඩවි ලින්ක් වැනි තාක්ෂණික කාරණා නොවෙයි.
👉 ඒවාත් මේ වැඩපිළිවෙළෙහි වගකීම් විරහිත බවට අදාළ කාරණා වුණත්, ඒ සියල්ලට වඩා මේ ප්‍රතිසංස්කරණවල මූලික දෘෂ්ටිමය පදනමම අතිශය ගැටලු සහගත එකක්.
👉 ඒ නිසා මෙය මුලින් උදුරා දැමිය යුත්තක් මිස අතු ඉති කපා සංස්කරණය කළ හැක්කක් නොවෙයි.
👉 මේ ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටි අය කියන පරිදි විභාග පීඩනය නැති, සියලු දෙනා සතුටින් සිටින, සියලු දෙනා සමතුන් කරවන, ලේසි පහසු අධ්‍යාපන ක්‍රමයක් මගින් නවීන ලෝකයට ගැලපෙන, දියුණු පුරවැසියෙක් බිහි කළ හැකි යැයි සිතීමම බරපතළ පරස්පරයක්.
👉 ඒ යටතේ යෝජනා වූ පෙළපොත අහෝසි කිරීම, සාපේක්ෂව විෂය කරුණු සරල කරන ලද මොඩියුල හඳුන්වා දීම, වාර විභාග සපුරා අහෝසි කිරීම, වාර විභාග වෙනුවට පන්තියේ කරන ක්‍රියාකාරකම් සඳහා දෙන ලකුණු මගින් ශිෂ්‍යයාගේ මට්ටම තීරණය කිරීම කියන මූලික කාරණාම අධ්‍යාපනයේ ප්‍රමිතිය ගැන බරපතළ ගැටලු ඇති කළ හැකි දේවල්.
👉 ඒ ගැටලු මොනවාද කියන එක අවශ්‍ය නම් වෙනම සවිස්තරව පෙන්වා දිය හැකි කාරණයක්.
👉 ඒ ආකාරයට අඛණ්ඩ ඇගයීම් මත පමණක් රඳා පවතින ලිහිල් අධ්‍යාපනයක් ස්කැන්ඩිනේවියානු රටවලවත් නැහැ. තිබුණත් රටවල් අතර ඇති බරපතළ ආර්ථික, සමාජ, සංස්කෘතික වෙනස්කම් නොතකා එක් රටක අධ්‍යාපන ක්‍රමයක් තවත් රටකට යාන්ත්‍රිකව ගලපාලන්න බැහැ. (මේවා ගැන වෙනම කරුණු සහිතව කතා කරමු.)
👉 හැබැයි අපේ බොහෝ දෙනාට මේ කාරණා ගැන සංයුක්ත අවබෝධයක් තිබුණේ නැහැ. ඒ වෙනුවට මේ ප්‍රතිසංස්කරණ හරහා විභාග බර නැති, සියලු දෙනා සතුටින් සිටින, සියලු දෙනා සමත් වන, අධ්‍යාපන ක්‍රමයක් බිහි කළ හැකි යැයි සිතන රොමාන්තික් සිහිනයක බොහෝ දෙනා ගිලී සිටියා.
👉 ඒවා බොහෝ විට හැඟීම් මත පදනම් වූ තර්ක මිස සැබෑ දත්ත, කරුණු හා ඒ පිළිබඳ විද්‍යාත්මක විශ්ලේෂණ ඔස්සේ ආ නිගමන නොවෙයි.
👉 ඒ වෙනුවට අධ්‍යාපනය ගැන ජනප්‍රිය මිත්‍යා මත පදනම් කරගනිමින්, වෙනත් රටවල ඇතැයි සිතින් සිතාගෙන සිටින කතන්දර පදනම් කරගනිමින්, චිත්‍රපටවල දුටු දේවල් පදනම් කරගනිමින් එළඹුණු හැඟීම්බර නිගමන අනුව තමයි මේ ප්‍රතිසංස්කරණවලට පක්ෂ අය බොහෝ විට මේ ගැන අදහස් පළ කළේ.
👉 ඒ බොහෝ අදහස් සාවද්‍ය වන්නේ ඇයි කියන එක අවශ්‍ය නම් වෙනත් රටවල අධ්‍යාපන ක්‍රමවේද ගැන කරුණු කාරණා එක්ක පෙන්වා දෙන්න පුළුවන්. දැන් ප්‍රතිසංස්කරණ තාවකාලිකව හෝ කල් දමා ඇති නිසා ඉදිරියේ දී දේශපාලන ප්‍රහාරවලින් යම් තරමකට ගැලවී ඒ ගැන සංවාද කිරීමට යම් අවකාශයක් නිර්මාණය වී තිබෙනවා.
👉 කොහොම වුණත් මේ ප්‍රතිසංස්කරණ වසරකින් හෝ කල් දැමීම දේශපාලන අතින් ආණ්ඩුවට ඉතාම හිතකර වාසිදායක තීරණයක්.
👉 මොකද යම් හෙයකින් මෙය ක්‍රියාත්මක කළා නම් එය ගෝඨාභය ජනාධිපතිවරයාගේ කාබනික ගොවිතැන වැනි ව්‍යසනයක් බවට පත්වීම වළක්වන්නට කිසිදු ජගතෙකුට බැහැ.
👉 ඒ නිසා ප්‍රතිසංස්කරණ කල් දැමීම ගැන මාලිමා හිතවාදීන් කනගාටු විය යුතු නැහැ. ඉදිරියේදී මේ පිළිබඳ විධිමත් සංවාදයකින් පසු වඩා සුදුසු ක්‍රමවේදයක් වෙත යාමට ආණ්ඩුවට මේ ඔස්සේ අවස්ථාව ලැබී තිබෙනවා.
- ඉසුරු ප්‍රසංග
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..