News Category
From Date
To Date
Maximum Number of Result

වෙනිසියුලාවට ගිහින් මදුරෝත් හමුවෙලා ආපු ශ්‍රි ලාංකිකයා..

Jan 13, 2026 at 11:28 AM
|

පසුගියදා දීර්ඝ ගුවන් ගමනක යෙදුණු මේ ලියුම්කරුගේ  ගමන් සගයකු වූයේ ජීවන්තය. ගුවන් යානයේ මගේ යාබද අසුනේ සිටි ජීවන්ත සමඟ යෙදුණු අල්ලාප සල්ලාපයේදී ඈඳුණු එක් මාතෘකාවක් වූයේ වෙනිසියුලාවය. අපේ කතාව සිදුවන්නේ  ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ අල්ලාගෙන යන්නට මාසයකට පමණ කලින්ය. ඔහු ගිය අවුරුද්දේ ජූලි මාසයේදී පමණ  වෙනිසියුලාවට ගිය ගමන ගැන කළ විස්තරය එකවරම යළි සිහියට  ආවේ එරට ජනාධිපතිවරයා සිය බිරියද සමඟ බලහත්කාරයෙන් එරටින් අල්ලාගෙන  යෑමත් සමඟය.

ලංකාවේ ජීවන්ත සැබැවින්ම   වෙනිසියුලාවේ දේශපාලනයට සම්බන්ධය. එරට වෙනුවෙන් විවිධ අවස්ථාවල ජාත්‍යන්තරයේ පෙනී සිට ඇති ඔහු ශ්‍රී ලංකාවේ බොලිවේරියානු සහයෝගිතාවේ ලේකම්වරයා. ඔහුගේ නම  ජීවන්ත ජයතිස්සය. 

මම යළිත් ජීවන්ත ජයතිස්ස මහතා අමතුවෙමි.  කවුරුත් වෙනිසියුලාව ගැන සොයන පසුබිමක ඒ රටට මෑතකදී පය තබා ජනපති නිකොලොස් මදුරෝට අතට අත දුන් මේ ශ්‍රී ලාංකිකයාගේ  අත්දැකීම පාඨකයන්ට වැදගත් බව අපේ වැටහීමය. ඒ අනුව මම ඔහුගේ මේ සංචාරය ගැන යළි කතාවට එළැඹුණෙමි.

 “ මට වෙනිසියුලාවේ බොලිවේරියානු සමුහාණ්ඩුවෙන් (Bolivarian Republic of Venezuela) ආරාධනයක් කළා ඒ රටට එන්න කියලා. වෙනිසියුලාවේ  ජනාධිපති නිකොලොස් මදුරෝගේ දෙවැනි ජනපති පදවි ප්‍රාප්තියේ පළමු වන සංවත්සරය, වෙනිසියුලානු නගර සභා මැතිවරණය පවත්වන දිනය, වෙනිසියුලාව ඇතුළු දකුණු අමෙරිකානු රටවල් පහක් නිදහස් කරගත් විමුක්තිදායකයා වන සයිමන් බොලිවාර්ගේ 242 වැනි ජන්ම දින සංවත්සර සැමරුම සහ හිටපු ජනාධිපති හියුගෝ චාවේස්ගේ 71 වැනි ජන්ම දින සැමරීම වෙනුවෙන් සැකසුණු වැඩසටහන් මාලාවකට සහභාගි වීමටයි මට ආරාධනය ලැබුණේ.  මේ වැඩසටහන්වලට රටවල් 80කින් විතර විවිධ සංවිධානවලට අයත් නියෝජිතයන් පැමිණියා.

මම මේ රටට පය තැබුවේ මුල් වරට. කටුනායක ගුවන් තොටුපළේ සිට පැය 9ක ගුවන් ගමනකින් මුලින්ම  තුර්කියේ    ඉස්තාන්බුල් ගුවන් තොටුපළට ළඟා වුණා.  එතැන් සිට වෙනිසියුලාවේ කැරකාස් නුවර දක්වා පැය 13ක ගුවන් ගමනක් යන්න සිදුවුණා. ඒ අතරේ  පැය 13කට වඩා වැඩි කාලයක් ඉස්තාන්බුල් ගුවන් තොටුපළේ ගත කිරීමට සිදුවුණා. එහෙම බලනකොට වෙනිසියුලා අගනුවරට පා තබනකොට ගමනට ගත වුණු  කාලය දවස් එක හමාරකටත් වැඩියි

ජීවන්ත මහතා පවසන්නේ දකුණු ඇමරිකාව සමකාසන්න රටක් බැවින් එරට දේශගුණය සමස්තයක් ලෙස ශ්‍රී ලකාවට බොහෝ දුරට සමාන බවය.

 “ මම යන දවස්වල කැරකස් අගනුවර තිබුණේ සෞම්‍ය දේශගුණයක්.  ගන වනාන්තරයෙන් වැසුණු කඳු වළල්ලකින් වට වූ කැරකස් නගරය ඉතාම සෞම්‍ය දේශගුණයක් සහිත හරියට බණ්ඩාරවෙල නගරයේ ගත කරද්දී අපට දැනෙන දේශගුණය අත් වින්දා.  අපේ රටෙත් තියෙන කැන්ද ගස් නගරය පුරාම දැකිය හැකියි. ඊට අමතරව කොහොඹ ගස් බහුලව දුටුවා. ඒ වගේම මේ නගරයේ අවට අලිපේර, දෙළුම් සහ අඹ ගස් ඉතාම බහුලයි.”

ඔහුට එහි හොඳ තත්ත්වයේ  සියලු පහසුකම් පිරි හෝටලයක නවාතැන් ලැබිණි.

“ ඔවුන් මට ඉතා හොඳින් සැලකුවා. එරට රජයේ ආරාධනයකින් ගිය මට සියලු පහසුකම් දුන්නා. නමුත් මේ පහසුකම් ගන්නට මගේ හිත මගෙන් මම කරන්නේ වැරැද්දක්දැයි අහන තරමට ඒ රටේ මිනිස්සුන්ගේ ආර්ථික තත්ත්වය දුක්ඛිතයි. ඔවුන් කෙතරම්  වුණත් රටේ ආර්ථිකය හැටියට හම්බ වෙන්නේ සොච්චමක්. ඒක ජීවත් වෙන්නවත් ප්‍රමාණවත් නැති තරම්.

ලෝකයේ  ඉහළම ඛනිජ තෙල් සම්පතක් ඇති ඒ රටේ මිනිසුන් විඳින දුක දුටු ජීවන්ත ඔවුන්ගේ බදු මුදලින් හෝටලයක සිටීමද හිතට එකඟව කිරීම අසීරු බව මට කීවේ අප යෙදුණු ගුවන් ගමනේදීය.

“ඔවුන් ආර්ථික වශයෙන් පහළට වැටිල තියෙන්නෙ  ඇමරිකාව දාල තියෙන සම්බාධක නිසයි. පඩි අඩු වුණා කියල, එහෙම නැත්නම් ජීවත් වීමට අමාරුයි කියල ඒ රටේ මිනිස්සුන්ගෙන් බහුතරයක් ජනාධිපති මදුරෝ කෙරෙහි අහිතක් නෑ. ඔවුන්ට තියෙන්නේ බරපතළ ඇමරිකානු විරෝධයක්.

ජීවන්ත ජයතිස්ස මහතාට අනුව ඔපෙක් සංවිධානය දුර්වල කිරීමේ ඇමරිකානු සැලසුම තුළ වෙනිසියුලාවටද මෙම පීඩිත තත්ත්වය අත් විඳින්නට සිදුව ඇත.

 “වෙනිසියුලාව, 1960 සැප්තැම්බර් 14 වැනිදා ඉරාකයේ බැග්ඩෑඩ්  නුවරදී පිහිටු වන ලද ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් OPEC සංවිධානයේ ආරම්භක සාමාජිකයන් 5 දෙනාගෙන් එක් රටක්.  ඇමරිකානු හිතවාදී නොවන රටවල්වලට මේ තුළ පැවැත්ම අමාරුයි.  1960 තිබුණු ඉරාකය නෙවෙයි අද තියෙන්නේ. ඉරාකය ආක්‍රමණය කර විනාශ කිරීමෙන් පසුව එවකට හිටපු ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා පැවසුවේ ඔවුන් ඉරාකය ගල් යුගයට රැගෙන ගිය බවයි.

 කුවේට් රාජ්‍යයටත් තම අභිමතය පරිදි කටයුතු කිරීමට බැරි විදිහට ඇමරිකාව හැසිරෙනවා. වෙනිසියුලාව තම තෙල් සම්පත තමන්ගේ ජාතික අභිලාෂයන් වෙනුවෙන් භාවිත කිරීමට දැඩි පරිශ්‍රමයක යෙදී සිටිනවා. OPEC සංවිධානයට අයත් රටවලින් විශාලතම තෙල් සම්පත හිමිව තිබෙන්නේ වෙනිසියුලාවට. නවතම වාර්තාවලට අනුව වෙනිසියුලාව සතුව බැරල් බිලියන 303ක තෙල් නිධියක් තිබෙනවා. ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් විසින් අත්පත් කරගෙන සිටි වෙනිසියුලාව සතු තෙල් සම්පත නැවත වෙනිසියුලාව සතු කර ගැනීමට හියුගෝ චාවේස් කටයුතු කළා. එතැන් පටන් ඇමරිකාවේ උදහසට ලක් වී සිටින වෙනිසියුලාව තම තෙල් සම්පත තම ජාතික අභිලාෂයන් වෙනුවෙන් භාවිත කිරීමට දැවැන්ත අරගලයක නියැළෙමින් සිටිනවා. ඇමරිකානු සම්බාධක ඒ සඳහා නරක බලපෑමක් කරනවා. මදුරෝගේ ආණ්ඩුව ඇමරිකානු සම්බාධක හමුවේ ඇමරිකානු සමාගමක් වන චෙව්රොන් සමාගම සමඟ හරි අපූරු ගනුදෙනුවක නිරත වෙනවා. වෙනිසියුලාව තම ඛනිජ තෙල් සම්පත කළමනාකරණය කිරීමට PDVSA නමින් රාජ්‍ය සමාගමක් පවත්වා ගෙන යනවා. “

ඔහු වෙනිසියුලාවට යන්නේ කරකාස් නගර සභා මැතිවරණය පැවැති දිනයට පෙර දිනයේය. ඒ මොහොතේ රජයේ ඇරයුමින් ගොස් සිටි පිරිස ජනතාව ඡන්ද දෙන ආකාරය නිරීක්ෂණය කිරීමටද අවස්ථාවක් සලසා  තිබිණි.

ජීවන්තට අද ලෝකයම කතා කරන මදුරෝ හමුවන්නේ එහිදීය.

 “ ජනාධිපති මදුරෝ නගර සභා ඡන්දයට ඡන්දේ දාන්න එන තැනට අපිව එක්කරගෙන ගියා. එතැන මම වගේම තවත් විදේශීය නියොජිතයන් කිහිපදෙනකුම සිටියා. මදුරෝ ඡන්දය දීලා ඇවිත් අපි එක එක්කෙනා සමඟ සුහදව කතා කළා. මා ළඟටත් ඇවිත් ඔහු කතා කළා.

 පොදුවේ ඔහු කීවේ ඔහුගේ පාලනය ගැන සයිමන් බොලිවාර් මඟපෙන්වීම යටතේ පැහැදිලි මාවතක ගිය වෙනිසියුලාව හියුගෝ චාවේස් නව මඟකට යොමු කළ හැටිත් ඒ මඟ ඔස්සේ රට ජයග්‍රහණය කරවන හැටි ගැනත් මදුරෝ ඒ වෙලාවේ කෙටියෙන් අපිට පැහැදිලි කළා.”

ජීවන්ත වෙනිසියුලාවේ ගත කළ දින කිහිපයේදී ශ්‍රී ලංකාවේ ජාන හොරකමේ තරම ගැන ඔත්තුවක් ලබා ගැනීමටද සමත් වූ බව ඔහු කියන්නේ මෙසේය.

“මට මේ සංචාරයේදී මුහුණ දුන්නු අභියෝගයක් තමයි ඉංග්‍රීසි භාෂාව කතා කිරීමේ හැකියාව ඇති අය විරල වීම. මේ අතරේ හමුවුණා භාෂාව පුළුවන් හිතෛෂී චරිතයක්. ඔහු  රසායන විද්‍යා උපාධිධාරියෙක්. ඔහු සත්ත්ව උද්‍යානයක් ආශ්‍රිතව සතුන් සම්බන්ධ පර්යේෂණ කරන පර්යේෂකයෙක්. ඔහු අපේ රටේ පොළොඟුන් ගැන පර්යේෂණ කරල තිබෙනවා කියල මට කිව්වා.  පොළො‍න් විෂ සම්බන්ධයෙන් තමයි මේ රිසර්ච් කරල තියෙන්නේ.  ඉතින් මම ඇහුවා කොහොමද අපේ රටේ පොළොඟුන් ගෙනාවේ කියල. ඔහු කීවේ ඔවුන්ට ඒවා එන මාර්ග තියෙනව කියල විතරයි. ඒ කියල හිනා වුණා.

අපේ රටේ ජාන කොල්ලය සුළුපටු එකක් නොවන බව එහිදී මට වැටහුණා.“

කරකාස් නගරය ජනාකීර්ණය. ඔහු පවසන්නේ නගරයේ බොහෝ විට දැකිය හැක්කේ අපේ කොළඹ-පිටකොටුව වැනි කලබලකාරී ජනාකීර්ණ පරිසරයකි.

“ ඒ නගරයේ දකින්නේ බොහෝවිට ගමෙන් රැගෙන එන ගොවි නිෂ්පාදන අලෙවි කරන අයුරුයි. ඒ වගේම  ටැක්සි රියැදුරන්ද බහුලයි. ටැක්සි රියැදුරෝ ආකල්ප සහ හැසිරීම් අතින් අභිභවා යන්නේ නැහැ. මිත්‍රශීලී විදේශිකයන්ට ගෞරවාන්විතව සලකනවා බොහෝ දෙනා. ඊට අමතරව අපේ නාගරිකව අපේ පිටකොටුවේ මෙන් කාර්යබහුල මිනිස් චලනයන් දැකිය හැකියි. වෙනිසියුලානු මුදල් ඒකකය වන බොලිවාර් මෙන්ම ඩොලර්වලින්ද ගනුදෙනු සිදුවෙනවා. නගරය තුළ අවුරුදු 50-60 පැරැණි වාහන මෙන්ම නවීන පන්නයේ වාහනද දැකිය හැකියි.

ඒත් ගම් ආශ්‍රිතව ප්‍රවාහන සේවය අතිශය දුර්වලයි. මධ්‍යම පාන්තික රැකියා නියුක්තිකයන්ගේ වැටුප ඉතා අඩු අගයක්. එය ඔවුන්ගේ එදිනෙදා කටයුතුවලට ප්‍රමාණවත් නැහැ. එහෙත් ඔවුන් බොහෝ දෙනා ඇමරිකානු සම්බාධක මෙයට හේතු වී තිබෙන බව පිළිගන්නවා. කුමන දුෂ්කරතා යටතේ වුවත් ඇමරිකානු මැදිහත් වීමට විරෝධය දැක්වීමට පැකිළෙන්නේ නැහැ.”

මෙම ජනතාවගේ ආහාරයට කුකුළු මස් වරදින්නේ නැත. එරට ආහාර පාන ගැනද ජීවන්ත ජයතිස්ස මහතා මෙවැන්නක් සඳහන් කරයි.

“ඔවුන්ගේ ආහාරයට කුකුළු මස් අනිවාර්යයි. හරක් මස්, ඌරු මස් මෙන්ම බඩ ඉරිඟු ආශ්‍රිතව කෑම වර්ග හදනවා.  අපේ රටේ ජනප්‍රිය නාරං බීම ඔවුන් අතරත් අතිශය ජනප්‍රියයි. ඔවුන් එයට කියන්නේ නාරංහ කියල.  ඊට අමතරව ඔවුන් අලිගැටපේර බහුල වශයෙන් විවිධ ආකාරයෙන් ආහාරයට ගන්නවා දකින්නට ලැබුණා.”

වෙනිසියුලාවට ගිය ජීවන්තට  එහිදී තවත්  චරිතයක් මුණගැසිණි. ඒ කියුබානු විප්ලවවාදියා වන චේගුවේරාගේ දියණියයි.

“එල් සැල්වදෝරයේ ඇමරිකානු සිර කඳවුරක සිර කරගෙන සිටි වෙනිසියුලානු තරුණයන් 252 නිදහස් කරගැනීම නිමිතිකොට ගෙන මා එහි සිටි දිනවල සමුළුවක් පැවැත්වුණා.  ඒකට චේගේ දියණිය ආවා.

 ඇය එහිදී අපූරු කතාවක් කළා. ෆිදෙල් කස්ත්‍රෝ සන්නද්ධ අරගලයකින් කියුබාවේ බලය අත්පත් කරගෙන පිහිටු වූ රජය යටතේ තරුණ දරුවන් සෝවියට් දේශයට යවා අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළා. ඒ  වැඩසටහන කඩාකප්පල් කිරීමට කියුබානු ජන සමාජය තුළ එම වැඩසටහනට එරෙහිව විශාල මඩ ව්‍යාපාරයක් ගෙන ගියාලු. එහි ප්‍රතිඵලයක් ලෙස කියුබානු මවුපියන් තමන්ගේ දරුවන් රුසියාවට නොයවා ඇමරිකාවට යැවීමට පෙලඹී තිබෙනවා. නමුත් අවසානයේදී එම දරුවන් ඇමරිකාවේදී අපහරණයට ලක්ව ඇති  බව ඇය අනාවරණය කළා. කියුබානු මවුපියන් තත්ත්වය තේරුම් ගන්නා විට බොහෝ නරක දේ කියුබානු දරුවන්ට ඇමරිකානු අධිරාජ්‍ය විසින් අත්පත් කරදී අවසන් බව ඇය කීවා.

ඇය මේ කතාව කිව්වේ   වෙනිසියුලාවෙත්  තරුණයන් සරණාගතයන් ලෙස බටහිර රටවලට පලා යෑම ගැන කියමින්.  එසේ පලා ගිය තරුණයන් 252 දෙනකු එල්සැල්වදෝරයේ පිහිටි ඇමරිකානු කඳවුරක දැඩි පීඩනයකට ලක් වූවා. මදුරෝගේ ආණ්ඩුව ඔවුන් 252 දෙදෙනා වෙනිසියුලාවට ආපසු ගෙන්වා ගැනීම වෙනුවෙන් විශාල වැඩ කොටසක් කළා.  මේ ආකාරයට මේ වසරේ මාර්තු මාසයේ සිට එලෙස වෙනිසියුලාවෙන් සරණාගතයන් ලෙස පිටව ගිය 7,170ක් නැවත ගෙන්වා ගැනීමට මදුරෝගේ ආණ්ඩුව සමත් වූවා. 

ඇමරිකාව වෙනිසියුලාවට පනවපු සම්බාධක හේතුවෙන් 2016 වර්ෂයේදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ගවල 50%ක හිඟයක් දකින්නට ලැබුණා. ඒ කාලය තුළ වෙනිසියුලානු ජනයා අතිශය පීඩාවට පත් වී සිටියා. නමුත් රළු මුහුද දක්ෂ නාවිකයන් බිහිකරනවාය යන ආප්තෝපදේශය සනාථ කරමින් මේ වන විට වෙනිසියුලාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධවලින් 80%ක්ම වෙනිසියුලාව තුළ නිපදවාගත හැකි තරම් හැකියාවක් අත්පත් කරගෙන තිබෙනවා. වෙනිසියුලානු ඖෂධ කර්මාන්තය තුළ 2024 මාර්තු මාසයට සාපේක්ෂව මේ වසරේ මාර්තු මාසයේදී වර්ධනය 14.6%යි. ඒ අනුව මෙම කාලය තුළ සමස්ත වෙනිසියුලාව පුරා ඖෂධ මිලියන 28කට වඩා බෙදාහැර තිබෙනවා.

මෙය වෙනිසියුලාව සතු තෙල් නිධිය මත පමණක් යැපෙන්නේ නොමැතිව ආර්ථිකය විවිධාංගීකරණය කිරීමට මදුරෝගේ පරිපාලනය උත්සාහ ගන්නා බවට තිබෙන හොඳම සාක්ෂියක්. ඒ වගේම මදුරෝගේ ආණ්ඩුව ඇමරිකානු සම්බාධකවලට මුහුණ දීමට සකස් කළ 13 වැදෑරුම් වැඩපිළිවෙළෙහි එක් අංගයක් තමයි වෙනිසියුලාවට අවශ්‍ය ඖෂධ 100%ක්ම වෙනිසියුලාවේම නිපදවා ගැනීම. නමුත් වෙනිසියුලාවට අවශ්‍ය ඖෂධ නිපදවීමේදී අවශ්‍ය අමුද්‍රව්‍ය 100%ක්ම ආනයනය කිරීමට සිදු වී තිබෙනවා.

දැඩි ඇමරිකානු ආර්ථික සම්බාධකවලින් බැට කන රටක් ලෙස වෙනිසියුලාවට මෙම අත්‍යවශ්‍ය ඖෂධ නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය රැගෙන ඒමේදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුව තිබෙනවා.

එහෙත් වෙනිසියුලානු හිතවාදියකු වන ජීවන්ත පවසන්නේ මදුරෝගේ මේ යහපත් ක්‍රියා පිළිවෙත අප  පරිශීලනය කරන බටහිර මාධ්‍ය හිතාමතා වසන් කිරීම කුහක පිළිවෙතක් බවයි.

ඔහු පවසන්නේ  එරට නගරය සහ ගම යා කරන පොදු ප්‍රවාහන පද්ධතිය අතිශය දුර්වල බවයි.

“නගරයේ මිනිස්සු මෝටර් බයිසිකල්, කාර්, වෑන් මෙන්ම පොදු ප්‍රවාහන සේවයට අයත් බස් රථද භාවිත කරනවා. නමුත් දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශවල ඩබල් කැබ්, ලොරි වැනි කර්කශ ප්‍රවාහන ක්‍රමයක් තියෙන්නේ. මාර්ග පවා හොඳ තත්ත්වයක නැහැ. ගම සශ්‍රීකයි. නමුත් පහසුකම්, රස්සා  නැති වීම  හේතුවෙන් මිනිසුන් නගරයට සේන්දු වීමේ ප්‍රවණතාවක් තිබෙනවා.”

කෙසේ වුවද ඔහු පවසන ආකාරයට  වෙනිසියුලාව සතුව වටිනා වන ගහනයක් ඇත. වටිනා ඖෂධීය ශාක විවිධත්වයක්ද ඇත. අද ලෝකයම කතා කරන අපට දුරස් වූ මේ රටේ සංචාරය ගැන කතාව ජීවන්ත ජයතිස්ස මහතා නිමා කරන්නේ මෙසේය.

“කැරකස් නගරයම තුරුලතාවලින් පිරුණු කඳු වළල්ලකින් වට වී තිබෙනවා. එම පරිසරය කෙනකුට අත හැර යා නොහැකි තරම් ලෝබයි. මේ පරිසරය හා බැඳුණු ඓතිහාසික උරුමයක් සහිත ජනතාවක් වෙනිසියුලාවෙ ඉන්නවා.”

- විදූෂ වෙදගෙදර

මව්බිම

සම්බන්ධිත පුවත් | Related News

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.
අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.
පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.
අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ප්‍රධාන පුවත්

ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්‍රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඔබ්බෙන් ජාත්‍යන්තර මුහුදේ නැංගුරම්ලා ඇති ඉරාන තෙල් නැව් 19කට ආහාර, ජලය සහ ඉන්ධන සැපයීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදේශ අමාත්‍යාංශය පවසන බව THE TIMES OF INDIA වාර්තා කරයි.

නව ත්‍රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 'ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)' මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය පවසයි.

පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..

අධිකරණ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කර ඇති බවට තීරණය කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න, ඒ සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා අදාළ ගොනුව අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත යොමු කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්‍රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්‍රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්‍රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්‍යය මගින් විනාශකාරී මහා සත්‍යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා

ත්‍රෛනිකායික ලේඛකාධිකාරී හිමිවරුන් සමග පැවැත් වූ රැස්වීමකට පසුව අමාත්‍ය සුනිල් සෙනෙවි මහතා ප්‍රකාශයක් කරමින් අටමස්ථානය තුළ රාමා කෝවිල් ඉදිනොකරන බව සහ රුවන්වැලි සෑය වටා වැටක් නොගසන බව ප්‍රකාශයක් කර තිබිණි.

භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි

පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් භික්ෂූන් වහන්සේලා විසින් පැවැත්වූ පාගමන රාජ්‍ය විරෝධී පාගමනක් ලෙස විවිධ අය අර්ථකථනය කරන බවත්, විශේෂයෙන්ම ආණ්ඩුවේ පාර්ශ්වයෙන් මෙම චෝදනාව නගන බවත්, එහෙත් එකඳු සටන් පාඨයක් හෝ භික්ෂූන් වහන්සේලා මෙම පා ගමනේ දී නොපවසා ඉතා සාමකාමීව මෙම පාගමන පැවැත්වූ බවත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනායක හිමියෝ පවසති.

"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්‍රාත්වරයා රබර් මුද්‍රාවක් වෙලා": ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්‍රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කිරීම ඊයේ (20) පෙරවරුවේ ආරම්භ විය.

අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්

අනුරාධපුර පූජා නගරය තුළ පිහිටි ඓතිහාසික බුලන්කුලම වැව හෙවත් "ජයවාපි" වැව ආශ්‍රිත වැව් රක්ෂිතයෙන් අක්කර 200කට ආසන්න ප්‍රමාණයක් නිවාස ඉදිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට බෙදාදීමේ ක්‍රියාවලිය නින්දාසහගත වරදක් බව පෙන්වා දෙමින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් කෘෂිකර්ම සහ වාරිමාර්ග අමාත්‍ය ලාල්කාන්ත මහතා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)

ඉරානයේ දකුණුදිග චාබහාර් (Chabahar) වරාය, ඇෆ්ගනිස්ථාන දේශසීමාව ආසන්නයේ පිහිටි සහදාන් (Zahedan) නගරය සමඟ සම්බන්ධ කරන ප්‍රධාන දුම්රිය මාර්ගය ඉරානය විසින් සම්පූර්ණ කර තිබේ. ඉරාන වරායන්ට එරෙහි ඇමෙරිකානු අවහිර කිරීම් සහ බටහිර රටවලින් එල්ල වන ආර්ථික පීඩනය ඉහළ යමින් පවතින පසුබිමක මෙම සංවර්ධනය සිදුව ඇත.

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්‍රාන්තයකින් වරෙන්තුවක්

කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අත්අඩංගුවට ගැනීම සඳහා ෆ්ලොරිඩා ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් වරෙන්තුවක් නිකුත් කර ඇති බව එම ප්‍රාන්තයේ නීතිපතිවරයා ඊයේ(19) ප්‍රකාශ කළේය.

ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර මෑතකදී සිදුවූ පැයකට අධික (විනාඩි 90ක) දුරකථන සංවාදය ලෝක දේශපාලනයේ සහ බලශක්ති වෙළඳපොළේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..

රාජ්‍ය නොවන සංවිධාන විසින් මෙහෙයවනු ලබන සහ ආණ්ඩුවට හිතවාදී මුදලට ගිජු යූටියුබ් කරුවන් අතලොස්සක් විසින් බුදුන් වහන්සේට සහ මහා සංඝරත්නයට එරෙහිව එල්ලකරනු ලබන වාචික ප්‍රහාර පිළිබඳව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් සිදුකළ පැමිණිල්ලක් විභාග කිරීම සඳහා අද (20) දින වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

මුහුද යට කේබල් සහ AI මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..

ඇමෙරිකා එක්සත් ජනපදය සමඟ යළිත් වරක් පුපුරා යා හැකි යුද ගැටුමකදී, මැදපෙරදිග කලාපයේ තීරණාත්මක දත්ත මධ්‍යස්ථාන, සන්නිවේදන කේබල් පද්ධති මෙන්ම කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණික මධ්‍යස්ථාන දැඩි ප්‍රහාරක ඉලක්ක බවට පත් කරන බවට ඉරානය විසින් නිකුත් කර ඇති අනතුරු ඇඟවීම ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කම්පනයට පත් කර තිබේ.

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්‍රවීන මාධ්‍යවේදී ධර්මශ්‍රී ගෙන් අනාවරණයක්..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට යළි ජනාධිපති සමාවක් ලබා දීමේ හැකියාව සහ ඊට අදාළව රට තුළ මතුවී තිබෙන නීතිමය, දේශපාලනික හා සමාජීය තත්ත්වයන් මේ වන විට දැඩි කතාබහකට ලක්ව තිබේ.

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..

බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් මේ රටේ රාජ්‍යත්වයට පත් නොවිය යුතු බව යැයි මෙරට පුරාතන සෙල්ලිපිවල පවා පැහැදිලිව දක්වා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.